Tuesday, September 28, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - සොරුන් ගේ කුමාරයා



චිත්‍රපටිය ගැන කියවන්න කලින් මේ ගීතය අහල, බලල ඉමු...



රොබින් හුඩ් ගැන හදපු හොඳ ම චිත්‍රපටය මේක නොවෙන්න පුළුවන්. නමුත් මම දැකපු, ඒ වගේම හිතේ නොමැකෙන විදිහට සටහන් වුණු චිත්‍රපටියක් තමයි මේ. “රොබින් හුඩ් - සොරුන් ගේ කුමාරයා“

මේකෙ රොබින් හුඩ් විදිහට රඟපාන්නෙ කෙවින් කොස්ට්නර්, මම දැකපු හොඳ ම තාත්වික රංගන ශිල්පියෙක්. ඒ වගේ ම නොටිංහැම් හි ෂෙරිෆ් ට රඟපාන්නෙ තවත් විශිෂ්ට නළුවෙක් වුණු ඇලන් රික්මන්. (ගොඩක් දෙනා ට මතක ඇති හැරී පොටර් චිත්‍රපටිවල උන්න ප්‍රොෆෙසර් ස්නේප්ස්, අන්න එයා) ඒ වගේම, සහාය චරිතයක් රඟපානව, තවත් දැවැන්තයෙක් වුණු මෝගන් ‍ෆ්‍රීමන්. අවසාන ජවනිකාවෙ එනව ෂෝන් කොනරි, විශේෂ පෙනී සිටීමකට.

වැඩි කතා මොකටද? රොබින් හුඩ් කියන්නේ ලොක්ස්ලි හි සිටිය වංශාධිපතියෙකුගේ පුතෙක්. එහෙමයි පුරාවෘත්තයෙ තියෙන්නෙ. මේකෙදිත් එහෙම ම යි. නමුත් ෂෙරිෆ් ඒ වංශාධීපතියා ට සාතන් අනුගමනය කරන්නෙක් කියලා හඳුන්වලා ජනතාව උසිගන්වලා, ඝාතනය කරනවා. ඒ රොබින් කුරුස යුද්ධයට ගොහින් තුර්කීන් ගෙ අත් අඩංගුවේ ඉන්න අවස්ථාවෙ.

තුර්කි අත් අඩංගුවෙන්, මැරියන්ගෙ අයියත්, මෝගන් ෆ්‍රීමනුත් එක්ක පැනලා යන්න රොබින් හුඩ් හැකි වෙන්නෙ ඉංග්‍රීසි ධෛර්යය යනු මේකයි කියලා තුර්කින්ට පෙන්වා දීලා. එතනදි මැරියන් ගෙ අයියට ඊ තල පාරක් වදින අතර, ඔහු තමන්ගෙ මුද්ද රොබින් හුඩ්ට දීලා පොරොන්දු කර ගන්නව, තමන්ගෙ නංගිට ඒක දෙන්න කියලා. 

ආපහු මව් බිමට එන රොබින් ට දැකගන්න හැකි වෙන්නෙ, සිංහ හදවතක් ඇති රිචඩ් රජු සමඟ ඉංග්‍රීසි වීරයන් තුර්කි සටන් පෙරමුණේ සටන් වදින අතර, එංගලන්තයේ ජෝන් කුමාරයා සහ ප්‍රාදේශීය පාලකයන් මහජනතාව පෙළමින් කොල්ලකාරී සහ දුරාචාරවත් පාලනයක් පවත්වාගෙන යන බව.

රොබින් හුඩ් කැලෑ වැදුණු මං පහරන්නන් රැළකට එකතු වෙනවා. එතැන දි පුරාවෘත්තයේ සඳහන් වෙන ලිට්ල් ජෝන් සමඟ පොලු හරඹය ඉතා ම ලස්සනට නිරූපණය කරනවා.

මං පහරන්නන්ට සටන් ක්‍රම කියා දීලා මනාව සංවිධානය කරන රොබින්, ෂර්වුඩ් වනාන්තරය තුළ ඉතා ම සංවිධානාත්මක කඳවුරක් හදනවා.

ඔන්න ඔතනින් පස්සෙ කතාව මට මතක නෑ. නමුත් රොබින් ගේ කල්ලියේ බොහොමයක් දෙනා ෂෙරීෆ්ට අසුවෙන බව, ඒ අතර ලිට්ල් ජෝන් ගෙ පුතා ත් ඉන්න බව, ඒ හැම දෙනා ම එල්ලල මරන්න යන කොට රොබින් හුඩ් ඔවුන් බේරගන්න යන බව එහෙම මට මතකයි.

ෂෙරිෆ් ඔහුගේ පිළිමයක් සකස් කරනව. එක තැනකදි රොබින් හුඩ් ගෙ පිහි පාරකට ෂෙරිෆ් ගෙ මූණ තුවාල වුණාට පස්සෙ පිළිමෙත් ඒ තුවාල කැළල නිරූපණය කරනව කියලත් මට මතකයි.

අන්තිමේ රොබින් හුඩ්, මෝගන් ෆ්‍රීමන් එක්ක, ෂෙරිෆ් ගේ මාළිගාවේ දොරක් කඩන්න අර පිළිමය උස්සගෙන ගිහින් ගහනව. ඒත් කැඩෙන්නෙ පිළිමය මිසක් දොර නෙමෙයි. එතනදි මෝගන් ෆ්‍රීමන් කියනව, “ශාපලත් ඉංග්‍රීසි ඕක් ලීය“ කියල...

මේ ෆිල්ම් එක, මේ ෆිල්ම් එකේ තියෙන බ්‍රයන් ඇඩම්ස් ගෙ සිංදුව නිසා ම මායි තවත් යාළුවො තුන් දෙනෙකුයි ගම්පහ පබ්ලික් හෝල් එකේ බැලුව... මේ සිංදුව මට මතකයි පස්සෙ කාලෙකදි ජගත් වික්‍රමසිංහ කිව්වා, වීඩියෝ එකකුත් එක්ක.

ඉතින් මහත්වරුනි, ඔන්න ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, හිස්ටොරිකල්, රොමෑන්ස් ෆිල්ම් එකක්... බලල තියන අය (සහ බලපු නැති අය ආපහු බලල) කියන්න හොඳ නරක.

ෆිල්ම් එක ගැන අයිඑම්ඩීබී එකේ තියෙන විස්තර මේං

ඒ වගේම, රොබින් හුඩ් ගැන තිබුණු තවත් හොඳ චිත්‍රපටි මගෙ දැනුමෙ හැටියට මෙන්න මේවයි:

Rogues of Sherwood Forest (1950)

Adventures of Robin Hood (1938)

Robin Hood The Movie (1991)

Robin Hood (2010)


70 comments:

  1. හ්ම්....රොබින්හුඩ් කතන්දරේ එක එක කාලවල, චිත්‍රපට ටෙලි නාට්‍ය මාලා වගේ නොයෙක් විදිහට ආව. මේ කතන්දර වලට අපේ කැමැත්ත ලමාකාලෙ නොස්ටැල්ජියාවට අනුව වෙනස් වෙනවා. මගේ කැමැත්ත රූපවාහිනියෙ ගිය කතා මාලාවට. ඒත් දැන් බැලුවට ඒ රසය ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ම්ම්හ්... ඇත්ත. රිචඩ් කාපෙන්ටර් ගෙ රොබින් ඔෆ් ෂර්වුඩ්, හරියට නිකං ලස්සන කවියක් වගේ. ඒකෙ තිබුණු පේගන් විශ්වාසත්, ලස්සන සංගීතයත්, ෂෙරිෆ්ගෙ තිබුණු උපහාසයත් එක්ක.

      නමුත් මේ ෆිල්ම් එක වඩා යතාර්ථවාදීයි. බලල ම කියමු හොඳ නරක.

      Delete
  2. මගෙත් හිත ගත්තේ රූපවාහිනියේ ගිය සීරීස් එකයි.
    ඒ කාලේ ආසාවෙන් බැලුව ෆිල්ම්ස් ආයෙත් බලන්න මම කැමති නෑ. මොකද දැන් බලද්දී ඒවාගේ අඩුපාඩු හොඳට පෙනෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මාත් වඩා ආසයි ටීවී සීරීස් තුනට. නමුත් මේකත් බලල ඉමු, මේකෙ වැඩි අඩුපාඩුවක් නං දකින්න නෑ. ඒයිටත් වඩා යතාර්ථවාදීයි 2010 ආව රසල් ක්‍රෝ උන්න ෆිල්ම් එක.

      අද කයි නෑ?

      Delete
    2. ඔය ටීවී සීරීස් එකේ දෙවෙනි කොටසෙදි රොබින්ට හිටපු නලුවා මාරු කලාම, ආතල් කැඩුනා.

      Delete
    3. ඉන්ටර්නෙට් අන්තිම හෙමින්.... කොටපු කමෙන්ට්ස් කිහිප වතාවක් වාෂ්ප වුනා. ඉතින් කයි පද බැඳීම අත්හැරියා දැනට....

      Delete
    4. බස්,
      ඇත්ත. කළු කොණ්ඩෙ තිබුණු රොබින් හුඩ්, කන්ද උඩදි මිය ගියාම, මට මතකයි ඒ කාලෙ අපි තුනේ හරි හතරෙ හරි. අපි තර්ක කළා "නෑ එයා මැරුණෙ නෑ" කියල. අපිට ඒ කාලෙ ජේසන් කොනරි පේන්ඩ බෑ. ඌට තිබුණෙ මහ පණ්ඩිත පෙනුමක් අනික.

      නිදි,
      ඉන්ටර්නෙට් හෙමින් වුණාටත් වඩා මොකක් හරි බ්ලොගර්වල ප්‍රශ්නයක් තිබුණ වගේ පේනව. මහේෂ් ටත් මොකක් හරි අලකලංචියක් වුණා. මටත් වරක් දෙකක් දාපු කමෙන්ට් ආපහු දාන්ඩ උනා.

      Delete
    5. ඒ ප්‍රශ්නෙ විසදෙන්නෙම නෑ වගේ.. කමෙන්ට් කරන්න ගියාම එපා වෙනව

      Delete
    6. ඊයේ බකුසුතුමාට මං දාපු කමෙන්ට් එකකුත් අද නෑ.

      Delete
    7. බ්ලොගර් එකේ මොක හරි අවුලක් තමා මට නං පේන්නෙ. සමහරවිට මං කමෙන්ට් එකක් දාපුහාම, බී අකුර දෙකට කැඩිලා පෙන්නනව.

      Delete
  3. ලගදි හම්බවුනා රොබින්හුඩ් ලෙජන්ඩ් එක ක්‍රමක්‍රමයෙන් හැදුන එක ගැන පොතක්. විවිධ කාලවල හිටපු Outlaws ලා කිහිපදෙනක්ගේ චරිත නිසා ග්‍රාමීය ලෙජන්ඩ් එකක් විදිහට හැදිලා පස්සෙ ඩ්‍රැකීතුමා වගේ කතෲන් අතිනුත් දාල ෆුල් කතාව ඩිවලප්වුන හැටි.

    ඊට අමතරව කොමික්ස් කීපයකුත් ලැබුනා. එයින් එකක රොබින් හුඩ් සහ පිරිස ගේ. (Gay කියන වචනෙ ඉස්සර පරණ තේරුම සහිතව රොබින් හුඩ් සහ ඔහුගේ merry men එකට යොදන්නත් පුලුවන්. අර කොමික් එකේ gay වර්තමාන තේරුමෙන් )

    https://www.etymonline.com/word/gay

    ReplyDelete
    Replies
    1. ඔයැයිට ඕව හම්බුණේ අන්තර්ජංජාලෙන් ද. 😃😃

      Delete
    2. ආයි අහලා එයැයිගෙ සීයා තමා ඒබ්‍රහම් ලින්ක්-කන්. ගමේ විදිහට අබරං.

      Delete
    3. ඒබ්‍රහම් කිවුවෙ අර ස්මර්ෆ්ස්ලත් එක්ක සිංදු කියන මනුස්සය ද?

      Delete
    4. MRතුමා දන්නවනෙ මම ඩවුන්ලෝඩ්කරන සයිට්ස් දෙක (දැන් GB355ක් ! 99%ක්ම කොමික්ස්. නැවත ඉපදීම විස්වාස කරන්න වෙයි වගේ මට මේවා කියවන්නනම්).

      මේ හැඳින්වීමක් https://www.advocate.com/arts-entertainment/2016/6/21/reimagining-robin-hood-badass-gay-outlaw

      Delete
    5. ඒබ්‍රහම් ලින්ක්-කන්! පට්ටයි....

      Delete
    6. ප්‍රා,
      ඇත්ත. ප්‍රවාද සහ සත්‍ය කතා එකතු වෙලා නේ ලෙජන්ඩ් හැදෙන්නෙ. ගේ කතාව නම් මං ඇහුවෙ අදමයි. මං හිතාගෙන උන්නෙ, මෙරි මෙන් ටික උන්දැලගෙ පවුල් එක්ක ම ෂර්වුඩ් කැලේ කෑම්ප් ගහගෙන ඉන්ඩ ඇති කියල.

      බුරා,
      "ආ පාවෙන පීරිසියක් උඩ නැගලා" සිංදුවෙ ‌කොපිය ගැන ද ඔය කියන්නෙ?

      ප්‍රා,
      හැබෑට අපි ඩවුන්ලෝඩ් කරන එව්ව කියවන්න කාලෙයක් තියෙයිද? මං දැනට ම ප්ලෑන් කරගෙන ඉන්නෙ රිටයර්මන්ට් එක ඒවත් එක්ක ම රසවිඳින්න. වැඩේ තියෙන්නෙ පොඩි රාළගෙ බබ්බු බලන්ඩ සිද්ධ වුණොත් හැබැයි වෙන වැඩක් තියෙන එකක් නෑ.

      බකුස් + නිදි,
      ලින්ක්-ඛන්නා කියල හිංදි නළුවෙක් නං මතකයි.

      Delete
    7. @ප්‍රා ඕ... මතකයි මතකයි. බාගයක් විතර මං ළගත් තියේ ඒකෙන් 😃😃😃

      @ඩ්‍රැක්. පෙරේත කමට බානව වුණාට කියවන්න වෙලාව හරි අඩුයි තමා. වැඩිය ඕන නෑ අවුරුද්දකට වතාවක් ගන්න පොත් ටිකත් ඉතිරියි

      Delete
    8. හොඳ අයිඩියාවක් හම්බ වුණා ඔබතුමන්ලාගෙන්.. ස්තුතියි. ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ඒවා බලලා ඉවර කරන්න ආයෙ උපදිනවා මාත්!

      Delete
    9. මහේෂ්, මං නං ආපහු පොත් කියවන්න පටං ගත්තා. දැන් දවසකට එකක් විතර ඉවර කරනව කන බොන ගමං...

      නිදි, එහෙනං පිට්ටෙකේ ඉපදෙමු ආපහු

      Delete
  4. ලව් මෝරන ගැටයා කාලේ අහපු පට්ට සිංදුවක් නේ බ්‍රයන් ඇඩම්ස් ගේ Everything i do I do it for you.. පිචැර් එක කැළේ සිංදුව මරු.. අහන්න අහන්න ආයෙත් ඒ කාලෙට යනවා..

    ReplyDelete
    Replies
    1. ආන්න ඒක ගැන නම් 100% එකඟයි.

      Delete
    2. සිරාවට...
      සිංදුව අපට ආවෙ අයිටීඑන් එකේ ෆෑන් ක්ලබ් එකෙන්. ෆිල්ම් එක ලිබර්ටිට ආවෙ ඊට කාලෙකට පස්සෙ. කොහොමද බ්‍රයන් ඇඩම්ස්ගෙ කටහඬ විතරක්?

      ඔ්කෙ ලාංකික වර්ෂන් එකක් කළා ජගත් වික්‍රමසිංහ, එයා ම රොබින් හුඩ් ට ඇඳලා. ඒක මං හෙව්වා හෙව්වා යූටියුබ් එකේ, හම්බුණේ නෑ. ඒ කාලෙම ජගත් වික්‍රමසිංහ තව ජේසන් ඩොනෙවන් ගෙ "සීල්ඩ් විත් අ කිස්" සිංදුවත් කළා.

      Delete
    3. ඇත්තම කියනවා නං මං වැඩිය ඉංගිරිසි සිංදු අහන්නෙම නැති තරං.... ඒත් ඔය සීල්ඩ් විත් අ කිස් ගීතය විෂුවල් එකත් එක්ක යනකොට වැඩ නවත්තලා බල හිටියා. එහෙව් මං තමයි අද රූපවාහිනිය ගෙදරින් අයින් කරගෙන ඉන්නේ.

      Delete
    4. හ්ම්ම්... ඔයි වගේ තව එකක් තමා, අපේ පොඩි රාළ "පියානෝ සිංදුව" ලෙස ද හඳුන්වන, කාල් මාක්ස් ගෙ right here waiting. පට්ට රොමැන්ටික් ෆැන්ටසි ඈ...

      Delete
  5. මූ ආයෙමත් වතාවක් තුර්කියෙක් ගාවගෙන මේකටත්. තුර්කියො නෙවෙයි බොලං, සැරසන්ලා. ඒ කියන්නෙ අරාබි කාරයො.

    රොබින් සැක්සන් ජාතිකයෙක් නේ ද? ඒ කියන්නෙ මෙතන ඇතුළෙන් යන්නෙ නෝර්මන් ජාතිකයින් හා සැක්සන්වරුන් අතර තිබුන සීතල යුද්ධය. නෝර්මන්වරු බොරු චෝදනා එල්ලකරමින් සැක්සන් රදළයින්ව හිරේ දාමින්, ඔවුන්ව තත්ත්වයෙන් පහළ දමමින් ඔවුන්ගෙ ඉඩකඩම් හා සමාජ තත්ත්වයන් කොල්ලකාපු විදිය. මේ විදියෙම කතාවක් තමා අයිවන්හෝ එකෙත් තියෙන්නෙ.

    මට නං මේ ෆිල්ම් එක එච්චරටම අල්ලලා ගියේ නෑ. සිංදුව ලස්සනයි තමා. මටත් තාමත් සුන්දර අපි පොඩි කාලෙ බලපු රිචඩ් කාපෙන්ටර්ගෙ ටීවී සීරිස් එක තමා. ස්පෙෂලි සීසන් වන්.

    // ඒයිටත් වඩා යතාර්ථවාදීයි 2010 ආව රසල් ක්‍රෝ උන්න ෆිල්ම් එක //

    ඒ ෆිල්ම් එකෙ රජ්ජුරුවන්ගෙ රාජසභාවෙ කළු නිළධාරීනුත් හිටියා නෙව බාංස්. ඉතින් කොහොමෙයි යතාර්ථවාදී වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේ ඩ්‍රැකියො උඹ ඉතිහාසෙ ප්‍රබන්ධ කරන්න ලෑස්ති වෙන්න එපා. කාගෙන් බේරුනත්, බොට බුරා-පොලිස් ගෙන ගැලවීමක් නෑ.🤣

      කොහොමද මේවා ප්‍රාජේගෙන් ලිස්සල ගියේ?🤔 ආ, හරි උන්දෑ දැන් කමෙන්ට් කරනව විතර නෙව?😂

      Delete
    2. ඒක ග්ලැඩියේටර් ටයිප් එකක්. යතාර්තවාදී නං මංද . පයිට් ගහගන්නව බලන්න මරු 😃😃😃

      Delete
    3. කතාවල එක එක විදිහට ඉන්නව.
      බුර්තුමාගෙ ප්‍රියතම අයිවන්හෝ එකේ සැක්සන්. (ටිකක් Hereward the Wake ගෙ අනුප්‍රාප්තිකයෙක් වගේ.)
      සමහර ටීවී/ මූවි වල සැක්සන් සමහර ඒවයේ සැක්සන් පීඩිතයින් වෙනුවෙන් සටන්කරන නෝර්මන් ප්‍රභූ තරුණයෙක්.
      තව හැදෙයි නෝර්ස් ඔරිජින්, රෝමනෝ-බ්‍රිටිශ්, ආසියානු, අප්‍රිකානු, චීන, දේව, ටයිම් ට්‍රැවලින්, පිටසක්වල ...............සම්භවයන් එක්ක. ඩිස්නි කාර්ටූන් මූවි එකේ රොබින්හුඩ් නරිමොටෙක් නේද?
      https://www.youtube.com/watch?v=hvic3bjZDfs

      රොබින්හුඩ් ලෙජන්ඩ් එකට දායකවුන ඇත්ත අයිතිහාසික මංකොල්ලකාර / පිටුවහල් චරිත හුඟක් හිටියයි කියන්නෙ. සෑහෙන්න රිසර්ච් තියනව.

      කෙටියෙන් නැෂනල් ජෝග්‍රෆික්
      https://www.nationalgeographic.co.uk/history/2019/02/who-was-real-robin-hood

      බස්තුමනි, ලෝර්ඩ් බුර්වගේ වියතෙක් පොලව හදනකන් ඉඳල ඒකෙ නටන එක සේෆ්. වැටුනත් ලිස්සුවෑකි එතුමාගේ සෙවනේ

      Delete
    4. බුරෝ,
      ගොඩක් ස්තූතියි මේ විදිහට අපිය හරි මගට ඇදල දානවට. සැරසන්වරු තුර්කි නෙවෙයිද? මං දැනං උන්නෙ නෑ. අර විල්ස්මිත් එම්අයිබී එකේ කැරපොත්තට කියනව වගේ, "යෝල් ලුක් අ ලයික් ටු මී"

      අර සැක්සන් නෝමන් පළහිලව්ව මට මතකයි රිචඩ් කාපෙන්ටගෙ රොබින් ඔෆ් ෂර්වුඩ් එකේ තැනක කතා වෙනව. ගිස්බනුයි ෂෙරුෆුයි කොහෙද යන ගමං කතා වෙනව, අපි නෝමන් වරු නේදඝ වගේ කෑල්ලක්...

      රසල්ක්‍රෝ උන්න එකේ කලු නිලධාරි උන්නද? මට මතක නෑනෙ. දැන් දැන් එන හොලිවුඩ් ෆිල්ම්, උවමනාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්ඩ ගිහිං, කල්ලොයි, ගෑණුයි, සමරිසියොයි උලුප්පන්ඩ ගිහිං අල වෙනව.

      බස්සො,
      හූම් හූම්... බුරා, ප්‍රා, උඹ, රවි වගේ උදවිය බ්ලොග් ලෝකෙට සම්පතක්.

      ප්‍රා,
      හොයල ලියන්ඩ හිතයි රොබින් හුඩ් ගැන අක් මුල්...

      Delete
    5. සැරසන්වරු කියලා හැඳින්වුනෙ මූලිකවම අරාබි මුස්ලිම්වරු. කුරුස යුද්ධවලට සහභාගි වුන සැරසන් හමුදාවල යම් පමණකට තුර්කියො වගේ අනෙකුත් මුස්ලිම්වරුත් හිටිය තමා.

      Delete
    6. ස්තූතියි ලොක්කා. ඔය සැරසන්වරු අතරෙ නැද්ද ලෙජන්ඩ්?

      Delete
    7. ඇයි බං සැලඩින් (සලා-උද්-දින් කියන එක රොමනයිස් වුනාම) ඉන්නෙ. බොලා බලලා නැතිය Kingdom of Heaven ෆිල්ම් එක?

      Delete
    8. සැලඩින් මට මතකයි ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එකේ උන්න. ඔය ෆිල්ම් එක බලල ම නෑ. බාගන්නං...

      Delete
  6. කොහොමද ඩ්‍රැකී, සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවෙ.

    මේ ෆිල්ම් එක නම් මම බලපු මතකයක් නෑ. මමත් වැඩියම කැමති අනූගනන්වල මුල තොටවත්ත මහත්තයගේ සිංහල උපසිරැසි එක්ක රූපවාහිනියෙ පෙන්නපු ටීවී සීරිස් එකට. මට මතකයි අපි ඒ කතා මාලාව කොයි තරම් පිස්සුවකින් බැලුවද කියල. ඒකෙ දෙවෙනි සීසන් එකේ රොබින්ට රඟපාන ජේසන් කොනරි ඔය කියපු ෂෝන් කොනරිගෙ පුතෙක් වෙන්න ඕන මම හිතන්නෙ.
    මෑතක ඔය කතාවෙ සීසන් 3 ම මම බාගෙන බැලුවා තැනින් තැන. ඒත් මුල් කාලෙදි වගේ දැන් දැනෙන්නෙ නෑ. ඒ ෆීලින් එක ආයෙ එන්නෙ නෑ.
    සේනාරත්න වීරසිංහ සිංහලට පරිවර්තනය කරපු රිචඩ් කාපෙන්ටර්ගෙ රොබින් කතා පොතේ පෙරවදනෙ තිබුනා වගේ මතකයි ඔය රොබින් පුරාවෘත්තය ඇත්තටම 1200 වගේ කාලෙ එංගලන්තයෙ හිටපු සරදියෙල් පන්නෙ මෑන් කෙනෙක් වටා ගෙතුනු එකක් කියල.
    ඔය උඩින් දාපු ෆිල්ම් එකේ පෝස්ටර් එකේ තියෙන රූපයම තියෙන ටීෂර්ට් එකක් නම් මට ඒ කාලෙ තිබුනා. සුදු ෂර්ට් එකේ තද රතු කහ කළු වගේ කලර්වලින් ඔය රූපය තිබුනා මට හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. DDTට ගොඩක් ස්තුතියි... ඊයේ ඉඳලාම මතක් කරමින් හිටියේ රොබින්ට හිටිය කෙනා ගැන. එයා ෂෝන් කොනරිගේ පුතෙක් තමයි.

      Delete
    2. ඩීඩීටී,
      අම්මෝ අම්මෝ... සෑහෙන කාලෙකින් නෙව. ආපහු ලියන්ඩ පටං ගමු?

      අසූ ගණංවල රූපවාහිනියෙ ගිය "ෂර්වුඩයේ රොබින්" හරියටම ලස්සන හීනයක් වගේ ෆැන්ටසියක්. මාත් බාගත කළා ඔය සීරීස් තුනම. ඒත් ඒ්වටත් වඩා ලස්සන, ඒකෙ වැරදිච්ච කෑලි (සිංහලෙන් කියනව නං අවුට්ටේක්ස්) එතකොට නෙ පේන්නෙ ෂෙරිෆ් කොච්චර ජොලි පොරක්ද කියල.

      එක තැනක, ඇබට් හියුගෝ හර්න් ගැනයි යකා ගැනයි කියාගෙන එද්දි, ෂෙරිෆ් කියනව, "යක්සයො මහ ගොඩක් ඉන්නව. ඒ්ත් ඒක දෙවියන් වහන්සේ යි ඉන්නෙ. අසාධාරණයි නේද?" කියල.

      ඔය උඩ තියෙන පෝස්ටරේ හෙණ ෆොමස් තමා. ටීෂර්ට්, පෝස්ටර් සෑහෙන්ඩ තිබුණා. ටයිටැනික් වගේ තමා කාලෙකට උඩ.

      නිදි,
      ඔවි. මේ ඉන්නෙ...

      Delete
    3. මේ ඉන්නේ කිව්වම හම්බ නොවී ඉන්නය? ගිහින් හම්බ වුණා. ස්තුතියි ඩ්රැකී. (මේ දුහුනාව ඔහොම අමාරුවේ දාන්න එපා මනුස්සයෝ!)

      Delete
    4. මාත් උන්දැ ගැන හරියට දැනගත්තෙ ඔතනිං තමා.

      Delete
  7. Replies
    1. ආව. ෆලෝ කළා. හොඳයි. දිගටම ලියන්න...

      Delete
  8. රොබින් හුඩ් වර්ෂන් කීපයක්ම බලල තියේ.
    ඒ අතර කියවලත් තියේ. ⁣පොඩි කාලෙ ඉදං බලන ජාතිකේ ගිය රොබින් හුඩ් අයි එකේ ගිය රොබින් හුඩ් වගෙම ඔය රසල් ඉන්න එක වගේම ඕකෙ ලේඩි වර්ෂන් එක්කුත් බැලුවද මංද. තව කොමික්ස් පවා තියේ.

    කාපෙන්ටර්ගෙ සීරිස් එක සේනාරත්න වීරසිංහ මහත්මය අතිං කොටස් හතරකට පරිවර්තනය වෙලා තියේ .
    තව ගුණසේණ එකෙන් කළා ඩේවිඩ් කරුණාරත්න මහත්මය පරිවර්තනය කළ රොබින් හුඩ් කෙනෙක් . ඒ කතාව යම් පමණකට වෙනස්. මට මතක විදිහට ඒ පොතත් ෆිල්ම් එකක් විදිහට තියේ.

    ඩ්‍රැකීලට තරම් මතකයක් නැති නිසාත් මතකයේ තියාගන්න තරං උනන්දුවක් නොතිබුණ නිසාත් හැම දෙයක්ම අඩමානෙට මතකෙ තියන විදිහට තමා කමෙන්ට් කරන්න වුණේ. 😒😒😒

    ReplyDelete
    Replies
    1. බොට දිග උත්තරයක් දෙන්ඩ ඔ්නෙ නිසා, පොඩ්ඩක් පරක්කු උනා. අපි ඉස්සෙල්ලම දැක්කෙ බං, යහළු පත්තරේ ගියා රොබින් හුඩ් චිත්‍රකතාව. මයෙ හිතේ ඒක 1950 විතර ආව පරණ ෆිල්ම් එකකින් හදපු කතාවක්. ඊට පස්සෙ ඔය ටයිටස් තොටවත්ත උපසිැසි දාපු එක පෙන්නුව අසූ ගණංවල. අපි තුන වසරෙ විතර ඉද්දි ‌ඩේවිඩ් කරුණාරත්නගෙ පොත හම්බුණා. ටක් තව්‍රසා, පුංචි ජෝන් එහෙම උන්නෙ ඒ කතාවෙ. ගිස්බොන් නම් නයිටුවා සහ නොටිංහැම් කෝරාළ හිටියෙ ඒ පොතේ.

      සේනාරත්න වීරසිංහගෙ පොත් සැට් එකෙන් තමයි දැනගත්තෙ, රොබින් ඔෆ් ෂර්වුඩ් හැදුවෙ පොත් පෙළකින් කියලා.

      රොබින් හුඩ් ගෙ දුව වගේ නමක් තියෙන ෆිල්ම් එකකුත් ආව, බලන්න හිතුණෙ නෑ.

      ආ... තව ඩිංගෙන් අමතක වෙනව. රොබින් හුඩ් ඉන්නව පළවෙනි ශ්‍රෙක් ෆිල්ම් එකෙත් පොඩි කෑල්ලකට.

      අපේ අම්ම කෙල්ල කාලෙ ගෙදෙට්ට හොරෙන් ෆිල්ම් එකක් බලන්න ගිහිං, ලොකු මාමට අහුවෙච්ච හැටි ගැන කියනව අපි පොඩි කාලෙ. ඒ අර 1938 ඇඩ්වෙන්චර්ස් ඔෆ් රොබින් හුඩ්. ඒකත් පට්ට ෆිල්ම් එක ඈ... හැබැයි බලන්න ඔ්නෙ, මේ 1938 කියන එක ඔලුවෙ තියාගෙන.

      Delete
    2. // යහළු පත්තරේ ගියා රොබින් හුඩ් චිත්‍රකතාව //

      අඩේ මට ඒක අමතකම වෙලා ගියා. මායි අක්කයි ඒක කපලා පොතක ඇලෙවුවා. තාම ඇති ගෙදර කොහෙ හරි. අම්මට උඩු! කැලේ කතාව අලෝලා හදපු පොතකුත් තිවුනා නෙව. සික්, කොහෙද දන්නෑ බංස් එවුවා දැන්.

      Delete
    3. අඩෝ අන්න හොයාගන්ඩ වටින නිධන් ඈ... හම්බුණොත් ස්කෑන් කරල අපටත් දෙන්ඩ.

      Delete
  9. කැමතිම එක tv සීරියස් එක. ඒත් වඩාත් හොඳම මන් හිතන්නෙ රසල් හිටපු එක..

    ReplyDelete
    Replies
    1. එකඟයි. ටීවී සීරීස් එක නියමයි. විශේෂයෙන්ම මයිකල් ප්‍රෙඩ් උන්න කොටස්.

      මාර බ්ලොග් එකක් නෙ. අද ම යි ඒ පැත්තෙ ගියෙ. ෆලොවර්ස් ගැජට් එක එල්ලන්න. එන එන අයට ඔයා ෆලෝ කරන්න ලේසියි එතකොට. ඒක හරියට යූටියුබ් සබ්ස්ක්‍රයිබ් කරනව වගේ වැඩක්.

      Delete
    2. බොහොම ස්තූතියි.. ඔබත් මන් වගේ චිත්‍රපටි ලෝලියෙක් වීම සතුටුයි

      Delete
    3. සතුටුයි කියන්නෙ නමියා, බොහොම සතුටුයි. මං දැනට ෆිල්ම් තුනක් ගැන ලියල තියෙනව.

      Delete
    4. අර විල්ස්මිත් ගැන පෝස්ට් එක මරු. මං ඒකෙ කමෙන්ට් දෙකක් විතර දැම්ම.

      Delete
    5. මං ඊයේ රෑ නමියගේ වීදියෙන් බකට් list ගැන පෝස්ටුව කියෙව්වා.

      Delete
    6. හ්ම්ම්... උදේ රැයිම්ම නිදි අවදිවෙලා කමෙන්ට් රැල්ලක් ගහල.

      නමිය මරු ලිවීමක් කරන්නෙ ඈ... විවිධ මාතෘකා මික්ස් එකක් සහිතයි.

      Delete
    7. මේ කවුරුහරි කිකිලියො ගැනත් පෝස්ට් එකක් ලියනව නං, ඕං අපිත් ඇවිත් හොම්බ ඔබල යන්නම්, ඈ?

      Delete
    8. නිදි, ඩ්‍රැකී, බස්සා ඔයාල දෙන සප් එක මාර වටිනවා. ස්තූතියි.

      Delete
  10. http://kattakaduwa.blogspot.com/2021/09/blog-post.html

    ලොකුමල්ලිතුමා කමෙන්ට් බලාපොරොත්තුවෙන් සිටී

    ReplyDelete
    Replies
    1. මම ගිහිං ඔලුව දාල ආව. ආයෙන යනව අද රෑ පුළුවන් වුනොත්.

      Delete
  11. රොබින් හුඩ් සිරි ලංකන් වර්ෂන් එක කාලෙක ඉඳල හැදෙමින් පවතිනවා.
    ඉස්ක්රිප්ට් එක ලියපු එකා ඩෝප් වෙලාද කොහෙද මංකොල්ලකන දේවල් බෙදා දෙන කෑල්ල ලියල නෑ.
    ඉතුරු ටික ලෙසටම අපේ ක්‍රමේට.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. සිරි ලංකන් වර්ෂන් එක කියල නේද කිව්වෙ?🤔

      ඩෝප්ද නෑ, හරියටම ලියල තියනවා. මෙහෙ හොරු එහෙම බෙදා ගෙන කන්නෙ නෑනෙ?

      Delete
    2. ඒක- ශ්‍රී ලන්කන් වර්ෂන් එක මේ කපේදී ලියල ඉවර කරන්න වෙන එකක් නෑ. හැට්ටර් උන්නැහේ.... තව මතු පරම්පරවලත් යයි. එතකොට මහා පතරංග ජාතකේ පරාද වෙයි!

      Delete
    3. නෑ නෑ ස්ක්‍රිප්ට් එක හොඳටම ලියනව හැට්ටර්... අපිට පොඩි පොඩි ආතල් දීලා, කාලෙන් කාලෙට අපිව සතුටින් තියනවා.

      නිදි,
      ඔය ගැන නං ඉතිං කියන්න දේ එමට. මං පෙන්ෂන් ගියාම කියන්නං.

      බකුස්,
      මොකද නැතුව? බෙදාගෙන කනව. හැබැයි දුප්පත් මහජනතාව එක්ක නෙමෙයි.

      Delete
  12. දෑන් ඉන්න කුමාරවරුත් හොරු තමා.. හෑබෑයි උන්ම කනවා.. නැති බැරි උන්ට දෙනවා නෙවෙයි උන්ගෙනුත් හූරන් කනවා.

    ReplyDelete
    Replies
    1. ස්ක්‍රිප්ට් එකත් එයාලම ලියනවා. අපි ඇත්ත කියලා විශ්වාස කරගෙන නරඹනවා.

      Delete
    2. xජ්ජ නැති නිසා වෙන්නැති!

      Delete
    3. නෑ... උන්ටත්, උන්ට ඡන්දෙ දෙන උන්ටත් "ලැ"ජ්ජ නැති නිසා

      Delete
  13. කෝ බාං බොගේ අර අවතාර සැට් එක? මොනව වුනත්, උන් නැතුව පාලුයි.

    ReplyDelete
    Replies
    1. හැබෑට කෝ උං? නරි මොටයි ටොමියයිත් ආගිය අතක් නෑ නේද?

      Delete
    2. අපි නං වැඩිය ගැවසෙන්නෙ කුකුල්කොටු පැත්තෙ තමා. ඇයි ලොක්කා, පිචෑර් කන්න බෑ නෙව?

      Delete
  14. රොබින් හැටියට ‎Michael Praed හැර වෙන මොන එකෙක්වත් පිළීගන්න මගේ හිත කැමති නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම. මට දෙවන කොටස එපා වුනෙත් ඒකයි. පුදුම ලස්සන පෙනුමක් තිබ්බෙ. ෂාප් ෆීචර්ස්, නහය බස්සෙක්ගෙ හොට වගේ තියුණුයි.

      Delete
  15. ඕක බැලුවේ කුරුණෑගල ඉම්පීරියල් එකේ 1994 දී - පට්ට ෆිල්ම් එකක් ඉතින් - මියුසික් -ඇට්මොස්ෆියර් ඇක්ෂන් ඔක්කොම ගත්තම - හැබැයි කෙවින් කොස්නර්ගේ හොඳම රඟපෑම් දැක්කේ Dances with Wolves.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි