Thursday, December 9, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - අවසාන ක්‍රියාදාම වීරයා (Last Action Hero)


වැන්දඹු මවක් ගෙ එක ම පුතා ජේමි. ඔවුන් දුප්පත්. කොයිතරම් දුප්පත් ද කියතොත් ගෙට පැනපු හොරාත්, ජේමි ට බැණලා හිස් අතින් ම යන්ඩ යනව. 

ජේමි ට ඉන්න එක ම යාළුවා සිඩ්, බංකොලොත් මහළු සිනමා ශාලා කරුවෙක්. ඔහුටත් ඉන්න එකම පාරිභෝගිකයා  ජේමි විතරයි. ජේමි ගෙ හිතේ තාත්තා ගැන තියෙන හැඟීම ට පණ දෙන්නෙ, දැනටමත් චිත්‍රපට තුනකින් ම සාර්ථකව නිරූපණය කෙරුණු ජැක් ස්ලේටර් නම් ප්‍රබන්ධගත පොලිස් රහස් පරීක්ෂකයා.

ජැක් ස්ලේටර් හතර වන කොටස පළමුවරට තිරගත කරන්නට පෙර, එහි පිටපතක් ජේමිගේ යාළුවාට ලැබෙනවා. එය ඔහු උත්සවාකාරයෙන් ජේමි වෙනුවෙන් තිරගත කරනවා. එතනදී, ඔහු ජේමිට දෙනවා රන්වන් ටිකට් එකක්. එය ඔහුට දිලා තිබෙන්නේ සුප්‍රකට මැජික් ශිල්පී හැරී හුඩීනී.

ඒ ටිකට්පතේ බලයෙන් ජේමී චිත්‍රපටය ඇතුළට යනවා. මෙන්න මෙහෙම...


ආාා... කියන්න අමතක වුණා. ජැක් ‌ස්ලේටර් චරිතය කරන්නෙ ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර්.

ෆැන්ටසි කතාවක් වුණත්, මේකෙ මාර යථාර්ථවාදයක් නිරූපණය කරනවා. ෆිල්ම්වලදි පෙන්නන බොරු, ඒ කියන්නෙ, දුෂ්ඨයා අවසානයෙදි පරදිනවා, වීරයා හැම විට ම දිනනවා. කොයිතරම් අමාරු වුණත්, වීරයා ට මහන්සි දැනෙන්නෙ නෑ, ෆිල්ම්වල හැම තැන ම ඉන්නෙ සුරූපී නිළියො... වගේ දේවල තියෙන ඇත්ත මේකෙ එළිපිට කතා කරනවා.

ජේමි ඇතුළට ගිය විදිහට ම එළියට එන දුෂ්ඨයා, සැබෑ ලෝකයේ දි දුෂ්ටයින්ට වරදින්නේ නැති බව දැකලා පුදුම වෙනවා. ජැක් ස්ලේටර් 3 චිත්‍රපටියේ දුෂ්ටයා ත් එළියට අරගන්න ඔහු ඇත්ත ජීවිතයෙදි ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර් මරන්න තැත් කරනවා. ඒ ජැක් ස්ලේටර් 4 චිත්‍රපටය මංගල දැක්මෙ දි. එතනට ආනෝල්ඩ් ගෙ මිතුරු සුප්‍රකට නලුවො කිහිප දෙනෙක් ම පෙනී හිටිනවා, ආනෝල්ඩ් ගෙ බිරිඳත් සමඟින්.

මම චිත්‍රපටවල දැකපු එක විහිළු දෙයක් තමයි, නළුවෙක් සාර්ථක වෙනකොට, ඔහු ධනවතෙක් වෙනකොට, ඔහු වෙනුවෙන් ම චිත්‍රපට හැදෙනවා, ඔහු නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කරමින්... ශාරුක් ඛාන් ගෙ රාවන්, හෝව් ශාන්ති හෝව්, ඒ වගේ චිත්‍රපට. 

ඒ විදිහට ම ලාස්ට් ඇක්ෂන් හීරෝත්, හදන්නෙ ආනෝල්ඩ් අර මං ඉහත කියපු අවධියට ආවට පස්සෙ. නමුත් ‌මේකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ, ආනෝල්ඩ්ව කොයිතරම් උත්කර්ෂයට නැඟුවත්, ඒ සියල්ලේ ම තියෙන හිස් බව මේකෙ නිරූපණය කරන එක.

ඉතින්, ජේමි ජැක් ස්ලේටර් එක්ක දුෂ්ටයා අල්ලන්නෙ කොහොමද? දුෂ්ටයාගෙන් ජේමි බේරෙන්නෙ කොහොමද? ජැක් ස්ලේටර් ට ආනෝල්ඩ් ගෙ ජීවිතය බේරන්න පුළුවන් වුණා ද? ඔය වගේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු මෙන්න මෙතනින් බාගත කරගන්න මේ චිත්‍රපටිය බැලීමෙන් හොයාගන්න පුළුවන්.

අවසානයට... අපි කලින් කියවපු, හැම්ලට් කතාවේ මෙන්න මේ කොටසත් බලන්න... මේ පැරඩි කොටස තියෙන්නෙ ලාස්ට් ඇක්ෂන් හිරෝ චිත්‍රපටියෙ ම තමයි.


26 comments:

  1. ටයි මහත්තයා එක වරක් කියනවා "මිනිස්සු කැමති චිත්‍ර පටයක් තුලින්; එයාලට විශ්වාස කල නොහැකිදේ වෙනවා දකින්න! එය අවිශ්වාස කල නොහැකි ලෙස දැක්වීම සිනමා කරුවා සතු කාර්‍යයකි!" කියලා. බලන්න මේ උදෘථය ඔබේ පෝස්ටුවට කෙතරම් දුරට ගැලපෙනවාදැයි කියා!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. මතකද, ජීවන් කුමාරතුංග හිටපු "සුරනිමල" ෆිල්ම් එක? ඒකෙ සුරනිමල ඇමතියට ගහද්දි, අපට මාාාර ත්‍රිල්.

      Delete
    2. ඒ කතාවනම් ටිකක් විවාදපන්නයි.

      Delete
    3. ඩෙස්මන්ඩ් මොරිසුත් ඔය වගේ කතාවක් කියනව මූවීස් සහ නාට්‍ය ගැන...

      Delete
  2. Replies
    1. බෑහ්!

      බැලුවද "අරුම ගමන" පෝස්ට් එක?

      Delete
    2. නැ‍තෝ..විස්තර දිපන්...මට මේ දවස්වල බ්ලොග් මිස් වෙනවා මචෝ

      Delete
    3. https://drackey.blogspot.com/2021/11/blog-post_24.html

      Delete
  3. පණ යවන - අප නහන
    අතීතය යළි ගෙනෙන
    ලිපියකිය මේ ගෙතුණ
    අප අමාරුවෙ දාන!

    ReplyDelete
    Replies
    1. ඔබ අමාරුවෙ දාන
      ජාමෙ බේරාගන්න
      ෆිල්ම් ගැන මා ලියන
      මේ එකත් බලනු මැන

      Delete
  4. අරනෝලිස් සුබසිංහයනං ඉන්නෙ ඒක හොඳ පිලුමක් වෙන්න ඇති. මේකනං බලන්න ඕන ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ආනෝල්ඩ් ගෙ මං දැකපු හොඳම අනික් එක, ටෲ ලයිස්...

      තව තියෙනව, "torch for cobra" බලහං.

      Delete
  5. බලල තියේ. අරනෝලිස් සුබසිංහගෙ ඔක්කොම වගේ කවර් කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඇක්ටින් කාලයත් එක්ක වේගයෙන් ඉම්පෲව් වුන නළුවෙක්.

      Delete
    2. https://www.youtube.com/watch?v=1bumPyvzCyo

      Delete
    3. මම කැමති නළුවෙක්. මෝටිවේෂනල් ස්පීච් එකක් විදිහට කතාව ලස්සනයි.ඒත්....🤔

      Delete
    4. බකුස්,
      මං ආනෝල්ඩ් ගෙ බලල නැත්තෙ පම්පිං අයන් සහ ස්ටේන් හංග්‍රි විතරයි. මුලිම්ම බැලුවෙ හර්ක්‍යුලීස් ඉන් නිව්යෝක්.

      ප්‍රා, ඇත්ත. ටෲ ලයිස් එකේ උන්දැගෙ රඟපෑම් අන්තිම ඉහළයි. කෝනෑන් ෆිල්ම් දෙකේ ඇක්ෂන් විතරයි.

      බස්,
      ඒත් කියල නැවැත්තුවෙ?

      Delete
  6. හ්ම්. ඒ සුබසිංහගතුමාගෙ ෆිලුම්ක්..

    ReplyDelete
    Replies
    1. ඔව්. කලිං දැම්මෙ විල් සුමිත් ගෙ එකක්...

      Delete
  7. හ්ම් හ්ම්.

    ළමා චිත්‍රපට පෙලක් ඕනි නම් කියපං ලිස්ට් එකක් දෙන්නම්.
    දැන් එව්වා තමා බලන්නෙ

    ReplyDelete
    Replies
    1. අම්මෝ සෑම දැක්ක කල්.

      ආපහු ලියන්ඩ පටං ගනිං බං.

      බැලුවද, jingle all the way?

      මටත් දැන් බලන්න ඉඩ ලැබෙන්නෙ ළමා චිත්‍රපටි තමා. බොහොම අමාරුවෙන් මේ ළඟදි රෙඩ් නෝටිස් බැලුව.

      Delete
  8. කෝ බොල මම මේකට දැම්ම කමෙන්ටුව.
    සෙද්ද 😒😒😒😒
    ආයෙ කොටන්ඩ මට බෑ. ඉලව්ව

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි