Sunday, June 30, 2024

කැත වැඩ

ඔබට කාගෙ හරි පාට් එකක් බලන්න සිද්ධ වුණොත්, කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙනව නම්... පළිගන්න තියෙන හොඳ ම විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ.


මිච් වීවර්... රස්සාවක එක දිගට වැඩි කාලයක් ඉන්න බැරි කෙනෙක්. යන යන හැම රස්සාවකින් ම වගේ දොට්ට දානවා.

තමන්ගෙ පෙම්වතිය එක්ක සබඳතාව තියාගන්න දන්නැති කෙනෙක්.

හැබැයි, ඔහු හැම තිස්සෙ ම ලැබෙන අත්දැකීම් ගැන තමන්ට ම සටහන් තියාගෙන ඒවයින් ඉගෙන ගන්න මහන්සි වෙන තැනැත්තෙක්.

ඔහු මුළුමනින් ම අසමත් චරිතයක් නෙවෙයි. තමන්ට වැරැද්දක් කරපු, තමන්ට පාට් එකක් දාපු ඕනෙම කෙනෙක්ගෙන් මොන විදිහකින් හරි පළිගන්න ඔහු ඉතා ම නිර්මාණශීලීයි.

දවසක් බාර් එකක දි ඔහුගේ හොඳ ම යාළුවා සෑම් මැකෙනා දාගන්න ලෙඩක් නිසා කොල්ලො සෙට් එකකින් මිච්ට තමන්ගෙ යාළුවත් එක්ක බෙදාගෙන කන්න අම්බානක පෝරියල් එකක් ලැබෙනව. මේ ඔහු ඒකට එකට එක කරපු හැටි.


සෑම්ගෙ තාත්තට හදවත් සැත්කමක් කරන්න සල්ලි හොයාගන්න, මේ දෙන්නා පටන් ගන්නවා, ස්වයං රැකියාවක්. ඒ තමයි "කැත වැඩ" කිරීම. කාට හරි කෙනෙක්ගෙන් පළිගන්න ඕනෙ නම්, ඔහු වෙනුවෙන් ඒ කැත වැඩේ කරන්න මිච් සහ සෑම් භාර ගන්නවා, සාධාරණ අයකිරීමක් සහිතව.

තමන්ගෙ හැකියාවට රැකියාවක්...


1998 දී තිර ගත වුණු Dirty Work චිත්‍රපටිය නිර්දය විදිහට ම විනෝදාත්මකයි. නෝම් මැක්ඩොනල්ඩ්, ආටි ලෑන්ජ්, ෂෙවි චේස් සහ ක්‍රිස්ටෝෆර් මැක්ඩොනල්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය, කාලයක් AFV ඉදිරිපත් කළ, බොබ් සැගට් ගේ අධ්‍යක්ෂණයක්.

ටොරන්ඩ් ලිංක් එක මෙතනින්...

මේ ක්ලිප් එක බෝනස්... හිරේ වැටුණම මොක ද වෙන්නෙ...?


යූටියුබ් එකේ තියෙන විදිහට, ෆිල්ම් එකේ හොඳ ම කෑල්ල මේක...

28 comments:

  1. කැත වැඩ බලන්න පස්සෙ එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. ඉතිං බැලුව ද, පස්සෙ ඇවිත්?

      Delete
  2. මෙම පෝස්ටුව ඉරිදා 10 ට බැණුම් ඇසීම සඳහා දමන ලද්දක් බව සලකන්න.
    ප.ස.කො aka අ.කො.

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම මේක ලිව්වෙ සෙනසුරාදා අට හමාර ට විතර. ඊට පස්සෙ පුටුව උඩ ම නින්ද ගියා යකො...!

      Delete
  3. ඇයි තාම මේකට කොමෙන්ට් නැත්තෙ.
    ඩ්‍රැකියනං නුවරඑළියෙ වැසිකිළි වලට යන මිනිස්සුංගෙ ලේ බොන්න ගිහිං ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. අඩෝ අඩෝ...! ඒ මනුස්සය මැරිල තිබුණෙ, හාට් ඇටෑක් එකකිං නයො! මඩ ගහන්ඩ බොලාට වඩා හපනෙක් නෑ.

      Delete
  4. මේක නං අමුම අමු වංචා පෝස්ට් එකක් පාටයි.😋🤣

    ReplyDelete
    Replies
    1. මට නං පේන විදිහට, අනික් හැම පෝස්ට් එකක් ම වගේ, සුදු පාටයි.

      Delete
    2. ඇත්තෙන්ම. මෙය වංචා පෝස්ටුවක් වග මාද කියා හිටිනව.. හිටං

      Delete
    3. උබ හිටං ඉන්ඩ එපා, හුලඟෙ යයි...

      Delete
  5. ඉතා ම නිර්මාණශීලීයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මේ එක සෙට් එකක්. මේ උදවිය ඇඩම් සෑන්ඩ්ලර් ගෙ ෆිල්ම්වල පොඩි පොඩි පාට් කරනව.

      Delete
  6. අනේ මන්දා.ඒ ස්වයං රැකියාවනම් හැමෝටම කරන්න පුලුවන් සුලුපටු එකක් නෙවෙයි වගේ.ඒ රස්සාව කරනව නම් උපතින්ම ලැබිච්ච සහජ දක්ෂ කමකුත් අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නිර්මාණශීලීත්වය, තක්කඩිකම සහ තවත් ෙද් අවශ්‍යඇ...

      Delete
  7. දිනපතා උදේ හවස නොමිලේම රඟ දැක්වෙන් කැතවැඩවලට අමතරව තව ඩවුන්ලෝඩ් කරලත් බලන්න ඕනැද?

    ReplyDelete
    Replies
    1. දිනපතා රඟදැක්වෙන එක බැලුව ම කේන්ති යනව. මේක බැලුව ම හිනා යනව.

      Delete
  8. Replies
    1. උඩ තියෙනව, ඩවුන්ලෝඩ් ලිංක් එක... බැලුවට ඒ ගත කරන කාලය අපතේ යාමක් නෙවෙයි.

      Delete
  9. කොමා මේක දාල කැත වැඩක් කරන්න ගිහින්ද කොහෙද.

    ReplyDelete
  10. මරු ෆිල්ම් එක , කොමඩියක් හින්ද හොඳයි ඉතින්

    ReplyDelete
    Replies
    1. ආයෙ අහල...! ලේ පිරිසිදු කරන, ඇරියස් කවර් කරන ඒව

      Delete
  11. අලුත් කලාවක්.....
    අලුත් කලාවක් සොයා ගත්ත මං
    දියුණුවෙන්න ඕනෑ නම්
    නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බං පෙත්සම්...

    කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
    බලා ඉඳින්නට බැරි නං
    කර වටට ම දාපියව් තොප්පියක්
    ලෝකේ චාරේ ඒකයි දැන්...
    ලෝකේ චාරේ ඒකයි දැන්...

    කාලා බීලා ඇඳලා ඉන්නා
    කෙනෙක් පෙනෙන්නට බැරිනම්
    පස්සෙන් ඇවිදින් බෙල්ලට ගහපං
    ලෝකේ චාරේ ඒකයි දැන්...
    අලුත් ලෝකේ චාරේ ඒකයි දැන්...

    තමන්ට හරියට අකුරට තක්කෙට
    වැඩක් කරන්නට බැරිනම්
    වැඩක් කරන මිනිහට මඩ ගහපං
    ලෝකේ චාරේ ඒකයි දැන්...
    ලෝකේ චාරේ ඒකයි දැන්...

    ගීපද ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව ගලගෙදර එම්. එම්. ඒ. හක්
    සංගීතය ටී. එෆ්. ලතීෆ්
    ගායනය සහ රංගනය ෆ්‍රෙඩී සිල්වා
    චිත්‍රපටය සුජීවා (1972)

    https://www.youtube.com/watch?v=x_dlI3424Wg

    ReplyDelete
    Replies
    1. ආන්න ආන්න... වෙල්කම් බැක්, සිංදු...

      Delete
  12. බලල නැති එකක් .. නැද්ද හොඳ කතාවක් කියවන්න ..

    ReplyDelete
    Replies
    1. කියවන කතා ගැන අහන්ඩ ඕනෙ නිදි හරි අසංග හරි ප්‍රාජේ හරි රවි හරි.... ගෙන්. මං දන්නෙ එකයි, ඒක තාම ලියල ඉවර නෑ. ඒකෙ නමත් මතක නෑ දැන්, ස්කෘලොක් වගෙ නමක් තියෙන පොරක් උන්න ඒකෙ...👉🤣

      Delete
    2. මේ කොමෙන්ටුව දැක්කේ නෑ .. :D

      Delete
    3. මාත් පරක්කු වෙලා දැක්කෙ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි