Saturday, May 11, 2024

නීලකළපුව

 


වික්ටෝරියානු යුගයේ දී...

 දකුණු පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු රුවල් නැවක හදිසියේ ම ගින්නක් හට ගත්තා. කළබල වූ යාත්‍රිකයන් පැනගනිද්දී, පැඩී බටන් නම් වැඩිහිටියා, අවූදු හතක් පමණ වයසැති ළමයින් දෙදෙනෙකු වූ රිචර්ඩ් සහ එමලින් බෝට්ටුවකට නංවාගෙන යාත්‍රාවෙන් පැන ගත්තා. ඔවුන්ට සුන්දර ඝර්ම කළාපීය දිවයිනකට ගොඩ බසින්නට හැකි වුණා. එහි දී පැඩී දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් තමන් බේරා ගන්නට නැවක් පැමිණෙන තෙක් බලා සිටියා. පරිසරයට හුරු වෙමින් සහ නොනැසී ආරක්ෂා වෙමින්...


එහෙත් වැඩි කාලයක් යන්නට පෙර පැඩී මිය ගියා. ඉන් පසු දරුවන් දෙදෙනා මුහුදු වෙරළේ, කළපුවේ කර දියේ සහ වනයේ ජීවත් වන්නටත්, සොබා දහම රස විඳින්නටත් ඉගෙන ගත්තේ තනිවම. එය නැවුම් අත්දැකීමක්. 

එහෙත් නොදන්නා දේ සිදුවෙමින් තිබුණා. දිවයිනේ අනෙක් පැත්තේ ප්‍රචණ්ඩ ප්‍රාථමික මිනිසුන් නිතර ගැවසුනා. ඔවුන් ආගමික චාරිත්‍ර ඉටුකළ ස්ථානයක් එහි තිබුණා.

අනෙක් නොදන්නා දේ තිබුණේ දරුවන් තුළ ම යි. ඔවුන් වැඩිවිය පැමිණෙමින් තිබුණා. ඔවුන් තුළ හටගත් වෙනස්වීම් ඔවුන් තේරුම් ගන්නට වෑයම් කළා. ඒ වගේ ම, ඔවුන් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම ඔවුන්ට වටහා ගන්නට අසීරු වුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ඒ තුළ වූ සුන්දරත්වය විඳගන්නටත් සහජයෙන් ඇති වන ආකර්ෂණයට නතු වන්නටත් පටන් ගත්තා.

මම මීට වඩා කිසිවක් කියන්නේ නෑ.

1908 දී පළ කෙරුණු හෙන්රි ඩි වියේර් ස්ටැක්පූල් විසින් ලියා පළ කෙරුණු නවකතාවක් ඇසුරින් 1981 දී තිර ගත කෙරුණු The Blue Lagoon චිත්‍රපටය මම මුල්වරට නැරඹුවේ ටීඑන්එල් නාලිකාවෙන් බව මතක, 1998 දී. ඉතා ම චමත්කාරජනක මතකයක් ඉතිරි කළ සිනමා නිමැවුමක් එය.

එය සැළකියයුතු බලපෑමක් ඇති කළ බව පැහැදිලි වෙන්නේ, 1991 දී එහි ඉතිරි කොටසක් ලෙසට The Return to the Blue Lagoon නමිනුත්, 2012 දී The Blue Lagoon Awakening නමින් නවතම චිත්‍රපටයකුත් බිහි වීම මගින්. මේ චිත්‍රපටියේ කතාව යම්තාක් දුරකින් මම මීට පෙර සඳහන් කළ Top Secret චිත්‍රපටිය තුළත් සඳහන් කරනවා. 


බෲක් ෂීල්ඩ්ස් සහ ක්‍රිස්ටෝෆර් ඇට්කින්ස් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම සුන්දර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ රැන්ඩෝල් ක්ලේසර්. මෙහි ප්‍රචාරක පටය පහතින්...


බාගන්නට ටොරන්ට් සබැඳිය මෙතනින්...

41 comments:

  1. Replies
    1. ලියපම් පතෑම්...!

      Delete
    2. කොලොම්පුරයටත් කෛයප්ම්...!!!

      Delete
    3. න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
      අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච

      Delete
    4. //න පරේසං කතාකතං//
      අඩෝ ප්‍රසන්නය කතා කරන්නෑ කියල ඔහොම නෝන්ඩි දාන්න එපා හිටං.

      Delete
    5. න පරේසං කතාකතං - කී බෝඩං ටයිප් කරං

      Delete
    6. දීර්ඝං වැටහ්

      Delete
    7. අති දීර්ඝෝ මහා වැටඃ!

      Delete
    8. අර ගාථාවෙ තේරුම මේ වගේ දෙයක් වෙන්ඩ ඇති?

      න පරේසං විලෝමානී (ප්‍රසන්නයා විරෝගෙන ඉන්නවා මිස)
      න පරේසං කතාකතං (ප්‍රසන්නයා කතා නොකරයි)
      අත්තනෝව අවෙක්ඛෙය්‍ය (අත්තන ඇට මෝදකයට කළවම් කර අනුභව කළ විට)
      කතානි අකතානිච (ඔහුගේ කතාව නැවැත්විය නොහැක)

      Delete
  2. ඒ කාලේ ජනප්‍රිය උන චිත්‍රපටියක්. ප්‍රධාන හේතුව උනේ ශෘංගාරාත්මක ජවනිකා. පසු චික්‍රපට නම් බලන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ශෘංගාරය වෙන්න ඔ්නෙ, ජනප්‍රිය වෙන්න හේතුව. නමුත් මට වැඩියත් ම දැනුනෙ, ඒ ගැන නැචුරල් විදිහකට ලස්සනට නිරූපණය කරල තිබුණු එක. ළඟ දි බැලුවෙ නෑ. බලන්න ඔ්නෙ.

      Delete
  3. මුල් පින්තූරෙ දැක්ක ගමන් මං දැක්කෙ ocean girl වගේ.වැඩේ කියන්නෙ මේක බලලා නෑනේ.දැන් ඉතින් අනිවාබලන්න ඕනේ.ස්තූති ඔත්තුවට

    ReplyDelete
    Replies
    1. මේක බලන්න. දවසක, අඳුරු හවසක, කෙලින් ම නින්දට යන්න බලාගෙන...

      Delete
  4. //මම මීට වඩා කිසිවක් කියන්නේ නෑ.//

    උදාරයි.

    ReplyDelete
    Replies
    1. අඩෝව් මට ඉන්න දිපන්

      Delete
    2. ප්‍රසක්ඤ, සෙන්නා,

      ලියන්න බැරි කමට නෙමෙයි, මගෙ වචන චිත්‍රපටියෙ දර්ශනවල තියෙන දේ විස්තර කරන්න ප්‍රමාණවත් නැති නිසා.

      උදාර,

      එහෙනං ප්‍රසන්නයි, සෙන්නයි කියමු.

      Delete
  5. තෙවරක් බලා ඇත මම මේ ලස්සන ෆිලුම
    සමුදුරු දසුන් ගත්තා හිත තරයේම
    බ්රූක් වසඟ කෙරුවා රසිකයො කැලම
    අගෙයි ඩ්‍රැකීටත් මෙය යළි සිහිපත් කෙරුම

    ReplyDelete
    Replies
    1. තාමත් මතක ඇත මෙය දුටු මුල් දිනය
      චමත්කාර සිහිනයකිය නෑ සැකය
      නිදිටත් එලෙස දැනිලා ඇති බව පෙනෙය
      සම හදවත් ඇති බව ඉන් මට දැනෙය

      Delete
  6. ඒ කාලේ බලපු බවකුත් මතකයි...ඒත් හරියටම නිච්චි නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි අර පහලින් ටොරන්ට් ලිංක් එක දැම්මෙ. බාගෙන බලන්න.

      Delete
  7. මටත් මුල් පොටෝව දැක්ක ගමන් හිතුනෙ ඕසන් ගර්ල්ව.

    අපේ කාලෙ ලෑගූන් නෙවේ, පෝල් වෝකර් ජෙසිකා ඇල්බ හිටි ඉන්ටුද බුලූ තිව්නෙ හිටං

    ReplyDelete
    Replies
    1. බොලා ඒ කාලෙ ඉඳලම බ්ලූ බලල නේද එහෙනං.

      Delete
    2. නමිනං,
      ඒ කාලෙ බ්ලූ කියන වචනෙ තිබුණු ෆිල්ම් ගොඩක් ආව. මට මතකයි, බ්ලූ බටෆ්ලයි කැප්චර්ඩ් වගෙ එකකුත්...

      ප්‍රසක්ඤ,
      ඒක තමා ඌ බට ගහ වගේ හෙණ පුෂ්ටිමත්ව ඉන්නෙ.

      Delete
  8. 1982 හෝ 93 ලංකාවට ආවා . ඒවගේ එකක් අත අරින්නේ නැහැනේ ඉතින්. ඉස්කෝලෙන් පැනල ගිහින් බැලුව කොල්ලෝ සෙට් එක එක්ක . හප්පා බෘක් ශිල්ඩ්

    ReplyDelete
    Replies
    1. කොහෙ ද ෆිල්ම් හෝල් එක? මරදානෙ රිට්ස් ද?

      බෘක් ෂීල්ඩ් තව වයසට යද්දි ඒ තරං පෙනුමක් නෑ නේ ද?

      Delete
    2. එයා ලස්සනයි දැනුත් මටනම්. ඒ දවස් වල හදවත් කිං කුං ගෑවා නේ. බම්බා වල මැජෙස්ටික් එකේ පෙන්නුවේ

      Delete
    3. https://www.youtube.com/watch?v=rwXKVLiuHmI

      Delete
    4. හරි හරි... දැන් බෘක් උන්දැත් වයසයි නෙ. අපිත් ඒ වයසට ආව දාකට අපටත් ලස්සනට පෙනෙයි. අර පියසේන රතුවිතාන කවි වාදයකදි කියල තියෙන්නෙ, "කිකිලි දිහා කුකුලෙකු වී බලන්න, වැස්සි දිහා වස්සෙකු වී බලන්න, එවිට උන්ගේ ලස්සන පෙනේවි" කියලා...

      මේ ටික සීරියස්...
      බෲක් ඔය ෆිල්ම් එකේ හිටිය වයසෙ දි, ඒ කියන්නෙ ගැටවර වයසෙ දි අපි දැකපු සමවයස් කෙල්ලන්ගෙත් තිබුණෙ ඒ හිරිමල් පෙනුම ම යි. ඒ නිසා තමයි අර පහළ අසංග කියල තියෙන විදිහෙ ෆැන්ටසියක් අපේ හිතේ ඇති වුණේ.

      Delete
  9. +++++++++++++++👌🙏💐
    මම මේකෙ වැටක් ගැහුවමද කොහෙද?
    මමත් මීට වඩා කිසිවක් කියන්නේ නෑ.😋

    ReplyDelete
    Replies
    1. වැට මාටිං... අඩුගානෙ මේක බලල තියෙනව ද කියලවත් කියමු...

      Delete
    2. ආයෙ අහල? හහ් අපි නොදන්න මොණතැන්න?😊😋😁

      Delete
    3. ඒ කිවවම මතක් වුණේ...

      අපේ යාලුවෙක් උන්න ප්‍රියන්ත කියල. පොරගෙ දිවේ පොඩි අවුලක් තිබුණා. ඉතිං "ර"යන්න කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට කියවෙන්නෙ "ව"යන්න. පොරගෙ නම ප්‍රියන්ත කුමාර. මං සෑහෙන කාලෙයක් ෆෝන් එකේ ඒ නම සේව් කරගෙන හිටියෙ "Priyantha ," (ප්‍රියන්ත කොමාව) කියලා.

      පොර ආතල් සාගරයක් ඈ... අපි ගැටවු කාලෙ අපේ සෙට් එකේ සමහර කොල්ලො සල්ලි ටිකක් හොයාගන්න අතුල කේටර්ස් එකේ පාටිවලට කැෂුවල් ස්ටීවර්ඩ් හෙවත් වේටර් වශයෙන් වැඩ කරන්න යනව. ඒ පාටියකදි ප්‍රියන්තයට කෙල්ලෙක් සෙට් වෙලා. ප්‍රියන්තය ඒ කෙල්ලගෙන් ඇහුවලු "නංගි කොහෙද ගම?" කියලා.
      කෙල්ල කිව්වලු, "මං මැල්සිරිපුර. අයිය දන්නව ද? ගිහිං තියෙනව ද?"
      ප්‍රියන්තෙය කිව්වලු, "අනේ යන්ඩ නංගි. අපි නොගියපු මැයිසීපුව" කියලා.

      Delete
  10. නැට්ටට කිරි උනාගෙන එන කජුකිරි කොල්ලා කාලේ තමා VHS කැසට් පටයකින් මුලින්ම බැලුවේ .. කෙල්ලගේ ලස්සන දැකලා මෙහෙම කෙල්ලක් එක්ක දූපත තනිවෙන්නත් හීන දැක්කා බොලං.. පස්සේ ආයෙත් ITN එකේද කොහේද ගියා බැලුවා ඒත් එදා බලද්දී දැනුන ෆීලින් එක දැන් ආවේ නෑ .. එකියන්නේ දැන් අපි නාකිවෙලා.. කොහොම නමුත් අපූරු චිත්‍රපටයක්

    ReplyDelete
    Replies
    1. උබ නං නාකි ඇති. මට නං තාම ඒ හැටි අවුලක් නෑ ඒ ෆැන්ටසියෙ.

      නෑ බං, ඔය හිරමල් ගැටවර වයසෙ කෙල්ලංගෙ අමුතු ලස්සනක් තියෙනව. ඒක දැනෙන්නෙත් ඒ වයෙස කොල්ලන්ට ම තමයි. ඒ හැඟීම එන්නෙ බං සෙක්ස් ගැන, ආකර්ෂණය ගැන තියෙන කුතුහලයත් එක්ක නෙ.

      Delete
  11. පස්සේ බෘක් ෂීල්ඩ් නඩු දාපු සීන් එකකුත් තිබ්බ නේද ? Director ට ද කොහෙද .. මම කොහේ හරි කියෙව්වා එහෙම සීන් එකක්

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දෙයක් මටත් මතකයි, මුතුහර සඟරාවක තිබුණා කියලා. කොහොමත් ෆිල්මවලට ඒන මුල් ම කාලෙ දි කෙල්ලන්ට නිරුවත් වෙන්න සිද්ධ වෙනව නේ? පස්සෙ උන් ප්‍රසිද්ධ තරු බවට පත්වෙනකොට, ඒ ගැන පසුතැවිලි වෙලා, සමහරු "ඒක අපි දන්නැතුව කළේ" වගේ වොයිස්කට් දෙනවා, තව සමහරු නඩු දාල වන්දි ඉල්ලනව.
      කොහොමත් මේ ෆිල්ම් එකේ කොල්ලයි කෙල්ලයි දෙන්න ම ඇඳුං මොනවත් නැතුව රඟපාන කොටස් තියෙනව. ඒව හැබැයි හෙන නැචුරල් සිදුවීම් මිසක් අමුතුවෙන් ඔබ්බපු, මැජික් ගතියක් පේන්ඩ නෑ.

      Delete
  12. ඒ කාලේ පිස්සු හැදුන ෆිල්ම් තමා .. දැන් නම් බලන්න නිකන් අවුල් වගේ ..

    ReplyDelete
    Replies
    1. ඇයි? අර අසංගය වගේ නාකි වෙලා ද, පැතුමත්?

      Delete
  13. තිලිණ ප්‍රියසාද්May 18, 2024 at 9:54 PM

    ඔය සුද්දගෙ චිත්තරපටිවල නිරුවත් දර්සන තියෙනවලු... ඒ හින්දා මං ඔවුවා බලන් නෑ...

    ReplyDelete
    Replies
    1. ආහ්...! කාලෙකිං. ඔවුව බලන්ඩ එපා. උබලා නරක් වෙයි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි