පොසොන් කළාපය පටන් ගත්තට පස්සේ මාර විදිහේ කාර්ය බහුල බවකට ඩ්‍රැකියා පත්වුණා. ඉතින් ඩ්‍රැකියාගේ පළවෙනිම පොසොන් කළාපය පෝස්ටු දෙකකට විතරක් සීමා වෙන බව තමා පේන්නෙ.
චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ පිලෝතිකා පාරිව්‍රාජකයා සහ ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතාවත්, ඒකට පැහැදිලා බමුණා බුදුන් හමු වූ ආකාරයත් පොසොන් කළාපයේ මුල් ලිපියෙන් සඳහන් වුණා. අද එතැන් සිට...
බුදුන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.
බුදුන් කියනවා: ඇතුන් වසන කැළෑවක් ආශ්‍රිතව වාසය කරන දක්ෂ මිනිහෙක් කැළේට ගිය වෙලාවක දකිනවා, දිගිනුත්, පළලිනුත් වැඩි ඇතෙකුගේ පිය සටහනක්. ඒකෙන් පමණක් එයා ‘මේ විශාල ඇතෙක්‘ කියා නිගමනය කරන්නේ නෑ. මොකද, පතුල් මහත් වුනත්, උසින් අඩු වාමනිකා කියන ඇතින්නියොත් කැළෑවෙ ඉන්න නිසා. එයා ඒ පසුපස තවත් දුරට යනවා. එතකොට දකිනවා, ගස් වල රියන් හතක් අටක් උසින් පිට අතුළ්ලපු පාරවල්. ඒකෙනුත් එයා ‘විශාල ඇතෙක්‘ කියලා නිගමනය කරන්න හදිසි වෙන්නෙ නෑ. මොකද, උස මහත වුනත් දළ උසින් පහතින් තියෙන උච්චා කාළාරිකා කියන ඇතින්නියොත් ඉන්නවා. තවත් දුර යනකොට එයා දකිනවා, උස් ගස් වල දළ පාරවල් වැදිලා තියෙනවා. ඒත් එයා හදිසි වෙන්නෙ නෑ නිගමනයකට එන්න. මොකද, පතුල් මහත වුනත් පාද හීනි උස උච්චා කණේරුකා කියන ඇතින්නියොත් ඉන්න නිසා. අන්තිමේ එයා දකිනවා, ගහක් මුල හරි, එළිමහනේ හරි, ඇවිදින හරි, හිටගෙන හරි, ලැග ඉන්න හරි විශාල ඇතෙක්. අන්න එතකොට එයා නිසැකව නිගමනය කරනවා, මෙන්න විශාල ඇතෙක් කියලා.
ඒ වගේ,
බුද්ධත්වයට පත් වෙලා, ලෝකයත් සත්ත්වයාත් මනාව අවබෝධ කරගෙන, ධර්මය දේශනා කරමින්, නිවන් මග එළිදක්වා ඇති විටක,
කෙනෙක් මේ ධර්මය අහලා, බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නවා. එයා හිතනවා, ‘ගිහිගෙයි විසීම බාධා සහිතයි, රාගය වැනි කෙළස් වලට ඉඩ ලැබෙනවා. පැවිදි වීම යහපත්‘ එයා සම්පත්, නෑදෑ හිතවතුන් අතහැර පැවිදි වෙනවා.
පැවිදි වුනු කෙනා ශික්ෂාපද ඇසුරු කරමින්,
1. සතුන් මැරීම අතහරිනවා, ආයුධ අතහරිනවා, ලජ්ජාව සහ දයාව ඇත්තෙක් වෙනවා, සියලු සත්ත්වයන් ගැන අනුකම්පාවෙන් යුක්ත වෙනවා.
2. නුදුන් දේ ගැනීමෙන් වළකිනවා, සොර නැති පිරිසිදු සිතින් යුක්ත වෙනවා.
3. අයහපත් හැසිරීමෙන් ඉවත් වෙනවා, ලිංගික සංසර්ගය අත්හරිනවා.
4. බොරුව අත්හරිනවා, සත්‍යය ගැළපීමෙන්, ස්ථිර වචන ඇති වීමෙන්, ලෝකය රවටන්නෙක් බවට පත් නොවී වාසය කරනවා.
5. කේළම් කීමෙන් වළකිනවා, මිනිසුන් භේද කිරීමට වචන යොදාගැනීමෙන් වළකිනවා, භේද වූ අය සමඟි කරනවා, සමඟියට කැමති වෙනවා, සමඟිවූ අය දැක සතුටු වෙනවා, සමඟි කරන වචන භාවිතා කරනවා.
6. රළු බස් කීමෙන් වළකිනවා, නිදොස්, කණට සුවදායක, ළගන්නාසුළු, උසස්, බොහෝ දෙනා ගේ සිත් ගන්නා, වචන කියනවා.
7. හිස් බස් කීම අතහැරලා, කාලීන, අර්ථයක් ඇති, ධර්මයක් / විනයක් සම්බන්ධ, හදවතේ තැන්පත් කරගත යුතු කරුණු සහිත දේ කතා කරනවා.
8. බීජ (හට ගැනීමට පෙර තත්ත්වය) සහ භූත (හට ගත් දේ) නැසිමෙන් වළකිනවා.
9. රාත්‍රී භෝජනයෙන් වළකිනවා.
10. නැටීම්, ගැයීම්, විකට දර්ශන, මල් පැළඳීම, සුවඳ විළවුන්, සිරුරේ අඩු තැන් පිරවීම් සහ සැරසීමෙන් වළකිනවා.
11. උස් සහ මහා ආසන වලින් දුරු වෙනවා.
12. රන්, රිදී, මිළ මුදල් පිළිගැනීමෙන් වළකිනවා.
13. අමු ධාන්‍ය, අමු මස් පිළිගැනීමෙන් වළකිනවා.
14. ස්ත්‍රීන්, තරුණියන්, මෙහෙකරුවන්, එළු බැටළු ආදී සතුන්, කුකුළන් ඌරන්, ඇත් අස් ගව වෙළඹුන්, පිළිගැනීමෙන් වළකිනවා.
15. ගිහියන්ගේ පණිවුඩ පිළිගැනීමෙන්, හසුන් ආදිය ගෙන් ගෙට ගෙන යාමෙන් වළකිනවා.
16. වෙළෙඳ ගනුදෙනු වලින් වළකිනවා.
17. හොර තරාදියෙන් කිරීම, රවටා බඩු විකිණීම, හොර මිනුම් ආදියෙන් වළකිනවා.
18. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා මවාපෑම, වංචා ප්‍රයෝග වලින් වළකිනවා.
19. අත පය කැපීම්, මැරීම, විළංගු ලෑම, බැඳීම, මං පැහැරීම, ගම් කොල්ලකෑම, සාහසික ක්‍රියා ආදියෙන් වළකිනවා.
ඔහු තමන්ගේ සිරුරේ පරිහරණයට ප්‍රමාණවත් සිවුරෙන්, කුසට ප්‍රමාණවත් වූ පිණ්ඩපාතයෙන්, සැහීමට පත් වෙනවා. යන තැනක පාත්‍රා සිවුරු පමණක් අරගෙන යනවා. හරියට ලිහිණියෙක් පියාසර කරද්දී උගේ පියාපත් වල බර පමණක් දරාගෙන යනවා වගේ. මෙසේ උසස් ශීලයෙන් යුක්ත වී, තමන්ගේ සිතේ ඇති වන සුවය විඳින්නට සමත් වෙනවා.
ඔහු ඇසින් දකිනා රූප අනුව, ස්ත්‍රියක් පුරුෂයෙක් කියා නිමිත්තක් සිතේ ඇති කර ගන්නේ නෑ. අත පය ආදී අවයවය වල ස්වරූපය සතට ගන්නේ නෑ. එසේ ඇස සංවර කොටගෙන වාසය කරනවා. කණින් ශබ්ද අසා, නාසයෙන් සුවඳ ලබා, දිවෙන් රසය ලබා, කයින් ස්පර්ෂ කර, සිතෙන් ධර්මතා විඳ, ඒ පිළිබඳ නිමිති ඇති කර ගන්නේ නෑ. මනස සංවර බවට පමුණුවාගන්නවා. මෙසේ ඉන්ද්‍රියන් සංවර කර ගෙන, කෙළෙස් වල නොඇලුනු නොකිළිටි බවේ සුවය විඳින්නට සමත් වෙනවා.
ඔහු මොන දෙයක් කරද්දී වුනත් මනාව දැනගෙන කරන තැනැත්තෙක් වෙනවා. ඉදිරියට යද්දී, ආපසු ඒමේදී, ඉදිරිය බලද්දී, ආපසු බලද්දී, අත් පහ දිග අරිද්දී, අකුළද්දී, කෑමේදී, බීමේදී, රස විඳීමේ දී, මළ මුත්‍රා පහකිරීමේදී, යද්දී, එද්දී, නිදා ගැනීමේදී, නිදි වැරීමේදී, කතා කිරීමේ දී, නිහඬව සිටීමේදී, ඒ දේවල් ගැන මනාව දැනුවත් ව ඒ දේවල් සිදු කරනවා.
මේ වාගේ කෙනෙක්, ජනතාව නොගැවසෙන ආරණ්‍ය, ගස් මුල්, පර්වත, කඳු, ගුහා, සොහොන්, වන ලැහැබ්, පිදුරු කුටි වැනි තැනක් වාසස්ථානය කරගන්නවා.
ඔහු දිවා ආහාරයෙන් පසු සවස් කාලයේ පළක් බැඳගෙන, කය සෘජුව තබාගෙන, සිහිය කර්මස්ථානයට එල්ල කොටගෙන ගත කරනවා. ලෝකය පිළිබඳ දැඩි ආශාව දුරු කරගෙන, සිත පිරිසිදුව තබා ගන්නවා. අන් අය ගැන ඇති ද්වේෂය ට එළඹීමෙන් වැළකී, කිසිවෙකු කෙරෙහි විරුද්ධවාදයක් සිතේ නැති කරගන්නවා. සියලුම පණ ඇති දේ ගැන අනුකම්පාවෙන් හිතවත් කමින් යුක්තව සිත පිරිසිදුව තබා ගන්නවා. අලස බව සහ එළඹ සිටි සිහියක් නොමැති කම දුරු කරනවා. කළ හොඳ නරක ගැන තැවෙමින් නොසන්සුන් සිතින් පසුවීම වළක්වාගෙන සිත පිරිසිදුව තබා ගන්නවා. කුසල් අකුසල් ආදී දේ මොනවාදැයි සැක හැර දැනගන්නා මේ තැනැත්තා පිරිසිදු සිතකින් සිටිනවා.
මේ විදිහට මේ තැනැත්තා, ඇලීමෙන් වෙන්වී, කුසල් අකුසල් මොනවාදැයි මනාව දැනගෙන, විතර්ක සහිත විචාර සහිත විවේකී බුද්ධියෙන් ඇති වුනු ප්‍රීතිය සහ සුවය ඇතිව පළමු ධ්‍යානයට පත් වෙනවා. නමුත්, උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වුනු තැනැත්තා, සිතේ තර්කයන් විචාරයන් සන්හිඳිලා, අධ්‍යාත්මයේ පැහැදීමත්, සිතේ ඒකාග්‍රතාවයත්, ඇති විතර්ක, විචාර නැති සමාධියෙන් ඇති වුණු ප්‍රීතිය සහ සුවය සහිත දෙවන ධ්‍යානයට එළඹෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වූ තැනැත්තා, ප්‍රීතිය ඉක්මවූ උපේක්ෂාව ට පත් වෙලා, සිහි ඇති, උසස් නුවණක් ඇති තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා. මෙසේ වුනත්, උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වු තැනැත්තා, සතුටත්, දුකත් දෙකම නැත් කරලා, අපේක්ෂාවත් සිහියත් පිරිසිදුව ඇති සතර වන ධ්‍යානයට පැමිණෙනවා. එහෙත් උතුම් ශ්‍රාවකයා මේ පමණකිනුත්බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වූ තැනැත්තා මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ පසු, පෙර භවයන් ගැන සිහි කරනවා. එහෙම පෙර භවයන් වල තමන් මේ නමින්, මේ තැන් වල, මේ ආහාර ගනිමින්, මේ තරම් කල් ජීවත් වුනා යැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.
මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ මහණ වූ තැනැත්තා, අනෙක් සත්වයන්ගේ ඉදිරි භවයන් ගැන සිහි කරනවා. එහෙම මේ මේ සත්ත්වයින් කර්මය සහ අනික් නියාමයන් අනුව මේ නමින්, මේ තැන් වල, උපදිනවායැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.
ඉන්පසු මේ තැනැත්තා, දුක, දුකට හේතුව, දුක නැති කළ හැකි බව, දුක නැති කිරීමේ මාර්ගය, යන දේවල් මනාව අවබෝධ කරගන්නවා. භවආස්‍රව ( සංසාරය පුරාවටම සිතේ පැලපදියම් වෙමින් පැසවමින් තිබෙන දේවල් (අයිලාස් ට ස්තූතියි)), ආස්‍රවයටහේතුව, ආස්‍රව නැති කළ හැකි බව, ආස්‍රව නැති කිරීමේ මාර්ගය හොඳින් අවබෝධ කරගන්නවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකිනුත් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.
මෙසේ දියුණු සිතක් ඇති තැනැත්තා ආස්‍රවයෙන් මිදෙනවා. එසේ මිදුණු බවත් අවබෝධ වෙනවා. ඉන්පසු තවත් අර්හත් මාර්ගයේ කළ යුත්තක් නැති බව දැනගන්නවා. මේ තත්ත්වයේදී උතුම් ශ්‍රාවකයා බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියා මනාව අවබෝධ කරගන්නවා. මෙයින් තමයි ඇතෙකුගේ පිය සටහනේ උපමාව අවසන් වන්නේ.
ඩ්‍රැකියා මේ සුත්‍රය අධ්‍යයනය කළේ මේ පෝස්ටුව ලියන ගමන්මයි. මේ සූත්‍රයෙන් බුදු සසුනේ මූලික පරමාර්ථය පැහැදිලි වෙනවා. බුදුන්ගේ ධර්මයේ මූලික පරමාර්ථය වන්නේ ලෝකෝත්තර විමුක්තිය ට එළඹීමයි. ඒ නිසා සසුනේ පැවිදි වෙන තැනැත්තෙක් සෘජුවම අරමුණු කරගත යුත්තේ අර්හත් භාවයයි කියලා මේ සූත්‍රයෙන් කියවෙනවා. මිහිඳු හාමුදුරුවො මේක දේශනා කරන්න කලින් දේවානම්පියතිස්ස රජුගේ අයිකිව් චෙක් කිරීම සාධාරණ බව පේනවා. මොකද, මේ සූත්‍රය මනාව අවබෝධ කරගන්න විවේකී මනසක් සහ තීක්ෂණ බවක් අවශ්‍ය බව පේන නිසා. ඒ වගේම, මේ රටේ තමන් නියෝජනය කරන ශාසනය පිහිටුවන්න ශක්තිමත් අත්තිවාරමක් සැපයෙන දේශනාවක් නිසා මේ සූත්‍රයම තොරාගන්න ඇති බවත් පැහැදිලියි.
මේ පෝස්ටුවෙන් ඩ්‍රැකියාගේ 2013 පොසොන් කළාපය අවසන් කිරිමට සිද්ධ විම ගැන කණගාටුයි. ආයෙත් ඊළඟ අවුරුද්දේ තවත් බණවාරයකින් හමුවෙන තුරු ඩ්‍රැකියා නවතිනවා.
පින්තූරය ණයට ගත්තේ : http://www.lakehouse.lk/budusarana/2008/06/18/z_p18-Mihindu.jpg
Wednesday, June 26, 2013
ඇත් පියසටහනේ උපමාව - ඩ්‍රැකියාගේ පොසොන් කළාපය - 2 කොටස
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
උපාසක වෙස් අත හැරල වෙන මුහුදු කොල්ලයක් හරි,සුවෙතගේ කෙබරයක් හරි ලියපන් බං මට ආගම් වල මගුල් අරහං.
ReplyDeleteසහන් මලය හැම වස්ත්‍රයටම (කොන්ඩ පටි හැර)කැමති එකා නිසා මේලයකින් හරි යවන්න ආගම ගැන ලිපි.
කෙන්ජිම කාපිය කිව්වලු. හෙහ් හෙහ් හෙහ්.
Deleteසහන් කොණ්ඩපටි වලටත් කැමතියි මගෙ හිතේ. මීළඟට ආයෙ බණක් එනව ඇත්තෙ මීළඟ වෙසක් එකටනෙ. එතකල් අර දොස්තර හොඳ හිත එකේ චව් චව් කියනව වගේ, ‘ඉන්න ඩිංග ජීවත් වී - සැපෙන් ඉඳිමු අපි මල්ලී‘
මම කොන්ඩ පටි වලට අකමැත්තක් නැහැ අයියේ..හැබැයි මගේ වැලේ වනපු කොන්ඩ පටි ගැන විතරයි උනන්දු..හේ හෙහ් හෙහ් ....
Deleteසහන් මල්ලිය මමත් එහෙම තමා.
Deleteනමුත් අපේ ලපටි ඩ්‍රැකී කොල්ල මා ගැන හිතන් ඉන්නෙ ඇනොල මට කියන ජාතියෙ බුවෙක් කියල:).
@ කෙන්ජි
Deleteහනේ මේ ආතල් එකට කියන කතා මෙයා. සිරාවට ගන්න එපා.
අයියෝ ඩ්‍රැකිය එහෙම හිතන එකක් නෑ කෙන්ජි අයියා.
Deleteපුවක් කැඩිල්ලට නලීනුත් සාක්කි (උසාවියේ තදින් සිනා)
Deleteමොකක්ද ඩ්‍රැකී මේ පුවක් කැඩිල්ලේ කතාව, කෙටියෙන් හරි දමන්න.
Deleteඅපේ පැත්තෙ ‘පුවක් කඩනවා‘ කියන්නේ ඔය එක්තරා ඇනෝවෙක් කෙන්ජිට චෝදනා කරන අසම්මත කෙරුවාවට කියන අපර නමක්. දිග කතාවක් නෑ අයිලාස්.
Delete(හුදෙක් හාස්‍යය උදෙසා පමණයි. මඩගැසීමක් නොවේ)
අයිලාස් කොල්ල දන්නෙම නැතුව ඇති.කෙන්ජියල ඉස්කොලේ යන කාලෙ කොල්ලො ගහනවට කිව්වෙ "පුවක් කඩනව"කියල.
Deleteමචං මමත් ඉස්කෝලේ ගියේ උඹ ගිය කාලෙම උනත් ඔය වචනේ නම් දැනගෙන හිටියේ නැහැ.
Deleteඑහෙනම් ඉතිං ගමින් ගමට,පලාතෙන් පලාතට වචන වෙනස් ඇති.
Deleteවිචාරක තුමාගෙන් හරි හැලපෙ ලොකු මල්ලියගෙන් හරි කූල් එකේ අහල බලමු.
ඔය වගේ දේවල් උප සමාජ ගත භාෂා වෙනස්කම්. එක ප්‍රදේශයක කියන නම වෙනුවට වෙන ප්‍රදේශයක වෙන නමක් භාවිතා කරන එකම දේ පුවක් කැඩිල්ල නෙවෙයි කෙන්ජි. මල්වර වීම, සංසර්ගය, වගේ සෘජුව වහරන්නට අකමැති සංකල්ප වලට අපර නාම යොදාගැනීම භාෂණයේ ලක්ෂණයක්.
Deleteමේවායින් ඉගෙන ගන්න දේවල්නම් බොහොමයි...
ReplyDeleteබුද්ධිමත් යයි සිතා සිටින බොහෝ දෙනෙක් මේ වගේ දේවල් වලින් යමක් තේරුම් ගන්නේ නැතිව, තමන්ගේ පුහු මත ඉස්මතු කරන්න වාද කිරීම හෝ ධර්මයට නිග්‍රහ කිරීම කරණ මෙවන් යුගයක, ඔබගේ දැක්ම ගැන සතුටුයි චමි.
Deleteස්තූතියි චමී.
Deleteඅයිලාස් මල්ලිය මටද ඒ ටික කිව්වෙ.
Deleteකිසි කෙනෙක් පුද්ගලිකව ඉලක්ක කර නෙවේ කිවේ කෙන්ජි. නමුත් බොහෝ දෙනෙක් මේ වගේ.
Deleteමම මෙහෙම කියන ඒවාට බොලා ල තරහ ගන්නව නෙමෙයි.
Deleteමගෙ දැරුවෝ දෙන්නගෙ දවසෙ වැඩවලින් නිදහසක් ලැබුන ගමන් බොලා ල එක්ක අකුරු කොටන්නෙ මගේම සනුහරේ එවුන් ගානට දාලයි.
@kenji
Deleteකෙන්ජි, ඔබ මගේ අඩවියට ගොඩ වැදිලා නැති උනාට, අනිකුත් අඩවි තුලින් මම ඔබ අඳුනාගෙන ඉන්නේ, ඔබ කියන බොහෝ දේවල් ද්වේශ සහගතව නොවන බවත්, ආතල් එකක් වෙනුවෙන් බවත් හොඳාකාරව තේරුම් අරගෙන ඉන්නේ. :D
ඔබ බ්ලොග් කරුවන් දිරිමත් කරන්නට කරනා මෙහෙය අප සියලු දෙනාම දන්නවා කෙන්ජි අයියා.
Deleteතොපි දෙන්න කියපු වචන වලට දෙනතට ආපු කදුළු,හම්පඩ සරොම් කොටෙන් පිහ දාගත්ත.:(.
Deleteඔහොම කියන්න එපා අය්යා, මටත් ඇඩෙනවා.
Deleteබුහෑ....ව් බුහෑ බුහෑ ව්..... (ඩ්‍රැකියත් මේ සෙට්එකට එකතු වෙලා බිම පෙරළි පෙරළී අඬන ශබ්දය)
Deleteමේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක් නිකන් ඉඳීම නොවටී draki ...ඒ නිසා ඉඩක් ඇති විටක ඉඳලා හිටලා ආගමික ලිපි ලියන්න..අද වෙලා තියෙන්නේ හරි හමන් අවබෝධයක් නැති කමනේ ධර්මය ගැන...ඒ නිසා ලියන්න draki , එක්තරා කාලයකට පමණක් සීමා කරගන්න එපා..
ReplyDeleteපාඨකයන් විවිධාකරයිනේ සහන්. ඒ නිසා ඔයත් කරනව වගේ විවිධ ලිපි මිශ්‍රනයක් තමා ඉදිරිපත් කළ යුත්තේ.
Deleteවටින ලිපියක්. මහාහත්ථිපදෝපම සූත්‍රයත් මීට ටිකක් සමාන යි. මේ සූත්‍ර එන්නේ ඔපම්ම වග්ගයේ කියන එකත් මතක් කරන්නම්.
ReplyDeleteස්තූතියි දිලිනි එකතු කිරීමට.
Deleteමේ සුත්‍රයේ තමයි තෙරුවන් ගැන පැහැදිලි අවබෝධයක් ඇතිකර ගත යුත්තේ කෙසේද? ඒ අවබෝධය තුලින් අචල ශ්‍රද්ධාව ඇතිවෙන ආකාරය ඉතා ප්‍රනීත ආකාරයට පැහැදිලි කරලා දෙන්නේ. මේ හේතුව නිසාම තමයි මිහිඳු මහා රහතන් වහන්සේ මේ සුත්‍රය පළමුවෙන් දේශනා කලේ.
ReplyDelete//.... ඩ්‍රැකියා උපාසක වෙස් අතහරිනවා.//
ඩ්‍රැකි උපාසක කියන්නේ කවරෙක් ද යන වග මගේ පොස්ට් එකකින් පැහැදිලි කරලා තිබුනා ඔබට මතකද? උපාසක යනු තෙරුවන් සරණ ගිය කෙනයි, ඉතින් ඔබගේ තෙරුවන් සරණ අතහරිනවාද? මෙවැනි ප්‍රකාශ විනොදයටවත් කරන්න එපා. (මේ අවවාදය මහත් කරුණාවෙන් මිසක් වාදයක් පිණිස නොවන බව සලකන්න.)
ස්තූතියි අයිලාස්, විග්‍රහයට. මම මේ සුත්‍රය අධ්‍යයනය කරමින් මේ පෝස්ටුව ලිව්වේ. ඒ නිසා අනිවාර්යයෙන් මට මඟහැරුණු තැනුත් තියෙනවා. ඒ ගැනත් ඉඩ පහසු හැටියට පුළුවන්නම් ඌපූරණ එකතු කරන්න, මේක සම්පූර්ණ වෙනවා.
Deleteනිවැරදි කිරිමට ගොඩක් ස්තූතියි. මම ඒ තැන නිවැරදි කළා. (වාදයක් ඇති වෙන්න ගියේ ගොඩක්ම නොදැනුම නිසා, අයිලාස් ගෙ පෝස්ට් දිගට කියවද්දි දැනුවත් වුනා)
ආශ්‍රව කියන්නේ ඇලීම් කියන එක නේද? අර කෑදර එහෙම නැත්නම් ලොල් ගතිය... :D
ReplyDeleteඒ වචනෙ තේරුම මම හරියටම දන්නෙ නෑ මොරබ්බා. ස්තූතියි!
Deleteආශ්‍රව කියන්නේ බොහෝ කාලයක් (මේ සංසාරය පුරාවටම) සිතේ පැලපදියම් වෙමින් පැසවමින් තිබෙන දේවල් වලට. දිට්ඨි ආශ්‍රව, භාව ආශ්‍රව ආදී ලෙස.
Deleteආයුර්වේදයේ ආශ්‍රව ගැන ඔබ අසා ඇති නේද? එතනදිත් ආශ්‍රව කියන්නේ බොහෝ කායලක් පැසවිමකට ලක්කළ නිසා.
භව ආශ්‍රව ලෙස නිවැරදි විය යුතුයි.
Deleteඅයිලාස් ගේ එකතු කිරීමට ගොඩක් ස්තූතියි. ඒ අනුව පෝස්ටුව මම එඩිට් කළා.
Delete>> 3. අයහපත් හැසිරීමෙන් යුක්ත වෙනවා, <<
ReplyDeleteමෙතන හදහන්..
හුටා, මං එහෙම ලියලද?
Deleteඕං හැදුවා.
මචං, බුද්ධ දර්ශනය අනෙක් ආගම හා සසඳමින් සියලු ආගම ප්‍රතික්ෂේප කරන්නන්ද? බුද්ධ දර්ශනය අනෙක් ආගම මෙන් අදහන්නට සිතන , ආගම ඇදහීමෙන් සිතූ පැතු සියලු යස ඉසුරු හා ධනය ලබාගත හැකිය සිතන්නන්ගෙන්ද ඔබට කරදරයක් නොවේවා.
ReplyDeleteස්තූතියි ඉවෝන්,
Deleteඔන්න ඔය කියන අය තමා බුද්ධාගමේ අයිතිකාරයො විදිහට සමාජයේ පෙනෙන්න ඉන්නෙ. ඒ අය නිසා හාමුදුරුවරුත් නරක් වෙන බවක් තමා පේන්නෙ.
පොඩි ඌන පුරණයක් කරන්නම් ඩ්‍රැකී,
Deleteඔබ කියූ දෙය නිවැරදියි දෙවැනි කොටස සම්බන්ධයෙන්. මුල් කොටසට අයත් අය නිසා තමයි සුපේශල ශික්ෂාකාමී බික්ෂුන් වහන්සේලාද ගර්හාවට ලක්වන්නේ. මට හිතෙන්නේ ඒ අයට සුපේශල ශික්ෂාකාමී බික්ෂුන් වහන්සේලා මුණගැහිලා නැහැ. බික්ෂුන් කිව ගමන් මතක් වෙන්නේ BBS කොටස ඉතින් නිමක් නැතිව බනිනවා පොදුවේම සාංඝික කරලාම.
ඔබ හරි අයිලාස්, පොදුවේ සාංඝික කරලා බණින එක තමයි බුද්ධ ශාසනයට වඩාත්ම අයහපතක් කරන්නේ. සංඝයා වහන්සේගේ වූනත්, ගිහියන්ගේ වුනත් අවිචාරය අහිතකරයි.
Deleteඉසව් රැසක් ගැන විහිදුනු දැනුමැති ඹබ ගැන ආඩම්බරයි. ආගමික කියා නොලියා ඉන්න එපා. මේ ලිපිය ඉතාම වැදගත්. ඉඩ ඇති හැටියට හැම පාඨකයාටම හරියන දේවල් අතර මේ දේවලුත් ලියන්න. ඔබ ගේ හැම ලිපියකම මා දුටු සුවිශේෂත්වය තමයි එයට ඔබ පිවිසෙන ආකාරයි. ඉන්පසු ගලාගන යවන ආකාරයි. හරිම සුන්දරයි රසවත්.
ReplyDeleteලිවීමේ කලාව ගැන මාධ්‍යවේදියෙකුගේ ඇගයීම මට ගොඩක් වටිනවා නලීන්. ස්තූතියි.
Deleteදහසක් වදන් අතර මේ වදන් කීපය වෙනස් විය යුතුයි
Deleteකළාපය > කලාපය
කැළෑවක් > කැලෑවක් (මෙය විවාදිතය)
අතුළ්ලපු > අතුල්ලපු
කෙළස් > කෙලස්
කේලම් > කේළම්
කණට > කනට
විළවුන් > විලවුන්
මිළ > මිල
ස්පර්ෂ > ස්පර්ශ
අකුළද්දී > අකුලද්දී
නොසැළෙන > නොසැලෙන
මේ කිසිම අවතක්සේරුවක් සේ නොසිතන්න.
කේලාම් නෙවෙයිද හරි වචනේ?
Delete@ නලීන්
Deleteස්තූතියි නිවැරදි කිරීමට
@ ඉවෝන්
මාත් අහල, දැකල නං තියෙන්නෙ එහෙම තමා. එක එක තැන් වල එක එක විදියට තියෙද්දි හරි දේ හොයාගන්න අමාරුයි. ඒක අපි නලීන්ටම භාර දෙමු.
අනඳපිය කුඩාතිහි සූරින්ගේ නණලළ වහර පොතේ පෙන්වා දෙන්නේ කේලාම් ලෙසයි.
Deleteස්තූතියි නලීන්
Deleteදුහුනන් දැනුම් සදහා
ReplyDeleteකොරනෙමි සදත් සඟරා (හී හී හී....)
Deleteමමත් කියවල ධර්ම කතාවක් දැනගත්ත.... තව රසවත් එකක් දාහන් බලන්න.
ReplyDeleteප්‍රතිචාර වල හැටියට මේ වැඩේ දිගටම කරන්න වෙන බව පේනවා, මගියා.
Delete