පින්තූර උඩ ක්ලික් කරල ලොකු කරගන්න.
මේ දෙවෙනි පිටුව කපල තියෙන්නෙ ඉතිං මංතුමා ම තමයි පොඩි කාලෙ. අපසාදෙ...
ඒ එක්කම, මීට කලින් “සාගරයක් මැද - අමන රටක් ඇත“ පොත හඳුන්වා දුන් පෝස්ටුවේ කමෙන්ටුවක් කොටමින් කටුසු හදවත, සිරිබිරිස් සහ බුරාතිනෝ මරණ දැන්වීම් දෙකක් ගැන සඳහන් කළා. එයින් එකකට ලිංක් එකත් බුරාතිනෝ සැපයුවා.
එයින්, මගේ ළඟ තිබුණ ඒ විදිහෙ දැන්වීම් කීපයක් පළකරන්න අදහසක් ඇති වුනා. මේ පහත දැක්වෙන දැන්වීම්, Hooked on Mad කියන වෝනර් පොතේ තිබුණෙ. මේ තියෙන්නෙ ඒ පොත.
මෙන්න එහෙනං මරණ දැන්වීම් ටික. මටනං හොඳම එක තමයි තැපැල් සේවයෙ මළගම...
කටුස්සා මේ වෙනකොට සීයක් ලියලලු. ඌට සුභපැතුම් එක්කරන්නේ, ඩ්‍රැකියා, ඩ්‍රැකියානි, ඩ්‍රැකි පැට්ටා, ඩ්‍රැකි කුක්කා සහ පූසො දෙන්නා ඇතුළු ඩ්‍රැකී පවුලේ සියළුම දෙනා.
නොබෝදා තම පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගත් කල්‍යාන මිත්‍රයා හට, උන්නැහැගේ මායියා හට සහ, මේ ආරංචිය හෝල් සේල් කර සිටි සුරංගයා හට උඩිං නම් කරපු කෂ්ටියගේ උණුසුම් සුභපැතුම්...
කවුද ඩො මේක ස්කෑන් කරපු කම්මැලියා , පොඩිවෙලා කැතේ බෑ , අහුවෙද්දෙන්කෝ ඔය දැති හුළහ
ReplyDeleteඇයි යැයි මොකද මල්ලි? னයාට දීපු ෂොට් එක වගේ එකක් කන්ඩ ඕනෙ වෙලාද?
Deleteනෑ බං. ඔය තරමිං හරි ස්කෑන් කරගත්තෙ වදෙන් පොරෙන්. අසූ ගණං වල සඟරාවක්. පොඩි වෙලා - ඉරිල... ගන්ඩ දෙයක් තිබ්බෙ නෑ ඕකෙ.
Deleteමේ මල්ලි මේ னයා එහෙම ලේසියෙන් 2න්ඩ් වෙන්නෑ හරිය.
Deleteඋඹ මෙතන 3ර්ඩ් වෙලා තියෙන්නෙ එහෙනං?
Deleteඉතිං ඌ හරිනෙ ඩ්‍රැක් බුවා කියල තියෙන්නෙ බුවා ලේසියෙන් 2න්ඩ් වෙන්නෑ කියලනෙ
Deleteකොහෙවත් කියල නෑනෙ තර්ඩ් වෙනව කියල
හා කියහං එහෙම කියලද කියල
හිහි
ඔය නයා ගෙ “ප“ යන්නත් තියෙන්නෙ භාෂා තුනෙං. උන්දැ අදහස් කරන දේවල් අපි වගේ පෘතග්ජනයන්ට තෙරුං ගන්ඩ අමාරුයි.
Deleteඔන්න ඕකනෙ මහේෂ් මේ දැති හුලහට කියන දෙයක් තේරුං ගන්න බැරි හැටියක්.
Deleteකියන එකක් සිංහලෙං කියහං බං අර විදානෙය වගේ...
Deleteහුනු යි, දුංකලයි කොහෙන්ද දන්නෑ ගන්න තියෙන්නෙ.
ReplyDeleteඑව්ව කන්ඩ හොඳ නෑ. පු (වැරදුනා) මුක පිළිකා එනවලු. කාහං සාදික්කයි, වසාවාසියි, ඉඟුරුපියලි යි, කොත්තමල්ලියි...
Deleteපස්ට ක්‍රියේටිව් ඇඩ් ටික.. සුභ පතුමටත් ස්තුතියි. ඒත් ඊළඟ පාරවත් පෝස්ට් එකකුත් දාපන් බොරු කරන්නේ නැතුව.
ReplyDeleteවෙල්කම් වෙල්කම්...
Deleteකස කාරයන්ගෙන් කියවෙන්නේ දිග පෙරහැරක් එන බවයි...
An pasu aithiya suranga horama pawaragena.kebara liyanawa.apoi dracky iwaraai.
ReplyDeleteපවු කියන්නෙ ඒකෙත් හොඳම එක...
Deleteබුහෑ....ව්
ඒතරම් අදාල නෑ
ReplyDeleteඒත් අර ටයිටල් කියවනකොට මතක් වුනේ ඉස්සර ක්‍රීඩා හෙඩ් ලයින් එකක්.
ඔස්ට්‍රේලියානු පැට් කෑෂ් (Pat Cash) , චෙකොස්ලොවේකියානු ඉවාන් ලෙන්ඩ්ල් (Ivan Lendl) පැරදුවාම
" Pat cashes the Czech"
ඒක දැක්කම මට මතක් උනේ කොමික් එකක තිබ්බ, මිනිහෙක් තඩී චෙකොස්ලොවැකියානුවෙක් උස්සගෙන ගෙට එන ගමං, ගේ ඇතුලෙ උන්න වයිෆ් ගෙන් අහනව,
Delete“Hon, did you expect a FAT CHEQUE today?“
යකෝ පොත්, පත්තර ස්කෑන් කොරල දාලත් බ්ලොග් කරන්න පුලුවන් වගේ.
ReplyDeleteමාත් බොගක් පටන් ගන්නව, මේ සතියෙ ගන්නව ස්කෑනරයක්.
මං මේක කමෙන්ට් එක සම්බන්ධයෙන් දක්වන්න ඕනෙ ප්‍රතිචාරය මොකද්ද?
Delete1. හිනාවෙනව ද,
2. දුක් වෙනව ද,
3. පසුතැවෙනව ද,
4. මළ පනිනව ද,,
5. ස්කෑනරේ විකුණන්න ඉක්මන් එකේ දානව ද...?
ගනන් ගන්න එපා විහිලුවල් කොලේ, ඉහල ඇනෝ.
Delete
Deleteඩ්‍රැකී, ස්කෑනරේ ඉක්මන් එකේ දාන්න එපා මට දියං , මටත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ
මගෙ රිප්ලයි එක අවුල්ද? මාත් විහිලුවට විහිලුවක් කලේ... හෙහ් හෙහ්...
Deleteකම්මො, විහිලුවක් කළේ බං. යුනිටි ප්ලාසා එකේ බලහං. එච්චර ගාණක් වෙන එකක් නෑ. මං බඩු ගන්නෙ බාක්ලේස් එකෙං. උංගෙ වොරන්ටි ක්ලේම් කරන සයිඩ් එක අනිත් උන්ට වඩා හොඳයි.
Deleteමටත් හිතෙනව බ්ලොග් එකක් පටංගන්න හිටං. හැක්..
Deleteඔව්නෙ. උඹ පටංගත්ත ලටපටේ ලියල ලියල, තව අකුරක්කත් ලියන්ඩ ඉඩක් නැති වෙන්ඩම ලියලනෙ තියෙන්නෙ නේද?
Deleteඅන්න ඉතින් ඕකනෙ.... උඹත් යහපාලන පෝස්ට් දාන්න පටං අරං නෙ.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
යහපාලන පෝස්ට්? මේකද යකෝ යහපාලනේ? (මේකෙ කොතෙන්ටද “හිටං“ දාන්න ඕනෙ කියල හිතාගන්ඩ බැරි උනා)
Deleteදැන් මියන්මාරෙ
Deleteඔබ මෙතෙක් ගිය රටවල් හැර, තවත් රටවල් ඇද්ද මහරජ?
Deleteමොනවද යකෝ මේ දාල තියෙන්නෙ? මෙලෝ දෙයක් තේරෙන්නෑ. ලිංක් ග්‍රැෆික් ලිංක් ග්‍රැෆික් විතරනෙ කියන්නෙ.
ReplyDeleteඅනේ මචං වෙරි ම වෙරි සොරි... !!
Deleteඉඳපං මං මීළඟට දානව උඹෙ කළීසමේ චූ යන විදිහෙ හොල්මං කතාවක්. පැම්පර්ස් පැකැට් එකක් ගනිං දැම්මම.
දාපං දාපං. දැනටම අරං තියෙන්නෙ.
Deleteදැනව කිව්වට බං - ගොතල ලියාගන්ඩත් එපැයි...
Deleteගිය සතියේ එක මරණ දැන්වීමක් නැතිව මාත් ගොඩක් දුක් උනා..
ReplyDeleteAlbans satire one he eks
Deleteදූෂකයා,
Deleteමාත් හැමදාම පත්තරේ බලනව එකෙග්ගෙ මරණ දැන්වීම තියෙනවද කියල. හැක්
විදානෙ,
උඹෙ කමෙන්ට් එක තේරුංග ගන්ඩ සමපෝෂ කීයක් කන්ඩ වෙයිද දන්නෑ?
කෝ ආධාර දාන්ට කැටේ
ReplyDeleteදාපං මයෙ ලාච්චුවට. බාගෙට ඇරල තියෙන්නෙ...
Deleteපරණ පත්තර සඟරා රාත්තලක් දෙකක් මටත් එවපං,ආයෙ කරුණු කාරණා හොයා හොයා මහන්සි නොවී බ්ලොග් ලියන්න මටත් හිතුණා.
ReplyDeleteහෆූ...! විලිලැජ්ජයි සන්තෝසයි...
Deleteජීවිතං අනියතං - මරණං නියතං කිව්වලු..
ReplyDeleteජීවිතං අනියතං - මරණං ඉක්මන් ඒ ඔහෙට අපිට නොවෙයි
Deleteඇත්තද? ස්තුතියි ඈ මතක් කරාට.
Deleteඅපි දවසක් යාළුවෙක්ට දුන්න තෑග්ගක මෙහෙම ලිව්ව... මට ඒක හම්බුනේ ගූගල් එකෙම්මයි.
Deleteජීවිතං මරණං - අනියතං නියතං
ගොංකමං නියතං - බක්කරේ හූ හූ...
කැම්පස් භාවනාව මෙන්න මෙහෙමයි...
මරණං නියතං - උපාධිං අනියතං
උපාධිං ලැබුනොතිං - රස්සාව අනියතං
රස්සාව ලැබුණත් - පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
සාධු සාධු සා...ධු!!!
Mary
ReplyDeletejayawewa?!!!!!
ඈ...?
Deleteමේ යන හැටියට ළඟදිම විදානයගෙ ගෙදරින් මාරි හම්බවෙයි වගේත හැක්..
Deleteමං ආසම නෙක්ටො... (රතු පාට එක)
Deleteකටු ගෙයිද බොස් වැඩ කරන්නේ???
ReplyDeleteබිත්තර කටු ගෙයි... :-)
Delete.පරණ කොකෙක්..හෙක් හෙක්...
ReplyDeleteමං කොහෙ හරි කමෙන්ට් එකක් හැටියට දැම්ම ඔය කොක්කු කතාව... :-)
Deleteමෙහෙම වෙන්න ගියහම සරල රසවින්දනය සොයන අපි වගේ ගැත්තන්ට මොකද වෙන්නෙ ඇත්තො? අර මළ ගෙවල්වල නයිට් කතා ටිකක්වත් දාන්ඩකො.ඩ්‍රැකි පැට්ටගෙ දැන් අපුරු කතා ඇති.
ReplyDeleteනයිට් කතා... මරු කැටගරිය.
Deleteඩ්‍රැකි පැට්ටගෙ කතා නං අහන්න තියෙන්නෙ ඩ්‍රැකියානිගෙං තමා. මට මතක කොලු පැට්ට මාව දකින කොට හිනා වෙන විදිහ විතරයි. හනී ඉතිං... අද උන්දැ මුල්ම වතාවට කුක්කුබයියං කෑවනෙ. කෑව කිව්වට, කටගෑව විතරයි. කවපු වෙලාවෙ උන්දැගෙ මූණෙ තිබ්බ අප්පිරියා බැල්ම කෝටියක් වටිනව.
කම්මැලිකමට මෙහෙම පෝස්ට් දාන හැටි අපිත් ඉගෙන ගන්න ඕන.
ReplyDeleteකම්මැලි කමට පෝස්ට් දැමීම. සති අග පංති ඇරඹුනා. ඇතුල් වීම නොමිල්. (පිටවීම රු. පන්දාහයි)
Deleteඩ්‍රැකී සර්. VAM, PI, RE (Hons)
මේකට තමා සිංහලෙන් කියන්නේ "ආත්‍රප්‍රෝඩාව" කියලා..
ReplyDeleteමං හිතුවෙ මොලුස්කාව කියල... හැක්
Deleteසිසිර කුමාර මානික්ක ආරච්චිගෙ පොතක තිබුණ,
රෝ ඩා සිල්වා
ප්‍රෝඩා සිල්වා
පෝ ඩා සිල්වා
මතක් උනා
ඈ බං, උඹ බෝතල් පත්තර බිස්නොස් එකක් එහෙම කොරනවද? පරණ පොත් ගොඩගහන් ඉන්න එකේ ආතල් එක නම් ඉතිං මමත් දන්නව, ඒත් මේ පත්තර කෑලි...
ReplyDeleteමට නම් ඉතිං ඔය යලට-මහට ඇවිත් කම්මැලි නැතුව ලියපන් කියන්නත් බෑ, තියෙන එකක් බලල යනව මිස. මහාාාා කම්මැලි දසාවක් ලබල තියෙන්නෙ බං, පහුගිය දවස්වල අරහෙන් මෙහෙන් ඔය කීපදෙනෙක්ගෙම ලිපි කීපයක් කියවල ලිස්සල ගියා - කමෙන්ට් කෙටිල්ලත් කම්මැලියි.
ඒ උනාට ඉතිං එහෙම කියල බෑ - උඹල උනන්දු වෙල ලියාන්න ඕන, හරිය.... :)
අනේ... මේ කම්මැලි කම නිසා වෙලා තියෙන විනාසෙ. ඩීඩීටී දකින්ඩ ලැබෙන්නෙත් ඉතාම කළාතුරකිං. පරණ මූණක් දකිනව කියන්නෙ දෙයියො බුදුං දැක්ක වගේ.
Deleteමා ගාව තියෙන පරණ පත්තර ආපහු කියවද්දි, මං හිතිං අපහු පොඩි ළමයෙක් වෙනව. තේරෙනවනෙ මං අදහස් කරපු දේ?
හෙහ් හෙහ් හෙහ්, පේනවා නේද පරණ අරක්කු වගේම පරණ පොත් පත්තරත් බොහොම රසවත්. ඒකනේ කෂ්ටිය මෙච්චර ඇවිස්සිලා ඉන්නේ.
ReplyDelete1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාපු අවස්ථාවේ දාපු පත්තර දැන්වීමක් තියනවා. ඉංග්‍රීසියේ දාපු එකක්. ඒක මරණ දැන්වීමක් වගේ පෙනුනට ඇත්තටම කියවෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය මැරුණා කියන එකයි. තමුන්නාන්සේගේ කාරියාලේ පරණ කෙනෙකුගෙන් අහන්න.
ඩ්‍රැකියාගේ ගියපාර කමෙන්ට් වල ඕකගැන කතාවුනා.
Deleteමම ගෙදර ගිහිනුත් හෙවුවා පොත.හොයාගන්න හම්බුනේ නෑ.සරසවි එකට ගියවෙලාවෙත් බැළුවා.තිබුනේ නෑ.ආපහු ගෙදරගියහම බලමු අහුමුලු පීරලා...
පරණ අරක්කු
Deleteපරණ යාළුවො
පරණ පොත්
තමා හොඳම...
විචා මාම කිව්වෙ සිසිර කුමාර මානික්ක ආරච්චිගෙ දැන්වීමක් මයෙ හිතේ. කටුස්, සිරිබිරිස් සහ බුරා ඔය ගැන කිව්ව කලිං පෝස්ට් එකේ...
කටුස්, පුළුවන්නං ඒ කොටහ ස්කෑන් කරල දාන්ඩ, ලොකු සේවයක්...!
පරන වෙන්න වෙන්න අගේ වැඩි වෙන්නෙ මොනවගෙද?
ReplyDeleteකෞතුක වස්තු වල නෙ?
මේකෙත් අගේ වැඩිවුනේ ඒකම නිසා නොවුනත් අගෙය් පෝස්ටුව
ස්තූතියි...
Deleteපරණ දේවල අගය දැකීම මට තාත්තගෙන් උරුම වුන දෙයක්. (ඒක නිසාම මං ආච්චිලට හරිම ආදරෙයි) මට මතකයි මං චූටි කාලෙ තාත්ත, එයාගෙ කාසි කලෙක්ෂන් එක දිගඇරල, මට තුට්ටුවක් පෙන්නුව. අපි ගාව දැන් තුට්ටු එකොළහක් තියෙනව.
අපේ අම්ම එකතු කරපු කාසි එකතුවක් මගේ ළඟත් තියෙනව ඩ්‍රැකී. එතන සත කාල, බාගය කාසිත් වෙනත් කාසි වර්ග කිහිපයකුත් තිබුනා. එකම වර්ගයෙ කාසිත් කිහිපයක්ම තිබුනා එතන. මමත් දැන් අලුත් කාසි ඒකට එකතු කරනවා. අපෙන් පස්සෙ පරම්පරාවක අයටත් ඒව දැකගන්න තියන්න ඕන නිසා.
Deleteඒ කීපයක් ඡායාරූපගතකරල මම සත්සමුදුරේ දිනේෂ්ට යැව්වා වරක්. ඒ ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත්පතේ ලිපියකටත් පලකරල තියෙනව මම දැක්කා පස්සෙ දවසක.
http://sathsamudura.blogspot.com/2012/10/blog-post_31.html
මං දැක්ක සත්සමුදුරේ එක. එතන දිනේෂය කියල තිබුන් නෑ ඩීඩීටී ගෙ නම.
Deleteඅර සම්බුද්ධ ජයන්ති පහේ කාසිය මං දැක්කෙත් ඒකෙම්මයි. ඩීඩීටී ගාව වීඕසී කාසිත් තියෙනවද? මාර වටිනව...
//එතන දිනේෂය කියල තිබුන් නෑ ඩීඩීටී ගෙ නම//
Deleteඅනේ ඒක ඒ අහිංසකයගෙ වැරැද්දක් නෙවි බං. මමයි කිව්වෙ නමක් යොදන්න අවශ්‍ය නෑ කියල. දැන් උනත් මේ ලින්ක් එක දැම්මෙ, මගේ ගාව තියෙනව කිව්වට ඒ කාසි පෙන්නන්න වෙන ක්‍රමයක් නැති නිසා.
දැන්වීම් ටික හොදවුනාට අර උඹේ නයි ඇවිදින පෝස්ට් තරම් ලස්සන නෑ. ලියපන් කියවන්න, හිතන්න, හොයන්න ඉට්ටැයිල් උඹේ එකක්.
ReplyDeleteසුබපැතුමට ස්තූතියි.උඹ ඇරෙන්න අර ගෙදර ඉන්න අනිත් ඇත්තෝ සහ ඇත්තියන්ව ආදරෙන් මතක්කලා කියපන්.
නයි ඇවිදින පෝස්ට්? ඒ මොනවද?
Deleteහරි බං. උනුත් උඹව ආදරෙං මතක් කරයි, (කවද හරි මං උඹව අඳුන්නල දුන්න දවසක.)
ළඟදිම මං ලියනව ලිවිල්ලක් කොහොමද දන්නවද?...