Tuesday, February 23, 2021

අවසානයක් නොවේ - 30

"ඔව්... දෙන්නා ම තමයි" සුමන වාඩි වී සිටි තැනින් නැඟිට ඇත්කඳ ළිහිණියා වෙත පිය නැගුවේ ය. ඔහු දැවැන්ත පක්ෂිරූපාකාර සත්ත්වයාගේ මුහුණ දෙසට සිය සුරත දිගු කරත්ම, ළිහිණියා ගෙළ දිගු කරමින් හිස බිමට පහත් කළේ කර මතට නැඟීමට පහසුු කරවමිනි. සුමන ඉතා පහසුවෙන් වම් පය ඔසවා ඓරාවණගේ කර මතට පැන, හරි බරි ගැසුණි. ඔහු අනුගමනය කළ තාරා, බිම සිටිමින් ම නෝර්ඩික් නාවුකයාට ද ළිහිණියාගේ කර මතට නැගීමට උදව් කළා ය. ඩ්‍රේක් සුමනගේ පිටුුපසින් වාඩි වූ විගස, ඔහු ගේ බාහුවේ එල්ලී, සුඛනම්‍ය ලීලාවෙන් කෙටි පිම්මක් ඉහළට පිනූ කාන්තාව පුරුෂයන් දෙ දෙනාට ම පිටුපසින් ඇත්කඳ ළිහිණියාගේ කර මතට නැග ගත්තේ සැහැල්ලුවෙනි. 

එවිගස, සුමනගේ විළුඹින් පැහැරුණු ඇත්කඳ ළිහිණියා දුන්නෙන් මිදුනු ඊයකටත් වඩා වේගයෙන් අහසට නැඟුනේ ය. 

එවැනි වේගයක් අපේකෂා නොකළ ඇඩම් ගේ හිස කැරකෙන්නාක් මෙන් ඔහුට දැණුනි. භයංකර කුණාටු මැද, බමරයක් සේ වැනෙන කුඹ ගස් මුදුනේ, හරස් රුවල් දඬු දිගේ කෙටි අසිපත වනමින් සැහැල්ලුවෙන් දිව ගිය පළපුරුද්ද තිබුණ ද, මේ අත්දැකීම ඒ සියල්ලට වඩා අතිශයින් වෙනස් විය.

මොහොතකින් වළාකුළු පසුකරමින් ඉහළ නැඟුනු ළිහිණියා ආපසු පහතට බැස්සේ උල්කාෂ්මයක් බඳු වේගයකිනි. පුළුන් තීරු වැනි වළාකුළු ඉරාගෙන පහතට එද්දී, මිනිස් පහසක් නොලද නැවුම් කොළපැහැ තණ බිමක් මිහිදුම අතරින් මතු වී ආයේ ය. දැවැන්ත වටකුරු ගල් විසිරුණු උස් සානුවක් මැද...පෙණ කැටි නඟන දිය පහර කිහිපයක් සතර අතට ගළා යන කළු වන් දියෙන් පිරි විලක්...විල් ඉවුරෙහි එක් පසෙක සිටුවන ලද ගල් කුළු වලින් සැදුණු වටයක්... නාවුකයාගේ ඇසට ලක් විය.


කුඤ්චනාදය වැනි තියුණු හඬක් නඟමින් ඓරාවණ ගල් වටය අසල බිමට පහත් විය. වේගයෙන් පතිත වූව ද, උගේ කර මත සිටි මඟියන් ති දෙනාට යන්තමින් හෝ කම්පණයක් නොදැනුණි.

"නුඹලා ට..." අග්නි කියන්නට ආ දෙය ගිළ ගත්තා ය. වම් පය පක්ෂියාගේ හිසට ඉහළින් දකුණු පසට ගත් සුමන උගේ කර මතින් ලුහුටා බිමට පැන ගනිද්දී, ගල් වටය තුළ පුරුෂයන් සිවු දෙනෙකු සිටි බව ඩ්‍රේක් දුටුවේ ය. 

"ටිරෙල්!"

ඇඩම් ගේ කටහඬ සමඟින්, ඔහුගේ පැරණි සහචරයා වාඩි වී සිටි තැනින් නැඟිට, ගල් වටයෙන් එළියට දිව ආවේ නිතැතිනි. අද්මිරාල් ද සුමන අනුකරණය කරමින් ළිහිණියාගේ කර මතින් බිමට පැන, සිය පැරණි සගයා වැළඳ ගත්තේ ය.

*    *    *

"ටිරෙල් කියපු විස්තරය ඇත්ත බව මම තවත් මාර්ග කීපයකින් තහවුරු කරගත්තා." ඉන්ද්‍ර කීවේ ය. සය දෙනා ම සිටියේ ගල් වටය තුළ වූ කුඩා ගල් මත වාඩි වී ගෙන ය. "මේ පාර නම් කන්ද උඩ රට රාජසිංහ රජ්ජුරුවන්ගේ අත්තනෝමතික පාලනය ඉවරයක් ම කරන්න හැකියාව කැරළි කාරයන්ට තියෙනව. ලුණුගල ධර්මකීර්ති තෙරුන්නාන්සෙ යි, වැලිවිට සරණංකර පොඩි උන්නාන්සෙ යි හැම දෙයක් ම තිතට ම සැළසුම් කරලා. වෙන්න පුළුවන් කුඩා මහත් හැම විකල්පයකට ම මුහුණ දෙන්න මේ අය සූදානම්.

"ඒත්, රාසිං දෙයියො කම්මුතු කරලා රජකමට පත් කරගන්නෙ කාවද? අන්න එතනයි ගැටළුව. රාජසිංහ රජ්ජුරුවන්ගෙ පුතා, මහාස්ථානෙ කුමාරයාට නම් මිනිස්සුන්ගෙ පොඩි හරි පක්ෂපාත කමක් තිබුණා. ඒත් මේ රජ කරවන්න යන කරල්ලියද්දෙ බණ්ඩාර ගෙ මුණුපුරාට උඩරට මිනිස්සු පක්ෂපාති වෙන්නෙ නෑ. යමසිංහ කුමාරයටත් රජකමේ ඉන්න පුළුවන් වුණේ ටික දවසයි. කුසුම් අස්ථාන හෙවත් දෝන කතිරිනා පණ රැකගත්තෙ, විමලධර්මසූරිය රජු සරණපාවා ගත්ත නිසා... පරංගීන්ගෙ රැකවරණය ගත්ත උදවිය ගැන උඩරට පැහැදීමක් නෑ. 

"මේකෙන් වෙන්නෙ කන්ද උඩරට අස්ථාවර වෙන එකයි. ඒක හින්දා මම කියන්නෙ මේ කැරැල්ලට ඉඩ දෙන්න නාකයි."

මිත්‍ර සහ ඉන්ද්‍ර එකඟත්වය පළකරමින් හිස සළනු දුටු තාරා මවිතයට පත් වූවා ය.

"අපි කොනප්පු බණ්ඩාර ගැනත් හිතුවෙ ඔය විදිහට තමයි." ඇගේ වචනවල වේගයෙන් ඩ්‍රේක් සහ ටිරෙල් මුහුණ ට මුහුණ බලා ගත්හ.

"කොනප්පු බණ්ඩාරත් පරංගි ආරක්ෂාව ලබාගෙන හැදුණු වැඩුණු කෙනෙක්. ඒ උනත් කන්ද උඩරටට ආව ගමන් එතුමා සිංහල පැත්ත අරගත්තා. ඒකෙන් ම උඩරට එතුමාට පක්ෂපාතී වුණා..."

"නෑ... ඒක වුණේ එහෙම නෙවෙයි." මිත්‍ර කීවේ ය. "එයාගෙ පියා අසාධාරණ විදිහට මරවපු නිසා එයාට කොහොමත් උඩරට රදළයන් අතර පක්ෂපාතී පදනමක් හැදිලා තිබුණා. පරංගි හමුදාවත් එක්ක උඩරටට එද්දී රහස් පණිවුඩ කාරය‌ො මාර්ගෙන් එයා රදළයො බර ගාණක් තමන්ගෙ පැත්තට නම්මගෙන හිටියෙ."

"ඉතින් මේ වතාවෙත් එහෙම වෙයි කියල කොහොම ද කියන්නෙ?" අග්නි ඇසුවා ය. "ඒ විදිහෙ ක්‍රියා මාර්ගයක් මේ වතාවෙ සිද්ධ වෙන් නෑ..."

"හැබැයි ඒකෙ ඇත්තක් තියෙනව." ටිරෙල් මැදිහත් විය. "ධර්මකීර්ති උන්නාන්සෙ ගෙ පස්සෙ ඉන්නෙ ගංතලාවෙ දිසානායක යි, වන්නි වරුයි, තව කීප දෙනෙකුයි විතරයි. උඩරට රදළයො කවූරුවත් නෑ."

"රාසිං දෙයියන්ටත් උඩරට කැමැත්ත තියෙන්නෙ මතු පිටිං විතරයි..." සුමන කීයේ ය.

"කවුද එතකොට ලෙව්කේ කියන්නෙ?" අග්නි මාතෘකාව වෙනත් අතකට හැරෙව්වා ය. "ධර්මකීර්ති උන්නාන්සෙයි, ගංතලාවෙ රටේ රාළයි පස්සෙන් ඉන්න නියම මොළ කාරයා ලෙව්කේ කියල පේනව. කවුද ඒ?"

"ඒ ගැන නං කිසිම තොරතුරක් දැනගන්න විදිහක් නෑ. හතර කෝරළේ විජේසුන්දර බණ්ඩාරගෙ පරම්පරාවෙ කෙනෙක්... ඒ වගේම කලින් මහණ වෙලා ඉඳල තියෙනව. සිවුරෙ ඉඳපු කාලෙ වැලිවිට පොඩි උන්නාන්සෙ ගෙ ගුරුවරයෙක්..." ඉන්ද්‍ර කීයේ ය.

"ඒත් මම දැකපු ලෙව්කේ දිසාව නං සිවුරෙ උන්නා කියලා මොන විදිහකින්වත් කියන්න බෑ." ටිරෙල් කීවේ ය. "ගස් ගල් උදුරන්න තරම් ශක්තියක් තියෙන, ඒ වගේම පුදුම හිතෙන විදිහේ සටන් හැකියාවක් තියෙන කෙනෙක්. දවසක් ගංතලාවෙ දි උන්නැහැ ගැන දන්නැතුව අභියෝග කරපු මදාවි හතර දෙනෙක් ට මහ පුදුම වැඩක් කළා...

 "උන්නැහැ කෙසෙල් පඳුරු කීපයක් තිබුුුුණු මණ්ඩියකට ගිහිං, හීනි වේ රෑණක් අතිං අල්ලගෙන උඩ පිනුමක් ගැහුවා. ඒ පිනුම පැනලා බිමට එද්දි, බොහොම වේගයෙන් කැරකිි කැරකී, අර වේ රැණෙන් ගහලා, කෙසෙල් පඳුරු ටික පෙති පෙති ගහලා දැම්මා. දෙපය බිම ගහද්දි වටේ විසිරුණු කෙසෙල් පතුරු මිසක්, අර මහ කෙසෙල් ගස් එකක්වත්, අඩුම ගානෙ මොටෙයියෙක්වත් ඉතුරු වෙලා තිබුණෙ නෑ..."

"ඔය කියන සිද්ධිය නුඹ ඇහැටම දැක්කද?" ඩ්‍රේක් ඇසීය. 

"ආයෙ මොනවද? මට ඇස් අදහාගන්න බැරිවුණා."

"හොඳයි... අංගං හරඹ පැත්තකිං තියමුකො. මොකද්ද ලෙව්කේ ට තියෙන උවමනාව රාජසිංහ රජ්ජුරුවො අයිං කරලා, ගැටවර කුමාරයෙක් රජ කරන්න?" අග්නි විමසුවා ය.

ස්වල්ප වේලාවක් යනතුරු ඇසුනේ අසළින් ගළා යන දිය පහරේ සිරි සිරියත්, රෑහි හඬත් පමණකි...

"බෝ ඔය කියන්නෙ රූකඩ කුමාරයෙක් හිටවලා ලෙව්කේ රජවෙන්න යනව කියලද?" සුමන ඇසී ය.

"කොහොමත් අපි මේ කැරැල්ල නවත්තන්න උවමනයි." ඉන්ද්‍ර කීයේ ය. "දේව අස්ථාන කුමාරයා හෙවත් රාජසිංහ, කුසුම් අස්ථාන කුමාරි ගේ පරම්පරාවෙන් රජකමට උරුමක්කාරයා වෙලා ඉවරයි. හතර කෝරළේ ලෙව්කේ දිසාව කොයිතරං කූට වුණත්, ශූරයෙක් වුණත්, උඩරට එක්සත් කරන්න එයාට පුළුවන් කමක් නෑ. එයා එක්ක ඉන්නෙ ගණින්නාන්සෙලා, තෙරුන්නාන්සෙලා අතලොස්සකුයි, පිටිසර රදළයො ටිකකුයි විතරයි. මේකෙන් වෙන්නෙ උඩරට එකමුතු බව කැඩිලා ඕලන්දේසියාට තවත් පහසුකම් සැපයෙන එක විතරයි."

"ඔය ඕනෙම දෙයක් වෙන්න පුළුවන්..." අග්නි විරුද්ධ විය. 

*    *    *

ඇඩම් අවදි වූයේ එක් වර ම ය. ඔහුගේ තොල් මතට සිහිල් පැන් බින්දුවක් වැටෙනු සිහිනයෙන් මෙන් දැනී තිබුණි. දෑස් අඩ අඳුරට හුරු වනවාත් සමඟ, සිය හිස අසළ බිම වාඩිවී, තම මුහුණ දෙසට නැඹුරු වී සිටි තරුණියගේ රූබර මුහුණ ඔහුට හඳුනාගත හැකි විය.

නාවුකයා වැතිර සිටියේ ගල් ගුහාවක, පැතලි ගල් තළාව මත එළන ලද ගවර හමක් මත ය. අසළ වූ විලෙන් සිව් දෙසට ගළා යන දියපහරවල සිරි සිරිය අනවරත නැළවිලි ගීයක් සෙයින් ඇසෙමින් පැවතිණ. කණට හුරුව තිබූ රැහැයි නාදය ඊට වෙසෙසින් අවධානය යොමු කළහොත් විණා ඇසුණේ නැත. 

අග්නි සිය දෙතොල් මත සිරස් අතට සුරතේ දබරැඟිල්ල තබා, නිහඬ වන ලෙස සන් කළා ය.

හිස ඔසවා අවට බැලූ ඩ්‍රේක් ගේ දෑසට එක්වරම ලක්වුණේ, තැන තැන විසිරෙන ගිණි පුපුරු වැනි කණා මැදිරියන් ය. රහස් දූරයේ සෙසු සාමාජිකයෝ ගල් තලාව මත එළන ලද සම්කඩවල් මත වැතිර සුව නින්දේ පසුවූහ.

හඬ නොනැගෙන සේ නැගිටගත් තාරා අනුව, ඇඩම් ද සීරුවෙන් නැගිට්ටේ ය. තමා පසුපස එන ලෙස අතින් සන් කළ තරුණිය සෙමෙන් සෙමෙන් ගල් ගුහාව අභ්‍යන්තරය දෙසට පිය නැගුවා ය.


ඉතිරි කොටස 

සෑහෙන කාලයකට පසු බලාපොරොත්තු වන්න...

25 comments:

  1. //ඉතිරි කොටස සෑහෙන කාලයකට පසු බලාපොරොත්තු වන්න?????????????????????????????????????????????????//
    ඈ සෑහෙන කාලයක් ඉන්න වෙන්නේ බොලත් ඇඩමයි අග්නියි එක්ක ගල්ගුහාවේ ඇතුලට රිංගුවාද?

    ReplyDelete
    Replies
    1. හූ... හූ...!!

      ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද මස්සිනා...

      :-D

      Delete
  2. මගෙත් හිත කැඩුණි අන්තිම වැකිය දැක
    කල් ගන්නට හදන්නේ ඇයි වවා දුක
    සවාරියක යනවාවද දුරු රටක
    හැකි ඉක්මනින් රචනා කළ මැන අනෙක

    ReplyDelete
    Replies
    1. හිත කැඩුණට කලබල වනු මොකද පුතේ
      කළබලේට ලියනා දෙය තිත්ත වෙතේ
      පාඩං වැඩ මහ ගොඩක් ම මෙ මට ඇතේ
      මාසෙකට වරක් - දෙවරක් ලියනු ඇතේ

      Delete
  3. බොහොම අගෙයි. පාඩම් වැඩ අතපසු කරගන්න එපා. ගුහාවේ කතාව, අපේ බලාපොරොත්තු කඩ නොවෙන්න ලියුනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඒක මං ලියඤ්ඤං ඉක්මණට... ඒත් ලිව්වට පස්සෙ බලාපොරොත්තු කඩ වෙලා වෙන පැත්තකට යන්න ඉඩ තියෙනව. ඒ නිසා පරෙස්සමෙන් බකුස්...!

      Delete
  4. " ලන්දේසි " කියන එකේ පරණ වර්ශන් එකකුත් "හොලන්දේසි - ඕලන්දේසි - ලන්දේසි" එක්කම ලියල තියනව
    වෙල් ඩන්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ශ්‍රීමත් ප්‍රා ජේ තුමනි. ඔබගේ වෙල්ඩනය මට කෝටියකුත් තවත් දාහක් වටී.

      මට "ඔ්" යන්න ටයිප් කරන්න බෑ කම්පියුටරේ යුනිකෝඩ්වල ප්‍රශ්නයක්. ඔ්ක කොපි පේස්ට් කරල බොහොම දුකසේ ගැහුවෙ.

      Delete
    2. (හොලන්දේසි) ඕලන්දේසි = ලන්දේසි --------ලන්සි
      https://en.wiktionary.org/wiki/Olanda
      https://dictionarys.net/Hollandish

      Delete
    3. ඇත්තට ඔ්ලන්දය ගැන ඔය තරම් නිරුක්තිමය කාරණා මම දැනං උන්නෙ නෑ. මම උඩ ලියන්න ගියෙ ඔ්ලන්දක්කාරයො කියල. ඔ් යන්න කොපි පේස්ට් කරන එක පස්සෙ කරන්න හිතලා, ලන්දේසි කියල ටයිප් කරලා, කතාව ලියාගෙන ගියා. පස්සෙ ලන්දේසි ඉස්සරහිං ඔ් යන්න කොපි පේස්ට් කරද්දි මට හිතුණා, අර අන්දරේලා නාට්‍යයෙ දෙබස්වවල විදිහට ඔ්ලන්දේසි කාරයො කියල ම තියන්න... ඒක නැගල යනව - අපට හුරු පුරුදු එක වෙනුවට වෙනත් කියමනක් ගැහුවම.

      Delete
  5. ඔබතුමා බොන් අගේන් කල්ලියෙද?
    පතෝලික කල්ලියෙද?

    ReplyDelete
    Replies
    1. ඔයිට සමාන ප්‍රශ්න ජගත් මගෙන් සෑහෙන කාලෙක ඉඳං අහනව සැරින් සැරේ...

      Delete
  6. විභාග වැඩේ කර ගනින් හොඳට.. කල් ගියාට කමක් නෑ.. උඹ නොලියා ඉන්න කම් අර ජෝඩුව තමන් කැමති දෙයක් කර ගනියිනෙ ගල් ගුහාවට වෙලා.. උඹ ඕවට බාදා කරන්ඩ යන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඔය බලහංකො ඉතිං... අග්නි කියන්නෙ කාටවත් යටත් වෙන්නැති ස්වාධීන කෙල්ලෙක්. උඹ හිතනවද, ඒ වගේ පෙරදිග කෙල්ලෙක් මිනිහෙක්ව ඇහැරවගෙන සැක්ස් කොරන්ඩ එක්කරං යයි කියල, මේ කුමන්ත්‍රණ අස්සෙ?

      හැබැයි ඉතිං තව අතකට බැලුවාම, එහෙම නොවෙන්ඩත් බැරි කමක් නෑ මලේ...

      ඔන්නොහෙ උන් දෙන්නා ඔ්නෙ නාඩගමක් නටා ගත්තු දෙං. අපට මොකෝ?

      Delete
    2. ඒ වගේ වෙලාවට තමයි වැඩිපුරම ඕව කෙරෙන්නේ

      Delete
    3. ඒ්කත් ගළපගත්තොත් හරි වගේ කතාවට...

      Delete
  7. ඔය යමසිංහ කුමාරය රජවුණේ මොන නමින්ද? මේක මේ ඇත්තටම වෙච්ච කැරැල්ලක් ගැනත් කියනවා වගේ මට හිතෙන්නේ හෑ

    ReplyDelete
    Replies
    1. දොන් පිලිප් යමසිංහ බණ්ඩාර, කරල්ලියද්දේ ගේ පුතා. දෝන කතිරිනා කුසුමාසන කුමාරිගෙ සහෝදරයා. සීතාවක රාජසිංහ රජු කොළඹ වටළාගෙන ඉද්දි, පෘතිගීස් හමුදාවක් එක්ක වෙන පැත්තකින් ගොඩ බැහැලා කන්ද උඩරට ට ගිහින් එහෙ රජකමට පත් වුණා. නමුත් ටික දවසකින් ම ඔහු මරලා, දොන් ජෝන් කොනප්පු බණ්ඩාර, විමලධර්මසූරිය නමින් රජවුණා. කන්ද උඩරට ප්‍රධානීන්ගෙ උදව් ඇතුව.

      ඇත්තටම වෙච්ච කැරැල්ල තමයි නිල්ලඹේ කැරැල්ල... මෙතන කියන වර්තමාන කැරැල්ල කල්පිතයි.

      Delete
  8. ඔබගුමා ඉතිහාසය හොඳින් තමාගේ නිර්මාණයක් කරගෙන ලියාගෙන යන වග තේරෙනවා බලාගෙන මේ යන විදියට ටෙලි නාඨ්‍ය කාරයෙක් දැක්කොත් අත් පිටපතක් විදියට මේකත් බල්ලයි ද දන්නෑ දැන් ඉතිහාස කථා නාට්‍ය කිරිල්ල ට්‍රෙන්ඩ් වෙලා තියන විදියට විභාගයට සුබ පැතුම්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්... අපි බලමුකො. ගොඩක් ස්තූතියි අගය කිරීමට.

      Delete
  9. මේකයි, පැතුමගෙ කතාවයි මුල ඉඳන් කියවාගෙන ආයුතු ලිස්ට් එකට දාලා තියෙන්නෙ සෑහෙන කාලෙක් ඉඳන්.. මේ ටිකේ විවේකය අඩුයි අධ්‍යාපන කටයුතු නිසා.. ඉදිරියේදි අනිවා කියවනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෙන්නා... මටත් මේ දවස්වල හරි වැඩ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි