"ඔයා නේද සුභාෂ් බණ්ඩාර ධනසේකර? ටිකිරි බණ්ඩාර ධනසේකර මහත්තයගෙ මුණපුරා?"
"ඔයා... ඔයා කොහොමද අපෙ අත්ත ගැන දන්නෙ?"
ඈ සිනාසුනා ය. වැවු තලයක් මතට සිහින් කැටයක් වැටුණු කළ නැඟී පැතිරෙන දිය රළ සේ... ඒ සිනහව ක්ෂණිකව අතුරුදන් වී විමසිලිමත් බව ආරෝපණය විය. ඈ කෙටි බැලුම් කිහිපයකින් හාත්පස විමසුවා ය.
"මම ඒ විස්තර සේරම කියන්නම්. නමුත් දැන් හදිසි තත්ත්වයක් තියෙනව. ඉක්මණට වාහනේට නගින්න"
තාරා ආපසුු හැරී මෝටර් රථයේ දකුණු පස දොර වෙත යද්දී, සුභාෂ් විපිළිසර විය. තරුණිය රියදුරු අසුන පැත්තේ දොර ඇර ගෙන, වම් පය වාහනය තුළට රුවා ගනිමින් ගෙළ හරවා තරුණයා දෙස බැලුවා ය. ඇගේ දෑසේ වූ තියුණු බැල්ම දෙස බලාගෙන තවත් සිටි තැන සිටිය නොහැකි බව සුභාෂ් ට හැඟුනි. ඔහු ද මෝටර් රථය වෙත දිව යන්නට පටන් ගත්තේ ය. අඩි දෙක තුනක් පැන වාහනයේ වම් පස දොර ළඟට ළඟා වී... දොර හැඬලය ඇද, දොර ඇරගෙන... ඉදිරිපස මඟී ආසනයේ වාඩිවෙත් ම, තමන් සිටි එළවලු කඩයේ පිපුරුමක් වූ බව තරුණ ධනසේකරට දැනුණේ ය. එහි ශබ්දයත් සමඟම පිපුරුමෙන් හටගත් වායු තරංග මාළාවේ කම්පණය සහ උණුසුම ඔහු ගේ ඇඟට දැනිණ.
"දොර වහගන්න!" තාරාගේ හඬ විධානාත්මක හා නිශ්චිත විය.
තවත් කිසිවක් නොසිතූ සුභාෂ් දොර ඇද මහහඬක් නැඟෙන සේ වසා ගත්තේ ය. අවටින් නැඟුණු හඬවල් මිළින වී බොඳ වී යනු ඔහුට දැනුණි. තරුණිය ඉතා දක්ෂ අන්දමින් වාහනය පළමු ගියරයට දමා ගෙන, ඉදිරියට ගත්තා ය. දුම්රිය එන බවට සංඥා කරන සීනුව ටං ටං ටං හඬින් නාද වන්නට ගත්තේ ය. රේල් ගේට්ටුව සෙමෙන් පහත් වීගෙන එන හැටි වින්ඩ්ෂීල්ඩය හරහා තරුණයා ගේ ඇසට ලක් විය. ඇක්සලරේටරය හා ක්ලච් පැඩලය මත සිය දෙපා බුහුටි ලෙස මෙහෙයවමින්, ළඟ ළඟ ගියර් මාරු කළ තාරා, රේල් පාර හරහා මස්ටෑං රථය පදවද්දී, රේල් ගේට්ටු වැසි යන්නට පටන් ගත්තේ ය. රේල් ගේට්ටුව පසු කරද්දී මෝටර් රථය පැයට කිලෝමීටර් හැත්තෑව ද පසු කළ බව ස්පීඩෝ මීටරයෙහි කටුවෙන් දැක්වෙනු නෙත් කොණින් දුටු ධනසේකර තරුණයා, පසුපස හැරී බැලුවේ තමන් පළා යන්නේ කුමකින්දැයි දැන ගැනීමට ය.
රේල් ගේට්ටුව වැසෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, ඒ හරහා වේගයෙන් ධාවනය වූයේ මිලිටරි කොළ පැහැයෙන් යුතු රෝයල් එන්ෆීල්ඩ් මෝටර් සයිකලයකි. ගුඩු ගුඩු හඬින් ශබ්ද නඟමින් එය වේගයෙන් මස්ටෑං රථය පිටුපස හඹා එන බව පෙනුණි.
"කොහොම කෙනෙක් ද බයික් එකේ එන්නෙ?" - "උස මහත කොල්ලෙක්..." |
"කොහොම කෙනෙක් ද බයික් එකේ එන්නෙ?" තාරා ගේ හඬෙහි හෝ ස්වරයේ කිසිදු කළබලයක් නොවී ය.
"උස මහත කොල්ලෙක්..."
"ඔහොමම පිටිපස්සෙ සීට් එකට ගිහිං, හොඳට බලලා, විස්තර කරන්න. බයිනොක්‍යුලර්ස් එකක් ඇති පිටිපස්සෙ.."
"විස්තර...? මොනවද?"
"ඇඳුම්, හැඩරුව, හැම දෙයක් ම."
තම අසුනේ ඇන්ද පහත් කරන ලීවරය සොයාගත් ඔහු එයින් ඇන්ද පිටුපසට පහත් කරගෙන, පිටුපස අසුනට සිය උසැති සිරුර තල්ලු කර ගත්තේ ය.
"ඇලුමිනියම් පාට හාෆ් හෙල්මට් එක. ස්ලීව්ලස් ලෙදර් ජැකට් එකක් දාගෙන, නිල් පාට ඩෙනිමක් ඇඳලා..." සුභාෂ් වාර්තා කිරීම ඇරඹී ය.
"රැවුළ?"
"මූණ පුරා රැවුල ලස්සනට වවලා... සුදු හම, ජිම් යන කොල්ලෙක්... කළු සන්ග්ලාස් දාලා."
"වම් අතේ උරිස්ස හරියෙ පච්චයක් තියෙනව පේනවද?" ඉදිරි කණ්නාඩියෙන් පසුපස බලමින් තාරා වේගයෙන් පටු කාපට් පාර දිගේ වාහනය පැදවූවා ය.
"ඔව්. මිටියකුයි, අකුණකුයි... අකුණ නිල් පාටයි, මිටිය දුඹුරු පාටයි..."
"ටිරෙල්...! දෙන්නං උන්දැට අද..."
"වම් අතේ උරිස්ස හරියෙ පච්චයක් තියෙනව පේනවද?" |
රතු මස්ටෑං කාරය පටු කාපට් පාර මැදින් වෙට්ටු දාමින් ධාවනය වූයේ පවනට බඳු වේගයෙනි. වාහනයේ ඇන්ජිමෙන් නැඟුනු හඬින් ම පාරේ සිටි මිනිසුන් හණි හණික දෙපසට පැන ගන්නා දර්ශනය පාරේ බොහො තැන්වල දකින්නට ලැබුණි. ඉදිරියෙන් ආ ත්‍රී රෝද රථ සහ කුඩා ලොරි පාරේ අයිනට හෝ අගලට හැරවීම ද, ඒඅයුරින්ම සිදු විය.
පුවක් කෑල්ලක් කටට විසි කරගනිමින් මහළු නිමල් පාරට අඩිය තැබුවා පමණි. එවිගස, එතැනින් පාස් වුණු කාර් රථය පිටුපසින් ඇදී ගිය සුළං පාරට හසු වූ පුවක් කෑල්ල මඟ වැරදී ඔහුගේ උරහිසට උඩින් ගොස් බිමට වැටුණි.
"කොහෙ යනවද මංද මේ යක්කු..." යි මුමුණමින් පුවක් කෑල්ල සොයන්නට ආපිට හැරී පහත් වුණු මහල්ලාගේ පසුපසෙහි වැදී නොවැදී මෙන් මෝටර් සයිකලය ඉගිළුණි.
වම් පැත්තෙන් ඉදිරියෙන් වූ මුුුුුුුුස්ලිම් පල්ලිය දුටු තාරා, සුක්කානමට යටින් වූ කුඩා ලිවරයක් පහතට ඇද්දා ය. එවිගසම ඈ වාහනයට නිදැල්ලේ යාමට ඉඩ හරිමින් ක්ලච් පැඩලය පාගා ගෙන, ඇක්සලරේටරය නැවත නැවතත් පාගමින් අත හරිමින් වාහනයේ ඇන්ජිම රේස් කරද්දී, කලු දුම් වළාවක් වාහනයට පසුපසින් නැඟුණි. ඒ වන විට ඔවුන් සිටියේ මුස්ලිම් පල්ලිය අසළ වයි හංදියේ ය. හණික හෑන්ඩ් බ්‍රේක් ඇද්ද තරුණිය ක්ලච් පැඩලය අතහැර වාහනය ඇක්සලරේට් කරද්දී, රෝද කෑගස්සමින් කාර් රථය එක තැන කැරකුණේ ය. එයින් නැඟුනු දුහුවිල්ල ද කළු දුමාරයට එකතු වී ගන මීදුමක් මෙන් පැතිරෙද්දී, මෝටර් සයිකලයේ ඇංජිමෙන් නැඟුණු ගුඩු ගුඩු හඬ ද ළඟ ළඟ ම ඇසෙන්නට විය. ඒ වන විට මස්ටෑං රථය නතර වී තිබුණේ තමන් ආ දෙසට මුහුණ ලා හැරවී ය. නැවත පළමු ගියරයට මාරු කරගත් තරුණිය කාරය වේගයෙන් ඉදිරියට පැදවූවා ය. දුහුවිලි දුමාර වළාව ඉරාගෙන රතු පැහැ රථය වේගයෙන් ඉදිරියට එනු දුටු යතුරු පැදි කරුවා ට එක් මොහොතකට කළ යුත්ත සිතා ගත නොහැක විය. අගළට කැපුණු මෝටර් සයිකලය බිම පෙරළෙද්දී, යතුරු පැදි කරු අඩි කිහිපයක් පියාසර කොට කාපට් පාර සිපගත්තේ ය.
පැති කණ්නාඩියෙන් බැලූ තරුණිය සැහැල්ලුවෙන් හඬ නඟා සිනා සුණා ය. සුභාෂ් ගේ මුහුණෙහි වූ වික්ෂිප්ත බැල්ම දුටු ඇගේ සිනහව තවත් වැඩි වී, එයින් ඇගේ දෙඋර ගැස්සෙන්නට ගති.
* * *
වේගය අඩු කරගනිමින් ඉදිරියට ආ රතු පැහැ මස්ටෑං රථය පාරේ වම් පස වූ දෙමහල් ගොඩනැගිල්ලක් අසළ නතර කෙරුණි. ඒ වන විට ඔවුහු ගෙලිඔය දුම්රියපොළ පසුකර කිලෝ මීටර් දෙකක් පමණ ගම්පොළ දෙසට ධාවනය කර තිබුණි. බොජුන්හලක් වූ එහි අංගනයේ වාහන කිහිපයක් නැවැත්වීමට ඉඩ තිබුණේ ය. ඒ දෙස තත්පර කිහිපයක් හොඳින් බලා සිටි තාරා, මෝටර් රථය මඳක් ඉදිරියට ගෙන දකුණු පසට හරවමින් නැවත පිටුපසට ධාවනය කර, ගොඩනැගිල්ලේ අංගනය තුළ වාහනය ගාල් කළා ය.
"සුභාෂ්... අපි මොනව හරි බීලා කතා කරමු..." තරුණිය මෝටර් රථයේ දොර අරිමින් කීවා ය. සිය ගෙළ වම්පසට හැරවූ ඇය ඔහුගේ දෑස් දෙස බලා මඳ සිනාවක් පෑවා... ධනසේකර තරුණයා හිස සළමින් එකඟ විය. ඔහුගේ මුහුණේ ඇඳී තිබූ ගැටළු මුසු බැල්ම තාරා ගේ දෑසට මඟ හැරුණේ නැත.
වේටර් පළතුරු බීම සහ ෆලූඩා බඳුන් මේසය මත තබා ඉවත්ව යන තුරු සුභාෂ් කිසිවක් කතා කළේ නැත.
"ඔයාට ප්‍රශ්න ගොඩක් ඇති." තාරා සෙමෙන් කීවාය. "සමහරවිට මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම එකින් එක... මුුල ඉඳන් ඔයාට විස්තර කරන එක තමයි මට පේන විදිහට හරි යන්නෙ..."
තරුණයා කිසිවක් නොකියා ඇගේ දෑස්, හුරු බුහුටි හැඩයකින් යුත් නාසය හා රත් පැහැ දෙතොල් අතර සිය දෑස් මාරුවෙන් මාරුවට එහා මෙහා යවමින් සිටියේ ය.
"ඔයා පහුගිය ඔක්තෝබර් 04 වෙනිදා ලේ දන්දීමකට ගියා..."
"ඔව්? ඒත්..."
"මම ඔක්කොම කියන්නම්..." තාරා මේසය හරහා අත දිගුකර සුභාෂ් ගේ ඇඟිලි තුඩු අල්ලා ගත්තාය. "හොඳ මල්ලි වගේ... මම කියන දේවල් අහගෙන ඉඳලා, ඊට පස්සෙ ප්‍රශ්න අහන්න..." තම ඇඟිලි තුඩුවලට දැනුණු ඇගේ ඇඟිලි වල සියුම් සුමුදු බව සුභාෂ් මවිත කරවී ය.
"ඒ ලේ දන්දීමෙදි තමයි ඔයාගේ ලේ ගණය, ඒ ලේවල තියෙන අනිකුත් සාධක ගැන පළමුවරට වාර්තා වුණේ. ඒ වාර්තාවෙන් පේනවා, ඔයා ගේ ලේවල ඉතාම දුර්ලභ ඇන්ටිජෙන් එකක් තියෙනවා කියලා. ඒ ඇන්ටිජෙන් එක මිට කලින් ලංකාවෙ වාර්තා වෙලා තිබුණෙ ඔයාගෙ අත්තා, ටිකිරි බණ්ඩාර මහත්තයා ගේ ලේවල විතරමයි. එතුමා ත් ඔයා වගේ ම නිර්ලෝභීව අවස්ථා ගණනාවක දි ලේ දන් දුන්නා. ඉතින් එයා නොදැන හිටියට, ජාතික ලේ බැංකුවෙ මං අර කියපු ඇන්ටිජෙන් වර්ගයේ සංචිතයක් තියාගෙන තිබුණා ඒ ඩොනේෂන්වලින්. පහුගිය අවුරුදු කීපයට කලින් ඔයාගෙ අත්තා මිය ගියා ට පස්සෙ, ලේ බැංකුවෙ තිබුණු සංචිතත් ටිකෙන් ටික අඩු වෙලා ගියා. ආපහු ඔයා පහුගිය ඔක්තෝබර් හතර වෙනිදා දන් දුන්නු ලේවල සාම්පලයෙන් තමයි මේ ඇන්ටිජෙන් ඒක ස්වාභාවිකවම අන්තර්ගත වුණු ලේ තියෙන ඩෝනර් කෙනෙක් අපිට අඳුනගන්න ලැබුණෙ.
"අපි ලංකාවෙ සීක්‍රට් සර්විස් එක විදිහට, මේ වගේ කේස් ආරක්ෂා කරනව. ඒ මොකද කියනවනම්, කවුරුවත් නොදන්නව වුණාට... ගොඩක් වෙලාවට ජනාධිපතිතුමත්, අඩුම ගානෙ ආරක්ෂක ලේකම්වත් දන්නෙ නෑ මෙහෙම සීක්‍රට් සර්විස් එකක් ලංකාවෙ ෆන්ෂන් වෙනව කියලවත්... මේ රට ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා, රටේ තියෙන සම්පත් සූරාකන, එහෙම නැත්තම් උකහාගෙන විකුණන, එහෙමත් නැත්තං විනාශ කරලා දාන කීප දෙනෙක්. අර අද අපි පස්සෙන් ආවෙ එහෙම එක්කෙනෙක්...
"ඉතිං ඇයි ඔයාලා එයාලව අල්ලලා නඩු දාන් නැත්තෙ?"
"අපි කාලෙකට කලිං ඒක උත්සාහ කළා. ඒත් නඩු කියන්න සාක්ෂි හොයන්න වෙනව. ඒ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න වෙනව. අර වගේ සූක්ෂ්ම හතුරො එක්ක ඒක කරන්න බෑ. ඒගොල්ලො දෙයක් කරන්නෙ සාක්ෂි ඉතුරු කරලා නෙවෙයි. බලන්න, අර ඔයාට ඊයෙ රෑ අපි එවපු ඊමේල් එක දැනගෙන තමයි අද අර එළවලු කඩේ පිපිරෙව්වෙ අර ගොල්ල.
හෙට ඇවිල්ල කියවන්නං. එතකල් අඟහරුවගෙ ලේ බොන්නැතුව හිටහං. හැක්..
ReplyDelete-னයා-
හැබෑට මොකද හිතෙන්නෙ, ඇයි ඔය ලේ ගැනම කියවන්නෙ...?
Deleteහැක්..?
Deleteටෝච් පාර කාපු වෙලේ ඉඳං උන්දැට "හැක්" ගෑවෙනව.
Deleteමයිල් ඉස්මයිල්වී - යන තරං වෙනස් වී
ReplyDeleteගෙතෙන හැටි මතක් වී - සිටිමි ඔල්මොරොන්දන් වී
මේ ලියන විදිහට - අද හෙට හෝ අනිද්දට
මෙය කියවන අපට - පිස්සු හැදෙනව, සැකක් නෑ මට
ගෙත්තම අපූරුයි - හරවත් දෙයක් කියවෙයි
ඒත් හරි චුට්ටයි - හිතෙන්නෙම මදි-මදිය කියලයි!
එක රෑකට ලියන්න හැකි - තරම තමා පළවෙන්නේ
Deleteදින දෙක තුන ලියා දාන්න - හිටියොත් නෑ හරියන්නේ
ලියද්දි ඇහෙන සංගීතය - කතාවෙ මඟ පෙන්වන්නේ
විවිධ රසය මුසු කරලා - විචිත්‍රවත් කර ගන්නේ
කොයි අයුරින්දෝ මේ නව - කතාව කෙළවර වෙන්නේ
සතිය ගානෙ ලිව්වත් මෙය - තවමත් මම නෑ දන්නේ
ඒක නෙවේ... අර උරිස්සට උඩිං ගිහිං අහකට වැටුණු පුවක් කෑල්ල හම්බුණාද ඉතිං?
මේ කොටස නං බටහිර ක්‍රියාදාම සිත්තර පටියක් වගෙයි.ත්‍රාසජනකයි, සුරුංගාත්මකයි.
ReplyDeleteශෘංගාරය කොහෙද තිබ්බෙ? මං දැක්කෙ නෑනේ...
Deleteධනසේකර ඩ්‍රැකියුලා,
ReplyDeleteටිරල් තෝර්,
තාරා?
තාරා = https://en.wikipedia.org/wiki/Tara_(Mahavidya)
Deleteධනසේකර = http://angaharuwa.blogspot.com/
මාත් ගිහින් මුල් කොටස් දෙක කියවලම ආවා. කන්‍යා සොයුරියකුත් ඉඳලනේ ... :)
ReplyDeleteරිදී පාට ලැන්ඩ්රෝවරය මෙනෙහි කරන්න පිංවත... කන්‍යා සොයුරිය නං පරණ කතාවෙත් හිටියනෙ.
Deleteකතාව ටිකක් මිස් උනා කියවන්න ඕනි.
ReplyDeleteහ්ම්... මේ දවස්වල නං සතියකට වරක් දෙකක් කොටසක් ලියවෙනව.
Deleteදැන් නම් ඉංගිරිසි පිචැර් එකක් බැලුවා වාගේ..... මරු.....
ReplyDeleteහොඳ හොඳ ඇක්ෂන් තව තව ඉදිරියට...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ..උයා බස්සා නේද?
ReplyDeleteහූම්..ඔව් කොහොමද දැණ ගත්තෙ? මම බස්සා වුනාට ආඳා වගේනෙ ඉන්නෙ.
මම රහස් දූරයේ තාරා. ඊයෙ රෑ බෙනෙන් එලියට කොට හූනෙක් ඇඩුව නේද? ඒ අපේ උපාය දූතයෙක්.
හුටා! මේ කාලෙ හූනෙක්වත් විස්වාස කරන්නෙ කොහොමද? ඔයා තාරා නං ඇයි "ක්වැක්. ක්වැක්" ගාන්නෙ නැත්තෙ. අපේ සාවියෙ නං ඉන්නෙ පාත්තයො, තාරාවො ඉන්නෙ සුපර් මාකට්වල ෆීසර් එකේ තමා, රාත්තල දෙකයි පනහයි.මේ ඒක නෙමෙයි, බැයිද ඔය උපාය දූතයෙක් යවල, මේ යෝදයා ඊළඟ කොටස ලියනවද කියල දැණගන්න?
දඩීඊඊඊඊං... බ්ලාස්ට්!
Delete- තෝර් ඔ්ඩින්සන්
පැයට කිමී 70, යකෝ මස්ටෑන් එක පළමු තත්පර 6ට කිමී 95-100 යනවා නේද? කෙල්ල හැත්තෑවට යයිද ?
ReplyDeleteකතාවට මයිල් කෙලින් වුනා පින්වත.
-අජිත් ෆ්‍රොම් එන්ෆිල්ඩ්
ඔය, ගෙලිඔය ඉඳල පේරාදෙණිය පැත්තට යන පාරෙ... වංගුයි, වාහනයි ඒක්ක මට හිතුණෙ යන්න පුළුවන් හොඳම වේගයක් කියලා 70.
Deleteඔයාම තමයි කලිං කොටසක කිව්වෙ ජේම්ස් බොන්ඩ් කතාවක සේයාවක් ගැන... ඒ්කෙන් පිබිදුනු මනස වැඩ කළේ මේ විදිහටයි.