දෙමාපියන් මියගියාට පස්සේ නිකොලස් පූජකවරයා තමන්ට උරුම වුණු ධනය දුප්පතුන් උදෙසා වැය කරන්න ගත්තා.
දවසක් එතුමාට දැනගන්න ලැබුණා, කලින් පොහොසත් වෙලා හිටියත් පසුකාලීනව අන්ත දිළින්දෙක් බවට පත් වුණු මනුස්සයෙක් ගැන. එයාට දූවරු තුන් දෙනෙක් හිටියා. ඒ අයට සුදුසු දායාදයක් දෙන්න බැරි වූ නිසා නිසි වයසෙදි විවාහ කර දෙන්න බැරිවෙන තත්ත්වයක් තිබුණා. ඒ කාලෙ හැටියට, විවාහ වෙන්න බැරි වුණු, ගැහැණු කෙනෙකුට කරන්න රස්සාවක් තිබුණෙත් නැති සමාජයක ඒ ගෑණු දරුවන්ගෙ ඉරණම වුනේ ගණිකාවන් බවට පත් වීම.
නිකොලස් තුමා මේ පවුලට පිහිට වෙන්න හිතා ගත්තා. නමුත් ප්‍රසිද්ධියේ කෙනෙකුට උදව් කිරීමට එයා අකමැති වුනා, එක්කෝ නිහතමානිකම නිසා, නැතිනම් ආධාර පිළිගැනීම නිසා ඒ පවුල සමාජයෙන් ගැරහීමට ලක්වෙයි කියලා.
ඉතින් එතුමා දවසක් රෑ මේ පවුල ජීවත් වුණූ ගෙදර ඇරල තිබුණු ජනේලයකින් රන්කාසි පිරුණු පසුම්බියක් ගේ ඇතුලට විසි කළා. ඒ විදිහට ඊළඟ දවස් දෙකෙත් කළා. ඒ මුදල් පසුම්බි තුන අර දුප්පත් තාත්තට තමන්ගෙ දුවලා තුන් දෙනා සඳහා දෑවැද්ද විදිහට දෙන්න පුළුවන් වුනා.
9වන සියවසේ නායක පූජකවරයෙකු වූ මයිකල් පියතුමා කියන විදිහට, තුන්වෙනි දවසෙදි දුප්පත් තාත්තට තම පවුලට උපකාර කරන්නේ කවුද කියන එක දැනගන්න ලැබුණා. රෑ අවදියෙන් රැක ඉඳලා. එයා නිකොලස් පූජකතුමා ඉදිරියේ දණින් වැටිලා ස්තූති කළා. නිකොලස් තුමා "මේ ගැන කාටවත් කියන්න එපා" යැයි අර දුප්පතා පොරොන්දු කර ගත්තා.
නිකොලස් තුමා වරක් ශුද්ධවූ දේශය (ඊශ්‍රායෙලයට සහ පලස්තිනයට අයිති ප්‍රදේශය) ට ගියා. එතුමා ගමන් කළ නැව දරුණු කුණාටුවකට අසුවෙලා විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, එතුමා සැඩ රළ ට තරවටු කරලා කුණාටුව සංසිඳෙව්වාලු. මේ සිද්ධිය නිසා එතුමා නාවුකයන්ගේ ශාන්තුවරයා ලෙස සැළකෙන්න පටන්ගත්තා.
එතුමා ශුද්ධවූ දේශයේ සිට ආපිට එනවිට, එතුමාගේ මාමා ගෙන් පසු මෛරාහි බිෂොප් තනතුරට පත් වුණු පුජකතුමා මියගිහින් තිබුණා. නගරයේ පූජකවරුන් තීරණය කර තිිබුණා නගරයේ පල්ලියට එදා උදේ මුලින්ම ඇතුල්වන පූජකවරයා බිෂොප් තනතුරට පත් කළ යුතු බව. නිකොලස්තුමා එදා යාඥා කිරීමට පල්ලියට යද්දි කවුරුවත් ඇවිත් තිබුණේ නෑ. ඒ අනුව එතුමා මෛරා නගරයේ බිෂොප් තනතුරට පත්වුණා.
රෝමානු අධිරාජ්‍යයෙක් වුණු ඩයොක්ලේෂියන් (284 - 305) යටතේ ක්‍රියාත්මක වුණු මහා වධ සංහාරය යටතේ මෙතුමාත් සිරගත වුණු බවත්, වධ හිංසාවලට ලක් වුණු බවත් සමහරු කියනවා. නමුත් පසුව මහා කොන්ස්ටැන්ටීන් (306 - 337) අධිරාජ්‍යයාගේ නියෝග මත නිදහස් කෙරුණු බවයි කියවෙන්නේ.
යුස්ටේතියස් නම් ආණ්ඩුකාරයාගේ නියෝගයක් අනුව එක් අවස්ථාවක නිවැරදිකාර මිනිසුන් තුන් දෙනෙක් මරණ දඬුවමට යටත් කෙරුණා. ඔවුන් මරණයට පත්කරන අවස්ථාවේ නිකොලස් තුමා එතැනට ඇවිත්, වධකයාගේ කඩුව ඉවතට තල්ලු කරලා, අර අහිංසකයන් තුන් දෙනා දම්වැල්වලින් මුදවලා ඔවුන් බේරා හැරියා. එම නඩුවේදී අල්ලස් ගෙන වැරදි තීන්දුව දුන් ජූරි සභිකයෙකුට එතුමා කෝපයෙන් දඬුවම් කළා.
https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/File:Ilja_Jefimowitsch_Repin_- _Saint_Nicholas_of_Myra_saves_three_innocents_from_death.jpg |
එක අවදියක, දරුණු දුර්භික්ෂයක් ඇතිවුණා. එක් මස්කඩකාරයෙක් දරුවන් තුන්දෙනෙකු රවටාගෙන තමන්ගෙ ගෙදරට කැඳවා, මරණයට පත් කළා. ඒ දරුවන් කොටස්වලට කපලා ලුණුවතුර දැමූ බැරල් එකකට පිරවූ ඒ දරුණු මිනිසා පසුව ඒ මස් හැම් විදිහට සකස් කර විකුණන්නට කල්පනා කළා.
නිකොලස් තුමා ඒ ප්‍රදේශයට ගියා සාගතයට පත් උදවියට උදව් කිරීමට. මේ මස්කඩකරුගේ නපුරු ක්‍රියාව දැනගත් එතුමා, කුරුසය සළකුණු කර ඒ දරුවන්හට නැවත පණ දුන්නා. (මේ කතාව පසුකාලිනව නිර්මාණය කළ එකක් ලෙස සැළකෙනවා)
මේ කතාව නිසා ළමයින්ගේ ශාන්තුවරයා ලෙස නිකොලස් තුමා සැළකෙන්නට පටන්ගත්තා.
වඩාම හාස්‍යාත්මක දේ තමයි; මේ කතාව නිරූපණය කෙරුණු චිත්‍ර වල තියෙනවා, සාන්තුවරයා, ළමයින් තුන්දෙනා සහ බැරල් එක නිරූපණය කරලා. ඒ අනුව මුල් කතාවට එතරම් අවධානයක් නොදක්වපු පසුකාලින මිනිසුන් පින්තූරයේ සඳහන් බැරල් එක නිසා නිකොලස්තුමා මත්පැන් පෙරන්නන්ගේ ශාන්තුවරයා විදිහටත් සළකන්න පටන් ගෙන තියෙනවා.
https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/ File:Saint_Nicolas_Heures_d%27Anne_de_Bretagne.jpg |
නැව පසුව කොන්ස්තන්තිනෝපලයට ළඟා වූ විට පුදුමයකට වගේ නැවට මුලින්ම පටවපු තිරිඟු තොගයේ බර වෙනස් වෙලා තිබුණේ නෑ. ඒත් ඔවුන් මෛරාවල දී අවුරුදු දෙකක් පරිභෝජනය කර, පසුව වගා කරගන්නත් ප්‍රමාණවත් වන තරමේ තිරිඟු තොගයක් නැවෙන් ගොඩබාලා තිබුණා.
නිකොලස්තුමා වසර 73ක් ජීවත් වී 343 අවුරුද්දේ දෙසැම්බර් 6 වනදා මෛරාවලදී මියගිය බව විශ්වාස කරනවා. එතුමාට නම් කෙරුණු ප්‍රධාන දේවස්ථානය ඉතාලියේ බාරි හි පිහිටුවා ඇති අතර, එතුමා මුලින්ම භූමදාන කරන ලද මෛරාහි දේවස්ථානයෙන් අරගත් ප්‍රධාන අස්ථි කොටස් බාරි දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
රෝමානු කතෝලික පල්ලිය විසින් ශාන්තුවරයින් නම්කිරීම පටන්ගන්නට පෙර සිටන්ම මෙතුමා ශාන්තුවරයෙක් ලෙස සැළකුනා.
