Tuesday, February 11, 2020

යක්කුං‌ගෙ නිධානය - බුරුම ජනකතාවක්

ඉතිං ඔන්න කාලෙකින් බ්ලොග් එකට ආව. පහුගිය ටිකේ ඩ්‍රැකියානි විභාගයකට පාඩම් කළා. මම ඔය විභාගෙට පාඩම් කළේ 2017දි. ඒ දවස්වල මම හැම ඉරිදම පන්ති ගියා. හැමදාම රෑ 9 විතර ඉඳන් 12 විතර ‌වෙනකං පාඩම් කළා. ඒ කාලෙ අපේ පුංචිරාළට අවුරුදු ‌දෙකයි වයස. ඉතිං මට ඒ පාඩම් වැඩවලට පහසු ‌වෙන බබා බලාගෙන, ‌ගෙදර ‌දොරේ මා අතින් ‌වෙන්න තිබුණු ‌දේවලුත් සම්පූර්ණ කරගෙන, ඩ්‍රැකියානි මට මාර උපස්තම්භයක් වුණා. විභාගෙන් පස්සෙත් අපේ පත්වීම් අවුරුද්දක් හමාරක් පරක්කු වුණා. ඒ ගැන මම වැඩි විස්තර කවද හරි ලියාවි. ඒ කාලෙ විභාගෙ පාස් වුණු අපි ‌‌සෙට් එකම ‌ලොකු මහන්සියක් ගත්තා කටයුතු ටික ආපහු හරි මාර්ගෙට ගන්න. ඒකාලෙත් ඩ්‍රැකියානි මට මාර විදිහට සහයෝගය දුන්නා හිත නිරවුල්ව ඒ කටයුතු ටික කරගන්න. ඉතින් මමත් මට ඒ මට්ටමින්ම කරගන්න බැරි උනත්, මට ඇහැකි විදිහකට එයාට බැකප් එකක් දුන්නා ‌මේ පාර. ඒ නිසා බ්ලොග් එක ‌පොඩ්ඩක් පාලුවට ගියා.

ඉතිං අද මම කියන්න යන්නෙ බුරුම ජනකතාවක්. ගංජ කාරයෙකුයි, ‌බේබද්දෙකුයි, යක්කුයි ගැන.

https://www.vectorstock.com/royalty-free-vector/devil-tattoo-smoking-red-vector-27403285


බුරුමෙ එක්තරා හන්දියක තිබුණු අම්බලමක්, යක්කු රැස්වෙන තැනක් කියල ප්‍රසිද්ධ ‌වෙලා තිබුණා. කවුරුවත් ඒකෙ රෑ නවාතැන් ගත්තෙ නෑ යක්කුන්ට බයේ.

ඒ ගමේ හිටියා ගංජවලට ඇබ්බැහිවුණු මනුස්සයෙක්. එයා ගමෙන්ම ‌කොන් ‌වෙලා හිටියෙ, ඒ ඇබ්බැහිය නිසා. උන්දැට යාලුවෙකුට හිටියෙ තවත් ඒ වගේම රා‌ ‌බොන්ඩ ‌පෙරේත මනුස්සයෙක් විතරයි. ‌මේ ‌දෙන්නා උදේ ඉඳල ‌කොහෙ හරි කුළී වැඩක් කරලා කීයක් හරි ‌හොයාගෙන, හවස් අතේ තම තමන්ගෙ ඇබ්බැහිය සංසිඳුවාගෙන, කා‌ගෙ හරි අගු පිළක නිදා ගන්නව.

දවසක් ඔය ගංජ ‌ලෝලියට ‌කොහෙවත් කුළී වැඩක් හම්බුණේ නෑ. එයා හවස් ‌වෙනකොට ‌බොහොම අපේක්ෂා භංගත්වයට පත්වෙලා, කඩමණ්ඩියෙ ඉඳං, එතනට යන එන අය‌ෙගෙන් සල්ලි ඉල්ලන්න පටං ගත්තා.

ඔතනින් ගියපු ඉස්කෝලෙ මහත්තයෙක් ‌හොඳ ‌යෝජනාවක් කළා අර ගංජ බුවාට.

"තමුසෙ පුළුවන්නං අර අම්බලමෙ එක රැයක් ඉන්නව. මම තමුසෙට රුපියල් සීයක් ‌දෙනව" (ඔය කියන්නෙ අපේ සීයලගෙ කාලෙ)

කොල්ලා එක පයිං කැමති වුණා. "ඒකත් වැඩක්ද මහත්තෙයා. මම යන්නං දැන්ම. හැබැයි මට රුපියල් පහළොවක් ‌දෙන්ඩ දැං. ‌බනිස් ‌ගෙඩියක් කාලා, ‌ජොයින්ට් එකක් හදාගන්ඩ.."

ඉස්කෝලෙ මහත්තෙයා දුන්නා රුපියල් විස්සක්.

ඉතිං අර ‌කොල්ලා, එදා රෑ අම්බලමට ගියා පැදුරකුත් අරං. ගිහිං ඒකෙ ‌කොට බිත්තියක් උඩ ඉඳගත්තා. හීනියට ගංජ සුරුට්ටුවකුත් හදාගෙන පත්තු කරගත්තා. රෑ ‌දොළහට කිට්ටු ‌වෙද්දි අරූට නින්ද ගියෙම නෑ බයට. ඔන්න එතකොටම යක්කු එකා ‌දෙන්නා ‌‌සේන්දු ‌වෙන්න ගත්තා අම්බලමට. ආපු පළවෙනි යකා අරූ ‌දිහා ‌හොඳට බැලුවා.

"ආ.. ‌කොහොමද?" ගංජ කාරය ඇහුවා. "මං ටිකක් ‌වේලාසන ආව." කටේ ගිනි පුපුරකුත් තිබුණු නිසා ඉතිං යකා ඌ ගැන සැක කළේ නෑ.

පැය කාලක් විතර යද්දි යක්කු බර ගාණක් අම්බලමට ඇවිත්.

"මනුස්ස ගඳයි..." එකෙක් කිව්ව. "අපි ගණං කරල බලමු..."

"‌කෝ බලන්ඩ" ගංජ කාරය ඉස්සරහට ඇවිත්... "මං ගණං කරන්නං. ඔන්න මායි, එකයි, ‌දෙකයි, තුනයි..." එහෙම ගණං කරල, එකෙක් වැඩිපුර නෑ කියල ඔප්පු කළා.

ඉතිං ආපහු යක්කු ටික කතා බහ පටං ගත්තා.

"‌මේන්න ‌මෙතන නිධානෙයක් තියෙනව." එක යකෙක් අම්බලම ගාව ගහක් යටට අත දික්කරල ‌පෙන්නුව. ගංජ කාරය ‌හොඳට තැන මතක තියාගත්තා.

ඉතිං මුලු රෑම ආගිය කතා කතා කරපු යක්කු ටික පාන්දර ‌වෙද්දි යන්ඩ ගියා.

ගමේ උදවිය ආව ඉස්කෝලෙ මහත්තෙයත් ඉස්සර කරගෙන අර ගංජ කාරයට ‌මොකද වුණේ කියල බලන්න. සමහරු උදලු, ගල්කටුත් අරගෙන ආවෙ අරූ යකා ගහල, මැරිල නං වළලන්ඩ හිතාගෙන. ඒ ආව ‌කෙනෙක්ගෙන් උදැල්ලක් ඉල්ලගත්ත ගංජ කාරයා, ඒ අය ගියාට පස්සෙ අර නිධානෙ ‌ගොඩදාගෙන ‌යාළු බේබද්දත් එක්ක ‌ගෙයක් ‌දොරක් හදාගෙන ‌බොහොම ‌හොඳින් ගමේ වාසය කරන්ඩ පටං ගත්තා.

බේබද්දටත් කාලයක් යද්දි ආස හිතුණා නිධානයක් ‌හාරගන්ඩ. ගංජ කාරයා ‌කොච්චර එපා කිව්වත් අහන්නැතුව එයත් දවසක් ගියා අර අම්බලමට. ගිහිං ‌හොඳටම බීලා ‌කොට බිත්තිය උඩ ඇල වුණා. ‌උන්දැට නින්ද ගියා. යක්කු ටික ඇවිත් කලින් දවසෙ වගේම "මනුස්ස ගඳයි " කියලා ‌හොයන්න ගත්තා. එතකොට දැක්කා බුදියගෙන ඉන්න ‌බේබද්දව. කලින් දවසෙ නිධානෙ ගන්ඩත් ඇත්තෙ මූ ම තමයි කියල හිතපු යක්කු ටික, උන්දැගෙ නහය දහ අට රියන් ‌දික් වෙන්න ඇදලා, ගියා.

පහුවදා උදේ යාළුව ‌හොයාගෙන ගංජ කාරයා අම්බලමට යනකොටත් උන්දැ නිදි.

ඉතිං ‌බොහොම අමාරුවෙන් එයාව ‌ගෙදර එක්කරගෙන ගියපු ගංජ කාරයා හිතාගත්තා, අර දිග නහය ‌කොට කරන්ඩ විදිහකුත් යක්කුන්ගෙන්ම තමයි අහගන්න ‌වෙන්නෙ කියල.

ඉතිං තවත් පාරක් ගංජ කාරයා ගියා අම්බලමට. එදත් යක්කු ටික රැස් ‌වෙලා මිනිස් ගඳට ‌හොයන්න ගත්තා. ඇහැරලා හිටපු ගංජ කාරයා යක්කු ටික රවට්ටගෙන තමනුත් යකෙක් විදිහට රඟපෑවා.

"එදා උඹලා ටික අරූ වටකරගත්තනෙ. මට ළඟටවත් යන්ඩ බැරිවුණා." ගංජ කාරයා කිව්වා. "මම උන්නෙ අරූගෙ නහය දහඅට රියන් ‌නෙවෙයි, අසූ රියන්වත් ‌වෙන්න අදින්න." ඉතිං යක්කු උන්දැ ගැන සැක කළේ නෑ.

"හැබෑට ‌කොහොමද ඔය නහය ‌කොට කරන්නෙ?" ගංජ කාරයා ‌ෂේප් එකේ ඇහුවා.

"සිම්පල්නෙ මල්ලි" එක යකෙක් කිව්වා. "අමාවක දවසක රෑ, කලුවර ‌මෝල්ගහක් ඔය නහයට කිට්ටු කළාම, එක පාරකට අඩිය ගානෙ ‌කොට ‌වෙනව."

ගංජ කාරය ‌හොඳට මතක තියාගත්ත ‌වෙදකම.

එදත් පාන්දර ‌වෙනකං කතා බහ කර කර හිටපු යක්කු ටික කුකුළ අඬලද්දි යන්ඩ ගියා. ගංජ කාරයා ‌ගෙදර ගිහිං අර කියපු ‌වෙදකම කරලා යාලුව ‌බේරගත්තා.

මේ කතාවෙ ආදර්ශය ‌මොකද්ද? කියවපු උදවිය පහළිං කමෙන්ට් කරගෙන යන්ඩ...

59 comments:

  1. ගංජ ‌ලෝලියටයි ‌බේබද්දටයි නම් ‌‌යෝජනා කරන්න නං එන්ඩ එපා හරිය...?

    ReplyDelete
  2. හුජ්ජ කොල්ලෝ කාලේ අහපු කතා

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං. ඔ්කනෙ ‌කොරන්ඩ බැරි. මහන්සි ‌වෙලා රිසර්ච් බර ගාණක් කරල ‌පෝස්ට් එකක් දැම්මහම, ඒක චූටි කාලෙ අහල තියෙනවලු.

      Delete
    2. උබ හුජ්ජා කරාද බන්...එහනම් කක්කා නොදා හිටියෝත් හොදයි මේ බ්ලොග් එකේ

      Delete
    3. හා හා ‌මෙන්ඩො ඉවසීමෙං...

      Delete
  3. යක්කුං ගෙත් නහය අදින්න පුලුවන්
    https://aclerkofoxford.blogspot.com/2012/05/stories-of-st-dunstan-4-dunstan-and.html
    http://weddingstreet.in/wedding-articles/funny-wedding-traditions-in-india-313
    https://www.urbandictionary.com/define.php?term=nose%20pull

    ReplyDelete
    Replies
    1. ඩන්ස්ටන්ගෙ කතා මම අහලම නෑ. ඒකත් ‌මේ බ්ලොග් එකේ තවත් සීරීස් එකක් ‌වෙයිද දන්නෑ...

      අර මනමාලයගෙ නහයෙං අදින්නෙ නැන්දම්ම ‌වෙන්ඩැති. ‌මෙහෙ නං කරන්නෙ නහයට ලණුවක් දාගන්ඩ උත්සාහ කරන එකනෙ.

      නහයෙ රබර් පටියක් දාල අදිනව කියපු එක ‌තේරුණේ නෑ...

      Delete
  4. ලස්සන කතාව. කතාවට වැඩ ලස්සන නෝනගේ නම ඩ්‍රැකියානි. සභාවේ තදින් සිනා. :)

    ReplyDelete
    Replies
    1. ඒක ‌බොලේ...!!! හැක් හැක් හැක්...

      ඔය නම දැම්මෙ සිරාගෙ කාමරේ ඉන්න සිරා. http://siragekamare.blogspot.com/

      Delete
  5. ගංඡ කාරයා යනු සුපිරි මීටරයක් වන අතර බේබද්දා නම් බුද්ධි හීනයෙකි.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං සාමාන්‍ය ‌දෙයක්නෙ... ‌නේද? මට ඒ කාලෙ මතක තිබුණා ගංජ කාරයො ගැන කතා සෑහෙන තරං...

      Delete
  6. ඩ්‍රැකියානි හරියන්නෙ නෑ. ඩ්‍රැකිරානි නම තමයි හරියන්නෙ. රානි කියන්නෙ රාජ කුමාරි කියන එක. ඩ්‍රැකියගෙ කුමාරි ඩ්‍රැකිරානි.

    ReplyDelete
    Replies
    1. හා. මං කියල බලන්නං උන්දැට... (‌කොහුපාර හරි ‌පොල්බෑ පාර හරි ෂුවර්...)

      Delete
    2. මට නම් හිතෙන්නේ ඩ්‍රැකිනි කියන නම තමයි හොඳ.

      Delete
    3. මං එයාට කියන්නෙ __පැටියා කියල. ඒක තමයි ‌‌හොඳම. දැන් දැන් අපේ ‌පුංචිරාළත් අම්මට ‌තරහ ගියාම ‌ෂේප් කරගන්න ඒකම කියල කතා කරනව.

      Delete
  7. බුරුම ජන කතා කියල පොතක් තියනවා...ඒකෙ ඔය කථාව තියෙනවනෙ දැති හුළහ තුමා...

    ReplyDelete
    Replies
    1. මං කියවපු ‌ෙපොතම තමයි මට හිතෙන්නෙ. "හිරු ‌දෙවියන් පැරදවීම - බුරුම ජනකතා"

      අනේ ‌ලොකු මල්ලි පිං සිද්ධ ‌වෙයි. ඔය ‌පොත මට සතියකට ණයට ‌දෙන්ඩකො. ස්කෑන් කරගෙන ‌දෙන්නං. ඒ ‌වෙනුවෙන් සමාන කතාවකුත් කියන්නං...

      Delete
    2. ටක්කෙටම හරි...ඒක තමයි පොත...මං ගාව තියෙනවා...කොහොමද දෙන්නේ?

      Delete
    3. මට උඹේ නම්බරේ ‌මේල් එකක් දාහං... drackey@gmail.com මම උඹ කන්ටැක්ට් කරගන්නං. අනේ බං ‌ලොකු හයියක්. මම ඔය ‌පොත කාලෙක ඉඳං ‌හැම තැනම ‌හොයනව.

      Delete
  8. මං හිතුවේ බාබෙද්දො ඉන්නෙ ලංකාවෙ කියලා බුරුමෙත් ඉන්නවා කියලා දැනගත්තා. පිනෝකියෝ කතාවෙත් නහයක් ගැන කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. බුරුමෙත් ඉන්නව, යතුකැටෙත් ඉන්නව.

      පිනෝකි් වගේම තමා බුරාතිනෝ. අහල තියෙනවද?

      Delete
  9. මෙන්නෝ.. ගංජා නීතිගත කරන්න සහයෝගේ ගන්න ආණ්ඩුවට කඩේ යනවෝ.. මේවටත් බජට් ඉල්ලපියෝ..

    ReplyDelete
    Replies
    1. ඒවට තියා, අපේ බඳවාගැනීම්වවලටවත් බජට් නෑ ‌මේ දවස්වල. අතුරුසම්මත ගිණුමනෙ...

      අනික, ගංජ ‌ගේන්ඩ කඩේ යන්ඩ පුළුවනෑ...? ඔහෙ හද්ද වන්නියෙ කඩපිලේ ගංජ තිබුණට ‌මෙහෙ ‌හෙණ ‌පොෂ්.

      Delete
  10. මොනාත් කියන්නේ නැහැ, නාහේ වරක් වෙයි කියලා!

    ReplyDelete
  11. අවසාන නිගමනය ගංජා හොඳැයි කියලැයි ඔයැයි කිව්වේ?

    ReplyDelete
    Replies
    1. අපි බලමු... තව තව අදහස් ඉදිරිපත් ‌වෙයිනෙ...

      Delete
  12. අදයි දැන ගත්තේ අපේ රටේ වගේම ආදී කාලයේ බුරුමේත් මග තොටේ අම්බලම් තිබිලා තියෙනවානේ. මට හිතෙන්නේ ඔය අම්බලම කියන වචනෙත් බුරුමය පැත්තෙන්ම ආපු එකක් වෙන්නට ඇති. ඒ උනාට අපේ රටේ අම්බලම් වල යක්කු නවාතැන් ගන්නා බව නම් අසා නැහැ.

    ReplyDelete
    Replies
    1. මම ඔය ගැන හිතුවෙ නෑ. ඒත් දයා මහත්තෙයගෙ කමෙන්ට් එකෙන් කුතුහලය ඇවිස්සුනා. විකිපීඩියා නං කියන්නෙ අම්බලම ලංකාවෙ ‌දෙයක් කියල. ඒත් එයිට සමාන විවේක ගන්න සාලාවල් පයිං සහ අශ්වයො පිටේ ගමන් ගිය කාලෙ හැම රටකම වගේ තියෙන්න ඇති. ආසියාතික උරුමයක් ‌නෙ හැම ‌දේම එන එන අයට ‌නොමිලෙ ලබාගන්න පහසුකම් සළසල තියෙන එක. ඒ වගේ තව ‌දෙයක් තමා පිංතාලිය...

      Delete
  13. හොඳම එක නිධානෙ ගම්මුන්ටත් යක්කුන්ටත් හොරෙන් හාරගත්තු එකයි නිධානයක් හම්බවෙලාවත් යාළුවා අමතක නොකරපු එකයි. යාළුවා වෙනුවෙන් මහන්සි වෙන තරම් බලන්න. කාවදෝ මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔ්වා තමා ආදර්ශ, ‌මේ කතාවෙන් ගන්න පුළුවන්... මතක් ‌ෙවෙන උදවිය ‌මෙතන ‌මෙන්ෂන් කරන්ඩ එපා, හරිනෑනෙව...

      Delete
  14. මේ කතාවෙන් ගත හැකි උපදෙස කසියා ගැහැව්වත් ජොයින්ට් එකකුත් පත්තු කර ගත් යුතුයි

    ReplyDelete
    Replies
    1. ඔය ‌කොයිවත් කරන්නෙ ‌මොලේ ‌ලේ සැපයුමට ඔක්සිජන් ‌වෙනුවට නිකොටින් සපයනව, එහෙම නැත්තං ග්ලූකෝස් ‌වෙනුවට ඊතයිල් ඇල්කොහොල් සපයනව. ඉතින් ‌‌මොලේ අඩපණ ‌වෙනව...

      Delete
  15. පොඩි මෙන්ඩට මේකේ බර අඩු කරන්නේ කොහමද කියලා කල්පනා කරන්නේ

    ReplyDelete
    Replies
    1. ගංජයි අරක්කුයි අයිං කරහං

      Delete
  16. මේ කතාව දැන් අහල තියනව කියල කියන්න බැහැනේ ඩ්‍රඇකිඊ බනිනවනෙ (draki කියල ලියන්න බෑ යකෝ මේකේ ) . ඔය කතාවේ තේරුම තමා "ගංජා යකාට ඕන යකෙක් පරාදයි " කියන එක

    ReplyDelete
    Replies
    1. ඩ්‍රඇකිඊ ශබ්ද කරන්නෙ ‌කොහොමද අප්පා...? ඒ වචනෙ තියෙනව අපිට පහසුවෙන් ‌නොපෙනුණත්, ජර්මානු ආර්ය ආභාසයක ‌සේයාවක් ගෑවිලා...

      1. මම බණින්නෙ නෑ අජිත්, බණින්නෙ ‌මෙන්ඩා. ඒ මට තියෙන ආදරේට. ඒ උනාට ‌හෙණ අප්සට් ඉතිං කවුරුවත් දන්නැතුව ඇති කියල හිතල කතාවක් ලියපුහාම...

      2. ඩ්‍රැකී කියල ලියන්න බැරිනං අර සුරංග දාපු නම හරි, ‌වෙන ඔ්නෙම නමක් හරි කියල කතා කරන්න. මට ඒ ගැන කිසිම අහිතක් නෑ.

      3. කතාවෙ ආදර්ශය ගැන මතක් ‌වෙලා තියෙන්නෙ ‌දෙතුන් ‌දෙනෙකුට විතරයි. ඒ කියන්නෙ, ‌ගොඩක් අය සරල විනෝදය මිසක් එයින් ජීවිතයට යමක් එකතුකරගැනීම කියන පරණ සංකල්පය ගැන හිතන් නෑ කියන එක.

      4. ගංජවලින් හිත එක අරමුණක රඳවගෙන ඒකෙ ගැඹුරට සිතීම ප්‍රවර්ධනය කරන බව ‌පේනව. ඒ වගේම ප්‍රචණ්ඩකාරී හැසිරීම් වළක්වනව. නමුත් හැම මත්ද්‍රව්‍යයකම දීර්ඝකාලීන ප්‍රතිවිපාක තියෙනව.

      Delete
    2. මම ගංජා ගැහුවම stone වෙනවා කියන එක දැකල තිබුනේ නැහැ.ඇම්ස්ටර්ඩම් ගියා යාලුවෝ සෙට් එකක් එක්ක කාලෙකට කලින් . නිදහසේ ඕවා ගන්න පුළුවන් එකම තැන. කේක් කෑල්ලක් කල සුරුට්ටුවක් බිව එක විතරයි කලේ එක යාළුවෙක් හෙල්ලෙන්නේ නැතිව කතා කරන්නේ නැතිව ඉන්නවා යකා ගහල වගේ. අපි හිතුවේ ඌට යකෙක් ගහල කියල. ගංජා යකා

      Delete
    3. මට ‌තේරෙන හැටියට අජිත්, ගංජ බලපාන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට ‌වෙනස්. සමහරු කල්පනා කරනව, සමහරු ලියනව, සමහරු අඬනව, සමහරු ගල් ‌වෙනව, සමහරු විහිලු කතා කිය කිය ඌම හිනාවෙනව.

      අපේ යාලුවෙක් දවසක් මහ රෑ යාගොඩ ස්ටේසමේ බංකුවක වාඩිවෙලා ඉන්නගමං, මනඃකල්පිත ඇපල් කඩ කඩා ෂර්ට් එකේ උඩ සාක්කුවෙ දාගත්ත. "ඔය ‌මොකද බං කරන්නෙ?" කියල අහපුහාම, "කෑ ගහන්ඩෙපා යකෝ. ඇපල් වත්තෙ මුරකාරයට ඇහෙයි" කිව්ව.

      මට හිතාගන්න පුළුවන් විදිහට, ‌නෙදර්ලන්තෙ ඔය තියෙන ලිංගික සහ මත්ද්‍රව්‍ය නිදහසේ හැටියට, ‌මේ ‌වෙනකොට ඒ රටේ අවුරුදු ‌දෙදාස් පන්සීයක ඔ්ලන්ද - කතෝලික පිරිසිදු සඟිස්කුරුතියයි සාරධර්මයි කාබාසිනියා ‌වෙලා, ඒ මිනිස්සු බලු බළල් තත්ත්වෙට වැටිල ඇති ‌නේද?

      Delete
    4. අපොයි ඔව් වැඩක්ම නැහැ දැන්. ගන්න දෙයක් නැහැ. අර දේශකයාගේ ඔන්ලයින් බිරින්දෑ අපුර්වී ගිහිල්ල ෆොටෝ දාල තිබුනේ අහවල් ඒවායේ . ඔන්න දැන් අලුත් මේයර් තහනම් කරන්නලු යන්නේ ඔක්කොම.

      Delete
    5. තහනම් කරන්න ඔ්නෙ ලස්සන නැති, පිළිකුල් හිතෙන ටයිප් ‌එකේ අහවල් එව්වා. නැද්ද?

      අර ‌දේශකයගෙ ‌බෙටර්හාෆ් ඇත්තටම ‌දේශකයට වඩා ‌හොඳා. කාටද ඔය ‌රොකට් ගැන කියවන්ඩ ඔනෙ කරන්නෙ? ඒ් අතිං අපූර්වි ‌ගොඩක් ඉන්ටරෙස්ටිං ‌දේවල් ගැන ලියනව.

      Delete
  17. දියව් දියව් ගන්ජ දියව්

    ReplyDelete
    Replies
    1. දියව් දියව්... ගනිව් ගනිව්...

      හූ!!!!

      Delete
    2. බයියන් කියන්නේත් බූරුවෝම තමයි ..කෙළවිලා.නන්නපෝල් වෙලා තියෙද්දී සිගිති ආතල් ගන්නවා

      Delete
    3. ඉතිං උඹ ගිහිං රට ‌බේරගනිං‌කො ඇනෝ...

      තමං‌ගෙ ‌‌ප්‍රොෆයිල් එකෙං ඇවිත් විවේචනය කරන්න ‌‌කොන්ද පණ නැති එවුං එනව අපිට කළ යුතු ‌දේ කියා ‌දෙන්න.

      Delete
  18. ඔන්න ඉතින් කතාව බාගෙට ලිව්වා.. අර ගන්ජා කාරයා (ඩ්‍රෑකී ?) නහය ගානට කොට කරලා මෝල්ගහ අයින්කරනකොට ඒක අහවල් එකේ වෑදුනා.. හය්යෝ
    සරත්

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඉවරයක් ‌වෙන්නෑ එහෙනං. ඊටපස්සෙ ආපහු අම්බලමට ගිහිං *** එළියෙ දාගෙන නිදාගත්ත හැටිත් කියන්ඩ ‌වෙනව.

      Delete
  19. ආදරුස නං කීයක්ද
    යක්කු කියන තරං කලු නෑ/මන්තරේ දන්නවනං ඕන යකෙක් දපනේ වැටෙනවා
    ගංජා ගැහැව්වත් නකතන් වෙන්න බොන්නනං හොඳ නෑ/තමුන් නොදන්න බුදුපිට් වෙන්න හදන එව්වෝ ගැන පරිස්සමෙන්
    අර ඉතිරි රුපියල් අසුවට මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. ඉතුරු අසූව ‌දෙන්ඩ ඇති ඉස්කෝලෙ මහත්තෙය. ඒ් අය හරි අවංක උදවියනෙ.

      අර ආදර්ස ඔක්කොම ‌හොඳයි. අර නකතං ‌වෙන්න ‌බොන ඒක ගැන ‌නේද අර ගාතාවක තියෙන්නෙ,

      "නක්කත්ත් යක්ඛ භූතානං - පාපග්‍රහ නිවාරණා"
      (නකතං ‌වෙන්ඩ ගහන පව්කාර ග්‍රහයෙක් ‌වේනම්, ඌ යකෙක් බූතයෙක් අතිං නිවාරණය ‌වෙන්ඩ ඉඩ තියෙනව)

      කියල...

      Delete
  20. ආදුරුසෙ තමා යක්කු කියන්නෙ අපි හිතන තරං පොරවල් නෙමේ කියන එක.

    දැන් අර ගුරුවරයා අම්බලමට යන්න කිව්වේ.. මොන පරි ඇටේකටද?

    ReplyDelete
    Replies
    1. යක්කු උනත් අප්ඩේට් ‌වෙලා නැත්තං ගංජකාරයෙක් අතිං ඇන්දෙන්න තියෙන ඉඩ වැඩියි.

      අම්බලමට යන්ඩ කිව්වෙ මයෙ හිතේ, ගංජ කාරයා යක්කුංගෙං බයකරල හරිමගට ගන්ඩ ‌වෙන්ඩැති. ඉස්කෝලෙ මහත්තුරුං‌ගෙ මාර ‌මොලේ ‌නෙ.

      Delete
    2. කවුරුත් හරි ප්‍රශ්නය ඇහුවේ නෑනේ.මේ බොයිලර් කුකුලෙක් වගේ හදිස්සියේම සුදු උනේ බාර සබන් ගාලා නාලද නැත්නම් බේකින් පවුඩර් විනාකිරි සමග මිශ්‍ර කරලා නාලාද,කෝස්ටික් සෝඩා නාලාද කියලා

      Delete
    3. කවුරු ගැනද ඇනෝ අහන්නෙ?

      Delete
  21. ඉස්කෝලේ ගිහිං ළමයින්ට කියන්න හොඳ කතාවක්.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා... ‌හොඳයි ‌හොඳයි. මත්ද්‍රව්‍ය අයින් කරල කියන්න මල්ලි

      Delete
  22. draki කියලා මට ලියන්නත් බැහැ යකා අයියේ.
    නහය ඇද්ද හැටි මතක් උන නිසාම බුරතිනෝ කියවන්න හිතුවා.

    :)

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ජාතියෙන් ඉස්සෙල්ලම කියෙව්වෙ බුරාතිනෝ. ඒ කාලෙ සෝවියට් දේශය සඟාවෙ පළ වුණා බුරාතිනෝ කියල චිත්‍රකතාවක්...

      ඩ්‍රැකී කියල ලියන්න බැරිනං, වෙන ඕනෙම නමක් කියන්න...

      Delete
  23. Replies
    1. ස්තූතියි. ඊළඟ කතාව ඊටත් මරු.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි