එකෝමත් එක කාලෙක...
ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්.
රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප විටක් ම මතුවුණු රන් කොත, පොළොව දිගේ පහතට ඇදී ගෙන ගිහින්, පහතින් තිබුණු ඔයට වැටුණා.
මේ ආශ්චර්යය දැකපු බෙරවායා, මේ සිදුවීම නම් දේව හාස්කමක් බව හිතලා, ඊට කරන ආචාරයක් වගේ ම ඒ ගැන අවට සිටි ගම්වැසියන් ට දැන ගැනීමට හේවිසි ගහන්න පටන් ගත්තා.
මේ සිදුවීම කටින් කට ගියා. මේ කොත මතුවුණු විවර හැටියට හඳුනාගන්න පුළුවන් - පතුලක් නොපෙනෙන විවර තුනක් මේ කියන ප්‍රදේශයේ තියෙන ආකාරය පසුව සොයාගන්න පුළුවන් වුණා. බෙරවායාගේ කතාවේ කොත පහළට ඇදී ගිය මාර්ගය විදිහට සළකාගන්න පුළුවන් පුළුල් සහ ගැඹුරු ඇලක් වගේ ගල්වලින් හැදුණු මාර්ගයක් ඒ කියන ආවාට තුන අසළින් පටන් ගෙන ඔය දිහාවට පහළට සකස් වෙලා තිබුණා.
කටින් කට ගිය ජනප්‍රවාදය අනුව මේ ප්‍රදේශය කොත්තුනුගොඩ හැටියට හැඳින්වුණා. ඒ සමස්ත ප්‍රදේශය ම කොතක් මතුවුණු මලය (හෙවත් කඳුකරය) යන අර්ථයෙන් පසුකාලීනව කොත්මලේ නමින් හැඳින්වුණා.
* * *
ඇත්තට ම කොත්තුනුගොඩ මේ දක්වාත් ඔය කියන පත්ළක් නොපෙණෙන ආවාට තුන තිබෙණවා. ඒ අතරින් විශාල ම ආවාටය අසළින් පහළට ඇදෙන ගල් බිත්ති සහිත ඇළ මාර්ගය දැනටත් ගම්වැසියන් හඳුන්වන්නේ දෝව කියලා. දෝවේ ගල් බිත්තිවල සටහන් වෙලා තියෙනවා, උණු ලාවා පහතට ගළාගිය ආකාරය. ආවාටවල ස්වභාවය වගේ ම ඉහතින් තිබුණු ජනප්රවාදයෙන් ඇඟවෙන ආකාරයට, මේ කියන්නේ සක්‍රිය වුණු කුඩා ගිණිකන්දක් ගැන...
සමහරවිට අර කියන බෙරවායා ඇත්තට ම ගිණිකන්දක් දැක්කා ද? එහෙමත් නැත්නම්, මේ ආවාට සහ දෝව දැකපු පසුකාලීන ජනාවාස ඇතිකරගත් ගැමියන් මේ සියල්ල එකතු කරලා ජන කතාවක් නිර්මාණය කළා ද?
ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.
අපට පසුගිය දෙසැම්බර් 13 වැනිදා මේ ස්ථාන ඇස් දෙකෙන් ම දැකගන්න හැකි වුණා. පහතින් තියෙන්නේ ඒ ගැන සවිදු සත්සර විජේවර්ධන උන්නැහැ කළ යූටියුබ් විඩියෝව. ඔබත් දැකගන්න...
අපි තවත් කුතුහලාත්මක වීඩියෝ මේ චැනල් එකට එකතු කරලා තියෙනවා. ඉදිරියටත් තවත් වැඩිය දකින්න නොලැබෙන දේවල් ගැන, එහෙමත් නැත්නම් අපි හොඳට දන්න දේවල නොදන්න විස්තර ඇතුළත් විඩියෝ එකතු කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනික් අයටත් මේ ගැන කියන්න. ඔබ ලබා දෙන නොමිලේ ප්‍රචාරණය අපට ලොකු තල්ලුවක් සහ උනන්දු කිරීමක්. (මොනටයිස් කරලා, තවදුරටත් ගුණාත්මක විඩියෝ කිරීම සඳහා අවශ්‍ය වියදම් ආවරණය කරගන්න පොඩි පහේ ආදායමක් ලබා ගන්නත්...)
විඩියෝව පටිගත කරගැනීමට සහ ප්‍රදේශය ගවේෂණය කිරීමට උපකාර කළා:
නුවරඑළියේ එච්. ඒ. කණිශ්ක අභිෂේක මහතා
කොත්තුනුගොඩ
කේ. ඩබ්ලිව්. සුරවීර වෙද මහතා
කේ. එම්. නිවන්ක මහතා සහ ඔහුගේ පුතා වන,
කේ. එම්. හංස හේෂාන් පුතා

ඒකෙ පොඩ්ඩක් යටට බැහැල පොඩි කැණීම් ටිකක් කරලා පාෂාණ අරන් බලන්න බරීද ලාවා මිදිලා තියනවද කියල gneous rock - A very hard rock type that is difficult to erode. It is formed when magma cools under the surface or lava cools above the surface after an eruption.
ReplyDeletesedimentary rock - A soft rock type that erodes easily.
metamorphic rock - A rock that started out as some other type of rock, but has changed from its original form. For example, it can change because of high heat or high pressure.
sandstone - A type of sedimentary rock that wears away fairly easily but is easy to carve. This means it is good for building with.
igneous rock විය යුතුය
ReplyDelete