ලංකාවේදී ශාන්ත නිකුලා තුමා ලෙස හැදින්වෙන මෙතුමා වෙනුවෙන් නම් කෙරුණු දේවස්ථානයක් බෝපිටියේ තිබෙනවා. දහස් ගණනින් කතෝලික මෙන්ම වෙනත් ආගමිකයන්ද දරුඵල සඳහා, දරුවන්ගේ යහ පැවැත්ම සඳහා භාර වීමට සහ පූජාවන් පැවැත්වීමට මෙතැනට ඇදී එනවා.
මෙතුමාගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණ වුණු දරුවන් වෙනුවෙන් කටයුතු කිරීම, ත්‍යාගිවන්තකම සහ පරාර්ථකාමීබව නත්තල් සීයා හෙවත් සැන්ටක්ලෝස් සංකල්පය බිහිකිරිමට මුල්වුණා.
https://en.wikipedia.org/wiki/Saint_Nicholas# /media/File:Jaroslav_%C4%8Cerm%C3%A1k_ (1831_-_1878)_-_Sv._Mikul%C3%A1%C5%A1.jpg |
මූලාශ්‍ර -
https://en.wikipedia.org/wiki/Saint_Nicholas
මේ තරම් වෙළෙන්දන්ගේ ග්‍රහණයට අහුවුන, අවභාවිතාවුනු, නිග්‍රහයට ලක්වෙච්ච සාන්තුවරයෙක් මුලු විශ්වයේම නැතිව ඇති.
ReplyDeleteමාර ප්‍රාතිහාරනෙ කරලා තියෙන්නෙ. ජේසුත් පරාදයි ඒවට.
ඇත්ත. ශාන්ත නිකොලස් තුමාගෙ හුළං පුරවපු රබර් අනුරූ ලණුවලින්, කොකුවලින් එල්ලලා තියෙනවා, ගිණි අව්වෙ, දූවිල්ලෙ පාර අයිනෙ හිටවලා තියෙනවා දකින්න පුළුවන්. එතුමා විදිහට පෙනී ඉන්න දුප්පත් මිනිස්සු අරක්කු පවා විකුණන්න යෙදවලා තියෙනවා. ඒ වගේම ජේසුතුමාගෙ උපන්දිනය සමරන කාලය වන විට ජේසුතුමාටත් වඩා ප්‍රචලිත් වෙන්නෙ නිකොලස් තුමා. මාර විසංවාදයක් තමයි...
Deleteඅර උඩ තිබුණු කුණාටුවට අණ දීම, මරණයෙන් නැගිටවීම, ආහාර ද්‍රව්‍ය වල ප්‍රමාණය වැඩිකිරීම යන ප්‍රාතිහාර්ය ජේසුතුමාත් කරල තියෙනව... ගලීල මුහුදෙදි කුණාටුවක් නැවැත්තුවා, ලාසරස් මරණින් නැගිට්ටෙව්වා, කන්ද උඩදි මාලු දෙකයි, රොටී පහයි යොදාගෙන මහා පිරිසකට කන්න දුන්නා...
Nice. It's true. Sri Lanka gains income from tourism as well as spas. It has number of travel agents The site, Travel agents in Colombo plays a role to provide information as directory.
ReplyDeletewhat an upperbronze is this? :V
DeleteI read your post that has nice information Can write about magic in sri lanka?
ReplyDeleteI don't get it?
Deleteනත්තල් සීය කියන්නෙ සෙල්ලං මනුස්සයෙක් නෙමෙයි බලාගෙන යනකොට.
ReplyDeleteඔව්. සරණක් නැති මිනිස්සු වෙනුවෙන් ජීවිතය කැපකරපු, ඒ නිසාම මරණින් එහාට පැතිරෙන කීර්තියක් හිමිකරගත්ත තවත් එක මනුස්සයෙක්...
Deleteඑයාට සම්බන්ධ න්னයෙක් එහෙම උන්නෙ නැද්ද ප්‍රසා?
හොයල බලහං. පොරට මල පැන්න වෙලාවක ඔය කාගෙහරි ගෙයක් අස්සට னයෙක් විසික් කළාද දන්නෑනෙ.
Deleteටෝච් නම් විසි කරල තියෙනව මං දන්න විදිහට
DeleteSaint Nicholas of Myra saves three innocents from death එකේ මාර ඉන්ටරෙස්ටින් කැරැක්ටර්ස් ඉන්නවනෙ.
ReplyDeleteකවුද ප්‍රා? මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නෑ
DeleteBy appearance I meant.
DeleteHave a look at the people depicted there.
හැබෑට...! ශ්‍රී වික්‍රම රාජසිංහත් ඉන්නව... තව යටසායක් ඇඳගත්ත පිරිමි හිරකාරයෙකුත් ඉන්නව.
Deleteනත්තල්සියා යනු උතුරු යුරෝපීය මිතයාදෘෂ්ඨික දෙවියෙක්. කතෝලික සබාව ඔහුට නිකලස් සාන්තුවරයාගේ චරිතය ආරූඪකලා.
ReplyDeleteහරියට කතරගම මහසෙන් දෙවියන්ට දෙවියන්ට (බිරිතානි අධිරාජ්‍යවාදීන් විසින් මෙහි පදිංචිකල)දෙමළුන් ස්කන්ධ කුමාරයා ආදේශකල ආකාරයටමයි.
ජගත් මතුකරන සංකල්පය එක්ක මම එකඟයි...
Deleteගොඩක් අපේරටේ අදහන විදේශයකින් ආවය කියන දෙවිවරු, ඇවිත් තියෙන්නෙ ඒ අය අදහන මිනිස්සුත් එක්කයි. විෂ්ණු, ස්කන්ධ කුමාර, පත්තිනි, පිටියේ දෙවියෝ, දෙවොල් දෙවියෝ වගේ අය... ඒ අතරින් සමහරු ඒ වන විටත් අපි අදහමින් හිටපු දෙවිවරුන්ගේ තැන ගත්තා. උදාහරණ තමයි, උපුල්වන් දෙවියෝ පස්සෙ කාලෙකදි නාථ සහ දැඩිමුණ්ඩ වෙලා ඊටත් පස්සෙ විෂ්ණු බවට පත්වීම. ඒ වගේම අපි අතරෙ තිබුණු ප්‍රාථමික ඇදහිල්ලක් වන කිරි අම්මා ඇදහිල්ල පත්තිනි විසින් අතික්‍රමණය කිරීම. ඒ වගේම මට හිතෙනව සූනියම් ගම්භාර දෙවියොත් එහෙම මුල් ස්වදේශික ප්‍රභවයක් තිබුණු ඇදහිල්ලක් කියල.
කතරගම මුල්ම දේවාලෙ හැදුවෙ දුටුගැමුණු කුමරු කියල කියන නිසා, මට හිතෙන්නෑ ඒ මුල් ඇදහීම මහසෙන් රජතුමා ගැන කියල. සමහර විට කතරගම ක්ෂිත්‍රියයන් අදහපු දෙවි කෙනෙක් හරි, ගෝඨාභය රජු විසින් මරාදැමුණු රුහුණේ දසබෑ රජවරු හරි, නැත්තං වැදි ජනතාව අදහන කන්දේ යකා හරි වෙන්න පුලුවන්. පසුකාලින හින්දු ශෛව භක්තිකයන් ස්කන්ධ කුමාරයාට ආදේශ කරගත්තා. ගොඩක්ම මට හිතෙන්නෙ කන්දෙ යකා තමයි කියල. වැඩිහිටි කන්ද එක්ක ගළපනකොට.
ඒ වගේම රෝම අධිරාජ්‍යය විසින් යුදෙව්වන් සුළුතරයක් අතර තිබුණු ජේසු ගෙ ඉගැන්වීම් ආගමක් බවට පත් කරල යුරෝපයට ගෙනියන කොට, ඒ වනවිටත් යුරෝපයේ තිබුණු පේගන් සහ ගොතික් ඇදහිලි වලට කතෝලිකාගම ආදේශ කළා. සමහර ශාන්තුවරු යුද්ධ කරපු නයිට් වරු. ජොආන් ඔෆ් ආක්, ෆ්‍රන්සිස් අසීසි, ආදීන් එහෙම උදවිය. පේගන් ඇදහිලිවල තිබුණු පොළෝ මාතා ඇදහිල්ල, ඊජිප්තු අයිසිස්, රෝමක ජූනෝ හෝ වීනස්, ග්‍රීක අැප්‍රොඩයිටි, ආදීන් කන්‍යා මරිය තුමිය විසින් ආදේශ කෙරුණා. මම දැනං උන්නෙ නෑ නත්තල් සියා ගැනත් එහෙම දෙයක් වුණාද කියලා. ඇත්තටම නොවෙන්න ඇති කියලම කියන්නත් බෑ මේ ආගම් ව්‍යාප්ත වෙන ආකාරය එක්ක බැලුවම.
තව දෙයක් තමයි, රාජ්‍යානුග්‍රහය ඇතුව ලංකාවෙ බුදුදහම ව්යාප්ත කරපු මිහිඳු හාමුදුරුවො හරි ඊටත් පසුකාලීන හාමුදුරුවරු හරි, එතෙක් ලංකාවෙ පැවතුණාය කියන ගස්, ගල්, පර්වත, වැඳීම බුදුදහමට අාදේශ කරගැනීම. පණ්ඩුකාභය ගෙ කාලයෙ තල් ගහ, නුග ගහ එහෙම වන්දනීය වුණා. පස්සෙ බෝධි පූජා වලින් ඒක ආදේශ කෙරුණා. පර්වත වන්දනාවට උදාහරණයක් තමයි වැඩිහිටි කන්ද නැගීම. පසුකාලයකදි බුදුන්ගෙ පාසටහනක් වඳින්න සමනළ කන්දට නැගීමෙන් ඒක ආදේශ කෙරුණා. ඉතාම මෑතක මට මතක හැටියට විජය රාජසිංහ රජුගෙ කාලෙදි, නුවර සතර දේවාලෙ පෙරහැර දළදා පෙරහැර විසින් අතික්‍රමණය කෙරුණා.
ගොඩක් ස්තූතියි එකතු කිරීමට ජගත්.
මේ කාලේදී නොවරදවාම එලියට එන දන්නා කියන කෙනෙක් ගැන තොරතුරු එකතු කලාට ස්තුතියි. දැන්නම් ඉතින් මොන ප්‍රාතිහාර්ය කළත් බිස්නස් කාරයින්ගෙන් ගැලවීමක් නැහැ.
ReplyDeleteමට මතක ඇති කාලෙක ඉඳන් නත්තල් සියා විකිණෙනවා. අඩුම ගානෙ පල්ලියෙන්වත් විකිණෙන් නෑ කියන එක සතුටට කරුණක්. සාපේක්ෂව පන්සලෙන් දසසිල්, පිරිත් එහෙම විකිණෙන කාලෙක...
Deleteසේරම ඔක්කොම විකිණෙන කාලෙක නොවිකිණෙන්නේ කවුද ඉතින්?
ReplyDeleteඇත්ත. කාලෙක ඉඳන් බුදුන් පවා විකිණෙන්නෙ...
Deleteමම නම් මෙහෙම විස්තර කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ... බොහොම ස්තුතියි ලොක්කා
ReplyDeleteවෙල්කම් පැත්තා
Delete+++++
ReplyDelete*****
Deleteක්‍රිස්තියානි ඉස්කෝලෙකට ගියත්, සම්පූර්ණ කතාව දැනගත්තේ ඔන්න දැන් තමයි.. සාතන්ගේ නමක් දාගෙන හිටියත් දෙවියෝ ගැනත් ලියනවා නේද.. හොඳයි හොඳයි.. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteතවුෙස ෙම්ක ලියන්නැද්ද?
ReplyDeleteකවුද යකෝ මේ අපබ්‍රංස කොමෙන්ට් දාන්නෙ හිටං.
Deleteසාන්ත නිකලස් විනිණුවේ මේ වෙළඳ සමාජයයි . අම්මා තාත්තත් විකුණගන කන ආර්ථික සමාජයක අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ
ReplyDeleteවිචාරක දියණිය
නත්තල් සීය හැදුණෙ ශාන්ත නිකලස් තුමාගෙන් කියල අහල තිබ්බට මෙච්චර විස්තරයක් දැනං හිටියෙ නෑ. එලම.
ReplyDeleteතවුසෙ දන්න කියන னයෙක් මේ පැත්තෙ ඇදිල ගියා දැක්කද?
ReplyDelete++++++
ReplyDelete