Saturday, June 1, 2024

ශනිදා දහයට කලින්... පොලිස් කතා සහ තවත් කතා

පහුගිය මාර්තු අප්‍රේල් මාසවල ලියන්න කියවන්න විවේකයක් නැතුව ඉද්දි, කතා කරලා දුක සැප අහපු තට්ටයියා වෙනුවෙන් මේ ලියමන ලියන්ඩ පටන් ගත්තෙ. නමුත් ඒක මාතෘකාවට සහ පළවෙනි වාක්‍යයට සීමා වෙලා ඩ්‍රාෆ්ට් අතරෙ රැඳිලා තිබුණා. 

පොලීසිය ගැන අපේ සමාජයේ තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ නිසා ම උන්දැලට පහර දෙන්න විහිලු කතා ගණනාවක් ගෙතිලා තියෙනව. මං ගැටවර කාලෙ මළගෙවල්වල දි අහපු කතාවකින් පටන් ගන්නම්.


සුජාතභාවයේ ගැටළුව

දවසක් පොලිස් කාරයෙකුයි, ආමි කාරයෙකුයි බස් හෝල්ට් එකක ඉන්නව. ඔය කියන්නෙ උතුරෙ යුද්ධයේ අවසාන කාලෙ. ඒ දවස්වල ආමි එකේ මොරාල් හොඳටම අප් කරලා තිබුණෙ. කොටින් ම හිටියෙ හමුදා භටයො නෙමෙයි, රණවිරුවො. ඒ උනාට පොලිසියට ඒ තරම් සැළකිල්ලක් නෑ. ඉතින් පොලිස් කාරයට ආමි කාරයව මඩවන්න ආස හිතුණා. පොර නිකං ම අරූ එක්ක කතාවක් පටන් ගත්තා.

"නිවාඩුවට ආව නේ?"

"ඔව්" ආමි කාරයත් හිනාවෙලා කිව්ව.

"දැන් නිවාඩු එහෙමත් ඔයාලට අඩු ඇති නේ?"

"ඔව්. අවුරුද්දකටවත් සැරයක් එන්න නෑනෙ."

"ඒකනෙ..." පොලිස් කාරය දුක්මුසු මුහුණින් කිව්ව. "ඔය අතරෙ ඔයාලගෙ පවුල්වල දරුවොත් ඉපදෙනව නේ...?"

ආමිකාරය ඔලුව ඉහළ පහළ අතරට වැනුවා, "ඔව්" කියන්න.

"ඉතිං ඒ අවජාතකයන්ට මොක ද කරන්නෙ?" පොලිස් කාරයා තැනේට ඇණේ ගැහුවා, මහ කාළකන්ණි අවලං හිනාවකුත් එක්ක.

"ආ... උන් ද?" ආමිකාරයා ඇහුවා. "ඒ අවජාතකයො ලොකු වෙලා පොලිසියට බැඳෙනව."



බෝම්බ තුනේ කතාව

(මේක නම් මම මීට කලින් කොතනක හරි කියලා තියෙනවා කියලා මතකයි)

දවසක් පොලිස් කාරයො දෙන්නෙකුට බෝම්බ තුනක් හම්බුණා, පාරක් අයිනෙ හංගලා තිබිලා. දැන් ඒ බෝම්බ තුන මේ දෙන්නා අරගෙන යනව, පොලිසියට.

එහෙම යන ගමං කොස්තාපල් ට ගැටලුවක් මතුවුණා. 

"මේ සාජන් මහත්තෙය... දැං මේ බෝම්බ තුනෙන් එකක් පිපිරුවොත් ‌එහෙම අපි මොක ද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩ ද?" සාජන් ඇහුවා. "අපි කියමු දෙකයි හම්බුණේ කියල..."



බීමතින් රිය පැදවීම

දඩයක් බා ගන්ඩ බලං හිටපු පොලිස් කාරයෙක් මහ රෑ බාර් එකක් ළඟ රැකලා හිටියා. ටික වෙලාවකිං නකතං වෙන්ඩ ගහපු මනුස්සයෙක් බාර් එකෙන් එළියට ආව. පොර ට හිටගෙන ඉන්ඩ පණ නෑ. ‌උන්දැ ඇද වෙවී වැනි වැනී කාර් පාක් එකට ඇවිත් කාර් එකක දොරට යතුර දැම්ම. ඇරුනෙ නෑ. ඊට පස්සෙ ඌ තව කාර් එකකට ගියා. ඒකත් ඇරුණෙ නෑ.

දැන් පොලිස් කරයට බඩු ෂුවර්, මේ වතාවෙදි නං දඩකොලයක් හරි නඩුවක් හරි ලැබෙනව ම තමයි. 

ඔය විදිහට කාර් හතරක් විතර පහු කරපු ඉවානයා, අන්තිමේ තමන්ගෙ කාර් එක හොයාගෙන නැග්ගා. ඊට පස්සෙ ලයිට් දැම්මා, ඩිම් කළා... ෂටර්ස් පාත් කළා, ඉස්සුවා... වයිපර්ස් ඔන් කළා, අන්තිමේ යන්තම් ස්ටාට් කරගත්තා. ස්ටාට් කරපු ගමං ඉස්සරහට ගිහිං තණකොල තීරුව උඩට ආවා.

ඔය අතරෙ පාක් එකේ තිබුණු කාර් ඔක්කොම ගියා. බාර් එකත් වැහුවා.

අන්තිමේ ඉවානයා කාර් එක පස්සට රිවස් කරලා, පාරට දාගත්තා. දාගෙන ටිකක් ඉස්සරහට යද්දි ම, පොලිස් කාරයා මූව නතර කළා. නතර කරලා, බැලුම දුන්න පුම්බන්ඩ.

හරි වැඩේ කියන්නෙ, බැලුමෙ ප්‍රතිඵලය බින්දුවයි. ඉවානයා බීලා කියල ඒකෙන් ඔප්පු වෙන් නෑ.

"මේක කැඩිලවත් ද?" පොලිස් කාරයා ට කියවුණා.

ඉවානයා හිනාවෙලා කිව්වා. "නෑ නෑ... බීපු උන් ටික ඔක්කොම ගියා. මං උන්ට බේරිලා යන්ඩ සපෝට් එකට පොඩ්ඩක් රඟපෑවා"



හිටගන්ඩ පණ නෑ

පොරක් බාර් එකට වෙලා මුළු හවස්වරුවම බිව්වා. අන්තිමේ දැන් ඇති කියලා හිතලා යන්ඩ නැගිට්ටා විතරයි, මූ මුණිං අතට වැටුණා. 

"සැහ්... මෙච්චර බොන්ඩ නරකයි ආයෙ" කියල තමන්ට කියාගෙන නමියා ආපහු නැගිට්ටා. ඒ පාරත් දඩීං ගාල වැටුණා.

ඒ ගමන මොනව කරන්ඩ ද, පොර බඩගාගෙන දොර ගාවට ගියා. ගිහිං දොර අල්ලගෙන නැගිට්ටා. ඊට පස්සෙ දොරං එළියට අඩියක් තිබ්බ විතරයි, පතෑං ගාල ආපහු වැටුණා මුණිං අතට.

ඒ ගමන නමියා හිත හදාගෙන පාර දිගේ පේමන්ට් දිගේ බඩගාගෙන ගිහිං කොහොම හරි ගෙදර ළඟට ආවා. ඇවිත් යාන්තං දොර් එල්ලිලා හිට ගත්තා. හිටගෙන, දොර බදාගෙන දොරේ අගුල ඇරගත්තා. දොර ඇරුණා විතරයි මූ ආපහු මුණිං වැටුණා. ඒ ගමන දොර අල්ලගෙන ආපහු නැගිටලා දොර වැහුවා. වහල දොර අත ඇරියා විතරයි, ආයෙ මෙකට ද මං කියන්නෙ? රවි අයියා තට්ටයගෙ කෑම්ප් එකේ දි වැටුණා වගේ උජාරුවට අරූ ආපහු වැටුණා.

ඒ ගමන බඩගාගෙන ඇඳට ගියා. ගිහිං අවසාන වතාවට කෙළිං හිටගත්තා. ඒ ගමන උගෙ වාසනාවට උන්දැ වැටුණෙ ඇඳ උඩට. එහෙම්ම නින්ද ගියා.

පහුවදා ඇහැරුණා ම වෛෆ් මුගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි, "තමුසෙ ඊයෙ සිහි නැතිවෙන්ඩ බිව්ව නේද?"

මිනිහත් වෙන උදවිය දෙන උත්තරේම තමයි දුන්නෙ. 

"පිස්සු ද, ඩාලිං? මං බිව්වෙ නෑ..."

"එහෙනං අර බාර් එකෙං අද උදේ ම කෝල් කළේ..." වෛෆ් කිව්වා. "තමුසෙ ඊයෙත් රෝද පුටුව එහෙ දාල ඇවිල්ලා"


ප්‍රොක්ටර්

මගෙ සුපුරුදු පෙරකොදෝරු කතාවක් නැති වුණොත් පෝස්ට් එකෙන් වැඩක් නෑ. ඒ් නිසා මේකත් කියවන්න. හැබැයි ඔයාල කියවලා හිනා වුණාට අපේ ප්‍රාජේ ට එහෙම මේක ගැන කියන්ඩ එපා.

ටවුමක තිබුණා පුණ්‍යාධාර සමිතියක්. ඒකට ටවුමෙ උන්න හැම පෝසතා ම ආධාර කළා. ඉතින් දවසක් මේ සමිතියෙ ගරු භාණ්ඩාගාරික ආධාර පොත අරගෙන කියවලා බලද්දි දැක්කා, ටවුමෙ ඉන්න ප්‍රසිද්ධම නීතිඥවරයා විතරයි මේ සමිතියට ආධාර කරලා නැත්තෙ කියලා.

ඔය භාණ්ඩාගාරිකකමට පත් කරන්නෙත් නීතීඥයො වගේ ම සූරගන්ඩ දක්ෂ මිනිස්සු. ඉතිං නිමල් අයියත් හිතාගත්තා, මං කොහොම හරි ප්‍රාජේගෙන් දතක් ගළවනවා සමිතියෙ අරමුදල වෙනුවෙන් කියලා. එහෙම හිතාගෙන ගියා අර නීතිඥවරයා හම්බවෙන්න.

ගිහින් කිව්වා "මේ බලන්න මහත්තයා. අර කඩේ මුදලාලිත් අපට ආධාර කළා. අර ෆිල්ම් ඩිරෙක්ටරුත් අපට මාස්පතා ගාණක් එවනවා. මෙහෙම බැලුවම ඔබතුමා විතරයි අපට ආධාර වශයෙන් සතයක්වත් දීලා නැත්තෙ..."

කියාගෙනනකොට ම නීතිඥ මහත්තයා අතක් උස්සලා නිමල් අයියව නැවැත්තුවා.

"දැන් ඔයා දන්නව ද, මගෙ අම්මා කාලෙයක් තිස්සෙ ලෙඩ වෙලා මැරෙන්න වැටිලා ඉන්නවා කියලා? එයාගෙ පෙන්ෂන් එක වගේ කීප ගුණයක් සල්ලි වියදම් වෙනව එයාගෙ බෙහෙත්වලට... ඔයා දන්නවද ඒක?"

ගරු භාණ්ඩාගාරිකට කටේ කෙලත් හිඳුණා. "න්න්න් නෑනෙ..." එයා යාන්තමින් කියාගත්තා.

"... ඊළඟ ට... මගෙ මල්ලි හමුදාවෙ ඉඳලා, බට්ටෙක් පෑගිලා කකුලක් කපලා රෝදපුටුවට ම සීමා වෙලා ඉන්නව කියල ඔයා දන්නව ද? ඒ මදිවට එයාගෙ ඇහැකුත් අන්ධයි..."

භාණ්ඩාගාරිකට කට උත්තර නෑ...

"තුන්වෙනුව..." ලෝයර් කියාගෙන යනවා... "මගෙ නංගිගෙ හස්බන්ඩ් මැරුණා ඇක්සිඩන්ට් එකකින්. එයාගෙ දරුවො තුන්දෙනාට උගන්නගන්ඩ එයාට සතයක්වත් ඉතුරු කරලා තිබුණෙ නෑ මස්සිනා..."

"මං ඔය කිසිම දයෙක් දැනගෙන උන්නෙ නෑ..." අන්තිමේ නිමල් අයියා කෙඳිරි ගෑවා.

"අන්න ඒකනෙ..." ප්‍රා ජේ අවසාන වචනයත් කිව්වා. "ඔය එකෙකුටවත් සතයක්වත් වියදම් කරන්නෙ නැති මං, තමුසෙලට ආධාර කරයි කියල හිතනවද මනුස්සයො?"


------------

හුටංබරස් මහතා, ඊයෙයි අදයි උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන අතරෙ හදපු "බස්සා මාමා" පහතින්...



"පොටෝ දෙකක් ගම්මු. එතකොට, මේකෙ කට අරින්නයි වහන්නයි පුළුවන් කියල පේනව. ඊට පස්සෙ බස්ස මාමට යවමු. බ්ලොග් එකෙත් දාමු" කියල උන්දැ ම තමයි කිව්වෙ...

61 comments:

  1. මරු පොලිස් කතා ටික! බලනකොට අපේ බ්ලොග් කට්ටිය හැමතැනම නෙහ්? :D

    ලංකාවේ වගේම ඕස්ට්‍රේලියාවෙත් පොලිසිය පාර අයිනේ ස්පීඩ් චෙක් කරද්දී පාරේ යන වාහන ඉස්සරහින් එන අයට ලයිට් ගහලා වෝනින්ග් එකක් දෙනවා. අපේ යාලුවෙක් මෙහෙම ලයිට් ගහගෙන ගහගෙන යද්දී ඉස්සරහින් ආපු පොලිස් කාර් එකකටත් ලයිට් ගහලා! පොලිස් කාර් එක යූ ටර්න් එකක් ගහලා එලවාගෙන ඇවිත් අහලා මොකද තමුන් මට ලයිට් ගැහුවේ කියලා.
    "ආ! මම හිතුවේ ඔයාලාගේ කාර් එක මගේ යාලුවෙකුගේ කාර් එක කියලා. ෆිට් එකට ලයිට් ගැහුවේ. සොරි හොඳේ!" කියලා යාලුවා කියලා.
    ඒක ට දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුණු පොලිස් කාරයෝ ටික උන්දැට යන්න ඇරලා!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ යාලුවත් ශුවර් එකටම ප්‍රා ජේ වගේ ලෝයර් කෙනෛක් වෙන්න ඇති. හැක්..

      Delete
    2. මෙහෙත් ඉන්නව... අපි නුවර යනකොට, (මෙහෙ ඉඳං කිලෝමීටර් 70 ක් විතර) පස් පොළක විතර ඉන්නව ‌කාකි සූට් හිඟන්නො. ගොඩක් තැන්වල, වංගුව නිසා ඉස්සරහ වැඩිය පේන්නැති තැන්, ඩබල් ඉර මැකිලා ගියපු තැන් තමයි ටාගට් කරන්නෙ.

      මාත් හෙඩ් ලයිට් ගහනව හැම වාහනේකට ම. දවසක් ඔය වගේ ම නුවර ඉඳං එනකොට, හෙඩ් ලයිට් ගහගෙන ගහගෙන ඇවිත් පොලිස් බයික් එකකටත් හෙඩ් ලයිට් ගැහුවා. උනුත් හෝන් එකක් ගහගෙන ගියා.

      ප්‍රසක්ඤ,
      දොර ඇරල වහලවත් ඔය කේන්තිය ඉවර වුණේ නැද් ද?

      Delete
    3. වරත්තු බස් කාරයො පාරෙ යන විදිහ කිසිම කමකට නෑ.. මම කරන්නෙ බොරුවට හෙඩ් ලයිට් ගහලා උන්ව හීලෑ කරවලා යවන එක...ඔයාලත් එහෙම කරලා බලන්න, ආස හිතෙයි... :)

      Delete
    4. අඩෝ...! මෙහෙ බස් කාරයො එහෙම නෑ බං... ඒ බස් බහුතරයක් අයිති පොලිස් කාරයින්ට ම තමයි.

      Delete
  2. හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
    කරදර ඉවත දමා -
    මෙව්වට නොවී හිනා
    කොහොමද නොවී හිනා?

    මරු!

    ReplyDelete
    Replies
    1. හම්මෝ නිදි මාමේ
      මගෙ කම්මැලි කමනේ
      හිතල යමක් ලියන්නැතුව
      මෙහෙම ෂේප් වෙන්නේ

      Delete
  3. මේ පලමුවන කතාව මං කියෙව්වෙ කුෂ්වන්ත් සිං ගේ Big Fat Joke Book පොතෙන්. මාත් මගෙ පෝස්ට් එකකට ඕක ගත්තා ඒකෙන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකො. මං ඒක දැනගෙන උන්නෙ නෑ. දුවගෙන ගිහිං පොත හෙව්වා ගූගල් එකේ. මෙන්න මෙතන තියෙනව පොත කියවන්න.

      Delete
  4. අර බෝම්බ තුනේ කතාවනං විකට ෆිල්ම් එකක තිබුණ වගේ මතකයි.
    ඉවානය බිව්වනං රිංගන්නෙ කාර් එකක් අස්සට නෙමෙයි ටොයිලට් එකක් අස්සට. ඊට පස්සෙ ඒකෙන් එළියට ඒගන්න බැරුව මාස ගානක් ඉන්නව.

    නමිය?? බොනව???? වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අපි දන්න නමිය බොන් නෑ. මේ වෙන නමියෙක්.

      ඉවානය මේ කතාවෙ බීල නෑනෙ. පොලිස් කාරයට කැත වැඩක් කරලනෙ... ඔව්ව ප්‍රයෝජනවත් වෙයි අජිත් අයියට එහෙම ඉදිරියට.

      Delete
    2. ඉවානයා ගැන මේ වගේ රාජ්‍ය රහස් හෙළි කරනවට මම තරයේ විරුද්ධයි . අපේ ගෙදර ඇවිල්ල හොඳටම බීලා කාරෙක එළවන් යන්න හදන කොට බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ. පොරගේ බෙල්ට් එකෙන්ම කාරෙකේ සීට් එකට තියල බැන්ද . උදේ වෙනකන් එතනම නිදාගත්තා

      Delete
    3. ඉවාන්ගෙ බෙල්ට් එක ගැළවීම ගැන දැඩි විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් සංවිධානය කරන්ඩ මං මේ ලිප්ටන් වටරවුමට යන ගමං...

      Delete
  5. ප්‍රා ජේ ගෙන් ඉල්ලල තියෙන්නෙ වැරදි දෙයක්නෙ. ඔය පුන්නාදාර සමිතියෙ පාටියට බෝතල් ටිකක් ඉල්ලුවනං ආයෙ සුටුස් ගාල බඩු හම්බවෙනව. අපරාදෙ නිමල් අයිය වගේ බොන්නැති මනුස්සයෙක් යැව්වෙ වැඩේට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ටිකිලා දුසිමක් ලියාගන්ඩ මයෙ ගානෙ, මාසිකව...
      - මීට ප්‍රාජේ.

      නිමල් අයිය බොන් නැතුවට කේක් කනවනෙ...?

      Delete
    2. කොහෙද පින්නාදාර සමිතිය තියෙන්නෙ?

      Delete
    3. පින්නාදාර කියන්නෙ, නොමිලේ තොප්පි, කුඩ එහෙම බෙදා දෙන සමිතියක් ද?

      Delete
    4. රේන්කෝට් දෙන එකක් වෙන්න ඇති.

      Delete
    5. රේන්කෝට් කිව්වෙ, වැස්සට දාන එව්වද, නැත්තං...

      Delete
    6. ප්‍රා ජේ ට මෙහෙම කාඩ් ගහන එක වැරදියි නීති විද්‍යාලයේ උගන්වන් දේවල් නේ

      Delete
    7. ඇත්ත. අපේ කුවේර අයිය කියල ලෝයර් කෙනෙක් ඉන්නව. එයා කියනව, උගන්නන ඒව අතර, මනෝවිද්‍යාව පවා තියෙනව කියලා.

      ඔය කුවේර අයිය මරු ඈ... එයාට තාත්ත දාපු නම කුවේර නිසා, එයාගෙ පුත්තු දෙන්නට දාල තියෙන්නෙ, "නලකුවේර" සහ "මණිග්‍රීව". අර හින්දු දේවකතාවල තියෙන කුවේරයගෙ පුතාගෙ නම් දෙක.

      Delete
  6. සනිදා දහයෙන් පස්සෙ බැරඩ....

    ReplyDelete
    Replies
    1. දහයට නිදාගනිං බං. එතකොට තමයි බොට කවදහරි ජනාදිපතියෙක් වෙන්න පුලුවං.

      Delete
    2. නමියො,
      තවුසෙ කුණුහබ්බ අකුරුවලිං කමෙන්ට් කරන්නෙ, මේ වැඩේටත් වොයිස් ටයිපිං ද පාවිච්චි කරන්නෙ?

      ප්‍රසා,
      කොමිටල් ජනාදිපතියෙක් වුණත් මොක ද, හැම වැඩක් ම කරගෙන, මන්දිරේකුත් කොළඹිං අරගෙන ෂේප් වෙලා යන්ඩ තියෙනවනං.

      Delete
    3. හුදී ජන පාන් සංවෛගය වෙනුවෙන් සජකමට උනත් මං ලෑස්ති හිටං... පෂා

      මං මේ ටෛපින් කරල කොමෙන් එවන්ටෛ... ඩැකී 🤭

      Delete
    4. ඔය වගේ දවසක් ගමේ ටීටර් එකක රජ්ජුරුවො කියනව,

      "අඩා පුරෝහිත, මට නං දැම්මේ සජකම එපාාාා වෙල තියෙන්නෙ බං!" කියල.

      Delete
  7. හුටංබරස්ගෙ වයසත් එක්ක බලනකොට අර යකා සීයා නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. බකුසු වයස මනුස්ස වයසට ගළපලා බලන්ඩ ඔ්නෙ. ගොඩක් වෙලාවට බස්ස මල්ලි වගේ කියන්ඩත් සිද්ධ වෙන්ඩ පුලුවං.

      Delete
  8. පුදුමයි අද මූට වැඩ නැද්ද කොහෙද? මෙච්චර ඉක්මනට රිප්ලයි කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අද - හෙට තමයි වැඩියෙන් ම වැඩ. ඔක්කොම ගෙදර ඉන්න දවස්‌ නෙ.

      Delete
  9. මම නම් ඔය කතාවලින් එකම එකයි කලින් අහල තිබුනෙ.ඒකටම ගැලපෙන රූප සටහන් එක්ක පන්කාදු කතා ටික.ඒ එක්කම රසවත් කමෙන්ටු ටික.
    ඒ වගේම ලෝයර් උන්නැහෙගෙ පින්තූරෙත් එක්ක ප්‍රදර්ශනය වෙන උන්දැගෙ ආදර්ශ් පාඨ්ය මවන සියුම් උපහාසයත් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අපූරුයි.
    බකුසු පින්තුර නිර්මාන දෙකත් හරිම හැඩයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාාාක් ස්තූතියි. මං හිතුවෙ සරත් අයිය අර උඩ කියල තියෙන ඛුෂ්වාන්ත් සිං ගෙ පොත නම් කියවල ඇති?

      Delete
  10. හුටංබරස් කෞල්ලට මයෙ හදපිරි මෙව්ව එක 💖
    ඔරිගාමී බෂ්ෂෙක් !

    ReplyDelete
    Replies
    1. ඔරිගාමී තමයි. පොර ඔ්ක හැදුවෙ කවද්ද කියල මං දන් නෑ. පහුගිය බ්‍රහස්පතින්දා උදේ ඉස්කෝලෙ යන්ඩ ඇහැරවලා, "කට හෝදගෙන එන්ඩ බත් කන්ඩ" කිව්වා. ටික වෙලාවක් යනකං මුන්දැ ආවෙ නෑ. මං ගිහිං බලනකොට කියනව, "මං බස්සව පාට කළා" කියල.

      Delete
    2. ආන්න දැක්කද හැදෙන කොලුව, ඔරිගාමීයෙන් දැනේ කියන්නෙ නිකන්ද? කොල්ලගෙ වැඩ වගේම පෙනුමත් ලස්සනයි. මම ස්තූතියි කිව්වයි කියන්න. 👌🙏💐😊

      Delete
    3. ස්තූතියි මාමේ... මගෙ අම්මගෙ ඔෆිස් එකේ දී ඒක හැදුවෙ. ගෙදර ඇවිල්ල පාට කළේ.

      - හුටංබරස් කිව්වෙ. මං ටයිප් කළේ.

      Delete
  11. පොලෝසියෙන් සෑ යන මුෂල්මානුවෙක්ව ඇල්ලුව හිටං.
    මොනාත වාහනේ පිටිපස්සෙ තියෙන්නට.
    'ෂර් අරක්ගු තමා තියෙනව'
    හෑ දාපිය කේස් දෙකක් අපෙ වාහනේට නැහ්නං තෝව කුදලං යනව.
    ෂර් කේෂ් නෑ. ෂවල් වලින් තමා දාන්න වෙනව කියල අරෑ ගොම සවල් දෙකක් දාල ගිහිල්ල.

    වාහනේ තිබිල තියෙන්නෙ... අරක්කු නෙවෙයි, හරක් ගූ 🤭

    ReplyDelete
    Replies
    1. ආන්න ජංසන්...

      දවසක් ඔය රාළහාමි ම ලොරියක් නවත්තලා, ඇහුවලු, "මොනවද තමුසෙලා මහ රෑ ගෙනියන්නෙ, ලොරියෙ දාගෙන?" කියලා.
      ඩ්‍රයිවරයත් ඇඹරුණා ලු... "මොනවත් නෑ රාළහාමි..."
      "හෑ...! මොනවත් නෑ? කියපිය ගුටි නොකා!"
      ලොරියෙ ක්ලීනර් කියනවලු... "නෑ සර්... එම්ටි එම්ටි..."
      "ආාාා. ඒකනෙ කියන්නෙ." රාලහාමිට සැටිස්... "තොපි ආව මට කොකා පෙන්නන්ඩ. බාපියව් ඔය එම්ටි ඔක්කොම පාර මැද..."

      මේක අවරයි. නමිය කියවන්ඩ එපා.

      චන්ද්‍රිකාගෙ කාලෙ ග්‍රාමාරක්ෂක බටයො කියල ජාතියක් උන්න. නිල් පාට ෂර්ට් එකක් ඇඳලා, පොලිසියට අනුයුක්ත කරලා. ඔය පොරක් රෑ නයිට් පැට්රෝල් දාලා, එයාෆෝස් භටයෙක් එක්ක. ඉතිං යන යන තැන අර එාෆෝස් කාරයට හෙණ සැළකිලි. ගම්බට්ට කල්පනා කළා, මොකද්ද මුගෙයි මගෙයි තියෙන වෙනස, මෙහෙම සැළකිලි දක්වන්ඩ කියල. හොඳට බලනකොට තමයි දැක්කෙ, එයාෆෝස් කාරයගෙ අතේ කුරුල්ලෙක්ගෙ ලාංඡනයක් ගහල තියෙනව.

      පොර පහුවදා උදේ ගිහිං ඔ්අයිසීට කියනව...
      "මට බෑ සර් මෙහෙම නයිට් පැට්රෝල් යන්ඩ. අර එයාෆෝස් කාරයගෙ අතේ කුරුල්ලෙක් ගහල තියෙන හින්ද ඌට මාර සැළකිලි. මාව ගණං ගන්නෙවත් නෑ. මටත් ඔ්නෙ අතේ ගහන කුරුල්ලෙක්..."
      ඔ්අයිසී ට මළ පැනල කිව්වලු. "මං ගාව අතේ ගහන කුරුල්ලො නෑ. උඹට ඔන්නං පු* අරින සාජන් කෙනෙක් දෙන්නං" කියල.

      තව දවසක් ඔහොම පොලිස් කොස්තාපල් කෙනෙක් බැරියර් එකක තියලා, ටී පණස් හයකුත් දීලා, සාජන් කිව්වලු. "එන හැම වාහනේකට ම නවතින්ඩ කියහං. නාහ ආවොත් වෙඩි තියපං" කියල.

      ඉතිං ඔහොම ඉන්නකොට, "නාහ" කියල නම්බර්ප්ලේට් එකේ ගහගත්තු ජීප් එකක් ඇවිත්. අරුත් ටී පණස් හයේ සේෆ්ටි කැච් එක පන්නලා, පට පට ගාල තිබ්බලු ජීප් එක පෙනේරෙ වෙන්ඩ.

      තව කතාවක් කියන්ඩ ද? එපා? හා එහෙනං යන්නං...

      Delete
    2. නාහා කතාව අහල නෑ, කුරුල්ලා කතාව අහල තියනව වෙන විදිහකට.😁😋

      Delete
    3. අතේ ගහන බස්සෙක් ඕනනං ඔහෙට අලයගෙන් ඉල්ලගත්තැකි.

      Delete
    4. බක්ෂා,
      අර කුරුල්ල කතාවෙ අනික් වර්ෂන් එකත් කිව්වනං තමයි වටින්නෙ.

      ප්‍රසෝ,
      අතේ ගහන නයෙක් ඔ්නෙ ද? නයෙක්?

      Delete
    5. @Praසන්ன
      එහෙම එකෙක් හිටියා අඹතලේ. 😋
      @ඩ්‍රැකී
      ඕකම තමයි, හැබැයි පොලිස් නෙමෙයි. මෙහෙමයි කියල තියෙන්නෙ ලතාවකට:
      "ආ අයියා........හ්. අපිටත් දෙන්නකො ....."

      Delete
    6. අඩෝ...!

      දවසක් ප්‍රසන්නය ඔහොම එකෙක් ඇසුරු කරලා, උගෙ මාලෙත් කඩාගෙන ගිහිං. පස්සෙ දවසක ටවුම මැද්දෙ දැක්ක ම, අරූ කෑ ගහනවලු...

      "නර...ක සොරා... සැප දෙනව කියල ඇවිත් දුක...ම තමයි දුන්නෙ. දෙනව හොඳිං මගෙ රන් මා...ලෙ."

      Delete
    7. මේක දැක්කම බස්සා මතක් වුණා...

      Delete
    8. ""නර...ක සොරා... සැප දෙනව කියල ඇවිත් දුක...ම තමයි දුන්නෙ" හෙහ්, හෙහ් මට හිතාගත්තෑකි. ඔහොම හාදයෙක් උන්නා ඒ කාලෙ කුරුල්ලා මාක් සංස්ථාවෙ. උස මහත ප්‍රතාපවත් පෙනුමක් තිබ්බෙ. හොඳ ගැඹුරු කටහඞකින් ප්‍රවෘත්ති කිව්වා. අපිත් ඒ කාලෙ තරුණ වයසෙ. දවසක් අපි කට්ටියක් කැන්ටිමේ ඉඳලා එනකොට මේකාව මුලිච්චි වුනා කොරිඩෝවෙදි. "ආ...අයියා.....හ්" කියල මේකා කකුලක් උස්සලා බිත්තිය දිගේ ගියා. අර ගැඹුරු කටහඞ කොහේ ගියාද නෑ. ස්ටුඩියෝ වල ලයිට් එල්ලන්න හිටියෙ වනාතෙන් ආපු අයියලා( දේශපාලන පත්වීම්) සෙට් එකක්. උන් මේකව බයිට් කරලා. දවසක් අපට කියනවා. " මේ එක එක අය අයට කතා කියන්වා. අපි අපේ පුරුශ දහිරිය පෙන්නලා තියෙන්නෙ, ලමයි දෙන්නෙක්ම ඉන්නවා: කියලා.

      Delete
    9. අඩේ... කවුද ඒ? ලලිත් එස් මෛත්‍රීපාල ද?

      Delete
    10. නෑ, නෑ වැඩිය ප්‍රසිද්ධ නමක් නෙමෙයි.

      Delete
    11. බිත්ති දිගේ යනව කියන්නෙ...? හූනෙක් ගැන ද කියන්නෙ?
      https://www.youtube.com/watch?v=jRvpgKVqvxw&pp=ygUfYW1lcmljYW4gd2VkZGluZyBmaW5jaCBjdWx0dXJlZA%3D%3D

      Delete
    12. බසු ගේ කොමෙන්ට් එකෙන් තමයි මුන්ගේ අප්‍රබාංස කතා ටික තේරුනේ

      Delete

    13. ඩ්‍රැකීJune 1, 2024 at 11:37 PM - මේක තමයි පට්ටම් කමෙන්ට් එකේ. අර 'නාහ' එකේ ආවේ ඒ දවස් වල බ්ලොග් ලියපු ලව් කුරුල්ලද දන්නේ නැහැ

      Delete
    14. උඩ අජිත් අයියා,
      ඒක දැන් දැන් සිංහල සිනමාවෙ ප්‍රවණතාවක් බවටත් පත් වෙලා තියෙන්නෙ. ඉස්සර ආය අප්පු කෝලම වගේ, දැන් නපුංසක කෝලම චිත්‍රපටිවල අනිවාර්ය අංගයක්.

      පල්ලෙහ අජිත් අයියා,
      ඒකනෙ. කමෙන්ට් කරද්දි මතක් වෙන එව්වා, පෝස්ට් ලියද්දිත් මතක් වෙනව නම්, දිග මාගල් ලියන්ඩ බැරුවෑ...

      Delete
  12. ඉඳලා හිටලා හිත නිමෙන මෙහෙම කතා පෙලකුත් ලියන එක වටිනවා. ඒත් අර ඔරිජිනල් ගජබින්නාලංකාරෙ සුවාතාගෙ කතා වලට තමයි මම නං වැඩියෙන්ම කැමති.

    ReplyDelete
    Replies
    1. සිත නිමෙන කතා තියෙන්න ඕන පෝය දවසට නෙමෙයිද හිටං.

      Delete
    2. ගජබින්නාලංකාරෙට කතා නිමිති හොයාගන්න එක නෙව අමාරු...

      ප්‍රසා,
      සිත නිමෙන මොකවත් තියෙනව ද පෝය දවස්වල? අඩුගානෙ බාර්වත් ඇරල තියනව ද?

      Delete
    3. ඒකට තමයි මනුස්සයො වහන දවස්වලට කලින් පත්තර ටීවී වල දාන්නෙ කලින් අරං තියාගන්න කියල.

      Delete
    4. ඒ උනාට හිත නිමෙන් නෑ නෙ. මදි උනොත් බ්ලැක් මාකට් කලවං ගන්ඩ වෙනව.

      Delete
  13. ඔය බෝම්බ තුනේ කතාව දවසක් ඇහුවෙ ටෙනිසන් කුරේ හම්බෙච්ච වෙලාවක. එතකොට අපි ඉස්කෝලෙ යන හිච්චි කොල්ලො. පස්සෙ කාලෙක දැක්ක එතුමා මේ කතාව චිත්‍රපටියකත් ඇට් කරනව.

    ReplyDelete
    Replies
    1. අම්මොඃ! කසුනා දැක්ක කල්...!
      මාත් ඔ්ක ඇහුවෙ 98 දි විතර අපේ යාළුවෙක්ගෙන්. සමහරවිට ඌ ටෙනියගෙ කතාව අහල තියෙන්ඩ ඇති.

      Delete
  14. පහුවෙලා නෙව එන්න උනේ එතකොට මේ රස කතාවිතරක් නෙවෙයි කමෙන්ට් වල අතුරු කතාත් කියවලා හති අරින්න ඕනේ...හුටංබරස් මරු අනේ..අපේ ඉස්තලන් කොලුවා වගේමයි.මං හිතන්නෙ වයසත් එකයි වගෙ.ඉස්තලන්ට 11ක් දැන්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ආදරණීය පුත්තු. ඉස්තලං නං අපේ හුටං ට සමාන වෙන්ඩ තව අවුරුදු තුනක් වයස නොයා ඉන්ඩ වෙනව. හුටං තවම අටයි. මේ අවුරුද්දෙ බර්ත්ඩේ එකට නවයයි. උන්දැ ගැන තියෙනව හොඳ කතා ටිකක්, වෙලාවක ලියල දාන්ඩ ඉන්නෙ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි