Monday, May 5, 2025

භෝජනාගාරයේ ප්‍රහේලිකාව

මේකත් මම දාන්නෙ බුරතීනෝ පවරපු කොන්තරාත්තුව ඉවර කරන්න සෑහෙන කල් ගත වෙන නිසා, එතෙක් මේ බ්ලොග් එකේ පාලුව යන්නත්, ඒ වගේ ම මම තාම මැරිලා නැති වග මට හීනෙන් පෙනී "බොලා බ්ලොග් එක ලියන් නැද්ද?" කියා අහන උදවියට දන්වා, හුදී ජනයාගේ ටෝච් සංවේගය නැංවීම උදෙසා ය.

මම මුළින් ම ගණිත ගැටලුවක් කියල එකක් විසඳුවේ විදුසර පත්තරේ පිටුවක් පුරා තිබුණු භෝජනාගාරයේ ගැටළුව යි. ඒකෙ තිබුණු ඉඟි මොකක්වත් මතක නැතුව ඉද්දි, පුතාගෙ ශිෂ්‍යත්ව පංතියේ කරපු ප්‍රශ්න පත්තරයක තිබුණු ගැටළුවක් මම ChatGPT එක්ක සාකච්ඡා කළා. 

ඒ ගැටළුව මෙන්න මෙහෙමයි.

ඔබ සතුව 1Kg තරාදි පඩියක් සහ, 500g බරැති වැලි ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම්කිසි ද්‍රව්‍යයක, 1Kg 750g ක බරැති කොටසක් මැන ගත හැකි ද?

ඒකට උත්තරය ChatGpt මට පැහැදිලි කළාට පස්සෙ, (ඔබට පුළුවන් උත්තරය අනුමාන කරලා, කමෙන්ට් කරන්න. මම මීළඟ පෝස්ට් එකෙන් ඒකට උත්තරයත් කියන්නම්.) මායි පුතයි ChatGPT එක්ක IQ ගැටළු ගැන පොඩ්ඩක් වෙලා කතා කළා. 

ඒ අතරෙ මට මතක් වුණා අර උඩ මම කියල තියෙන, විදුසර පත්තරේ ගණිත ගැටළුව. ඒ විදිහෙ ගැටළුවලට කියන්නෙ සිංහලෙන් "තර්කරාමු" ඉංග්‍රීසියෙන් Logic Grid (ඉංග්‍රීසි නම කිව්වෙත් ChatGPT ම යි.) ඉතින් මම අර උඩ කියපු ගැටළුවෙ මට මතක ටික කිව්වහම, ChatGPT මට ගොඩනගල දුන්න ප්‍රහේලිකාව මම මෙතන පහතින් දානවා. මේකෙ ඉඟි ටික සාහිත්‍යමය බවක් එක් කරමින් මම වැඩිදියුණු කළා.

පුළුවන්නම් විසඳුමත්, විසඳුමට එළඹුනු පියවරත්  එක්ක කමෙන්ට් කරන්න.

වැරදීමකින් මේ පොටෝ එක මෙතන වැටිල තියෙන්නෙ. ගැටළුවට අදාළ නියම පින්තූරය ගැටළුවට පහතින් තිබෙන බව කරුණාවෙන් අලකන්ඩ!

විවිධ වෘත්තීන්වල නිරත වී සිටින හතර දෙනෙක් භෝජනාගාරයක ඇඳි පුටු දෙකක් සහ ඒ අතර තිබුණු කවිච්චියක වාඩි වෙලා වෙනස් වෙනස් බීම වර්ග හතරක් ඇණවුම් කළා. ඒ හතර දෙනා: ගුරුවරයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරයෙකි. ඔවුන් ඇණවුම් කළේ: තේ, කෝපි, පළතුරු යුෂ සහ වතුර.

කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා. ඉන්පසු ඔහු තමන් අසල කවිච්චියේ වාඩි වී සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළේ, තේ සහ කෝපිවල තිබුණු කැෆේන්වලට අකමැති නිසා ය. ඔහු තමන්ට වම් පසින් වාඩි වී සිටි තැනැත්තා තේ ඇණවුම් කළාට පසුව කැෆේන්වල ආදීනව ගැන දීර්ඝ දේශනයක් කළා.  පුවත්පත් කලාවේදියාගේ වම්පසින් වාඩි වී සිටි ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තාගේ සහෝදරිය විවාහ කරගන්නට අදහස් කර සිටි නමුත් එය පසුව අත්හැරී ගියා.

ඉහත තොරතුරු ඇසුරින් මේ හතර දෙනා වාඩි වී සිටි පිළිවෙලත්, ඔවුන්ගේ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම වර්ගත් නිර්ණය කරන්න.


මේ ගැටළුවට උත්තර වශයෙන් කමෙන්ට් සීයක් වැටුන් නැත්තම්...

...එකෙක්වත්

මේ පින්තූරෙ ChatGPT ට කියලා කියලා කියලා කියලා වදෙන් පොරෙන් පස් වෙනි වතාවට වගේ හදාගත්ත පින්තූරය. මෙතන දාන්නෙ, අජිත් අයියා ගේ මරණීය තර්ජනයට පිළිතුරු වශෙයෙන්...


මේක බෝනස්...


133 comments:

  1. Replies
    1. මේ වගේ ගැටළු බීල විසඳන්න බෑ මිතුර. අර වෛද්‍යවරයා වගේ වෙන්න...

      Delete
    2. පලතුරු වඩියක් දාගත්තනං විස්කි වලට වඩා හොඳයි බොල.

      Delete
    3. පලතුරු නං ඉතිං...
      එයිට ලේසියි විෂ්කියක් ම ගහනව. මාසෙ පඩියෙං බෝතලයක් ම ගත්තැහැකි.

      Delete
  2. සිවිල් ඉන්ජිනියර්ද?
    ඉස්සර බයිට් විතරයිද?

    ReplyDelete
    Replies
    1. අඩ්ඩෙඃ...! ඒ කවුදෑ....? ඉවෝනය ද?

      Delete
    2. පු.ක. නලින් අයියනං ඔය එකක්වත් එයා ඇනවුං කරන්නෑ.
      සමහරවිට සාක්කුවෙ මොනව හරි දාගෙන ගියානං වතුර ඇනවුං කරන්න පුලුවන් සැන්ඩි කරන්න ගන්න.

      Delete
    3. අඩේ... වතුර විතරක් බීපු කෙනෙකුත් ඉන්නව ඔය ප්‍රහේලිකාවෙ. සමහරවිට ප්‍රසක්ඥ කියන පු.ක.යියා වෙන්ඩැති.

      Delete
  3. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්?
    මට කම්මැලියි මොලේ වෙහෙසන්න.

    ReplyDelete
    Replies
    1. කම්මැලි වෙන්ඩෙපා මිතුර. අර පහත ඉන්න කමියා වගේ ට්‍රයි කරන්ඩ. අඩුගානෙ කෝචිචියක්වත් මිස් කරගන්ඩ බැරුවෑ?

      Delete
    2. උඹ නං කියයි. ඕව ට්‍රයි කරන්න ගිහින් මොලේ පොට ගියොත් එහෙම?😮

      Delete
    3. එහෙනං...
      https://www.facebook.com/share/p/1N52FKr5ea/

      Delete
    4. පොට කපාගන්න හොඳ පට්ටලයක් නුවරඑළිය පැත්තෙන් හොයාගන්න පුලුවං වෙයි.

      Delete
    5. හැට පහට විතර බෝර් කරල ම පොට කපමු!

      Delete
  4. කල්‍යාණ මිත්‍රMay 5, 2025 at 4:51 PM

    සෙද්ද.. තව පොඩ්ඩෙන් කෝච්චියත් මිස් වෙනවා.. කරන්න බෑනේ මේක.. 😓🥲🤭

    ReplyDelete
    Replies
    1. මං දැනං උන්නා, කවුරු නැතත් කමියා නං මේක ට්‍රයි කරයි කියලා.

      සෙද්ද කිව්වෙ, කොළ පාට එකක් වෙන්ඩැති. ඒක වැනුවොත් නං විසිල් එකකුත් ගහල කෝච්චිය අද්දනව.

      Delete
    2. මිස් උනාටනං කමක් නෑ මිසිස් උනොත් තමයි පොඩි අවුලක් වෙන්නෙ.

      Delete
    3. මිසිස් උනහ ම තමයි වැඩිය හොඳ. එක්ස්පීරියන්ස් තියෙනවනෙ. නෛ කොහෙ ද ඔව්ව දන්නෙ?

      Delete
  5. ගැන්සිය ආවම ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. එතකල්...
      https://www.facebook.com/share/1C2DXz2Fca/

      Delete
    2. https://www.facebook.com/photo.php?fbid=1163648902456093&set=a.570196848467971&type=3

      Delete
  6. මුලින්ම ඔය ද්‍රව්‍යය - සීනි , පිටි වගේ කොටස් අයින් කරගන්න පුළුවන් දෙයක් කියල උපකල්පනය කරන්න ඕනේ. , 1750g කොන්ක්‍රීට් බ්ලොක් එකක් නම් මේ ක්‍රමයට බැහැ. සීනි කියමු . ඉස්සෙල්ල වැලි ප්‍රමාණය හරියට දෙකට බෙදනවා . බෙදල කිලෝ එකේ පඩියේ පැත්තකට වලිටික දානවා . එතකොට ඒ පැත්තේ 1250g . අනිත් පැත්තට සීනි දාල සමබර කරාම 1250g සීනි හම්බ වෙනවා . දැන් අර වැලි ටික එකතු කරල තරාදියේ 1kg අයි කරලා වැලි 500 එක පත්තකට් දාල අනිට් පත්හ්ට සීනි 500 දැන්ව . දැන්ඒ පන්සීය අර 1250 ට එකතු කරනවා .

    ReplyDelete
    Replies
    1. හරියට දෙකට බෙදුවට එතන 250g කියල හරියටම කියන්න පුලුවන්ද?

      Delete
    2. අජිත් අයිය හරි තමයි. ඒ උනාට පළවෙනි පාර මට ඒක හිතුණට, ප්‍රසන්නට ආව ප්‍රශ්නෙ ම මටත් ඔලුවට ආව. ඒ උනාට සෑහෙන තරමට නිවැරදි ව, වැලි ටික දෙපැත්තට දාලා, පොඩ්ඩ පොඩ්ඩ එහාට මෙහාට මාරු කරමින් මැන ගන්න පුළුවන්. තැටි දෙකේ තරාදියක් ඔ්නෙ හැබැයි. අයිටීඑන් තුලාව වගේ තනි තැටියෙ ඉලෙක්ට්‍රික් එකකින් බෑ. අනික් අතට, ඉලෙක්ට්‍රික් තරාදියක් තිබුණනං, ඔච්චර දුක් විඳින්ඩ ඔ්නෙත් නෑ. එක පාරින් ම ඔ්නෙ බර ප්‍රමාණයක් මැන ගන්ඩ තිබුණා.

      Delete
    3. ඕකනෙ ඉතිම්, මේ ගම මහත්තෙල එක්ක බෑනෙ? කව්ද මෙහෙ එන්නෙ බොන්න, කමෙන්ට් ආතල් ගන්න මිසක් මොලේ කචල් කරගන්න?

      Delete
    4. හෑ...! ටොමියත් ඇවිත්. කූ කූ කූ...

      Delete
    5. //ඔබ සතුව 1Kg තරාදි පඩියක් සහ, 500g බරැති වැලි ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම්කිසි ද්‍රව්‍යයක, 1Kg 750g ක බරැති කොටසක් මැන ගත හැකි ද?// මේ ප්‍රශ්නේ අහල තියෙන විධිහට උපකල්පන කරන්න පුළුවන්නේ . 1. තැටි දෙකේ තරාදියක් තියෙන්නේ , - මොකද කිලෝ එකේ තරාදි පඩියක් තියනව කියලනේ ලියල තියෙන්නේ . වැලි ටික 500 ග්‍රෑම් නම් ඒක දෙපැත්තට දාල සමබර කරන්න පුළුවන් .

      Delete
    6. මේක හරි. මං අර නිදි මරාගෙන ඉන්න වෙලේක එක දිගට කමෙන්ට් කරන්න ගිහිං තමයි අර තනි තැටියෙ තරාදියක් ගැන බයිලෙයක් ගැහුවෙ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මකන්ඩ කලින් දැක්කෙ නෑනෙ...

      Delete
  8. ගිනි මැලේ ඉඳන් ඉස්සරහට බැලුවම,
    වම් පැත්තෙ පුටුවෙ ඉන්නෙ ජූස් ඉල්ලපු ඩොකා
    ඩොකා ලඟ කවිච්චියෙ ඉන්නෙ තේ බීපු ගුරා
    ගුරා ලඟ කවිච්චියෙ ඉන්නෙ කෝපි බීපු පත්තරයා
    පත්තරයා ලග පුටුවෙ ඉන්නෙ වතුර බීපු ඉන්ජා (ගිනි මැලේ දකුණු පැත්තෙ)

    ReplyDelete
    Replies
    1. 🫡 මරු මරු...!!! මාත් හදල බලල ම කියන්නං

      Delete
    2. ඔට්ටපෑඩ් ගහන පත්තරයනං කෝපි බොන්නෑ මයෙහිතේ.
      ප්‍රාජේ තමයි ඒ ගැන හොඳටම දන්නෙ.

      Delete
    3. මෙතන ඉන්නෙ වෙන පත්තරයෙක් එහෙනං

      Delete
    4. ප්‍රසක්ඥ,
      මගෙ පත්තර යාළුවෙක් ඔට්ට පෑඩ් ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල මළා!

      කෞශල්‍ය,
      අම්බලංගොඩ පැත්තෙ පත්තරයෙක් වෙන්ඩ බෑ ද?

      Delete
    5. කෞශල්‍යMay 6, 2025 at 2:03 PM

      ඔය ගහපු ගැහිල්ලට නොමළ නං තමයි පුදුමෙ

      Delete
    6. ආයෙත් අහල! උන්දැ මළේ නැත්තං, අහල පහල උදවිය ශ්‍රවණාබාධිත වෙන්න ඉඩ තිබුණා. අපේ අයියත් ගැටවර කාලෙ ඔක්ට පෑඩ් ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල ගහල පස්සෙ රස්සාවක් හොයාගෙන කසාදෙයක් බැඳගෙන පැත්තකට වෙලා ඉන්නව දැන්.

      Delete
    7. මේ කවුසල්ල කියන්නෙ අම්බලංගොඩයද?
      ඌ ගැහුවෙ යතුරු පුවරු වගේ මතක.

      Delete
    8. Cowශල්‍ය කියන්නෙ එළදෙන්නුන්ට සැත්කම් කරන දොස්තර කෙනෙක් නෙමෙයි ද?

      Delete
    9. මට ආවේත් කෞශල්‍ය ගේ පිළිතුර මයි . හරි පින්තුරේ දානවකෝ ඔය මොකද්ද දාල තියෙන්නේ කම්මැලි කම

      Delete
    10. පත්තරමල්ලි අයියා දැන් සෑහෙන්න පැත්තට ඉන්නෙ

      Delete
    11. හරි හරි අජිත් අයියා... සමහරවිට කෞශල්‍යගෙ උත්තරේ හරි ඇති. කම්මැලි කම නෙමෙයි, හරියට ම හරියටන පින්තූරෙ ගූගල් එකෙන් හම්බුණේ නෑ. පස්සෙ ඔන්න චැට් ජීපීටී ට ම කියලා, කීප වරක් වැරදි හදලා ගත්තා පින්තූරයක්. ආං පෝස්ට් එකේ පහළින් දැම්මා.

      ප්‍රා, දැන් සෑහෙන්න මොන පැත්තට ද ඉන්නෙ? බිත්තිය පැත්තට ද?

      Delete
    12. ආයෙ ම අජිත් අයියා,
      අනික් අතට, මේ ප්‍රහේලිකාව විසඳන්න උත්සාහ කළේ තුන්දෙනයි, කමෙන්ට් අනූ ගාණක් වැටුණට. ඒ වගේ ම, ප්‍රහේලිකාව විසඳලා උත්තරයක් ආව කියන්නෙ ම, ප්‍රහේලිකාව නිවැරදියි කියන එකයි. නැද්ද මං අහන්නෙ?

      Delete
    13. පත්තරමල්ලි අයිය මල්ලි ගහල ගහලම දැං පැත්ත වැටිලලු ඉන්නෙ.

      (මා කිවුවෙ ඔට්ටපෑඩ්)

      Delete
    14. අපේ ගමේ හිටියා අයිය මල්ලි දෙන්නෙක්, අයියා ලීඩ් ගිටාර්. මල්ලි ඔක්ටපෑඩ්. මල්ලි දවසක් කියනව, "අයිය ලීක් - මං පැකට්" කියල. ඒ කියල ඌ ම අහනව, "ඈ බොල! අයියට ලීක් වෙන ටික උඹ පැකට් කරනව ද?" කියල...

      Delete
  9. E Water J Coffee T Tea D Fruit Juice.

    ReplyDelete
    Replies
    1. වාඩි වුණ තැනත් ඔ්නෙ. හොයපු හැටිත් දාන්ඩ පුළුවන්නං මසුරං.!

      Delete
  10. //කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා//
    කෝපිය ගේ කාරයෙක්ද කොහෙද. ඒක දැනගෙන තමයි ඉන්ජ කෝපියව මස්සිනා කරගන්න එක මගෑරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මඟුලක් කතා කරනව. බොලා දන්නැද්ද, එව්වට එව්ව මෙව්ව කියන්ඩ හොඳ නෑ, වෙනත් ලිංගිකත්ව නැඹුරුතාවන් තියෙන හාදයන්ටත් වෙනස්කොට නොසැළකීමේ අයිතියක් තියෙනව කියල?

      Delete
  11. රා බිපු තට්ටයෙකුයි බඩ තඩි x නේවිකරයෙකුයි ටෝච් බැස්ටියක් ගිලපු නයෙකුයි බත් බෝම්බයකට අහුවෙච්චි පරණ ඉරිගේෂන්කාරයෙකුයි ඕකට දැම්මා නම් අපුරුයි...

    ReplyDelete
    Replies
    1. බත් බෝම්බෙ නං මැවිල පෙනුණා ඈ... ආන්න මතක. මේ ළඟදි මං ටීපිය පහුකරං ගියා. ඒකෙ කන්ටේනර් පෙට්ටිය ඉහළට වැලුත් වැවිලා තිබුණා අප්පා.

      Delete
    2. වැරදි තැනක හැක් ගාල ද?

      සැහ්! එදා මූව නාවන්ඩ බැරි උනානෙ තට්ටයගෙ ඇලට දාලා...

      Delete
    3. නැවු හිල්කරපු නාවිකයෙක් එදා මාව නාවන්න සෑහෙන ට්‍රයි එකක් දුන්න වගේ මතකයි.

      Delete
    4. අල සෑර්, අපි ඉතිම් මාංස බක්සක නෙව? මස්කටු නැහ්ද මස්කටු?
      බ ඌඌඌඋ.....සොරි,සොරි හොක්කි, හොක්කි හු ඌඌඌඋ...

      Delete
    5. ප්‍රසක්ඥ,
      නැවු හිල් කරේ චෞ චෞ නෙමෙයි ද, සබ්මැරින් එහෙක ගිහිං? එහෙම නැත්තං හෝරස් ගැන ද මේ කියන්නෙ?

      Delete
    6. හිවල් හාමි,
      තව පොඩ්ඩෙං කට වරදිනව. මේහ්, මතක නැද්ද උරගෙ සවුදම? පොඩ්ඩක් කියමු ද බලන්ඩ? සිංදුවක් කිව්වොත් කුකුළෙක් දෙනව. නැත්තං නිල් සායම් බාල්දියෙං ගහනව

      https://www.youtube.com/watch?v=spzqCJ1V_u8

      Delete
    7. නයි කයිද රෝස් පාන් වාගේ නයි නායිද ඇලෙන්?

      Delete
    8. හැක්! නෛ හාමි ගෙදර ගිහිං කිව්වලු, ඇලෙං නාල ආවෙ කියල මාසෙකට ඇති වෙන්ඩ. ඒ කියල මාස දෙකක් යනකං නෑවෙ නෑ ලු. උන්දැටත් එක්ක හරි යන්ඩ උන්දැව එක්කරං ආව සුරංග නෑව පැය හතරක් විතර.

      Delete
    9. කවුරු හරි මගෙ නම කියනව වගේ ඇහිල ආවෙ. බැලින්නං මේ නයි නාවන කතාවක් නෙ. අහල නැද්ද නයින්ට කිරි පොවන්න එපා කියල අපේ වැඩිහිටියො කියනව? ඒ වගේ තමයි නාවන එකත්. අනික, නයා හැව අරින්නත් එපැයි නාන්න.

      Delete
    10. මට පුළුවන් ඔන්නම් නාවල යවන්න. ඉන්නකො අර පැතුම් මාව ගොඩට ගන්න තුරු.

      Delete
    11. මෙන්න හිවල්හාමිගෙ ඌරු සවුදම...
      https://www.facebook.com/watch/?v=1065432192453493

      Delete
    12. කව්ද බුහ් ගෑව නේද? ඇයි වලියක්ද?

      Delete
    13. ඒ මේ හිවල් හාමි. පොඩ්ඩක් දිව පැටලිලා. ආ පාං බාගයක්. සම්බෝලත් ඔ්නෙ ද?

      Delete
    14. කිරි හොද්ද නැතුව පාං බාගෙ ලිස්සල යන්නෑ....

      Delete
    15. "ජෑම්පාං නිකං කන්ඩ බෑ.... කිරි හොද්ද නැතුව ඉඳිආප්පෙ ලිස්සල යන් නෑ...." කියලයි සුනිල් පෙරේරා සූරීන් කියන්නෙ.

      Delete
  12. හා,හා ඔය කවුරු කවුරුත් එක්කහු වෙලා මේ කමෙන්ට් පූජාවට අත ගහපල්ලා.

    ReplyDelete
    Replies
    1. සාදු! සාදු!! සාාාාදු!!!

      Delete
    2. වෙන මොකවත් ගහන්න ඕන නැද්ද?

      Delete
    3. හැබෑට නයාට ගහන්ඩ අතක් නෑනෙ. මට මතකයි, සැරයක් විජය පත්තරේ කැලේ කතාව එකක තිබුණා, නයෙක් හැකරැල්ලෙකුට කියනව,
      "හැකරෙල්ලෝ ඔය වැඩිපුර තියෙනා
      අත්වලින් එකක් දෙන්නකො මාහට
      මුගටියාගේ කණ පැලෙන්ඩ ගහලා
      ආපහු ගෙනැවිත් දෙන්නම් තමුසෙට"
      පසුබිමිං මුගටියෙක් එනව සරම පැත්තකිං උස්සගෙන, "හඃ! කෝ ඔය නයා?" කියල කෑ ගහගෙන.

      Delete
  13. ආ මෙන්න අඟහරු ලෝකෙන් එකයි..

    ReplyDelete
    Replies
    1. හම්මා...! දැක්ක කල්! මොනව ද පීරිසියෙ දාගෙන ආවෙ?

      Delete
  14. මොකද්ද යකෝ? ලැජ්ජ නැද්ද කමෙන්ට් හිඟා කන්න? එයිට හොඳයි නුවර එළියෙ බස් හෝල්ට් එකට ගිහිං හිඟා කනව. සෑහෙන ගාණක් දවසකට හම්බ කරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. යකඩො! ඌරාගෙ සවුදම හොයාගෙන එද්දි මගෙ පරම හතුරත් ඇවිත්. බොට මොක ද, මං හිඟා කෑව ම? මට ඔ්නෙ වෘත්තියක් කරන්ඩ මේ රට ඇතුලෙ මූලික මිනිස් අයිතිවාසිකමක් තියෙනව.

      Delete
    2. මූලික මිනිස් අයිතිවාසිකම්? එහෙම එව්ව කොහෙද තියෙන්නෙ? කැලේ නීතිය තමයි හැම එකට ම උඩින් තියෙන්නෙ. වෙන මොකක්වත් නෑ.

      Delete
    3. ඒකත් ඇත්ත තමයි. ඒ උණාට ටෝ එක්ක මං එකග වෙන් නෑ. නෙමෙසිස්!

      Delete
    4. @ මේ වගට,
      මූ මේ වෙනකොට නුවරඑළියෙ ඔක්කොම හිඟන්නො කරල තියෙන්නෙ.

      Delete
    5. මං මේ කල්පනා කළේ ඊළඟ ස්ථානමාරුව ගොඩකවෙල දිහාට දාගන්ඩ කියල...

      Delete
  15. හරි හරි මේ. කමෙන්ට් ඔන්නං, බොන්ඩ දීහං.

    ReplyDelete
    Replies
    1. බොන්ඩ? මොනව ද බොන්ඩ තව ඉතුරු වෙලා තියෙන්නෙ?

      Delete
    2. ඇඩම්, බොමු බොමු එහෙනං. මොනව ද තියෙන්නෙ? රාත් හොඳා, සීල්ත් හොඳා. හැබැයි මුල්ල පටස් නරකයි. 911 කෝල් කරන තත්වයක් තියෙන්නෙ.‍
      https://www.facebook.com/100015260894850/posts/2127097204475622/?rdid=v30bxFUodtnias8V#

      Delete
    3. නාත උන්නැහැගෙ බ්‍රෑන්ඩ් එක මොකද්ද? නාතං නකතං වෙන්ඩ ගසමු.

      Delete
    4. එයා ගහන්නෙ පොල්, පොල් නැහ්නං කස්ටිය ගල් එහෙමත් ගහනවා.

      Delete
    5. ගල් ගහන්නෙ බොට ත්‍රී වීල් එකෙන් දුවන්ඩ. පරිස්සමිං ඉඳහං ටොම්

      Delete
    6. නාත ගහන්නෙ අනාත වෙන බ්‍රෑන්ඩ් තමයි.

      Delete
    7. මයෙ ඒලෙවල් යාළුවෙක් කියන්ඩ පුරුදු වෙලා හිටියා, "අනාතයි - බිම්බිසාරයි" කියල.

      Delete
  16. ඔය ප්‍රහේලිකාව කොලේක ප්‍රින්ට් කරලා ගිණි තියන්ඩ කාට හරි හිතුණ නම් මට කියන්න.

    ReplyDelete
    Replies
    1. දකින දකින හැම එක ම ගිණි තියන්ඩ එපා යෝදියෙ. ආසවනය කරලා බොන්ඩ පුළුවන් ජාතිත් තියෙනව.

      Delete
    2. හපෝ! අපෙ අම්මල එපා කියද්දි, මාත් බැඳගත්තනෙ මෙහෙමත් බේබද්දෙක්...

      Delete
    3. ඈ! මං දන්නෑනෙ දෙන්න බැන්ද කියලා?

      Delete
    4. ආ, රෝස්ටඩ් ඩක් !

      Delete
    5. https://www.seaart.ai/explore/detail/d0dgoete878c73di2a40?u_code=KLN4M55Q

      Delete
    6. මටත් හිතුන ප්‍රහේලිකාව අල බංගලාව අස්සට දාල බංගලාව ගිනි තියල දාන්න.

      Delete
    7. දැනට ම ලාවට බංග වෙලා තියෙන මගෙ වාසස්ථානෙට මු ගරහන හැටි!

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ux msx;Qrhla b,a,mqyu" lsjaj fmda,sfua tkav ls,d'''

      Delete
    2. yeu ,nangu fmda,sfua hkak tmd fnd,'

      Delete
    3. ta Wkdg fmda,sfua b,[Right Alt+o] .;a; mska;Qfr ;j odyla jgskj hfld'

      Delete
  18. ඒ-අයියට කියල බොගේ පිංතූරයක් අන්දවා ගත්තා. රාමු කරලා තියා ගං.

    අර්තාපල් කොමා

    ReplyDelete
  19. Replies
    1. මගෙ හොට කහන්න ගත්තා ආයිබෝං. ඈ යකෝ, අලයගෙ කට එච්චරම ඇරෙන්න උඹැහෙ මොකක්ද කොලේ? 😮

      Delete
    2. https://www.seaart.ai/explore/detail/d0dgev5e878c73de074g?u_code=KLN4M55Q

      Delete
    3. https://www.seaart.ai/explore/detail/d0dgf5le878c73e70vu0?u_code=KLN4M55Q

      https://www.seaart.ai/explore/detail/d0dgf5le878c73e70vtg?u_code=KLN4M55Q

      Delete
    4. වවුලට දැලි පිහිය අහුවෙලා තියෙන්නෙ. පරිස්සං වෙයල්ලා...
      https://www.seaart.ai/explore/detail/d0dglute878c73de9ng0?u_code=KLN4M55Q

      Delete
    5. හෑ හෝරසාට දෙකක් ඇනලා, මූ ඇරිල නේද මටත්?😮🤣

      Delete
    6. https://www.seaart.ai/explore/detail/d0dm1bde878c73auef60?u_code=KLN4M55Q

      Delete
    7. https://www.facebook.com/share/p/17onnGFQBV/

      Delete
  20. ඔන්න අපි 100 පන්නල දැම්ම. දැං ඕන සභාවක් පිහිටුගනිල්ල.

    ReplyDelete
    Replies
    1. සභාව තෙමේ ම පිහිටුවාගන්න නං, 50% ට වඩා එක සභිකයෙක්වත් වැඩිය එක පක්ෂයක ඉන්ඩ වෙනව. නැත්තං අපේ ලොකු තැන හෙවත් පළාත් පාලන කොමසාරිස් ගිහින් සභාවට පත්වුණු සභිකයන්ගෙන් නම් යෝජනා කරවගෙන, ඡන්දය විමසලා සභාපති පත් කරන්න වෙනව. මේ ප්‍රතිඵලේ හැටියට,නුවරඑළියෙ සභා 12ම ඒ විදිහට පිහිටුවන්න අපට සිද්ධ වෙලා තියෙන්නෙ.

      Delete
    2. හොඳ වෙලාවට ස.ප.කො. උනේ. කො. උනානං මූ ඉඳි ජනාදිපතිටත් වැඩිය උඩිං. හැක්..

      Delete
    3. වෙන එකක් තියා, දිනන්න ඩීල් එකක් දාගෙන ඉඳලා, අනිප්පැත්තෙ උං වෙන මවිතයක් කෙලපුහාම අපිව මරන්ඩත් හදනව යකෝ, මග රැකල ඉඳං

      Delete
  21. Replies
    1. මේ තියෙන විදියට 200 ක් ගහල වදින එකක් නෑ.

      Delete
    2. මලා...!
      .
      .
      .
      .
      හා එහෙනං...

      Delete
    3. ෂදාදර නයෝ, දැනටත් පොඩ්ඩක් වැදිල ඉන්නෙ. තව අඩු පොලු පාරක් විතරයි...

      Delete
  22. ෆොටො එකේ ඉදිරියෙන් සිට බැලූ විට, දකුණු පැත්තේ ඇඳි පුටුවෙ ඉන්න කෙනාට වම් පැත්තෙන් කිසිවෙකු නෑ. ඒ අනුව ඒ තැනැත්තා වෛද්‍යවරයාවත්, පුවත්පත් කලාවේදියාවත් නෙවෙයි; ගුරුවරයා ඉන්නෙ කවිච්චියෙ. ඒ අනුව, දකුණු පැත්තෙ ඇඳි පුටුවෙ ඉන්නෙ ඉන්ජිනේරුවරයා. ඔහුගෙ දකුණු පසින් කවිච්චියේ වාඩි වී ඉන්නෙ පුවත්පත් කලාවේදියා. So, from the left-hand side, the doctor on the armchair, the teacher, the journalist (both on the couch) and the engineer on the right-hand side armchair. The teacher ordered the tea, journalist the coffee and the engineer ordered water.

    (මම මුලින්ම යන්න ගියෙ "කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා" cue එක අනුව. නමුත් ඒක follow කරනවට වඩා මෙහෙම ලේසියි).

    ReplyDelete
    Replies
    1. 🫡👏 වාව්! නියමයි... ස්තූතියි!

      Delete
  23. https://nidigepanchathanthare.blogspot.com/2025/05/blog-post_07.html

    බොලා මේවයෙ ඇතුලාන්තය දන්න අය නිසා, මොනවා හරි ලිව්ව නං අගෙයි.🙏

    ReplyDelete
    Replies
    1. මං ඒක කියවන ගමං... එතකල් මේං
      https://yanhella.blogspot.com/2016/05/nuisance-for-novice.html

      Delete
    2. කියෙව්වා. ආයෙ ඉතිම් අහන්නත් දෙයක්ද, සුරංගගෙ කතා නියමයි කියලා? ඒත් දෙන පණිවිඩය එක්ක නං එකඟ වෙන්න අමාරුයි.

      Delete
    3. මාත් ආපහු කියවලා ම එන්නං ඕකා සමහර වෙලාවට, "සීයා මළා. ඇන්නේ සිරිසේන" වගේ පණිවිඩත් දෙනවා.

      Delete
  24. "හුදී ජනයාගේ ටෝච් සංවේගය නැංවීම" මේකට නම් ගොඩකවෙල යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. 🤣 අඩේ...! 💥🔦🔋🪫 යං, යං...! අහසින් ම යං!

      Delete
    2. සං උනත් වැඩිය වේගෙන් නංවන්න යන්න එපා.

      Delete
    3. සං නෙමෙයි, හරිම එක පථෑං!

      Delete
  25. බොලා ඔය කියන ගනං හදන්ඩ තේරුමක් නෑ බොලල්ල. ඊට සැපයි මේකෙ කොමෙන්ට් ටික බලල ආතල් එකක් ගන්නව.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරන්න, පෝස්ට් එක කියවන්නවත් ඕනෙ නෑ කසුන්. ඕවා බ්ලොගර්ස් එතික්ස්.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි