Monday, April 22, 2019

රුහිරෙන් පුදමි - 2 කොටස




තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.

තරුණිය දිගු හුස්මක් හෙළා ඔහුට තුරුළු වූවා ය. ඔහු  සිහින් තරුණයෙක් විය. කළුවන් කෙස් හා සිහින් නාසය ඔහුගේ ගිළුණු කම්මුල් වලට අමුතු පෙනුමක් ගෙන දුන්න ද, කැපී පෙණුනු සුදුමැළි බව තරම් කිසිවක් අමුතු නොවීය.

“ඔයා තව තප්පරයක් පරක්කු උනා නම්..........“ ඈ කොඳුළා ය. තරුණයා තම වමතින් ඈ තමා වෙත තද කර ගති.

ඇයි?....... ඔයා බය වුනාද?“ ඔහුගේ දිගු සුදුමැලි ඇඟිලි ඇගේ නිකට තුඩ ස්පර්ෂ කළේය. යුවතිය හිස ඔසවා, අඩවන් දෑසින් ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ වූයේ සුරතල් දොස්පවරනසුළු බැල්මකි.

අඩවන් ව තිබූ ඇගේ දෑස් වලට ඉහළින් සිපගත් තරුණයා, සෙමෙන් තම දෑතම ඇගේ සිරුර වටා යවා, ඈ තමන් වෙත තවත් තෙරපා ගති. “ශාම්“ යි කොඳුරමින් තරුණිය ඔහුට තුරුළු වූවාය. ඔහුගේ උණුසුම් සුසුම් තම මුහුණ මත වැටෙද්දී, ඈ දෑස් පියාගත්තා ය.

ඇගේ දෑත් ඔහුගේ ගෙළ වටා එතුනේ නිරායාසයෙනි. ඈ ඇඳ සිටි ජර්සියට යටින් ඇගේ ස්ත‍්‍රී උණුසුම ශාම් වෙත තෙරපී ගියේ ය. ඔහු තම සුරතේ ඇඟිලි තුඩු වලින් ඇගේ දෙකොපුල් මෘදුව පිරිමැද්දේ ය. ඉතා සියුම් කිළිපොලායාමක් ඇගේ මුහුණේ සම තුළින් දිව ගියේ ය. තරුණියගේ දෙතොල් සෙමෙන් විවර විය.

නෙල්කා.......“ සෙමෙන් කොඳුරමින් ශාම් ඇගේ මුහුණට සෙමෙන් පහත් විය.

ම්ම්ම්.......“

ඔහුගේ ඇස් වල වූ අමුතු කාන්තිය තරුණියගේ පියවුණු දෑසට නොපෙණුනි. ඔහුගේ දෙතොල් ඇගේ සැළෙන තෙත් දෙතොල් මත සෙමෙන් පතිත වී මෘදුව තෙරපී ගියේ ය.

------------------------------------------------------------------------ 

මළාණික හිරු රැස් රැස්ව සිටි කුඩා පිරිස මත වැටී තිබිණ. හාත්පස පැතිර තිබුණේ ගුප්ත නිසලතාවකි. මඳ අඳුර ශෝකී බවක් පරිසරයට එක් කළේ ය. පොද වැස්ස හඬක් නොනගා තණපත් මත සෙමෙන් පතිත විය. මඳ සුළඟක් පවා හැමුවේ නැත. පැවති නිහැඬියාවට බාධා කිරීමට කිසිවක් එඩිතර නොවීය.

කොකෝගස් දෙකක සෙවණ යට කුඩා පිරිස රැස්ව සිටියහ. දැරියන්, කන්‍යාසොයුරියන්....... ඔවුන් මැද වූ දිගැති නැවුම් පස් කන්ද මත ඉටිපන්දම් කිහිපයක් දැල්වෙමින් තිබිණ. සිහින් ඉකිබිඳුම් හා තද කරගත් සුසුම්....... එකිනෙකා සෙමෙන් කුරුසිය ලකුණු කළහ, හිස....... බර වූ හදවත....... සහ ඉකියෙන් ගැහෙන දෙඋරහිස් හරහා.

සෙමෙන් එකිනෙකා ආපසු ඒමට හැරුණහ. අවසන් වරටද තම හිතවතියගේ විවේකස්ථානය දෙස බැලූ ඔවුහු ආපසු පියනගන්නට වූහ.

අවසන එතැන ඉතිරි වූයේ දෙදෙනෙක් පමණි. මළාණිකව ගිය තරුණයන්....... ඔවුනතරින් වඩා දුබල සේ පෙනුණු තැනැත්තා සෙමෙන් සෙමෙන් කොකෝගස් දෙක යටට ආයේය. දණින් වැටිණ ඔහු එතැන....... කුඩා පස් කන්ද මතට නැඹුරු වූ ඔහුගේ උරහිස් වෙව්ලීය. ඔහුගේ දෑතේ ඇඟිලි ඔහුගේ ම හිසකෙස් අතරින් රිංගා ගියේ ය.

හමා ආ මඳ සුළඟට හසුව කොකෝ ගස් වල අතු, පත්, දළු සෙමෙන් සැළිණ. පස් කන්ද මත වූ ඉටි පන්දම් වල දැල්ල, හුදෙකළා තරුණයාගේ හිසකෙස්, සුළඟට හසුව සැළෙන්නට විය.

කොකෝ ගස් යට වූ මඳ අඳුර සෙමෙන් සෙමෙන් තරුණයා ගිළගති. කුඩා පස්කන්ද මත වූ ඉටිපන්දම් වල දැල්ල දීප්තිමත් අඳුර තුළ දිස් වූ අතර, ඒ අසළ වූ වෙව්ලන අඳුරු ඡායාවක් පමණක් බවට ඔහු පත් විය. අනෙකා ඔහු වෙත පියනගා ආයේ ය. ඔහු ගේ පියවර තණපත් මත තැබෙන හඬ ශෝකාතුරයාට බාධාවක් වූයේ නැත.

අකිල.......“

තරුණයාට එය ඇසුණ වගක් නොපෙනින.

ඔහු අකිල ගේ ගැහෙන දෙවුර මත අත් තැබීය. අකිල සෙමෙන් නැගී සිටියේ ය. තවතවත් බිමට නැඹුරු වූ හිස....... අවුල් වූ හිසකෙස්....... දෙතුන් දිනක් පැරණි රැවුළු....... ගිළී ගිය දෑසින් ගළා ගිය කඳුළු බිඳු ඔහුගේ දෙකොපුල් මත රැඳී තිබිණ.

දෙදෙනා සෙමෙන් ආපසු එන්නට වූහ. ගේට්ටුවෙන් ඔබ්බට....... දෙපස හෙවුණු උස ගස් වලින් අඳුරු වූ පාළු පටු පාර දිගේ.......

---------------------------------------------------------------------

දින කීපයකට පසුව, හිරු ප‍්‍රචණ්ඩව බැබළෙමින් තිබිණ. කැකෑරෙන අව්ව යට, තාර පාර උණු වන්නට මෙන් රත්ව, තබන අඩියක් පාසා සෙරෙප්පු අඩියට ඇළවෙයි.

අපිළිවෙලට ඇඳගත් අවුල් වූ කෙසින් යුතු තරුණයෙක් වේගවත් ගමනින් තාර පාර දිගේ ඉදිරියට යමින් සිටියේ ය. නළල දිගේ ගළා එන උණු දහදිය බිඳු ඔහුගේ ඇසිපිය මතට වැටී දෑස් දවයි. අව්වෙන් පිච්චෙන දෙකොපුල්....... නළල දෙපස වූ නහර උණු වූ ලෙයින් පිරී ගැහෙයි.

අකිල දිගටම ඇවිද ගියේ ය. ගිණියම් හිරු යට....... අවසන, පාර අද්දර වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට අව්ව යට ඔහු නැවතිණ. හිස එසවූ ඔහු, සුරතින් ඇස් මුවා කරගනිමින් එහි නාම පුවරුව දෙස හොඳින් බැලීය.

පැද්දෙන කෙටි දොරවල් විවර කරගනිමින් ඇතුල් වූ අකිල හාත්පස වූ මේස මතින් සිසාරා යන බැල්මක් හෙළීය. ඒ බැල්මට, කෙළින්ම ඈත මේසයක වාඩි වී, දොර දෙස යොමු වූ බැල්මෙන් සිටි, හුදෙකළා මිනිසෙකු  හසු විය. ඔහු කෙළින්ම ඒ වෙත ගියේ ය.

අකිල !“ අඩක් හිස් වූ බියර් බෝතලයක් ළඟ වාඩි වී සිටි මිනිසා විස්මයාර්ථ රාවයක් නැංවීය.

ඉඳගනින්,“

විකුම්, මම උඹේ රූම් එකට ගියා. එතනින් කිව්ව උඹ මෙහෙ ආව කියලා.“ අකිල පුටුවක් ඇද වාඩිවෙමින් කීය.

ඉතින්....... තව බියර් එකක් ගෙන්නන්නද?“

“.............“

ඉතින්....... එහෙනං කතාකරමු....... මට කියපං මොකද මේ හදිස්සියෙ උඹ මාව හොයාගෙන ආවෙ කියලා.......“

තවත් බෝතලයක් සහ වීදුරුවක් ගෙන්වාගත් විකුම්, තම මිතුරා වෙනුවෙන් එය පිරවීය.

උඹට ආරංචි ඇති ළඟදි වෙච්ච සිද්ධිය.“ අකිල තෙපළේය. විකුම් දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ ය.

අකිල බියර් වීදුරුව එක්වනම අතට ගෙන උගුරු කීපයක් බීවේය, වේගයෙන්....... තිත්ත රස අතරින් උගුර අභ්‍යන්තරයට දැනෙන්නට වූ උණුසුමින් ඔහු තරමක් පිබිදුනි.

විකුම් සිගරැට්ටුවක් ගෙන දල්වා ගති.

අකිල ඉවත බලා ගත්තේ ය.

“ඉතිං....... ඒක ස්වාභාවික මරණයක් නෙමෙයි.......“ ඔහු දිගු වේලාවකට පසු කටහඬ අවදි කළේ ය.

විකුම් වීදුරු දෙක නැවත පිරවීය, නිහඬවම.......

“මට හොයාගන්ඩ  ඕනෙ.......“ අකිල කතා කරන්නට විය. “මගෙ ....... මගෙ අහිංසක කෙල්ලව මරල දාපු එකා.......“ ඔහුගේ කටහඬ එතැනදී බිඳිණ.

වීදුරුව වෙත ඔහු අත දිගු කළේ ය. තදින් එය ග‍්‍රහණය කළ ඔහු.......

වචන ප‍්‍රමාණවත් නොවන....... වචන අවශ්‍ය නොවන මිනිත්තු කීපයක් ගත වී ගියේ ය. ඒ කාලය තුළ බියර් බෝතලය සෙමෙන් සෙමෙන් හිස් විය.

බිත්තියේ අඳුරු කොණක වූ බිත්ති ඔරළෝසුවේ ටික්....... ටික් හඬ සෙමෙන් නැඟී ආවේ ය. අඳුරට හුරු මඳ එළියක් හාත්පස පැතිර තිබිණ.

හරි....... අපි හොයාගම්මු.“ විකුම් නැඟිටිමින්, සිය දකුණත මේසය හරහා දිගු කළේ ය. එය ග‍්‍රහණය කළ අකිලට සිය මිතුරාගේ ගෝරෝසු හමට යටින් වූ උණුසුම දැණින. ඔහු තම ග‍්‍රහණය තවත් දැඩි කළේය.

41 comments:

  1. කෙල්ලට මොකද වුණේ ඩ්‍රැකි

    ReplyDelete
  2. ටික කාලයක් ඉවසන්න, දිගටම කියවන්න. කොටස් වැඩි ගාණක් නෑ මයෙ හිතේ. ආවට ඉස්තූතියි.

    ReplyDelete
  3. ඩැකී කෙල්ලව මරලා.......

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. මං හරි අහිංසකයි.

      Delete
  4. ලියමු ලියමු. ගොඩාක් කාලෙකින් පෝස්ටුවක් දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙකින් තමා දිලිනි. ප්‍රශ්න ගොඩයි. පෝස්ටුවක්ම දාන්න තරම් ලොකු වෙනසක් මගෙ වෙබ් ජීවිතේ වුනා. තවම ස්ථාවරයක් නෑ.
      ස්තූතියි මේ පැත්ත අත නොහැර දිගටම එනවට.

      Delete
  5. Replies
    1. ටැංකුයි ටැංකුයි. දිගටම එන්ඩෝ....

      Delete
  6. මේකා ඒ කෙල්ලගේත් ලේ බිලා...

    ReplyDelete
    Replies
    1. හෆූ... මං නෑනෙ කෙල්ලොංගෙ ලේ බොන්නෙ.

      Delete
    2. ඩ්‍රැකී මොකද මේ පින්තුරේ මාරුවෙලා, ඩ්‍රැකී සයුරිගේ ෆොටෝ එක දාගෙන, සහන් ඩ්‍රැකී ගේ ෆොටෝ එක දාගෙන, මට නිකං පිස්සු වගේ අප්පා......:(

      Delete
    3. මටත් පිස්සු වගේ හෆ්ෆා. අයිලාස් අයියගෙ බ්‍රෑන්ඩ් එක මාරු වෙලා වගේ. මට නං මොකවත් වෙනසක් පේන්න නෑ.

      Delete
    4. ඇත්තමයි කොල්ලෝ, මම මුකුත් පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ වෙලේ හැම එකාගෙම ෆොටෝ මාරු වෙලා තිබුනේ දැන් හරි...

      Delete
    5. මාත් අමද්‍යප සභාවෙ තමා. අපි ඉතිං එක පාට කුරුල්ලොනෙ. ජෝක්ස් එකක් කොළේ.

      Delete
    6. ඔය ප්‍රොෆයිල් ෆොටෝ මාරු වෙන එක, මාත් එක වතාවක් දැක්කා. ඒ ටික කාලෙකට කලින්.

      Delete
    7. එහෙම වෙන්නේ කොහොමද චන්දන...

      Delete
    8. හැබෑට, එහෙම වෙන්නෙ ඇයි? (අයි ඩෝන්ට් නෝ වයි)

      Delete
    9. \\\ඩ්‍රැකී මොකද මේ පින්තුරේ මාරුවෙලා, ඩ්‍රැකී සයුරිගේ ෆොටෝ එක දාගෙන, සහන් ඩ්‍රැකී ගේ ෆොටෝ එක දාගෙන, මට නිකං පිස්සු වගේ අප්පා......:( \\\\

      හෑ ...?

      Delete
    10. ඕං බලමුකො මේ පැත්ත එන කෂ්ඨියට වෙන දේවල්...

      Delete
  7. අඩෝ උඹ කෙල්ලව මරුවා නේද? මොකද බං උඹට වුනේ? ජීවිත තර්ජන නිසා රට හැර ගිය මාධ්‍යවේදියෙක් වෙලා කියලා මම හිතුවේ.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං හැම එකෙක්ම මේ කෙල්ල ගැන අහන්නෙ? මුහුදෙ ඉන්නෙ එක කෙල්ලෙක් විතරයිද?

      මං ඔෆිස්එක මාරු කොළානෙ. ඉතිං නොමිලෙ ලැබුණු ඉන්ටනෙට් පහසුකම නෑ. දැං ෆෝන්එකෙන් ඉන්ටනෙට් ශෙයා කොරං එන්නෙ. ගෙදර කිසිම නෙට්වර්ක් එකක 3ජී හරියට නෑ.

      ගෙදර ඉඳං ඉන්ටනෙට් යද්දි නං ජීවිත තර්ජන එල්ල වෙනවා තමා මිසිස් ඩ්‍රැකියගෙන්.

      Delete
    2. මම හිතුවේ තර්ජන ටියෙන්නේ මට විතරයි කියලා

      Delete
  8. පුංචි පුංචි කොටස් දැමීම වටිනවා draki.. එකින් එක කියවන් යන්න ලේසි එතකොට.. ඊළඟ කොටසෙන් මතු වෙන්නම් එහෙනම් ...

    ReplyDelete
    Replies
    1. කොටස් වලට කඩද්දි, කුතුහලය උපරිම තැනින් කඩන්න වෙනවා, ඒකයි පුංචි කොටස් වෙන්නෙ සහන්. ස්තූතියි කාලය කැප කරමින් මේක කියවන්න එන එකට.

      Delete
  9. මොකක්දෝයි මේ.

    කොහොමද මේ පෝස්ට් එකට අතීතෙ ඉඳල ආපු උං ටිකක් කොමෙන්ට් දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඕයි මාත් බැලුවේ...

      Delete
    2. ඒක තමයි මෙතන සැඟවී ඇති නියම ගැටලුව...

      Delete
  10. ප්‍රබන්ධය රසවත් මෙවැනි කථා කන්‍යාරාමවල සුලබයි.
    විචාරක දියණිය

    ReplyDelete
  11. හොල්මං පෝස්ට් එකක් වගේ මේක ...

    ReplyDelete
    Replies
    1. ඔව්. පරණ පෝස්ට්වල ලිංක් හදද්දි මේක උඩට ඇවිත්. හරිගස්සන්න ට්‍රයි කළා, හරිගියේ නෑ. ඇත්තටම අලුත් පෝස්ට් එක තමයි මේකට කලින් එක...

      Delete
  12. Replies
    1. වරදක් නෑ. නැත්තෙත් නෑ. දැන් නිකං කම්මලේ බල්ල වගේ වෙලා තියෙන්නෙ...

      Delete
  13. අන්න නියමයි. කියවන්න පුළුවන් දෙයක් ලියවෙනවා. බලාගෙන ඉන්නවා ඊළඟ කොටස වෙනකල්.
    කමෙන්ට් නොකලොත් ගණන් ගන්න එපා. මම ෆෝන් එකෙන් හරි කියවනවා. සිංග්‍රීසියෙන් කමෙන්ට් කරන්න අමාරු නිසා කමෙන්ට් නොවැටෙයි එහෙම උනෝත්.

    ReplyDelete
    Replies
    1. හොඳයි. මයෙ හිතේ අර කලින් පෝස්ටුවට වෙන්නැති මේ කමෙන්ට් එක...

      මොන භාෂාවකින් හරි කමෙන්ට් කරලා හිතේ තියෙන අදහස කියනවනං මීළඟ කොටස් මෙයිටත් වඩා පෝසත් වෙයි...

      Delete
  14. කෝ මේ කතාවේ පළවෙනි කොටස. හොයාගන්න බැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මුදුනෙ ලිංක් එක වැඩ කරන්නැද්ද?

      Delete
    2. ලිංක් එකක් දාල නෑනෙ. ඒක මං හදන්නං. එතකල් මෙතනින් පටං ගන්න...

      https://drackey.blogspot.com/2013/06/blog-post_28.html

      Delete
  15. මේ පරන එකක්ද නැත්නම් උබ අලුතින් ලිව්වද

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි