Wednesday, December 2, 2020

අවසානයක් නොවේ - 21

 "තේරුම් ගන්න තියෙන්නෙ ඩ්‍රේක්..." ඈ සිය සිහින් ඇඟිලි වලින් ඔහුගේ ඇඟිළි මිරිකා ගත්තී ය. "...යම් කිසි වෙනස් දෙයක් අපට ලැබෙන්නෙ, අනික් කාටවත් නොලැබී අපට ලැබෙන්නෙ, මේ ලෝකය වෙනුවෙන් යමක් ඉටු කරන්න... ඔයා හිතන්න - ඔයා දන්න දේවල් අනුව ඔයා හිතන්න ඒ මොකද්ද කියලා..."

ආදිකාල්පික වටපිටාව හා සෝම පානය ඔහුගේ සිතුවිලි ලිහිල් ස්වභාවයකට පත් කර තිබුණි. ඔහු අසළ ගල් තළාව මත වැතිර සිටි සුන්දර තරුණිය සිය මිත්‍රත්වය පිරිනමා තිබුණි... සිය සිතෙහි මෙතෙක් කල් තෙරපෙමින් තිබූ මහා ගැටළුව ට පිළිතුරු ඇගෙන් අපේක්ෂා කළ හැකි බව ඩ්‍රේක් හට වැටහුණි...

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසිවන කොටස

"ඔයා මේ තත්ත්වයට පත් වුණු විදිහ ගැන වරුණ යි සුමන යි මා එක්ක කිව්වා. ඔයා ඉස්සෙල්ලා කීව, ආදරය ගැනත් මම හිතන්නෙ, මං යමක් දන්නවා..." දුර්ගා කතා කරන්නට වූයේ ප්‍රවේසමෙන් වචන තෝරාගනිමින් බව ඇඩම් ට වැටහිණ. ඒ, නුසුදුසු වචනවලින් ඔවුන'තර පැවති සමීප බව ට හාණි නොවනු පිණිස යැයි ඔහු සිතී ය. "ඒ වගේම, ඔයා තුළ පේන්න තියෙනවා, තමන් තුළ ඇති වටිනාකම, එහෙමත් නැත්නම් තමන්ගෙන් මේ ලෝකෙට තියෙන්න පුළුවන් ප්‍රයෝජනය, කොටින්ම කියතොත් තමන්ගෙ ජීවිතයේ අරමුණ වටහාගෙන නැති බව. ඒ නිසා තමයි ඔයාට පැවැත්ම ගැන වේදනාවක් දැනෙන්නෙ..."

"මට අරමුණක් තියෙනවා..." ඇඩම් මඳක් පැකිළුණි. එහෙත්... "ඒ අරමුණ ඉටු කිරීමෙන් වාසියක් ලබන්නේ මාව මේ තත්ත්වයට පත්කරපු උදවිය ම යි." 

දුර්ගා ගේ දෑස් තුළ තියුණු බව මෙන්ම තෙත් බවක් ද වූ බව නාවුකයා දුටුවේ ය.

"මම මරණයෙන් බේරුණාට පස්සෙ, එහෙමත් නැත්තම් මාව බේරුවාට පස්සෙ, මාව ගෙනත් අතෑරපු මිටියාවතේ මම අවුරුදු පණහක් විතර හිටියා. එහෙදි මම විවාහ කරගත්ත ඉන්ග්‍රිඩ් මැරුණට පස්සෙ, මට තව දුරටත් ඒ මිටියාවතේ ජීවත් වෙන්න අරමුණක් තිබුණෙ නෑ. දකින දකින පැත්තෙ මම දැක්කෙ වේදනාත්මක මතකයන් විතරයි...

"ඉතින්, අන්තිමේ මම වෘකයො මාව කන්න එළවද්දි උන්ගේ උල් දත් වලට මුහුණ දීලා, වනාන්තරය පහු කරලා ගියා. නගින්න බැරි කඳු වැටිය ඉතාම අමාරුවෙන් නැග්ගා. කන්ද මුඳුනෙදි මට හම්බුණා අංග්ර්බෝදා කියන යෝටන් මායාකාරිය..."

මම තදින්ම වෙහෙසට පත්වෙලා හිටියෙ. එයා මට මීඩ් දුන්නා...
https://static.wikia.nocookie.net/oproleplaying/images/8/80/GA_-_Angrboda_-_
Pro.jpg/revision/latest/scale-to-width-down/350?cb=20190716025412

"පොඩ්ඩක් ඉන්න..." මඳ සිනාවක් පාමින් දුර්ගා ඔහුගේ කතාවට බාධා කළා ය. "සුමන යි වරුණයි වගේ නෙවෙයි... මං ඔය පිටස්තර දෙවිවරු ගැන දන්නෙ බොහොම ටිකයි. යෝටන් කියන්නෙ ඇස්ගාඩ් වාසීන්ගෙ විරුද්ධකාරයො කියල නං දන්නව..."

"ඔව්. හරි... ඔයා ලෝකී ගැන දන්නව ඇති නෙ?" 

"ඔව්. දන්නව..."

"අංග්ර්බෝදා තමයි ලෝකී ගෙ සහකාරිය... ඒ වගේම, රකුසන් ගේ මව. කඳුවැටිය මුදුනට එද්දි මම තදින්ම වෙහෙසට පත්වෙලා හිටියෙ. එයා මට මීඩ් බොන්න දුන්නා. මහන්සිය දුරු වෙලා, මට පොඩ්ඩක් පණ ආවට පස්සෙ එයා මට කිව්වා, 'මගෙ ඉළක්කය විය යුත්තේ අමරණීයත්වය' කියලා. ලෝකී මට දුන්නෙ ඇස්ගාර්ඩ් වාසීන් දැනසිටි උපරිම ශක්තිය යි.  සුවපත් වීමේ බලය ගැන ඒ රහස දැනගන්න ලෝකී ට එයාගෙ අයියා, බල්ඩුවර් මරන්න සිද්ධ වුණා. ඒ බලය මට ලබා දුන්නේ ඇස්ගාඩ් වෙනුවෙන් එක මෙහෙවරක් ඉටු කරන්න යි කියලා අංග්ර්බෝදා මට කිව්වා.

"ඇස්ගාඩ්වරු දෙවිවරු වුණාට, ඒ අය දවසක මිය යනවා. රැග්නරොක් එහෙමත් නැත්තම් ඇස්ගාඩ් ලෝකයේ අවසාන සටනෙදි ඒ අය ඔක්කොම මැරෙනවා. ඒ සටන පටන් ගන්නේ ලෝකී කියා චෝදනා කරන ඇස්ගාඩ් හි දොරටු පාලක හයිම්ඩාල් අවසානයේ ලෝකී මරාගෙන මැරෙනවා..."

"මම අහල තියෙනවා ඔය අනාවැකිය..." දුර්ගා තෙපළා ය. "එතකොට ලෝකී ට උවමනා කරල තියෙන්නෙ අමරණීය වෙන්න ක්‍රමයක් හොයාගෙන රැග්නරොක් සටන වළක්වන්න ද, නැත්නම් තමන් බේරෙන්නද?"

"ඔය දෙකෙන් කොයි අරමුණ වුණත්... ලෝකී වගේ රැවටිළිකාරයෙක් සටනක් වළක්වන්න තරම් පරාර්ථකාමී වෙයි කියල හිතන්න නම් බෑ. ඒ මොනව වුණත් මට බෑ කාගෙවත් ආයුධයක් වෙලා, කාටවත් වාසියක් ලබා දෙන්න මගේ ජීවිතේ කැපකරගන්න." 

"ඉතින් අමරණීයත්වය හොයාගන්න ලෝකී හරි අංග්ර්බෝදා හරි, මොනවද ඔයාට දුන්න තොරතුරු?"

"‌ලෝකී මට දුන්නේ ඉළක්කය විතරයි." ඇඩම් කීවේ ය. "ඒත් ඒ දේ ගැන හොයන්න විවිධ අවස්ථාවලදි විවිධ ආකාරයෙන් උපකාර කළා. මම මුලින් ම රෝමයේ, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සහ ඉස්තාන්බුල්වල තිබුණු ලේඛන හැදෑරුවා. ඒක වෙනුවෙන් සගයන් කීපදෙනෙක් එකතු කරගන්න ලෝකී ඔහුගේ දූතයන් මාර්ගයෙන් මට උදව් කළා...

"ගොඩක් ශිෂ්ඨාචාරවල විශ්වාස කරනවා අමරණීයත්වය දෙන පානයන් ගැන... ග්‍රීක - ලතින් ජාතීන්ට ඇම්බ්‍රෝෂා... යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කාරයන් අතර පාරාදීසයේ උල්පතක් ගැන කතන්දර තියෙනවා. ජේසුතුමා අවසානවරට මිදි යුෂ පානය කරපු කුසලානය සෙවීමේ ප්‍රයත්නයක් තිබුණා කුරුස යුද්ධ කාලයේ. හින්දුවරු විශ්වාස කරනවා අමෘතය ගැන. මාත් එක්ක හිටපු නාවික සගයෙක් සදාකාලික තරුණ බව ලබා දෙන උල්පතක් හොයාගෙන බටහිර පැත්තට ගියා...

"ඔය ඔක්කොම අදහස්, දේශාටන වාර්තා සහ ආගමික ලියවිලි එක්ක සසඳනකොට මට පේන්නෙ, මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ තියෙන ඔක්කොම මිත්‍යා කතා වල ආරම්භය යොමුවෙන්නෙ ආසියාකරේ මැද හරියට. සේද මාවතේ මැද... 

"මමත් කලින් කියපු සගයනුත් එක එක ප්‍රදේශ ඉළක්ක කරගෙන පරණ ලේඛන ගවේෂණය කළා. මට වැටහුණේ නාවික සින්බෑඩ්, ඉබ්න් බතූතා, මාර්කෝ පෝලෝ, ෆා-හියන් වගේ දේශාටකයන් ලංකාව ඇඩම් ගේ පාරාදීසය කියා සඳහන් කරන්නේ නිකමට නෙවෙයි... ඒ වගේම කීප තැනක පාරාදීසයේ උල්පත ගැනත් ඒ අය ලියා තියෙනවා. ව්‍යාකූල විදිහට... ඒත් ඒ හැම කෙනෙක්ම ඇසින් දුටුවේ නැති ස්ථානයක් ගැන එක සමාන විස්තර විවිධ කාලවල ලියා තියෙනවා..."

 "හොඳයි... මං ප්‍රශ්නයක් අහන්නම්. ඒකට මට හිතට එන පළවෙනි උත්තරේ ම දෙන්න හැබැයි..." දුර්ගා මඳ සිනාවක සැඟවුණු ස්ථිරසාර බැල්මකින් ඩ්‍රේක් ගේ දෑස් දෙස බැලුවා ය. "මම ඔයා නම්, මම කොහොම හරි අමරණියත්වය හොයා ගන්නවා. ඒක ලෝකීට දෙන්න කලින්, මම අමරණීය වෙනවා. එහෙම වුණොත්, ඊට පස්සෙ ඒ ලැබෙන අමරණීයත්වයෙන් ඔයා මොකද්ද කරන්නෙ?"

"මං අවුරුදු හාරසීයකට වැඩි කාලයක් තිස්සෙ එක එක දේවල් වෙනුවෙන් සටන් කරලා තියෙනවා..." ඇඩම් උත්තර දුන්නේ එකවරම ය. දැන් දැන් තමන්ගේ මුවට අදහස් එන්නේ කෙලින්ම ගැඹුරු සිතෙහි හටගන්නා හැඟීම්වලින්ම බව ඔහුට දැනුණි. එය හරියටම, ඔහු ඊට පෙර අසා තිබූ 'ඇත්ත ප්‍රකාශ කරවීමේ ඔසුවක්' පානය කර ඇති විටක දී මෙන් විය. "... මම හෙම්බත් වෙලා ඉන්නෙ ලේ දැකලා, මිනිස්සුන්ගෙ මාරාන්තික වේදනාවන් දැකලා... මට මේ වේදනාත්මක ජීවිතයෙන් මිදෙන්න පුළුවන් නම්, මම හැම උත්සාහයක්ම දරනවා, එකිනෙකා මරා ගැනීමේ ආශාව, යුද්ධ කිරීමේ ආශාව මේ මනුස්ස සංහතියෙන් තුරන් කරලා දාන්න..."

"මිනිස්සුන්ට ඒකට උවමනාවක් නැත්නම්? එහෙමත් නැත්නම් රජවරු සහ ආක්‍රමණිකයෝ ලේ මතින් ම තමන්‌ගෙ අරමුණු දිනාගන්න තද බල ලෙස ම ලැදි යි නම්...?"

"හැම ලැදියාවකටම කෙළවරක් ඇති..." ඇඩම් කීවේ ය. "අනික, ලේ හලන්න, තව කෙනෙක් වේදනාවට පත් කරන්න ආසාවක් ඇති වෙන්නෙ වේදනාත්මක ජීවිතයක් ගත කරන, පීඩාවට පත් වුණු කෙනෙක් තුළ විතරයි..."

දුර්ගා ගැඹුරු හුස්මක් හෙළුවා ය. ඇඩම් ගේ ඇඟිලි අතරින් සිය අතැඟිලි මුදා ගත් ඈ, දෑතම ගල් තලාවට තද කරමින් කෙලින් වී වාඩි විය.

ඈ බැරෑරුම් කතාබහකට සූදානම් වූ අයුරු දුටු නාවිකයාහට තව දුරටත් ගල් තලාවේ ඇල වී සිටීම සුදුසු නැතැයි හැඟුනි.

ගිණි මැළය අසල ගැයුුම් සහ නැටුම් නතර වී තිබුණි. අසළ ගොඩ ගසා තිබූ දරකොට වලින් ගිණි මැළය තවත් ප්‍රකෘතිමත් කළ කුරුම්බර, ඔහුගේ සගයන් අසළින් ම ඇළවී, මඳ වේලාවකින් ම ගොරවන්නට පටන් ගත්තේ ය.

"හොඳයි... මම ඔයාට කතාවක් කියන්නම්." දුර්ගා දෑත් ඔසවා පසුපසට යොමා, සිය දිගු කෙස්වැටිය ගුළියක් ලෙස හිස පිටුපසින් ගැට ගසා ගත්තා ය. "බොහෝම ඉස්සර... ඒ කියන්නෙ, දැනට අවුරුදු හයදාහකට විතර ඉස්සර... යාලුවො හත් දෙනෙක් හිටියා. 

"ඒ තරම් ඈත අතීත කාලයේ හිටපු මිනිස්සු ස්වභාවධර්මය එක්ක ජීවත් වුණේ. පරිසරය ගැන ලොකු කුතුහලයක් වගේම, ඒ දේවල් ගැන හොයන්න විවේකයත් ඒ අයට ඇති තරම් තිබුණා. ඉතින් ස්වභාවයෙන්ම, ඒ අය තමන්ගෙ වටාපිටාවෙ තියෙන සම්පත් වගේම බලවේගයන් ගැන හොඳ අවබෝධයක් තිබුණු උදවිය වුණා...

"ඉතින් අර යාලුවො හත් දෙනා ට විවිධ පැතිවල දැනුම තිබුණා. හැම දේකම ඇති රිද්මය ගැන හොඳ අවබෝධයක් තිබුණු රුද්‍ර, ධෛර්යවත් කාන්තාවක් වුණු ශක්ති, සත්ත්ව පාලනය ගැන දක්ෂ ගෝපාල, ආලෝකය සහ අඳුර ගැන කුතුහලයක් තිබුණු මිත්‍ර, ගෝත්‍රයේ ආරවුල් සාධාරණව විසඳලා යුක්තිය ඉටු කරපු යම, වෙදකම, මාතෘත්වය සහ රැකවරණය ගැන සියල්ලටම වැඩියෙන් සළකපු අග්නි... මේ අයගේ නායකයා වුණු ඉන්ද්‍ර ඉතාම දක්ෂ මෙහෙයවන්නෙක් වුණා...

ස්වභාවයෙන්ම, ඒ අය තමන්ගෙ වටාපිටාවෙ තියෙන සම්පත් වගේම
බලවේගයන් ගැන හොඳ අවබෝධයක් තිබුණු උදවිය...

https://1.bp.blogspot.com/-Q5fflObdq_A/WszK91J7r2I/AAAAAAAAAqI/
QuNb6wo0m8kv8WsffTUG40fFWKR7VH6wACLcBGAs/s1600/Social-And-Religious-Life-Indus-valley-civilization.jpg


"මේ හත් දෙනා තමයි ගෝත්‍රයේ ආරක්ෂකයන් වුණේ. පීතෘ මූූූූලික ගෝත්‍රය ම‌ෙහෙයවූ නායකයා වුණේ ඔවුන් සියල්ලන්ගේ ම වැඩිහිටියා වුුනු ආත්මන්... ඔවුන්ට තිබුණා එක අභියෝගයක්. මේ ගෝත්‍රය ජීවත් වුණේ තැනිතලා උස් බිමක. එතන ගෝත්‍රයකට සාමයෙන් ජීවත් වෙමින්, දඩයම් කරමින්, වගා කරමින්, පළවැල රැස් කරමින් ඉතාම හොඳින් වාසය කරන්න උවමනා සම්පත් තිබුණා. පිරිසිදු දිය උල්පත්, වන සතුන්, ධාන්‍ය වර්ග, ගල් ලෙන්, හිතකර දේශගුණය... 

"ඒත් මේ තැනිතලාව අල්ලගෙන තනි පාවිච්චියට නතු කරගන්න උත්සාහ කරපු තවත් ගෝත්‍රයක් හිටියා. නිතරම ආත්මන් ගේ මෙහෙයවීම යටතේ මේ ගෝත්‍රය එක්ක සටන් කරන්න ඔවුන්ට සිද්ධ වුණා.

"අවසානයේ එක දවසක් හවස ගෝත්‍රයේ නායකයන් ගේ රැස්වීමකදී ගෝපාල යෝජනාවක් කළා. ඔවුන් ළඟ තිබුණු ඖෂධීය දැනුම එකතු කරලා, සටනේදී ඇතිවන තුවාල, වේදනාවල් තුරන් කරන, ධෛර්යය සහ ශක්තිය වැඩි කරවන මහා ඖෂධයක් හදන්න...


22 කොටස...

26 comments:

  1. කිරි අප්පට කපුටො කොටයි! දැන් නං නියමෙට යනවා. රහස් එලි කරන වේගෙ වැඩිද මන්දා? හදිස්සියක් නෑ, අප්පුහාමි, හෙමීට යං

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ පරක්කු වැඩියි කියලා... ඉළක්කය මුලින් පැහැදිලි කරලා, ඊට පස්සෙ තමයි ඒක හොයාගෙන යන්නෙ. නැත්තං දෙගිඩියාවෙ අතරමං වෙනව. ඉළක්කය තේරුම් ගත්තහම තමයි ඇක්ෂන්.

      Delete
  2. හෙනරාජ-ප්‍රාණජීව ආවෙත් ඔහොම වෙන්නැති.
    (කාලෙකින් ආවෙ. කියෙව්වට අදහස් ලියන්න තැනක් වෙලාවක් හරියට තිබුනෙ නෑ.)පරිසර විස්තර ඉතා තියුණුයි.විස්තරාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේ ගෙ අදහස් දැක්වීම මෙතනදි දුටුවාම හිතට හරි සතුටක් දැනෙනවා. ඒකෙන් මට දැනෙනවා මම තවමත් මේ කතාව හරි පාර‌ෙ ගෙනියනව කියලා...

      මහා බලගතු ඖෂධ සොයාගත්තෙ අපේ මුතුන් මිත්තන් ශිෂ්ඨාචාරවත් වීගෙන එන අවදියේ ඉඳන් කරපු පර්යේෂණ අත්හදාබැලීම් රාශිකයින් කියලා මට හිතෙනවා. ඒ වගේම අපෙ හාමුදුරුවනේ, පුරාණ කතාන්දරවල තියෙන අතිශයෝක්තිය සහ ආටෝපවත් අලංකාර අයින් කළාම ඒවා මූල ‌ෙඔතිහාසික පරිසරයට ගළපගන්න පුළුවන්. ඒ වගේම සුළු සුළු ඇත්ත සිදුවීම් පසුසෙ දේවත්වයට නැඟුවා කියලාත් හිතෙනවා...

      Delete
  3. Replies
    1. හූ හූ... කවිය වැරදිලෝ...

      Delete
  4. පාරාදීසයේ උල්පත හමු වූවත්
    ඇම්බ්‍රෝෂා පානය ගෙනැවිත් දුන්නත්
    මම නං අමර වෙන්නේ නෑ කවදාවත්
    මං විතරක් ඉඳල මොකටද හැමදාමත්?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මැරෙනා අය කුමක් වැනී
      වේදිකාවෙ රඟපාලා යනව වැනී
      අමරණීය අය එතකොට කුමක් වැනී්‍
      හැමදා එකම දේ කරමින් වැනෙනු වැනී

      Delete
  5. වයසට යන්නේත් නැත්නම් ස්භාවිකව මැරෙන්නේත් නැත්නම් මරණිය තුවාලත් සුව වෙනවානම් අමරණිය වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. ඇඩමට ලැබිලා තියෙන්නෙ සුවපත්වීමේ ශක්තියක්. ඒකෙන් ශරීරයේ ගෙවෙන සෛල සුවපත් වෙන නිසා, උන්දැ වයසට යන්නෙ නෑ. ඒ වුණාට අතක් පයක් කැපිල ගියොත් ආපහු ලියලන්නෙ නෑ. ඒ කියන්නෙ බෙල්ල කැපුණොත් මැරෙයි. මොලේට ඔක්සිජන් හෝ ලේ ගමන් කළේ නැත්නම් මැරෙයි.

      සැබෑ අමරණීයත්වය කියන්නෙ ඔය කිසි දෙයක් මත යැපෙන් නැතුව පවතින එක. දුර්ගා ට වතුර යට ගොඩක් වෙලා ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් වු‌නේ ඒකයි.

      Delete
  6. එතකොට වෙද පප්පගෙ අරිෂ්ට කල්දේරම හැදුවෙ ගෝපාලයද?

    ReplyDelete
    Replies
    1. එයිට බොහ්හ්හ්හෝම්ම්ම කාලෙකට කලිං තමයි මෙහෙ ඔය මහාඖෂධය හැදුවෙ... ඒ කාලෙ වෙද පප්පල කැළේ...

      Delete
  7. ඩ්‍රැකී Vikings & Last KiKingdom සීරීස් දෙක බැලුවද?
    නෝර්ස් මිතොලොජි ඩාර්ක් පැත්ත හා වයිකින් ජීවිතය හා ට්‍රැජඩි ගැන නම් Frans Bengtsson & Henry Treece ගෙ නවල්ස්

    ReplyDelete
    Replies
    1. ඔ්ං බලන්ඩකො ඉතිං... ආයි මට සීරීස්තතියා පැය එකහමාරෙ ‌ෙිල්ම් එකක්වත් බලන්න වෙන්නෙ පෙන්ෂන් ගියාට පස්සෙ තමා. දැනට ඩවුන්ලෝඩ් කරල තියාගන්නං. ගොඩක් ස්තූතියි ඔත්තුවට. ඒවයෙ දකින දේවල් අනුව මේකෙ වෙනස් වෙන්න දේවල් තියෙනවනං කියන්න...

      Delete
    2. මුල ඉඳන් බලං එන්න ඕනේ.

      Delete
    3. සුදික ගෙ කමෙන්ට් එකක් මෙතන දැකීමත් සතුටක්. මේ කතාව හිතට ඇල්ලුවා කියා දැකිම ඊටත් වඩා සතුටක්.

      Delete
    4. ඒ සීරිස් දෙකම ඉවර වෙනකන් බැලුව. දෙකම මරු

      Delete
  8. අමරණිය වෙනවා කියන්නේ නම් හෙන එපා කරපු දෙයක්.. නමුත් ආයුෂ වැඩි වෙලා අවුරුදු 500ක් විතර ඉන්න එකේ නම් පොඩි ආතල් එකක් තියෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව්. මටත් හිතුණෙ, අමරණීය වෙලා, ඒක එපා වෙනකම් ඉඳලා මැරිලා යන එක ගන... අමරණීය වෙන්න අපි ආසයි. ඒත් ලෝකයේ හැම දෙයක් ම අපේ ජීවිත කාලය තුළ වෙනස් වෙන, විනාශ වෙන හැටි දැක්කම ඒක එපා වෙනව...

      Delete
  9. මම කාලෙකට කලින් ලියපු මේක උඹ කියෙව්වද ?
    https://biththiya.blogspot.com/2013/09/no-survivors-then-where-do-stories-come.html

    මේවා කියවද්දී මට මේක මතක් වුනා ... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. astrophysics කෝස් එක අක්රලා ඉවර වුන්ට පස්සේ මටත් හිතුනේ ඒක . (ශක්ති ප්‍රභවය ගැන )
      අනිත් එක අපි මරුනහම ශක්ති ප්‍රභවයක් ඉතුරු වෙන්න පුළුවන් කියන එක.

      Delete
    2. පැතුම්,

      උඹේ ලිපිය මම දැන් එක හුස්මට කියෙව්වා, කමෙන්ටුත් එක්කම. සමහරවිට ඔය කියන විශ්ව ශක්ති ප්‍රභවය ඇත්තක් වෙන්න පුළුවන්. බුදුන් සර්වඥ වුණේ ඒ විදිහට වෙන්න පුළුවන්. ඒක හොඳයි... මේ කතාවට ඒක අත්වැලක් වෙනව. ස්තූතියි...

      Delete
    3. අජිත් අයියා,

      අපි මැරුණම ශක්ති මූලයක් ඉතුරු වෙනව කියන සංකල්පය බුදු දහම ප්‍රතික්ෂේප කරනව කියල මට හිතෙනව, පානදුරා වාදය කියවද්දි. ඒත්, කෙනෙක් මිය ගිහිං තව තැනක ප්‍රතිසන්ධියක් ලබන්නෙ ඒ විදිහෙ ශක්ති ප්‍රවාහයකින් කියල තේරෙනව... ඕක ම ද දන්නෑ ස්ටාවෝස් එකේ ෆෝස් කියල හඳුන්වන්නෙ.

      Delete
  10. මට අමරණීය වෙන පුළුවන් වුනොත් මම වෙන ලෝක හොයාගෙන යනවා. කොප්මන් තියනවද

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ආලෝක වර්ෂ බරගාණක් ඈතින් තියෙන ග්‍රහලෝකවලට යන්න නම් ඒ වගේ දීර්ඝ ජීවිත කාලයක් උවමනයි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි