Thursday, May 12, 2022

කෘමියෙකුගේ ජීවිතය


කූඹි ජනපදයක්... 

ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.

ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ගාණක් තිස්සේ එකතු කරපු කෑම කන්දරාව, ඇලට වැටෙනවා.

තණකොල පෙත්තන් කූඹියන්ට තර්ජනය කරනවා. කොළ වැටෙන කාලය ඉවර වෙද්දී ආපහු කැම හොයලා තිබ්බේ නැත්නම් ඔවුන් විනාශ කරන බව කියමින්.

ෆ්ලික් නගරයට යනවා, තමන්ට උදව් කරන්න සූදානම් ලොකු කෘමියන් හොයාගෙන එන අදහසින්. ඔහුට හම්බ වෙන්නේ, සර්කස් කාරයන් රැළක්. ෆ්ලික් හිතන්නේ ඔවුන් වීරයන් කියලා. නමුත් ඔවුන් කරන සර්කස් එකවත් හරියට කරගන්න බැරුව නරඹන්නන් හිනස්සවන විදිහේ ෆේල් චරිත ටිකක්.

සර්කස් කාරයන් ෆ්ලික් එක්ක ආපහු කූඹි ගුලට එනවා. ඔවුන් එතනදි කූඹියන්ට පොරොන්දු වෙනවා තණකොල පෙත්තන් පරාද කරලා කූඹි රැළ බේරගන්න බවට.

මෙතන තියෙන්නේ එක සරළ සිද්ධාන්තයක්. ඒක තණකොල පෙත්තන් රැළට, ඔවුන්ගේ නායකයා වන හොපර් කදිමට විස්තර කරලා දෙනවා...


මේක වඩා පැහැදිළියි. නමුත් ඉහළ ක්ලිප් එක වඩා සවිස්තරාත්මකයි...



කූඹි රැළේ දහස් ගාණක් කූඹි ඉන්නවා. නමුත් තණකොලපෙත්තන් ඉන්නේ ටික දෙනයි. කූඹි රැළ එකා වන් ව එක ම අදහසකින් ක්‍රියා කළොත්, ඔවුන්ට පරදවන්න බැරි සතුරෙක් හෝ පාලකයෙක් නෑ... එය තේරුම් ‌නොගන්නා තාක්, කූඹි රැළ පාලනය කර මර්ධනය කර තබා ගන්න පුළුවන්. ඒ වගේ ම තණකොල පෙත්තන්ට තමන්ගෙ ජීවිකාව කරගන්න පුළුවන්.

ඒ වගේ ම තාවකාලික සුළු සුළු ජයග්‍රහණවලින් එහෙමත් නැත්තම් තණකොළ පෙත්තන්ගේ රැවටීම්වලින් නොනැවතී, තම අරමුණ සම්පූර්ණයෙන් ම ඉටු වන තෙක් සටන් කිරීම වැදගත්. (ඒක මම කිව්වෙ මේ ෆිල්ම් එක ගැන විතරක් නෙමෙයි...)

1998 දී ආපු ඉතාම වැදගත් සහ ලස්සන ෆිල්ම් එකක්, A Bug's Life. ඩිස්නි නිෂ්පාදනයක්. මෙතනින් බලන්න...

36 comments:

  1. නියම ෆිල්ම් එක ඒක . මේ සන්දර්භය ඇතුලේ වෙන්න පුළුවන් දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. විය හැකි වගේම, විය යුතු ම දෙයක්

      Delete
  2. වහලුන් බිහි කරයි පැටවුන් කඹුරන්න
    උගන්නවයි සදහට වහලුන් වෙන්න
    මොළයක් නොමැති නම් දේවල් දැනගන්න
    කූඹින්ටත් වෙන්නෙ වහලුන් වී ඉන්න

    නිවටව හිඳුම ඇඟ-පත නොරිදෙන වැඩකී
    අනුන් කරන තුරු හිඳුමත් උපායකී
    නැණසින් බැලිය යුතු විට එය කරමු සකී
    හොඳ සෙල්ලම් බැලුමට හැකි වේවි ඩ්රැකී

    ReplyDelete
    Replies
    1. බිත්තියට හේත්තු වූ පසුව හරි
      වටහාගත යුතුයි සමගියෙ තියෙන බලේ
      නැත්නම් වැටෙන්නේ කබලෙන් ලිපට බව
      අප කවුරුත් දැනගත යුතු වන්නේය

      Delete
    2. එහෙමයි එහෙමයි... අයිබොන්ඩ/

      Delete
    3. බොන්ඩ බෑහ්! හික්!

      Delete
  3. මමත් කැමතිම ඇනිමේෂන් එකක්. පට්ට නිර්මාණයක්. මේ මම කැමතිම කොටසක්. ඉර දිගේ යන අනුගාමිකයො:
    https://www.youtube.com/watch?v=qTQJdGp4F34

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේම සිස්ටම් එකෙන් පිට පැනලා අලුත් විදියට හිතන්න තියෙන අකමැත්ත, ඒ වගේම පිටින් ආධාර හොයද්දි ලැබෙන දේවල්වල තියෙන හිස් බව, ලස්සනට පෙන්නනවා...

      Delete
  4. හොද කාටුන් එකක්. ඒවාගේම ඉන් ගතහැකි පාඩමත් ඉතා විශාලයි.
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. අපට අදාලයි කියලා හිතුණා

      Delete
  5. මේක මේ දවස්වල පෙන්නන්නම ඕන ෆිල්ම් එකක් කියල සිරසටවත් කියහං.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ල පෙන්නන්නෙ සූර පප්පනෙ. හැමෝටම තම තමන්ගෙ න්‍යාය පත්‍ර තියෙනව

      Delete
    2. "සිරසටවත් කියහං" කිව්වේ?🤔😮 මේකා මහරාජගෙ බෙල්ලටත් දස්ටකොලා වත්දෑ?

      සූර පප්පට ගහල තියෙන පැරඩි නරකම නෑ. එකක් තිබුනා, ගුටි කනකොට "ජොන්ටා" " මයිනා" කියල කෑ ගහන.😂🤣

      Delete
    3. දස්ට කොළා කිව්වම මතක් උනේ... බකුස් දන්නවද, ගොඩකවෙල නාගසලං අප්පුහාමිල්ලාගේ දස්ටක Paයන්ன ගැන? පොර සිරා බ්ලොග් එකක් ලියනව. මේං

      Delete
    4. මෙන්න මේක:
      https://www.youtube.com/watch?v=Oh4onIw09qs
      ගොඩකවෙල අප්පුහාමි අන්තිමට ලියල තියෙන්නෙ 2016.😒

      Delete
    5. එයිට කලිං ලිව්වෙ, බ්ලොග් එක පටං ගත්ත පෝස්ට් එකයි, අවුරුද්දෙ සැමරුම් පෝස්ට් එකයි, අවුරුදු දෙකේ පෝස්ට් එකයි...

      Delete
    6. හෑ, මූව දීයා කන්ට එපැයි. කිව්වෙ නං" අපිත් ඉස්සර "සක්‍රීයව" බොලොග දාපු පොරවල් තමයි" කියලයි. හ්ම්..බ්ලොගද, බොගද?🤔😟

      Delete
    7. ඔව්. ඔ්කව කන්ඩ ඔ්නෙ රෝස් පාං...!

      Delete
    8. මෙන්න ඇමරි-කන් නයි අයියා:
      https://www.youtube.com/watch?v=xnXlVq_gGnE

      Delete
    9. ඒ මොකද්ද බොලේ? වවුලට ලෙලිපොල් වගේ...

      Delete
    10. මට නිකමට හිතුන, ඒ හාදයට අපේ නයාගෙ මූණුවර තියනවා කියලා. වැරදිද මන්දා, මම නයාව දැකලා තියෙන්නෙ පිංතූරවලින්, පෙනේ බාගෙන ඉන්නකොට නෙව?🤔

      Delete
    11. මේ පිංතූරවල ඉන්නව නයිහාමි ඔරිජිනල්...

      https://www.facebook.com/photo/?fbid=749542185072822&set=t.100000511416807

      https://www.facebook.com/photo.php?fbid=1389744094696295&set=pb.100009821520392.-2207520000..&type=3

      Delete
    12. එව්වා අපිට පෙන්නන්න බෑ කියනවා, අපෙ හාංදුරුනේ!

      Delete
  6. හොඳ ඇනිමේටඩ් මූවි එකක්.
    ඔය වගේ පොතකුත් තියනව.මට නම මතක නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්? ඒ‌ මොකද්ද අප්පෙ? මොනවහරි කීවර්ඩ්ස් නැද්ද හොයල බලන්ඩ?

      Delete
  7. Replies
    1. හෙණ කාලෙකින්... කොහොමද ඉතිං?

      Delete
  8. හ්ම්... antz කියලත් කූඹි කතාවක් ආව නෙව. ඒකනම් බබල තියේ

    ReplyDelete
    Replies
    1. ඒකෙ ප්ලොට් එක වෙනයි, මේකෙ ප්ලොට් එක ඊට වඩා සරළයි - ප්‍රබලයි.

      Delete
  9. Replies
    1. කමෙන්ට් එක දෙකට කැඩිල තියෙන්නෙ...

      Delete
  10. ඒ කොකා අර ලබ්බ දිරවගන්න බැරුව, (හරියට මහින්ද උන්නැහැට පළවෙනි ජනාධිපතිවරණෙදි ඡන්දෙ දීපු ඡන්ද දායකයෙක් වගේ)
    Thursday, February 13, 2014
    ලබ්බෙ කානිවල් එක - ගජබින්නාලංකාරයේ තවත් හරවත් කොටසක්...

    ReplyDelete
    Replies
    1. අඩෝ! මේක දැක්ක ගමං, ඒක කියවන්ඩ ගියා...

      Delete
  11. නියමයි ඩ්‍රැකියෝ ස්තුයි පිලුම් ගැන දැනුවත් කරාට. බලන්න ම ඕනි

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි