Tuesday, June 4, 2024

විපතක දී මුලින් ම පළා යන්නේ...

https://qph.cf2.quoracdn.net/main-qimg-b6079f9fdff8f57e2c36bb9c61241ff9-lq

පවතින දැඩි අයහපත් කාලගුණය ගැන මුහුණුපොතේ පළවෙන විස්තර, පින්තූර සහ විවිධ පෝස්ට් දැක්ක ම මතක් වුණේ බුදුගුණාලංකාරයෙ තිබුණු කවි පෙළක්. මේකත් පරණ පාසල් පෙළ පොතකින් තමයි මම ඉස්සෙල්ල ම කියෙව්වෙ.


ඊට කලින් මාතෘකාවෙ හිස්තැන පුරවන්න තියෙනව. මේ කියමනත් මම දැක්කෙ මුහුණුපොතෙන් ම තමයි.

"විපතක දී මුලින් ම පළා යන්නේ දෙවියන් ය. විද්‍යාව සහ තාක්ෂණය පැමිණ මිනිසා බේරා ගත් පසු, පෙරලා ‌ පැමිණෙන දෙවියන් සහ කපුවන් නැවත මිනිසා සූරා කෑමට පටන් ගනිති."

එහෙනම් මෙන්න උඩ කී කවි පෙළ...

146. 
බරණැසැ පෙර කලෙක 
බමුණු මහසල් කුලයෙක 
ගුණ නැණ යුත් නිසැක 
උපන් පින් සර බමුණූ උතුමෙක


147. 

සව් සතර සමුදුර 
දැකැ නැණ නැවින් පර තෙර 
පසිදු වැ ලොවැ පතර 
තමා බිහි වන දිනෙහි ගුරුවර


148. 

නො නිවා තබා රැක 
දුන් ගිනි රැගෙනැ වනයෙක 
වැසැ අවුරුදු නොයෙක 
පුදත ගිනි දෙවියාට දවසෙක


149. 

සිඟා ගිය තැනැ ලද 
ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ 
කෙරෙමි මසින් පුද 
සිතා ගිනි දෙවිය හට මහ පුද


150. 

‘ලුණු නැති මස් පුදට 
නපුරැ” යි සිතා ගමකට 
යා දී ඔහු ලුණට 
අවුත් වලැ වැදි දනන් එ තැනට


151. 

එ ගොන‍ා මරා මස් 
පලහා කමින් නොසරස් 
උන් ගිය සඳැ ඒ ගොස් 
බලා ගොන් නඟුට කුර ඇට රැස්


152. 

‘‘අප රකිනා ත බා 
තොප සතු ගොන‍ා නො ත බා 
කන තෙක් වෙතැ ත බා 
බලා උන් කෙනෙකි තෙපි අත බා


153. 

‘‘ එයින් ගිනි දෙවි නැත 
උන් නැත පුදෙන් පල නැත 
බොරු බස් ලොව පැවැත කරන 
පුදයෙකැ නුවණ නැති සත


154. 

‘‘ගොන් මස් නොලදිනී 
මෙ පමණ කව යි ඉතිනී” 
කියමින් වල‘ගිනී 
ගසා දියවර නිවි යැ එ ගිනී


මේ බුදු ගුණාලංකාරයෙ ශිව දෙවියන් ගැන තියෙන වර්ණනාව... (බෝනස්)

https://blogger.googleusercontent.com/

159. 

තිසුලවි ගත් කරින් 
කළු පැහැ රැගත් උගුරින් 
හන් සළු ගත‘ඹරින් 
අඩක් උමයඟන ගත් සිරුරින්


160. 

දළැ අඩ සඳ බඳින 
ගොර සප් හරක් පලඳින 
රඟ කරන දිනැ දින 
මහලු ගොන් වාහනෙන් ඇවිදින


161. 

ලත් මහ පදවියා 
සිර සුර ගගින් දෙවියා 
අනඟ රුව දැවියා 
යෙහෙකැ පුද කරන මහ දෙවියා


162. 

එ මැ මහ දෙවිඳු හෝ 
නොහොත් සිව ලිංගය හෝ 
වැඳැ පිදුවොත් බොහෝ 
එතී කී ‘ලොවට සෙත ඇම හෝ


163. 

එ මැතිඳු බස් අසා 
මැති‍ඳෙක් කියයි මෙ ලෙසා 
ඇති දුක් මඳ නිසා 
තවත් දුක් ගෙනැ ලයි ද එ වසා


164. 

දෙවියෝ නම් සඟය 
පැලැඹෙන අයෙකි ස සඟය 
උන් රූ මනරඟය 
විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය


165. 

උතුමෝ ලියන් වෙත 
නො ඉඳිති විළින් දැකැ සත 
මෙහෙසුරු උමා කත 
තබා රකිතී කියයි සිය ගත


166. 

පවතින මෙ ලොව රැක 
නැති කලැ හිරි ඔතප් දෙක 
ඔහු වැඳැ පුද නොයෙක 
කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක


167. 

අවි අන් වැනැසුමට 
නැත වෙයි තමා රැකුමට 
එයින් තිසුලවි හට 
ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට


168. 

රා දොස් පව් මිදී 
නිසි උතුමනට නොබැඳී 
සිටි බවයෙන් බැඳී 
ඔහුට පුද කොටැ කිම් ද පැහැදී


169. 

සසරෙහි සබව දත් 
සිල්වත් දනෝ නැණවත් 
තුමූ රඟ නො කෙරෙත් 
අනුන් රඟන රඟකුත් නො බලත්


170. 

නළු වෙස් ගෙනැ එ සේ 
නටන කලැ හැම දවසේ 
උන් පිදුව යි කෙසේ 
වැඩක් සිදු වෙද ලොවට සිත සේ


171. 

දද දන බස් අසා 
කරන පුද ඔහු උදෙසා 
දිඹුලෙහි මල් නිසා 
දියැදැ දුක් විඳින වැනි නොලසා


172. 

අයකු පිළිකුල් වන 
අයකු සිත රා වඩවන 
ලිඟු සටහන් රැගෙන 
කළැ යි පුද පල කිම් ද ඉන් වන


173. 

සිත දුසිරී කිලුට 
පින් කෙත් නොවන මෙ ලොවට 
පුද කරනු ඉසුරුට 
ගලෙක වපුරන වැන්නැ බිජුවට


46 comments:

  1. Replies
    1. ස්ස්ස්තූතියි තරු පහට!

      Delete
  2. Replies
    1. සුභ උපන්දිනයක් වේවා! ආ... නෑ... නෑ... වැරදුනා. සුභ පැතුම්...!

      Delete
    2. ඕකට දීපං අර පුස්ලාඩම.

      Delete
    3. ඒක දෙන්ඩ බෑ, තෙතමනේට පුස්කාලා...

      Delete
  3. ඔය පින්තුරේ දැම්මට මම දැක්ක කවුද භක්තිවන්තයෙක් බැනලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/share/p/9daQXuQiTGTYbxnr/?mibextid=qi2Omg

      Delete
  4. ++++++++++++💐. මලක් පූජා කරල යන්න ආව්ව්. පස්සෙ එඤ්ඤං 😋

    ReplyDelete
    Replies
    1. මූ මල් ගහන්නෙ නෑ.

      Delete
    2. වැඩිය මනාප පොල් වලට වෙන්ටෑ?😋🤣

      Delete
    3. බස්සූපාසක,
      සාදු සාදු...!

      ප්‍රසක්ඥ,
      මල් ගහන්නැතුව මේවයෙ රාජකාරි කරන්ඩ අමාරුයි...

      බකුස්,
      නෑ... කිතුල් තමයි ප්‍රණීත...

      Delete
  5. හින්දු දෙවිවරු සහ සිංහල දේවාගමේ දෙවිවරු දෙයාකාරයි.
    බුදුගුණ අලංකාරය ලිව්වේ හින්දු දෙවිවරුන්ට එරෙහිව.
    ඒත් අන්තිමට දැමූ පඬි නැට්ටාගේ කවියෙන් අපහාස කෙරෙන්නේ සිංහල ආගමට

    ReplyDelete
    Replies
    1. සිංහල ආගම ?? මොකක්ද යකෝ ඒ අපි නොදන්න අලුත් ආගම!?

      Delete
    2. ජගත් සහ සෙන්නා,
      ලංකාවෙ බෞද්ධයො වන්දනා කරන, අදහන දෙවිවරු බහුතරය බෞද්ධ ‌බවට පත් වූ යක්ෂයන් හෝ දෙවිවරු කියල පේනව. ඔවුන්ට වෙන ම සදාචාර ධර්ම පද්ධතියක් තියෙනවා, ජනප්‍රිය ‌බුදු දහම අනුව හැඩ ගැස්වුණු. අනික් පාර්ශ්වය හින්දු දේවාගමෙන් සංස්කෘතික සස්පර්ශයට ලක්වුණු දෙවිවරු.

      ඔය කොයි දෙවිවරුත්, මිනිසා තමන්ගේ ස්වරූපයට අනුව නිර්මාණය කරගත් දෙවිවරු බව මගෙ අදහස...

      Delete
  6. ඔහේ බුදුගුණාලංකාරෙත් කියෝනවද? අනේ සාදු....

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/share/mZQKgfnPQfKfMUut/?mibextid=xfxF2i

      Delete
  7. දෙයිය පල් කරල දේව උදහසට ලක්වෙන්න එපා දරුවා..

    ReplyDelete
    Replies
    1. මේ දරැව යක්සයගෙ ග්‍රහනයට හසුවෙලා. අර පාස්ටරයට කියල යකා ඇගෙන් එලියට ගන්න වෙයි හිටං 🤭

      Delete
    2. ප්‍රසක්ඥ,
      හොඳයි හොඳයි, පාම්බු වහන්සේ කියනවනං, මං පිළිගන්නං.

      නබි,
      මං දැක්ක එක තැනක, පාස්ටරයා ගෑණු කෙනෙක් වට්ටන්ඩ මාර විදිහට ට්‍රයි කරනව...

      Delete
  8. ඔය දෙවිවරු වැඩක් නෑ තව ටික දවසකින් හැල රාවණා අදිරාජයා නැගිටල දත් මදින ගමන් හැල යක්ක ක්‍රමයට ගුහාවෙන් එලියට ආවම.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම කියන කොටයි මට එක පාරට ම තේරුණේ, හැළ ගෙම්බන්ගේ මූලයත් මේ හැල දිවයිනේ ම බව...

      Delete
  9. හැක්කැ පැනැලැ ඉන්නැ...

    ReplyDelete
  10. http://sinduano.blogspot.com/2016/04/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ ආපහු ඇවිල්ලද

      Delete
    2. ඒක නං මාර වටිනව ඈ...

      Delete
  11. http://kolompure.blogspot.com/2024/06/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. දුටිමි... කියවන්ඩ වෙලා මදි විය.

      Delete
  12. "අප රැක ගනු තබා පැත්තක ඇතත් අරන්- ඔබවත් ගැලවෙන්නෙ දෙවියනි සුමන සමන්" යතාර්තය හොඳින් තේරුම් ගත්ත කෙනෙක් ඒ කවිය ලියලා තියෙන්නෙ. Flight එකකදි වුනත් ආරක්ශක උපදෙස් ලැබෙන්නෙ තමන්ගෙ පවුලෙ අයට oxygen mask එක දාගන්න උදව් වෙන්න කලින් තමන් දාගෙන ඉන්න කියලනෙ.

    (කවි පෙළ නම් වැඩිය තේරුනේ නෑ හැබැයි කම්මැලි කමේ කියෙව්වෙ ඒ වගේ වචන කියවන්න කම්මැලි නිසා).

    ReplyDelete
    Replies
    1. උඩ කවි සෙට් එකේ තියෙන්නෙ කතාවක්. ගිනි දෙවියන් පිදීම ගැන. බමුණෙක්, එයා උපන් දවසෙ පත්තු කරපු ගිණි සිලුව, එයාගෙ දෙමව්පියො දිගට ම පවත්වාගෙන ඇවිත්, එයා වැඩිවියට පත් වුණාට පස්සෙ දෙනවා, කැලේට අරං ගිහින් එක එක දේවල් පූජා කරමින් පවත්වාගෙන යන්ඩ.
      දවසක් එයාට පූජා කරන්ඩ ලැබෙනවා, හරකෙක්. ඉතිං හරකගෙ මස් ලුණු නැතුව පූජා කරන්ඩ හොඳ නෑ කියල, එයා ගිනි මැලය ගාව හරක ගැට ගහල ගමට යනව, ලුණු ටිකක් ඉල්ලගෙන එන්ඩ.
      ඒ අතරෙ කැලේ ඉන්න වැද්දො රැළක් ඇවිත් අර හරක මරල, ගිනි මැලෙන් ම පුච්චගෙන කාල, ඇට ටික විසුරුවා දාල යනව.
      බමුණා ආපහු ඇවිත්, ඒක දැකල, හිතනව, "බොට දෙන්ඩ ගෙනාපු හරකව රැක ගන්ඩ බැරි උන දෙයියෙක්. ඒකෙන් පේනව දෙයියෙක් නැති වග. ඒ හින්ද දෙයියන්ට කරන පූජාවෙන් පිං නෑ. හරක් මස් කන්ඩ බොට බැරි උන නිසා, මේකවත් කාහං" කියල, හරකගෙ වලිගෙන් වතුර ඉහලා ගින්න නිවලා, ගමට යනව.

      Delete

    2. බොහොම ස්තුතියි තේරුම දැම්මට. (ඊගාව සැරේ කම්මැලි කමට කියවන්නෙ නැතුව ඕනෙ කමින් කියවන්න හිතා ගත්තා).

      Delete
  13. දෙවියන් හා කපුවන් මිනිසුන්ව් සූරාකනවටත් වඩා මේ අනුවන මිනිස්සු ටික තමයි උමතුවකින් වගේ ත්මන්ගෙ අවස්තාව එනතුරුවත් ඉස්පාසුවක් නැතුව පොර කකා පූජාව හා පඩුරු මනක්කල්පිත දෙවියන්ගේත් කපුවන්ගේත් දෙපාමුල ස්වේච්චාවෙන්ම ගොඩ ගහනව මදිවට දෙපතුල ලග වැද වැටෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. අයියෝ කියල වැඉක් නෑ ඈ... දැන් දැන් බුද්දාගමත් ඒ විදිහනෙ. සැරයක් මගෙ යාලුවෙක් කිව්ව, "හාමුදුරුවන්ට දොස් කියන්ඩ එපා. එයා ඇත්තට ම සිල්වත් නං ඔයාට අප්‍රමාණ පවු" කියල.

      Delete
    2. ඒක තමයි දැන් trend එක. දවසක් මම "ඇයි මේ හාමුදුරුවරු මේ තරම් පංසල් හදන්නෙ, මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙද්දි ඕවට ආධාර කරන්නෙ කොහොමද" කියලා කිව්වම, අතිශය බෞද්ධ යාලුවෙක් කිව්වා "ඔයාට ලබන ආත්මෙ පංසලක් දකින්නවත් බැරිවෙයි, ඔහොම කතා කියන්න එපා" කියලා.

      Delete
  14. දෙයියන්ටත් වැඩිය බලයක් අබා ඇතී
    අතරමැදියො ලොව හැමතැන රජ කරතී
    උන්ගේ ගැටවලට අවසානෙකුත් නැතී
    බැතියට වුණත් සීමා තිබුනොතින් ඇතී

    ReplyDelete
    Replies
    1. කවියක් ලියා ගන්නට මට වෙලා මදී
      එතකං මේක බලනවා ද මිතුර, නිදී
      https://hinessight.blogs.com/.a/6a00d83451c0aa69e2026bdee80174200c-800wi

      Delete
  15. //ලොව සැරි සරන සුදු ඇත් වාහනය අරන්
    අඩේ ඕකේ කවි තව තිබුනා වගේ මතකයි

    මේන් ඕකට දෙවියෝ දුන්න උත්තරය

    දුන්නේ වර්ශාව නියඟය එන්න නොදී.....
    දුන්නේ පයට ගැටෙනා මහ මැනික් පොදී....
    සමනල පවුර ඇත උඹලට අශිර්වාද දිදී.....
    උඹලට මම කල දේවල් හොඳටෝම වැඩී.....

    by Dilshad Amaraweera

    නිදහස් වෙලාවක දේවාලයට බෙල්ල දාල බලන්න
    අඝෝර,සිවවටුක දෙන්නා ඉන්නවා සමන් දෙවියන්ගේ ගාඩ් එකට
    මේ ලඟදි මතුකරගත්තු ප්‍රාදේශීය යක්කු සෙට් එකත් ඉන්නවා
    මහසෝනා ඊරි යකු ඇතුළුව.දෙවියොයි යක්කුයි එකට.
    දැන් වගේම තමයි

    ReplyDelete
    Replies
    1. අම්මෝ සිරිබිරිස්...! කොහෙද මෙච්චර කල් ගිහිං හිටියෙ?
      සමන් දෙවියො කොහොමත් මූලාශ්‍රයෙන්, රාක්ෂස. අර මහියංගනේ දි බුදුන්ගෙන් බණ අහල නෙව, දෙවියෙක් වුණේ. වෙසමුණි කියන්නෙත්, වැද්දන්ගෙ කන්දෙ යකා කියන්නෙත් ඔය සුමන සමන් දෙවියන්ට ම තමයි, කියලයි මගෙ අදහස.

      Delete
  16. අන්න කපුවෙක් කියලා සෝෂල් මීඩියාවල බනින හින්දා දේවාලවල් ආදායම 50%කින් බැහැලලු...මේ පෝස්ට් එකෙත් දැන් දැන් විජාතික කුමන්ත්‍රණ ගතියක් මට පේනවා... :)

    ReplyDelete
    Replies
    1. හරියට හරි. හිතන්ඩකො, ලෝකෙ හැම මිනිහෙක් ම නීති ගරුක උනොත්, පොලිසියට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, නඩුකාරයන්ට, රස්සාව නැති වෙනවනෙ. ඒ වගේ තමයි මේකත්.

      Delete
  17. Replies
    1. අඩේ ඒක මාර ලියවිල්ලක් ඈ...

      Delete
  18. chatGPT දෙයියා දෙයියෝ ගැන හිතන්නේ කොහොමද කියල මම අහල බැලුවා ..

    If I were to choose one perspective from above based on a simulated preference, I might lean towards the Agnostic Perspective. This perspective values openness to possibilities, intellectual humility, and a focus on living a meaningful life regardless of definitive answers about the divine.

    Agnostic Perspective
    Openness to Possibilities: Embracing the idea that some questions, such as the existence of God, may be ultimately unknowable encourages a broad-minded and curious approach to life.
    Focus on the Present: Concentrating on living ethically and fully in the present moment, without needing absolute certainty about the divine, can be deeply fulfilling.
    Wonder and Humility: Maintaining a sense of wonder about the universe and accepting the limits of human knowledge fosters both humility and continuous exploration.
    This perspective combines curiosity, respect for diverse beliefs, and an emphasis on personal growth and ethical living. It allows for a rich, thoughtful engagement with life's big questions while acknowledging the complexity and mystery inherent in them.

    ReplyDelete
    Replies
    1. උන්දැ හිතන්නෙත් අපි හිතන දේට ම සමාන පැත්තකින් කියල හිතුණා. මම තේරුම් ගත්ත වැරදි නැත්නම්: පුළුල් මනසකින් බලමින් වර්තමානයේ කාටත් වදයක් නොවී ජීවත් වෙන මනුස්සයෙකුට, දෙවියො හොයාගෙන යන්ඩ වෙන් නෑ.

      Delete
    2. ඔව්.. එක තමා කියන්නේ .. මම ඕක ඇහුවම ලිස්සල යන්න හැදුවා අනේ මම මේ ඕව දන්නේ නෑ .. මම නිකං AI tool එකක් විතරයි කියල ..

      මම පොඩ්ඩක් හිර කරලා ඇහුවා එහෙම බෑ උඹ මිනිහෙක් උනොත් කොහොමද හිතන්නේ කියල ... එතකොටත් තව ඔප්ෂන් තුන හතරක් දීලා ගැලවෙන්න බැලුවා .. මම එත් බෑ උඹ මොකක් ද තොර ගන්නේ කියල ඇහුවම තමා ඕක දුන්නේ .. හෙහ් හෙහ්

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි