Wednesday, December 25, 2019

නීතිය, යුක්තිය සහ ආදරය - නත්තල් කළාපය 2019

ඉෆිජියානා බිළීදීම - ‌ලෙයොනාර්ට් බ්‍රැමර් ‌ගේ චිත්‍රයක්
උපුටාගැනීම - (https://commons.wikimedia.org/wiki/
File:Bramer,_Leonaert_-_The_Sacrifice_of_Iphigenia_-_c._1623.jpg
)

ට්‍රෝයි යුද්ධයට යන ක්‍රීටයේ අගමෙන්නෝන් රජු, එහි සාර්ථකත්වය ‌වෙනුවෙන් පූජකයන්ගේ ඉගැන්වීම් අනුව තමන්ගෙ දුව බිලි දුන්නා. ඒක සමූහයක් ‌වෙනුවෙන් තමන්ගේ ‌පෞද්ගලිික බැඳීම කැප කිරීමක් වගේම, පවුලට සහ පුද්ගලයෙකුට එරෙහිව කරපු අපරාධයක්.

අපරාධයට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වුණේ, යුද්ධය දිනා ආපිට තම ‌ගෙදරට ආ අගමෙම්නෝන් රජු, ඔහුගේ භාර්යාව ‌මෙන්ම අර බිළි‌දෙනලද දැරියගේ මව, සිය ‌පෙම්වතා ‌සමග එක්වී මරා දැමීමෙන්.

https://cdn.britannica.com/15/12115-004-DE1A8ABB/Electra-Orestes-Clytemnestra-presence-detail-Aegisthus-vase.jpg

ඒ අපරාධයට යුක්තිය ඉටු වුණේ අගමෙම්නෝන් රජු ‌ගේ ඖරස පුත්‍රයා වූ ඔරේෂස් තමන්ගේ පියා මැරූ තැනැත්තා මරා දැමීමෙන්.

ශිෂ්ඨාචාරයේ මුල් කාලයේ යුක්තිය ඉටු වුණේ පළිගැනීමේ ස්වරූපයෙන්. ඒක සමාජ සාරධර්මයක් ‌ලෙස පිළිගැණුනා.

හමුරාබි රජු "ඇසට ඇස, දත ට දත" නීතිය ‌ලේඛන ගත කරන්නෙ ඒ වගේ සමාජයක. පසුකාලීනව තව තවත් මානව සමාජය ශිෂ්ඨ සම්පන්න ‌වෙද්දී, මධ්‍යස්ථ පුද්ගලයෙක් විසින් ‌දෙපැත්තේම කරුණු විමසා ස්වාධීන තීරණයක් දීම වඩා යහපත් සහ සාධාරණ බව පිළිගැණුනා.

තව්රාත්, ‌බෛබලයේ පරණ ගිවිසුම සහ ෂාරියා හි අඩංගු වූ තද නීතිය, සමාජය විසින් තහවුරු කරගත්‌තේ සමාජය හික්මවීම මඟින් සමාජ විරෝධී ක්‍රියා තුරන් කිරීමට. "...දරුවෙක් අකීකරු වුණොත්, ඔහු නගරය මැදට ‌ගෙනැවිත්, ඔහු අකීකරු බව ප්‍රසිද්ධියේ කියා, ගල් ගසා මැරිය යුතුයි..." ඒ ප්‍රකාශය තියෙන්නෙ ‌බෛබලයේ පැරණි ගිවිසුමේ.

කාමයේ වරදවා හැසිරෙද්දීම අල්ලාගත් ගණිකාවක් ‌ජේසුතුමා ‌වෙත ‌අරගෙන ආවා. ඒ අරගෙන ආවේ ආගමික ඉගැන්වීම් අකුරටම පිළිපැද්ද අය සහ විනයධරයන් ‌ලෙස ප්‍රසිද්ධ අය. ‌

"මේ ගණිකාවක්. පවු කරද්දිම අල්ලාගත්තා. ‌මෝසෙස් උගන්වා තියෙන්නේ ගල් ගසා මරා දැමිය යුතුයි කියා. ඔබ ‌මේ ගැන කියන්නේ ‌මොකද්ද?" ඔවුන් ඇසුවා. එසේ ඇසුවේ ‌ජේසු තුමාගෙන් කොණක් අල්ලා ‌ගෙන ඔහු  වැරදි ‌දේ උගන්වන බව ‌පෙන්වා ‌දෙන්නයි.

ජේසු තුමා ඇඟිල්ලෙන් බිම ලියන්නට පටන් ගත්තා. ඒත් අර උදවියගේ කෑ ගැසීම් නැවතුණේ නෑ.

"ඔබ අතරින් පවු කර නැති තැනැත්තා ඇයට පළමු ගල ගසන්න" ‌ජේසු තුමා කීවේ ඔවුන්ගේ ‌ඉල්ලීම ‌කෙළවරක් නැති තැනට ආ පසුයි. එසේ කියා එතුමා ආපහු බිම ලියන්න ගත්තා.

වැඩිහිටියන්ගෙන් පටන් ‌ගෙන අර රැස්ව සිටි අය ‌එකා ‌දෙන්නා යන්න ගියා. අන්තිමේ එතැන ඉතිරි වුණේ අර ස්ත්‍රිය විතරයි.

අවසානයේ ‌ජේසු තුමා ඔලුව උස්සා බැලුවා.

"ඒ අය ‌කෝ? කවුරුවත් ඔබට වැරදි තැබු‌වේ නැද්ද?"

"නෑ. කවුරුවත් මට වැරදි තැබුවේ නෑ." ස්ත්‍රිය කිව්වා.

"එහෙනම් මමත් ඔබට වැරදි තියන්නේ නෑ. යන්න. ගිහින් පවු ‌නොකර ඉන්න" ‌ජේසු තුමා කිව්වා.
(ශු. ජුවාම්‌ 8: 1-11)

https://joequatronejr.files.wordpress.com/2011/07/mary-magdalene-stoned-jesus.jpg

නැතිවූ බැටළුවාගේ උපමාව, අකීකරු පුත්‍රයාගේ උපමාව ආදී ඉගැන්වීම්වලදී එතුමා පැහැදිළි කරන්නේ, ආගමික ජීවිත ගත කරන්නන් සියයකට වඩා, තමන්ගේ වරද අවංකව ‌තේරුම්ගෙන පසුතැවිලි වන එක පවුකාරයෙක් නිසා ‌දෙවියන් වහන්සේ සතුටු වන බව.

ඒක වෙනත් පැත්තකින් දැක්කොත්, අපරාධකාරයෙක් තමන් වැරදි මග යන බව ‌තේරුම් ගත්තොත්, ඒ ගැන අවංකව පසුතැවුනොත්, ඔහුට සමාජයට යහපත් මිනිහෙක් බවට පත්වෙන්න අවස්ථාව දීම හරිම වැදගත්. ඒ වගේම ඒ ගැන සමාජය සතුටු විය යුතුයි.

හොඳ මිනිසුන් වගේම, වැරදි කරමින් සිට ඒ වැරදි අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න උවමනාව දක්වන උදවියත්, ආදරය කරනු ලැබීමට සුදුසුුයි.

ඒ එක්ක බලනකොට, යුක්තිය කියන්නෙත් අශිෂ්ඨ සමාජයකට අවශ්‍ය වූ පළිගැනීමේ සංකල්පයක් මිසක්, වඩා මානුෂික සමාජයක තිබිය යුතු ‌දෙයක් ‌නොවේ.

අපරාධයක් ‌වෙනුවෙන් යුක්තිය ඉටු කරන තැනැත්තා, අර අපරාධකාරයාගෙන් ‌වෙනස් වන්නේ ඔහු පිටුපසින් සිට ඔහුට ශක්තිය ‌දෙන සමාජ සම්මතය නම් ආධාරකයෙන් විතරයි. අපරාධයකින් යම් කිසි මිනිසෙකුට ‌හෝ කණ්ඩායමකට හාණියක් පැමිණෙනවා. ඒක ‌වෙනුවෙන් ඉටු කරන යුක්තියෙන් සිදු ‌වෙන්නේ අපරාධකරුට හාණියක් සිදු කරන එකයි. ක්‍රියාව ගැන විතරක් හිතුවොත්, අපරාධකරුත්, යුක්තිය ඉටු කරන්නාත් යන ‌‌දෙන්නාම කරන්නේ එකම ක්‍රියාව. අපරාධකරු හදිසි ‌කෝපය ‌හෝ ද්වේෂය ‌හෝ අපරාධ සිතුවිල්ල නිසා කරන ක්‍රියාවම, යුක්තිය ඉටු කරන්නා, යුක්තිය නම් සංකල්පය නිසා කරනවා.

ජේසුතුමා ‌රෝම ශිෂ්ඨාචාරයේ යකඩ සපත්තුවට පෑගුණු දිළිඳු මසුන් මරන්නන් ‌හෝ සංචාරක ‌එඬේරුන් අතරින් මතුවෙලා අපට උගන්වන ‌දේ වර්තමාන සමාජයේ සාරධර්මවලටත් වඩා මට්ටම් ගණනාවකින් උසස්...

එතුමා කියන්නේ අපරාධකාරයාට දඬුවම් කිරීම කියන්නේ අපේම සහෝදර මනුෂ්‍යයෙකුට එරෙහිව සංවිධානාත්මක සමාජයක් විසින් තවත් අපරාධයක් කිරීමක්. කළ යුත්තේ එය ‌නොව, අපරාධකාරයාට ඔහුගේ වරද ‌තේරුම් ‌ගෙන ඒ ගැන පසුතැවීමට සහ නිවැරදි මගට පිවිසීමට උපකාර කිරීම සහ ඉඩ හැරීමයි. එසේ හරි මඟට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීමයි...

ලෙයට ‌ලෙය ඉල්ලා සිටීම තිරිසන් කමක්.

එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.
”මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය. ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය. එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය. ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය. එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.
ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය. ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”
(ශු. මතෙව් 18:21-35)

අපි ‌කෙනෙකුට සමාව ‌දෙන්නේ නැත්නම්, අපේ වරදට සමාව බලාපොරොත්තු ‌වෙන්න අපට බෑ. වරද කරන අයට සමාව දීමට වාර ගණනක සීමාවක් නෑ. ඔහු වරද හදාගනීවි යන අපේක්ෂාවෙන් අසීමිතව සමාව දීම අවශ්‍යයි. ඒ වගේම වරද ‌තේරුම්ගෙන ආපිට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීම වැදගත්.

බුදුන් ළඟ පැවිිදි වී රහත් භාවයට පත්වූ අංගුලිමාල ‌තෙරුන්ගේ කතාවෙනුුුුත් අපට ‌තේරුම්ගන්න පුළුවන් සත්‍යය ඒකයි.

නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං.
අවේරේනච සම්මන්තී, ඒස ධම්මෝ සනන්තනෝ....

(වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය සනාතන ධර්මතාවයකි.)

--------------------------------------------------
කලින් ලියූ නත්තල් කළාප

දන්න කියන ‌කෙනෙක්
ජේසු කුහක සදාචාරවාදයට එරෙහිව
මෝසස්ගේ ‌දෙවියන් සහ ‌ජේසුස්ගේ ‌දෙවියන්

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ‌මෙතනින්...

22 comments:

  1. ජේසු යුදෙව් පව්ලක ඉපදුනාට කෙරුවෙම යුදෙව් ජාතියට පාඩුවක් වෙන දේමයි. ඒ මිනිස්සු හිටියෙ අමාරු තත්වයක. එක පැත්තකින් ජාතියට ද්‍රෝහිවූ රජෙක් අනිත් පැත්තෙන් රෝම අධිරාජ්‍යයට යටත්වෙලා.
    මේ වගේ තත්වයක්තුල ජේසු කලේ රැවුල ගිනි අරන් ඉන්නකොට සුරුට්ටු පත්තුකරන්න හදනවා වගේ වැඩක්.

    මතුපිටින් හොඳයි වගේ පෙනුනට ජේසුගේ ඉගැන්වීම් නිසා වෙන්නේ යුදෙව් සමාජයේ විනය පිරිහීමයි. මොහන්දාස් ගාන්ධිටත් ඔය චෝදනාවම තියෙනවා. එයාගේ සිවිල්නීති කැඩීමේ ව්‍යාපාරය නිසා නිදහසින් පසු ඉන්දියාව තුල විනය පිරිහුනා.

    මෙම නිසාම යුදෙව් පූජකවරු සාකච්චා කරලා මේ කාලකන්නියාගෙන් තම ජාතිය බේරාගන්න සැලැස්මක් හැදුවා.
    ඒ අනුව ඔවුන් රෝම පාලකයා හරහා ජේසුව මරා දැමීමට තීරණය කලා. එතනදී රෝම ආන්ඩුකාරයා දැක්කා ජෙුසු වගේ පුකේ රැඩිකල් එවුන් යුදෙව් සමාජය තුල සිටීම රෝම අධිරාජ්‍යයට වාසිබව. ඒ නිසාම ඔහුව මරන්න අකමැති වුනා. ඒ නිසා ඔහු යුදෙව් පූජකයන්ට කීවා
    මේ මිනිහා අහිංසකයි මූව මැරුවොත් උඹලාගේ ආගමේ හැටියට පවු සිද්ධ වෙනවා නේද කියලා. එතනදී යුදෙව් පූජකයෝ කිව්වා ඒ පව් වලට අපි කරගහන්නම් අපේ ජාතිය වෙනුවෙන් අපේ පෞද්ගලික විමුක්තිය කැපකරනවා කියලා. ඒ විදියට යුදෙව්වෝ ජේසුගේ කරුමෙන් ගැලවුනා.

    ජේසු ගාව තියෙන පජාත ගතිය සිංහල කතෝලිකයෝ තුලත් දකින්න පුළුවන්. බලන්න බ්ලොග් ලියන සිංහල කතෝලිකයෝ දිහා. සිංහල ජාතියට හානියක් වෙන වෙලාවට මුංට ආතල් එකක් එනවා.
    මම ඒ ගුනය හඳුන්වන්නේ සිංහල කතෝලිකයන් තුල ඇති ජන්ම ද්‍රෝහිකම කියලා.
    දැනට මම ඒක දැක්කෙ නැත්තේ වාසිතය බ්ලොගය ලියන ඩියෝන් මිතිල ප්‍රනාන්දු තුල විතරයි. නමුත් එයා තුල වුනත් ක්‍රිස්තියානි ජාති ද්‍රෝහියා හැංගිලා ඉන්නවා. දැනට මිතිල ඉන්නේ ජෙකිල්ගේ තත්වයේ. නමුත් පාලනය ගිලිහුනොත් හයිඩ් එලියට එනවා.
    මේ තියෙන්නේ ඊට උදාහරණයක්
    http://marcuspriyanthaperera.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පළමුවැනිව කියන්න ඕනෙ,

      කිසිම කෙනෙක් මගේ බ්ලොග් එක තුළදි තවත් කෙනෙකුව හෙළා දැකීම, (කරුණු ඉදිරිපත් නොකර) ඒ වගේම සමාජ කණ්ඩායමක් stereotype කිරීම කියන දේ මම හෙළා දකිනවා. ඒ වගේම අන්තෝනියෝ ඉහල සහ පහළ දක්වලා තියෙන අදහස්වලින් කාටහෝ සිත් රිදීමක් ඇතිවීම ගැන මම ඉතාම දුක් වෙනවා.

      Delete
    2. ජේසුතුමා තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කරපු කාලවකවාණුව ඊශ්‍රායෙලය රෝමයට යටත්ව පැවතුණු අවධිය. රෝමයට යටත් වී පැවතුණේ ඊශ්‍රායෙලය විතරක් නෙවෙයි. එංගලන්තය පවා, මිසරය ග්‍රීසිය වැනි මුල් ශිෂ්ඨාචාරයකින් ගොඩනැගුණු රාජ්‍ය පවා රෝම අධිරාජ්‍යයේ කොටසක්. ඔය හැමතැනම රෝමයේ පීඩාකාරී පාලනය පැවතුණා. එයට එරෙහිවුණේ ස්පාටකස් සහ හැනිබල් විතරයි මගෙ දැනුමෙ හැටියට.

      හෙරෝද් ජුදයාව පාලනය කළේ රෝමයේ ආණ්ඩුකාරයා විදිහට. ඔහුගේ පියා ජූලියස් සීසර් සමඟ පැවැත්වූ සම්බන්ධතාව හරහා බලයට පත්වුණේ. (https://g.co/kgs/aN9w4b) එහෙදි ඔහු රෝම ආගමික සංස්කෘතිය යුදෙව්වන් මත පටවලා නැති බව ඔප්පු වෙනවා, යුදෙව් ආගමික සංස්ථාව පිලාත්ගේ යුක්තිය පසිඳලීමට මැදිහත් වීමට පවා ශක්තිමත්ව සිටීමෙන්.

      එවැනි සමාජ පසුබිමක, අන්තෝනියෝ ජේසුගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරළි ගසා ජුදයාව ස්වාධීන කරගන්නද? එකෙ ප්‍රතිවිපාක ජුදයාවට බලපානවා ඇත්තෙ කොහොමද කියන එක, ස්පාටකස් සහ ඔහුගෙ පිරිස රෝමයේ සිට කැපුවා දක්වා මාර්ගයේ දෙපස කුරුසයේ ඇණගැසීමෙන් පැහැදිළි වෙනවා.

      ජේසුතුමාගේ දර්ශනය නිසා ඊශ්‍රායෙලයට රෝමයෙන් අහිතකර බලපෑම් එල්ල වුණේ නෑ. ජේසුගේ අනුගාමිකයන් නම් මුල් කාලීනව දැඩි මර්ධනයකට ලක් වුණා. නමුත් පසුව සාවුල් ජේසුගේ ඉගැන්වීම් රෝමානු කතෝලික දහම බවට පත් කරගෙන, රෝමයේ ප්‍රධාන ආගම බවට පත් කළා.

      ජුදයාවේ පැවතුණු, ජේසුතුමා නිසා පිරිහුණු "විනය" ගැන නම් මොනවට කතා කරනවද? ළමයෙක් අකීකරු වුණහම පවා ගල් ගහන විනය... ජේසු ඉගැන්නුවේ නීතිවලින් සහ දඬුවම්වලින් සමාජය යහපත් කරන්න බැරි බවයි. මම ඉහළ ලිව්වෙ ඒ ගැන.

      ජේසුතුමා දේශනා කළේ දර්ශනයක්. ඒ මිස රෝම පාලනය පෙරළා දමා ජුදයාවෙ රජවෙන ව්‍යාපෘතියක් එයාගෙ තිබුණෙ නෑ.

      ඔය අන්තෝනියෝ කරන විවේචනය බුදුන්ට අදාළව පරිවර්තනය කළොත්, "ප්‍රාදේශීය රජ පවුලක ඉපදිලා, චක්‍රවර්ති වෙන්න පුළුවන්කම තියෙද්දි, තපසට ගිහිං බඩට කෑමක් නැතුව, මැරෙනකම්ම ගෙවල්වලින් ඉල්ලගෙන කාලා, ශාක්‍ය වංශයේ බලාපොරොත්තු කඩ කළා" කියල කියන්න පුළුවන්. ඒත් එතුමා සමාජයට ලබා දුන්නු දර්ශනය තවමත් අති විශිෂ්ඨයි. එතුමාගේ දර්ශනයේ යම් යම් කොටස් පමණක් අනුගමනය කළත් මේ සමාජය මීට වඩා ඉහළ තැනකට පත් කරගන්න පුළුවන්.

      Delete
  2. හැබැයි ඉහත ප්‍රතිචාරයේදී මම ජේසුව සැලකුවේ තනි පුද්ගලයෙක් හැටියට (හරියට බුදු හාමුදුරුවෝ වගේ).
    නමුත් ක්‍රිස්තියානි විශේෂඥයෝ ජේසුව හඳුන්වන්නේ දෙවියන් වහන්සේගේ දීර්ඝ කාලින සැලැස්මක කොටසක් හැටියට. විවිධ ක්‍රිස්තියානින් අතර මතබේද තිබුනත් ඒ කතාව මෙහෙම හැමෝටම හරියන විදියට කියන්න පුළුවන්.

    ජේසු සාමයේ කුමරු හැටියට හඳුන්වනවා අහලා ඇති. ඒ වගේම ජේසු ලෝකයට සාමයේ පනිවිඩය ගෙනාවා කියලා කියනවත් අහලා ඇති.
    හැබැයි මේ සාමය (දෙමළ ජනකාවගේ ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් දීම වගේ) ලෞකික සාමයක් නෙමෙයි. මෙතන සාමය කියන්නේ දෙවියන් වහන්සේ සමඟ සාමය ගැන එනම්, දෙවියන් වහන්සේ සමඟ එකට ඉන්න පුළුවන් තත්වයට මිනිස්සුන් වෙනස් කිරීම.
    ආදම් ඒවා දෙවියන් වහන්සේට අකීකරුවීම නිසා ඔවුන් පාපයක් කරගත්තා. ඒ පාපය නිසා ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් දෙවියන් වහන්සේ සමඟ එකතුවෙන්න බැරිවුනා. එය දෙවියන් වහන්සේ සහ මිනිසා අතර සාමය කැඩීමයි.
    මෙම පාපයෙන් නිදහස් වී දෙවියන් වහන්සේ සමඟ සමාදාන වීමට නම් පව් සමාකරගත යුතුයි. ඒ සඳහා බිලිපූජාවක් හැටියට බිලිවෙන්න තමයි ජේසු ඉපදුනේ. නැතුව බුදු හාමුදුරුවෝ වගේ ආගමක් දේශනා කරන්න නෙමෙයි.
    මෙම කාර්යය සඳහා මිනිසා සූදානම් කිරීමට දෙවියන් වහන්සේ මුලින්ම යුදෙව් කියලා ජාතියක් හැදුවා. ඔවුන් අන් ජාති සමඟ මිශ්‍රවීම වැලැක්වීමට නීති පද්ධතියක් ලබා දුන්නා. ඔවුන්ට මංගල්‍ය 7ක් පවත්වන්න නියම කලා. එම මංගල්‍යවලින් කෙරෙන්නේ මිනිසා සම්බන්ධ දෙවියන් වහන්සේගේ සැලැස්මගැන ඉඟියක් ලබා දීමයි.

    එයින් එකක් තමයි සමාදාන කිරීමේ මංගල්‍යය. ඒකෙදි යුදෙව් අය කරන්නේ. පසුගිය වසරතුල තමන් කල පව් සමාකරගැනීම සඳහා බිලිපූජාවක් පැවැත්වීමයි. ජේසු කුරුසය මත මියයයාම ඒ බිලිපූජාවට අනුරූප දෙවියන් වහන්සේගේ නියම සමාදාන මංගල්‍යයයි. යුදෙව් අය කරන සමාදාන මංගල්‍යය නියම එක අනුකරනයකිරීමක්.

    ජේසුගේ කියමන් වලින් යුදෙව්වන්ට ඔහු අවධාරණය කලේ දෙවියන් වහන්සේගේ සැලැස්ම යුදෙව්වන්ගෙන් එහාට පැතිරි ඇති බවයි.


    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර මේ තැන්වලින් ගන්න පුළුවන්.

      https://www.youtube.com/channel/UCspSYGkBRm9pKd6OKXnN2qg

      https://www.youtube.com/channel/UCVkplsoMIwFff930gVT-9Ng

      (ඩිලන්තට කාලක් විතර පිස්සු, ගොස්පල් කට්ටියට තුන් කාලක් පිස්සු :D)

      Delete
    2. @ anthoniyo bahijata

      // මතුපිටින් හොඳයි වගේ පෙනුනට ජේසුගේ ඉගැන්වීම් නිසා වෙන්නේ යුදෙව් සමාජයේ විනය පිරිහීමයි //

      පොන්සි අන්තෝනියා 'උබ ඒ මැද' කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද බන් ?
      උබ ගෑනුත් නෙවේ පිරිමිත් නෙවේ ඒ දෙක මැද ඉන්නවා කියන එකද ?
      මට පෙන්නේ උබට කොලුකාර පාදිලියෙක් අහවල් වැඩේ කරලද කොහේදෝ ?
      ඒ නිසා උබට සෑහෙන හීනමානයක් තියනවා වගේ බන්............

      කතෝලික සභාව කියන හොර ගුහාව කෙසේ වෙතත් ජේසු කියන්නේ ජනතාවාදී අදහස් තියන කෙනෙක් කියන එකයි මගේ හැගීම......

      දැන් බලපන් උබ උඩින් කියලා තියන ගොබ්බ කතාව.......

      කලින් යුදෙව් සමාජයේ තිබුනේ ඇසට ඇස, දතට දත කියන පළිගැනීමේ නීතියනේ.......එකට ප්‍රති විරුද්ධව සමාව දීම හදුන්වලා දීපුවාම සමාජයේ විනය පිරිහෙනවලු......

      උබ කියන විනයක් යුදෙව් සමාජයේ තිබුනා නම් වැරදි සිද්දවෙන්න බෑනේ.......වැරදි නැති නම් මොකටද බන් ඇස් ගලවන්නේ, දත් ගලවන්නේ......අහක යන ගෑනුන්ට ගල් ගහන්නේ, වැරදි නැති උන් ගල් ගහපල්ලා කිව්වාහාම හැම එකාම ගල් බිම දාලා පැනලා දුවන්නේ, ඒ හැම එකාම වැරදි කරලා තිබුන නිසානේ........අපි අහලා තියනවා ජේසු දෙපැත්තේ එන ගැහැව්වේ හොරු දෙන්නේක්ලු, බරබ්බාස් කියන්නේ හොරෙක් ලු, ඒ කියන්නේ ඒ කාලේ අම්බානෙකට හොරු ඉදලා තියනවා.......එතකොට කොහෙද ගොනෝ යුදෙව් සමාජයේ විනයක් තිබිලා තියෙන්නේ........බලාගෙන යනකොට තිබිලා තියෙන්නේ කිසිම විනයක් නැති ආගම විතරක් කරේ තියාගත්තා වංචාකාරී සමාජයක් නේ........ආගම විතරක් කරගහගෙන යන වංචාකාරී සමාජයට සැබෑ සාමය අදුන්නලා දීපු නිසා වෙන්න ඇති ඒකාලේ හිටපු පල හොරු ජේසු එක්ක තරහා උනේ.......ආගම විතරක් විකුණගෙන කන උබලා වගේ පල් හොරුන්ටත් ඒ නිසා වෙන්න ඇති සමාව දීම කියන වචනය ඇහෙනකොට අදෝ මාර්ගය කසන්නේ.........උබගේ ගොන් පාර්ට් දකිනකොට මට මතක් වෙන්නේ ඒ කාලේ හිටපු පරිසිවරු කියන හොර පුජකයන්ව.........කරුමේ කියන්නේ දැන් ඉන්න ගොඩක් පාදිලියොත් ඒ ජාතියේ උන්........උබත් ඒ ජාතියේම ආගම විකුණගෙන බඩගොස්තරේ වඩාගන්න හොර දෙසපාලුවන්ගේ පශ්චාත් භාගය ලෙවකන ගොන් පරිසියෙක් බොල ගොන් න්තෝනියෝ............

      Delete
    3. "දෙවියන් වහන්සේගේ සැළැස්ම"...? ඒ කියන්නෙ අන්තෝිනයෝ එකම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විශ්වාස කරනවද?

      Delete
    4. අපේ තිස්ස ජනනායක සර් කිව්ව හැටියට
      සිංහලයන්ගේ විරෝධාල්ප ගතිය වැඩියි. අනවශ්‍ය රැඩිකල් කමෙනුත් ජාතියට වෙන්නේ පාඩුවක්.

      ජේසු වගේ උන්ට ඉඩදුන්නොත් යුදෙව්වන්ට වෙන්නෙත් ඒ වගේ විපතක්.

      Delete
    5. අනවශ්‍ය රැඩිකල්...? ඒ මොකද්ද?

      කොහොමත් රැඩිකල් කියන්නෙම පවතින සමාජ පිළිගැනීම වෙනුවට අලුතෙන් හිතන එකනෙ. ඒක කොහොමත් පවතින සමාජය එකපාරම පිළිගන්නෙ නෑ. සමාජයට පිළිගතහැකි වෙනස්කම් සහිතව කාලයක් ගියාට පස්සෙ සමාජ සම්මතය වෙනස් කිරීමකුයි වෙන්නෙ.

      තිස්ස ජනනායක ගැනනං ඉතිං මං කතා කරන්නෑ. තව ටික දවසකින් එම්සීසී ගැන ආණ්ඩුවේ මතය එළියට ආවහම අපි බලමු...

      Delete
    6. @ anthoniyo bahijataDecember

      // අපේ තිස්ස ජනනායක සර් කිව්ව හැටියට
      සිංහලයන්ගේ විරෝධාල්ප ගතිය වැඩියි. අනවශ්‍ය රැඩිකල් කමෙනුත් ජාතියට වෙන්නේ පාඩුවක්. //

      පොන්සි අන්තෝනි උබ ඇත්තටම සිංහල බෞද්ධ මනුස්සයෙක්ද නැත්නම් සිංහල කමට බෞද්ධකමට අපහාස කරන්න ආපු 'බොර්න් අගේන්' පිල්ලියක්ද බන් ??? ඒ තරමටම ගොන් විලි ලැජ්ජ මෝඩ කතා නේ බන් උබ කියන්නේ......

      ඇත්තටම මොකද්ද බන් අනවශ්‍ය රැඩිකල් කියන්නේ.......එතකොට අවශ්‍ය රැඩිකල් කියන්නේ මොකක්ද ???? ඒවාට තියන නිර්ණායක මොනවාද බන් ???

      හරි අප කියමු කිසිම රැඩිකල් එකක් නෑ. උබ කියන ගොබ්බ විදියට මෙච්චර කල් හිටියා වගේම හිටියා කියලා.........දැන් එතකොට මෙච්චර කල් ඔය ගොබ්බ විදියට ඉදලා ජාතියට ලොකු වාසියක් වෙලා ඇති මගේ හිතේ........

      උබ කියන ජරා මැදපෙරදිග තම්බින්ගේ බැල මෙහෙවර කරලා තමා රටේ ණය වාරිකේ ගෙවන්න සල්ලි හොයාගන්නේ.........

      සිංහල ජාතියේ ලොකුම ආදායම උබ කියන ජරා තම්බි ජාතියට ගෑනු සප්ලයි කිරීම......ඕන් තොපි කියන විදියට ඉදලා ජාතියට වෙච්ච මහා ලොකු ලාබය.........

      ඉස්සරහටත් මේ විධියට ඉදපල්ලා කියලනේ තොපි මේ නොකියා කියන්නේ.........මට පෙන්නේ උබ දේසාපාලුවන්ගේ කක්ක්කුස්සි කඩාගෙන කාලා ජිවත් වෙන ඒක වහගන්න ජාතිය ආගම විකුණන් කන පොන්සියෙක්............ !!!

      යකෝ අතපය හොලවලා රස්සාවක් කරලා ජිවත් වෙයන් ජාතිය ආගම විකුණගෙන කාලා ජිවත්වෙන්ඩ එපා...........

      Delete
    7. අන්තෝනියෝටත් ඇනෝටත් තමන්ගේ අදහස් ප්රකාශ කරන්න අයිතයක් තියෙනවා. ඔය දෙන්නම ඒක අනිත් අයට අපහාස නොකර භුක්ති විඳිනවනම් තමයි ඔයාලගෙ කොලිටිය අපට පේන්නෙ...

      Delete
  3. මොන ආගමක් ඇදහුවත් කමක් නැහැ, මනුස්සකම අමතක නොකර. මට වැරදියි කියලා පේන්නේ එහෙම නොකෙරුණු තැන්........

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ඒක මොනම ආගමකවත් ඇති වැරැද්දක් නෙවෙයි, අන්ධානුකරණයෙන් හෝ අන්තවාදීව අදහන්නන්ගේ ඇති වැරැද්දක්. හැම ආගමක්ම හැඩ ගැහිලා තියෙන්නේ ඒ අදාළ ශාස්තෲවරයා හිටපු කාලයට අදාළව. ඒවා සනාතන ඉගැන්වීම් කියලා සළකන එක වැරදියි. මනුෂ්‍යයෙකුට විචාරශීලී බුද්ධියක් තියෙන්න ඕනෙ හරි වැරැද්ද තේරුම්ගන්න...

      Delete
  4. ඔබ මේ පවුතකාරයින්ට ගල් ගසා මැරීමෙන් පව සේදී යයිද ? වෛරයෙන් වෛරය යන්න් නොසං සිඳේ මේ දේව වාක්‍ය ඒතතු ගැන්වීම පිණිස දෙවියනි ඔබ කොහිද ච්‍රිත්‍රපටය නිපදවා තිබේ බලන්න. දේව වාන්‍යය එයයි. එදා මෝසෙස් කලේ වැරැදිිද්ක් බව එය සනාථ කරයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විචාරිකාවනි, එකතු කිරීමට...

      මම අර චිත්‍රපටිය බලන්න තරයේ අධිෂ්ඨාන කරගත්තා. ඒවගේම අදහසක් තිබුණු හින්දි සිංදුවක් මට මතකයි රාජේශ් ඛන්නා හිටපු. එතනත් ගල් ගහන සිද්ධියක් තිබුණා.

      එදා මෝසෙස් කළේ, ඊජිප්තුවෙන් පළා යන වහලුන් කණ්ඩායමක් හික්මවීමට අවශ්‍ය කරපු තද නිති හඳන්වා දීපු එකයි. ඒතරම් තද නිති මැද වුණත් ඔවුන් අකීකරු වුණු අවස්ථා තිබුණා. ජේසුතුමා ඇවිත් ඒ තද නීති ආදරය පැත්තට යොමු කරලා වඩා මානවවාදී කරපු එකයි. ඒක මයෙ හිතේ පැවති රෝම ශ්ෂ්ඨාචාරයත් එක්ක එදා සමාජයට උවමනා කරපු දේ වෙන්න ඇති.

      Delete
  5. බයිබලයට අනුව ජේසුස් වහන්සේගේ (ජොෂුවා) කියන්නේ මනුශ්‍යයෙක් නෙමෙයි.
    යොහොව්වාගේ සාක්කි කාරයන් හිතන විදියටනම් ජේසු කියන්නේ මිකායෙල් (මයිකල්-ඉංග්‍රීසි) කියන දේව දූතයටයි.
    ශුද්ධ වූ ත්‍රිත්වය විශ්වාසකරන අයට අනුව
    මුලින් හිටියේ දෙවියන් වහන්සේ සහ ශුද්ධාත්මයානන් වහන්සේ විතරයි.
    පස්සේ විශ්වය මැවුනට පස්සේ දෙවියන් වහන්සේම ජේසුස් වහන්සේ විදියට මැවුනා.
    ඒ අනුව ජේසු විශ්වය තරම්ම වයසයි.
    බයිබලයට අනුව ජේසු මරියතුමියගේ පුත්‍රයා ලෙස උපදින්නට පෙරත් කිහිප වරක්ම පොලවට පැමින තියෙනවා.
    බයිබලයට අනුව ජේසුගේ වාහනයකුත් තියෙනවා.
    එය සමචතුරස්‍රකාර හැඩැති නිල් වීදුරු තහඩුවක් මත සවිකල සිංහාසනයකින් සමන්විතයි.
    එම චතුරස්‍රයේ කොන් 4 මත වලලු 4ක් තියෙනවා. එම වලල්ල ඇතුලේ ඊට ලම්බකව තව වලල්ලක් තියෙනවා.
    මේක බලන්න
    http://nebula.wsimg.com/27d56572d2b0706debd3201a4f2da31b?AccessKeyId=D9F98A5241638E934377&disposition=0&alloworigin=1

    ReplyDelete
    Replies
    1. තව අදහසකට අනුව, බෛබලයෙන් අයින් කරපු සුවිශේෂ කීපයකුත් තියෙනව. මරියතුමියගේ සිවුශේෂය සහ මරී මග්දලේනාගේ සුවිශේෂය ඒවයින් කීපයක්. ඒවයෙ හැටියට, මරියතුමිය කන්‍යාවකුත් නෙවෙයි. ජේසුතුමාගෙ සැබෑ පියා රෝම සොල්දාදුවෙක්.

      අන්තිමේදි බලනකොට ජේසුතුමා කවුරු උනහම මොකද මහත්තයො? මට අදාළ එයා උගන්නපු දේවල් විතරයි...

      Delete
  6. ලිපිය කියෙව්වා.. අපරාදය සහ දඬුවම ගැන ලොකු කතිකාවතක් ඇති විය යුතු කාලයක් තමා මේ. හැබැයි ඉතිං කොහෙවත් ඒ දේ වෙන්නේ නැහැ මොකද කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවා..
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. නෑ මේ දවස්වල ජාත්‍යන්තර තලය පවා මොළ නිර්වින්දනයකට ලක්වෙමින් යන්නෙ. ඉන්දියාවෙ විතරක් පොඩි වෙනසක් පේන්න තියෙනව අර පුරවැසි පණතෙ සංශෝධනයට විරුද්ධව වීදි බැහීමෙන්. අනිත් හැම තැනම රාජ්‍ය පාලනයට නතු වෙන මොළ ශෝධනය කරගත් ජනතාවක් තමයි වැඩිපුරම දකින්න තියෙන්නෙ.

      සුභ අලුත් අවුරුද්දක් වේවා අඟහරු ලෝකෙටත්...!!!

      Delete
  7. ජීවිතේටම කිසිම පවක් නොකල කෙනෙක් ඉන්නවනම් ඉරාජ්ට පලමු ගල ගහපියව්. අනිත් එවුන් ඉරාජ්ට වැඳපියව්.

    ඔ්ක තමයි ජේසුගේ චින්තනය.

    ReplyDelete
  8. උබගේ දැනුම හැකියාව හැම පැත්තකටම තියන්වා....එල ද බ්‍රා
    දැනුමට යමක් එකතු කරගත්තා

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි