Wednesday, August 10, 2022

ඇත්ත බොරු

ඔමේගා යනු ඇමරිකානු ආණ්ඩුවේ රහස් ඔත්තු සංවිධානයක්. ඒකේ සිටින දක්ෂ ම සහ කැපවීමෙන් කටයුතු කරන නියෝජිතයෙක් හැරී ටස්කර්. ඔහු ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි, ක්ෂණික තීරණ මත ක්‍රියා කරන තැනැත්තෙක්. වරක් ඔහු තමන්ට පහර දෙන්නට ඇවිත් මෝටර් බයික් එකක් පැහැරගෙන පළා යන ත්‍රස්තවාදියෙකු පස්සෙන් ළුහුබඳින්නේ පොලිස් අශ්වයෙකු පිටින්. ත්‍රස්තවාදියා බයික් එක හෝටලයකට ඇතුල් කරගෙන, ලිෆ්ට් එකට නඟිනවිට, හැරීත් තමන්ගේ අශ්වයා පිට සිටිමින් ම අනිත් ලිෆ්ට් එකට නඟිනවා.


ආණ්ඩුවේ රහස් තමන්ගේ පවුලේ උදවිය සමඟවත් බෙදා ගත නොහැකියි. ඉතින්... හෙලන් ටස්කර් හෙවත්, හැරී ගේ බිරිඳ දන්නෙත් හැරී යම්කිසි පරිගණක අලෙවි සමාගමක නියෝජිතයෙක් බවයි. 

හැරී ගේ රාජකාරි දවසක් සාමාන්‍යයෙන් අනතුරුදායක සහ වික්‍රමාන්විත ක්‍රියාවන්ගෙන් බහුලයි. ඒ අවස්ථාවන්ට හැරී මුහුණ දෙන්නෙත් ඉතාම සාමාන්‍ය සහ එදිනෙදා හුරුපුරුදු දේවලට මුහුණ දෙන්නා වාගේ.


හැරී ගේ බිරිඳ හෙලන් පුරුද්දට වාගේ ඔහුගෙන් අහනවා, අද දවස මොන විදිහට ද ගත වුණේ කියලා. ඔහු ඉතා ම සාමාන්‍ය විදිහට ඊට උත්තර දෙනවා. ඔහුට කියන්නට බැහැ ඇත්ත සිදුවීම ගැන. ඉතින් ඔහු කියන බොරු විස්තර හෙලන් ට ඉතා ම නීරසයි. ඇය කැමතියි යම් කිසි වික්‍රමාන්විත සිදුවීම් ගැන අහන්න, කතා කරන්න, නැත්නම් තමන්ගේ ජීවිතයට යම් කිසි ත්‍රාසයක් එකතු කරගන්න.

ඔවුන් දෙදෙනාගේ දුව, ගැටවර වයසේ. සාමාන්‍ය පවුලක දරුවෙක් වාගේ ම ඇයත් දෙමාපියන්ගෙන් දුරස්තරයි. තාත්තා ගේ රාජකාරි සහ ජීවිත රටාව ඇයට අල්ලන්නේ නෑ.

ඔය අතරේ තමයි හෙලන් ට හමු වෙන්නේ සයිමන්. ඔහු හෙලන් ට පෙන්වන්නේ, රාජ්‍ය රහස් ඔත්තු සේවාවක නියෝජිතයෙක් හැටියට. 

ඒ සම්බන්ධය ගැන දැනගන්නා හැරී ටස්කර් මොකද කරන්නෙ? ඒ අතරෙ ඔහු පිටුපසින් පන්නන ක්‍රිම්සන් ජිහාඩ් ත්‍රස්තවාදියන් එක්ක ඔහු ගනුදෙනු කරලා බේරාගන්නේ කොහොමද?

බලන්න චිත්‍රපටිය... (ටොරන්ට් එක)


ටයිටැනික් සහ ටර්මිනේටර් 2 ෆිල්ම් හදපු ජේම්ස් කැමරන් ගේ ඒ කාලෙට ම අයත් නිර්මාණයක්‌ මේක. ටර්මිනේටර් 2 ෆිල්ම් එකට පස්සෙ සහ ටයිටැනික් ට කලින් වැඩිම වියදමක් දරා නිපදවපු, ඒ වගේ ම ආදායම් වාර්තා තබපු ෆිල්ම් එකක්. බලල නැත්නම් බැලුවට පාඩුවක් නෑ.

අවසාන ෆයිට් එක තමයි හොඳ ම. හැරී ටස්කර් ගෙ දුව පැහැර ගන්නා ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්නට හැරී යන්නේ මැරීන් හමුදාවේ මිග් ප්‍රහාරක යානයකින්.

අඃ... තව ඩිංගෙන් අමතක වෙනවා. ඉතා ම ලස්සන ටැංගෝ ඩාන්ස් දෙකක් ඇතුළත් මේ චිත්‍රපටියට.


තවත් වරක් අමතක උනා කියන්ඩ... හැරියගෙ බොස් හැටියට රඟපාන්නෙ මං දේවත්වයෙන් වගේ සළකන, එල් සිඩ් ෆිල්ම් එකේ සිඩ්... චාල්ටන් හෙස්ටන්.

70 comments:

  1. Tia Carrere.... කෑල්ලම්ක් තමයි ඉතීම්. ඒ දවස් වල

    රස්සාව අස්සෙ පවුල අතැරෙන හැටි... life partner අතෑරුන ජීවිතය වෙන සම්බන්ධයකිං cover කරගන්න යන හැටි ගැන comedy side එකෙන් කියලා තියෙන විදිහට මං හරිම කැමති.

    අර... ආනොර්ල්ඩ්ගෙන් අහන්නෙ ගන් එකක් පෙන්නලා මේක තමුසෙ දන්නවා නෙ මොකක්ද කියල.. ඒ වෙලාවේ දෙන උත්තර ටිකත් මරු.

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ කොහොමද ඒ උත්තර තවුසේම දානවකෝ

      Delete
    2. ඔව්. ටියා කරේරා උන්නා නේ රෙලික් හන්ටර් සීරීස් එකේ. කෑල්ලක් තමයි ඉතිං.

      ආනෝල්ඩ් හොඳට ම චරිතාංග රංගනයක් කරන්නෙ ඔය ෆිල්ම් එකේ. වයිෆ් ගෙ ඔෆිස් එකට ගිහිං, උන්දැ සයිමන් හම්බෙන්ඩ ගිය බව දැනගෙන ආපහු ගෙදර ඇවිත් ඒ ගැන අහද්දි, වයිෆ් කියන බොරු ගොඩ අහගෙන ඉන්න තැන ආනෝල්ඩ් ගෙ ඇස් දෙක තමයි හොඳට ම රඟපාන්නෙ.

      අයිස් කෝන් මේකර්?

      Delete
  2. ඒ කාලෙ තාක්සනේ හැටියට මිග් වැඩේ... කරලා තියෙනව එල. දැන් උනත් අවුලක් නැතුව බලන්ට පුලුහං

    ReplyDelete
    Replies
    1. අවුල් උනත් මොනා කරන්නද?

      Delete
    2. නමියා,

      ඔ්කෙ වියදම් කරල තියෙන්නෙ මිග්වලටයි, හෙලිකොප්ටරේටයි, තමා වැඩියම. සුපිරියක් ඈ...

      කොමියා,

      නරකද බ්ලොග් එකක් ලිව්වනං? අර ටොමියත් ලියන්නෙ. නමියයි ටොමියයි කොමියයි කියල තුං කට්ටුවක් හදාගන්ඩැහැකි.

      Delete
    3. උඹ දන්නෑනෙ මෙන්ඩා, උඹ නැති ටිකේ ඩ්‍රැකියලා විස්සක් විතර උන්නා.

      Delete
  3. පරණ වෙන්නේ නැති ෆිල්ම්.. Lalith...

    ReplyDelete
    Replies
    1. පරන උනාම VHS කැසට් කෑලිවලට පුස් අල්ලනවා අරින්න අමාරුයි.

      Delete
    2. ලලිත්,

      ඔව් ඈ... ඔය වගේ තව සෙට් එකක් තමා ඇමරිකන් පයි මුල් ෆිල්ම් තුනයි, ඇමරිකන් පයි රියූනියන් එකයි...

      කොමියා,

      හැබෑට එහෙම කාලෙකුත් තිබුණනෙ.

      Delete
  4. අනිවා බලල තියෙනා ෆිලුමකි මේක
    කොයි කපේද දැන් නැහැ ඇත්තේ මතක
    ආයිත් බලනවද, නැත තව තීරණෙක
    Post පහක් වැටිලා නෙව එක දිනෙක!

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉන්නේ නැතිව බලපිය. මු ලියලා තියෙන්නේ තොපිලාට බලන්න තමයි.

      Delete
    2. 2018 දෙවෙනි සැරේටත් මේ ෆිලුම බලපු බවට සාක්කි හමු වුණා. ඉතිං...
      බලන්නයි කිව්වේ posts 5 නම් ඒවා කියෝලා, comments දාලත් ඉවරයි ආයුබොවන්.

      Delete
    3. පෝස්ට් පහක් හෑ!
      කවුද ලිව්වෙ ඈ?
      දැනුයි යන්නෙ ඒ බලන්ඩ
      සායි රොටිය කෝ?

      කොමියා,

      ආචාරශීලී වෙන්ඩ අප්පා!

      නිදි,

      කොමියා කියන්නෙ පෝස්ට් පහ ගැන නෙමෙයි. හැමෝටම බල කරල කියන්නෙ මේ ෆිල්ම් එක ආපහු බලන්ඩ කියල.

      Delete
    4. posts 5 කිව්වේ ඊයේ උදැහැනැක්කේ මගේ blog රෝලෙ උඩින්ම පෙන්නාපු අලුත් posts ටික ගැන.

      Delete
    5. දැක්කා... දැක්කා...

      Delete
  5. Replies
    1. මේ තුන් හොඳ ක්ලැසික් ෆිලුම් තුනක් කියල අහල තියේ.... කෝමද ගිනි ගින්දරද

      Delete
    2. Ten commandments දිග වැඩි කියනවා නෙ

      Delete
    3. නමියා,

      ඔය තුනේ ම කොල්ලා චාල්ටන් හෙස්ටන්. ෆිල්ම් තුනම හොඳයි. මට නං හොඳ ම බෙන් හර් සහ එල් සිඩ්. ටෙන් කමාන්ඩ්මන්ට්ස් ට වඩා මට හොඳයි අලුත් ෆිල්ම් එක, මෝසස්... ක්‍රිස්ටෝපර් නෝලන් ගෙ වගේ මතක. ක්ලැසික් ෆිල්ම්වලට කැමතියි නං බලන්ඩ 2001 සහ 2010. අද වෙන ඩිස්ක් වගයක් හොයද්දි හම්බුණා. හෙවිල්ල පැත්තක තියල මායි පුතයි ඔය දෙක ම ෆාස්ට් ෆෝවඩ් කර කර බැලුවා. (එව්ව ෆාස්ට් ෆෝවඩ් කර කර තමා බලන්ඩ පුළුවං)

      Delete
    4. ටෙන් කමාන්ඩ්මන්ට්ස්ගැන කියද්දි කතාවක් මතක් උනා. බොගෙ රස කතා පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්නං...

      Delete
    5. නිදි,

      ඇත්ත. මල් මසුරං! තවත් දාහක් වටිනව ස්පාටකස්...

      Delete
    6. ටෙන් නෙමෙයි, ෆිෆ්ටීන් කමාන්ඩ්මන්ට්ස්...

      https://www.youtube.com/watch?v=PmZFGw5CeWE

      Delete
    7. ඔය ෆිලුම් සැට් එක ගැනම අහල තියේ... ක්ලැසික් ඒවාය කියලා. හොයාගන්ට හම්බුනේ නෑ. හෙව්වා දවස් වල. ආයේ බලන්නම් හොයා ගන්ට. ටැංක්ස් ඩ්‍රැකීතුමෝ.... විත්තර කීවට

      Delete
    8. ක්‍රිස්ටෝපර් නෝලන් පහු කලේ ආපු අධ්‍යක්ෂක කෙනකේ. dark night ඇතුළු batman ට්‍රයිලෝගිය හැදුවේ එයා

      Delete
    9. පොඩ්ඩක් බලන්ට, torhd සයිට් එකේ... ගොඩක් ෆිල්ම්වල ටොරන්ට් තියෙනව. හොඳ කොලිටියෙන්.

      Delete
    10. මෝසස් ‌නෙමෙයි, ක්‍රිස්ටෝපර් නෝලනුත් නෙමෙයි. ඒ ෆිල්ම් එක එක්සෝඩස්. ඒකෙ උන්නෙ ක්‍රිස්ටියන් බේල්...

      https://www.youtube.com/watch?v=t-8YsulfxVI

      Delete
    11. මේ බොගෙ mail එක එවහං... මගෙ contact form එකට හරි. මෙතැනට හරි

      Delete
    12. රෑ කම්පියුස් කරනවානෙ උඹලා ඩබල. දැන් එක්සෝඩස් එකේ කතාවත් කමාන්ඩ්ස් 10 ගැනද

      Delete
    13. මගෙ මේල් එක රහසක් නෙමෙයි... drackey@gmail.com

      එක්සෝඩස් කියන්නෙ මෝසස් ගෙ කතාව තියෙන බයිබලේ පොතේ නම. ඔව්. ඒකෙ තියෙන්නෙත් මෝසස් ගෙ කතාව වඩා යතාර්ථවාදී විදිහකට. මාර ලස්සනයි.

      චාල්ටන් හෙස්ටන් ඉන්න ටෙන් කමාන්ඩ්මන්ට්ස් එකේ රැමසීස් රජතුමාට ඉන්නෙ තවත් දැවැන්ත නළුවෙක්, යූල් බ්‍රයිනර්.

      යූල් බ්‍රයිනර් ගැන කිව්වම මතක් වුණේ. තවත් පට්ට ෆිල්ම් එකක් තමයි, මැග්නිෆිසන්ට් සෙවන්.

      Delete
    14. අද නිදාගන්ඩෙපා ඈ...

      Delete
    15. හෙට පාරේ සුදුකොඩි ඇද්දොත් ඔන්න ඔහෙ නිසා තමයි ඈ......

      Delete
    16. අද කාලේ සුදු කොඩිත් ගණං...

      Delete
    17. ඔන්න ඔය නබි නායක තුමාට ඉන්ඩ දීහං...!

      Delete
    18. යුල් බ්ර්යිනර් හිටිය හිනා කන ෆිලුමක් තිවුනා... The King and I - කීප වතාවක් හැදූනු ෆිලුමක්.

      Delete
    19. දැන් ඉතීම් මෙතැන ෆිලුම් කීයක් තියේද.... ආ. ලියනවනම් එකක් ගැන ලියපල්ලා. /ඩේට නෑ යක්කුනේ.... බාගන්ට.

      Delete
    20. ආාාහ්... බලන්ඩ ඔ්නෙ. යූල් බ්‍රයිනර් සම්බන්ධ පරණ කතාවක් තිබුණා.

      තාත්ත කියනව පුතාට, "තමුසෙ ඔය එල්විස් ප්‍රෙස්ලි වගේ කොණ්ඩෙ හදාගෙන ඉන්නෙ මොකද? උං ඇමරිකානුවො. අපි හිංගල..."

      පුතා කියනව, "එහෙනං තාත්තත් ඔය හොලිවුඩ් නළුවෙක් වගේ කොණ්ඩෙ හදාගෙන ඉන්නෙ?"
      "මම? කවුරු වගේ ද?" තාත්තට පුදුමයි.
      "යූල් බ්‍රයිනර් වගේ"

      Delete
  6. ඩ්‍රැස්කියෝ ඔය පිලුම් කොළොම්පුරයා එක නැවක පැද්දි පැද්දී සිටිද්දී බැලුවා මතකයි..ඩ්‍රැස්කියා ගේ ලිවිල්ලේ රසයට ආයෙත් බලන්නට හිතුනා නෙව.

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉන්නේ නැතිව බලපිය. මු ලියලා තියෙන්නේ තොපිලාට බලන්න තමයි.

      Delete
    2. අසංග,
      ඩ්‍රැස්කියා? ඒ නමේ තියෙනව නිකං ඩිෂ්ටි ඩුඩුම් ගතියක්. කොහොමත් ඔය ෆිල්ම් එක ආයෙ ආයෙ බලන්ඩ පුළුවං.

      කොමියා,
      අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්ඩ යන්නෙ...

      Delete
  7. බලල තියනවා. ආනෝල්ඩ් සුබසිංහ නැගලම යන කලෙම බැලුවා.

    ReplyDelete
    Replies
    1. නැග්ගාම තමයි යන්නේ බකුසුමොටෝ
      දැන් ආනොල්ඩ් සුබසිංහට වයස හින්දා නගින්නේ නැතිව ඇති.

      Delete
    2. බකුසු රාළ,
      ළඟදි මොකවත් ගෙන්නගත්තෙ නැතැයි?

      කොමියා,
      හා හා! කට කට!

      Delete
  8. Replies
    1. හිත හිතා ඉන්නේ නැතිව බලපිය. මු ලියලා තියෙන්නේ තොපිලාට බලන්න තමයි.

      Delete
    2. ඉයන්, කෝ අර ඒ කාලෙ තිබුණු ගැටවර ගැම්ම? දැං දැං හෙණ පරිණත සීරිසයස් ලයින් නේ?

      කොමියා,
      හා හා! වැඩිහිටියො ඉස්සරහ කට පරිස්සමිං...

      Delete
  9. Replies
    1. කමෙන්ට් එක අලෝගෙන අලෝගෙන ඇවිත්, කෙහෙල් ගහකත් අලෝලා වගේ...

      Delete
  10. අර සයිමන් කාරයාව කකුලෙන් අල්ලන් ඉන්න කෑල්ල තාමත් මතකයි අවුරුදු තිහකට කිට්ටු වෙන්න ඇවිල්ලා වුණත්.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි. ඔව්මයි. රසික දන්නවද ඔය සයිමන් කාරයා සිරා චරිතාංග නළුවෙක්. ටයිටැනික් එකෙත් ඉන්නවනෙ, අර එක්ස්පඩිෂන් කණ්ඩායමේ නායකයා විදිහට.

      Delete
  11. ඔහේ මේ පකටය (ෆිල්ම් එක) බලලා තියෙනවද?
    The Favorite (1989)

    මේක ඇත්ත කතාවක් පදනම් කරගෙන හදපු එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වට පකටයෙ බක්කිය (ට්‍රේලර් එක) බැලුවා තකහණියක්. සෑහෙන සිත් ඇදගන්නා සුළු පකටයක් නේ... ස්තූතියි ජගත්.

      Delete
    2. ඔහෙලත් මාව අමාරුවෙ දානවා. ඔය පකටය බලන්න හිතුනා. බාගයයි බැලුවේ. ආපහු ආවා. මේක ලියලා අහක වෙලා ෆිල්ම හොයා ගන්න යන්නෙ....

      Delete
    3. මං හෙව්වා ටොරන්ට් එකක්. 1989 ෆිල්ම් එක හම්බුණේ නෑ. 2018 රිමේක් එකක් හම්බුණා.
      https://ww1.ytsyify.run/movie/the-favourite-2018/

      Delete
    4. ඩක් කිව්වෙ අග්නි තාරා ගැන වෙන්ඩැති? (එච්චරයි අඩු...)

      Delete
    5. https://en.wikipedia.org/wiki/Aim%C3%A9e_du_Buc_de_Riv%C3%A9ry

      Delete
  12. හොඳ වෙලාවට මම මේකට කොමෙන්ටෙකක් දාල නැත්තෙ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. "පුෂ් පුෂ් පතෑං" කියල ෆිල්ම් එකක් තියෙනව, දන්නවද?

      Delete
  13. Replies
    1. කාලෙකින්... මේ යනව කියවන්න.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි