කලින් ලියපු මෞඉ ගෙ කතා
මේ කතා පළකරන්න පරක්කු වුනේ මේ කතාවල තියෙන ප්‍රචණ්ඩත්වය අඩු කරන්න විදිහක් ගැන කල්පනා කරන්න සිද්ධවුනු නිසයි. නමුත් එහෙම කළානම් මුල් කතාව මා අතින් විකෘති වෙනවා. මේවා දරුවන්ට කියා දෙද්දි ප්‍රචණ්ඩකාරී කොටස් අඩු කරලා කියා දෙන්න කියලා ඉල්ලා හිටිනවා මුලින්ම.
මෞඉ සහ ටූනා
මෞඉ ගෙ භාර්යාව වුනේ හීනා-අ-ටෙ-ලෙපෝ. (වගුරේ දියණිය) එ් දෙන්නා තමන්ගෙ පිදුරු සෙවි කළ පැල්පත තනාගෙන හිටියෙ ගං ඉවුරක. හීනා ගෙදර වැඩපළට වතුර ගෙනාවෙ ඒ ගඟෙන්.
දවසක් ලබුකැටය අරං හීනා ගඟට ගිය වෙලාවක ටූනා-රෝආ හෙවත් දිග ආඳා දැක්කා. ඌ ගං ඉවුරට පීනගෙන ඇවිත් එයාට වලිගෙන් ගැහුවා. ඒ පාරට ගඟට වැටුණු හීනා, ආඳගෙ වලිගෙ තිබුණු සෙවළ වලින් නෑවිලා ගියා.
හීනා මෞඉට ඒ ගැන වචනයක්වත් කිව්වෙ නෑ. ඒත් අනිත් දවසෙත් ඔය අකරතැබ්බයටම මූණ දෙන්න එයාට සිද්ධ වුනා.
ඒ ගමන හොඳටම කේන්ති ගියපු හීනා, මෞඉට කිව්වා වෙච්ච කරදරය.
(සමහර නවසීලන්ත කතා වලට අනුව, ටූනා-රෝආ කියන්නෙ ගඟෙන් එගොඩ හිටපු ගෝත්‍රයක නායකයෙක්. එයා හීනා ට අවමන් කළා කියල කියනව.
මෞඉ එයාගෙ ඔරුව මුහුදට තල්ලු කරන්න යොදාගත්ත ලැලි පුවරු දෙකක් ගඟ හරහා දාලා ඒදණ්ඩක් හැදුවා. ඒ ළඟ එයා ම-ටෝරි ටෝරි කියන ගල් පොරොවත් තියාගෙන හැංගිලා උන්නා. අර ටූනා ඒදණ්දිඩෙන්ගේ එගොඩ වුන ගමං මෞඉ හැංගිලා හිටපු තැනිං එළියට ඇවිත් පොරොවෙන් ගහලා ටූනා ගෙ හිස කඳෙන් වෙන් කළා.)
අනික් පුරාවෘත්ත වලට අනුව, ටූනා-රෝආ කියන්නෙ ලොකු ආඳෙක්.
ඔය ආඳා හීනාට හිරිහැර කළා විතරක් නෙවෙයි, මෞඉගෙ ළමයි දෙන්නෙකුත් ගිළදැම්මා. ඉතිං මෞඉ ගෙ කේන්තිය තව තවත් වැඩි උනා.
මෞඉ දවස් ගානක් මහන්සිවෙලා ආඳා හැංගිලා හිටපු ගුහාව හොයාගත්තා. ඒක තිබුණෙ මෞඉගෙ පැල්පත අසලින් ගළා ගෙන ගිය ගඟේ.
මෞඉට තේරුනා ආඳට පහර දෙන්න නම් ඌ වතුරෙන් එළියට ගන්න ඕනෙ කියල. ඒ නිසා එයා කැළේට ගිහිං ගොඩක් පුද පූජා පවත්වලා, තෝරාගත්ත ගස් වලින් හදාගත්තා හීනි ඉස්කෝප්පයකුත්, හෙල්ල කීපයකුත්. ඒවයින් එයා ගඟේ ඉඳං පිටතට ඇළක් කැපුවා. ඒ ඇලෙන් වතුර බස්සවලා ආඳා හිටපු ගුහාවෙ වතුර හිස් කළා.
ඊට පස්සෙ මෞඉ හයිය ඇති දැළක් අර ඇළ හරහට බැන්දා. ඒක බැඳලා, එයා වැස්ස වස්සවන්න මන්තර මතුරමින් පූජා පැවැත්තුවා. ඒ එක්කම වැස්ස වැහැලා, ගඟ පිටාර යන්න පටං ගත්තා ආඳා හිටපු ගුහාව පිරිලා ආඳව ගහගෙන ඇවිත් දැලේ පැටළුනා.
ගල් පොරොව අතට ගත්ත මෞඉ දුවගෙන ගිහිං ආඳට පහර දුන්නා මුල්ම පහරින් ආඳගෙ හිස වෙන් වුනා. තවත් පහර කීපයකින් ආඳා කෑලි කීපයකට කැපිලා වෙන් වුනා.
ආඳගෙ ඔළුවයි වලිගෙයි ගිහිං දැම්මා මුහුදට. ඒ ඔළුවෙන් මුහුදේ මාලු බිහි වුනා. වලිගෙන් තමයි විශාල මුහුදු ආඳා හැදුනේ. අනිත් කෑලි වලින් මුහුදේ ඉන්න භයංකර සත්තු බිහිවුනා. ගඟට වැටුනු කෑලි මිරිදිය ආඳුන් බට පත් වුනා. ආඳගෙ ඔළුවෙ කෙස් වලින් දියේ හැදෙන වැල් වර්ග බිහිවුනා.
මෞඉ ටූනා හෙවත් මහා ආඳා මැරුවට පස්සෙ තමයි මිනිස්සු බය නැතුව ආඳ මාලු කන්න පටන් ගත්තයි කියන්නෙ.
තවත් නවසීලන්ත කතාවක තියෙනව මෙහෙම,
ආඳා එන පාර හරහට මෞඉ ලී කොටන් ගොඩක් ඇටෙව්වා. ඒ කරල එයා ඒ අසළ හැංගිලා ඉඳන් හීනාට ගඟට යන්න කිව්වා වෙනද වගේම. හීනා දැක්ක ගමන් ආඳා පීනගෙන ආවා ගං ඉවුරට. ඒ ගමන හීනා ආපහු අර ඇටවුම දිහාට ආවා. ආඳා ඇගේ පස්සෙන්ම ආවා. හීනාත් ඇටවුම පහු කරගෙන මෞඉ හැංගිලා හිටපු තැනටම ආවා. ආඳා ලී කොටන් උඩින් එද්දි කොට ටික ලිස්සලා ගියා. මෞඉ ගල් පොරවෛන් ගහලා ආඳා මරලා කෑලි කෑලි වලට කැපුවා. උගේ වලිගෙන් මහා මුහුදු ආඳා හැදුනා. සමහර කොටස් වලින් මිරිදිය ආඳුන් ඇති වුනා, ආඳගෙ ලේ බිංදු වැටුණු කුරුල්ලන්ගෙ අත්තටුවල රතු පාට පුල්ලි ඇඳුනා. ඒ ලේ වැටුණු ගස් වල දැව රතුපාට ගැහුනා.
සැමෝවා කතාවකට අනුව, (කෙටියෙන් කියන්නෙ) සීනා හෙවත් හීනා ඇති කරපු පොඩි ආඳෙක්, පස්සෙ දැවැන්ත ප්‍රමාණයක් වෙන්න වැඩිලා, හීනා ට හපනවා. එයා ආඳගෙන් බේරෙන්න දුවලා දුවලා ගිහිං අන්තිමේ එක ගමක නායකයෙක් ආඳව මරනව වස දාපු බීම බොන්න දීලා. මිය යන වෙලාවෙ ආඳා හීනා ගෙන් ඉල්ලනව එයාගෙ හිස ගෙනිහිං හීනා ගෙ පැල්පත ගාව වළලන්න කියල. ඒ හිස වළලපු තැනින් කවුරුවත් නොදන්න ගහක් පැළවෙනව. ඒ ගහේ ගෙඩියෙ ලෙල්ල ඉවත් කරපුවාම ඇස් තුනක් මතු වෙනව. ඒ විදිහට ආඳට නිතරම හීනා දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙනව. ඒ ගහ තමයි පොල් ගහ.
මෞඉ මරණය ජයගන්න ගිය හැටි
මෞඉගෙ තාත්තා දවසක් පුතාට කිව්වා, කවදාහරි මෞඉ පුරාණ මිත්තණියක් වන මරණයේ දෙවඟන හෙවත් හිනෙ-නුයි-ටෙ-පො විසින් යටත් කරන බව.
මෞඉ තාත්තගෙන් එයා ගැන වැඩි විස්තර ඇහුවා. අහසත් මුහුදත් එකතු වෙන දිහාවට අත දික් කරල පෙන්නපු තාත්තා කිව්වා, මරණයේ දෙවඟන රතු ඇස් තියෙන, මනුෂ්‍ය ශරීරයක් තිබුණත් බැරකුඩා මාළුවෙක්ගෙ දත් තියෙන කෙනෙක් කියලා.
බැරකුඩා මාලුවෙකුගේ දත් http://2.citynews-napolitoday.stgy.ovh/~media/original-hi /1855141014877/barracuda-4-2.jpg |
මෞඉ බයවුනේ නෑ. එයා තාත්තට කිව්වා, “මට පුළුවන් ලේසියෙන්ම හිනෙ-නුයි-ටෙ-පො පරද්දන්න. එතකොට කාටවත්ම මරණයට යටත් වෙන්න ඕනෙ වෙන්නෑ.“ කියල.
ඉතිං මෞඉ එයාගෙ යාළුවන් වුනු කුරුල්ලන් රාශියක් පිරිවරාගෙන පිටත්වුනා, තාත්තා පෙන්නපු දිහාවට.
මරණයේ දෙවඟන හිටපු තැනට ආවට පස්සෙ මෞඉ කුරුල්ලන්ට කිව්වා කිසිම සද්දයක් කරන්න එපා කියල. එහෙම කියල එයා දළඹුවෙක්ගෙ වෙස් අරගෙන හිනෙ-නුයි-ටෙ-පො ගෙ කකුලට ගොඩ වුනා. එයා කල්පනා කළේ දෙවඟනගෙ ගර්භාෂයට ඇතුල් වෙලා කටින් එළියට එන්න.
මෞඉ දළඹුවෙක් වුනු හැටි දැකපු පිවකවාකා හෙවත් ෆෑන්ටේල් කුරුල්ලට හයියෙන් හිනා ගියා. ඒ සද්දෙට ඇහැරුණු මරණයේ දෙවඟන කකුල් දෙකට මැදිවෙලා හිටපු දළඹුවා පොඩි කරලා මැරුවා.
ෆෑන්ටේල් ද්‍රෝහියා :) https://i.pinimg.com/736x/4f/ae /db/4faedb759401345e8e94f6483b2c2aef--fantail-year-.jpg |
මෞඉගෙ හැම කුරුලු යාළුවෙක්ම ඒ වගේ ද්‍රෝහියෙක් නෙවෙයි.
මේක කලින් කියපු කතාවක පොඩි කොටසක්.
මෞඉ ඉර අල්ලපු හැටි අපි පළවෙනි කොටසෙදිම කියෙව්වා. ඒ වැඩේදි මෞඉ එක්ක ගියා එයාගෙ සුරතලා වුනු ටිඑ්කේ හෙවත් සෑදල කුරුල්ලා (saddleback).
මෞඉ ඉර පායන්න කලින් ටිඒකේට කිව්වා ගෙදර යන්න කියලා. මොකද ඉරේ රස්නෙට කුරුල්ලට අනතුරක් වෙයි කියලා. ඒත් ඌ තමන්ගෙ යාළුව දාල ගියේ නෑ. මෞඉ ඉර අල්ලගනිද්දි ඉරේ රස්නෙට ටිඒකේගෙ පිටේ පිහාටු ඔක්කොම පිච්චුනා. ඒ කැළල අද දක්වාම සෑදල කුරුල්ලන්ගෙ පිටේ තියෙනවා.
මෞඉගෙ කෙස් උණු වේගෙන එද්දිත් කුරුල්ලා මෞඉ දාල ගියෙ නෑ. අන්තිමේ මෞඉ තමන්ගෙ පිච්චුණු අත් දෙකෙන් ටිඒකේ අල්ලලා ඈතට විසිකළා. එහෙම නොකරන්න කුරුල්ලා පිච්චිලා මැරෙන එක වළක්වන්න බෑ.
saddleback https://www.birdoftheyear.org.nz/sites/birdoftheyear/files /styles/bird_popup/public/saddleback.png?itok=UDfykqn- |
මූලාශ්‍ර
http://www.sacred-texts.com/pac/maui/maui10.htm
http://www.deeknow.com/notes/maori/maui.html
http://www.tourism.net.nz/new-zealand/about-new-zealand/maui-and-tieke.html
ela
ReplyDeletethanx!
Deleteඑතකොට මෝයි මලාද? හපොයි
ReplyDeleteඑහෙම තමයි කොල්ලා මැරුණයි කියන්නෙ. :)
Deleteමිනිස්සු පරිසරය වටහා ගන්න උත්සහ කරපු හැටි අපුරුයි බෝ
ReplyDeleteඒක තමයි. ගොඩක්ම සංස්කෘතීන්වල මුල් කාලෙ ජනශ්‍රැතියෙ, ජන ගීවල එහෙම ඔය චමත්කාරය තියෙනව. සෘග්වේදය එහෙමත් ඒ විදිහයි කියල කියනවනෙ. බෛබලේ ගීතාවලියෙත් ඒ වගේ යමක් තියෙනව.
Deleteනියමයි යකූ...
ReplyDeleteස්සූදියි දියි යි යි... ලොකූ කූ කූ කූ...
Deletehttps://teara.govt.nz/en/te-hopu-tuna-eeling/page-7
ReplyDeleteගොඩක් ස්තූතියි එකතු කිරීමට ප්‍රා... කියවල ම යමක් කියන්නං.
Deleteමෞඉ මරණය ජය ගන්න හැටි කියල දාල.. ඌ මළයි කියුවම හෙන අප්සෙට් නේ යකු.. :/
ReplyDeleteමම ලිව්වෙ "මරණය ජයගන්න ගිය හැටි" නෙ... ගියා, ඒත් හරි ගියෙ නෑ. මොනව කරන්ඩද ලොකු අයියෙ?
Deleteහරි එතකොට කියහංකො බලන්න னයි බිහිඋනේ ඔය ආඳගෙ මොන කෑල්ලෙන්ද කියල.
ReplyDeleteආඳගෙ බිජ්ජෙං...
Deleteඌට එහෙම එකක් තිබ්බයි කියල බොට ශුවර් ද?
Deleteකෑලි පහේ එකක්ය කියන්නෙ...
Deleteආහ් ඩ්‍රැකී අයියා..
ReplyDeleteමෝයී නිකම්ම කාර්ටූන් කැරැක්ටර් එකක් කියලා හුත්වෙ.
ඒකෙ එහෙම නෙමෙයි කියලා දැන්නෙ දැනගත්තෙ මරු පෝස්ට් එකක් අයියා..
හැබැයි ඉතින් අර මැරුනය කියපු විදිය තමා කැත
අප්පට සිරි!
Deleteගල්ආඳි ආව නේද මෞඉ ආඳෙක්ව මරපු කතාවට හූමිටි තියන්ඩ? කොහෙද ගිහිං උන්නෙ? බැන්දද? නැත්තං අර සපත්තු බොසා මොකක් හරි විෂමාචාරෙකට පටළෝල හිරේ වැටුණද? අරෙහෙ බ්ලොග් එකේ මකුලුදැල් විමානෙ. අඩියක් ගහන්ඩ ඉඩ නෑ....
මෞඉගෙ පරණ කතා ටික කියවල ම එන්ඩ. එව්ව මෙයිට වඩා හොඳා...
කලින් කතාවත් කියෙව්වා ඩ්‍රැකියො...
Deleteතව සෙට් එකක් තියෙනවා කියවන්න. සපත්තු බොසා මාව එලවන්න.. හෙ.. ඒවා කොහෙද මාත් එක්ක..මං චන්ඩි නෙ අනේ අමතක වුනාද?
මං මේ ආවෙ කවුද ආඳෙක් මැරුවෙ කියලා බලන්න අපේ සෙට් එකත් ලෑස්ති කරගෙන. ඒ වුනාට ඩ්‍රැකි අයියා නිසා මන් ඉවසනවා. ඕ යෙස්. නැත්තම් දන්නවනෙ මගෙ හැටි...
ඔය මොක කිව්වත් මං මේ හූන කාව්ව වගේ කියන්නෙ, ඔය සපත්තු බොසා කවද හරි ගල් ආඳිව කසාද බැඳගෙන තමා ඕක කෙළවර වෙන්නෙ.
Deleteඔව් ආඳෙක් මැරුව තමා... ඇයි මොකද? චණ්ඩි ඉන්නවද ආාා ?
ආඳෙක් මරලා මෙතන සමාව දුන්නම කෑ ගහන්නත් එනවා..
Deleteමං චන්ඩි තමයි.. මං කියලා තියෙනවා නෙ.. අපේ අයියත් කියන්නෙ එහමයි.. ඕ යෙස්..
sapaththu bosaa gana nam kiyanna godaaaak dheiwal thiyenawaa. passe kiyannam ko
Deleteman wedding eka gadhdhi kiyannamko draki ayiyata.. balan innoooo
නරකද ආපහු බ්ලොග් එක ලියන්ඩ ගත්තනං? ඔය සපත්තු සෙරෙප්පු චොකලට් ආදී ඕනෙම කතාවක් ලියන්ඩ බැරිය... ඔන්නං වෙඩිමෙන් පස්සෙ පොඩි විරාමයක් දෙන්ඩැහැකි. :)
Deleteඅම්මපා මහ අසික්කිත විදිහකට මැරිල තියෙන්නෙ. අන්තිමට කියන්න තියෙන්නෙ වත්තක් අස්සෙ රිංගන්න ගිහිං මලා කියලනෙ. සමහර විට කකුල දිගෙ යද්දි කැහිල්ලක් හැදිලා මූව අහුවුනා වෙන්ට බැරිද? අනික මොන ලබ්බකට ද අර කුරුලු හැත්තක් අරං ගියෙ?
ReplyDeleteඔව්, ඔය සිද්ධීයෙං තමා අර රබං පදේ හැදිල තියෙන්නෙ...
Delete“...හැත්තක් අරගෙන වත්තට යනකොට කැත්තෙක් ඉඳගෙන කජු කනවා...“
උඹ මහ අසික්කිතයි කිව්වට, ඒක සුවදායක මරණයක් කියලත් කෙනෙකුට කියන්ඩ පුළුවං...
This comment has been removed by the author.
ReplyDeleteමං බලාගන්නංකො... මේල් එකට එනවනෙ මැකුව එව්ව හිටං
Delete:P :P
Deleteඩ්‍රැකියො කරුණා කරල කියනවද රස්සාව කරන්නෙ මරදාන ස්ටඊශන් එක කිට්ටුව පැත්තෙ ද කියලා.. ලොකු පස්නයක් විසදගන්න අනේ අහන්නෙ
ReplyDeleteනෑ මං කිව්වෙ රජයේ දෙපාර්තුමේන්තුවකද කියලා. ? 2015වගේ මං අහන්නෙ?
මරදානෙ ස්ටේෂන් එකේ ඉඳං පයිං විනාඩි දහයක් යන්නෑ මං ඉන්න අමාත්‍යාංශෙට. ඕනෙ වෙලාවක කියන්න. ඕනෙ උදව්වක් පුළුවන් විදිහකට දෙන්නං.
Delete2015 මං හිටියෙ බොරැල්ලෙ.
මගේ අම්මේ.. එහෙනම් හරි..
Deleteමං මේ පරණ පෝස්ට් එකක් දැක්ක ඩ්‍රැකි අයියගෙ අත්ත නම් ප්‍රභාත් කියලා.. මං බය වුනා නෙ අනේ. මොකද අර අපේ සපත්තු බොසා ගෙ හොදම යාලුවා ප්‍රභාත්. එයත් ඔය කියන කාලෙ මරදාන කිට්ටුව දෙපාර්තුමේන්තුවක වැඩ කරා. මාත් එතන වැඩ එතකොට. හපූයි මට ඒ යකාව පේන්න බෑ. මං බැනලත් තියෙනවා.
මං බැලුවේ ඒ ඩ්‍රැකි අයියා වෙන්න පුලුවන්ද වැරදිලාවත් කියලා..
ඒත් එහෙම වෙන්නත් බෑ. මොකද ඒ මිනිහා මහා පණ්ඩිත රාල කෙනෙක්. එයා හිතන් හිටියෙ ඒ කාලෙ එයා තරම් පොරක් නෑ කියලා. ඩ්‍රැකි අයියා එහෙම නෑ නෙ දන්න තරමින්. ටිකාක් විතර ලෝබ වුනාට..
අපේ අත්තගෙ නම ප්‍රභාත් නෙමෙයි. විලියොං සිඤ්ඤො.
Deleteඔයා කියන්නෙ ප්‍රභාත් රණවීර කියල හාදයෙකද?
හපූයි මං කිව්වෙ ඇත්ත නමේ අනේ.. ටිකක් වැරදුනා..
Deleteනෑ ඩ්‍රැකී අයියා
ප්‍රභාත් මොන-ආරච්චිද මන්ද.. මුදුනාරච්චි හරි ඔය වගේ නමක්.
මුදුනාරච්චි නෙමෙයි එහෙනං රත්සර මද්දුම ආරච්චි වෙන්ඩැති?
Deleteඅම්මෝ වෙන්න ඇති අයිය දන්නවද මෑන්ව? මේක එහෙම පෙන්නන්න එපෝ.... මාව හොයන් ඇවිත් මරයි...
Deleteරත්සර කෑල්ලක් නම් මතක නෑ ඒත්
මං එහෙම කිව්වෙ මහේෂ් රත්සර මද්දුම ආරච්චි මතක් උන නිසා. එහෙම නමක් ඇත්තටම තියෙනවද කියල මා-දන් නෑ...
Deleteහොඳයි, රහයි! හැබැයි මං තවම මේ චරිතවල නම් කියවෙන හැටි හොයනවා.
ReplyDeleteඒකනෙ නිදි... ඔය නං වල එකළඟ ස්වර තුනක් විතර එනව. කියන්ඩ ඕනෙත් ඒ විදිහටමයි. ඔය වචන තව හොඳා. සුලු වගේ ගෝත්‍රික භාෂා වල වචන අස්සෙ අර තොල්, දිව, තල්ල එහෙම සූප්පල හුස්ම ඇතුලට අදිද්දි එන ශබ්ද පවා තියෙනව... ඒ බව හොඳට හිතට අරං, ඔය ඉහළ තියෙන වචන කියවන්ඩ මහන්සි වෙන්ඩ... වරදින් නෑ... :)
Deleteனයා ඔබ ගැන අවදියෙන්.
ReplyDeleteගිහිං බුදියගනිං, නැත්තං ගහන්නෙ පැට්‍රෝමැක්ස් එකෙං දමල...!
Deleteඒ උනාට ඩ්‍රැකිය னிදිද කොහෙද.
ReplyDeleteමොන මගුලද්ද බං? ආවනං ඔහෙ දෂ්ට කරල පලයං මගෙ නින්ද කඩන්නැතුව...
Deleteඩ්රෟඉ මළාද?
ReplyDeleteවරෙං හද්දවසෙ දානෙට.
Deleteබලං ඉඳපිය මැරෙනකං. මොකටද මෙහෙම යාළුවො හැබෑට?
Good article! I like your posts!
ReplyDeleteවැඩට යන්න ඔනේ හවස එන්නම් කියවන්න
ReplyDelete