Tuesday, September 11, 2018

ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය...

මීට කලින් කියවන්න ලැබුණා හේ ඩිඩ්ල් ඩිඩ්ල් කියන මහ අමුතු කවියෙ ඉතිහාස කතාව... ඒ වගේ, අද අපි කියවන්න යන්නෙ තවත් ළමා කවි කීපයක සැඟවුණු ඉතිහාසය ගැන.

එක...

මධ්‍යකාලීන එංගලන්තයේ තිබුණු විශාලතම ව්‍යාපාරයක් වුනේ ලොම් කර්මාන්තය. ලොකු ඉල්ලුමක් ලොම් වලට තිබුණු නිසා පොඩි හරි ඉඩමක් තිබුණු හැමදෙනෙක්ම බැටළුවො ඇති කළා. ඒ කියන්නෙ පිටිසර ගොවියන්ගේ සිට සාමිවරු සහ නායක පූජකයන්, බිශොප්වරු දක්වා සියලු දෙනාම... ඒ කාලෙ ධනවත්කම මැන්න එක ඒකකයක් වුනේ යමෙක්ට අයිති වුණු බැටළුවන් ගාණ. ඔය බැටළුවන් බළාගත්තෙ අතළොස්සක් වුණු එඬේරු...

1272දි කුරුස යුද්ධයට ගොහිං බංකොළොත් වෙලා ආපහු ආව පළමුවන එඩ්වර්ඩ් හෙවත් ලෝංශෑන්ක්ස් රජු ලොම් ව්‍යාපාරය මත බද්දක් පැනෙව්වා. ඒකෙන් එයා තමන්ගෙ යුධ හමුදාවෙ වියදම් පියවා ගන්න උත්සාහ කළා. විකුණන සෑම ලොම් ගෝණියකින්ම තුනෙක් එකක් රජුටත්, තවත් තුනෙන් එකක් පල්ලියට හෝ පූජක ආශ්‍රමවලටත් අය කෙරුණා. ඒ විදිහට අධික බද්දක් ගෙවපුවාම බැටළුවන් බලාගත්ත දුප්පත් එඬේරුන්ට ලැබුණෙ සොච්චමක් යාන්තම් ජිවිතය පවත්වාගෙන යන්න...

ඒ ගැන විරෝධය පළකරන්න ජනතාව අතරින් පබැඳුනු ගියක් තමයි "බා බා බ්ලැක් ෂීප්..."

https://www.haunted-yorkshire.co.uk/BaaBlackSheep.jpg

බා බා කළු බැටළුවො
ලොම් තියෙනවද?
ඔව් ස්වාමිපුත්‍රයා
මලු තුනක් පිරෙන්නට...
එකක් මගෙ ස්වාමියාට (රජු)
එකක් මගෙ ස්වාමිදුවට (පල්ලිය)
ඒවගේම තවත් එකක්
පාරෙ කොනේ පුංචි කොලුවට

Baa Baa Black Sheep,
Have you any wool?
Yes, sir, yes, sir,
Three bags full;
One for the master,
One for the dame,
And one for the little boy
Who lives down the lane.

මේ ජනගියෙ අන්තිම පේළි දෙක 16 වන සියවස වනතුරුම ගැයුණෙ “And none for the little boy who cries down the lane.” කියලයි. එතන "පුංචි කොලුවා" කියල අදහස් වුණේ ලොම් ව්‍යාපාරයෙන් සැළකිය යුතු යමක් නොලැබුණු බැටළු එඬේරුන්...

දෙක...

කෲර මේරි (Bloody Mary) ලෙස හැඳින්වුනු පළමුවන මේරි රැජිණ රජකමින් නෙරපන්න කුමන්ත්‍රණය කළා ප්‍රොතෙස්තන්ත වංශාධිපතින් තුන් දෙනෙක්. ඒ අය තමයි, හියු ලැටිමර් සහ නිකලස් රිඩ්ලි කියන ඇංග්ලිකන් බිෂොප් වරු දෙන්නා සහ කැන්ටබරියේ ආච්බිෂොප් තෝමස් ක්‍රැන්මර්...

මේරි රැජිණ මිනිසුන් වධහිංසාවට පත්කිරීමෙන් සහ මරණයට පත්කිරීමෙන් කුරිරු වින්දනයක් ලැබූ බව පේනව. අර තුන්දෙනාගෙ කුමන්ත්‍රණය අවසන් වුනේ ඔවුන් තුන්දෙනා කිරීටයට එරෙහි අපරාධ කිරීම යන චෝදනාවට වැරදිකරුවන් බව ප්‍රකාශයට පත් කරලා, රැජිණගේ අණින් ඔක්ස්ෆර්ඩ් හිදී ගිණිතබා මරා දැමීමෙන්. ඒ ගැන හැදුණු ජනගීය තමයි අන්ධ මීයො තුන්දෙනා...

https://d2pu2bk1b66iw6.cloudfront.net/photos/
2015/03/26/6-97511-three-blind-mice-1427402665.jpg
මෙතන මේරි රැජිණට ගොවියගෙ බිරිඳ කියල කියන්නෙ ඇයට සහ ඇගේ සැමියා වුණු ස්පාඤ්ඤයේ දෙවෙනි ෆිලිප් රජුට දැවැන්ත වතුයායවල් අයිති වුණු නිසා. මීයො අන්ධයි කියා කියල තියෙන්නෙ ගොඩක් වෙලාවට ඔවුන්ගේ ආගමට තිබූ භක්තිය සහ විශ්වාසය නිසා කියල හිතන්න පුළුවන්.

තුන...

15 වන සියවසේ උතුරු සමර්සෙට්වල කිලිමර්ස්ඩන් නම් කුඩා ගම්මානයෙ හිටියා පෙම්වතුන් දෙදෙනෙක්. ඒ දෙදෙනා විවාහ වෙලා උන්නෙ නෑ. ඔවුන් නිතර ගම්මානය අසළ කඳුගැටයකට නගින්න පුරුදු වෙලා හිටියා, අනික් අයගෙන් වසං වෙලා පෙම් සුව විඳින්න...

ගෑණු ළමයා ගැබ්ගත්තා. ඇය දරුවා බිහිකරන්න ආසන්න කාලයේ දවසක් කන්දෙදි ගලක් ඔලුවට වැටිලා, ඇගේ පෙම්වතා මියගියා. ඊට දින කිපයකට පස්සෙ ගෑණූ ළමයා දරුවා බිහිකළා. ඒ දරු උපතේදි තරුණ මව මියගියා. ඒ දෙදෙනාගෙ ශෝකාත්මක කතාව තමයි, ජැක් සහ ජිල්...

https://upload.wikimedia.org/wikipedia/commons
/thumb/a/a8/Jack_and_Jill.jpg/384px-Jack_and_Jill.jpg

http://4.bp.blogspot.com/-gVE7HQ5-Hnw/U2vxeEktSTI
/AAAAAAAAFQo/_EKJ3-4u-qo/s1600/jack+and+jill+hill.JPG

https://usercontent1.hubstatic.com/8702072.jpg
ජැක් සහ ජිල් ගැන තවත් මත තියෙනව. සමහරු කියනව දහසය වන ලුවී රජු සහ මරී අන්තුවාං රැජිණ ගැන මේ කවිය හැදිල තියෙනව කියලත්. නමුත් දහසය වන ලුවී රජුට වඩා මේ කවිය පැරණියි...

මූලාශ්‍ර
http://www.cracked.com/article_16576_the-disturbing-origins-5-common-nursery-rhymes.html
https://en.wikipedia.org/wiki/Oxford_Martyrs
http://mentalfloss.com/article/55035/dark-origins-11-classic-nursery-rhymes
https://mom.me/kids/18569-dark-origins-nursery-rhymes/item/three-blind-mice/
https://owlcation.com/humanities/The-Curious-Origins-of-Nursery-Rhymes-Jack-and-Jill

මෙව්වත් බලන්න
https://owlcation.com/humanities/The-Curious-Origins-of-Nursery-Rhymes-Jack-and-Jill


58 comments:

  1. නොදන්නාම කරුණු රාශියක් දැනගත්තා.
    මේ ගීත පිටුපස මේවගේ කතා තියෙනවා කියලා අද තමයි දැනගත්තේ.
    ඔබට බොහොම ස්තූතියි !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සූකිරි මහත්තෙයා... පලවෙනි ලිපියත් කියවන්න උඩ ලිංක් එක දාල තියෙනව.

      Delete
  2. යකෝ බොලා කියනකල් මේ කතා ගැන දැනගෙන හිටියෙ නෑනෙ. ඔය කවි කටපාඩං කරවන ගමං මොට්ටසෝරි වල ළමයින්ට මේ කතාත් උගන්නන්න ඕන. ඒත් ඉතිං උගන්නන එවුවො මේව දැනගෙන ඉන්නෙපැයි.

    ReplyDelete
    Replies
    1. මට මතකෙයක් තියෙනව අපි පොඩි කාලෙ මිහිර පත්තරේ ගියා මේ වගේ කතා සැට් එකක්...

      ගොඩ දෙනෙක් දන්නෑ නෙවෙයි ප්‍රසා... මේ වගේ දේවල් හොයන්ඩ කුතුහලයක් නෑ. පොඩි කාලෙ ඉඳම්ම පුරුදු කරන්නෙ කටපාඩං කරල විභාග ලියන්ඩ විතරයි. වින්දනයක් උගන්නන්නෙ නෑ.

      Delete
  3. පළමුවන එඩ්වර්ඩ් හෙවත් ලෝංශෑන්ක්ස් ට னයාම ගහපිය.

    ReplyDelete
    Replies
    1. මෙල් ගිබ්සන් ගෙ බ්‍රේව් හාට් බැලුවද? ඒකෙ පෙන්නන හැටියටනං නයා කාල විතරක් මදි. පොළෝංගු, කුණකට්ටො, ආහාරකුක්කො, පත්තෑයො, ගරුඩො, ඇහැටුල්ලො ආදී මෙකී නොකී හැම එකෙක්ම කන්ඩ වටින්නෙ...

      Delete
    2. ඔයිට වඩා සෝයි රෝමන් කාරයන් කරපු ගෝනි සෙල්ලම.

      Delete
    3. ඔව් නේ? ඒකෙද අර තියෙන්නෙ ගෝණියකට නයෙකුයි වඳුරෙකුයි මීයෙකුයි දාල මිනිහෙක්ව දාන කතාව?

      Delete
    4. ඒ මදිවට ගඟේ ගෝනිය දානවා කාලා වර කියලා

      Delete
    5. කාලා නාලා වර කියල... හැක්!

      Delete
    6. //ගෝණියකට නයෙකුයි වඳුරෙකුයි මීයෙකුයි දාල මිනිහෙක්ව දාන කතාව// ඒක ඒ කාලේ තිබුණු දඬුවමක් මං හිතන්නේ. මං ලඟ දි කියෙව්වා;
      The Golden Ass: Being the Metamorphoses of Lucius Apuleius කතාව. ඒක 1200 ගණන් වල ද කොහෙද ලිව්වඇයි කියන පොතක්. ඒකෙත් තියෙනවා මේ කියන දඬුවම ගැන

      Delete
  4. ගිරව් වගේ කියවේවට අදතමා තේරුම දැන ගත්තේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙං? මං හිතුව මද්ද යමක් දන්නව ඇති කියල. ඔය වගේ දේවල් ගැන උනන්දුයිනෙව

      Delete
  5. සිංදු කියල අත්පොලසන් දුන්නට තේරුම දැනගත්තෙ අද තමා. පුදුමාකාර ඉතිහාසයක්නෙ මෙව පිටුපස තිබිල තියෙන්නෙ,ස්තූතියි ඩ්‍රැකී

    ReplyDelete
    Replies
    1. අඩෝ! උඹ පොඩි එකා. මාමෙ කියපං!

      Delete
    2. ඩ්‍රැකී මගෙ මාම වෙන්ඩ මම කලු කුමාරය යැ,හැබැයි අර ප්‍රභාත් කියන හාදය නං අපෙ අම්මගෙ වයසෙ අංකලයෙක්.

      Delete
    3. හා හා උඹ සුදු කුමාරෙයා... වඳින්නං අංකල් කියන්ඩ එපා, මාමෙ කියන එක වඩා නම්බුයි

      Delete
  6. බලාගෙනයි, මේවා දකින අපේ ජාතියේ භාරකාර ඇත්තෝ කුපිත වෙයි. අපිට විතරනේ ඉතිහාසයක් තියෙන්නේ; නටබුන් තියෙන්නේ කියලයි හුඟ අය හිතාගෙන ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. කාටද ඉතිං මෙව්ව කියන්නෙ, නිදි...

      එකඅතකට, බලන්ඩකො හිස්ටරි චැනල්, ඩිස්කවරි චැනල්, එන්කාටා විශ්වකෝෂය එහෙම. උං හිතාගෙන ඉන්නෙ ඉතිහාසයක් තියෙන්නෙ ඇමරිකාවට, ග්‍රීසියට, රෝමයට සහ චීනයට විතරයි කියලනෙ.

      Delete
  7. කිව්වහම මොකද කවිවල උප්පත්තිය ගැන දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. හෑ... හැලප අයිය දැක්ක කල්... ඇත්තටම දැනං උන්නෙ නැද්ද?

      Delete
  8. Replies
    1. ගොඩක් ස්තූතියි ගුණසිංහ මහත්තයා

      Delete
  9. //මේරි රැජිණ මිනිසුන් වධහිංසාවට පත්කිරීමෙන් සහ මරණයට පත්කිරීමෙන් කුරිරු වින්දනයක් ලැබූ බව පේනව.//

    වින්දනයකට වඩා ඒ "කාලයේ කෲරබව" තමයි පේන්නෙ. මේරිට ප්‍රශ්න ගොඩයි තමන්ගේ අම්මට වුන ප්‍රශ්නයි, ඈන් ග්‍රේ ගේ ප්‍රොතෙස්තන්ත සපෝටර්ස්ලායි, තමන්ගේ හාර්ඩ් ලයින් කතෝලික භක්තියයි, ෆිලිප් හා පෝප්ගෙන් එන ප්‍රෙෂර් එකයි, ඉන්ගලන්තයේ බහුතරයකගේ කතෝලික විරෝධයයි, කිරුල රැක ගැනීමයි, ප්‍රොතෙස්තන්ත බලාපොරොත්තුව වුන එලිසබත්ගේ සිටීම හා තමන්ට අනුප්‍රාප්තිකයෙන් සාදා ගැනීමට නොහැකියාවයි ඔක්කොම. අනිත් එක හිස හසා දැමීම හා කණුවේ පිච්චීම burning at stake අති සුලබ දඬුවම් ඒ කාලෙ. කෲරබව ගැන දැන් තිබෙන ස්ටෑන්ඩර්ඩ් නෙමෙයිනෙ ඒ කාලෙ. ගෑනු ලමයි ඔක්කොම ගිහින් කෑම කකා සර්කස් බලනව වගේ මරණ දඬුවම් බැලුවෙ
    කතෝලික බලය තියනකොට ප්‍රොතෙස්තන්තකාරයන්වයි, ප්‍රොතෙස්තන්ත බලය තියනකොට කතෝලිකයින්වයි, උන් දෙගොල්ලොම මායාකාරියන්කියල හඳුන්වපු අයවයි පුච්චල දැම්මනෙ ඕනෙ තරම්.
    මේරිට ලමය් එහෙම ඉඳල ඉන්ගලන්ත සභාව නැති කරල ප්‍රොතෙස්තන්ත කාරයන්ව යටපත් කරල ආයිත් කතෝලික රටක් කලා නම් ඉතිහාසයේ බ්ලඩී මේරි නෙමෙයි මේරි සාන්තුවර රැජින කියල හැඳින්වෙයි. ඒත් ඉන්ගලන්තෙ කතෝලික බලය නැතිවුන නිසා ඇය බ්ලඩී මේරි

    ReplyDelete
    Replies
    1. I miss Kochchi Miris. This is his favourite era in history.

      Delete
    2. ඇත්ත. මං ඔය ඉතිහාසය ඔයිතරම් දන්නෙ නෑ. වෝල්ටෙයාර් ගෙ කතා වල තියෙනව මයෙ හිතේ ඔය ඓතිහාසික සංස්කෘතියෙ හැබෑ ස්වරූපය.

      ඊට අමතරව මොන්ටි පයිතන්ගෙ හෝලි ග්‍රේයල් මූවි එක...

      Delete
  10. නිකමටවත් දැනන් හිටියේ නෑ මේ ඉතිහාස කතා. ස්තුතියි ද්‍රකියෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තට පැත්තා...? දැනං උන්නෙ නෑ?

      Delete
  11. Replies
    1. ආාා ඉයන් මල්ලී... කෝමද ඉතිං? ගොඩ කාලෙකිං ඈ

      Delete
  12. මං දැනන් හිටියේ නෑනේ මේ නිදාන කතා.. ස්තූතියි ඒ ලිපියට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අගය කිරීමට

      Delete
  13. Replies
    1. බොටත් ජය වේවා!
      මටත් ජය වේවා!

      Delete
  14. "ජැක් ඇන්ඩ් ජිල්ලා කන්දෙ ගිහිල්ලා.." කියලා ෆ්‍රෙඩී සිල්වා මහත්තයා කියන සිංදුවක් තියෙනවා නේ අයියේ. අද තමයි ඒකෙ හරි තේරුම දැන ගත්තෙ

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රේම කීර්තිගෙ සිංදුවක්. ඒකෙ කියන්නෙ නං ඔය වගේ කතාවක් නෙවෙයි, ඉක්මණට උඩ යන අය බිම වැටෙනව කියන එක...

      මං කියන්නෙ:
      Jack and Jill
      Went up the hill
      to fetch a pale of water
      Jack fell down
      and broke his crown
      and Jill came tumbling after
      කවිය ගැන

      Delete
  15. හ්ම්ම්ම්. මමත් ගොඩාක් දැනුවත් වුනා. ගිරව් වාගේ සිංදු නම් දන්නවා අක්මුල් දැනගෙන හිටියෙ නෑ. ස්තුති වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොලා මොනවද ඉතිං දන්නෙ? මොකක් හරි ගජබින්නයක් දැම්මහම ඒක අනිප්පිට ගහල සවුත්තුව දාන්ඩ විතරනෙ...

      Delete
  16. ඔබට ස්තූතියි ඩ්‍රැකී !

    ReplyDelete
    Replies
    1. නුවන්ටත් ස්තූතියි ආපිට...

      Delete
  17. නොදන්නා කරුණු රාශියක් දැනගත්තා ඹබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අානන්ද මහත්තෙයා

      Delete
  18. බොහොම ස්තූතියි ඩ්‍රැකී!

    ReplyDelete
  19. අපේ කොල්ලා දවසක් සාලේ ඉදලා කැගහපි.."මල්ලිලා දෙන්න බලන්න සරම උස්සලා හුවක්.....තදට ඇදලා බ්‍රා: කියලා....මට බඩ අල්ලගෙන හිනා වෙන අතරේ උගෙන් ඇහැව්වා.."කොහෙන්ද පුතු ඔක ඇහුනේ කියල" ඌ කියපි ඇයි තාත්තේ අපි බස් එකෙ යනකොට ටිවි එකේ ගියේ කියලා

    ReplyDelete
    Replies
    1. ඒක තමා අනික් වසංගතේ. බස්වල වීඩියෝ දාන එක.

      Delete
  20. වැරදි කෙමෙන්ට් එකක් උඩ් වැ‍ටුනේ....පොඩ්ඩාගේ කතා ලොකේ විරයා උබනේ...

    ReplyDelete
    Replies
    1. මං දන්නව බං. දැං පුතාට වයස කීයද?

      Delete
  21. ඩ්‍රැකී මහත්තයත් හොයාගන්න දේවල් අම්මපා හරි පුදුමයි. මොනවා උනත් අපි අපාහු පුංචි කාලෙට ගියා ඒ වගේම ඉතින් මගේ පියත් මතක් වුණා මොනද ඉතින් මට ඔය කියලා කියලා දුන්නේ එයා නිසා කොස් වෙතත් මේ කවි වලටත් අතීත කථාවක් තියනවා කියලා දැනගත්තේ අද ඕං
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අතීත කතා... අපේ ජනකවිවලටත් තියෙනව. වැරැද්ද අපි කවුරුවත් ඔව්ව හොයන්නැති එකයි. ජනකවි බොහොමයක් පාලකයන්ව විවේචනය කරන්න හැදිච්ච එව්වා.

      Delete
  22. ස්තූතියි

    ReplyDelete
  23. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අනුරුද්ධ මහත්තයා. මම එනව ඔය පැත්තෙ. අඩුපාඩු කියන්න නං මං කවුද? ඔබටත් ජය ‌වේවා! දිගුකලක් ලියන්න පුළුවන් ‌වේවා!

      Delete
  24. னයා ඇවිල්ල කවියක් කියල ගියා.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි