Sunday, May 19, 2024

හිත නිවන ගී - මෙවර, වට ම ගිහිං ගෙට ම...

වැසි දැරිය ලියලා තියෙන මේ ලිපිය කියවද්දි මට හිතුණා, මේ අවුරුද්දෙ වෙසක් කළාපය පටන් ගෙන, යමක් ලියන්න ඕනෙ කියලා. එහෙම හිතාගෙන ඉන්න අතරෙ, වෙන වැඩක් කරමින් හීනියට අහන්න සිංදුවක් හොයද්දි තමයි මේක හම්බ වුණේ. අපි පොඩි කාලෙ ඇහුණු ගිතයක්.

සුනිල් ශාන්ත දේශීය සංගීත ක්‍රමයක් වැඩි දියුණු කරන අදහසින් හදපු ගීතයක් හැටියට, මේකෙ ගායන ශෛලිය ඇහෙණකොට මතක් වෙන්නෙ ම රෑ පානේ ඈත හේනක පැලකින් නැගෙන සීපද රාවය. අයිවෝ ඩෙනිස් ඒක පුදුමාකාර විදිහට සුමටව හඬ පාලනය කරමින් ගයනවා. 

ඊළඟ මට දැනුණු අංගය, මේකෙ සිනිඳු සුමිහිරි සංගීතය...

හඬ පාලනයට සහ මියුරු ගැයීමට නම් දරා සිටි නෙවිල් ප්‍රනාන්දු ගේ මම ආසම ගීතය මී ළඟට. මම එහි ආස ම පද මාලාවට.

මෙහි පැරණි පටිගත කිරීම කඨෝර බවක් දැනෙනවානම්, මෙන්න එය ම ආත්මා ලියනගේ විසින්...

මී ළඟට අයිවෝ ඩෙනිස්‌ගේ ම තවත් ගැයුමක්. මට මතක හැටියට අසූ ගණංවල මුල මහවැලි ව්‍යාපාරය ප්‍රවර්ධනයට හෝ, නව ජනපද බිහිකිරීම උත්කර්ෂයට නැඟෙන්නට තැනුනු උදා ගී රාශියක් තිබුණා. මෙයත් එයින් එකක්. මෙහි වයලින් නාද රටා මට සිහිපත් කරවන්නේ මිනිසුන් සමූහයක් උද්වේගයෙන් කරන පාගමනක් හෝ පෙළපාලියක්.



ඒ ප්‍රවණතාවයෙන් ම නිමැවුණු තවත් ගීයක් මේ. අබේපාල මහතා සහ තේ කෝප්පයේ කතාව වගේ ම මෙයත් මිනිස් ශ්‍රමය උත්කර්ෂයට නංවනවා. 


මේකත් අසූ ගණංවල ඇහුණු ගීතයක්. මුවන්පැළැස්සෙ මුල් කාලෙ අලලා හැදුණු චිත්‍රපටියක් වුණු බිනරි සහ සුදුබණ්ඩා මුල් කරගත් එකක්. ඒකෙ පුරාවට ම සංගීතය සහ පද තනිකර ම කැලෑ ගමක යටි පෙළින් නැගෙන සුන්දරත්වය සහ සරළත්වය පෙන්නුම් කරනවා. ගායකයාගේ හඬත් ඊට ම ගැළපෙනවා.

මේ ඒ වාගේ ම තවත් ගායනයක්. මම දන්න විදිහට මේ ගීතය හැදුණේ, මේ පද ම අඩංගු කවි පෙළකින්...


මී ළඟට අපි ‌නව යොවුන් කාලේ පට්ට ගහපු රොමැන්ටික් ගීතයක්. මට මතකයි අනූ ගණංවල අග ඩෝලැක් එකක් අරගෙන කෝච්චියට නගින කොල්ලෙක් මේ ගීතය ලස්සනට ගායනා කරනවා. මේකෙ තියෙන නැළවිල්ලක් වගේ තනුව වගේ ම පදත් පට්ට! අනික, මේ ගීතය තුළ තියෙනවා, අපේ ගෙවල් ළඟින් වැලිපිල්ලෑව පැත්තට දිවෙන පාරක නමක්...


අනූ ගණංවල අපට ඇසුණු, තවත් ප්‍රේමණීය ගායනයක් මේ. මේ කාලෙ අසංග ප්‍රියමන්ත පීරිස් කට උල් කරගෙන ගායනා කළේ නෑ. මේ ඔහුගේ නැචුරල් හඬ...


ප්‍රේමය ගැන කියනකොට මට මතක් වුණේ. මේ පහල දාල තියෙන ගායනය, සැමියා සහ බිරිඳ  සංවාදයකට ඉතා ම කදිම උදාහරණයක් බව මට මේක ඇහෙන හැම වතාවක ම හිතෙනවා.

හොඳට බලන්න, මේකෙ ආරම්භයේ දී කපුගේ ට කියන්න ලැබෙන්නේ, "බිරිඳ මගේ ඔබ..." කියන වචන තුන විතරයි. එතන ඉඳං දිගට ම කියාගෙන කියාගෙන යන්නේ නන්දා මාලනී...

මොකක් රත්තරනින් ලියාගෙන ආවත් අන්තිමට කොමිටල් කරන එක මට ලැබිලා තියෙන්නෙ ජානවලින් කියලා හිතෙනවා. ඒ ජාන අපේ අපේ සීයාගෙන් ලැබුණක් බව තමයි මට පේන්න තියෙන්නෙ. ඉතිං අවසාන වරට... ඩාත් වේඩාර් හාදයත් හිඟමනට වැටුණ එකේ, අපි නං මොක ද නේ?

මොනව උනත් පොර ලස්සනට ගිටාර් ගහනවා. අර දැන්වීම තමයි හොඳ ම... අලුත් ඩෙත්ස්ටාර් එකක් හදන්න පොර හිඟා කන්නෙ...

33 comments:

  1. වෙසක් එකයි මේකයි අතර සම්බන්ධය මොකද්ද දන්නෙ නෑ. ඒත් නොස්ටැල්ජික් හැඟීම් අවදි කරන ගීත මාලාවක්, අන්තිම එන ඇරෙන්න. ඒක අහලා නෑ. අහල බලමු.

    ReplyDelete
    Replies
    1. වෙසක් කළාපය ලියන්න හිතාගෙන ඉද්දි, මේක ලිව්ව කියලයි අදහස් කළේ. ‌හරියට අර, "මහා ෆ්‍රයිඩ් රයිස් දන්සැල" කියල ලොකු අකුරෙන් ලියලා, - "ඊළඟ පාර. මේ සැරේ මඤ්ඤොක්කා" කියල පොඩි අකුරෙන් ලිව්ව වගේ.

      අන්තිම එක මං දැම්මෙ පොඩි ජෝක් එකක් විදිහට. හැබැයි මං හිතපු විදිහට ම තමයි ගීත රචකයත් හිතල තියෙන්නෙ වගේ දෙයක් පේනව, ස්ථායී කොටසින්.

      Delete
  2. ලස්සන එකතුවක් ඩ්‍රැකී
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී
      අද කවි නෑ???

      Delete
  3. අවන්හලට ගොඩ වැදිලා දුකෙන් පිරී
    මෙහි විත් කියැවීමි අසමින් ගී මිහිරී
    හිතේ තිබුණු දුක ගිහිල්ල නෙව වැහැරී
    මෙවන් posts ඩේටා කයි- කොහොම හරී

    ReplyDelete
    Replies
    1. එන්නට බැරි උනා කලකින් ඒ පැත්තේ
      නිදහස අඩුයි මේ දිනවල කඩ මැස්සේ
      ඒ ගැන අමනාපයක් නොහිතන් නිදි අයියේ
      හැකි ඉක්මනින් එන්නෙමි මම ඔය පැත්තේ

      Delete
    2. නිදි,
      අවන්හලක ඉපදී මිය යන්න හිතී
      රාහුලයන් නිසා ඉන්නා දිවියෙ එතී
      යන එන ගමං හෝ සැනසුම සොයනු වෙතී
      මෙවැනි ගීත අපහට ඔක්සිජන් දෙතී

      ප්‍රසන්න,
      ඒ ගැන කියන්නට ඇයි බෝ මෙහෙ ආවේ
      උන්දැගෙ බ්ලොගේ ඇයි නුඹ මෙය නොම ලීවේ

      Delete
    3. ඕ ටූ තව තවත් වැඩිපුර ලැබී තුටින්
      'සැනසුම' පදමකට විතරක් අයිති වෙමින්
      අඹු-දරු හැර දමා නොකරම අබිනික්මන්
      ඩ්‍රැකී ලබනවද සැනසුම කවි ගෙතුමෙන්?

      Delete
    4. කවි ගෙතුමකට ඕනෑ මනසේ ලිහිල
      එයමයි අපට නැත්තෙත් මේ දවස්වල
      පෙන්ෂන් ගියත් හිමිවේවි ද නැත බහුල
      ඇති හැකි ලෙසින් විඳිමින් ගතවේය කල

      Delete
    5. මොනවද බම් මේ කමෙන්ට්?

      ස්පෑම් ම වෙලා තියෙන්ඩ අරින්ඩ තිබුණෙ...🤣

      Delete
  4. මං හිතුවා වෙසක් බැති ගී ප්‍රංසගයක්දෝ කියල..හොද වෙලාවට එහෙම නෙවෙයි.වැඩිපුරම මනාප අසංගගෙ සිංදුවට තමා.

    ReplyDelete
    Replies
    1. බැති ගීවල පවා තියෙනව පොඩි ගතියක්
      හැන්දෑවක අහන්නට සිත් වේ පොඩියක්

      මළා...! නිදිටයි ප්‍රසන්නටයි කවි ලියාගෙන ඇවිත් සඳටත් කවියක් ලියවුණා.

      අසංග නහය මිරිකගෙන සිංදු කියන්න පටං ගන්න කලින්. ඔය වගේ ලස්සන නිර්මාණ ආවා, අනූව දශකයෙ අග.

      Delete
    2. ඔව් ඒ කාලේ අසංග,ප්‍රින්ස්,ඉන්ද්‍රජිත් දොලමුල්ලගෙ සිංදු ඕසෙට ඇහුන කාලයක්

      Delete
    3. ආන්න හරි... ආපහු අහල බලන්න හිතෙනව.

      Delete
  5. සඳ දිය මම ආසම එකක්
    මේ ළඟදි කොපි චැට් එකට අසංකයි පුතයි දුවයි ආව. ඒකෙදි සඳ දිය දුවත් එක්ක කියනව ස්ලෝව් බීට් එක්කිං
    ආයෙ පිස්සු තමා ඈ.. ඒක මාරම ෆීල් එකක්

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදුනනං ඔහේ මේ වෙනකොට ඉන්න ඕන අංගොඩ.
      මෙතන මොකක් කරනවද?

      Delete
    2. මහේෂ්,
      උබෙ කීමට යූටියුබ් ගිහිං ඒක අහල ආව. ඒ සිංදව අහන අහන වතාවට මට හිතුණෙ ම, මාලනී බුලත්සිංහලගෙ හඬ වයස වැඩියි කියලා. කපුගේ එක්ක දම්පාටින් ලා සඳ කියන කාලෙ හඬ ඊට වඩා මිහිරියි. නමුත් අසංගගෙ දුව හොඳට ගැළපෙනව කියල හිතුණා. වෙන ම... වෙන ම... පොද වැස්සක් සහ කෝපි එකක් එක්ක අහන්න වටින වැඩක්.

      ප්‍රසක්ඥ,
      මොනව ද යකො මේ කතා? අරෙහෙ ෆේස්බුක් එකේ මඤ්ඤොක්කා දංසැලට අනුපාන ඉල්ලනව. මෙහෙ අංගොඩ යවන්න කතා කරනව.

      Delete
  6. සොඳුර මට සමු දෙන්න එකනං අපි පොඩිකාලෙ රේඩියේකෙ නිතරම ගිය එකක්නෙ.
    මෙතන තියෙන පරණ සින්දු ගොඩක් ඒව මම ආස ඒව.
    දැං ඉතිං තවුසෙ මේක දාල බලාපොරොත්තු උනේ මේක කියවන්න එන උන්දැලගෙ ඩේට ටික ඉවර කරන්නද?

    ReplyDelete
    Replies
    1. මගෙ සිංදු දාසයෙ පෝස්ට් එකේ ඔය ඩේට කෙලවීම ගැන ලියලා, උබෙං බැණුං ඇහුවා මතකයි. දැං තවුසෙ ම මෙතන ඩේට ගැන කතා කරනව. පේනවනෙ, රටට ගිහිං තියෙන කලක්...

      Delete
  7. මේ සේරම සින්දු මමත් කැමති ඒවයි.ඒ උනත් ' වරෙන් හීන් සැරේ ' ගීතය මම වඩාත්ම කැමති සින්දුව.ඒකෙ melody එක අරුම පුදුම මන්තරයක් වගෙයි. හමන සින් හුලන් රැල්ල කෙනෙකුගෙ සිරුරට දැනෙන තරම්,නිද්‍රාවට පත් කරන තරම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සරත් අයියා. කොහොම ද, ඔය විදිහෙ ගීත දාසයක් සීඩී එකකට ගහලා, (තොටුපළ අයිනේ, සිහිල් සුළං රැල්ලේ වගේ ඒවත් එකතු කරමු) මහ රෑ කාර් එකේ දුර ගමනක් යන ගමං අහන්න දැම්මොත්?


      කෙලිම්ම දෙව්ලොව...!

      Delete
  8. වැඩි හරියක් මමත් කැමති සිංදු. නියම වැඩක්.💐👌🙏

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මේ දවස්වල මං බස්සගෙ බ්ලොග් එක මුල ඉඳං කියවගෙන එනවා. ගොඩක් ම මං ආස සිංදු ගැන එතන ලියල තිබිලා හම්බුණා.

      මේහ්... ආපහු ලියනවකො !

      Delete
    2. බකුස් මේ... ප්‍රසන්න පාං කනව
      https://www.facebook.com/share/p/MiLb3KDZmz1zxqK4/?mibextid=xfxF2i

      Delete
    3. ඇර මාටින්, නයි කයිද රෝස් පාං!😁

      Delete
    4. ඔය කන්නෙ, අපට නෑ කිව්වට...

      Delete
  9. https://geemuthumala.blogspot.com/

    https://geepadura.blogspot.com/

    පැරණි සිංහල ගී රසික හවුල Sri Lankan music fan ...
    https://m.facebook.com › paranisinhalageerasikahawula

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා...

      තව බ්ලොග් එකක් තිබුණා මතක ද, තිස්ස දොඩංගොඩගෙ...?

      https://hadageepotha.blogspot.com/

      Delete
  10. සින්දු ටික මරු . අර සොඳුර මට අත දෙන්න සින්දුව සිරිමාගේ ආණ්ඩුව කාලේ ගිය එකක්. තවම මතකයි. වෙළඳ සේවයේ උදේට යන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අසූ ගණංවල මුලත් ඔය සිංදුව, "උදා ගී" තේමාව යටතේ වාදනය කෙරුණා, රේඩියෝවෙ.

      මං උදක් ම බලාපොරොත්තු වුණා අර ඩාත් වේඩාර් ගෙ ගිටාර් වාදනය ගැන යමක් කියයි කියල.

      Delete
  11. වරෙං හීන් සැරේ කියන්නැතුව හිටං එන්ට හීන් සැරේ හරි, වරෙං හිමිහිට හරි කියල කියන්ට තිබුනෙ ඉඳගෙන 🤭

    ReplyDelete
    Replies
    1. ගී පද රචකයා අපේ ආදරබර නබි නායක තුමා උනා නං එහෙමත් ලියන්ඩ ඉඩ තිබුණා...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි