Sunday, March 10, 2019

බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක්


බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ඇල්ලීමටය.

මා නිවසින් පිටත් වන්නට සූදානම් වන විටම අවදි වූ මගේ බිරිඳ කුණු කෙළ පිටින්ම මට තොත්තුවක් දුන්නාය. කවදාවත් නැතුව අද සිදු වූ ඒ අප්‍රසන්න ජනක සිදුවීම මොකක්දෝ මහා අකරතැබ්බයකට මුල පුරන්නක් බව මට ඉවෙන් මෙන් දැනුණි.

ඈත තියාම මා එනු දුටු ස්ටේෂන් මාස්ටර් නලාව පිම්බේය. ගාඩ් කොඩිය වැනුවේය. කිසිම දවසක වෙලාවට පිටත් නොවන පුංචි කෝච්චිය වෙලාවටත් කලින් පිටත් කර ඔවුන් පරණ කෝන්තර පිරිමහන්නට සූදානම් උවත් මම දුවගෙන ගොස් දුම්රිය මැදිරියක එල්ලුනෙමි.

"හා! හා! මේක බඩු පෙට්ටියක්" ස්ටේෂන් මාස්ටර් ඉදිරියට පැන ඊර්ෂ්‍යා සහගතව මා පසෙකට ඇද දැමූ නමුදු නැවතත් දුවගෙන ගිය මා එම මැදිරියට ගොඩ වෙද්දී එක් කාන්තාවක් උපේක්ෂා සහගතව මා දෙස බලා සිටියාය. එය කාන්තා මැදිරියකි.

"දැන් මෙහෙම ඉඳල අනිත් ස්ටේෂන් එකේදී වෙන එකකට යන්නං" අපේ ගෙදර උන්දෑගෙ හැටි දන්නා මම ඇය ඉදිරියේ දෙකට තුනට නැමී අහිංසක බැගෑපත් විලාශයෙන් කිව්වෙමි.

"මෙහාට ඇතුලට වෙන්න කාටවත් පෙනෙයි. දැන් කාන්තා පෙට්ටිවල ගියහම රුපියල් දෙසීයක් දඩ ගහනවලු. අනිත් එක ගෑනුන්ගෙන් ඔයාට බේරෙන්න බැරිවෙයි."

මගේ හොඳ වෙලාවට එම මැදිරියටම හිටියේ ඇය පමණි. ඊළඟ දුම්රිය පලේදී ගොඩවන ගෑණු අම්මණ්ඩිලාට මා අසු වුවහොත් ඉරානයේ විප්ලවීය ශිෂ්‍යන්ට 'ෂා' අසුවූවාටත් වඩා දරුණු තත්ත්වයකට මට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

"දැන් මම මොකද කරන්නේ?"

ඇමරිකාවේ සිටින 'ෂා' බය නැති උනත් බඩු පෙට්ටියේ සිටින අහිංසක මට කිසිවෙකුගේ රැකවරණයක් නොමැති නිසා දැනට මගේ එකම ගැලවුම්කාරිය වන ඇගෙන් විමසුවෙමි.

"අනේ මම දන්නේ නෑ..." ජිමී කාටර් මෙන් ඇය සුසුමක් හෙලුවාය.

"මම මේ සීට් එක යට හැංගෙන්නද?"

"එපා. එහෙම හිටියම පේනවා."

"එහෙනං කක්කුස්සිය ඇතුලට යන්නද?"

"චී. ඒක ඇතුලෙ ගඳේ බෑ..."

"අනේ ඉක්මන් කරල මට බේරෙන්න විදියක් කියන්නකො. අනිත් ස්ටේෂන් එකේ කෝච්චිය නවත්වනව..."  අයවැය ලේඛනය කියන්න ඔන්න මෙන්න කියා තිබියදී ඇතිවූ පපුවේ ගැස්ම නැවතත් ඇතිවිය.

"මම කියන්නම් වැඩක්. ඔයාගේ බෙල් එකයි, කමිසෙයයි මම ඇඳ ගන්නම්. මගේ සාරිය ඔයා ඇඳගන්න."

"නියම වැඩේ. ඔය වගේ මොලේ තියෙන අයට මම හරි ආසයි. "

"ඔයා බැඳලද...?" ඇය මගෙන් ඇසුවාය.

"නෑ" මම සුපුරුදු බොරුව කීවේ කිසිම පැටලීමක් නැතුවය.

ඇය ආදර බැල්මක් මා වෙත හෙලුවාය. මම ද එයට ප්‍රතිචාර  දැක්වූවේ එහෙම නැතුව හොඳනැති නිසාය.

මම ඉක්මන්කර මගේ ඇඳුම් ගලවා ඇයට දුන්නෙමි. ඇය ඒවා ඇඳගෙන මට සාරිය ඇන්දුවාය. මා කොණ්ඩය දිගට වවා තිබුණු නිසා ඇය කරදරයක් නැතුව අලුත් මාදිලියේ කොණ්ඩා මෝස්තරයක් දැම්මාය. දැන් අපේ අම්මාටවත් මා හඳුනා ගත නොහැකි බව මට විශ්වාසය. "ඔයා සාරියට හරි හැඩයි අනේ." තොලට තොල තියා ඇගේ දෙතොලේ තිබූ 'ලිප්ස්ටික්' මගේ දෙතොලේ තවරන ගමන් ඇය කීවාය.

"ඔයත් බෙල් එකට හරි හැඩයි අනේ." වෙන කියන්න දෙයක් නැති නිසා මම කිව්වෙමි.

"දැන් ඔයා කෙල්ලෙක් වගේමයි. කාටවත් හොයන්න බෑ."

"ඒ වුනාට මේව නෑනේ" මම තවත් අඩුවත් පෙන්නුම් කළෙමි.

"අපෝ! ඒවා නැති ගෑණු ළමයි ඕන තරම් ඉන්නේ. ඒක ගණං ගන්න එපා. පපුව ටිකක් ඉස්සරහට දාල ඉන්නකො"

හදිසියේම දුම්රිය නතර විය. ගෑණු රොත්තක්ම අප සිටි මැදිරියට ගොඩවන විට මම ප්‍රාණ ඇපකරුවෙකු මෙන් ගැහෙන්නට උනෙමි.

"හලෝ ඩල්සි අද අළුත් යාළුවෙක් හොයාගෙන වගේ." කාන්තාවක් මා දෙස බලා සිනාසී මගේ ළඟින්ම වාඩි විය.

"ඔව්. මේ අපේ ගෙවල් කිට්ටුව කෙනෙක්." ඩල්සි මා ළඟට කර ගත්තාය.

"ඔයා අද නිවුස් ඇහුවද? බෙංගාල බොක්කේ සුළි සුළඟක් කියන්නේ." කාන්තාවක් කතා පෙට්ටිය ඇරියාය.

"ඔයා ඔහොම කියනව. අපේ එක්කෙනා ඇමෙරිකාවේ ගිහින් ඉන්න දවස්වල එහෙත් තිබුණලු සුළි සුළඟක්. අනූනමයෙන් එයා බේරිලා තියෙන්නෙ. කාටර් අඳුනන හින්ද." සූවස් ඇලේ සොරොව්වක් ඇරුණේය.

"ඊයෙ පොල් ගෙඩියක් රුපියල් හයයිලුනේ...?"

"ඔව් අනේ. අපේ එක්කෙනා පොල් බෑයක් ගෙනල්ල රෑට උයල තියෙන්නේ."

"මුන්ට හෙණ ගහන්න ඕනෙ මේ කරන අපරාද වලට."

දැන් දුම්රියේ සද්දය ඇහෙන්නේ නැත. ගෑණුන්ගේ කටවල් එකකට එකක් නොපරදින ආකාරයෙන් ක්‍රියා කරයි. ඊළඟ දුම්රිය පලේදී දුම්රිය නැවතුනි. තවත් ගෑණු රොත්තක්ම එම මැදිරියට ගොඩවිය. දැන් මගේ බිය ක්‍රමයෙන් තුනි වී ගොස්ය. එහෙත් මා තවම ඔවුන් හා කතාවට ගියේ නැත. සිංහ හම පොරවා ගත් කොටලුවා කෑ ගැසීමෙන් කොටලුවෙකු බව දැනගත් කතාවක් මා අසා තිබේ. කතා කරන්නට ගොස් මා පිරිමියෙකු බව ඔවුන් දැනගත්තොත් මටද ප්‍රාණ ඇපකරුවෙකු වෙන්නට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.

"ඔයා දන්නවාද අනේ වැඩක්? මිස් බුරියානි ඊයෙ රෑ කොල්ලෙක් එක්ක පැනල ගිහිල්ලනේ."

මිස් ලිප්ස්ටික් හයයි තිහටත් කලින් අලුත්ම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළාය.

"කවුද අනේ බුරියානි කියන්නේ?"

"අර බුරිය පේන්න සාරිය අදින එක්කෙනා ඔයාට මතක නැද්ද? අපේ කෝච්චියේ ගිය කොල්ලෙක් එක්කමයි පැනල ගිහින් තියෙන්නේ"

"ඒ දවස්වල මේකේ පිරිමින්ට යන්න තහනම් කරල තිබුණෙ නෑනෙ."

"ඒක නේන්නං අනේ. බුරියානිගේ  වාසනාවට ඒකි ඉස්සර උනා."

"අපිට තාමත් මොකුත් කර ගන්න බැරි උනානේ."

"බලන්ඩකො අනේ; මේකෙ පිරිමි ගියහම ආණ්ඩුවේ එවුන්ටයි අමාරු."

"බැඳපු එවුන් තමයි අනේ ඔය නීති ඔක්කොම ගේන්නේ."

"හෙට ඉඳල පිරිමි යන පෙට්ටියක යං අනේ."

"නෑ අපි මේ කාන්තාවන්ට පමණයි" කියන එක මකමු."

"නෑ අනේ හිස්ව තියෙන විට පිරිමින්ටත් යා හැකිය කියල යටින් ලියමු."

ගෑණුන්ගේ ගම්මැදි හැලි, කන්දොස්කිරියාවල්, දුක් අ‍ඳෝනා, දහසකුත් එකක් ප්‍රාර්ථනා සෝ සුසුම් මැද්දේ පුංචි කෝච්චිය මරදානට ළඟා විය.

මගේ බෙල් කළිසමයි, කමිසයයි ඇඳගත් ඩල්සි මරදානෙන් බැස 'චෙරියෝ' කියයාගෙන යන්නට ගියාය. අනිත් ගැහැණුන් සියළු දෙනාම පිටකොටුවෙන් බැස ගියේ මා තුට්ටුවකටවත් ගණන් නොගෙනය.

----------------

උපුටා ගැනීම - සුනන්ද කෝදාගොඩ ගේ 'විනෝද රසාංග' නම් පොතෙනි.
මුද්‍රණය ලස්සන මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ,
183 ඒ, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය,
දුරකථන 572297
ප්‍රථම මුද්‍රණය 1984 දෙසැම්බර්

(කොහොමද ජනක රත්නායකගෙ සෙක්සි කාටුන් එක විතරක්)

51 comments:

  1. උබ මේවා ලියලා අපිට දෙන ආතල් එක අපිට මාර හයියක් යකෝ................
    (හයිය පහගෙන ඉන්නද?)

    ReplyDelete
    Replies
    1. කාලෙකින් බං... හයිය පරහට තියපං. ..

      Delete
  2. හැක් හැක් ඩ්‍රැකියා

    ReplyDelete
    Replies
    1. කොහොමද චූටි? කාලෙකින් උඹල දකින්නෙ

      Delete
  3. ඒ කාලෙත් කාන්තා මැදිරි තිබුන නේද? උදේ සමුද්‍ර දේවී කාන්තා මැදිරිය අයිති කරගත්තු ඔෆිස් යන ගැහැණු කට්ටියක් හිටිය කියල පත්තරවල තිබුන මතකයි. එයාලගේ කල්ලියෙන් පිට කෙනෙක් නැග්ගම මොනවා හරි කරලා ඉන්න එපා කරවනවලු.

    ReplyDelete
    Replies
    1. කාන්තා මැදිරි නැතත් දැනුත් සමුද්‍රෙ ඒ විදිහම තමා. සීට් වලට, දොරගාව පොලුවලට, එක එක සීට්ගාව හිටගෙන යන ඉඩ ටිකට, ඔප්පුත් හදාගෙන ඉන්නෙ. ගෑණු උදවියට හපං පිරිමි පාර්ශවේ...

      Delete
  4. අන්දිරිස් කැලෙ ් කොල්ලෙ ා මේවට

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං... මේ කතාව මම ලියපු එකක් නෙවෙයිනෙ. සුනන්ද කෝදාගොඩ පත්තරේට ලියපු නරනාටකයක්

      Delete
  5. හෙහ් හෙහ් ඔක්කොමත් හරි අර කාටුන් එකත් හරි... අවුරුදු 25කට කලින් තිබ්බ ප්‍රශ්න. තාම අපි ඉන්නේ ඒ මට්ටමේ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඈ... ජනකගෙ කාටුන් එකෙන් තමයි කතාව සම්පූර්ණ වෙන්නෙ. බලහංකො පැත්තා, ඒ පෑන් ඉරිවල තියෙන ස්වාභාවික ඉරියව් ටික විතරක්...

      අපි තාම නෙවෙයි... අඩුගානෙ ඒ කාලෙ පත්තර කාරයො ඒවයෙ ඇතුලාන්තය තේරුම්ගත්ත. අද ඉන්නෙ බීල වාහන එලෝපු දොස්තරගෙ යට ඇඳුං චෙක්කරන බෝතල් පත්තර කාරයො...

      Delete
  6. පොඩි මෙන්ඩාට කතාවක් ලියපන්කෝ

    ReplyDelete
    Replies
    1. ලබන සතිය වෙද්දි බලාපොරොත්තු වන්න. දැන් පොඩි මෙන්ඩ කතා අහන වයස පහුකරල නැද්ද බං?

      Delete
    2. පිස්සු කෙලින්න එපා..මම මැරෙනකන් ඌට කාතා කියලා දෙනවා...උගේ ලොකේ උබ සොබාරු විරයෝ..ඒක නැති කරන්න මට ඔනේ නැහැ

      Delete
    3. අයි ටේක් දැට් ඈස් ඇන් ඔන'

      Delete
  7. Replies
    1. ඇත්තටම ලොකු අයියෙ... සුනන්දගෙ කතාවයි ජනකගෙ කාටුන් එකයි එක්ක... උපරිමයි!

      Delete
  8. නෙද්දකිං තවුසෙ පිරිමියෙක් කියල අහු උනේ නෑනෙ අර ගෑණු ටිකට.

    ReplyDelete
    Replies
    1. අහු උනානං අර මිස් බුරියානි සිද්ධියෙ ඇරියස් කවර් වෙන්ඩත් එක්කල, උම්ම දීල දීල හමගහනව...

      Delete
  9. // භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත// ඕක තමයි னයින්ට භූමිතෙල් ගහන්න එපා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැං එතකොට මොකෙන්ද ගහන්ඩ කියන්නෙ?

      Delete
    2. යසයි බොට දැං ටොච් එකත් නෑ, භූමිතෙලුත් නෑ. හැක්.. ඊගාව පාර ඉටිපන්දමකින් ගහපං.

      Delete
    3. රතිඤ්ඤ දාපු හුලුඅත්තකිං ගහන්ඩ තිබ්බ, කැමා උන්න නං... ඌ තාම අර බයිසිකල් නඩුවට හිරේ

      Delete
    4. ඒක බොරුවක් බං.උගේ ප්ලෑන් එක කිතුල් රා කාටවත් නොදෙන්න.

      Delete
    5. එහෙනං "මක්කද අයියා මේ කඳ?" කියල ඇහුවයි කියන්නෙ? ඈක්කා ගඳ ගහන උලව්ව...!

      Delete
  10. බඩු පෙට්ටිය කිව්වෙ ඇයි බං කාන්තා මැදිරියට?

    ReplyDelete
    Replies
    1. මං මේ ප්‍රශ්නෙ දැක්කෙ නෑ වගේ මගෑරල යනව යන්ඩ

      Delete
  11. කෝදාගොඩ ලිව්වත්
    draki ගෙන් ඇහුවත්
    කාන්තා දිනය සමරන්න
    අපූරු කතන්දරේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. කවියක් වගේ හරියට

      Delete
  12. https://www.psychologytoday.com/us/blog/snow-white-doesnt-live-here-anymore/201009/why-women-are-laughing-thoughts-sex-jokes-and-women

    ReplyDelete
    Replies
    1. කියවමින් සිටිමි... ගොඩකාලෙකින් මම මේ පැත්තට ආවෙ. ඔයගොල්ලන්ව දැක්කම මාර සතුටුයි.

      Delete
  13. මුලින් හිතුවේ අනගිරත්න උන්නැහැගේ කියලා.ඒ රහ තියනවා.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර අනගිරත්නගෙ යාළුවෙක්. සමහර කතාවක පොර ගැනත් ලියල තියෙනව... මෙයා මට පේන විදිහට මහජන බැංකුවෙ වැඩකරන ගමං රිවිරැසට "නරනාටක" කියල ආටිකල් එකක් ලියල තියෙනව. ඒකෙන් තෝරගත්ත එව්වයින් පොතක් ගහල.

      Delete
  14. බඩු පෙට්ටිය කියුවට එකපාර මීටර් උනෙත් නෑ :))

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ව්‍යවහාර වෙච්ච වදනක් වෙන්ඩැති. අර ස්ටේෂන් මාස්ටරුත් කියන්නෙ...

      බොලා ඉතිං අඩි හතළිස්පහේ ටියුබ් ලයිට් නෙ... හැක්!

      Delete
  15. බඩු කියා කාන්තා පක්ෂයට අපහාස කිරීම කිසිසේත් අනුමත කල නොහෑක . තා ජීවිතාන්තය තෙක් කාන්තාවක් සමග ජීවත් වීමේ වදයට පාත්‍ර කරමි..
    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. දැනටමත් ඒ දඬුවම විඳිමින් සිටින බව සතුටින් දැනුම් දෙමි. ඔබටත් එසේම වේවා...!!!

      ඉතිං සරත් අයියා... සෑහෙන කාලෙකින් දැක්කෙ ඈ. මොකද උනේ? හෙන්රිත් දකින්න නෑ දැන්...

      Delete
    2. පිස්සු කෙලින්න එපා..මම මැරෙනකන් ඌට කාතා කියලා දෙනවා...උගේ ලොකේ උබ සොබාරු විරයෝ..ඒක නැති කරන්න මට ඔනේ නැහැ

      Delete
    3. ඇයි අයියන්ඩි අපිව එපා වෙලාද? අර ගද ගහන ඩෙනිමත් නැහැ

      Delete
    4. මෙන්ඩොඃ, හරි හරි බං. මං දිගටම ලියන්නං...

      Delete
  16. අඩේ අප්පා නියමයිනෙ මේක. තව කීපයක් දාන්න ( ජනකගෙ කා‍ටුන් සමඟ) පුළුවන් නං තව දාහක් වටිනවා.

    "තව දාහක් වටිනවා" කතා වස්තුව:

    බොහෝ කාලෙකට පෙර සුද්දා රට කරවන අවදියේ ගමක පෝසත් නමුත් නූගත් මුදලාලි කෙනෙක් හිටියා. මුදලාලිට මලපොතේ අකුරක් බැරි නිසා ලියුම් කියෞම් වැඩ කරන්න , ඇති තැන "ලියන මහත්තයා" ලෙසත් නැති තැන "ලියන්නා" ලෙසත් හැඳින් වූ සේවකයෙක් හිටියා. ඒ බක්කි කරත්ත යුගය, ලංකාවට මෝටර් කාර් ආපු අලුත. මුදලාලිත් කාර් එකක් ගන්න ලියන්නත් එක්ක කො‍ටුවෙ වෝකර් සමාගමට ගියා. කාර් එකට නගින්න කිව්වාම , සරම පිට පට ගහගත්ත මුදලාලි ජනේලයෙන් රිංගන්න ලෑස්ති වුනා. ඒ වංගියෙ සුද්දා කාර් එකේ දොර ඇරලා පෙන්නුවාම, මුදලාලිගෙ කටින් පිටවෙච්ච කතාව තමා ඔය.

    ReplyDelete
    Replies
    1. මම සැරයක් කෝදාගොඩගෙ තව කතාවක් දැම්මා... අවුරුදු උස්සවයක් ගැන... හිටින්ඩ බලන්ඩ... ආ මේ තියෙන්නෙ:

      අර මුදලාලිගෙ කතාවෙ ඉතුරු ටික ඒ තරම්ම හිනා යන්නෑ. ඒත් ඔන්නොහෙ මං දාන්නං...

      ඉතිං මුදලාලි කාර් එක අරං, ගෙදර ගෙනාව. ලියන්න තමයි එළවං ආවෙ. ඒ එලවං එද්දි මුදලාලි ඉස්සරහ සීට් එකේ ඉඳං ලියන්නගෙන් අහගෙන ඉගෙන ගත්තා කාර් එක එළවන හැටි.

      ඔන්න, ලියන්නා අර දබරෙ දාලා කරකවලා ඉස්ටාට් කරලා, දබරෙ ගලෝගෙන ඉස්සරහ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා දොර වැහුවා. මුදලාලිත් අනික් සීට් එකේ ඉඳගෙන දොර වහගත්තා. ලියන්නා ක්ලච් එක පාගලා ගියර් පොල්ල එකට දැම්මා.

      "ඒ මොකද්ද කළේ?" මුදලාලි ඇහුවා.

      "මම ගියර් එක දැම්මා." ලියන්නා කිව්වා. "දැං ටික ටික ක්ලච් එක බුරුල් කරනව මෙන්න මෙහෙම..." කියලා ලියන්නා මුදලාලිට පෙන්නා දෙමින් කාර් එක ඉස්සරහට ගත්තා. "දැන් ටිකක් ගෑස් දෙනව" කියල අනික් පයිං ඇක්සලරේටරේ පෑගුවා. මුදලාලි ඔක්කොම හොඳට බලාගෙන හිටියෙ. ටිකක් දුරක් ඇවිත් ලියන්නා ගියර් එක දෙකට දැම්මා.

      "ඒ මොකද කළේ?" මුදලාලි ආයෙ ඇහුවා.

      "ගියර්එක මාරු කරන්න ඕනෙනෙ මුදලාලි ඉස්සරහට යන්න..." ලියන්නට මල පැනගෙන එන්නෙ.

      මුදලාලිට නහුතෙට කේන්තියි...

      "ඇයි ඕයි, තමුසෙ මේක හොඳට බලල නෙවෙයිද ගත්තෙ? මට තමුසෙ කිව්වනෙ මේකෙ කිසි අඩුවක් නෑ කියල..."

      "ඔව් ඉතිං. මේක අලුත් වාහනේනෙ. මුදලාලි මොන මගුලක්ද කියන්නෙ?"

      "ඇයි ඕයි හොඳ වාහනේනං, ගරාජ් එකෙං එලියට ගත්ත විතරයි මොන මගුලටද ඕකෙ එක එක කෑලි මාරු කරන්න ඕනෙයි කියන්නෙ?"

      ------------

      පස්සෙ පස්සෙ මුදලාලි මේ වාහනේ තනියම එලවන්න ඉගන ගත්තා. හැමදාම හවසට කඩේ ඉඳං ගෙදරට එලවගෙන යන්න ගියාම මේක හොඳට පුරුදු වෙයි කියල මුදලාලි හිතුවා.

      ඔහොම දවසක් හවස් අතේ මුදලාලි මේ කාර් එක එලෝගෙන පාරෙ දකුණු පැත්තෙ අයිනෙං විනීත විදිහට යනව දැකපු, බයිසිකලේක නැගලා සිතාසියක් දෙන්න ආපු පොලිස් රාළහාමි කෙනෙක් කාර් එක නැවැත්තුවා.

      "ඔහොමද වාහනේ එලවන්නෙ?" රාළහාමි ඇහුවා.

      "ඇයි රාලහාමි? මම දකුණු පැත්තෙ අයිනෙනං නෙ ගියෙ" මුදලාලිත් ගරු සරු ඇතුව ඇහුවා.

      "දකුණු පැත්තෙං යන්නෙ පයින් යනකොට. වාහන යන්නෙ වම් පැත්තෙං. කෝ ගන්නව ලයිසන්..."

      "ලයිසන් නෑනෙ රාලහාමි. මම තාම මේක පුරුදු වෙනව"

      "ආ කෝ එහෙනං ඇල්බෝඩ්?"

      "ඇයි රාළහාමි මම නෙ. රාළහාමිට අඳුරන්ඩ බැයිද? මම තමා ඇල්බෝට් මුදලාලි..."

      Delete
    2. හෙහ්. හෙහ් ඉතුරු ටික නරකම නෑ. මම දැනන් හිටියෙ නෑ නෙව . ස්තූතියි ලින්ක් එකට.

      Delete
    3. හැක් හැක්... මම නොදන්න කතාවක් බස්ස කිව්වහම, මම දන්න කතා දෙකක් ඒකට ඈඳුවා...

      Delete
  17. මම හිතුවෙම අනගිරත්නගෙ කතාවක් කියලා.. අරූ දැන් සාරිය පිටින් ගෙදර ගියාම වෙන සන්තෑසිය උඹ අතින් දාලවත් ලියපන්කෝ...

    ReplyDelete
    Replies
    1. අරූ සාරිය පිටින් ඔෆිස් යන්ඩ ඇත්තෙ. කොළඹනෙ ආවෙ. වර්ල්ඩ් මාකට් එකට ගිහිං මහත්තෙයට දෙන්ඩ කියල කළසමකුයි කමිසෙකුයි අරං ඇඳගෙන යන්ඩ ඇති. නැත්තං සිරා බයිට් එකනෙ ඔෆිස් එකේදි. සමහර විට සාරිය පිටිං ලොක්ක ගාවට ගිහිං පඩි වැඩිකරගත්තද දන්නෑ.

      Delete
  18. මේ ළඟදිත් බඩු පෙට්ටි ඇමිණුවා සමහර දුංරථ වලට.

    ReplyDelete
  19. තවුසෙ සුනන්ද අයියගේ නම්බර් එක හෙවුවේ මේකට තමයි එහෙනං. මම තාම හොයනවා. බලනවා එකට වැඩ කරපු මිනිහෙක්ගේ නම්බර් එක හොයා ගන්න තියෙන අමාරුව.

    ReplyDelete
  20. මේක ලියල වුරුද්දකට පස්සේ ගංජා ගහල තියෙන්නේ සොරි ගංජා කතාව ලියලා තියෙන්නේ. ඉතින් ම්ම් අවුරුද්දකට පස්සේ කොමෙන්ට් එකක් දැම්ම

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි