Tuesday, August 24, 2021

අවසානයක් නොවේ - 38

එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.

බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු සිරුරැති අයියනායක හෙවත් පුල්ලෙයාර්, ඕනෑම අවස්ථාවකට සූදානම් ව ඔවුන් පිටුපස සිටගෙන සිටිනු දැකිය හැකි විය. 

37 කොටස

නෝර්ඩික් දුෂ්ඨයන්ගේ සිරුරු වටා වානේ යොත එතී තිබුණේ දෑත් ද සිරුරට තබා වෙළමිනි. එසේ සිටිවන ම, ලෝකී සුරතේ මැදැඟිල්ල හා මහපටැඟිල්ල ගටා, අසුරක් ගැසී ය. එකෙණෙහි ඔහුගේ සිරුර සිහින් හැඩයක් ගත්තේ ය. එහෙත්, වානේ මද්ද ඔහුගේ සිරුරේ ප්‍රමාණයට ම හැකිළුණා මිස, ඔහු ට කෙසගක හෝ ගැළවීමක් නොලැබුුුණි. 

"මේක නවත්තපන් ලෝකී" අග්නි ඇගේ සුරතේ වූ වක් කඩුපත නෝර්ඩික් දෙවියාගේ ගෙළට පහත් කළා ය. "නුඹේ හමුදාව ආපහු යවපන්..."

"ඔවුන් මගෙ පාලනයෙන් තොරයි." ලෝකී ගේ මුහුණේ පැවති සමච්ඡල් සහගත සිනහව පහවුනේ නැත. ඔහු ඒ අසළම සිට මහා හිම යෝධයෙකු මෙල්ල කිරීමට උත්සාහ ගන්නා සිය අඩ සොහොවුරා හෙවත් තෝර් දෙස යටැසින් බලා, හඬ උස් කළේ ය. "නුඹලට තේරෙන් නැද්ද? මම මේ උත්සාහ ගන්නේ, රැග්නරොක් යුද්ධය වළක්වන්න. නුඹලා මහා ආත්මාර්ථකාමී විදිහට අමෘතය හංගාගෙන ඉන්නවා. මම උත්සාහ කරන්නෙ ඒක සුදුසු සියලු දෙනාට ලැබෙන විදිහට බෙදා හරින්න..."

"නෑ... නුඹ වැරදියි..." කෑ ගසමින් තෝර් උඩ පනිමින්, සුරත කරකවා, හිම යෝධයාගේ නිකටට බරැති මිටි පහරක් එල්ල කළෙන්, යෝධයා ආපසු ආවාටයට ම වැටුණි.

"මේ ලෝකයේ සදාතනික ‌කිසි ම දෙයක් නෑ ලෝකී..." තෝර් අග්නි හා ශක්ති අසළට පැන්නේ ය. "අමෘතය ලබාගත් උදවිය මේ ලෝකයේ සමතුළිතයට අස්වාභාවික බාධාවක් විතරයි. ඒක තවත් වැඩි කරන්න කිසිම උවමනාවක් නෑ. රැග්නරොක් සටනින් පස්සෙ අලුත් වුණු පොලොවේ ජීවිය නැවතත් පැතිරෙනවා, ඊග්ඩ්‍රසීල් ගහ පාමුළ හැංගිලා හිටපු මිනිස්සු සහ අනෙක් අයගෙන්..."

ලෝකී හඬ නඟා සිනාසුණේ ය. "ඉස්සරහට වෙනවය කියලා කියන දේවල් විශ්වාස කරන්න උඹ සාම්ප්‍රදායික වුණාට, මම උත්සාහ කරන්නේ තියෙන දේ රැක ගන්න. බලපන් නුඹලට වෙන දේ..."

ඔහු හිස හරවා පෙන්වූ දෙස බැලූ ටිරෙල්, අග්නි හා ශක්ති දුටුවේ හිම යෝධයන් හා ඕගරයන් ගණනින් වැඩි වෙමින් පවතින ආකාරයයි. මහසෝනා ගේ පපුවේ වූ තුවාල දෙකකින් භයානක ලෙස ලේ වැගිරෙමින් තිබිණ. ඔහු නැවත නැවතත් ඉදරියට පනිමින් දෑතින් සටන් කළ ද, එන්න එන්න ම ඔහුගේ ඔද පිරිහී යනු පෙනුණි. රුද්‍ර, ඉන්ද්‍ර, ස්කන්ධ, සුමන හා ඇත්කඳ ළිහිණියා තවමත් ප්‍රකෘතිමත්ව සිටිය ද, දහසක පමණ අමනුෂ්‍ය හමුදාවක් මෙල්ල කර පළවා හැරීම අපේක්ෂා කළ නොහැකි ඉළක්කයක් වූ බව පැහැදිළි විය.

තෝර් හිස දෙපසට වනා, සිය සුරත වට දෙකක් කරකවා, මිටියෙන් දමා ගැසී ය. කරණම් ගසමින් ඉහළින් ඇදී ගිය මෙයොල්නීර් නම් මහා මිටිය, සචේතනික වස්තුවක් මෙන් ඉහළ යමින් නැවතත් පහතට වැටෙමින්, එහි වූ හිම යෝධයන් දහ දෙනෙකුගේ පමණ හිස් මත වැරෙන් වදිමින්, ගුවනේ රවුමක් කැරකී ආපිට තෝර් ගේ ම අතට ආයේ ය. එසැණින් හිස් පාත් කරගෙන දිව ආ ඕගරයෝ රෑනක් තෝර් ගේ දෙපා බදාගත් හ. විඩක් දෙකක් වැනුණු ටිරෙල් කපා හෙළූ ගසක් මෙන් ඇද වැටුණි. ශක්ති සහ අග්නි සිය දෑතේ ම වූ මුවහත් ආයුධ වලින් පහර දී තෝර් ගළවා ගන්නට යත්න දැරූ හ. 

සුමන ගේ මෙහෙයීමෙන් ‌ඇත්කඳළිහිණියා ඕගරයන් හතර පස් දෙනා බැගින් සිය දැවැන්ත නිය පහුරුවලින් අල්ලා මිරිකා දමමින් යුධ පිටියේ ඒ මේ අතර පියාසර කරනු දැකිය හැකි විය.

හාත්පස වූ අඳුර පහව ගියේ, මිහිදුම තුනී වී සීතල දුරු වී ගියේ, එක් වරම ය. හිම යෝධයන් සහ ඕගරයන් ආපිට ආවාටයට ම පසුබැස්සහ. අන්තිම ඕගරයාත් ආපිට හැරුණු විගස, ආවාටය වැසී යන්නට පටන් ගත්තේ ය. 

මවිතයට පත් වූ අග්නි හා ශක්ති එකවරටම හැරුණේ ලෝකී සහ අංග්ර්බෝදා වානේ පාෂයෙන් වෙළා දමා සිටි ගස පාමුළ වෙත ය. එහි සිරකරුවෝ දෙදෙනා තබා ආ විලසින් ම බිම පෙරළී සිටි අතර, අයියනායක ඔවුන් ගේ හිස් අසළ බිම වීරාසනයෙන් වාඩි වී සිටියේ මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව ය. 

ස්කන්ධ මයුරයාගේ පිටින් බිමට බැස්සේ නෝක්කාඩුවක් කියමිනි. "අර බලන්න. අපි දාඩිය හෙළාගෙන, ලේ වගුරුවාගෙන සටන් කරනව. නමුත් අන්තිම පියවරේ දි අයියා ලකුණු දාගන්නවා."

ශක්ති සිය කඩවසම් පුත්‍රයා වැළඳ ගත්තී ය. රුද්‍ර ඔහුගේ උරහිස වටා අත යවා තමන් වෙතට ඇදගෙන පුත්‍රයාගේ  හිස ට වමතින් තට්ටු කළේ ය. "අයියා එයාට පුළුවන් දෙය හොඳට ම කරනව. මොකද, එයා ට පුළුවන් ද යුද්ධ කරන්න? නුඹ හැදිලා තියෙන්නේ ම රණ වික්‍රම වලට. කාටවත් බැහැ නුඹ ගේ මහන්සිය සහ කැපවීම ප්‍රශ්න කරන්න..."


*    *    *

මහනුවර මහා නගරය වූ කලී, සෙන්කඩ නම් මහ බලැති උග්‍ර තවුස් දම් ඇති තාපසයෙකුගේ වාසය බවට පත් ව තිබී, පසුව ජනාවාසයක් බවට පත්ව, කෝට්ටේ රාජධාණි කාලයේ පටන් නගරයක්, යුධ බළකොටුවක් සහ පරිපාලන මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කෙරුණු පුරයක් විය. කඳුවළල්ලින් වට වූ බේසමක් වැනි නගරයට නිරන්තර වැස්සෙන් රැස්වන වැසිදිය කඳ බැහැර කෙරුණේ, පුරාතන ලාංකික දැනුමින් ඉදිකෙරුණු මහා උමං පද්ධතියකිනි. අඩි දහයක් පමණ උස්, ඕවලාකාර හරස්කඩ හැඩයක් ඇති වන පරිදි පොළොව සාරා, පිළිස්සු මැටි ගඩොලින් බිත්ති සකස් කර තැනුණු මේ මහා උමං, නගරයේ සෑම විථියක් ම යටින් මහා ජාලයක් මෙන් දිව ගියේ ය. අවසානයේ ඩ්‍රේක් හට ද රැකවරණ ස්ථානය වූයේ මේ මහා උම්මග්ග ජල මාතිකාවයි.

හිරු රැසින් දැවුණු සම සහ ඇසිපිය, නැවත ප්‍රකෘතිමත් වී එද්දී, උමං මාර්ග දෙකක් හමුවන හංදියක ඇණ තබා ඉඳගත් ඇඩම් කල්පනාවට වැටුණේ ය. සිය සිරුරේ සෑහෙන වෙනස්කම් තොගයක් සිදුවී ඇති බව, නොයෙක් සංවේදනවලින් ඔහුට දැනෙමින් තිබුණේ ය. දෑස එයින් ප්‍රධාන විය. මඳ හෝ හිරු එළිය පොදක් වැටුණු ස්ථානයක් දෙස දෑස් රිදවා නොගෙන බැලිය නොහැකි බව... අවුවට පිළිස්සුණු සම නැවත ලියලා ආව ද, මෙතෙක් කල් ඔහු සතුව තිබූ දුඹුරු පැහැය වෙනුවට සුදුමැළි බවට හැරුණු සමක්... රන්වන් හිසකේ කලු පැහැ ගැන්වී තිබූණි. භයංකර ම දෙය වූයේ සිරුර අභ්‍යන්තරයෙන් නැඟී ආ පිපාසිත බවය. 


තවත් කොටසක් ළඟදීම...

72 comments:

  1. හ්ම්...මෙදා සැරේ යුද්දෙ හොඳයි. අයියනායක අයියා මොකක් හරි මයින්ඩ් ගේම් එකක් ගැහැව්වා වත්ද? අපෝයි ඇඩමත්, වැම්පීරයෙක් වෙන්න නේද යන්නෙ?

    ආයෙ එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. හ්ම්... "අයිය"නායක වෙන්නෙ මයින්ඩ් ගේම් නිසා ම තමයි. අඹ ගෙඩියක් අයිති කරගන්න කරදිය වළල්ල වටේ ගියපු හාදයනෙ.

      ඇඩම්, වැම්පයරයෙක් වුන හැටි යි, ශාම් කියන්නෙ කවුද යි, එතකොට ඒ දෙන්නගෙ කෝන්තරේ මොකද්ද කියන එකයි පැහැදිළි කරන්න ම යි මේ කතාව ලියන්නෙ.

      මගෙ කලින් කතාවෙ හිටපු හරි අපූරු රොමෑන්ටික් ජෝඩුව ට නස්පැත්තියක් වෙලා, කතාව එහෙම්පිටිම්ම ශෝකාන්තයක් වෙලා ගියා. ඒකෙන් ඇතිවුණු ෂොක් එකට පිළිතුරු හැටියට මේ කතාවෙ මූලාකෘතිය ඔලුවෙ ගැට ගැහුණා. එළියට නොදැම්මොත් මගෙ මොළෙත් ගැට ගැහෙනව...

      Delete
    2. ගැටේ ඇලුවුනොත් තමා පස්නේ.
      බකුසු මොටාට කියපං පොර ලග මේවාට පිලියම් තියේනවාලු.

      Delete
    3. උන්දැගෙ කී-බෝඩ් එකේ පස්නයක් කියන්නෙ? ඇට පොකුරක්ම තියෙන පාටයි, අපේ සාවියෙත් එකක් දාලා ගිහින් තිව්නා.

      Delete
    4. කොමි ඩ්‍රැක්,
      නෑ නෑ මොකුත් ටෙක්නිකල් ප්‍රශ්නයක් නෑ. බකුසා මේ දවස්වල ඇෆ්ඝනිස්ථානෙ දාල ආපු ඇමරිකන් බඩු හොයනවලු ඊබේ එකේ. උන්දැගෙන් නෙවෙයි මේකට උපදෙස් ගන්ඩ වෙන්නෙ ප්‍රා ජේ ගෙන්...

      බකස්,
      කීබෝඩ් ලෙඩේ හරි ගියා ජනෙල් අප්ඩේට් කළහම. දැං මේ ගෙදර කොම්පියුටරේ ට ජනෙල් එකොළහක් හයි කරගන්ඩ වෑයම් කරනව.

      Delete
    5. \\දැං මේ ගෙදර කොම්පියුටරේ ට ජනෙල් එකොළහක් හයි කරගන්ඩ වෑයම් කරනව\\

      මගේ සාතිශය සංවේගය.😷

      Delete
    6. ඒ ටිකට මූ බැනර් එහෙකුත් ගහල. ජනෙල් එකොළහ දැම්ම ඩෝ! dev preview එක දැම්මෙ.

      Delete
    7. අඩේ නියමයි නෙව, කොහොමද? කහින්නෙ, කාරන්නෙ එහෙම නැද්ද?

      කොහොම හරි දාගත්ත එකම මඳැයි? දැන් ලේසියි, රිලීස් වර්ශන් එක දාගන්න.😊

      Delete
    8. හ්ම්... අනේ මන්දා. කම්පියුටරේ පොඩ්ඩක් ස්ලෝ උනා. ලොකු වෙනසකුත් තාම පේන්න නෑ, පෙනුමයි, ස්ටාර්ට් මෙනු එකයි, අර මැක්සිමයිස් බටන් එක ළඟට ගියාම වින්ඩෝස් ඔප්ෂන් පෙන්නන එකයි, රයිට් ක්ලික් මෙනු එක ‌සරළ වෙච්ච එකයි, වින්ඩෝ එකක මෙනු ටික නැතිවෙච්ච එකයි ඇර... කැස්සක් නං තාම ආවෙ නෑ. අප්ඩේට් එකක් නං ආව.

      Delete
    9. ලොකු වෙනසක් නැති එක හොඳ දෙයක්. XP->Vista, Win7-->Win8 වල එහෙම කරන්න ගිහිල්ලා, අපිව අනාත කල නිසා. පිටින් නොපෙනුනාට, පහල ස්ථර ටිකක් දියුණු කරල තියනවා, ඒකත් හොඳ දෙයක්.

      මට නං ලොකුම පාඩුව, ස්ටාර්ට් මෙනු ගෲප්ස් නැති කරපු එක විතරයි. ලොකුවට බෙර ගැහැව්වට,අනිත් ඔක්කොම සිල්ලර වැඩ.

      Delete
  2. මං හිතුවා ඔලිම්පියන්ලා කවුරුවත් එයි කියල උදව්වට. ඒරිස්/මාර්ස්? හෙරක්ල්ස්/හර්කියුලීස් වගේ.
    මේ කතාව නෝර්ස් හා හින්දු/බෞද්ධ විතරද?
    ඇඩම් හා ලොකේශන් එක නිසාද ඒ?

    වැඩිය ආවොත් කතාව convoluted වෙනවනෙ.
    DC හා මාර්වල් දෙකේම pantheons මිශ්‍ර වෙන කතා තියනව. DC war of the gods සහ marvel eternals කතාවල.
    සමහරවෙලාවට වෙලා යනව ඒවා කියවන්න කන්ෆියුශන් නිසා.

    ReplyDelete
    Replies
    1. convoluted මත් නෙවෙයි, දෙවිවරු වැඩිවෙයි කියලා හිතෙනව. අනික, මේ ගැටළුව තියෙන්නෙ ම ලෝකී ට අමෘතය උවමනා වීම මත. එතකොට ආරක්ෂා කරන උදවිය වෙන්නෙ ලංකාවෙ උදවිය විතරයි. ඒරීස්, හෙරක්ලස්, ඇතීනා වගේ උදවිය ට මැදිහත් වෙන්න පදනමක් ලැබෙන් නෑ...

      මට ආසාව තිබුණා "වානර වික්‍රම"ව සම්බන්ධ කරගන්න මේ කතාවට. සීක්වල් එකකදි පුළුවන් වෙයි.

      Delete
    2. තව දාපං තිස්තුං කෝටියක්ම ඉන්නවානේ.

      Delete
    3. ඇයි බං ප්‍රසිද්ධ උන් විතරක් දාන්නේ අනිත් උන් පව්නේ
      අල්පේ ශාක්‍ය මහේ ශෘක්‍ය සුර අසුර ඉන්න ඔක්කෝම දාන්ඩ.

      Delete
    4. ඔරිජිනල්, කොමිටල්,

      දෙයියො වැඩි නැද්ද? මට හිතෙන්නෙ ඔය එක එක නං වලින් එක එක පැතිවල, එක එක කාලවල අදහන්නෙ එකම දෙවිවරු කීපදෙනෙක් කියල. උපුල්වන්, දැඩිමුණ්ඩ, නාථ, විෂ්ණු කියන්නෙ එකම දෙයියෙක්, විවිධ කාලවල. තාරා, මව් දෙවඟන, කිරි අම්මා, පත්තිනි කියන්නෙත් ඒ වගේ එකම සංකල්පයක විවිධ මුහුණුවර.

      අනික කීප‌ දෙනෙක් උන්නහම වඩා ලේසියි. කෝටියක් විතර ඉන්නකොට චරිත (අඹතලේ එක්කෙනා නෙවෙයි) අමතක වෙනව.

      Delete
  3. කන්දක් විතර විලි ලාලා
    බිජ්ජක් හූණු බිහි කරලා
    එකයි නොකළෙ මේ ගොබිලා
    කෙකර ගායි පහු වීලා!

    ReplyDelete
    Replies
    1. කොකෑක්...!

      මොකද්ද මං නොකළ එක?
      කියන්ඩ මට නොවී සැක
      ඒකත් කරලාම දාලා
      අවසානය කරමු මෙක

      Delete
    2. රිදුණද ආදිපාදයෝ
      තෙවෙනි පදය කියෝපියෝ
      කෙකර ගාන එක ගොයියෝ
      පහු වීලත් නොකරපියෝ!

      Delete
    3. රිදුණේ නැත ලොකු අයියේ
      අඩුවක් ඇති බව හැඟුනේ
      අඩුපාඩුව හදාගන්න
      එක මට වටිනව දෙයියෝ

      Delete
    4. කතාව කෙටියි, ඒක තමා එක අවුලක්. සටන එක කොටසකින්ම ඉවර කරන එක තමා හොඳ. නැත්නම් මේ කොටසෙ ගහන පාරවල්, වදින්නෙ ඊළඟ කොටසෙදි වුනාම ආතල් කැඩෙනව.

      ආ, දැං දෙනවයි කිව්ව මස් දියං මට. හුරුල්ලො නැහ්ද බැදපු හුරුල්ලො.

      Delete
    5. ඇත්ත.

      මං මස් දෙන්නං කිව්වෙ, ටොමියට. බොට ඒක ඇහුණට මං මක් කරන්ඩද?
      හුරුල්ලො කිව්වම මතක් උනේ, five red herrings කියල රහස් පරීක්ෂන කතාවක් තිබුණ කියල...

      Delete
    6. හුරුල්ලෝ බදින්නේ බොන්ඩද

      Delete
    7. අපිලා බොන්නේ ලේ විතරයි.......කුණු ලේ පාටට වයින් ටිකක් උනත් කමක් නෑ.

      Delete
    8. බ්ලැක්බෙරි වයින් එක්ක, බැදපු බුරුල්ලො නියමයි.

      Delete
    9. අජිත්,
      "බො" යන්න මතක් කරන්ඩ එපා. අරුං තුන්දෙනා එයි "බොමු" කියාගෙන.

      ඔරිජිනල්,
      වයින් කරල ගන්ඩ වගේ යන්නෙ?

      බකස්,
      බ්ලැක්බෙරි යි මීයොයි දාල වඩියක් පෙරල ගමුද එහෙනං?

      Delete
  4. යෝධයන් සහ ඕගරයන් ටික පරද්දන්ටම බැරි වුනානං මම හිතන් හිටියෙ මෙහෙම කරන්න කියන්න.

    සුමන යනවා ඇත්කඳ ළිහිණියා‌ගෙ පිටේ නැගලා ගෝල් දේසෙට. ගිහිල්ලා විස්තරේ කියලා ඇස්ටෙරික්සුයි, ඔබෙලික්සුයි, ගෙටෆික්සුයි එක්කන් එනවා. ඇවිල්ලා මැජික් අරිෂ්ඨෙ හදලා ඒකෙ පිහිටෙන් අරුන් ටික පරද්දනවා.

    ReplyDelete
    Replies
    1. මැජික් අරිෂ්ඨෙ ගන්න තරම් ඔය සටන කරන්නෙ. ඉදිරියට මොනව වෙයිද කියල බලමු. මමවත් නොහිතන පැත්තකට කතාව හැරෙන්න ඉඩකඩ තියෙනව

      Delete
    2. කැකොෆොනික්ස්ව අරං ගියත් මොනවහරි කරයි.
      එහෙම නැත්නම් ඉතිං අපේ බස්තුමා තමයි අමුර්තයත් අරං ලිස්සලා යන විදිහට වැඩේ කරයි

      Delete
    3. කැකොෆොනික්ස් උන්නනං හිම යොදෙයො දුවන්නෙ කැලේ කඩාගෙන. අර කාන්තා ලීජන් එකේ කතාවෙදි පොර ගෙ සංගීතයට කැලේ හිටපු මකරෙකුත් දිව්ව. වට්සිස්නෙහ්ම් කියල සන්නාසියෙකුත් එනවනෙ, බුවා ඉන්දියාවට එක්කරං යන්ඩ, උන්දැගෙ සංගීතෙට වහිනව කියල...

      බස්තුමාට ඕනෙලු අමෘතෙට බණ්ඩක්ක යුෂ කළවං කරල...

      Delete
    4. හර්මිස් අරං වරෙන් ඉබිකට්ටෙන් හදාපු ලයර් වීනාව අරන්

      Delete
    5. ග්‍රීස්සුයි ඇන්ජින් ඔයිල් කලවං කරලා අඹතලෙන් ලීස්සුව මිනිහාට බන්ඩක්කා මොනා කරන්නද

      Delete
    6. බකුසු දැන් ගාන්නේ පමාවෙලා ලිස්සන්න Easy glide ඉක්මනට ලිස්සන්න K-Y jelly

      Delete
    7. හහ්, එහෙම ලිස්සපු නිසා තමා, තාම යහතින් ඉන්නෙ. නැත්නම් මෙලාහකට බස්සා නෙමෙයි,කුඹුරු කොටන අඹතලේ ගමරාළ.

      මේ කෝ අර තාරාව. මට නෙමෙයි, ජයසේනට තමා සාංකාව.

      Duck playing drums

      Delete
    8. https://www.youtube.com/watch?v=QbyLDJzTvVY

      Delete
    9. කොමිටල්,
      හා හා කට කට... හර්මිසුත් ඇවිත් කමෙන්ට් කරයි දැං.

      ඔරිජිනල්,
      හෑ...! එහෙව් බස්සට වැස්ලින් මොටද නේ?

      කොමිටල්,
      යකෝ බොලා දන්න දේවල්! ඔව්ව කලිං කිව්ව නං අපිත් ගෙදර ගිහිං පවුලත් එක්ක සතුටින් සමාදානෙන් ඉන්නවනෙ. (හෑ...! කොහොමද බොලේ පවුල එක්ක සතුටිං සමාදානෙන් ඉන්නෙ?)

      බකුස්,
      අඩෙහ්... මේ ලොක්ඩවුන් එකත් එක්ක හිතෙනව ඩෝ, කුඹුරක් කොටාගෙන උන්නනං හොඳයි කියල. අඩුගානෙ බතුයි සම්බෝලයි හරි කාල යහතිං ඉන්නව.

      අර වීඩියෝ එක පට්ට ඈ... ඔය වගේ ම තමා තෙරුවන් සරණ ගිය පූසා.

      ප්‍රා,
      මොකද ඩොමෙස්ටිකලි තාරා මස් කෑම අත්ඇරියද?

      Delete
    10. කවුරු හරි මාව හෙව්වද?

      Delete
    11. https://en.wikipedia.org/wiki/Mercury_(mythology) කොහෙද?

      Delete
    12. ආ, ඒ මේ අපේ ඉතාලි ගිය මල්ලි නෙ.

      Delete
  5. හිම යෝධයන් සහ ඕගරයන් පසු බැස්සුවේ කොහොමද කියලා මට නම් හිතා ගන්න බැහැ.

    // "අයියා එයාට පුළුවන් දෙය හොඳට ම කරනව. මොකද, එයා ට පුළුවන් ද යුද්ධ කරන්න?//

    මේක ලංකාවේ දේශපාලනයට අදාලව ගහපු හින්ට් එකක් නොවෙයි වෙන් ටැ ??

    ReplyDelete
    Replies
    1. මට හිතුණා sam මහත්තයෝ, සූරිය උදාව කියන ආයුධෙන්ය හිම යෝධයන් පැරද්දුවේ කියලා...

      එහෙමත් නැත්තං තාත්තා, ශිවගේ තුන්වෙනි ඇහැ විවර කරවලා... වැඩි බර 1 වෙනි එකටයි.

      Delete
    2. කාන්තාවන්ගෙ පවර්ස්වලින් බාගයක් තියනව. ෆයිට් කරන්නත් පුලුවන් ඔනේම නම්

      //32 Forms of Lord Ganesha!

      Vira Ganapati -
      The "Valiant ..The "Valiant Warrior- Vira Ganapati , assumes a commanding pose. His 16 arms bristle with weapons, symbols of mind powers: a goad, discus, bow, arrow, sword, shield, spear, mace, a battleaxe, a trident and more//

      Read more at:
      http://timesofindia.indiatimes.com/articleshow/68207004.cms?utm_source=contentofinterest&utm_medium=text&utm_campaign=cppst

      Delete
    3. ඒවා හැබැයි මයින්ඩ් පවර්ස්වල සංකේත.
      මෙහෙමත් කරනව
      //He is popularly worshipped as a remover of obstacles, though traditionally he also places obstacles in the path of those who need to be checked.
      https://en.wikipedia.org/wiki/Ganesha

      ඒත් මං කැමති ගනේෂ් මෙයා :- Hindu God - Ganesha - Marvel Universehttp://www.marvunapp.com/Appendix4/ganehsash.htm

      Delete
    4. සෑම්,
      //තමුං තමුං වෙනුවෙන් කිසිම දෙයක් නොකර, තමුං සුඛිත මුදිත කරවන නායකයෙක් ගැන බලාපොරොත්තු ඇති කරගත්තු කාලකන්ණි ජාතියක්... //
      එහෙම කිව්වෙ රිටිගල ජයසේන, 33 කොටසෙදි

      අනේ මංද මේ ලියන එව්වයෙ තියෙන තේරුම් නං.

      Delete
    5. නිදි සහ ජය,
      හවසට සවිස්තරාත්මකව උත්තර දෙන්නම්

      Delete
    6. නිදි සහ ජය,
      මට හිතෙන්නෙ අයියනායක, ලෝකී පොළඹවාගන්න ඇති තමන්ගෙ හමුදාව පසුබස්සවන්න. අනික ලෝකී ඒ තරම් යුද්ධ සහ මූණට මූණ කම්බැට්වලට වඩා විශ්වාස කරන්නෙ යටින් ගහන ගේම්. ඒ නිසා අපි බලන්න උවමනයි, ඊට පස්සෙ මොකද වෙන්නෙ කියන එක.

      ගණේෂ් මයෙ හිතේ මිසරයෙ තොත් වගේ, ඤාණවන්තයි, ශාස්ත්‍රවන්තයි. නමුත් කපටි නූල් සූත්තරවලට දක්ෂයිද ඔය මූලාශ්‍ර අනුව?

      Delete
    7. Ganesh is clever and smart. He is capable of making things happen/ things been done the way he wants.

      This is the reason for people doing Ganesh pooja before starting new things, to have his blessings to remove any obstacles and succeed the project.

      Delete
    8. ගොඩක් ස්තූතියි බුරාස්, මට පේන විදිහට ලෝකී ට ටිකක් හරි ගැළපෙන තරගකාරයෙක් වෙන්නෙ ගනේෂ ම තමා නේද? අපි බලමු ඉදිරියට...

      Delete
  6. බකමූණෝ, ප්‍රාජේ, නිදියෝ, පැතුමෝ, අසංගයෝ,

    මේ කතාව පොඩ්ඩක් කියවල බලමු. අපේ සමකාලීන බ්ලොගර් කෙනෙක්. පට්ට ඈ!

    ReplyDelete
    Replies
    1. ආාා මට නම පොඩ්ඩක් අමතක උනා. සෑමෝ ඔඔඔඔ...!!

      Delete
    2. ඒක නොවරදවා කියවනවා බං. ලස්සනයි. ඔෆිස් කොම්පියුටරෙන් කොමෙන්ට් කරන්නට බෑ.

      Delete
    3. මාත් ගියා බලන්න, ගිහින් කොටලම ආවා.

      Delete
    4. මයෙ හිතේ අපි මොනව ම හරි කොටල එන එක දිරිගැන්වීමක් වෙයි. මේ කාලෙ ඔහොම බ්ලොග් එකක් ලියන එකත් ලොකු හයියක් නෙව.

      Delete
    5. ගියා, හොඳා, එබී බලා ආව පස්සෙ එන්නම් කියලා කොටලා.

      Delete
  7. මුං ගහගන්නේ ක්වන්ටම් ලෝකෙකද මන්ද , හරි ඉක්මන්

    ReplyDelete
    Replies
    1. හ්ම්... ක්වන්ටම් ෆිසික්ස් කියන්නෙ හැල රකුස් තාක්ෂණේට ම කියන තවත් නමක් මයෙ හිතේ...

      ඇත්ත. යුද්ධෙ ඔයිට වඩා විවේකීව ලියන්න ඔ්නෙ. මාසයක් දෙකක් ගිහිං කීප සැරයක් ඒඩිට් කරන්න වෙනව ඔය කොටස් ටික.

      Delete
  8. අද ටිකක් ලෝර්ඩ් ඔෆ් ද රින් වගේ

    ReplyDelete
    Replies
    1. පියාඹන මකරෙකුයි, දුනුවායෙකුයි, ඇත් දළ හතරක් තියෙන දැවැන්ත අලියි, මායාකාරයොයි විතරයි අඩු. මට ඔය සමූහ යුද්ධ අල්ලන්නෑ. ද්වන්ද සටනක් නං දෙන්ඩ තිබුණ දොඹෙං.

      Delete
  9. ඊජිප්තු දෙවිවරු ටිකකුත් එවන්න ද?

    ReplyDelete
    Replies
    1. බකුසු ඔලුවක් තියෙන, හොඳට කන-බොන දෙයියෙක් නැද්ද?

      Delete
    2. https://egyptiangeographic.com/en/news/show/403

      Delete
    3. ඒ ඉන්නෙ උකුස්සා, ඕකා මගේ හතුරා. දැක්ක තැන කොටන නිසා මම ලිස්සල යනවා.

      Delete
    4. මට මතක තිබුණෙ බකුසු මූණ කියල. බැලින්නං ෆැල්කන් නෙ.

      Delete
    5. ඩ්‍රැකියාගේ සතුරා අසංගයා
      තොගේ සතුරා මගේ මිතුරා

      Delete
    6. කෝ සතුරෝ? කෝ සතුරෝ
      කෝ අපගේ සතුරෝ?

      Delete
  10. මරු අදත්...
    ලොකු කොමෙන්ට් නැතිවට කමක් නෑ..
    කියවනව ඕං

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බෑක් මචං. ආපහු ලියන්නත් පටං ගනිං.

      Delete
  11. ඩ්‍රැකියෝ පැටව් ගහන්නේ නෑ බොලව් තව එකෙක්ට බෝකරනවා මිසක්

    ReplyDelete
  12. ඔක්කොම කමක් නෑ කියමු ... අර ලස්සන සුදු කොල්ලා වැම්පයරයෙක් කලේ මොකද බං ... මං හිතං හිටියේ මේ වලි බලි ටික ඉවර වෙලා අර දැරිවි එක්ක හැපී ලිවින් එවර් ආෆ්ටර් එකක් තියෙයි කියල ... සැක් සුපියල් පහ ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹේ රුපියල් පහට සාධාරණය ඉෂ්ට කරනව. ඉස්සරහට කියවමු කො... රුපියල් මිලියන පහකට වඩා වටින එන්ඩින් එකක් එනව ඉස්සරහදි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි