Sunday, June 6, 2021

අවසානයක් නොවේ 34

33 කොටස...


ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් දෑස් හැර බැලුවේ තමන් සිටින්නේ කොතනකදැයි දැන ගැනීමට ය. ලී කඳන් දෙකක් එක මත එක සවිකර තැනුණු ඇටවුමකට සිය දෙපයේ වළලුකර සිර කර ඇති බව ඔහුට දැනුණි. දෙපය හිරි වැටී තිබුණෙන්, එම ඇටවුම පැය ගණනක් තිස්සේ තමන් සිර කර තිබූ බව සිතා ගන්නට වැඩි වේලාවක් නොගියේ ය. අවසාදිත පාෂාණයකින් තැනුණු ගුහාවක එළන ලද රළු ලොම් සහිත සත්ත්ව හමක් මත තමන් උඩුකුරුව වැතිරී සිටින බව ඔහුගේ මොළයට ගිය දෙ වන සංඥාව විය. දෑත දෙපසට ඇද බරැති දම්වැල්වලින් ගැට ගසා තිබුණු බව ද එවිගස ම දැනුණේ, දෙපය නිදහස් කර ගැනීමට තැත් කරද්දී ය. දෑස අඩ අඳුර ට හුරුවීගෙන එත් ම, ගුහාව තුළ තමා වටකරගෙන සිටි ඉන්ද්‍ර, අග්නි සහ රීරි යක්ෂයා හඳුනාගැනීමට ඩ්‍රේක් සමත් විය. 

ගිණිගලක් තවත් ගලක ගසන හඬ හා එයින් ගිණි පුපුරු නඟින හඬ සමඟින්, මන්දාලෝකයක් පැතිර ගියේ ය. දැල්වුණු පිත්තල පහනක් අතින් ගත් අග්නි ඇඩම් ගේ මුහුණ අසළින් ගල් තලාව මත දණගසා ගත්තා ය. තම මුහුණ වෙත නැඹුරු වුණු තරුණියගේ විමසිලිමත් තීක්ෂණ දෑස් දෙස බැලූ ඇඩම්, එහි අඟලක් පාසා ලියැවුණු අනනුකම්ප්‍ය හැඟීම දැක මවිත විය.

"හ්ම්..." ඈ දිගු සුස්මක් හෙළමින් නැඟිට්ටා ය. "දැන් ඔහු හොඳ සිහියෙන්..."

"එහෙනම් අපට ප්‍රශ්න කළ හැකියි." ඉන්ද්‍ර කීවේ සංස්කෘත බසිනි.

ඉන්ද්‍ර සහ වානර රූපී අමනුෂ්‍යයා ඇඩම් ගේ හිස දෙපසින් ඇණතබාගත්හ. 

"නුඹ ලෝකී වෙනුවෙන් කළ මෙහෙවර මොකක්ද?" ඉන්ද්‍ර ඇසී ය. 

"මට ලෝකී එක්ක ගනුදෙනුවක් නෑ." ඩ්‍රේක් කීවේ කෝපයෙනි.

"එහෙනම් ලෝකී මිත්‍ර ගේ හිසට අත තියාලා, ඔහුගේ සිහිය අවුල් කරලා, නැගිටිද්දී නුඹට ස්තූති කළේ මොකට ද?" යටි උගුරෙන් නැඟුණු කඨෝර හඬින් ප්‍රශන කළේ ‌රීරි යක්ෂයා ය.

"ලෝකී?" ඩ්‍රේක් මඳකට නිහඬවී නැවත මතකය ආවර්ජනය කළේ ය. "එතකොට ලෙව්කේ නිළමෙ හැටියට හිටියෙ ලෝකී ද?"

"අපට නුඹ හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ." ඉන්ද්‍ර කීවේ නොමනාපයෙනි. නුඹගෙ සහචරයා හැටියට හිටියෙ තෝර් බව අපි දැනගත්තෙ ටික කාලෙකට කලින්. ඒත් ලෝකි කරපු මගඩිය අපට තේරුම් ගන්න බැරිවුණා. මිත්‍ර ගෙ අවාසනාවට..."

"මම ඒ කිසි දෙයක් දැනගෙන උන්නෙ නෑ." ඇඩම් කීවේ නොඉවසිල්ලෙනි. සිය සිරුරේ ශක්තිය නැවත එක්රැස් කරගත් ‌නෝර්ඩිකයා, දෑත් දෙපා මුදවාගැනීමට නිරර්ථක උත්සාහයක යෙදුනේ ය.

"තවත් අපට හංගන්න හදන්න එපා ඩ්‍රේක්..." අග්නි සිය තියුණු කටහඬින් කියමින්, සුරතේ වූ පිත්තල පහන දිගු කොට ගුහාවේ එක් කෙළවරක් දැක්වූවා ය. ඒ අනුව හිස ඔසවා බැලූ ඇඩම් දුටුවේ විශාල වානේ කූඩුවක සිරකර සිටි ස්ට්‍රිජ් පක්ෂියා ය. ඒ කූඩුව අසළ සිටි අඳුරුවන් සමකින් සහ දිගු හිසකෙසින් යුතු දිවිසමක් ඇඟලාගත් යෝගී තරුණයාගේ තියුණු බැල්ම ඔහුට දරාගත නොහැකි තරම් විය. 

"නුඹ ඉන්දියාවේ නෝර්ඩික් මිනිස්සු එක්ක පණිවිඩ හුවමාරු කරගන්න බව රුද්‍ර අපට කීවේ නුඹ රහස් දූරයට එකතු කරගන්නවාත් එක්ක ම යි." අග්නි නැවතත් කීවා ය. "නුඹලා මේ රටේ යමක් හොයන බව අප දැනගත් නමුත්, ඒ මොකද්දැයි නුඹ මටවත් හෙළි කළේ නෑ. ෆාහියන් භික්ෂුව එක්ක ආපු වානර රජුත්, ජලජ පැළෑටියක් හොයාගෙන ආපු ගිල්ගමේෂුත්, ආත්මන් ගේ පා සටහන වඳින්න ආපු අලිසන්දිරිත්, මාර්කෝ පෝලෝත්, ඉබ්න් බතුතාත්, හොයාපු අමරණීයත්වය ම නුඹත් හොයන බව අපට වැටහුණත්... ඒ කොන්ත්‍රාත්තුව නුඹට පැවරුවේ ලෝකී බව දැනගත්තත්... නුඹ අපට කිසිම දෙයක් එළිදරව් නොවන හැටියට ප්‍රවේසම් වුණා..."

https://travelatelier.com/blog/gilgamesh-quest-for-immortality-found-in-turkey/
...ජලජ පැළෑටියක් හොයාගෙන ආපු ගිල්ගමේෂුත්...

"මගෙ කණ්ඩායමේ හිටපු නිර්භීතම දෙන්නා පණපිටින් ගිණිතියාපු නුඹ ට..." අග්නිගේ දෑසේ දැල්වුණු කෝපය දුටු ඩ්‍රේක් මොහොතකට සිය දිව පාලනය කරගත්තේ ය.

"නුඹගෙ පණ වගේ ම කටත් හයියයි." ඒ ගැඹුරු කටහඬ තමන්ට හුරු බව ඇඩම් ට වැටහුණි. ඉන්ද්‍ර ගේ පිටුපසින් මෙතෙක් මුවා වී සිටි ටිරෙල් හිස එසවී ය. "ඒත් නුඹ ඇස්ගාඩ්වරයෙක් නෙවෙයි. ලෝකී ගේ සැළැස්මේ නුඹ පොඩි ‌කොටසක් පැවරුණු ඉත්තෙක් විතරයි. එයින් නුඹට ලැබෙන ඉටිගෙඩියක් නෑ. වඩා හොඳයි නුඹ දන්නා තරම අපට කියලා, ලෝකී ගේ විනාශකාරී සැළැස්ම පරදවන්න දායක වෙන එක."

ඩ්‍රේක් සිය පහත් හඬින් ශාන්තව කතා කළේ ය. "මම දන්න තරම ම නුඹත් දන්නවා ටිරෙල්..." 

ඔහු තවත් වචනයක් හෝ කතා කරන තුරු සියල්ලෝ ම නිහඬ වූ හ. එහෙත් ඊළඟ මිනිත්තු කිහිපය රැහැයියන්ට ඉඩ දී ඇඩම් දෑස් පියාගත්තේ ය.

"නුඹලා ට උවමනා විදිහකට මගේ අවසානය තිරණය වුනාවේ. මම ඔයිට වඩා දෙයක් දන්නෙ නෑ..."

රීරි යකා ට හිසින් සංඥා කරමින් ඉන්ද්‍ර නැඟී සිටියේ ය. ඔහු අනුව ටිරෙල් ද, අග්නි ද, රුද්‍ර ද, ගුහාවෙන් පිට වූ හ.

ඇඩම් ගේ වමත බැඳ තිබූ වානේ දම්වැලෙහි අනෙක් කොන ඔතා තිබූ ගල් කුට්ටියෙන් මුදවා ගත් රීරි යකා, වමත  නවා ඔහුගේ පපුව මත තබා, එම දම්වැල සීරුවට නෝර්ඩික් නාවිකයා ගේ සිරුර වටා එතී ය. ඊළඟට දකුණත... ඉන්පසුව හිරිවැටී තිබූ දෙපය දඬුකඳෙන් මුදවා, පහසුවෙන් ම යුරෝපීයයාගේ උසැති සිරුර ඔසවා සිය උරහිස් මතින් තබාගෙන, ගල් ලෙනෙන් පිටතට පිය නැඟී ය.

*    *    *

හිමිදිරි හිරු ගේ අරුණුවන් රැස් තුරු මුදුන් ස්පර්ෂ කරන්නට පටන් ගත්තා පමණි. උසැති ගස් දෙකක් අතර සවිමත් ලණු පොටවලින් එල්ලී තිබූ කුකුල් කොටුවේ සිටි මහළු රතු කුකුලා සුපුදු පරිදි පළමු හිරු රැසින් ම අවදි විය. මාස කිහිපයක පටන්, ඌට අභියෝග කරමින් උදෑසන හඬලන්නට පුරුදු වී සිටි කලුවන් කුකුල් නාම්බා අද හැඬලුවේ නැත. එයින් හටගත් සතුටින් ප්‍රබෝධමත්ව හිස ඉහළට ඔසවා, අත්තටු ගැසූ රතු කුකුළා දවසේ පළමු නාදය නැඟුවේ ය. තම නායකත්වය එසේ තහවුරු කළ පක්ෂියා කිකිළියන් රෑණ සිසාරා සිය නෙත් පහර යවද්දී දුටුවේ, කලු කුකුලු නාම්බා කුකුල් කොටුව යට බිම වැටී සිටි ආකාරයයි. උගේ බෙල්ල කැඩී තිබුණු අතර, එයින් ගැලූ ලේ දහරක සේයාවක් වත් නොවී ය.

කුකුළන් ගේ හැඬළීමත් සමඟ අවදි වුණු  වෙද මුදලි වළව්වේ ටිකිරි මැණිකේ සිය පසෙකින් නිදා සිටි මෑණියන් පොරවා සිටි රෙදි කඩ නැවත සකස් කර ඇඳෙන් බිමට බැස්සා ය. ටිකිරි බණ්ඩාර සහ වෙද මුදලි තුමා කලින් දා රැය ගත කළේ රජ වාසලේ වූ බැවින්, එදින උදෑසන ගෘහ පාලනය තරුණ කුමාරිහාමි අත විය. සිය වරලස පීරා ගුළියක් සේ හිස පිටුපසින් සකස් සරගත් ඈ, වළව්වේ පිටුපස බරාඳය වෙත පැමිණ මෙහෙකාරියන් කිරි දෙවීම ට පිටත් කර හැරියා ය. 

ඩ්‍රේක් රහස් දූරයේ රාජකාරියට පිටත් ව ගිය දා සිට ම ඇගේ දිනචර්යාවේ පළමු කොටස වී තිබුණේ, නෝර්ඩික් රැඳවියා සිටි කුටිය දෙස බැලීම ය. වෙනදා මෙන් නොව, එම කුටියේ දොර ඇර තිබූ බව දුටු තරුණියගේ මුහුණේ මඳ සිනාවක් නැඟුනි. 

"මේන්න කුකුලෙක් වැටිලා..." කිරි දෙවීමට ගිය මෙහෙකාරියක් කෑගැසුවේ එවිට ම ය. ඒ දෙස බැලූ තරුණ කුමාරිහාමි දුටුවේ රැඳවියාගේ කුටිය පිටුපස වූ කොස් ගහේ දැවැන්ත අත්තක් කැඩී වැටී ඇති බව ය.

කුකුල් කොටුව දෙසට යන ගමන්, රැඳවියාගේ කුටිය වෙත පියනැඟූ ටිකිරි මැණිකේ මඳක් විපිලිසර ව, විවර වී තිබූ දොරෙන් එබී බැලුවා ය. නාවිකයාගේ උසැති සිරුර කුටිය තුළ වූ ලී මැස්ස මත වැතිරී තිබුණි. ය අප්‍රාණික බව පෙනුණු හෙයින් කුමාරිහාමි යන ගමන නවතා, කුටිය තුළට පියවර නැඟුවා ය. අසාමාන්‍ය ලෙස ‌සුදුමැළි වූ ඩ්‍රේක්, ආයාසයෙන් දෑස් විවර කොට ඈ දෙස බැලී ය. ඔහුගේ නහර ලෙයින් තොර වූ බවක් පෙනුණි. දෑස් වටා වූ කලු පැහැයත්, නිල්වන් වූ නියපොතුත් ඇගේ දෑසට ලක්වූයේ එක්වරම ය. 

"රීරි යකා?" මුමුණමින් තරුණිය ඇඩම් ගේ සිරුර ට නැඹුරු ව පිරික්සුවා ය. දෑස් පියාගෙන සිතිවිල්ලට වැටුණු ඈ, එක්වනම ආපසු හැරුණා ය.

පියාගේ වෙදපොත් තිබූ පෙට්ටගමේ රහස් කොටසක සඟවා තිබූ සැත්කම් උපකරණ සහ පුස්කොල පොතක් සොයාගත් ඈ තම දෙපයට හැකි වූ උපරිම වේගයෙන් ආපසු රැඳවියාගේ කුටියට දිව ආවා ය. තමන් රැගෙන ආ සැත්කම් උපකරණ, කහ දියරෙන් සහ, වාෂ්ප නඟින උණු දියෙන් සේදූ තරුණිය, ඇඩම් ගේ වම් අතෙහි වැලමිට හරියේ ඇතුල් පැත්තෙන් සියුම් කැපුමක් කර, නහරයක් මතු කර ගත්තා ය. හම් පටියකින් සිය වමතෙහි උරහිසට පහළින් වෙලා සිරකරගත් ඈ, එහි ගැටයක් ගසා, හම් පටියේ පොටවල් සිය දතින් තදකරගත්තේ, උපකාරයට කිසිවෙකුත් නොසිටි බැවිනි. ඇගේ සැත්කම් පිහියෙන් සීරුවට ඇගේ උඩු බාහුවෙහි ශිරාවක් කැපී යත් ම, දැනුණු වේදනාව ඈ සම් පටිය සපා ගනිමින් දරා ගත්තා ය. යම් රහස් ඖෂධ කල්කයක් ඇතුල් කරන ලද, උණු දියෙන් තැම්බුණු,  පස්ලෝ බටයක් ශිරාව කැපුණු තැනට ප්‍රවේසමින් තබා තද කරගත් ඈ, එම බටයේ අනෙක් කොන ඇඩම් ගේ වමතෙහි කැපුණු නහරයට තද කර, සෙමෙන් සෙමෙන් සිය දතින් තද කර ගත් සම් පටිය බුරුල් කළා ය.

කාලාන්තරයක් සේ දැනුණු වේලාවක් තිස්සේ තරුණියගේ ලේ, නෝර්ඩික් යාත්‍රිකයාගේ නහර වැල් පුරවමින් ගළා ගිය‌ේ ය. තමන්ට මඳ ක්ලාන්ත ගතියක් දැනෙණ විට ය, ඈ සිය සැත්කම කෙළවර කරන්නට සිතුවේ. ලේ නවතන බෙහෙත් තුවාල දෙකෙහි ගල්වා වෙලන්නට පමණක් ඇගේ දෑතට ශක්තිය තිබුණි. දෑස් අඳුරු වී එත්ම, බිම වාඩිවුණු ටිකිරි මැණිකේ ලී මැස්සේ කණුවකට හේත්තු වූවා ය.


ඊට පස්සෙ මොකද වුණේ... අපි බලාගෙන ඉමු.

35 comments:

  1. //ඊට පස්සෙ මොකද වුණේ... අපි බලාගෙන ඉමු//

    වෙන මොනව කරන්නද? ඔව් බලාගෙන ඉමු😒. මුකුත් කියන්නත් බෑ, විභාගෙ අස්සෙත් මෙහෙම හරි ලියන නිසා. මේ "යක්කු" ඔක්කොම එකයි, අර කාල-යකත් ඔහොම්මම තමා. හා, ඔය ගෙනැල්ල තියෙන්නෙ ගිල්ගමේෂ් වත් කරලියට😊

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්තට මේ යක්කු ඔක්කොම එකයි, අර හෝරස් ගෙ පැටිය ඇරෙන්ඩ. (ඌ නම් ලියන මැසිමක්.)

      ඇත්තට මේ කතාවෙ ලියන කොටස්වලට වඩා නොලියන උපකතා වැඩියි. පස්සෙ කාලෙක මංකි, සින්බෑඩ්, මාර්කෝ පෝලෝ ආදිය ගැන ලියන්න හිතං ඉන්නව. ඒ් ලිස්ට් ඒකට ගිල්ගමේෂ් එකතු වුනේ මිථිලගෙ පෝස්ට් එකක් කියවන්න ලැබුණු නිසා...

      Delete
    2. ගිල් ගමේෂ් ලංකාවට ආවද

      Delete
    3. ආව කියල රෙකෝඩ් නෑ. සාහිත්‍යයට යථාර්ථයේ සීමා නෑ.

      Delete
    4. //ගිල්ගමේෂ් ලංකාවට ආවද//

      ආවා, අවා. ආං ඉන්නව "සාරුව සුනිල්" කියල නමත් වෙනස් කරගෙන. "ලෝකි"ට ලෙව්කේ නිළමෙ වෙන්න පුළුවන් නහං, දැං කියනව එහෙම නෙමෙයි නෑ කියල.

      Delete
    5. සැබෑ ගිල්ගමේෂ් ඉන්නෙ බස්සෙක් විදිහට වෙස්වළාගෙන, හිම කරේ...

      Delete
    6. කවුද කාල යකා කියන්නේ ??

      Delete
    7. අර ස්කෘෘෙලොක් කියලා කෙනෙක්ව ගොඩගන්ඩ යන්නෙ... අාං ඒයා

      Delete
  2. අඩේ ඊරියකා ඩේ‍රක් ගේ ලේ බීලා ඩෙස්ට් එකට කකුල් ලේත් බීලා ගිහින්.
    රහස් කල්කයක් ඇතුලු කළේ වර්ග වෙනස් කම් ඇති ලේ ඕනේම කෙනෙකුට දෙන්න පුලුවන් වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. යන යකා කුකුල් බිල්ලත් අරං, කිරි අත්තකුත් කඩාගෙන නෙ යන්නෙ. ඒ්කයි එහෙම. අනික වෙලා තියෙන දේ දැනගන්න මග ලකුණුත් තියෙන්ඩ එපැයි.

      රහස් කල්කෙ අරමුණ හැටියට මටත් මුලිම්ම හිතට ආවෙ අසංග කියපු දේ තමයි. තව එක ප්‍රයෝජනයක් තියෙනව අනාගතේදි ගන්න...

      Delete
  3. නව තනතුරත් එක්කම වැඩ වැඩි වීලා
    ඇතැයි හිතාගෙන, දොස් නොකියමි කියලා
    තීරණයකට ආවත්, කියනව බැනලා
    ලියහං ඩ්රැකියො, කම්මැලිකම අත හැරලා

    මෙපමණ දේ ලියන්නට හිත පතුලේම
    හොඳ නෑ හිර කරං ඉන්නෙක දිගටෝම
    හනිකට ලියල සේරම පළ කෙරුවාම
    සැක නැහැ,'ප්‍රෙෂර්' බහිනව අප හැමගේම

    ReplyDelete
    Replies
    1. මෙපමණ දේ හිත ඇතුලේ තිබුණෙ නැත
      ලියන්න ඉඳගන්නා තුරු හිතුණෙ නැත
      වෙන්නට හැකි දේ ගැන කළඹමින් හිත
      එක එක දෙසට හරවන්නෙමි කතා පොත

      Delete
  4. https://en.m.wikipedia.org/wiki/Stocks

    ReplyDelete
    Replies
    1. මං හිතාන හිටියෙ දඩුකඳ ලංකාවෙ උපකරණයක් කියල.

      Delete
  5. https://www.history.com/news/the-myth-of-ponce-de-leon-and-the-fountain-of-youth

    https://www.seeker.com/seeking-immortality-so-have-others-1767387860.html

    https://en.m.wikipedia.org/wiki/List_of_people_claimed_to_be_immortal_in_myth_and_legend

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් මේවා අර ලින්ක් එක ඉන්සර්ට් කරන විධිහට දැම්මනම් කෙලින්ම යන්න පුළුවන්. නැත්නම් කොපි ඇන්ඩ් පේස්ට්

      Delete
    2. ප්‍රා ඔය හැටියටවත් දාන ලිංක්වලින් තමයි මාත් අසංගත් ‌පෝෂණයක් ලබන්නෙ. අර විදිහට html දැම්මනං ලේසියි තමයි. මං නං කරන්නෙ ලිංක් එක සිලෙක්ට් කරලා, රයිට් ක්ලික් කරලා, ගෝටු ඔප්ෂන් එක ගන්න එකයි.

      මොනව කරන්නද අජිත් අයියෙ? සෑමෙ කෙනාටම තම තමන්ගේ සීමාවල් තියෙනව.

      Delete
    3. රයිට් ඔනරබල් බැස්ටියන්තුමාත් කිව්ව ඉස්සර. ට්‍රයි කලාට බැරිවුනා. සිංහල ටයිප්කරන්න ඉගනගන්නත් මාසගාණක් ගියානෙ ඒකාලෙ. රයිට් ක්ලික්කරල බලන්නං

      Delete
    4. නෑ නෑ. රයිට් ක්ලික් කරන්නෙ අපි, ඔයා දාන ලිංක්. ඔයා ලිංක් දානකොට, පහළ ස්ක්‍රිප්ට් එක කොපි කරලා දාන්ඩ. (දෙපැත්තෙ තියෙන [] වෙනුවට <> දාලා)

      [a href="LINK"]TEXT[/a]

      Delete
    5. //අඅඅඅ//

      ඇයි බාන්, මෙහෙම කරන්නෙ, අහිංසකයට. තව පොඩ්ඩෙන් හක්කත් පනිනව, හිනා වෙලා. ඔන්න ඔහෙ ඔය දාන විදිහ හොඳයි, ආයිබෝං.

      බ්ලොගර්ගෙ අළුත් පහසුකමක් ද මන්දා, මම ලින්ක් එක හයි-ලයිට් කරපු ගමන්. රයිට් ක්ලික් නොකරම ගෝටු ඔප්ෂන් එක දෙනවා

      Delete
    6. බස්සගෙ හොට ඇඳලා...

      Delete
  6. රීරි යකා කියන්නේ රීරි බොන නිසා නේද - ?

    ReplyDelete
    Replies
    1. බීමට සීමාවෙන්නෙ නෑ. ලේ සම්බන්ධ රෝග පවා ඇති කරවනව

      Delete
  7. අපේ තාත්තට කරපු තොවිලෙකදී ඔය කොස් ගහේ අත්ත කඩන් වැටෙන සිද්දිය ඇත්තටම වුණා. මේක කියවද්දී ඒක මතක් වුණේ.. කුකුල් බිල්ලත් දුන්න.

    ගිල්ගමේෂ් කියන්නේ කවුද කියල නොදන්නේ මම විතරද ???

    දැන් එතකොට ඩ්‍රෙක්ට සෙට් වෙන්නේ ටිකිරි මැණිකේ ද ? අර ළමයා පව් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. යන යකා කොරහත් බිඳගෙන යනවය කියන්නෙ...

      ගිල්ගමේෂ් ගැන මෙතනිං කියවගන්න පුළුවන්.
      නැත්තං මෙතනිං...

      ඩ්‍රේක් ට සෙට්වෙන ගෑල්ලමය ගැන වැඩිය හිතන්න එපා. මං වත් තාම දන්නෑ ඒ ගැන. හැක්!

      Delete
    2. https://ia800400.us.archive.org/8/items/TheEpicofGilgamesh_201606/eog.pdf

      මෙන්න ගිල්ගමේෂ් ගෙ කතාව PDF

      Delete
  8. ගජබින්නාලන්කාරෙන් ටිකක් ලියාපන් මල්ලි... බර බර එව්වා කියවන්ඩ කම්මැලියි. ඒ මදිවාට උඹ එකතුකරන නම් කියෑව්වාම දිව කොටවෙනවා...
    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව... මී ළඟ පාර ගජබින්නයක් ලියන්නං එහෙනං. වැඩේ තියෙන්නෙ ඒ්ක ගොතාගන්ඩ කල් යන එකයි.

      Delete
  9. එක හුස්මට කියෙව්වා ..දැන් ඉතින් ඊලඟ කොටස තමා ඕනෙ

    ReplyDelete
  10. රීරි යකා නේද තරුණියන් ට වැහෙන්නේ .

    මුල ඉදන් කියවන්න ඕනේ . සිරාවට ලියලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. නෑ ඒ කළුකුමාර. ස්තූතියි. මුල් ඉදං ම කමෙන්ටුවට දාගෙන එන්න

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි