Thursday, March 17, 2016

අවසානයක් නොවේ... 1 කොටස

https://s-media-cache-ak0.pinimg.com/736x/34/af/d9/34afd93436083ab8578493316f641a8b.jpg

හාත්පස පැතිරි මඳ අඳුර කෙමෙන් කෙමෙන් වර්ධනය වන්නට පටන් ගෙන තිබුණි. පටු මාවත දෙපස වැවුනු වල් පඳුරු වල මුල් අතර සිට මීදුම තෙත් බර බවින් පිරී යමින් පාර පුරා පැතිර යන්නට විය.

තරුණ කන්‍යා සොයුරිය ලේ මිදෙන තරම් සීතලෙන් බේරෙන්නට සිය දෑත් ළය මත බැඳගත්තාය. ඇගේ දෙපයට ඇය ගෙන යා හැකි උපරිම වේගයෙන් ඈ පටු පාර දිගේ පිය නඟා යමින්...

පොද වැස්ස පටන්ගත්තේ හිටිවනම ය. හාත්පස තෙත්බර කරමින් හමා ආ මඳ සුළඟ, දෙපස හෙවුණු ගස් අතු අතර කරකැවෙමින් සියුම් මූසල හැඬුම් රාවයක් නංවමින් තරුණිය තව තවත් බියපත් කරන්නට වැර ගන්නා සෙයක් පෙනුනි. සිරි සිරි පොදය කෙමෙන් කෙමෙන් උග්‍ර අතට හැරුණා මිස, දැන් දැන් නතර වෙතැයි ලකුණකුදු දක්නට නොවීය. වැස්සෙන් සහ සීතලෙන් ආවරණය පතා යා හැකි තැනක්, පටු පාරේ පෙනෙන තෙක් මානයක කන්‍යා සොයුරියට පෙනුනේ නැත.

පටු මාවත අයිනෙන් පටන් ගෙන, රූස්ස ගස් අතරින් වංගු ගැසෙමින් උඩහට දිවෙන අතුරු පාර අද්දරට ආ ඈ මොහොතකට නතර වූවාය. අක් මුල් නැති වැල් ගාලින් වැසුණු, අඩක් වියැකී ගිය පුවරුවක් එහි පසෙක විය. පැරණි වී ගිය නිල ලෝගුවේ සාක්කුවකින් ගත් කුඩා විදුලි පන්දම දල්වා ගත් ඈ, ඉන් නිකුත් වූ ආලෝක දහර දිරාගිය පුවරුවට එල්ල කළා ය.

කහ පැහැ ගැසී, ඉරි තැළී ගිය පැරණි සුදු තීන්ත තට්ටුව මත කළු තීන්තෙන් ‘‘ANDERSEN GRANGE’’ යන්න, කාලයකට කලින් ලියැවී තිබූ බවට සලකා ගත හැකි වූයේ යාන්තමිනි.

අවසන් වරට ද පාරේ දෙපස බැලූ කන්‍යා සොයුරිය අතුරු පාරට හැරුණා ය.

අඳුරින් වැසුණු අතුරු පාර කෙළවර වූයේ ඇයී විවර වූ, දිරාගිය යකඩ ගේට්ටුවකි. කාලයකින් මිනිස් පහසක් නොලද වල් වැවුණු අංගනයකට එය විවර වී තිබිණ. කලකට පෙර කලාකාමී සැලසුම් කරුවෙකු අතින් නිමැවුනක් බවට ලකුණු අංගනය හාත්පස පැතිර තිබිණ. අංගනය මැද වූ දේව දූතයෙකුගේ විසල් පිළිමයක්, ඉණක් තරම් උසට ගනව වැවුණු තණ පඳුරක් විසින් කෙමෙන් කෙමෙන් ගිළ ගැනීමට තැත් කරමින් පැවතින. අංගනය හරහා වැටනු පාරට අල්ලා තිබූ කළු ගල් කුට්ටි ගෙවී තිබුණේ කාලයකට පෙර නිතර ගැටුණු අශ්ව ලාඩම් සහ අස් රිය රෝද වල යකඩ පට්ටම් වලිනි.

අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

දෙවන කොටස...

120 comments:

  1. භයානක පාටයි! හොල්මන් කතාවක්ද බං?

    ReplyDelete
    Replies
    1. භයානක පාටයි? මං දැම්ම පොටෝ එක නං කළු සුදු... :-)

      Delete
  2. දැන්නම් මූ ඩ්‍රැකියට අදින්න වගේ යන්නේ... පරිසම්වෙයල්ලා....

    ReplyDelete
    Replies
    1. අදින්න කිව්වට අදින්නම නෙමේ අඳින්න...

      Delete
    2. මූ ඩ්‍රැකිය ඇඳගෙන ඉන්න එකත් ගලවන ජාතියෙ එකෙක්.

      Delete
    3. අනේ මේ සෙන්නො, පොඩි උං බය නොකර හිටහං... (ආව මගෙ කටේ පස් දාන්ඩ)

      Delete
    4. අවුලක් නෑ ප්‍රසෝ, මං මල්වත්ත පාරෙං ගත්ත චයිනිස් බෙල්ට් එකක්.

      Delete
    5. //"මූ ඩ්‍රැකිය ඇඳගෙන ඉන්න එකත් ගලවන ජාතියෙ එකෙක්."// +++++++++++

      Delete
  3. මොනවද බං ඔය සරනේරු වලට තෙල් ටිකක් දාහංකො.

    ReplyDelete
    Replies
    1. னයෙක් අල්ලල තෙල් හිඳල දානව තෙල්...

      Delete
    2. මතක ඇතිව ඊට කලින් අර ටෝච් එකට හොඳ බැටරි කෑලි දෙකක් දාගනිං.

      Delete
    3. ටෝච් මොටද තාච්චියෙ යන නයින්ට ට...
      (කවි පදයේ තාලයට ගැළපීමට අවසන් අකුර ඩබල් කරන ලද බව කරුණාවෙන් සළකන්ඩ ය)

      Delete
  4. මූ මේ වැස්සක් ගැන කතා කරනව. අපිට මේ ඉන්න බැරි ගිරීස්මෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒසී කරගන්න අයියා.

      Delete
    2. ඔහේ ලැයිට් බිල ගෙවනවැයි මල්ලි.
      අනික අර දෙහිවල වගේ පුටුව උඩ හිටං නිවං යන්න මට ඕන කමක් නෑ. හැක්..

      Delete
    3. ප්‍රසෝ,
      "උඹලට නීල ජලාසේ රඟනා හංස කුමාරී" කිවවම අවුලක් නෑ. අපි මේ පොද වැස්සක් ගැන කිව්වම තමා අවුල ‍නේ?

      ඩීඩීටී,
      වැඩක් නෑනෙ. ලයිට් කපනවනෙ.

      ප්‍රසෝ,
      උං නිවං ගිහිං තියෙන්නෙ අවන් එක පත්තු කරං...

      Delete
  5. පොහ්ඃ ආයෙත් අර කලින් වගේ කතන්දරයක් ද? බලමුකෝ ඉස්සරහට. මේකවත් දිගට කියවන්න ඕන.

    ඔය මයිල් ස්මයිල් වෙන පරිසරයක් මවන්න මීදුමෙන් පිරුනු අඳුරු වැහිබර පරිසරයක්ම හැමවිටම යොදන්නෙ ඇයි බං, මේ සමකය ආසන්න රටක ගිනිගහන මද්දහනක් එහෙම යොදාගන්න ක්‍රමයක් නැත්ද? :)

    ReplyDelete
    Replies
    1. එතකොට මයිල් ගිනිගන්නව බොල.

      Delete
    2. කලිං එක කියෙව්වෙ නැද්ද? අපරාදෙ... දැන් උනත් පරක්කු වැඩි නෑ කියවන්න. කොටස් දා හතරයිද කොහෙද තියෙන්නෙ.

      අරක හොඳ අභියෝගයක්. මං ට්‍රයි එකක් දීල බලන්නං ගිණි මද්දහනෙ බය කරන්න පුළුවන්ද බලන්න.

      ප්‍රසෝ,
      අර රන්දිල් මේ ළඟදි දාපු පෝස්ට් එකේ පළවෙනි කතාවෙ තිබ්බ ඕකට බේත...

      Delete
    3. //කලිං එක කියෙව්වෙ නැද්ද? අපරාදෙ... දැන් උනත් පරක්කු වැඩි නෑ කියවන්න. කොටස් දා හතරයිද කොහෙද තියෙන්නෙ.//

      අනේ නෑ බං, මම ඒක කියෙව්වා. මතක නැද්ද මම මුලින්ම උඹේ බ්ලොගට ඇවිත් දිග කමෙන්ට් එකක් කෙටුවෙ ඒ කතාව මැද්දෙදි. මම මේ දැනුත් ගිහින් බැලුවා, මම ඒක කියෙව්වෙ නැත්ද කියල උඹ ඇහුවෙ ඇයි කියල. මට අර සුපුරුදු ලෙඩේම වෙලා කතා කීපයක් මග ඇරුනා, පස්සෙ මම මුල ඉඳලම ආයෙ කතාව කියෙව්ව මතකයි. පෙරහැර ගිහින් අලි බෙටිත් වේලිලා නිසා කමෙන්ට් කෙටුවෙ නෑ අග කතාවලට. ඒ නිසා වෙනන්න ඇති ඩ්‍රැකී එහෙම හිතන්න ඇත්තේ. මේකවත් දිගට කියවන්න ඕන කිව්වෙ පහුගිය දවස්වලත් බ්ලොග් කියවිල්ල ටිකක් අඩුවෙල තිබුන නිසා.

      Delete
    4. //මේකවත් දිගට කියවන්න ඕන කිව්වෙ පහුගිය දවස්වලත් බ්ලොග් කියවිල්ල ටිකක් අඩුවෙල තිබුන නිසා. //
      අපොයි ඉස්සරහට ඩෙංගු හිස ඔසවයි වගේ. හැක්..

      Delete
    5. ඇයි බං ඇමරිකන් ලොස්ට් සිටි සීන් වල කාන්තාර මැද ගිණිමද්දහනෙ හොල්මන් සීන් තියෙන්නෙ

      Delete
    6. ඩීඩීටී,
      මේකවත් දිගට කියවන්න ඕනෙ කිව්ව හින්ද තමා මටත් එහෙම හිතුනෙ. ඇයි අප්පේ... කොච්චර කාලෙයක්ද ඩීඩීටී ටිකක් නැතුව?

      ප්‍රසෝ,
      මාරාන්තිකයි ඈ...!

      ගස්,
      මදැයි. මං චැලෙන්ජ් එකකට ෆේස් කරන්ඩ ගියාම ඒකෙත් දෙබළක්.

      Delete
  6. යකෙක් ඉන්න බලකොටුවක්ද? හික් හික්..

    ReplyDelete
    Replies
    1. යකෙක්!!! අනෙ අම්මොඃ...! කෝ කෝ කොහෙද?

      Delete
  7. අැත්ත කියපං ... උඹේ ගෙදෙට්ට නේද අාවෙ?

    සුපිරි රචනා ශෛලියක්!

    ReplyDelete
    Replies
    1. තනියො, මේ වගේ කතාවල මං කොහොමද පටංගත්ත ගමං උඹට ඇත්ත කියන්නෙ?

      ටැංකිව් බං. මයෙ කලිං කතාව කියෙව්වද?

      Delete
  8. Replies
    1. මේ කතාවෙ ආදර්ශය මොකද්ද කියල අහන්නැද්ද?

      Delete
    2. ඊයෙ නාලාගිරි වගේ ස්කූටියෙ පිඹගෙන ගිය එකා නේද මේ බයයි කියන්නෙ. හැක්..

      Delete
    3. නාලා ආ ගිරි...! හැක්.

      Delete
  9. හම්මෝ බයත් හිතෙනාවද මන්දා. ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න. අපි එනවමයි බලන්න = ලස්සනට ලියල හොඳේ

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව්... දෙවෙනි කොටස ඉක්මණටම දානව.

      Delete
  10. Replies
    1. The rest is on the way buddy...

      BTW, I don't know the meaning of the first word above.

      Delete
    2. Scared = බය
      ගූගල් ට්‍රාන්ස්ලේට්

      Scared = බානසුලු
      මධුර ඔන්ලයින්

      Delete
    3. ඔය ඉතිං, ප්‍රසන්නත් අපභ්‍රංශ කියනව. දැං "බය" කියන්නෙ මොකද්ද කියහංකො මට.

      Delete
    4. ඒක අහන්නෝන අර වර්ගපූර්ණිකාව කරපු එකාගෙන් තමයි හිටං.

      Delete
    5. ඌ දැන් ෆේස්බුක් ‍එකේ ඉන්නව නේ? මං දැක්ක දවසක්...

      Delete
  11. ගිගිරි නගින බෙලි කටු....ඇඟේ මයිල් කෙලින් වෙනවනේ බන්....උඹ මේ ලියන එව්වා ඉංග්‍රීසියෙන් ලියල ඉංග්‍රීසි චිත්‍රපටි හදන රටකට යවහන් බන්. පිචර් එකක් ගහන්න උඹේ ස්ක්‍රිප්ට් එක තේරුනොත් පරම්පරාවම ගොඩ.. unreal දේවල් තියන චිත්‍රපටි වලට මෙහෙ හෙන ඉල්ලුම..

    ReplyDelete
    Replies
    1. බ්‍රේක් ගහපං ගණං බලාපං කිව්වලු... (උපුටා ගැනීම - විකීගෙ වික්‍රම බිල්ලංගෙත් බිල්ලෝ - සුසිල් ප්‍රෙම්ජයන්ත - වැරදුනා ප්‍රේම්ජයන්ත නෙවෙයි ප්‍රේමරත්න)

      අර අදහස හොඳයි. මගෙ කම්මැලි කම ටිකක් අඩුඋනාම ඇත්තටම ට්‍රයි කරන්නං.

      Delete
  12. ඇයි යකෝ ඕක තව ටිකක් ලීව නං මක්ක වෙනවද
    අර මෙගා ටෙලියක එපියක් වගේ
    තව කාලාන්තරයක් හිටුකො ඉතිං ඉතුරු ටික කියවන්න
    බ්ලැහ්

    ReplyDelete
    Replies
    1. බ්ලැහ්...! X2

      කාලාන්තරයක් යන්නෑ බං. මං ඊළඟ කොටස ලබන සතියෙ මුල දානව...

      මං හිතුව දිග උනොත් කියවන්න හිතෙන එකක් නෑ කියල. ඒකයි කැඩුවෙ.

      Delete
  13. දැති හුළහ මොන ජල්ලියක් අල්ලන්නද ඒ ගමන හදන්නේ

    ReplyDelete
    Replies
    1. ජල්ලි ජකිරි ජල්ලියා... :-)

      Delete
  14. //කන්යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.//

    ඊලඟ මොහොතේ ඇය කපා දැමු කෙසෙල් ගසක් මෙන් බිම වැටුනාය. විවරවූ දොර රාමුව තුලින් පෙනුනේ, කූරු කොන්ඩය අමුතුම ආකාරයකට සාදවා, ඉරී ගිය ඩෙනිමක් හැඳ, උල් දත් විලිස්සා, සිනාසෙමින් පෑනක් සුරතින් ගෙන සිටි ඩ්රැකියාය. :D :D

    Warning: start in the evening and you’ll be reading late into the night. කියලා පටන් ගත්තා නම් හරි. හැබැයි ඉතින් කතාව දිග මදි. :(

    මාර ලස්සනයි ඩ්රැකියෝ....Gripping, thrilling and terrifying. LU. :D

    ඩ්රැකී ඒ එක්කම මේකත් කියන්ට ඕනි. ඔයා කන්යා සොහොයුරිය ගැන කියමින් ඉඳලා, එක් තැනක 'මගියා' කියලා සඳහන් කරනවා. ඒ වගේම ඇය අතේ තියෙන අත් බෑග් එකක් ගැනත් කතා කරනවා. ඒ දෙකම පාඨකයාගේකුතුහලය නැති කරලා පියවි ලෝකෙට ගෙනෙන්ට සමත් වෙයිදෝ කියලා පොඩි සැකයක් ඉපදුනා. මට හිතිච්ච දෙයක් හොඳේ. :)

    ReplyDelete
    Replies
    1. හෑ...! අර කෑල්ලට නං මටත් බය හිතුනා.

      අගය කිරීම ගැන ස්තූතියි. මේක දාන්න පරක්කු කරන්නත් මුල්ම හේතුව වුනේ, මං හිතාගෙන උන්නෙ මට දැන් ඉස්සර තරම් ලිය්න බෑ කියල. තාම ටිකක් හරි පුළුවං කියල ආත්ම විශ්වාසයක් ඇති උනා.

      අර අන්තිම කොටසින් තේරෙනව ඔයාගෙ නිරීක්ෂණය හරිම තියුණුයි කියල. ඒක හරිම වැදගත් මේ වගේ "ගහණ වස්තුවක්" කියවද්දි.

      Delete
    2. මේ වගේ මගියෙක් ගැන විස්තරයක් කියද්දි මට නිතැතින්ම මතක් වෙන්නෙ ඩබ්. ඒ. සිල්වා ශූරීන්ගෙ සුනෙත්‍රා නොහොත් අවිචාර සමය කතාව ආරම්භයෙදි ඔහු රදළ අශ්වාරෝහකයා විස්තර කරන හැටි. (හොල්මන් පාට් එකක් නැති උනාට :) - මම අර කලින් ඩ්‍රැකීට කිව්ව ගිනි මද්දහනක් නම් අපූරුවට විස්තර කරනවා.)
      ඩ්‍රැකී මෙතනදි මාරුවෙන් මාරුවට කන්‍යා සොයුරිය හා මඟියා යන්න යොදනවා. එය අඥාත වශයෙන් මඟියා යන්නෙන් ඇරඹිල ඒ තරුණ කන්‍යා සොයුරියක් බව ක්‍රමයෙන් පාඨකයාට හඳුන්වා දුන්න නම් වඩා හොඳයි කියල මටත් හිතෙනවා. ධ්‍යානයකට සමවැදුන වගේ කතාවක් කියවන්න ගත්තහම (වැඩිපුරම - දෙබස් නැති මේ වගේ වර්ණනාවක්) මේ වගේ සුළු කරුණුවලින් කතාව ගලායාමේ රිද්මයට බාධාවෙනව කියල මට හිතෙනව. ඒක ඉතිං මහා විශාල අවුලක් නොවුනට එහෙම නොවෙනව නම් වඩාත් හොඳයි.

      Delete
    3. ඇත්ත ඩීඩීටී. ගොඩක් ස්තූතියි ඒක පෙන්නුවට.

      Delete
    4. සුනේත්‍රා එකේ අර සීන් එක නං මාරයි තමා. ඒ හරිය මං මුලිම්ම කියෝපු දවස්වල, මට ඔලුවෙ කැක්කුම හැදුන...

      Delete
  15. බය හිතෙනවා ඕයි! ඉතිරි ටිකත් ඉක්මනට දාමු...

    ReplyDelete
    Replies
    1. මේ දානවා. මං මේ විශේෂ දෙන්නෙක් එනකං ඉන්නෙ...

      Delete
  16. හෙන දිගට ලියලනෙ බං,අතත් රිදෙනව ඇති නේද.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධාර්ථෙ ගාන ගමං... :-)

      Delete
  17. අලේ.... තා ටිකක් දිගට දාහං බං.... මෙහෙම මඟ නැවතුනාම ඒක නිකං හරියට.. නෑ..නෑ.. උඹ පෝස්ටුව දාහංකො..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹෙ ප්‍රතිභාව මට නෑ බං දිගට දිගට ලියන්ඩ.

      Delete
    2. මම දැං ප්‍රතිභා එක්ක නෑ නෙ.. වෙනකෙනෙක්ව බැන්දා.. උඹ ප්‍රතිභා එක්ක ඕන දෙයක් කොරගනින්.. මට අවුලක් නෑ.. හෙහ් හෙහ්

      Delete
    3. බැන්දට මොකද ඉතිං... ඌයි ඌයි කණ.... කණ - කණ - කණ - කණ...

      Delete
  18. මේ බලන්න කන්‍යා කතාව කියන්න ගිහින් මට වෙච්ච දේ :D
    http://katha32.blogspot.com/2015/09/outcome.html

    ReplyDelete
    Replies
    1. ජග්ග කූඹින්ට උණු අලු ටිකක් ඉහල... වෙන වැඩ නැතුවට...

      Delete
    2. කූඹින්ට උනු අළු ඉස්සහම මාර ආතල් නේද?
      හැබැයි අර අහින්සක සතාටත් රිදෙනවා කියල තේරුම් ගන්න මොළයක් නැති එකට අපි මක් කරන්නද?
      ඒ ආකාරයටම තමන්ටත් රිදුන දාටවත් තමන්ගේ වේදනාව ගැන හඬා වැටෙනවා මිසක් අර අනුන්ට රිදවපු එක ගැන මතක නැති කම තමයි අවාසනාව.
      අපිනම් වෙන වැඩ නැතිකොට ඩ්‍රැකීගේ හොල්මන් කථා කියවනවා කූඹින්ට අළු ඉහින්න යන්නේ නැතිව.

      Delete
    3. දෙතිස් කතාවෙ කණිෂ්ක, සහ ඒකෙ පාඨකයන් කීපදෙනෙක්, සමාන අදහස් පදනම්කරගත්ත තමන් ඇතුළත් චින්තන විශ්වයක් ගොඩනගාගෙන තියෙන බව පේනව. (මම දෙතිස් කතාවෙ පෝස්ට් හැම එකක්ම වගේ කමෙන්ටුත් එක්ක කියෙව්ව.) මේ උදවිය, විශේෂයෙන් පාඨකයො, තමංගෙ චින්තන ජාලයට පිටින් ඉදිරිපත් වෙන අදහස් වලින් කුපිත වෙන බවත් පේනව. ඒ නිසා තමයි ධර්මපාල තුමාට ජගත් එකතු කරපු විශේෂණය ගැන කුපිත වෙලා, තදින් කතා කළේ.

      මං ධර්මපාල තුමා විශේෂ සිංහල නායකයෙක් විදිහට අගය කරනව. නමුත් කවුරු හරි එයාට “පිස්ස“ කිව්වොත් හරි, “ජාතිවාදියෙක්“ කිව්වොත් හරි, ඒකෙන්, ධර්මපාල තුමාගෙ විශේෂීත චරිතය වෙනස් වෙන්නෙ නෑ. එයා කළ කී දේ ඉතිහාසයෙ සටහන් වෙලා තියනව. ඒ දේවල් වෙනස් වෙන්නෙ නෑ. ඒ ගැන අපි කුපිත වෙන්න නෙවෙයි ඕනෙ. අර අදහස ඉදිරිපත් කරපු කෙනා නොදන්න දෙයක් මම දන්නවනම්, මම ඒ දේ ගැන ඔහු දැනුවත් කරල, එයාවත් අපේ චින්තන ජාලයට දිනාගන්න එකයි කරන්න ඕනෙ.

      දෙතිස්කතාවෙ අනුගාමිකයන් (හෝ අයිතිකාරයන් කියා හිතාගෙන ඉන්න උදවිය) මහින්ද රාජපක්ෂ අසහාය නායකයෙක් සහ ලංකාව ගළවාගතහැකි දැනට ඉන්න එකම නායකයා කියන අදහසේ ඉන්නව. මගෙ පරණ දේශපාලනික පෝස්ටු කියවන කෙනෙකුට පැහැදිළි වෙනව මම ඒ මතයට විරුද්ධ අදහසක් දරණ කෙනෙක් කියල. නමුත්, මගෙ බ්ලොග් එකේ කවුරු හරි මහින්දවාදීව කමෙන්ට් කරනවනං මං කේන්ති ගන්නෙ නෑ. අර උඩිං කිව්ව වගේ මට දුක හිතෙන්නෙත් නෑ. මං දන්න දේ මං ඔහුට විස්තර කරනව.

      ඒ වගේම මං දෙතිස් කතා බ්ලොග් එක කියවීමෙන් මම නොදන්න කාරණා ගොඩක් දැනගත්ත. ඒකත් කෘතඥතාපූර්වකව සඳහන් කරනව මෙතනදි.

      මම ලියන හැම පෝස්ටුවක්ම හැම කෙනෙක්ම රසවිඳිය යුතුයි කියන බොළඳ අදහසේ මම ඉන්නෙ නෑ. ඒ නිසාම තමයි මම විවිධ විෂයයන් ඔස්සෙ ලියන ලිපි මිශ්‍රණයක් ඉදිරිපත් කරන්නෙ. මට තේරෙනව ඔබතුමාට මං දර්ශනයන් ගැන ලියන ලිපි සහ සරළ රසවින්දනාත්මක කතා ගෝචර වෙන බව. හොල්මන් කතා ගෝචර නොවන පාඨකයන් මගෙ බ්ලොග් එකේ ඉන්නවා. ඒ ගැන මට වෙන කළ හැකි දෙයක් නෑ. ඔවුන් කැමති වර්ගයේ දේවලුත් ලියනවා ඇරෙන්න. මම ලියන්නෙ හුදෙක්ම මගෙ ආත්ම තෘප්තිය උදෙසා. මගෙ ආත්ම තෘප්තිය ඇතිවෙන්නෙ, මගෙ හිතේ කැකෑරෙන දේවල් වලින් නිර්මාණ කරල එළියට දැමීමෙන් වගේම, එව්ව කියවන අය ගෙ අගය කිරීම්, එකතු කිරීම් සහ මා නිවැරදි කිරීම මඟින් මගෙ දැනීම අලුත් වීම කියන හැම දේකින්ම යි.

      Delete
    4. මේ ඔබේ අදහසට මම කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. මේක ඒක පාර්ශ්වික තීන්දුවක්. ඒත් ඒ වගේ දෙයකින් මිනිස්සු එක්ක වාද ගොඩනගා ගන්න මට වුවමනා නැහැ. මෙතැන ඒ ගැන වාදවෙන්න සුදුසු තැනක් නෙවෙයි. අනෙක ඒ සිදුවීම ගැන මම ජගත්ට වෙනම පැහැදිලි කිරීමක් කලා. ඒ ගැන ඒ ඇති කියලයි මම හිතන්නේ.
      ඔබට ඒ ගැන තවත් කීමට දෙයක් ඇත්නම් අපි ඒ ගැන කතා 32 දී කථා කරමු.

      Delete
    5. මම කලිනුත් කිව්ව වගේ, ධර්මපාලතුමාට “කන්‍යා“ කිව්වත්, “අනගාරික“ කිව්වත්, “හාමුදුරුවො“ කිව්වත්, “දෙයියො“ කිව්වත්, වෙන මොන විශේෂණේ යෙදුවත්, ඒ විශේෂණ වලින් මගෙ හිතේ තියෙන ධර්මපාල ප්‍රතිරූපය වෙනස් වෙන්නෙ නෑ. ඒ ගැන මට දෙතිස්කතාවට ගිහිං වෙනම කියන්න දේකුත් නෑ. මගෙ අදහස, ඕක ඒතරං තර්ක කරන්න දෙයක් නෙවෙයි කියන එකයි. වඩා හොඳයි කණිෂ්කගෙ කාලය තව තවත් අපට යමක් ඉගෙන ගත හැකි මාතෘකා වලට යොමු වෙලා තව තවත් ලියන එක.

      උදහරණයක් විදිහට, කන්‍යාද අනගාරිකද කියන එක ගැන වද නොවී ධර්මපාලතුමා කළේ මොකද්ද, එතුමා අපට කියන්න උත්සාහ කළේ මොකද්ද කියල හොයල, ඒ ගැන ලියනවනං, අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන් විදිහෙ හොඳ ලිපි මාලාවක් වඩා හොඳයි.

      Delete
    6. මොකක්ද මේ හරුපෙ ? දෙතිස් කතා කියන්නේ මොකක්ද ?

      Delete
    7. http://www.katha32.blogspot.com

      ගිහින් බලපන් සෙන්නා...

      Delete
    8. මේ ගැන කථාවට මෙතැන සුදුසු තැන නොවන වග පමණයි මා කීවේ.
      ඔබ තවදුරටත් ඔබේ නිවැරදි බව ගැන ප්‍රකාශ කිරීම ඔබේම කැමැත්ත. ඒත් වැඩි දුර විමසීමක් කරන්නේ නම් අපි එය ඒ මාතෘකාවට අදාල තැනදී කථා 32 දී කරමු.
      ඔබේ මේ අපූරු කථාවේ රසය විඳින්නන්ට අපි බාධා නොකල යුතුයි. ඇත්තෙන්ම මේ අතුරු කතාව නිසා මටත් ඔබේ කතාවත් එහි කොමෙන්ටුත් රස විඳීමට බාධා වුනා.

      Delete
    9. බාධා වීම ඒතරම් දෙයක් නෙවෙයි. මගේ වගේම වෙනත් බොහොමයක් බ්ලොග්වල, පෝස්ට් වලට අදාළ නැති ගොඩක් කාරණා කමෙන්ට් අතරෙදි කතා වෙනව මං දැකල තියෙනව.

      ඒ වගේම, දෙතිස් කතාවෙ කර්තෘ අභිබවා කමෙන්ටු වලට උත්තර දෙන්න පනින අයිතිකාරයන් අභියස මගෙ නිවැරදිබව ඔප්පු කරන්න අවශ්‍ය නෑ. ඕනෙම දෙයක් ගැන ඕනෙම කෙනෙකුට තමංගෙ මතයක් දරන්න පුළුවන්.

      මට කොටින් කියන්න තියෙන්නෙ, කවුරුහරි අදහසක් ඉදිරිපත් කළාම, ඒක උණු අළු බවට පත්කරගෙන, තමුං කූඹි බවට පත්කරගැනීම මඟින් ඔවුන් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගෙන තිබෙනවා. මට ඒ මට්ටමට යන්න උවමනා නැහැ.

      Delete
  19. මේකේ මුල් ටික කියවන කොට මට මතක් වුනේ ඉස්සර ඉරිදා ලක්බිම පත්තරේ "රිද්ම"අතිරේකයේ තිබ්බ නිහාල් පීරිස් (?)ගේ අර අද්භූත නවකතා.උඹට මතකද එව්වා.මම හිතන්නේ ඒ එක නවකතාවක් ටෙලි නට්‍යක් වුනත් මතකයි.

    ReplyDelete
    Replies
    1. කියන්න ගියේ එක නෙමේ.මේ වගේ කතා කියවන්න පට්ට මනාපයි.මේ කතාවත් ඒ ජාතියේ අද්භූත රසවත් එකක් වගේ හිටං.

      Delete
    2. මටත් ඕනෙ වුනේ ලාංකික එපික් එකක් ලියන්න. අපි බලමු ඉස්සරහට.

      නිහාල් පීරිස් නං මට වහ කදුරු ඈ... මොන මගුලක්ද බං. ඕං ඉස්සෙල්ලම එකෙක් අද්භූත විදිහට මරණව. ඊට පස්සෙ මිනී මරුවට මානසික මොකද්ද එකක් හැදෙනව. ඊට පස්සෙ මැරිච්ච එකාගෙ හොල්මන එනව. බලං ගියාම ඒ මැරිච්ච එකා පොඩි කාලෙ මිනි මරුවව අපහරණය කරල.... ඔය විදිහට නිමක් නැතුව කෑලි කෑලි පුරුද්දල හදන එදා වේල කතා තමා, මට නං නිහාල් පීරිස්ගෙ කියවපු කතා වල දකින්න තිබුණෙ.

      Delete
    3. //ඒ එක නවකතාවක් ටෙලි නට්‍යක් වුනත් මතකයි//

      මම හිතන්නෙ මනෝජ් උඹ කියන්නෙ අර ‘මීදුම‘ (වගේ නමක් තිබ්බ) කතාව වෙන්නෝන. මටත් හරියටම මතක නෑ.

      Delete
    4. DDT,

      මටත් නම හරියටම මතක නැහැ.පාලිත පෙරේරායි,දිල්හානි ඒකනායකයි ඉන්නවා.දිල්හානි කසාද බැඳලා හනිමුන් යන කාර් එකේ රියදුරු තමයි පාලිත.හනිමුන් දවසේ රෑ දිල්හානි පාලිතව මරනවා.මැරිච්ච පාලිත හොල්මන් කරනවා.බලනකොට ධ්‍ර්කි කිව්වා වගේ පොරට නිවුන් සහෝදරයෙක් ඉන්නවා.කවුරුවත් ඒ බව දන්නේ නැහැ.මිනිහා තමයි ඒ හොල්මන් කරන්නේ.

      Delete
    5. බොලා දෙන්නගෙ සංවාදෙ මැද්දට මං පනින්නෑ. මං ඔය නාට්‍යය බැලුවෙ නෑ. අපරාදෙ කියල හිතෙනව.

      ඒක නෙවෙයි, කවුද "ධ්ර්කි" කියන්නෙ?

      ඩ්‍රැකි කියල ලියන්න බැරිනං දැතිහුලහ කියහං. හෙහ් හෙහ් හෙහ්...

      Delete
    6. @ මනෝජ්,

      මම කිව්වෙ පත්තරේ ගියපු කතාවෙ නම බං. ඔය මම අදහස් කරපු කතාවෙන් ටෙලියක් කළා කියල පත්තරේම සඳහනක් තිබුනා වගේ මට ලාවට වගේ මතක නිසයි කිවුවෙ. සමහර විට මම වැරදි වෙන්නත් පුළුවන්. ටෙලිනාට්‍ය ගැන නම් මම දන්නෙ නෑ බං, මම ටීවී බැලිල්ල නවත්තල දැන් සෑහෙන කාලයක් වෙනව.

      @ ඩ්‍රැකී,
      ලංකාවෙ ටීවී චැනල්වල යන ටෙලි නොබැලුව කියල කණගාටුවෙන්නෙපා බං, මට නම් ටීවී බැලිල්ල එපා වෙන්නත් ඔය ටෙලිනාට්‍යත් එක හේතුවක් තමයි.

      Delete
    7. ඩීඩීටී එක්ක එකඟයි. මට කණගාටු, මං මීදුම ට කැමති නැත්තං, ඒකට කැමති නොවෙන්න ඒකෙ ටෙලියත් බලල තියෙන්න ඕනෙ. එතකොටයි සාර්ථක විවේචනයක් කරන්න පුළුවන්. ඒකයි.

      Delete
    8. @ ඩීඩීටී.

      මමත් දැන් ටෙලි නාට්‍ය බලන්නේ නැහැ.මෑතකදී බලපු එකම ටෙලිය නැවත විකාශනය වෙච්චි "කඩුල්ල"යි.එකත් අන්තිම කොටස් බලන්න බැරි වුනා.හැබැයි මේ කියන ටෙලිය විකාශනය වුනේ නම් මෑතකදී නෙමේ. දැතිහුලහට කියලා තියෙන දේත් එක්ක මමත් එකඟයි.

      Delete
  20. 'ටොක ටොක ටොක ටොක'

    කාගේද බන්ස් ඔය කකුල් පොල්කටු දෙක ගැහෙනවා ඇහෙන්නේ.....


    අපි බය වෙයි ඔව්වට.... 'කට කට කට කට...' ඒ සද්දේ දත් ඇඳි දෙක වදින සද්දේ

    ReplyDelete
    Replies
    1. http://images6.fanpop.com/image/forum/152000/152397_1350145244614_full.jpg

      Delete
  21. අර වචනේ ජරමං ද, පරංසද, නැහ්නං ඉතාලිද?

    මොන තරම් බයානෙක කතා ලිව්වත් කමක් නෑ. ඔය කන්නෑ සොහොයුරියන්ව එහෙම බිල්ලට ගන්නවා නෙවෙයි ඕං.

    ReplyDelete
    Replies
    1. අර වචනෙ (ෆර්නැන්ඩස්) ස්කැන්ඩිනේවියන් කියල මට මතකයි කාලෙකට කලිං සයිලන්ට් සහන් කියල තිබ්බ.

      අපි බලමු ඉස්සරහට, කවුරු කාව බිල්ලට ගනීද කියල... හෙහ් හෙහ් හෙහ්...

      Delete
  22. හුරේ.. ඇති යන්තම් මේක ලියන්න පටන් ගත්තා.

    ReplyDelete
  23. අපෝයි මේක හොල්මන් කතාවක්. මට නම් ගජ බින්න විතර මේවා දිරවන්නෙ නෑ. කොහොමද. අර ඉබ්බා පාන් පෙට්ටියෙ කතා කර කර ගිය හැටි. දිමියො ඩ්‍රැකීට බැන බැන ගොටු බැන්ද හැටි. නයා( හැපින්න) ටෝච් අරන් පස්සෙන් පන්නපු හැටි ( ආරංචියෙ හැටියට ඒ නම් නයි පැටියට අප්පච්චියෙක් හොයන්නලු පස්සෙන් ආවෙ.)ඒවනෙ අනේ කතා.

    ReplyDelete
    Replies
    1. නයි පැටියට අප්පච්චියෙක් හෙයාගන්න තිබ්බ පහුගිය ජනාධිපතිවරණෙදි...!

      ළඟදිම අරකක් දාන්නං ඈ. කලිං වගේ නෙවෙයි, මේ පාර කතාව වගේම ඇඩ් කීපයකුත් දාන්න බලාපොරොත්තු වෙනව.

      Delete
    2. හුරේ... අායිත් බින්නයක් ලඟ එනවෝ... ඩේටා පරිස්සම් කර ගනියෝ..(පුර්ව ප්‍රචාරක දැන්වීමකි.)

      Delete
    3. මෙය ප්‍රචාරය කරන ලද්දේ මුදල් ගෙවා ද?

      Delete
  24. පුදන කොටම කාපි යකා.....දිගට ලියපන්කෝ.මට පේන්නම බැරි වැඩේ තමයි හිතට වැදිලා හරිබරි ගැහිලා කියවන්න පටන්ගන්න කොටම "මතුසම්බන්ධයි" වෙන එක.

    කන්‍යා සොහොයුරියෝ...අම්මේ මතක්වෙන්නෙම අර වෙබ් සයිට් වල nun කියන කැටගරිය....

    ReplyDelete
    Replies
    1. කටුස්...,

      වෙරි සොරි ඈ. අද හෙටම දානව ඉතුරු හරිය.

      ඇනෝ,
      උඹ පත්තරෙය නේද? ඌ තමා මේ වගේ අසමජ්ජාති ලිංක් දාන්නෙ.

      Delete
  25. හම්මේ පට්ටයි. තව ටිකක් දිගට ලිවුවනම් මොකද වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එතකොට මේ වගේ කුතුහලය තියල කඩන්න බැරි වෙනවනෙ. (-:

      Delete
  26. අඩෝ අන්න එහෙම වරෙං. ඔය පරන පොත් පින්තූර විදිහට නොදා මේ ව ඇති තරම් දාපං. අපි නොකියවා ඉඳීද බලන්න.

    අද හොල්මන් කතාවක්නෙ. මං මේවට පට්ටම පට්ට මනාපයි. ඉක්මනින් ඉතුරු ටිකත් දාහං. හැබැයි මේ හූනු * තරම් පොඩි කෑලි නෙවෙයි දිගම දිග කෑල්ලක් දාමු.

    ReplyDelete
    Replies
    1. දිගට ලියන්නත් ඕනෙ - ඉක්මණට දාන්නත් ඕනෙ - කසුනගෙ හිතට අල්ලන්නත් ඕනෙ.

      එහෙනං ඉතිං අර මහාභාරතේ ලිව්ව වගේ ගණදෙයියොම තමා අල්ලගන්ඩ වෙන්නෙ...

      Delete
    2. ඕන එකෙක් අල්ලගෙන ඉතුරු ටික ඉක්මනින් දාහංකො.

      Delete
    3. පුළුවං දහිරිය දානව කසුං...

      Delete
  27. කියවන්න කැමතිම වර්ගයක කතාවක්, පරිසරය මවාගෙන කතාවට එනකොටම නිකං ලයිට් කැපුව වගේ නවත්තල නේ :)

    ReplyDelete
    Replies
    1. ඒක මාර උපමාව... :-)

      වෙරි සොරි ඈ. පුළුවන් දහිරිය දාල, අනිද්දට දානව ඉතුරු කොටස...

      Delete
  28. ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක දෙන්නං මයිල් පෝස්ට් වෙන්ඩ...

      Delete
  29. උබගේ මරණ දැන්වීම මට මග අරිලානේ නැහැ නැහැ මම කිවේ පොස්ට් ඒක

    ReplyDelete
    Replies
    1. උඹට සෑහෙන කාලෙයක් යයි මගෙ මරණ දැන්වීම දකින්ඩ. සමහර විට...
      නෑ එක්කො ඕන් නෑ.!

      Delete
    2. උබව උල තියලා තමයි ඊළගට මම

      Delete
    3. ඉයන් මාව බේරගනියෝ...!!!

      Delete
  30. කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

    පසුපස බැලූ ඈ ...... අහින්සා ඔයා..... කීවාය.

    ReplyDelete
  31. බය හිතුනෙ නෑනෙ . කොයි ඊලඟ කොටස ?

    ReplyDelete
    Replies
    1. බුහා බහුඅ ...
      තවමත් බය උනේ නැද්ද

      Delete
    2. මෙතූ,
      ඔයාගෙ අයිස් හදවත සලිත වෙන්න නම් ඉතිං කුළුගෙඩියකිං වත් ගහන්න වෙයි.

      මෙන්ඩො,
      පැට්‍රල් පුච්චගන්ඩ එපා බං...!

      Delete
  32. හරියට බය වෙන්න නං ඊලග කොටස ඉක්මනට දාන්න වෙයි හොදේ :P

    ReplyDelete
    Replies
    1. මගෙ දත්දෙක දියං බුදු නංගියේ...

      Delete
  33. හුග කාලෙකින් ආවෙ. ඔන්න පටං ගත්ත එකේ ඉදන්ම කියවන්න.

    ReplyDelete
  34. ඔන්න මාත් කියවන්න පටන් ගත්තා.බලමුකෝ. කතාව අමතක වෙනවා කමෙන්ට් කියෙවුවම.

    ReplyDelete
    Replies
    1. අම්මෝ සුදිකයියා... දැන් නං ඉවර වෙන්ඩත් ළඟයි.

      Delete
  35. මන් ආපහු මුල ඉඳන්ම මේක කියවන්න ගත්තා ඔන්න...මෙ හරිය මතකයි කියවන කොට

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි