Tuesday, May 3, 2022

දොන් කිහෝටේ


ස්පාඤ්ඤයේ විසූ වංශවත් වයසක මනුස්සයෙක්, අලෙන්සෝ කිහැනෝ. ඔහු‌ මධ්‍යතන යුගය පසුබිම් වුණු කතා සෑහෙන ප්‍රමාණයක් කියවා තියෙනවා. අන්තිමේ ඔහුගේ සිහිය පොඩ්ඩක් සීරු මාරු වී, ඔහු විශ්වාස කරන්න පටන් ගන්නවා, තමන් නිර්භීත නයිට් වරයෙක් වුණු මන්චා හි දොන් කිහෝටේ බව. යකඩ ඇඳුමක් ඇඳගන්නා ඔහු අශ්වයෙකු පිට නැගී, තම වීර චාරිකාව පටන් ගන්නවා.

ඔහු අඳුනන කිහිප දෙනා ඔහුට හරි සිහිය ලබා දෙන්නට තැත් කළත් එය සාර්ථක වන්නේ නෑ. අවසානයේ දී ඔහුගේ උමතුවට ඉඩ දෙමින් ඔහු ආරක්ෂා කරගන්නට ඔවුන් කීප දෙනා තැත් කරනවා.

කිහැනෝ තමන්ගේ මිතුරෙකු වන සන්චෝ පන්තා තමන්ගේ ගමන් සගයා ලෙස තෝරාගන්නවා. ඔවුන් ඉදිරියට යන විට හමුවන සුළං මෝලක්, යෝධයෙක් හැටියට සළකා ගන්නා දොන් කිහෝටේ, එය සමග සටන් කරනවා. තවත් වරක හමුවන බැටළුවන් රැළක් සතුරාගේ හමුදාව හැටියට සළකා ගන්නවා.

ගම්බද තානායමක් බළකොටුවක් හැටියට හිතා ගන්නා දොන් කිහෝටේ, එහි වැඩ කරන තරුණියකට ආලය කරන්නට පෙළඹෙනවා.

ඔහුගේ උමතු ගමන 2000 දී තිරගත කෙරුණු දොන් කිහෝටේ නම් චිත්‍රපටියෙන් නිරූපණය වෙනවා. එහි මුල් කෘතිය වන මිගෙල් සර්වාන්තෙස් ගේ දොන් කිහෝටේ නමින් ම යුත් ලෝක ප්‍රසිද්ධ නවකතාව ඇසුරින් නිර්මාණය කෙරුණක්.

මෙතන තියෙනව ට්‍රේලර් එක...


අලෙන්සෝ කිහැනෝ හෙවත් දොන් කිහෝටේ ලෙස රඟපාන්නේ, ශ්‍රෙක් චිත්‍රපටියේ වංශාධිපති ෆාක්වාඩ් ලෙස හඬකැවූ ජෝන් ලිත්ගෝ. ඔහුට අමතරව තවත් ප්‍රසිද්ධ නලු නිළියන් රැසක් මෙහි පෙනී සිටිනවා.

මෙතන ඔබ නලයේ (පරිවර්තන අයිතිය යාන්හෑල්ලේ සුරංග සතුයි) 2000 දී තිරගත වුණු සම්පූර්ණ චිත්‍රපටිය තිබෙනවා. එය සොයද්දී 1991 - 92 කාලයේ හැදුණු සම්පූර්ණ රූපවාහිනී වෘතාත්නතයකුත්, ඕසන් වේල්ස් හදපු චිත්‍රපටියකුත් හම්බවුණා.

ඉතින් ලොකු දෙයක් නෑ මේ චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්නට. මේ දවස්වල යමක් නිර්මාණය කර ලියන්නට තරම් යහපත් මානසිකත්වයක් නෑ. රටේ සිද්ධවෙන පෙරළි වගේ ම, මාස්ටර් පාඨමාලාවේ අවසන් අංගය වන ස්වාධීන පර්යේෂණයේ වැඩවලින් ඔලුව ආකූල වී තියෙන්නේ.

ඒ වගේ ම සහෘදයන්ගේ බ්ලොග් ලිපි ගණනාවක් මග ඇරුණා. ඒ ගැන අවංක කණගාටුව පළ කරනවා.

23 comments:

  1. ඔය නම " "කිහෝටේ"" කියල දැණගෙන හිටියෙ නෑ. ජෝන් ලිත්ගෝ, මම කැමතිම විකට නළුවෙක්.

    ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. සිංහලට පරිවර්තිත පොත මමත් කලකට පෙර කියෙව්වා. එහි නම තිබුනේ 'දොන් ක්වික්ශෝට්' කියලා වගෙයි මතක!

      Delete
    2. බ්‍රිතාන්‍ය ශබ්ද උච්චාරණයට අනුව 'දොන් ක්වික්ශෝට්' කියනවා. අමෙරිකානු ක්‍රමයට 'දොන් කිහෝටේ' කියලා උච්චාරණය කරනවා.

      Delete
    3. හහ්, එහෙම එක එකාට ඕනෙ විදිහට මගේ නම උච්චාරණය කරන්න, ඇයි මම කපුටෙක්ද?

      -අගතියට පත් දොං කිහොත්තෙ-
      https://www.youtube.com/watch?v=OOPAtraDGbE

      Delete
    4. ස්පාඤ්ඤ කතාවක් සහ චරිතනෙ.
      මං දන්න තරමට කොහෙවත් "ක්වික්ශෝට්" කියන්නෙනම් නෑ
      මං වරදින්න පුලුවන්. ඒත් ගූග්ල් කරන්න පුලුවන් ලේසියෙන්.
      පොඩ්ඩක් ඉන්න....
      1. ස්පැනිශ්වලින් ශබ්ද වෙන්නේ "කිහෝටී" කියලයි
      2. ඇමරිකන්ස්ලා "කිහෝටේ" කියලත් කියනව
      3. බ්‍රිටිශ් "කහෝටී" වගේ

      Delete
    5. බස්තුමාගෙ ලින්ක් එක විදිහට හරියටම ස්පාඤ්ඤකාරයෙක් කිව්වොත්
      කිහෝතේ වගේ

      Delete
    6. ඔය වැඩේ ෆුල් කොම්ප්ලිකේටඩ් වෙන්නෙ මෙක්සිකෝවෙ (සහ මෙක්සිකන් අය ) කතා කරන්නෙ ස්පැනිශ්වුනාට ස්පාඤ්ඤෙ ස්පැනිශ්වලට වෙනස් ශබ්ද කිරීම නිසා.
      මට කුහේටෝල නම් අදාල වෙන්නෙ නෑ. ඒත් ඉඳල හිටල මූවි එකක් ගැන කතා කරනකොට Juanita ගැන ප්‍රශ්න. ඔර්ජිනල් ස්පාඤ්ඤ 'හුවානිටා' වුනාට මෙක්සිකෝවෙ එහෙම නෑ.
      මං හිතන්නෙ H විතරක් නෙමෙයි X හා තවත් ඒවට ඒ වෙනස්කම තියනව.
      දකුණු ඇමරිකා ස්පැනිශ් කොහොමද දන්නෙ නෑ. කැනඩාවෙ හුඟක් ඉන්නව නේද හිස්පැනික් අය බස්තුමා?

      Delete
    7. අපේ පැත්තෙ එහෙමටම නෑ. අනිත් කෘෂිකාර්මික ප්‍රාන්තවලට, අස්වනු නෙලන කාලෙට එනවා, තාවකාලිකව. එයාලට වෙනම වීසා කැටගරියක් තියනවා, මොකද උන්දලා නැත්නම් කෘෂිකර්මාන්තෙ හබක් නිසා.

      Delete
    8. සෑර්, අපිත් මෙහෙ. මම කයෝටි.

      Delete
    9. Your Canineness must be Qujite or some such exotic noble and not a common Coyote !

      Delete
    10. මේ අර්බුදය බස්සා විසින් නිර්මාණය කරන ලදී.

      Delete
    11. මෙන්න මහ මොළ කරු:
      https://tjohnsonmediagroup.com/wp-content/uploads/Lessons-from-wile-e-coyote.jpg

      Delete
    12. බස්ස,
      එසේම වේවා! මම ජෝන් ලිත්ගො දැනගෙන හිටියෙ ලෝඩ් ෆාක්වාඩ්ගෙන් විතරයි.

      නිදි,
      ක්විසොට් කියලත් තැනක තියෙනව, ක්වික්ෂොට් කියලත් දැකල තියෙනව. ෆිල්ම් එකෙන් තමයි ඔය උච්ඡාරණය අල්ල ගත්තෙ. මං පරිවර්තනය කරද්දි උච්ඡාරණය මට ඇහෙන හැටිය අනුව ලියන්නෙ. නමුත් වඩා නිවැරදි උච්ඡාරණය බස්ස පහළින් දීලා තිබුණා.

      ලිට්සිකර්,
      හරි හරි... ස්තූතියි. එයින් ඔප්පු වෙනවා 100% සත්‍ය හා නිවැරදි කියා දෙයක් නැති බව.

      බස්සා,
      කපුටගෙ උච්ඡාරණය කපුටට ඔ්නෙ හැටියට. කිහොත්තෙ තමා මටත් පේන විදිහට නිවැරදි.

      ප්‍රා,
      ස්තූතියි. ඔ්ක මයෙ හිතේ ඇමරිකන් ෆිල්ම් එකක්. එතකොට ඇමරිකන් උච්ඡාරණය ඔතනදි හරි.

      නරිස්,
      අලුත් තනතුරට සුභ පැතුම්. කයෝටි කොහොමත් කේයොස් එක්ක ළඟින් යනවනෙ...

      නයා,
      පරණ අර්බුදය නං ඇති කළේ ටෝච් එකකිං...

      බකස්,
      ඔතන දෙන්නෙක් ඉන්නවනෙ. කවුරු ගැනද කියන්නෙ..?

      Delete
  2. තව ටික දවසනේ කළ යුතු ඉගෙනීම
    උගත් දෙයින් අස්වද්දමු සිරි ලකම
    දැයට හිතැති සේරම උගතුන් වීම
    සුබයි අනාගතයට! අප හැමගේම

    ReplyDelete
    Replies
    1. පිළිතුරු නිසඳැස් (එහෙම කියමුකො - තාලෙකට ලියාගන්ඩ බැරි නිසා...)

      ඔව්
      හා
      හ්ම්
      ඒක තමයි.

      Delete
  3. සිහිය පොඩ්ඩක් සීරු මාරු වී වැඩ කළ වයසක මේ හොට්ටා හැර වෙන හොට්ටලා සිටීද ඩ්‍රැකී.... මාස්ටරේ කඩයිම් පස්නය.
    මග අරින වැඩේනම් හොඳ මදි පුතෝ... විසේසෙන් ජහමනයා ගැවසෙන තැන් වල.
    ඉගෙනුම් වැඩේට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මේ හොට්ටාත්, ඔය කියන වෙනත් හොට්ටලාත් හැර තවත් ‌ඔබ නොදකින හොට්ටලා ද සිටිති.

      Delete
  4. තවුසෙගෙ කණගාටුව අපිට වැඩක් නෑ ඕයි.
    වහාම අපේ බ්ලොග් කියවා අල හිටවනු.

    සමන්ත ලංකා අල කොමසාරිස්වරුංගේ පාත්තිය.

    ReplyDelete
    Replies
    1. දැන් පෝර තියෙනවද? අල එහෙම බහිනවා ඇති නේද? දැන් අපි ලෑස්ති වෙන්න ඕනෙ අල හාරන්න. අන්න ඒකයි අපි කියන්නෙ අපෙ හාංදුරුවනේ.

      Delete
    2. නයෝ,
      කවුද ඔය කියන සමන්ත?

      බව්,
      මේ පාර ගෝව හිටෙව්වෙ අපෙ හාංදෘවනේ.

      Delete
  5. සුවාදීන පරික්ශනයට කියලා පුතේ උඹ සුවාදීන රූපවාහිනිය එහෙම වැඩිපුර බලන්න යන්න එපා.. අන්තිමට කිහෝතේ ට වගෙ උඹටත් හිතෙන්න බැරි නෑ මම ලංකාවේ හිටපු මහ රජානෝ කෙනෙක් කියලා..

    ලින්ක් එකට ඉස්තූතියි. ඔපිස්සෙකට වෙලා කරන්න වැඩක් නැතුව හිටියේ.. ගෝටාගෝගම යන්නත් කමැළියි දැම්ම.. :)))

    ReplyDelete
    Replies
    1. හි හි ක්! ඔව්ව ඔක්කොම ගේම් මල්ලි... තම තමන් ම ගෙවල් ගිණි තියාගන්න හැටි ඉරාජ් පෙන්නුව. ඔය ඔක්කොම යාළුවො... ඒක අපේ ඇස් ඉදිරිපිට ඔප්පු වෙමින් තියෙනවා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි