සිරාගෙ කාමරෙන් ඇන්ටික් පත්තර කෑලි, ඇඩ් වගේ දේවල් කීප වතාවක්ම එළි දැක්වෙද්දි, ඩ්‍රැකියවත් කහන්න පටන් ගත්තා, පොඩි කාලෙදි කියවපු, (ඒකාලෙත් මෙව්වා ඇන්ටික් තමා) රසවිඳපු මේ වගේ කෑලි ටිකක් බ්ලොග් එකෙන් එළියට දාන්න ඕනෙයි කියලා.
ඒ කාලෙ සඟරා, පත්තර වල තිබ්බ අකුරු ඉෆෙක්ට්, චිත්‍ර එහෙම පත්තර කන්තෝරුවෙ වැඩ කරපු අය විසින් ම අතින් ඇඳපු දේවල්. මේ ආටිකල් එකේ මාතෘකාව දාලා තියෙන්නෙත් ඒ වගේ ඉතා දක්ෂ විදිහට කරපු භාව ප්‍රකාශන කාටූන් එකකින්. ඇත්තටම හිතෙනවා, අද අපි බොහොම ලේසියෙන් කරන දේවල් එක්ක, අපේ කලින් පරම්පරාවෙ අය මොන තරම් අමාරුවෙන්, මොන තරම් තමන්ගෙ දක්ෂතාවයන් තියුණු කරගෙන කටයුතු කරලා තියෙනවද කියලා.
niyamaaayi :D
ReplyDeleteටැංකිව් :-ඩී
Deleteඅගේ ඇති කයි කතන්දරේ,, කිව්වත් වාගේ අද කියල වෙනසක් නෑ. හැබැයි අද කියවෙන්නේ කවි නෙවෙයි. :)
ReplyDeleteටැංකිව් ටැංකිව්... මං දැක්කා චන්දනත් ලංකා සඟරාවෙ කොටස් දාලා තිබ්බා කාලෙකට කලින්.
Deleteඅද කියවෙන්නෙ කවි නෙමේ... %$#@&*&^%$#*&
මෙන්න මේ චන්දන තමයි පරණ පත්තර ලෙඩේ මටත් බෝ කලේ....
Deleteසිරා තමයි මට ඒක බෝ කොළේ...
Deleteඒ කාලෙත් දැන් වගේමයි නේද :D
ReplyDeleteඒකනෙ කියන්නෙ...
Deleteඒ කාලේ දේවල් මෙහෙම හරි රසවිඳින්න ලැබෙන එක ගැන සතුටුයි ඇත්තටම..
ReplyDeleteඉෂ්ටූටියි ඉෂ්ටූටියි
Deleteඅඩේ බස් කියන්නේ හැමදාම එකම සෙතේ නෙව. සිරා විතරක් නෙමෙයි බං චන්දනත් ගෙනාවා පරණ පත්තර කෑලි..
ReplyDeleteඅන්ධ බින්දුව ලියපු මොරබ්බාත් ගෙනාවා පරණ පත්තර.....ඌ කෝ බන්
Delete@ දේශකයා
Deleteකොහොමද ඒකාලෙ ලදරං ලංගම බස් වල තාර පාරවල්වල යනකොට ආතල් එක?
මං ඒ කාලෙ කියෙව්වා චන්දන දාලා තිබ්බ ටික. පෝස්ටුව ලියද්දි අමතක වුණා.
@ අරූ
මං දැන්ම යනවා අන්ධ බිංදුව දිහාට. මයෙ හිතේ මට මග ඇරිලා.
කවි කතාව නියමෙට ගිහිල්ල තියෙනව.
ReplyDeleteටැංකිව් ප්‍රසා... තව තියෙනවා. වෙලාවක ආයි දාන්නං
Deleteඑදාත්,අදත් එකම සංසිධ්ධිය තමයි වෙලා තියෙන්නේ එහෙනම්.කිවාත් වගේ මරු කවි කතාව.
ReplyDeleteඒකනෙ මනෝජ්... මුල් ලේඛකයා මාර සිරා පොරක්...
Deleteහැබැයි දැන් නම් බස්වල කරන්නේ සයට යටින් ෆෝන් අල්ලලා වීඩියෝ කරන එක නොවැ. ඒ අතින් ඒ කාලේ බස් එකෙක් හිර වීමත් සාහිත්‍ය රසයක් වුනා . අද එක කාමුක රසයක් වෙලා ..කාලය මැව් වෙනසක අරුමේ.
ReplyDeleteඔව්, අපිට තාක්ෂණය එනකොට, ඒකෙන් ගන්න පුලුවන් එක එක වැඩ අපේ උන් ලෙසටම හොයාගන්නවා.
Deleteකවි ටික නම් නියමයි. :)
ReplyDeleteඉෂ්ටූටියි මදාරා...
Deleteබොහොම රසවත්, තවත් ඒවා තියනවනම් ලියන්න.
ReplyDeleteතව ටිකක් තියෙනවා, ළඟදිම දාන්නං.
Deleteඒ කාලෙ බස්වල ජැක් කාරයෝ ඉඳලා නෑ !
ReplyDelete+++++++++++++++++++
Delete+++++++++++++++
Deleteසරත්ගෙ හිනාව නං....
Deleteජැක්සන්ලත් ඉන්න ඇති, ඒ වුනාට මෙහෙම හිර වෙනකොට ඒ විදිහෙ දෙයක්වත් කොරගන්න බැරුව ඇති හරියට.
නියමයි අද වගේම තමයි නේද
ReplyDeleteඅද වගේ කොහෙද බොල...අද නාකි සීයලනෙ තරුණ කෙල්ලන්ට ජැක් ගහන්න ගිහිල්ලා කොල්ලන්ගෙන් බඩ කට පුරා කන්නෙ....
Delete@ අපූ
Deleteකවදත් අපේ බස් ඔය වගේ තමයි නේද?
@සිරා
මම දවසක් දැක්කා, වයස 40ක විතර පොරක්, ස්කූල් ටයිම් එකේ අපි ආව බස් එකේ ජැක් එකක් ගහන්න සෑහෙන්න ට්‍රයි කොළා. පස්සෙ අපි බැහැපු තැනින්ම බැහැලා, ආපහු යන බස් එකක එල්ලුනා. මයෙ හිතේ දවස ගානෙ පුරුද්දකට කරන පොරක් වෙන්න ඇති.
ශ්‍රී සඟරාව කියන්නේ ලොකු ඉතිහාසයක්. ඊට පෙර රසවාහිනි. ඔය සඟරා දෙකේම හොඳ එකතුවක් අපේ ඥාතියෙක් ගාව තිබුනා. ශ්‍රී සඟරාව වඩාත් ජනප්‍රිය වුනේ කාන්තා පක්ෂය තුල.
ReplyDelete1979 වෙනකොට ප්‍රයිවට් බස් තිබුනේ නැද්ද මන්දා. 70 මුල් කාලයේ නම් මෙහෙම තද බදයක් තිබුනේ නැහැ කියලා තමයි මතක. නියම කවි ටික.
ශ්‍රී සඟරාව කලෙත් කාන්තා සංස්කාරකවරියක්. කාන්තා පාර්ශවය තමා ප්‍රධාන වශයෙන් ඉළක්ක කරගන්න ඇත්තෙ. හොඳම විහිළුව හැටියට මම දැක්කෙ, එච්චර පරණ සඟරාවල ගිය නිළියන්ගෙ විස්තර. ඒ නිළියො මෑතක් වෙනතුරුම සිංහල සිනමාවෙ කෙල්ලගෙ පාට් එක කරන එක නෙව වැඩේ.
Delete79 වෙනකොට බස් ජනසතුව වෙලා සෑහෙන කාලෙයක් නේද? මං ඒ තරම් දන්නෙ නෑ ඔය කාලෙ ගැන. සහන්ගෙන් ඇහුවනං කියයි තාත්තගෙන් අහලා...
දැන්නම් ලංකාවේ බස් එකක යන්නත් ආසයි බන්
ReplyDeleteඅපිටත් ආසයි ටීවී වල පෙන්නන පිටරට බස් වල හිරවෙන්නෙ තෙරපෙන්නෙ නැතුව මිනිස්සු වගේ යන්න, මෙහෙ බස් වල මීහරක් මරන්න අරං යනව වගේ යන් නැතුව. අම්මප...!
Deleteඅපේ තාත්තගේ ශ්‍රී සඟරාවට ලියපු ලිපියක් තිබුණා. ගෙදර තිබුනොත් හොයලා දාන්නම්.
ReplyDeleteමාරයිනෙ සුදික, දාන්න වෙලාවක...
Deleteඇයි යකෝ ඒකාලේ CTB බස් විතරයි නේද තිබුනේ?
ReplyDeleteදැන් ප්‍රයිවට් ඒවාට අදටත් ගැලපෙනවා නොවැ.
හැබැයි දැන් ප්‍රයිවට් බස් මෙයිට වඩා දියුණුයි. කොටනවා, රුපියල වංචා කරනවා වගේ අලුත් තාක්ෂණික උපක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. කොට කොටා ඉද්දි අපි බෙල් එක ගහයි කියලා, සමහර බස්වල බෙල් එකත් ගළවලා තියෙන්නෙ.
Deleteෂග් සුපිරි කවිටික නේද.මමත් ඉස්සර ඉය ශ්‍රි සගරාව කියවලතියෙනව.ඔකෙ චිත්‍ර කතාවකුයි නවකතාවකුයි ගියා නේද.
ReplyDeleteසිරා චිත්‍රකතාවක් තියෙනවා මං ළඟ. වෙලාවක දාන්නං.
Deleteපෙම්වතා කියපු කවියට මට හිනා ගියේ.. :D
ReplyDeleteමටත්. ඒකෙ අන්තිම පදේ තමයි සිරාම...
Deleteපට්ට කවි සෙට් එක...මෙන්න මේ තාලෙ කවි වලට තමයි මම නම් ගොඩාක්ම කැමති...සරල වචන...ඕනෑම කෙනෙකුට අදහස එකවර තේරුම් ගන්න පුලුවන්....කිසිම බොග් කාරයෙක් මේ වගේ කයි ලියන්නෙ නෑ නොවැ...
ReplyDeleteසිරාවටම. මේ කවි නං හදන්න හරි ලේසියි වගේ පේන්නෙ. පරණ කවියක් හොයාගෙන, අපේ අදයස එන විදිහට වචන වෙනස් කරලානේ තියෙන්නෙ. ඒක නිසාම තමයි ඒකෙ උපහාසය සහ රසවත් බව වැඩි වෙන්නෙ. හරියට සින්දුවක වචන වෙනස් කරලා කියනවා වගේ...
Delete