1 කොටස
2 කොටස
සමහර තුර්කි මූලාශ‍්‍ර වල වෙනත් ආකාරයකින් සඳහන් වූවද, අනෙක් සමකාලීන වංශ කථා සෑම එකක්ම පාහේ පවසන්නේ, 1462 සංග‍්‍රාමයෙන් සුල්තාන් වරයා පැරදුනු බවයි. අවසානයේ තුර්කි හමුදා කෙතරම් වේගයකින් පසුබැස්සා ද කියතොත්, 1462 ජූලි 11 වන විට සුල්තාන් වරයා ඒඩි‍්‍රයානාපොලිස් වෙත අවුත් තිබිණ. බයිසැන්ටියානු ඉතිහාසඥ කැල්කොකොන්දිල් ට අනුව, ව්ලාඩ් ගේ බාල සහෝදරයා වූ රාඩු, ඔටෝමන් වරුන් විසින් ටර්ගොවිස්ට් අගනුවර රඳවා ගොස් තිබුණි. ව්ලාඩ් ට එරෙහි පිරිස් රැුස් කර ගැනීමත්, ඔවුන් මඟින් අවසානයේ දී ව්ලාඩ් බලයෙන් පහ කොට වලාචියා හි රූකඩ පාළකයා බවට පත් වීමත් රාඩු වෙතින් අපේක්ෂා කෙරුණි.
කඩවසම් රාඩු https://upload.wikimedia.org/wikipedia/ commons/thumb/e/e2/Radu_cel_Frumos _of_Wallachia_2.png/220px-Radu _cel_Frumos_of_Wallachia_2.png |
රාඩු සහ ඔහුගේ ජැනිසරි සේනාවෙන් දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා අපේක්ෂා කළේ ඕනෑම දෙයක් කැප කර ඔටෝමන් අධිරාජ්‍යය ජයග‍්‍රහණය කරා ගෙනයාමයි. රාඩු සහ ඔහුගේ දරුණු ජැනිසරි බළ ඇණි වෙත, වෙඩි බෙහෙත් සහ ඩිනාර් සැපයීම සුල්තාන් වරයා විසින් අනවරතව පවත්වාගන්නා ලදි. එහෙයින් ඔවුන් හට ව්ලාඩ් ගේ බල ප‍්‍රදේශය තුළට කාවැදීම පහසු විය. අවසානයේ, මනාව සන්නද්ධ ව සිටි තම බළඇණි සමඟින් රාඩු, ව්ලාඩ් ගේ සුප‍්‍රකට රක්ෂස්ථානයක් වූ පොයිනරි බළකොටුව වටළන්නට සමත් විය. එහිදී ඉතා දුෂ්කර ජයක් අත් කර ගත් රාඩු, මෙහ්මඩ් විසින් වලාචියා හි බේ වරයා හෙවත් ප‍්‍රාදේශීය පාලකයා බවට පත් කරන ලදි.
පොයිනරි හිදී ව්ලාඩ් පරාජය වීමට එක් හේතුවක් වූයේ, ව්ලාඩ් විසින් බලතල කප්පාදු කරන ලද බෝයර් වරු, තම මුල් ආස්ථානයන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාඩු සමඟ එකතු වීමය. එසේම, ඔවුන් හංගේරියානු රැකවරණයට වඩා, නැගී එන ඔටෝමන් අධිරාජ්‍යයේ රැකවරණය යටතේ සිටීම හොඳයැයි අදහස් කරන්නටද ඇත. එසේම, බෝයර් වරුන්ගේ පවුල් සැඟවී සිටි ස්ථාන (බොහෝවිට ස්නැගෝව් අවට වන රොද වල) තම ඔත්තුකාරයන් සහ පාවාදෙන්නන් මඟින් හෙළිදරව් කරගත් රාඩු, ඔවුන් මඟින් බෝයර් වරුන් තම පාර්ශ්වයට එක් කර ගැනීමට තර්ජනාත්මක බළපෑම් කරන ලද බව ද කියැවේ.
1462 සැප්තැම්බර් 8 වන විටත් ව්ලාඩ් තවත් යුධ ජයග‍්‍රහණ තුනක් අත් කරගෙන සිටියේය. එහෙත්, 1462 දී ඔටෝමන් වරු ව්ලාඩ් ට‍්‍රාන්සිල්වේනියාවට පළවා හරින්නට සමත් වූහ. එහිදී ඔහුගේ බිරිඳ ඔටෝමන් වරුන්ට අසුවනවාට වඩා මරණය උතුමැයි සළකා, ව්ලාඩ් ගේ බළකොටු මාළිගයේ කුළුණක සිටි ආර්ගස් නදියට පැන දිවි නසා ගත් බව සඳහන් වේ. ඩ‍්‍රැක්‍යුලා රහස් මඟකින් ට‍්‍රාන්සිල්වේනියානු කඳුකරයට පළා ගියේ ය.
දිගින් දිගට පැවතුණු යුද්ධ ව්‍යාපාරය විසින් ඔහු සතු අරමුදල් හින්දවා තිබුණි. එහෙයින් තවදුරටත් ඔහුගේ අගම්පඩි හමුදාවට වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් උදාවිය. ව්ලාඩ් සිය පැරණි යුධ සගයා වූ මැතියස් කෝවිනස් ගේ ආධාර අපේක්ෂාවෙන් හංගේරියාවට ගියේය. එහිදී ආධාර වෙනුවට ඔහුට ලැබුණේ අත්අඩංගුවට ගෙන, රාජද්‍රෝහී චෝදනා මත අන්තර් භෞම බන්ධනාගාරයට දැමීමයි. පාප් වහන්සේගෙන් තෙවන කුරුස යුද්ධය සඳහා ලැබුණු මුදල් තම පෞද්ගලික පරිහරණයට වියදම් කර සිටි කෝවිනස්, යුද්ධයකට පැටළීමට අදහස් කළේ නැත. ඔටෝමන් වරුන් සමඟ සාමයට එකඟ වන බවට ව්ලාඩ් ගෙන් ලිපියක් ලියවා ගත් ඔහු, එම ලිපිය මඟින් පාප් වහන්සේ වෙත යුද්ධය අතහැර දැමීමට හේතු දක්වා සිය අගනුවරම රැඳින.
පොඩු ද‘ම්බොවිෂේ පාළම අසළ ඔරේෂියා හි බළකොටුවෙහි ව්ලාඩ් සිර ගත කරන ලදි. ඉන් පසු බුඩා නගරය අසළ විසිග‍්‍රෑඩ් වෙත ගෙන යන ලදුව එහි වසර 10 ක් ගත කරන්නට ඔහුට සිදු විය. එයින් පසු ඔහු බුඩා හි සිර කර තබන ලදි.
ව්ලාඩ් සිරගතව සිටි කාලසීමාව විවාදාපන්නය. එය 1462 සිට 1474 දක්වා බව රුසියානු අත්පිටපත් මූලාශ‍්‍ර අනුව සළකාගත හැක. බුඩා හි රාජ්‍යතාන්ත‍්‍රික ලිපි ගනු දෙනු හැදෑරීමේදී එය ඊට වඩා කෙටි කාලයක් බව පෙනේ. මෙම කාලය තුළ කෙමෙන් කෙමෙන් ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ හිතවත් බව දිනාගන්නට සමත් වූ බව පෙනී යන්නේ, අවසානයේ ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ පවුලේ සාමාජිකාවක (කෝවිනස් ගේ සහෝදරියකැයි ද සමහර තැන් වල සඳහන් වේ.) ආවාහ කරගැනීමට සමත් වීමෙනි. එම යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. 1476 දී ඩ‍්‍රැක්‍යුලා වලාචියාහි සිහසුනට නැවත පත් වන විට ඔවුන්ගේ වැඩුමල් දරුවාගේ වයස අවුරුදු 10 ක් විය.
ව්ලාඩ් සිය සිර ජීවිතයේදී පවා තම පැරණි පුරුදු අත් නොහළ බව රුසියානු මූලාශ‍්‍ර වල සඳහන් වේ. ඔහු බොහෝ විට කුරුල්ලන් සහ මීයන් අල්ලාගෙන ඔවුන් වධයට පත් කිරීමටත්, අඟ පසඟ සිඳීමටත් පුරුදු ව සිටියේය. සමහර සතුන් ගේ හිස් කැපූ ඔහු තවත් සමහර සතුන්ගේ ඇඟෙහි තාර ගා, පිහාටු අළවා අතහැරියේ ය. නමුත් බොහොමයක් සතුන් ට ඔහු කළේ කුඩා උල් වල උල තැබීමය.
රාඩු අනුගමනය කළ ඔටෝමන් ලැදි පාලන ප‍්‍රතිපත්තිය ව්ලාඩ් හට නැවත නැගිටීමට උපකාරී විය. එසේම, ඩැන්‍යුබ් නදියෙන් උතුරෙහි පිහිටි ප‍්‍රදේශයන් කෙරෙහි ඔටෝමන් අධිරාජ්‍යයෙන් එල්ල වූ පීඩනය වැඩි වත්ම, මෝල්දාවියාවේ වොයිවෝඩ් වරයා මෙන්ම ව්ලාඩ් ගේ ඥාතියෙකු ද වූ මහා ස්ටෙෆන්, තම පෞද්ගලික අභිප‍්‍රායන් ද මුල් කරගෙන, ව්ලාඩ් ගේ නිදහස වෙනුවෙන් මැදිහත් විය.
ඒ අතර, ව්ලාඩ් 1475 දී ඕතඩොක්ස් නිකායෙන් රෝමානු කතෝලික දහම වෙත මාරු විය. එය ද මැතියාස් කෝවිනස් සතුටු කිරීමට කරන ලද්දක් ලෙස පෙනේ.
1475 දී රාඩු හදිසියේ මිය යාමෙන් පසු 1476 නොවැම්බර් 26 දින තෙවන ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා හංගේරියානු ආධාර ඇතිව සිය තෙවන පාලන කාලය ප‍්‍රකාශ කළේය. ට‍්‍රාන්සිල්වේනියාවේ ස්ටෙෆන් බේතරි කුමාරයාගේ සහ ව්ලාඩ් ගේ ඒකාබද්ධ හමුදා වලාචියාව ආක‍්‍රමණය කළහ. ඒ වන විට රාඩුගේ ඇවෑමෙන් වලාචියාව පාලනය කළේ ඩැනෙස්ටි පරම්පරාවේ මහළු බැසරැබ් ය. ව්ලාඩ් ගේ හමුදා හමුවේ, බැසරැබ් සිය හමුදාද සමඟ පළාගියේ ය. එහෙත් ව්ලාඩ් සිය සිහසුන නැවත අල්ලාගෙන නොබෝ දිනකින්ම ස්ටෙෆන් බේතරී සමඟ ව්ලාඩ් ගේ හමුදාවෙන් බහුතරයක්ද ආපසු ට‍්‍රාන්සිල්වේනියාවට ගියහ. ඩ‍්‍රැක්‍යුලා නැවත සිය බළ සේනා සකස් කර ගන්නට මත්තෙන් ඔටෝමන් හමුදා වලාචියාවට ඇතුල් වූහ. ඔවුනට මුහුණ දීමට ව්ලාඩ් හට සිදු වූයේ හාර දහසකට ත් අඩු සේනාවක් සමඟිනි.
ව්ලාඩ් ගේ තෙවන පාලන සමය මාස දෙකකින් අවසන් වූයේ ඔටෝමන් වරුන් සමඟ පැවති සටනකදී ඔහු ඝාතනය වීමෙනි. ඔහුගේ මරණය සිදුවූයේ කවදාදැයි නිශ්චිත නැතත්, ඒ 1476 දෙසැම්බර් මස අග දිනක යැයි සැළකේ. කෙසේ වෙතත් 1477 ජනවාරි 10 වන විට ඔහු මියගිය බව ප‍්‍රසිද්ධ වී තිබුණි. ඔහු මිය ගිය ස්ථානය ද නිශ්චිත නැත. එය බුකාරෙස්ට් සිට ග්‍යුර්ග්‍යු දක්වා වැටී ඇති මාර්ගයේ යම් තැනකදී සිදු වූ බව පිළිගැනේ. ඔහුගේ මරණය සිදුවූ ආකාරය ගැන මත කිහිපයක් වේ. සමහරුන් වාර්තා කර ඇත්තේ ඩ‍්‍රැක්‍යුලාගේ පාර්ශ්වය ජයග‍්‍රහණයට ඉතාම ආසන්නව සිටි අවස්ථාවේ ද්‍රෝහී වලාචියානු බෝයර් වරුන් ඔහු ඝාතනය කළ බවයි. තවත් මූලාශ‍්‍ර වලට අනුව, ව්ලාඩ් සිය පාක්ෂික මෝල්දාවියානු අංගාරක්ෂක භටයන් තමන් වටා සිටියදීම, පරාජය වී වැටුණු බවය. ජයග‍්‍රාහී ව්ලාඩ් තමන්ගේම සේනාවේ අය විසින් වැරදීමකින් එල්ල කළ පහරකින් මිය ගිය බව තවත් අය කියති.
ව්ලාඩ් ගේ මළසිරුරෙන් වෙන් කරන ලද හිස ජයග‍්‍රහණයේ ස්මාරකයක් ලෙස කොන්ස්තන්තිනෝපලයට ගෙන යන ලද අතර, එහිදී මෙහ්මඩ් ගේ අණ පරිදි එය උලක ගසා ප‍්‍රදර්ශනය කරවා ඇත. ව්ලාඩ් ගේ ප‍්‍රතිවාදියා වූ බැසරැබ් ලයෝටා විසින් ව්ලාඩ් ගේ සිරුර ගෞරවාචාරයෙන් තොරව මිහිදන් කරන ලදි. ඔහු මිහිදන් කරන ලද්දේ, ව්ලාඩ් විසින් 1461 දී ආරම්භ කරන ලද කොමානා තාපසාරාමයේ බව සැළකේ. මෙකී කොමානා ආශ‍්‍රමය පසුකාලීනව විනාශ කෙරුණු අතර, 1589 දී නටඹුන් මතින් නැවත ගොඩනගන ලදි.
ව්ලාඩ් භූමදාන කර ඇත්තේ බුකාරස්ට් නගරයට නුදුරු ස්නැගෝව් හි දූපතක පිහිටි ආශ‍්‍රමයක බව කියැවෙන කිසිදු ලිඛිත සාධකයකින් ඔප්පු නොවූ ජනශ‍්‍රැතියක් 19 වන සියවසේදී රුමේනියානු ඉතිහාසඥයන් හෙළිදරව් කරගත්හ. මෙම ආරාමයේ නිර්මාපකයා ද ව්ලාඩ් බව ට කැන්ටකුසිනෝ වංශකතාවේ වන සඳහන මීට සාක්ෂියක් වන බව ඔවුන්ගේ මතය විය. නමුත්, 1855 තරම් ඈතකදී ඇලෙක්සැන්ඩෘ ඔබොබෙස්ක්‍යු විසින් මෙම ආශ‍්‍රමය 1438 ට ද කලින් සිට පවතින බව පෙන්වා දී ඇත. 1933 ජූනි මාසයේදී ඞීනූ වී රොසෙට්ටි විසින් මෙම ස්ථානය කැණීම් කරන ලදි. එයින් ස්නැගෝව් ආශ‍්‍රමය 14 වන සියවසේ අගභාගයේදී ඉදි කරන ලද්දක් බව තහවුරු විය. මෙම ආශ‍්‍රමයේ පල්ලියේ ඇති ව්ලාඩ් ගේ යැයි විශ්වාස කෙරෙන නමක් කොටා නැති සොහොන් කොතට යටින් සැබැවින්ම සොහොනක් නෙමැති බව ද එහිදී අනාවරණය විය. රොසෙට්ටි 1933 දී පැවසූ අන්දමට, ‘‘ව්ලාඩ් ගේ සොහොන යැයි කියන සොහොන් කොතට යටින් සොහොන් ගැබක් තිබුණේ නැත. තිබුණේ අශ්ව ඇටකටු සහ හනු කොටස් රාශියක් පමණි.’’ ව්ලාඩ් ගේ මරණයේ වසර 500 සංවත්සරය වෙනුවෙන් ලිපි මාළාවක් ලියූ මාධ්‍යවේදියෙකු වන සිමියොන් සැවේන්‍යු, මෙම පල්ලියේ වෙනත් ස්ථානයක තිබූ නමක් රහිත සොහොන් කොතක් පිළිබඳව ප‍්‍රසිද්ධ කළේය. කෙසේ වෙතත් බහුතරයක් රුමේනියානු ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ ව්ලාඩ් ගේ සොහොන කොමානා ආශ‍්‍රමයේ පවතින බවය.
ඔහු ඉතිරි කර ගිය දේ.
ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ජීවත්ව සිටියදී පවා, ඔහු වධ දීමෙන් හා මැරීමෙන් පරපීඩක සතුටක් ලැබූ කුරිරු පාලකයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ ය. ජීවත්ව සිටි කාලයේදී, අඳින ලද සමහර ගුප්ත-සිතුවම් වල කෲර පාලකයන් හෝ වධකයන් ගේ රුව ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇත. ඔහුගේ මරණින් පසු ඔහුගේ කෲර ක‍්‍රියාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන ලද පත‍්‍රිකා, 1480 සිට 1560 ගණන් වෙනතෙක්ම ජර්මනියේ ද, සාර් රජවරු යටතේ රුසියාවේ මඳ වශයෙන් ද, නැවත නැවත පළ කෙරී තිබේ.
https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/9/9c/Jezus_pred_Pilatom.jpg/371px-Jezus_pred_Pilatom.jpg |
ජේසුස් වහන්සේ විනිශ්චය කරන පොන්ටියස් පිලාත් ලෙස ව්ලාඩ් ගේ රුව ඇතුළත් වූ සිතුවමක්. (1463) ල්‍යුබ්ලියානා ජාතික කෞතුකාගාරයෙනි.
https://upload.wikimedia.org/ wikipedia/commons/e/eb/Tepest.jpg |
1470 - 1480 කාලයේ අඳින ලද ශාන්ත ඇන්ඩෘ කුරුසියේ ඇණ ගැස්වීම සිතුවමක ඒජීයස් නම් රෝමක ආණ්ඩුකාරවරයා ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇති ආකාරය
වියානාහි බෙල්වඩියර් චිත‍්‍රාගාරයෙන්
වධ දී මරාදැමීමට ඔහු ඉතාම ප‍්‍රිය කළ ක‍්‍රමය වූයේ උල තැබීමයි. ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 15 වන සියවසේ අග භාගයටත්, 16 වන සියවසේ මුල් කාලයටත් අයත් වන ජර්මානු ලී කැටයම් කිහිපයක් වේ. ආක‍්‍රමණික ඔටෝමන් හමුදාවන්, ඩැන්‍යුබ් නදී තීරයේ වූ දහස් ගණනක් උලතබන ලද මිනිසුන් දැක බියපත්ව ආපිට හැරුණු බව වාර්තා වී තිබේ. එසේම 1462 දී ව්ලාඩ්ගේ අගනුවර වූ ටර්ගොවිස්ට් හි ප‍්‍රාකාරයෙන් පිටත උල තබන ලද මළ සිරුරු 20,000 දුටු, මනෝවිද්‍යාත්මක යුධ ප‍්‍රයාණයන්හි දක්ෂයෙකු වූ දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා රෝගග‍්‍රස්තව ආපිට කොන්ස්තන්තිනෝපලයට හැරී ගියේය.
https://upload.wikimedia.org/ wikipedia/commons/4/43/Impaled.gif |
ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 1499 දී කෙරුණු ජර්මානු ලී කැටයමක්
ව්ලාඩ් ගේ කෲරත්වය ගැන පැවති ප‍්‍රවාද, මැතියාස් කෝවිනස් විසින් සිය දේශපාලනික උවමනාවන් මත අතිශයෝක්තියෙන් පතුරුවාහරින ලද ඒවා බව ද සැළකේ. ඔටෝමන් වරුන්ට එරෙහිව යුද වදිනු පිණිස යුරෝපයේ පැවති බහුතරයක් කතෝලික රාජ්‍යයන් වෙතින් අරමුදල් ලැබූ කෝවිනස්, 1462 දී තුර්කියට එරෙහි ව්ලාඩ් ගේ සටනට ආධාර නොකළේය. එය සාධාරණීකරණය කිරීමේ අරමුණින් ව්ලාඩ් ගේ කෲරත්වය හා විශ්වාස කළ නොහැකි බව සනාථ කිරීමට විවිධ ප‍්‍රවාද පතුරුවා හළ බව සැළකේ. මැතියාස් අග්නිදිග ට‍්‍රාන්සිල්වේනියාවේ අයබදු සිය ප‍්‍රයෝජනයට ගත් අතර, ව්ලාඩ් ලීවාසේ පෙනෙන පරිදි 1942 නොවැම්බර් 07 දිනැති ව්‍යාජ රාජද්‍රෝහී ලිපි සකස් කළ බව ද කියැවේ.
ජර්මානු ජනතාව ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ 15 වන සියවසේ මුල් භාගයේදී කියවන්නන් අතර සංසරණය වූ අත් පිටපත් මඟිනි. එයින් මුල්ම අත්පිටපත ලියැවී ඇත්තේ ව්ලාඩ් අත්අඩංගුවට පත්වීමටත් පෙර හෙවත් 1462 දී යැයි සැළකේ. එය පසු කාලයකදී ජර්මනියේදී මුද්‍රණය කෙරුණු අතර, සමකාලීනව හොඳ අලෙවියක් ද ඊට ලැබිණ. මුල් පිටපතට යම් යම් වෙනස් කිරීම් සහ එකතු කිරීම් ද සහිතව වරින් වර සංස්කරණය කෙරී ඇත.
අත්පිටපත් සහ පත‍්‍රිකා වලට අමතරව, ව්ලාඩ් ගේ කතාවේ ජර්මානු අනුවාදය මයිකල් බිහයිම් ගේ ‘‘වොන් අයිනෙම් වුට්රිච් ඩර් හයිස් ට‍්‍රැකල් වයිඩා වොන් ඩර් වලාචි’’ හෙවත්, වලාචියාහි ඩ‍්‍රැක්‍යුලා නම් උමතු මිනිසාගේ කතාව යන කාව්‍යයට ද ඇතුළත් විය. 1463 ශීත සෘතුවේ දී මෙම කාව්‍යය ලියා, තෙවැනි ෆෙඩි‍්‍රක් ශුද්ධවූ රෝම අධිරාජයාගේ රාජ සභාවේදී ගායනා කරන ලදි.
මෙකී මයිකල් බිහයිම් ගේ කාව්‍යයට අමතරව, ව්ලාඩ් ගේ කතා ඇතුළත් අත්පිටපත් 4 ක් ද, පත‍්‍රිකා 13 ක් ද ලියැවී ඇත. දැනට ඇති අත්පිටපත් සියල්ල 15 වන සියවසේ අග කාර්තුවේ සිට 1500 වසර දක්වා කාල පරාසයකට අයත් වන අතර, පත‍්‍රිකා 1488 සිට 1559-1568 කාලයට අයත් වේ.
මෙම පත‍්‍රිකා වලින් අටක් 1501 ට කලින් කෙරුණු ආදී කාලීන මුද්‍රිතයන් ය. ව්ලාඩ් පිළිබඳ ජර්මානු කතා 46 ක වන අතර, අත් පිටපත්වල හෝ පත‍්‍රිකාවල හෝ, බිහයිම් ගේ කාව්‍යයේ හෝ එම කතා සියල්ලම අන්තර්ගත නොවේ. ඒ සියල්ල ආරම්භ වන්නේ පැරණි පාලකයා වූ ජෝන් හුනියඩි, ව්ලාඩ් ගේ පියා මැරවීමෙන් සහ ව්ලාඩ් හා ඔහුගේ සොහොවුරා සිය පැරණි ආගම ප‍්‍රතික්ෂේප කර ක‍්‍රිස්තියානි ඇදහිල්ල ආරක්ෂා කර පෝෂණය කිරීමට දිව්රුම් දීමෙනි. ඉන් පසු එළැඹෙන සිද්ධීන්වල අනුපිළිවෙල එක් එක් අත්පිටපත් සහ පත‍්‍රිකාවන්හි වෙනස් වෙනස් අන්දමට නිරූපණය වේ.
ව්ලාඩ් ගේ කතාවේ රුසියානු හෙවත් ස්ලාව් අනුවාදය හැඳින්වෙන්නේ ස්කැසනී ඔ ඩ‍්‍රැකුලේ වෝවොඩෙ හෙවත් හමුදා නායක ඩ‍්‍රැක්‍යුලා ගේ කතාව ලෙසිනි. එය ලියැවුණ බවට සැළකෙන්නේ 1481 - 1486 අතර කාලයේදීය. දැනට මෙහි ඉතිරිව ඇත්තේ, 15 - 18 සියවස් අතර කෙරුණු අනු අත්පිටපත් අතරින් විසි දෙකක් පමණි. ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතා පුවත් කාලක‍්‍රමාණුගත හෙවත් කාල අනුපිළිවෙලට සඳහන් නොවන අතර, එම අත් පිටපත් එකක් වත් සම්පූර්ණ ද නැත. ඒවා සැකසී ඇත්තේ ව්ලාඩ් පිළිබඳ ජනප‍්‍රවාද වල එන ඓතිහාසික මෙන්ම සාහිත්‍යමය වෘතාන්ත ද එකතු කිරීමෙනි. මෙම කතා ආරම්භ වන්නේ කෙටි හැඳින්වීමක් ද සහිතව, ඔටෝමන් දූතයන් ගේ හිස් වලට තලප්පා තබා ඇණ ගැස්වීමේ සිදුවීමෙනි. අවසන් වන්නේ ව්ලාඩ් ගේ මරණයෙන් සහ ඔහුගේ පවුලේ විස්තර වලිනි.
ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතාන්තර 19 ක් වන අතර, එයින් දහයක් ජර්මානු කතා හා සමාන වෙයි. එහෙත්, ඔහු පිළිබඳව රුසියානු ජනතාව හෙළා ඇති දෘෂ්ටි කෝණය ජර්මානුවන්ට වඩා වෙනස් ය. රුසියානු කතා වල ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙක්, නිර්භීත රණශූරයෙක් සහ සාධාරණ රජෙක් ලෙස නිරූපණය වේ. ඔහුගේ ක‍්‍රෑරකම්, අයෝමය පාලකයෙකුගේ ක‍්‍රියාවන් ලෙස සාධාරණීකරණය කර තිබේ. කතා දහ නවයෙන් ම අතිශයෝක්තියට නඟන ලද ප‍්‍රචණ්ඩත්වය නිරූපණය වන්නේ හතරක පමණි. මෙයින් සමහර ප‍්‍රවාද පසුකාලීනව බිහිසුණු ඉවාන් රජු හට ආරෝපණය කර ඇති බව ද පෙනේ.
ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද
ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවයක් වේ.
මෙම ලිපිය දිග වැඩි වන බැවින් එම වෘත්තාන්ත මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
මූලාශ්‍ර -
විකිපීඩියා
හම්මේ ඉතිහාස කතාවක පිච්චාර් එකක් බැලුවා වගේ ගොයියෝ...හරිම අපුරුයි
ReplyDeleteඉස්තූතියි බං. නියම පිච්චර් එක මේකෙ කලිං කොටස...
Deleteමුල ඉඳන් කියෝලා එන්නං.. ඒත් මේ කොමන්ටුවේ නම දැක්කම මේක නොකිය යන්න හිත දුන්නෙ නෑ "ස්තුතියි කාලකණ්නියා.." හැක් හැක්.. විහිළුවට...
Deleteසජ්ජො,
Deleteඅපේ යාළුවො සෙට් එක බොන දිහා බලාගෙන එකෙක් කියනවා, "පවු කාළකණ්නි. හොඳට බොන්ඩ පුළුවං"...
මම එක
Deleteයාළුවො සෙට් එකේ ඉන්න "අඹ යාළුවා" උඹ තමයි...
Delete“අඹ“ නම් ඉතින් ඉයන් තමයි..
Delete“ගල්“ නම් මෙන්ඩා
ඒකත් එහෙමද එතකොට? ඉයන් අඹ යාළුවා, උඹ "ගල් මෙන්ඩා"?
Deleteඋඔත් මාර පොරක්නේ..
ReplyDeleteමට පොඩි උදව්වක් කරහන් පුලුවන්නම්
සඡ්ඡා, දෙමල ණ යන්නයි, මනෝ, ලොකු පුතයි කමියයි උල තියලා දියන්..
සිම්පල්නෙ බං. උං ටික රවුමට උල තියන්නං. උඹට කරන ගවුරවයක් හැටියට උං මැද්දෙං වඩා උස උලක උඹවත් උල තියන්නං.
Deleteනෑ නෑ මම එලිමහනේ ආහර ගන්නකොට වුන්ව උල තියහන්
Deleteඩ්‍රැකියෝ මෙන්ඩව උල තියනකොට උල මොට කරලා තියපං ටිකින් ටික බහින විදියට..
Deleteඊයේ කැමා කෝල කරා බං.අද අලුත් පෝස්ට් එකක් දානව කීවා.ඒත් තවම දාලා නෑනේ...
Huh.. geri menda.. wara thowa deri gahanda puwak gas deheka gata gahala.. 😠
Deleteමෙන්ඩො,
Deleteඋඹ එළිමහනෙ තමා ඔක්කොම කරන්න කැමති නේ? ඕන්නං කෑම ටික උල උඩටම එවන්නං. අර මං කිව්ව ක්‍රමේට කැමති වෙයං. මං උඹව ඉරට්ටක් වගේ හීං උලක උල තියන්නං.
මනෝ,
ඌව උල තිබ්බත් ඌ උල දිගේ පහළට නෙමෙයි ඉහළට යයිද දන්නෑ. උගෙ වැඩ කොහොමත් ඒ විදිහයිනෙ.
කැමා යි මදාවියයි නැතුව පාළුයි අප්පා... කැමා පිංසිබොල් නෝනට චෙස් උගන්නලා ඉවර වෙනකල් අපිට මාළු කන්න වෙන්නැති හැඩයි.
කමියා,
ඕකව දෙරි ගහන්ඩ පුවක් ගස් දෙකක් ඕන්නෑ. එකක් තිබ්බම ඇති. ප්ලයිවුඩ් බොඩියනෙ...
කමියා,
Deleteමෙන්ඩව ගැටගහන පුවක් ගහෙත් දෙබළක් තියෙයිද දන්නෑ...?
ඩ්‍රැකී කවුරු නැතත් ලොකු පුතාව උල තියපං. පාළුවට මෙන්ඩයි කමියයි බෙල්ලෙන් එල්ලල තියපං..
Deleteමුන් අඹ යාළුවො නෙවෙයි බං , බ්ලොග් වලදි නිකං හම්බුන හිපාටුවො. ඕ යේෂ්...
ලොකු පුතා උල තියන්න ලයිට් කනුවක් වත් උල්කරල ගන්න වෙයි...
Deleteඅඹ යාලුවො නං එකයි නෙ ඉන්නෙ. මෙන්ඩ විතරයි
ඩබොල් කමෙන්ට් නැතුවහම නිකං කෑවෙ නෑ වගේ. බැරිද ආපහු ඒක හදාගන්න?
මේ ගෙරි මෙන්ඩව බ්‍රා එකකින් එල්ලලා මරන්න වටිනවනේ එකට ඉඳගෙන මු අපිව උල තියන්න හොරෙන් ප්ලෑන් කරන විදිහ දැක්කම...
Deleteලොකු පුතාව නම් එක පාර උල තියන්න එපා කොටස් වශයෙන් උල තියපන්..මට අඩුම සතියක්වත් කෑම කන්න ඔනේ මු දිහා බලාගෙන මාව කිතුල් ගහට නැග්ගුවට..
Deleteඅඩෝ මෙන්ඩ අපිව උල තියන්න ආවොත් බොලාව උල තියන්නෙ ඔය බ්‍රා එකෙන් වහල තියෙන උලක ඇනල තමයි.
Deleteහත්තිලව්වයි................ බෑ කියයි....
Deleteලොකුස්,
Deleteගෙරි මෙන්ඩ නෙමෙයි ගල් මෙන්ඩා...
මෙන්ඩොඃ,
ඕං ප්‍රසා කියලතියෙන්නෙ බොට කරන දේ. හොඳ වැඩේ උඹට
ප්‍රසා,
බැරිද අපිටත්...
කුරුට්ටො,
බම්ප් වෙයි නේ...
// ඔහුගේ ක‍්‍රෑරකම්, අයෝමය පාලකයෙකුගේ ක‍්‍රියාවන් ලෙස සාධාරණීකරණය කර තිබේ.
ReplyDeleteනිකං පොලිටිකල් පොලිටිකල් වගේ
කරුණු වලට තුති :)
පොලිටිකල් තමා - පොලිටිකල් තමා... ඉතිහාසගත අයෝමය පාළකයො හැම එකෙක්ම ඔය විදිහයි.
Deleteව්ලාඩ් විසින් මරා දැමුණු ගණන 40,000 සිට 100,000 දක්වා වෙතැයි සැළකේ. එය, සියවස් හතරක් තිස්සේ යුරෝපයේ සිදුවූ මායාකාරියන් සංහාරය කිරීමේ ව්‍යාපාරයන් හි ඝාතනයන් මුළු එකතුවට සමාන සංඛ්‍යාවකි. ජර්මානු කතා වල සඳහන් වන පරිදි, ඔහුගේ අනින් මිය ගිය ගණන අඩුම වශයෙන් 80,000 /////////අපෝ ස්ටාලින් මිලියන 60 මැරුවා
ReplyDeleteස්ටාලින්, පොල්පොට් සහ හිට්ලර් එක්ක ව්ලාඩ් ට හැරෙන්නවත් බෑ...
Deleteමේ කාලෙකට කලින් සත් සමුදුරේ ගිය ලිපියක්.මේ තියෙන පින්තුර වල අන්තිම පින්තුරේ බලන්න.
Deleteඑතකොට හිට්ලරුත් හොදයි නේද මනෝජ්
Deleteමනෝ,
Deleteඉස්තූතියි එකතු කිරීමට. මාර විස්තරයක් දැනගත්තා...
මහේෂ්,
මාඕ සේතුං තමා හොඳම
මහේෂ්,
Deleteමාවෝ වේවා,හිට්ලර් වේවා වෙනයම් ඕනෙම කෙනෙක් වේවා තමන්ගේ අරමුණු වෙනුවෙන් අහිංසකයින් බිලි දුන්න අය ගැන මගේ නම් තියෙන්නේ අපුලක්.අරමුණ යහපත් උනත් නිරායුධ මිනිස්සු මරන්න පුළුවන්ද ?
මහේෂ් කියන්නෙ සාපේක්ෂව මනෝජ්. අපි හිතන්නෙ හිට්ලර් තමා නරකම කියලනෙ. ඊට වඩා නරක උං ඉන්නව කියලයි ඒ කියන්නෙ.
Deleteඅපූරුයි
ReplyDeleteස්තූතියි...
Deleteඩ්‍රැකි
ReplyDeleteමේවා ආයේ අයෙත් කියවන්න හිතෙනවා බං.
ඉතිහාස කතා දෙතුන් වතාවක් කියෙව්වත් එපා වෙන්නේ නෑ..
උඹ මේවා නොලියන්න අපි මේ තොරතුරු දන්නෙත් නෑ...
මේවා ලියලා අපිව දැනුවත් කරන උඹවත් උල තියනවා මේ කතා ටික ලියලා ඉවරවුනාම...
මේක කියෝපු හැම එකාවම උල තියලා ඉවර වෙලා, උලක් ඉතුරු උනොත් මාවත් තියහං, ග්‍රීස් ටිකක් ගාලා...
Deleteමුව උල තියන දවසට බට්ටෝ වැලක් පත්තු කරනවා..
Deleteබට්ටො වැල උඹේ නැට්ටෙ ගැටගහල පත්තු කරන්න වටින්නෙ...
DeleteFilm ekak baluwa wage. . Meke mul kotas Mata miss una. Me week end eke kiyawanna oni ban.. ela!
ReplyDeleteඋඩිනුත් කිව්ව වගේ, මේකෙ නියම කොටස දෙවෙනි කොටස. ඒක තමා ෆිල්ම් එක... හෙහ් හෙහ්
Deleteස්තූතියි අගය කිරීමට
සති අන්තේ බොන්න එන්න බෑ කිව්වා තෝට පාඩම් කරන්න තියනවා කියලා..උඔට පිස්සුද මේ මගුල් කියවන්නෙ..වැඩක් නැත්නම් මල් පත්තරයක් කියවපන්
Deleteඅඩේ... මූ තාම ඉස්කෝල යන පොඩ්ඩෙක්ද? ඇස් වහගං මං කුණුහරුපයක් ලියන්න යන්නෙ...
Deleteකල්‍යාණ මිත්‍ර , මම ඩ්‍රැකියුල උනානම් පිලිවෙලින් උල තියද්දි උඹ නොම්බර දෙක.
Deleteඩබොල් ආදිපාද උල තිබ්බොත් දෙපාරක් උල තියන්න වෙයි. එතකොට කමියා තුන
Deleteඩබොල් ආදිපාද උල තිබ්බොත් දෙපාරක් උල තියන්න වෙයි. එතකොට කමියා තුන
Deleteආ මේ කතාව නම් නියමයි. ඔය සෙට් එක එක ලේබල් එකක් යටතට අරගෙන (අර මම බදුලු ගමන ලියනවා වගේ) ඔක්කොම පල කරලා ඉවර උනහම පොතක් උනත් ගහන්න පුළුවන්. මේ සිටුවරයා ගැන අපි නොඇසූ ගොඩක් තොරතුරු තියනවා. කවුන්ට් කියන්නේ එංගලන්තයේ යුවරාජ තනතුරකට සමාන තනතුරක් බව අර ෂර්ලොක් හෝම්ස් කතාවේ සඳහන් වෙනවා.
ReplyDeleteඑක ලේබලයක් යටතට දාන අදහස හොඳයි. අදම කරනවා.
Deleteකවුන්ට් කියන්නෙ ඩ්‍රැක්‍යුලා නවකතාවෙ ජොනතන් හාකර්ට ඩ්‍රැක්‍යුලා කියන පදවි නාමය. ඇත්තටම ඩ්‍රැක්‍යුලා කියන්නෙ වොයිවෝඩ් කෙනෙක්. ඩ්‍රැක්‍යුලා කතාවෙ වැන් හෙල්සිං කියන්නෙ, "මේ තැනැත්තා, තුර්කි දේශසීමාවේ සටන් කර නමක් තැබූ වොයිවෝඩ් ඩ්‍රැක්‍යුලා විය යුතුයි" කියලා. වොයිවෝඩ් කියන්නෙ ප්‍රාදේශීය පාලක තනතුර. ඒ ප්‍රදේශයෙ තියෙන එකම අණ සහ උපරිම යුක්ති විනිශ්චය හා අභියාචනා විනිශ්චය බලය වොයිවෝඩ් සතුයි. ඒක ගොඩක් වෙලාවට ස්වාධීන තනතුරක්. වර්තමාන රුමේනියාවට අයිති වලාචියා ප්‍රදේශයෙ හිටපු පාළකයා තමයි ව්ලාඩ්.
ඔය තරම් මිනිස්සු ගානක් වද දීලා මරලා තියෙන්නේ ඩ්‍රැකියුලාට මොකක් හරි මානසික අමාරුවක් තිබ්බද මංදා (අනේ ඩ්‍රැකී මම ඔයාට කිවුවා එහෙම නෙමේ.ඔරවන්න එපා) ලිපිය හරිම වැදගත්.එතකොට එයා මිනිසුන්ගේ ලේ බොනවා කියන කතාව ඇත්තද.
ReplyDeleteපරක්කු වැඩියි නෑනො. මං ඔයා අර වරහං ඇතුලෙ දාල තියෙන කොටස කියවද්දි ඔරවලා ඉවරයි...
Deleteඔය විදිහෙ වධ දීම් සමකාලීන යුරෝපීය පාලකයන් කොහොමත් අපරාධ විනිශ්චයෙදි සහ යුද්ධ වලදි යොදාගත්ත සාම්ප්‍රදායික ක්‍රම. ඩ්‍රැක්‍යුලා ට වුනේ ඒක ටිකක් වැඩිය කිරීම සහ, හංගේරියාවෙ රජු වුන මැතියාස් කෝවිනස් තමන්ගෙ ගැළවීම සඳහා ඒ ගැන කතා අතිශයෝකිතියෙන් පතුරවපු එකයි.
ලේ බොන වැඩේ ගැන ඊළඟ කොටසින් විස්තර වෙනවා...
ලේ බොන වැඩේට ඔය නෑනාව අල්ලගනින්
Deleteනෑනෝ නුඹ "පල්"
Deleteමං ඔය ඉස්තිරියාවියන්ගෙ ලේ බොන් නෑ බං. හොඳ බෙබේ ලගෙ ලේ ඉතරයි බොන්නෙ. ඒකත් පලතුරු ෆ්ලේවඩ් නං තමා මයෙ වැඩි කැමැත්ත...
මෙන්ඩාට හොඳ වැඩේ...ඇද්ද අහගත්තා....හී..!
Deleteමයෙ සයිට් එකට හා හා පුරා කියල ආපු එකේ, එහෙමත් චාටර් කරන්න දෙන්න පුළුවනෑ... නැද්ද?
Deleteඒක නේන්නං ....මෙන්ඩට කොහෙද ඕව තේරෙන්නේ...මම ඔයාට මෙන්ඩගෙ ලේ බොන්න උල් දත් සෙට් එකක් තෑගි දෙන්නම්.
Deleteවැඩි දෙයක් ඕන් නෑ. පුලුවන්නං චූටි පීරක් හොයල දෙන්න පුලුවන්ද, දත් ටික උල් කරගන්න?
Deleteනංගා
Deleteඩ්‍රැකියාගේ ගැට වලට අහුවෙන්න එපා ..මම ලග කුරැසයක් තියනවා ඔයාට දෙන්නම් ආරක්ෂාවට.
ඩ්‍රැකියාගේ පිර ගෙවිලා කියලා ඩ්‍රෑකියානි හැමදාම නහයෙන් අඩනවලු..
මෙන්ඩෝ............ උඹලගේ ළගපාත ගෙදරක ගෑණු ළමයා ඩ්‍රැකියාගේ නෑනා උනේ කොහොමද බං.... අපිට මේවා තේරෙන්නෑ...... හරියට නිකං ඔලුවෙං හිටගෙන කතුරුඔන්චිල්ලාවේ ගියා වගේ බං..... (අසංක අයියාගේ උපමාවක් බව කරුණාවෙන් සලකන්න)))
Deleteමෙන්ඩ මට මයෙ සහෝදරයෙක් වගේ. ඉතිං, උන්දැ මයෙ නෑනෙක් වගේ තමා... හෙහ් හෙහ්...
Deleteඋඹේ ඉතිහාසය ගැනම ලියුවා ඒහෙනං අෑ......................
ReplyDeleteඑහෙනං එහෙනං...
Deleteමගෙ නියම ඉතිහාසය ගැන මුල් කියන පෝස්ටුවෙ තියෙනවා.
බොහොම වටින ඓතිහාසික විස්තරයක්. යුරෝපීය ඉතිහාසය හදාරන අයට මෙවැනි ලිපි වැදගත් වෙනවා. ඩ්‍රැකියුලා පිලිබඳ පුරාවෘත්ත සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. සමහර මානව විද්‍යාඥයන් අදත් ඩ්‍රැකියුලා ගැන පර්යේෂණ පවත්වනවා.
ReplyDeleteස්තූතියි අගය කිරීමට වගේම, එකතු කිරීමටත්...
Deleteමාර භානකයි නේ? ඒත් මම දන්න ඩ්‍රැකී නම් මෙහෙම කරයි කියලා හිතන්ට බෑ. එයා හතුරන්ට තමාලු ඔහොම කලේ. තමන්ගේ මිනිස්සුන්ට නෙමේ. කොහොම වුනත් මහන්සි වෙලා, කරුණු හොයලා ලියලා. ඒ කාලෙට ගියා වගේ.
ReplyDeleteස්තූතියි ස්තූතියි... සමහර විස්තර විකියෙ නෑ. ඉතිං වෙන වෙන සයිට් වලිං ගත්ත ටිකක් තියෙනවා.
Deleteදැවැන්ත අධිරාජ්‍යයක් එක්ක පැටළිච්ච යුද්ධය සුළු හමුදාවක් තියාගෙන මනෝවිද්‍යාත්මකව කරන්න තමා ඔය කුරිරුකම් ගොඩක්ම කරල තියෙන්නෙ මට හිතෙන විදිහට...
සත් සමුදුරේ තිබුණා මේ ගැන හොඳ ලිපියක්. මං තාම කියවනවා. පොඩ්ඩක් බලන්න
Deletehttp://sathsamudura.blogspot.com/2012/09/blog-post.html
මේකෙන් පේනවා අපේ රටේ තිබුණු වධ ක්‍රම
Deletehttp://sathsamudura.blogspot.com/2012/09/torture-execution-methods.html?showComment=1346911572404#c6577800235801069818
හම්මෝ මරු ඩ්‍රැකි. දිගටම ලියන්න ඉතුරු ටික
ReplyDeleteඉස්තූතියි, යාළු පාට... ඊළඟ කොටසිං ඉවර වෙයි වගේ
Deleteපින්තූරයට යටින් මේ විදියට වාක්‍යක් දාන ක්‍රමේ මොකද්ද? මම ඕක හොයන්න සෑහෙන්න මහන්සි උනත් හරිගියේ නෑ.
ReplyDeleteඑඩිටර් එකේදි, පින්තූරෙ දාලා, ඒ පින්තූරෙ උඩ ක්ලික් කළහම එන මෙනූ එක වගේ එකේ, "කැප්ෂන්" කියන එක ක්ලික් කරනවා. එතන ඕනෙ දෙයක් ටයිප් කරන්න, කොපි පේස්ට් කරන්න පුළුවං.
Delete(උපදේශනයට ගාස්තුව රුපියල් දෙසීයයි. වහාම ප්‍රතිපාදන මාරු කරහං මයෙ එකවුන්ට් එකට)
රාඡ්
Deleteමට සියක් දාලා ඉතුරැ සිය ඌට දාපන්..
ඕක ඉක්මනට දාහං රාජ්. නැත්තං මූ උඹව උල තියයි.
Deleteමෙන්ඩොඃ,
Deleteබොට මොකටද සීයක්? උඹ හතිලෑව විතරනෙ...
ප්‍රසා,
තොපි ඔක්කොම උඩුකුරුඤ්ඤං...
හරියන්නෑ යකූ!
Deleteආයෙත් කියපං.
මම බ්ලොග් එකේ ලියන ටික ලියල අර පින්තූරය දාන්න ඕනකරන තැන ක්ලික් කලාම පාත් එක ඉල්ලනව. එ්ක දුන්නම එලයින් කිරිල්ලයි සයිස් එකයි අහනව. ඒක ඕකේ කලාම පින්තූරෙ වැටෙනව. එච්චරයි. උඹ කියන හරුපෙ තවත් සරලව කියපංකො.
අපරාදෙ රුපියල් දෙසීය... ඉන්ට මාත්තෙයා බලාන්ට...
Deleteඕං කොහොම හරි පිංතූරෙ ලිපියට දාගත්තයි කියමුකො. ඊට පස්සෙ තමා මේ සෙල්ලම තියෙන්නෙ. එඩිටර් එකේ (ඒ කියන්නෙ පෝස්ට් එක පබිලිස් කොරන්ඩ ඉස්සෙල්ලා) පිංතූරෙ උඩ ක්ලික් කරනව. එතකොට එනවා, "ඉස්මෝල්, මීඩියං, ලාජ්, එක්ස්ට්‍රා ලාජ්, ඔරිමජිනල් සයිස් - ලෙෆ්ට්, සෙන්ටොර්, රයිට් - කැප්ෂන් - ප්‍රොපටීස් - රිමූව්" කියල එකක් එනව. ඒකෙ අග ඉඳං තුං වෙනි එක "කැප්ෂන්" ක්ලික් කොන්නොව. එතකොට පිංතූරෙ යටිං ටයිප් ගහන්න කෑල්ලක් ලැබෙනව. ඒකෙ තමුන්නැහැට ඕනෙම හෑල්ලක් ටයිප් කොල්ල, ඒ බැයිනං කොපි පේස්ට් කොල්ල හිටං... වෙන තැනක ක්ලික් කරපුහම වැඩේ ඉවරයි.
කොරල බලල කියන්ට මාත්තයා මොකෑ උනේ කියලා...
මේ උපදෙසට නං රුපියල් දෙසීයක් මදි වෙයි මයෙ හිතේ...
රාඡ්
Deleteගල් බෝතල් 4යි වල් ඌරැ මස් කිලෝ 3යි ලැහැස්ති කරහන් මම ඩ්‍රැකියාව එක්කරගෙන ඇවිත් හදලා දිලා යන්නම්
මෙන්ඩො, අඹ ගෝණියකුත් ඕඩර් කරහං...
Deleteරාජ්,
ඩෝලැක් එකකුයි, සර්පිනාවකුයි, ඒව ගහන්න පුළුවං දෙන්නෙකුයි, සිංදු කියන එකෙකුයි හොයල තියහං ඔයිට අමතරව...
ඩ්‍රැකී,
Deleteමේක උඹයි මමයි පාවිච්චි කරන ටෙම්ප්ලේට්/සෙටින්ස් වල අවුලක් වගේ මට පේන විදියට.
//ඕං කොහොම හරි පිංතූරෙ ලිපියට දාගත්තයි කියමුකො. ඊට පස්සෙ තමා මේ සෙල්ලම තියෙන්නෙ. එඩිටර් එකේ (ඒ කියන්නෙ පෝස්ට් එක පබිලිස් කොරන්ඩ ඉස්සෙල්ලා) පිංතූරෙ උඩ ක්ලික් කරනව.//
මෙන්න මේක තමයි අවුල. ලියන ටික ලියල පින්තූර ඇඩ් කරන්න තියන පුංචි කොටුව ක්ලික් කලාම පාත් එක දෙන්න පුළුවන් තැනට වැටෙනව. ඊට පස්සෙ ඩෙස්ක්ටොප් එකේ (මම පින්තූර සේව් කරගන්නෙ එතන) තියන පින්තූරය ඩබල් ක්ලික් කරනව. ඊට පස්සෙ ඒක අපේ පිටුවට ලෝඩ් වෙනව. සම්පූර්ණයෙන්ම ලෝඩ් වුනාට පස්සෙ add selected කියන එක ක්ලික් කරනව. අන්න එතකොට ඔය කියනව වගේ පොඩි කොටුවක් ඇතුලෙ තියන "එලයින්මන්ට්" සහ "පින්තූර සයිස්" එක විතරක් තෝරන්න පුළුවන් තැනට එනව. උඹ කියන විදියේ වෙනත් යමක් නං එන්නෙ නෑ. ඒක ඕන විදියට ඕකේ කලාම එඩිටර් එකට ගිහිල්ල පෙන්නන්නෙ මේවගේ ටිකක්,
a href="http://4.bp.blogspot.com/-vMEqOON_LMI/Vk2HAnBS7GI/AAAAAAAABeo/uhWHJlB3724/s1600/New%2BPicture.png" imageanchor="1" ><img border="0" src="http://4.bp.blogspot.com/-vMEqOON_LMI/Vk2HAnBS7GI/AAAAAAAABeo/uhWHJlB3724/s320/New%2BPicture.png" //a
(ටැග් අයින් කලා පහසුව සඳහා)
දැං කියපං මොකද්ද කරන්න ඕන කියල?
ගෙවීම කරන්න අත්සන් කල පොදු 35ක් එවපං :-)
ඇයි බං බැරි.මමත් මේ ඩ්‍රැකී ගුරුතුමා කියලා දීපු විදියට කරලා බැලුවා.මගේ නම් හරි ගියා.
Deleteරාජ්,
Deleteමයෙ පෙන්නන්නෙ මේං මෙහෙම
a href="http://4.bp.blogspot.com/-1zCfYBn2sX0/Vk2RFxSv4pI/AAAAAAAAA8Q/gSQu2lfo5KQ/s1600/Scan_2015111%2B8.jpg" imageanchor="1" style="margin-left: auto; margin-right: auto;"
img border="0" src="http://4.bp.blogspot.com/-1zCfYBn2sX0/Vk2RFxSv4pI/AAAAAAAAA8Q/gSQu2lfo5KQ/s1600/Scan_2015111%2B8.jpg" / /a /td /tr
[tr] [td class="tr-caption" style="text-align: center;"]කුමාරොදය - හතර වන ප්‍රමාණය කියවීම් පොතෙන්[/td][/tr] (මෙතන තමා මං දාපු කැප්ෂන් එක තියෙන්නෙ)
////
(කොටු වරහන් දැම්මෙ ටැග් වෙනුවට)
පොදු 35 න් වල් ඌරුමස් එහෙමත් ගෙවන්න පුළුවන්ද?
මනෝජ්,
Deleteඑහෙනං උඹත් ගෙවහං මට රුපියල් දෙසීයක්... හෙහ් හෙහ්...
යකෝ මම පරක්කු වෙලානේ ...මේ සිරිස් එක දිගටම කියෝගෙන ආවේ ..නියමයි මචෝ
ReplyDeleteසමාදානයේ සැතපෙන
මිනී වලේදී හිනැහෙන
අයගෙ රජා මමයි යාළුවේ
වොර්ක රෑනගේ සහාය
මගේ තනිය නැති කළේය
රුහිරු බොමින් මං සැනසෙන්නේ ...
උඹ පරක්කුයි. ඒ වගේම කලිං දාපු සිංදුවක් ආයෙම දාලා. වැරදි දෙකයි. මං උඹව දෙපාරකට උල තියනවා...
Deleteඅය්යෝ ....අනේ මචෝ මේ මම වෙනුවට අර වල් පත්තරයා ගන්න බැරිද ?ඌ දැන් කිසිම කමකට නැ ..වෙන සින්දුවක් මතක් උනේ නැ මචෝ ...
Deleteවල් පත්තර කිව්වෙ? වින්දන, සීදේවි වගේ එව්වද?
Delete"වින්දන, සීදේවි" වගේ ඒවා ...යකෝ මොන හිතකින්ද මේ වාගේ පත්තර පිටුවක් ඉරන්නේ වත් ..පපුව වාවන්නේ නැ යකොව් .අනිත් උන්ට ඒවා වල් උනාට අපිට ඒවා සීදේවි පත්තර ...හැක්
Deleteමම කිව්වේ අර අපේ බ්‍රෑන්ඩ් එක ගල් බලකාය කඩා ඉහිරවපු පත්තරයා ගැන ...
එතකොට, ගල් බලකායෙ කැදවම්කර් හැටියට ඉදන් අඹ වෙනුවෙන් ගල් පාවාදුන්න එකා?
Deleteඌ කොහොමත් කලින්ම උල තියනවානේ ....උගේම උලෙන් ඌ උල තියන්න බැරි වෙයිද ?
Deleteඅර හැංකොක් කිව්ව වගේ උඹෙ උලෙං ඌ උල තියලා උගෙ උලෙං උඹ උල තියමු
Deleteමම නම් හදවතින් ගල්
Deleteඑතකොට අහවල් එකෙං...? පොල් ද?
Deleteමෙ නම් ගම් මතක හිටින්නෙ නෑ යකෝ ... නෙමේ ඩ්‍රැකී. දෙපාරක් කියවල මතක තියාගත්තෙ.
ReplyDelete//දෙපාරක් කියවල මතක තියාගත්තෙ//.හොදයි මතක නම් කියපන් බලන්න "ව්ලාඩ්ගේ" හමුදා ප්‍රධානියාගේ අයියාගේ පුතාගේ නම කුමක්ද ?
Deleteඩබොල් ආදිපාද,
Deleteමටත් මතක නෑ බොස්... බැරිම නං නම් ගම් මනහ්කල්පිතයි කියමු...
සිංදු,
උගෙ නම මොකද්ද හැබෑට? මටත් මතක නෑනෙ. විචාරකද?
පත්තර මල්ලි
Deleteප්‍රමාද උනේ පෝස්ට් එක දිග බව දැකපු නිසා වෙලාව අරගෙනම කියවන්න ගියපු නිසා...
ReplyDeleteඋඹ මේ කරන්නේ ලොකු සේවයක්, නැත්නම් අපි කවද මේවා කියවන්නද...
ඔය "ව්ලාඩ්" හිටපු තැන මම හිටියනම් සමහර විට ඔයිට වඩා දරුණු ගේම් දෙන්නත් ඉඩ තියෙනවා...
ඒ කාලේ මුළු ලෝකෙම එක වගේ, ඔය එකෙක් දෙන්නෙක් පොඩ්ඩක් ළාවට අපගමනය උනත් ඒක ලොකු කරලා පතුරවලා දැම්මා වෙන්න බැරිද. සමහර විට ඉදිරියේදී ආපහු ඇවිත් තර්ජනයක් වේවි කියල හිතල මිනිහා මැරෙන්න කලින් යමර බොරු කෙළියා වෙන්න බැරිද...
අන්තිමට බොරුව නතර කර ගන්න බැරුව "ව්ලාඩ්" මළාට පස්සෙත් මේ කතා දිගට ගියා වෙන්න බැරිද...
අර මෙන්ඩව උල තියල අපි පොඩි රිහසල් එකක් කරලා බලමුද...
එහනම් බදුරලියේ ගග අයිනට යමන්
Deleteඔය "ව්ලාඩ්" හිටපු තැන මම හිටියනම් සමහර විට ඔයිට වඩා දරුණු ගේම් දෙන්නත් ඉඩ තියෙනවා...
Deleteඋඔ කියන්නේ කම්පියුටර් ගේම් ගැනද?
ලොකුස්,
Delete/ඒ කාලේ මුළු ලෝකෙම එක වගේ, ඔය එකෙක් දෙන්නෙක් පොඩ්ඩක් ළාවට අපගමනය උනත් ඒක ලොකු කරලා පතුරවලා දැම්මා වෙන්න බැරිද. සමහර විට ඉදිරියේදී ආපහු ඇවිත් තර්ජනයක් වේවි කියල හිතල මිනිහා මැරෙන්න කලින් යමර බොරු කෙළියා වෙන්න බැරිද... අන්තිමට බොරුව නතර කර ගන්න බැරුව "ව්ලාඩ්" මළාට පස්සෙත් මේ කතා දිගට ගියා වෙන්න බැරිද.../
මැතියාස් කෝවිනස් කළේ ඒ වගේ දෙයක් තමා, මේ විස්තර වල පේන හැටියට. පස්සෙ ඒක ජනප්‍රවාද වලට යද්දි අත්ශයෝක්තියත් එකතු වෙලා ඇති.
මෙන්ඩව උල තියන්න ඕනෙ මැරෙන් නැතිවෙන්න. මොකෝ, ඌ කොච්චර උනත් හොඳ එකා. ඌ නැුවහමත් පාළුයි.
මෙන්ඩොඃ,
"සුපර් මාරියෝ", "ඩේන්ජරස් ඩේව්" වගේ භයානක ගේම් බං...
අනේ...මෙන්ඩා අයියා බේරාගන්න කවුරුත් නැද්දෝ.....
ReplyDeleteබිය නොවන්න නැගනිය බ්‍රා අදිනා හැටි..හුටා..මැරෙනා හැටි..මට මැරෙන්න බෑ..ඩ්‍රෑකියා මරනා හැටි මම පෙන්වමි.
Deleteඅනු,
Deleteමූ බේරගන්න නෙවෙයි, මුගෙං අනිත් උං බේරගන්නයි වෙන්නෙ...
මෙන්ඩොඃ,
උඹ නෑන ඉස්සරහ වීරය වෙන්න යන්නෙ නේ? කමක් නෑ මං උඹට තියෙන ෆ්‍රෙන්ඩ්ශිප් එකට මළා වගේ ඉන්නං...
මරු විස්තරේ ඩ්‍රැකියො. ඒත් මරපු ගාන මදි වගේ නේද? :D
ReplyDeleteචැහ්... දැං හිටියනං ඌට කියල අර මෙන්ඩව උල තියන්න තිබුණ.
උඔවත් උල තිබ්බාම මරපු ගාන ඇතිවෙයි..මදි නම් මේ බ්ලොග් එක ලියන එකාවත් උල තියනවා..
Deleteතව කට්ටිය ඉන්නවා....... මාෂල් ව දෙන්නං අපි ගානේ........
Deleteප්‍රසා,
Deleteමෙන්ඩ උල තිබ්බනං සමාජ සේවයක්. අපිට ජීවිතේ තියෙන කල් මහරජා වෙන්න තිබ්බා.
මෙන්ඩොඃ,
ඉරට්ට වගේ ඉඳගෙන කටේ තියෙන වාදම! හුඃ...
කුරුට්ටො,
ආං මචං, ඌ තමයි අඩු වෙලා හිට්ටෙ...
නියමයි.
ReplyDeleteවිලාඩ් ජිවතුන් අතර ඉන්න කාලේදීම විලාඩ් ගේ "කෘරත්වය"ගැන නිර්මාණ බිහිවීම විලාඩ්ගේ කෘරත්වය තව තවත් වැඩි කර ගන්න හේතු වෙන්නත් ඇති.
අර ජෝන් කොතලාවල කිව්වායි කියන්නේ ඔය සමහරුන්ව උල තිබ්බොත් මුලින්ම හිල් වෙන්නේ මොළේ කියලා.එහෙම හිතලාද දන්නේ නැහැ විලාඩ් ලොක්කත් ඔය තරම් උල තියන්න ගත්තේ.
ජෝන් කොතලාවල ලොකූ, කමියා, ඩ්‍රැකි, ප්‍රසා, මනෝ, අනුත්තරා ගෑනු දැරිවි, සින්දු ඇනෝලා ගැන දැන ගෙන ඉදලා තියනවා ඒකයි එහම කියලා තියෙන්නෙ..
Deleteඋඔලා පොඩි එවුන් බං උඔලට ඔවා තේරේන්නෙ නෑ..අපි වගේ දැනඋගත් අයගෙන් අහගනින්..
මනෝ,
Deleteආං මචං ඒක තමා කුරිරු කමේ විෂම චක්‍රය කියන්නෙ.
ජෝන් කොතලාවල තම වරු කතාවක් කියල තියෙනවලුනෙ. (මේක මෙතෙන්ට නං ගැළපෙන් නෑ. මතක් උනාට ලියන්නෙ) "දුසිල් මහණුන්ගේ සිවුරු ගළවා තාර ගෑ යුතුයි" කිව්වෙ උන්නැහැලුනෙ.
මෙන්ඩොඃ,
දැන උගත් මෙන්ඩ කියල තව කාඩ් එකක් ගහගන්නය ඔය හදන්නෙ?
අර කාලකන්නියට කෑම රුචිය ඇතිවෙන්න දකින්න ඕනේ දේවල් බලාපංකෝ.
ReplyDeleteමෙච්චර ෆිට් එකේ ඉදලා අයියන්ඩ් මට කාලකන්නියා කිව්වේ ඇයි...අර ගල් මුසලයෝ ටික උල තියලා දාන එක බ්ලොග් වලටත් හොදයිනේ..
Deleteලොකුයි කමියයි උල තියන දවසට ඔයත් එන්න මාත් එක්ක කෑම කන්න...අපි ෆුල් ෆන් එකක් ගමු..
ඩූඩ්,
Deleteබොන් ඇපටීට් කිව්වා...
මෙන්ඩොඃ,
ඩූඩ් ටත් දියං අඹයක් බොන්න...
ඉතුරු කොටසත් කියවන්න එපැයි නේ...
ReplyDeleteඒකවත් ඉක්මණට දානවදෝ....
අනේ.................................................
ඕල් මෝස්ට් ඉවරයි මහේෂ්... ඉක්මණටම දානව... (ඒ කියන්නෙ තව මාසෙකිං විතර)
Deleteබේගල් කතාවක් වගේ ෆන් කතාවක් ලියලා හිටපන් ඊලග කොටසට ඉස්සර
Deleteඒක හොඳ අදහස. පුළුවං උනොත් අද දානවා. පොඩි මෙන්ඩ වෙනුවෙන් ජන කතාවක්.
Deleteස්වයං චරිතාපදානයක් නේ?
ReplyDeleteමුල් කොටස් දෙකත් කියවලම ආවා. සෑහෙන්න වටින, ඒ වගේම රසවත් ලිපි පෙළක්...
ඔටෝ බයොග්‍රැෆි (මෝටර් රථයක ජීවිත කතාව)
Deleteස්තූතියි අශාන්, ගොඩක් ස්තූතියි...
අම්මෝ.. මං දැනන් හිටියට වඩා ඩ්‍රැකියුලා දුෂ්ඨයි නෙ.. ඇත්තටම් මෙච්චර විස්තරයක් දැනන් හිටියෙ නෑ ඩ්‍රැකී අයියෙ..
ReplyDeleteමෙච්චර දරුණු මනුස්සයෙක්ව උතුම් කියල සළකන්න උන්ට පිස්සු ද මන්දා
ඇංගුලිෆෝමසියා මේකෙ දෙවෙනි කොටස කියෙව්වනං දැනගන්නව රුමේනියාවෙ රටවැසියො ඩ්‍රැක්‍යුලාට ගෞරව කරන්නෙ ඇයි කියලා. "උතුම්" නෙවෙයි වචනෙ. "ශ්‍රේෂ්ඨ". ඒක ඕනෙම මිනිමරුවෙකුට දාන්න පුළුවං විශේෂණයක්.
Deleteසමහර මාධ්‍ය වේදීන් මරවපු, සමහර අය අතුරුදහන් කරවපු, හිරකාරයන්ව මරවපු, උද්ඝෝෂකයන් මරවපු, උදවියත් රට බේරගත්ත වීරයො හැටියට සැළකිලි ලබද්දි, ඕක පුදුමයට කාරණාවක් නෙවෙයි.
ඒකත් ඇත්ත ඩ්‍රැකි අයියා..
Deleteඅම්මෝ.. මං දැනන් හිටියට වඩා ඩ්‍රැකියුලා දුෂ්ඨයි නෙ.. ඇත්තටම් මෙච්චර විස්තරයක් දැනන් හිටියෙ නෑ ඩ්‍රැකී අයියෙ..
ReplyDeleteමෙච්චර දරුණු මනුස්සයෙක්ව උතුම් කියල සළකන්න උන්ට පිස්සු ද මන්දා
කම්මයෝ වරොාාා්ා්
Deleteආ... නගාටත් ඩබොලියා කියන ලෙඩේ හැදිල වගෙයි. මටත් බෝකරයිද දන්නෑ...
Deleteහපොයි මේක දැක්කෙ දැන් නෙ.. අනේ සමා අවසර.. මගෙ කෙහෙල්මල් ෆෝන් එකෙන් කොමෙන්ට් දාද්දි හිටපු ගමන් පිස්සු නටනවා..
Delete@ මෙන්ඩා අයියා
මේ ෆෝන් එක ප්ස්සු නටනවා අයියෙ. අපි නිකම් වැඩේ ගොඩින් බේර ගමුකො අයියෙ. කම්මලේ ට කතා කරන්න ඕනෙ නෑ නෙ. මගෙ ගානේ අයියට අඹ ජූස් එකක් එවන්නම්..
ඩබොල් වැටෙන්න වැටෙන්න, මයෙ කමෙන්ට් ගාන ඉහළ යනවා. කාටද ආඩම්බර ඈ?
Deleteඩ්‍රැකියුලා වැටුන කිව්වම මම මේ ආවේ බලන්න තුවාල ද කියල හෙහ් හෙහ්...
ReplyDeleteමම මේ දවස් වල බය හිතෙන ගනකම් කලුපාට පිට කවරයක් තියෙන ඔර්ජිනල් මට්ටමේ තියෙන Bram Stoker' ගේ ඩ්‍රැකියුලා පොත නැවත කියවමින් ඉන්නේ.. එකේ දෙවෙනි කොටසත් හම්බ වුණා Dracula the Un-dead කියන එක.. ඒක තාම බැලුවේ නෑ..
මේ ඉතිහාස කතාව දැනගෙන ඒක කියවද්දී ගානට පරිසරය, මිනිස්සු ගැන එහෙම අදහස් මවා ගන්න පුළුවන්.. ලේ බොන සීන් එක ගැනත් ඉතිහාස වාර්තා ටික ඉක්මනට දාපන්.. කොච්චර චන්ඩිය වගේ පොත කියෙව්වත් තාම පොඩ්ඩක් බය හිතෙන ගතිය තියෙනවා හෙහ් හෙහ්...
නෑ මං පොරව නැගිට්ටවලා ලේ පිහදැම්මා. හෙහ් හෙහ්... අර සුරංගයා උංගෙ පුංචිගෙ දුව බලාගන්නව වගේ...
Deleteඔරිජිනල් පොත ලියල තියෙන්නෙම, සජීවී ආකෘතියකින්. දිනපොත්, වාර්තා එකතු කරලා. ඒකට බය නොවුනොත් තමයි පුදුම.
ඩ්‍රැක්‍යුලා අන්ඩෙඩ් මං අහල නැති පොතක් නෙ. ඒක ලියල තියෙන්නෙ බ්‍රෑම් ස්ටෝකර් ගෙ ඥාති මුණුපුරෙක්ලු නේ?
අවසාන කොටස දානවා, තව සතියකින් විතර...