Thursday, September 2, 2021

අවසානයක් නොවේ - 39

38 කොටස...

යම් කිසි වෙනසක් දැනී ඩ්‍රේක් හිස ඔසවා බැලුනේ නොරුස්නා හැඟීමෙනි. ඔහු ඉදිරියෙහි වූයේ සුදුවන්  ධෝතියක් හැඳ, රනින් හා මිනි මුතුවලින් අලංකාරවත් වූ මාල, උදර බන්ධන, හා අත් වළලුවලින් සැරසුණු, තෙදවත් පෙනුමක් සහිත රූමත් තරුණයෙකි. 

"නුඹ කවුද?" ඔහු ගේ කටහ‌ඬෙහි මෘදු නමුත් රාජකීය බවක් ගැබ් විය. "උත්තර දෙනු!"

නාවුකයාගේ අවුල් වූ සිතෙහි කෝපය අකුණු කුණාටුවක් සෙයින් නැගී ආයේ ය. "මම කවුරු උනහම නුඹට මොකද ෆාඅන්? (Faen නෝර්ඩික්) (= යකෝ) චිස් මයි ඉ රෙවා!" (Kyss meg i ræva නෝර්ඩික්) (= kiss my rear) යි පහත් තාරතාවකින් මුමුණමින් ඩ්‍රේක් සුරත මිට මොළවා බිමට ගසා වාරු ගෙන නැගී සිටියේ ය.

"චිස් මයි ඉ රෙවා?" තරුණයා පුනරුච්ඡාරණය කළේ ය. "ඒකද නුඹේ නම? මේ උමග ඇතුලේ නුඹ මොනවද කරන්නෙ?" ඔහුගේ කටහඬේ සියුම් සරදමක් ගැබ්ව ඇති බව නෝර්ඩිකයා හට වැටහිණ. 

"ඇයි? මේ උමඟ උඹේ ද? පාඩුවෙ ඉන්න දීලා පලයන් යන්න!"

තරුණයා සුරත දිගු කළේ කෝපයෙන් දිළිහෙමිනි. ඩ්‍රේක් වමතින් ඔහුගේ අත වැරෙන් අල්ලා, ඔහු වෙතට ම නවා, මිටමෙළවූ සුරත ඔහුගේ මුහුණ මතට පතිත කළේ ය. රාජකීය අමුත්තා අඩි කිහිපයක් පිටුපසට විසි කර දැමීමට තම මුෂ්ටි පහර සමත් වූ බව දුටු නාවුකයා මවිතයට පත් විය. එතරම් ශක්තියක් සිය සුරතේ වූ බව...

ඇසිපිය හෙලන පමණින් දෑත් බිම ගසා නැගී සිටි තරුණයා නැවතත් ඇඩම් වෙත පැන්නේ ය. මෙවර ඔහුගේ ඉළක්කය නිවැරදි විය. සිය ගෙළ වට‌ා සතුරාගේ දෑතේ ඇඟිලි වෙලී සිර වෙද්දී, දෑස් එළියට මතුවන්නට යත්න දරනු නෝර්ඩිකයාට දැණින. ඔහු තරුණයාගේ දෑත් සිය දෑතින් තදින් අල්ලා, සිය බෙල්ල මුදවා ගැනීමට තැත් කළේ ය. ඒ අතරම, දකුණු පාදය ඔසවා වැරෙන් පහරක් සතුරාගේ යටිබඩ පෙදෙසට එල්ල කළේ ය. අඩියක් පමණ පිටුපසට විසිවුණ ද, තෙදවත් අමුත්තා සිය දෑතේ ග්‍රහණය ලිහිල් කළේ නැත. එහෙයින් ඇඩම් ගේ සමබරතාව ද ගිළිහිණ. 

දෙ දෙනා බිම වැටී පෙරළී ගිය ඉක්බිති, එකිනෙකාගේ ග්‍රහණයෙන් මිදී, දනි පනි ගා නැගිටගත්හ. 

"මෙහෙම සළකන්න වීම ගැන ලැජ්ජයි මිත්‍රයා..."  ආගන්තුක තරුණයා ආචාරශීලිව එහෙත්, එළඹෙන ඕනෑ ම අවස්ථාවකට මුහුණ දීමේ බුහුටි බවින් යුතුව කතා කළේ ය.

"ම්හ්...!" ඩ්‍රේක් හිස පහත් කරගත්වන ම දෑස් උඩුකුරු කොට තරුණයාගේ දෑස් දෙස එක එල්ලේ බැලී ය.

"නුඹ මෙතෙක් අයිතිවෙලා හිටපු සමාජ කොටසින් දුරස් කෙරිලා තියෙන වග මට පේනවා... තේරුම් ගනින්... මේ උමඟ ඇතුලෙ ඉන්න හැමෝම එක ම උප සමාජයකට අයිති උදවිය වග."

"මම ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්..." නිහඬව ගතවූ මිනිත්තු කිහිපයකට පසු නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "මම අශ්වාරෝහක සෙබ‌ළෙක් වෙලා හිටියා. දඩයක්කාරයෙක්, යුධ සෙබළෙක්, ගවේෂකයෙක්, මුහුදු කොල්ලකාරයෙක්, අද්මිරාල් කෙනෙක්..."

තරුණයා සාවධානව අසා සිටියේ ය. 

"අන්තිමේ කන්ද උඩරට රජු ගේ රැඳවියෙක් වෙලා ඉඳලා, රාජකාරියටත් බඳවාගෙන, දූරය විසින් ම මාව ද්‍රෝහියෙක් විදිහට නිගමනය කරලා..."

තරුණයා සුරත එසවීය... "නුඹ කීවේ රහස් දූරය කියල ද?"

"මම එහෙම කීවේ නෑ."

"නුඹ භයාණක විදිහට සුදුමැළියි. නුඹේ කර මුල මා දැක්කා දත් පාරවල්... ඒ වගේ ම නුඹට යකෙකුට වාගේ හයිය තියෙනවා... ඒ හැම හෝඩුවාවක් ම යොමු වෙන්නේ එක පැත්තකට..."

තරුණයා මඳකට නිහඬව සිතිවිල්ලට වැටුණේ ය. 

"මට මුලින් ම කිව්වෙ, ජීවහත්ථ හෙවත් වීරබාහු. මම මේ දිවයිනේ කොටසක් පාලනය කළා, පිය උරුමයෙන්. වැද්දො මට සළකන්නෙ උන්ගේ ආදි පියා හැටියට. මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්..." ඔහු ඩ්‍රේක් ගේ දෑස් දෙස කෙලින් බැලුවේ ය. "දැන් මම ගරා යකා...!"

ජීවහත්ථ හෙවත් දළ, සිය සුරත ඇඩම් ගේ උරහිස මත තැබීය.

"මටත් තියෙනවා රහස් දූරය එක්ක ගනුදෙනුවක්... මාත් එක්ක වරෙන්."

මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්...
https://www.srilankanartgallery.com/artworks/painting/raksha-warrior

*    *    *

ලක්දිව වියලි කළාපයේ පිහිටි සුවිශේෂී හුදෙකලා කන්දක් වේ. දිවයිනේ පවතින සියලුම දේශගුණික තත්ත්වයන් මෙම කඳුවැටියේ එක් එක් උස් මට්ටම්වල දී හමුවීමේ වාසිය උපයෝගී කරගෙන, සෑම ඉසව්වක ම වැවෙන ඔසු පැළ එක ම ස්ථානයක රෝපණය කර මහා ඔසු වනයක් සකස් කළේ ජයසේන ය.කාලය ගත වත් ම, කෙමෙන් කෙමෙන් ප්‍රකෘතිය අමතක වී ගොස්, ජනප්‍රවාදයට එක් වී ගිය ජයසේන, සිය ඔසු වනයේ පධානඝර භික්ෂූ ආරාමය ඉදි වී, දියුණු වී, නැවත කැළැවට ම යට වී යනු ද, මිනිසා විසින් ඉමහත් ප්‍රයත්නයෙන් ඉදි කෙරුණු දැවැන්ත ශිලා නිර්මාණ ගස් මුල් විසින් ආකූල කර දමනු ද දකිමින්, ස්වභාව ධර්මයේ ම කොටසක් වී හුදු නිරීක්ෂකයෙකු ලෙස දැනුම පමණක් රැස්කරමින් කාලය ගත කෙළේ ය. ගාමණී අභය මහරජුගේ රහස් දූරයේ සාමාජිකයෙකු අතින් පරාජයට පත් වූ පසු හෙතෙම සිය කාලය වැඩිපුර ම ගත කළේ මෙකී ඖෂධ කන්ද තුළ පිහිටි රහසිගත ගල් ලෙණක ය. 

තමන් දෑතින් ගොඩනැගූ අරිට්ඨගාමය, කාලිංග මාඝගේ ආක්‍රමණයට ද මුහුණ පා, සමෘද්ධිමත් නියම්ගමක සිට දිළිඳු පැල්පත් කිහිපයකට සීමා වෙමින් පිරිහෙද්දී, හුදෙක් දිරිමත් මිනිසුන් ගැන ලැදියාවෙන් පහතට බට ජයසේන, ගමට නායකත්වය දුන්න ද, කාලය සහ මිනිසාගේ ඉරණම වෙනස් කළ නොහැකි බව පසක් කළේ, තමා රැස් කරගත් දැනුම සමස්ත මානව සංහතිය ම සුවපත් කිරීමට කැප කරමින් ලක්දිව පුරා සැරි සැරුවේ ය. වෙසෙසින් ම, තමන් කුමනාකාරයේ යහපතක් මානව වර්ගයා වෙත පැතිරුව ද, ඊට පෙරටුව වේගයෙන් පැතිර ගිය, ජයග්‍රාහකයා ට ආවඩා පරාජිතයා හෙළා දමන අන්දමේ මහසෝන් පුරාවෘතය ඔහු නොසැළකීය, ඇත්තට ම ඔහු මහසෝන් ප්‍රතිරූපයේ ප්‍රතිලාභ රසවිඳි අවස්ථා ද වූයේ ය.

ලෝකී උදුරාගත් ප්‍රකෘති සිහිය නැවත කැඳවන තෙක් මිත්‍රගේ සිරුර ආරක්ෂිතව පවත්වාගත්තේ මෙකී හුදෙකලා කන්ද මුදුනේ පිහිටි ජයසේන ගේ රහසිගත ගල් ලෙණ තුළ ය. සැඩ සුළඟ සමඟ කඩා වැදුණු සියුම් වැලිකැට, ඝන හිරු රෂ්මිය සහ සීතල වැස්ස මඟින් සාරන ලද ආගනේය පාෂාණය තුළ වූ බාහිර ලෙණට පිටුපසින්, තවත් ඇතුල් ලෙණක් විය. පෘථිවියේ තරුණ කාලයේ දී ඉහළට නැඟුනු උණු ලාවා ගුළියක් පස් අතර වූ කුහරයක පිරී ගොස් නිර්මාණය කෙරුණු මෙම පාෂාණය මධ්‍යයේ, උපතින් ම හටගත් ගෝලාකාර කුහරයක් විය. ජයසේන ගේ වාසය හා අධ්‍යයනාගාරය වූයේ මෙම ඇතුල් ලෙණ ය. 

ලෙණ මැද ගලින් ම සාරා සකස් කරන ලද බෙහෙත් ඔරුවෙහි පුරවන ලද, අඳුරුවන් තද කොළ පැහැ කල්කයක බහා තිබුණේ මිත්‍ර ගේ ශරීරය ය. සුමන හා ඉන්ද්‍ර තම නෝර්ඩික් සිරකරුවා එම ගල් ඔරුව අසළ බිම වැතිරවූහ. ජයසේන ඔවුන් ගේ හිස්වලට ඉහළින් බිම වීරාසනයෙන් වාඩි වී, වමත ලෝකී ගේ හිස මත ද, සුරත මිත්‍රගේ හිස මත ද තබාගෙන, ප්‍රාකෘත බසින් පබැඳුනු දීර්ඝ සැහැල්ලක් ගායනා කිරීම ඇරඹී ය. ඔහුගේ පූර්ව උපදෙස් පරිදි, සුමන හා ඉන්ද්‍ර විටින් විට සිය මිත්‍රයාගේ හිසෙහි තෙල් ගෑමත්, ගල් බිත්තිවල රැඳවුණු පන්දම්වල ආලෝකය වැඩිවන පරිද්දෙන් හා හාත්පස වාතයට ඖෂධීය දුම් එකතුවන පරිද්දෙන් දුම්මල කුඩු ගැසීමත් සිදු කළහ.

කාලය හෙමින් හෙමින් ගතවී යද්දී, මිත්‍රගේ සමෙහි පැහැය නැවතත් ප්‍රකෘතිමත් වී එනු දැකගත හැකි විය. අබිරහස් මඳහසක් යාන්තමින් පෙන්නුම් කළ ලෝකී ගේ මුහුණ කෙමෙන් කෙමෙන් සුදුමැළි වී හැකිළී ගියේ ය. අවසානයේ මිත්‍ර දෑස් විවර කර සිය මිතුරන් දෙස බලා මඳ සිනහවක් පාද්දී, ලෝකී ගේ සිරුරෙහි වූ අවසන් ප්‍රාණ වායු බිඳ ද, වාතලයට මුසුවී ගියේ ය.


40 කොටස...

50 comments:

  1. දළ කුමාර ඉන්නවා. දැන් හොට කුමාර එයි. හොට කුමාරගෙයි මගෙයි ඉස්සර යාලුවෙක් හිටිය ගෝඩා කුමාර.අපි වගේම අල්ට්‍රා සීරියස් කෙනෙක්. එයාත් හිටියනම් මෙතන ෆුල් සීරියස් farce එකක් කරන්න තිබුන. Sigh.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ උන්නා "ගලේ කුමාර" නං. ‍

      අල්ට්‍රා සීරියස් කිව්වෙ තාරකා පද්ධතියක් නේ?

      Delete
    2. තාරකා ආවෙ චරිතාට පස්සෙ කියලයි හොට කුමාර කිව්වෙ

      Delete
    3. හොට කුමාර කිව්වා, ගෝඩා කුමාර බැන්දෙ සෝඩා කුමාරි කියලා...

      Delete
    4. හොටකුමාර පැටලිලා වගේ. සෑහෙන කාලෙකින් දැක්කෙ නෑ.

      Delete
    5. උන්දැ පැටලිලා ඇත්තෙ බණ්ඩක්ක ගහකට කොටල

      Delete
    6. පැටලෙන්න? හහ්, එව්වා කොහෙද?😂

      අම්මපා, අර කිව්වා වගේ ගෝඩා කුමාර හිටිය නං? උන්දැත් පැටලෙන්න ඇති නේද?

      Delete
    7. මට සෑහෙන්න ටැපලුනා. ප්‍රා ජෙට දුකයි වගේ

      Delete
    8. දුක නැද්ද, ගෝඩාකුමාර එස්ටෝනියාවට ගියත් ඇණ පැටලීම ගැන.
      ඒකට අපේ බස්තුමා !

      Delete
    9. දැන් මෙහෙමනෙ, ජයසේන මැතිතුමා. ඔය ඇණ තියනව නේද, ඔව්වා විවිධයි, විචිත්‍රයි. විෂමාකාරයි, ඉලිප්සාකාරයි, සංකීර්ණයි. ඇණ ගහගත්ත, ගැලෙපෙන ඇණ ලැබිච්ච, වඩු මහත්තුරු ගැන මයෙ අමනාපයක් නෑ. මම මගේ "හිතූමතේ ජීවිතේ" තෝරගත්තා. අපේ මස්සිනාට තිබ්බා ඔහොම ආසාවක්-පරම්පරාවෙ නම ගෙනියන්න පුතෙක්.

      මට එහෙම අමරණීය වෙන්න ආසාවක් නෑ, කාට හරි එහෙම ආසාවක් තියනවා නං, ඒකටත් "දෝස නෑ අපෙන්". එච්චරයි, හැබැයි "මගේ ක්‍රමය තමා හොඳම එක" වගේ කතා වලට නං මගේ මනාපයක් නෑ. එච්චරයි.😊

      Delete
    10. "මගේ ලිස්සීම තමයි............."

      Live and let live.

      Delete
    11. ඉහත කතාව, අපේ ජයසේන මැතිතුමා වගේ කෙනෙකුට කොහොමවත් අදාල වෙන්නෙ නෑ. එහෙම නං, මොන ඉලව්වකට ඒක ලිව්වද කියන එකත් තේරෙන්නෙ නෑ. කතාවට අදාල"විනිශ්චයන්" අනිත් අයගෙන් ලැබිල නැත්තෙමත් නැති නිසා එහෙම ලියවෙන්න ඇති. නැතුව අමනාපයකින් ලියපු දෙයක් නොවේ.

      මීට,
      -සාකැසම් නොතේරුනත් විහිලු තේරෙන, අහිංසක සඤ්ඤක බස්සා-

      ඉතාලි නමක් තියනවා Basso කියලා. ටිකක් වෙනස් විදිහට උච්චාරණය කලත්, ඉතාලියෙදිත් බස්සො, බස්සොම තමා.

      Delete
    12. සීරියස් බස්තුමෙක්

      Delete
    13. ඒක තමයි. මං කියවපු එක පොතක තිබුණ මතකයි, "මම හිතන්නෑ මේ ලෝකෙට මාව බෝකරන්න ඕනෙ කියලා..." කියල.

      ගොඩක්ම උදවිය කරන්නෙ සමාජ සම්මතය මේන්ටේන් කරන එක.

      Delete
  2. රිටිගලට සමාන ආරාම කන්දක් තමයි අරංකැලේ. ඒකෙනුත් කවුරුහරි එයිද?

    ReplyDelete
    Replies
    1. කවුරු හරි අරං කැලේ ගියොත්, පොලිසිය පස්සෙන්...

      Delete
    2. එතකොට වෙහෙරබැදිගල?

      Delete
    3. ජාම වෙලාවේ ලිපියක් දාලාය
      දැක ආවාම තව යකෙකුත් ඇවිදින්ය
      දැන්මම මොකුත් නොකියන එක සුබ වගෙය
      තරහ අයගෙ කපයි වගේ ඔළු ගෙඩිය

      Delete
    4. ප්‍රා ජේ,
      එකට මොකවත් කිව්වොත්, රලපනාව ගැන අහයි ඊළඟ පාර. ඊට නමලා ලිස්සුව...

      Delete
    5. මේක ලියන්නේ ටික දවසක ඉඳලා
      වැඩ යමරෙට ගොඩ ගැහෙනව හිටු කියලා
      ගමේ ගියොත් මේ ටිකවත් නැත කියලා
      අහුවුන තැන පල කරලා ඇත ලියලා

      දල කුමාර එන්නේ මොකටද කියලා
      කිව්වොත් දෙනව පුස් නාම්බුවක් හදලා

      Delete
    6. දෙන්නෙක්ව ගේනව කිව්වට, එකයි නෙව ආවෙ? ඉතුරු එකත් ආවම එඤ්ඤං.

      Delete
    7. නිදි ඇත්ත කතාව. මේ රෑ මේවා කියවල් මොනවා වෙයිද මන්ද

      Delete
    8. සහතිකයි අජිත් මහත්තයෝ, ඊයේ රෑ දළකුමාර නැතත් ලෝකි, ඇඩම්, තාරා, සුමන, මහසෝනා විතරක් නෙවෙයි ඩ්රැකියුලාත් පාට පාටට හීන ගොඩාරියක් එක්ක ආවා. දන්නවනේ මගේ හැටි.... මදි නොකියන්න ඒවාත් රස වින්දා.

      Delete
    9. බකුස්,
      දෙන්නෙක් ඉන්නව. ගරා යකා ගැන ටිකක් හොයල බැලුවොත් අනික් කෙනා කවුද කියල නිකම්ම හොයාගන්න පුලුවන්.

      අජිත් සහ නිදි,
      මහසෝනයි රීරි යකයි ගරා යකයි විතරයි තව
      මෝහිනිවත් ආවොත් නං බය කරන්න තිබුණා

      Delete
    10. නිදි උදේ සරම ඇලිලා තිබුන වත්ද හේ හේ

      Delete
    11. එහෙම ඇලෙන්නෙ නං වෙන හේතුවකට හැක් !

      Delete
    12. රස වින්ද හැටි හිතා ගන්න බැරිවුනා . බය වුනාද කවුද දන්නේ

      Delete
    13. හෙ හෙ... බයත් එක්තරා රසයක්නෙ. උපරිමයට විඳින්න ඇති

      Delete
  3. Pra jay මහත්තයෝ, මං අරන්කැලේ ගිහිල්ලත් නෑ. වෙහෙරබැඳිගල ගිහිල්ලත් නෑ. කොහෙද ඒවා තියෙන්නේ. ලුණුගම්වෙහෙර වෙහෙරගල නං ගියා.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද නිදි අර පංචායුදේ සීගිරි ගිහිල්ලත් නැති කොට? මම ඉන්න ප්‍රාන්තය වර්ග කිමි මිලියනයකටත් වැඩියි. මේ සම්ම ජාතියෙදි රටම කෙසේ වෙතත් ප්‍රාන්තයවත් කවර් කරන්න බෑ. ඔය ඉන්නෙ බස්සො යසට!

      Delete
    2. https://lakpura.com/pages/arankele-monastery

      Delete
    3. https://amazinglanka.com/wp/en/kiralagala-archaeological-reserve/

      බස්තුමාට ගැලපෙන්නෙ ඒ වගේ ප්‍රාන්තයක් තමයි. අඹතලේ පොඩි වැඩියි ලිස්සල යන්න.

      Delete
    4. කෝ මේ යක්කු සෙට් එක. ගොඩ බානකොටම අල්ලලා නිරෝධායනය කරල වත්ද? ඉන්ටනෙට් එකට ඇණ හිටවපු කතාවකුත් තිව්වා නං තමා.🤔

      Delete
    5. links දෙකටම ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      ඒත් ඉතිං විස්තර අහගත්තාට කොයි කපේ යන්න ඉඩක් ලැබෙයිද කියල තමා සැක!

      Delete
    6. නිදි,
      නිදි ගිහිං තියෙන ට්‍රිප් තොගේ හැටියට මං හිතාගෙන උන්නෙ මුලු රට වටේම හත් වටයක් ගහල ඇති කියල

      බස්ස,
      ඔය ප්‍රාන්තෙ නැද්ද පාර අයිනෙ හදපු නාන ළිං?

      ප්‍රා ජේ,
      බස්ස මාලදිවයින්වල එහෙම හිටියනං, එක පාරක් ලිස්සපු ගමං මුහුදෙ...

      බස්ස,
      සමහරුනං කලිං පෝස්ට් එකට ආවෙත් නෑ. අර බෙබාල එහෙම...

      නිදි,
      මේ මහා භද්‍ර කල්පේ බැයිනං වෙන මොන කාලෙක යන්ඩද ලොකා?

      Delete
    7. හරියට හරි!
      හිත ඇත්නම් පත කුඩාද ලියලත් කියන්නේ....

      මේ අවුරුද්දෙත් trip තුනක් නං ගියා තමයි හිතවතුන් එක්ක, සේනානායක සමුද්දරේ කොස්සපොල- නකල්ස් හා විල්පත්තු...
      සුබවාදීව හිතාගෙන ඉන්නවා තව යන්න තැනුත් හිතාගෙන.

      දැන්ම මැරිලා බැහැනෙ!

      Delete
    8. යන්ඩ තමා තියෙන්නෙ. දැනටත් සුවපත් වෙමින් නෙ ඉන්නෙ තව මාස 20ක් විතර නේද බලන්න තියෙන්නෙ ?

      Delete
    9. දහ මාසේ එව්වා දෙකයිනේ!

      Delete
    10. ඔව්. දෙපාරක් උරේ කාපුහාම හරි.

      Delete
  4. හබියට මේ වෙලාවෙ හරියට වැඩ. ගොඩක් වෙලාවට අද හවස මේ කමෙන්ට් සේරටම උත්තර දෙන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  5. එතකොට මේ යක්ඛු --- බණට හීලෑ වුණ උං නෙවීද බොලව් 😃😃😃

    රටිගල ඉස්සරහිං කඋප වතාවක් ගියත් කන්ද නැගල නෑ කියන්නකෝ


    ඊළග කොටසත් එනකං.. මඟ බලන

    ReplyDelete
    Replies
    1. යක්ඛු බණ ට හීලෑ වෙච්ච හැටි මේං මෙතන තියෙනව.

      රිටිගල වගේම තමයි අරංකැලේ. රිටිගල තියෙනව මහා පොකුණක් එහෙමත් ...

      Delete
    2. ඒ පොකුණ පිළිසකර කිරීම පටන් ගෙන තිබ්බා... මතක හැටියට බන්දා පොකුණ. රිටිගල කැනීම් නං නවත්තලා වගේ, සල්ලි නැතිව.

      Delete
    3. මෙතන තියෙන හැටියට නං මං අන්තිමට දකින විට තිබුණු විදිහට වඩා සංරක්ෂණය කරල. 2007 විතර පාඨලී ලා තමයි ඔය සංරක්ෂණය පටං ගත්තෙ. උඩහ තියෙන මොනස්ටරිය නං තහවුරු කරල තියෙන්නෙ දැනට ම . පධානඝරවලට හොඳම උදාහරණ තමයි රිටිගලයි අරංකැලෙයි.

      Delete
    4. ඩ්‍රැක් මම ඕක දැම්මෙ නිකමට. ඒ කොටස් කියවපුව මිතුරේ... හැක් හැක්.. මෙතන වැටෙන සමහර කොමෙන්ට් වල තියනව වගේ අත්දැකීමක් නැති හින්ද මොනව හරි ලියනව ඉතිං.

      රිටිගල වගෙම අරංකැලෙත් යන්න ඕන‍ ඒ දවසට බ්ලොග් ලිපියකුත ලියමුකෝ

      Delete
    5. ලියන්න අත්දැකීම් ඕන්නෑ මල්ලි. හිතට එන දේ ලියහං. කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්නවත් ඕන්නෑ අඩු ගානෙ...

      Delete
    6. ඩ්රැකී, මාත් ගියේ අවුරුදු හතර පහකට කලින්. ඔයාගේ link එකට ගියාම තේරුණේ, මට රජගල- රිටිගල දෙකම පැටලිලා වාගේ. ඔය දෙපලටම ගිහින් තියෙන නිසා. මෑතකම ගියේ රජගල.

      Delete
    7. පෝස්ට් එක නොකියවා කොමෙන්ට් කරන්නෙ කෝමද.. 🤔🤔🤔🤔 ඒකෙ ලියල තියෙන දේවල් වත් දන්නෙ නැතිව.. :-o

      Delete
    8. නිදි,
      මං ගියෙ 2007 දි. එතකොට බෝඩ් එකක් ගහල තිබුණ, බන්දා පොකුණ ව්‍යාපෘතිය කියල. අර පොටෝ එකේ තියෙන්නෙ සංරක්ෂණය කරල තියෙන එකක් නෙ. රජගල නං මං ගිහිල්ලම නෑ. රජගල තමයි තියෙන්නෙ, මිහිඳුහාමුදුරුවො ලංකාවට වැඩිය කියල සනාථ වෙන සෙල්ලිපිය. “යේ ඉමදිප ඉඩිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ“

      මහේෂ්,
      නොකියවා කමෙන්ට් කරන්නෙ කොහොමද කියල ඉගෙනගන්න, ප්‍රා ජේ ගේ කමෙන්ට් බලන්න. නැත්තං ඔන්ලයින් ටියුෂන් එකක් තියෙනව, ප්‍රා ජේ සර් සහ ඩ්‍රැකී සර් මෙහෙයවන.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි