ඇතුල් නුවර තුළ ම පිහිටා තිබුණත්, රජ මැදුර ටත්, දළදා මැදුර ටත් පියවර දාහක් පමණ පිටුපසින් කුඩා ගල් පර්වතයක් පිට පිහිටි ගරා වැටුණු පැරණි විහාර ගෙය ඒ තරම් අවධානයට ලක් වුණු තැනක් නොවී ය. ගල් කුළ මත පිහිටි අභාවයට ගිය කවාකාර මැටි ගඩොල් ගොඩැල්ලක්, ඉතා ඈත යුගයක තැනුණු කුඩා ස්ථූපයක් සළකුණු කළේ ය. එහි පසෙකින් වූයේ හතරැස් ගොඩනැඟිල්ලකි. එහි කාලයකට ඉහත සුණු පිරියම් කර සිතුවම් ඇඳ තිබූ බව තැන තැන ඉතිරිව පැවති කපරාරුවෙන් සළකා ගත හැකි විය. හතර පළයට තැනුණු වහළය, ඉපැරණි දුෂ්කර හා මනරම් වඩු කර්මාන්තයක් ගැන සාක්ෂි සපයමින්, දීර්ඝ කාලයක් තිස්සේ අවු, වැසි, සුළං පහරට මුහුණ දෙමින් තවමත් ප්‍රකෘතිමත්ව පවතියි. පැරණි පොත්ගුල් විහාරය ට පසුබිමෙන් හෙවුණු දැවැන්ත ගස් ගොන්න වඳුරු රැළකගේ කෝළහාලයෙන් නිතර කැළඹුනේ ය.
අතීතයේ පොත්ගුල පරිහරණය කළ යතිවරුන්ගේ හා රදළයින්ගේ දෙපයින් ගෙවී ගිය, ගල් පියගැට පෙළ ඉස්මත්තේ දී මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේ මඳකට නැවතුණේ ය. කරේ වූ ඔළගුව බර වූවත්, පියගැටපෙළ දීර්ඝ වූවත්, නැග්ම ශීඝ්‍ර වූවත්, එයින් ලද විඩාවක් ඔහුගේ මුහුණින් හෝ ඉරියව්වෙන් නොපෙනුණි. ගොඩනැගිල්ල වෙත යා යුතු පියවර කිහිපය ඇවිද ගොස් ඔහු පොත්ගුලේ දොර තල්ලු කර ඇරියේ ය.
ගොඩනැගිල්ලේ ඇතුළත, පිටතින් පෙනුණු ඉපැරණි පෙනුමට හාත්පසින්ම වෙනස් විය. මනාව කපරාරු කර තීරු සිතුවම් ඇඳ තිබූ බිත්ති, පිරිසිදු ගෙබිම මත එලන ලද පන් පැදුරු, පියස්සේ කුරුපාවේ සිට දම්වැලකින් එල්ලුණු පිත්තල පහනේ තිර කිහිපයේ ආලෝකයෙන් මිත්‍රගේ දෑසට ලක් විය.
දොර අරින හඬින් තිගැස්සුණු ටිකිරි බණ්ඩාර එකෙණෙහි හිස ඔසවා බැලී ය. ටික වේලාවක් තිස්සේ අමුත්තාගේ සියුම් පියවර හඬ අසා සිටි ඩ්‍රේක් ගේ දෑසේ වූයේ තියුණු විමසිලිමත් බවකි.
ධනසේකර තරුණයාගේ උණුසුම් ආචාරයට සිය දෑත් එකතු කර ප්‍රති ආචාර දැක්වූ මිත්‍ර, ඔළගුව පසෙකින් තබා, දෙදෙනා අතර ඉදිරිපසින් එරමිණිය ගොතාගෙන වාඩි විය. සිසාරා ගිය එක බැල්මකින් ඔවුන් අතර පැතිර තිබූ පැරණි පුස්කොල පොත් සියල්ල මිත්‍ර හඳුනාගත්තේ ය.
"චරක සංහිතා... සුශ්‍රැත සංහිතා... අෂ්ඨාංග සංග්‍රහ... සාරාර්ථ සංග්‍රහ... මාධව නිධාන... භාව ප්‍රකාශ..." මුමුණමින් ඔහු හිස ඔසවා නෝර්ඩික් නැවියා දෙස බැලීය. මිත්‍ර ගේ මුවෙහි වූ ගුප්ත මඳ සිනහව, ඇඩම් ගේ ද මුවට සිනා නැංවූයේ නිතැතිනි. "ඩ්‍රේක් සංස්කෘත කියවන්නත් දන්නවද?"
නාවිකයා මුහුණ හරවා ටිකිරි බණ්ඩාර දැක්වීය. "මම දැන් ටිකා...ක් දන්නවා. මේ තමයි මගෙ ගුරු."
ටිකිරි බණ්ඩාර සිනාසුනා පමණි.
"එහෙනම් මම ආපු කාරණාව ලේසි වුණා..." උඩුමුල්ලේ නිළමේ ඔළගුව ඔසවා, තම ඔඩොක්කුවේ තබා ගෙන දිග අරින්නට පටන් ගත්තේ ය. "මම අරගෙන ආවෙත් ඒ වගේම රාජකාරියක්. ඔබේ මී ළඟ රාජකාරියෙ මුල් කොටස තියෙන්නේ ග්‍රන්ථ පරිශීලනය..."
ඇඩම් මිත්‍ර ගේ දෑස් දෙස බලා, නෙත් කොණින් ඉඟි කර, ධනසේකර තරුණයා දැක්වී ය.
"කොහොමත් ඔබට ටිකිරි බණ්ඩාර ගේ සහය උවමනා වෙනවා මේ වැඩේදි. ඔහු මීට කලිනුත් අපගේ යම් යම් කටයුතුවලට දායක වෙලා තියෙනවා..." මිත්‍ර, තරුණ වෛද්‍යවරයා දෙස බලද්දී, ඔහු ඉතා උද්යෝගයෙන් හිස ඉහළ පහළ වැනුවේ ය.
"ඔහුගේ මම වඩාත් ම අගය කරන දෙය වන්නේ... නිහඬබව. පේනවානේ, ටිකිරි බණ්ඩාර කතා කරන්නේ ඉතාම අඩුවෙන්."
සිය ස්වදේශික සගයා ගේ වමතෙහි සියුම් වෙව්ලීමක් ඇති වී නැති වී යනු, නාවිකයා ගේ තියුණු ඉඳුරන් ට නොදැනී නොගියේ ය.
ඔළගුවෙහි කොන් හතර එකතු කර ගසා තිබූ ගැට සියල්ල ලිහා අවසන් කළ උඩුමුල්ලේ නිළමේ එය දිග හැරියේ ය. එහි වූයේ පුස්කොළ පොත් කිහිපයක් සහ සම් කඩින් එතූ පාච්මන්ට් රෝල් කීපයක් බව දුටු ඇඩම් විස්මයට පත් විය.
"එක කාලයක, ෆා - හියන් නම් චීන පැවිදි නමක් ලංකාවට ආවා, බුදු දහම ඉගෙන ගන්න..." මිත්‍ර දිගු කතාවක් පටන් ගත්තේ ය. "එතුමා ගේ ආරක්ෂාවට සහ උපස්ථානයට ආවේ අපූර්ව යෝගී වරයෙක්. ඔහු තමන්ට කියා ගත්තේ 'ස්වර්ගයට සමාන මහා සෘෂි හෙවත් වානර රජු' කියල යි. ඇත්තටම ඔහු ස්වරූපයෙනුත් මහා වානරයෙක් වගේ තමයි... දිග දෑත්, ඉදිරියට නෙරූ මුහුණ, පළල් හකු, සහ කුදු වූ කොන්ද නිසා. ඔහු ෆා - හියන් භික්ෂුව සමඟ ලංකාවට ආවේ යමක් සොයමින්. ඔවුන් දෙදෙනා පස්යොදුන් - කුකුළු කෝරළ මායිමේ පිහිටි ගල් ලෙණක ටික කාලයක් වාසය කළා...
"තවත් කාලයක මේ ලක්දිවට ආවා අරාබි වෙළෙන්දෙක්. නම, සිංදිබාද්... ඔබ ඒ ගැන නම් කියවලා ඇති...?"
ඩ්‍රේක් හිස සැලී ය. "ඔව්. අපි කියන්නේ සේලරු සින්බෑඩ්. ඔහු ගැන මම දන්නේ කතන්දර කීපයක් විතරයි."
"එතකොට ඔබ හොඳින් ම දන්නවා ඇති මාර්කෝ පෝලෝ ගැනත්...?"
නාවිකයා නැවතත් හිස සැළී ය.
"මේ තියෙන්නේ ඔවුන් සිය අත් අකුරින් ම සටහන් කරගත් සංචාරක සටහන්..." මිත්‍ර සිය ඔඩොක්කුවේ වූ පාච්මන්ට් රෝල් කිහිපය සහ පුස්කොළ පොතක් සුරතින් ගෙන පැදුර මත තැබී ය. "ඔවුන් ලංකාවෙන් පිට වෙද්දී රහස් දූරය විසින් මේවා රාජසන්තක කළා. මේවා මුල් පිටපත් නිසා ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුයි. ඒ වගේ ම, ඔබ ගවේෂණය කළ යුතු කොටස් විතරයි මම ඔබට මේ දෙන්නේ..."
ඩ්‍රේක් ගේ මුහුණේ පැවති සාමාන්‍ය පෙනුමට යටින්, ඔහුගේ දිළිසෙන දෑසේ මතු වූ උද්යෝගය මිත්‍ර දුටුවේ ය.
"මේ සියලු දෙනා ම ඉතාම උවමනාවෙන් හොයලා තියෙනවා ඇත් සොහොනක් ගැන. රංචු වශයෙන් ජීවත් වෙන සත්තු තමන් මරණයට පත් වෙන්න ආසන්න බව දැනෙන විට රංචුවෙන් ඉවත් වෙලා යනවා. බල්ලන්, නරි, වගේ සත්තු... ඊට වඩා ගොඩක් බුද්ධිමත් සතුන් කොටසක් වන අලි ඇත්තු, මරණාසන්න සාමාජිකයන් ට රැළෙන් ඉවත් වෙලා ගිහින් මරණයට පත් වෙන තුරු හොඳින් ජීවත් වෙන්න උපකාර කරනවා කියා විශ්වාස කරනවා. ඒ කියන්නේ, ශක්තිමත් තරුණ ඇත්තු කීපදෙනෙක්, මහළු ඇතුන්ට රැළෙන් පිට වෙලා එක්තරා තැනකට යන්නත්, මිය යන තුරු එතැන ජීවත් වෙන්නත් උපකාර කරනවා කියලා...
"ඒ වගේ ම මේ දූපතේ ඉන්නා සෑම අතෙක් ම වයසට ගිහින් මිය යන්න කිට්ටු වන විට තමන්ගේ ජීවිතයේ අවසාන කාලය ගත කරන්න, එක ම ස්ථානයකට යන බව විශ්වාස කරනවා. මිය ගිය අලියෙක් කියන්නේ දැවැන්ත විෂබීජ කන්දරාවක්. ඒ නිසා අලි ගැවසෙන වනාන්තරවල ඔවුන් මිය යාම සෑම සතෙකුට ම අහිතකරයි...
"ඒ වගේ ම මරණාසන්න අලි ඇතුන් සිටින තැන, සුරක්ෂිත තැනක් විය යුතු යි, ස්වාභාවික සතුරන්ට ළඟා විය නොහැකි. ඒ නිසා, සාමාන්‍යයෙන් ඇත් සොහොනක් ගැන කටකතා තිබුණත්, එහෙම තැනක් ඇහින් දුටු කවුරුවත් නෑ.
"මේ ගැන කතන්දර පැතිරෙන්න ලොකුම හේතුව, ඒ වගේ තැනක තියෙන්න පුළුවන් ඇත් දල කන්දරාව යි. ඇත් දල කියන්නේ ලංකාවේ ඉතා ඈත අතීතයේ ඉඳන් ම කැටයම් සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍යයක්, කල් පවතින වටිනා සුඛෝපභෝගී භාණ්ඩයක්, ඒ වගේම ජාත්‍යන්තරව පිළිගැණෙන ඉතාම වටිනා වෙළෙඳ භාණ්ඩයක්.
"අන්න ඒ නිසා... රාජකීය භාණ්ඩාගාරයේ අවධානය මේ පුරාවෘත්තය දෙස යොමු වෙලා තියෙනවා."
"නමුත් සින්බෑඩ් ගිහින් තියෙනවා නේ මේ කියන ඇත් සොහොනට." ඇඩම් කතාවට බාධා කළේ ය. "ඔහුගේ සෙරන්ඩිබ් චාරිකාවේ දී ඔහු ඇත් සොහොන දකිනවා..."
...නමුත් සින්බෑඩ් ගිහින් තියෙනවා නේ මේ කියන ඇත් සොහොනට... https://mir-s3-cdn-cf.behance.net/project_modules/disp/be5d8921266615.562fe4c16a841.png |
"නෑ..." මිත්‍ර සිනාමුසු ව පැවසි ය. "සිංදිබාද් නම් කවදාවත් ඇත් සොහොනකට ගියේ නෑ. ඔහු කළේ ඒ වගේ දේ ගැන තියෙන පරණ කතාන්දර එකතු කරපු එක විතරයි. ඒ විදිහට එකතු කරලා ඔහු ගොතපු කතාන්දර ගැන තමයි ඔබ ඔය කියන්නේ. ඔහු එකතු කරපු කතා ගැන මේ චාරිකා සටහන්වල සඳහන් වෙනවා. නමුත් මේ සියලු දෙනාගේ ම ලියවිලි ඉතා ප්‍රවේසමින් අධ්‍යයනය කරලා, ගළපා ගත්තොත්, ගොඩක් දුරට අපට ගවේෂණය කරන්න, මේ දූපතේ එක ඉසව්වක් තෝරාගන්න පුළුවන් වේවි...
"ඔබ උවමනා තරම් කාලය අරගෙන, සාවධානව මේ කටයුත්ත කරාවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ ලියවිලිවලට හාණි නොවන විදිහට, ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කිරීමත් බලාපොරොත්තු වෙනවා..."
මිත්‍ර තමන් ගෙනා සියලු දෙය නැවත ඔළගුවට බහා ඩ්‍රේක් ඉදිරිපසින් තැබී ය. ඔහු නැගිටිනවාත් සමඟ ම නාවුකයාත්, ධනසේකරත් නැඟී සිටියහ. දෑත් එකතු කර ඔවුන් දෙදෙනා ට ආචාර කළ උඩුමුල්ලේ නිළමේ දොරෙන් එළියට පිය නැඟී ය.
http://www.internationalhero.co.uk/j/jetlimonkey.jpg 'ස්වර්ගයට සමාන මහා සෘෂි හෙවත් වානර රජු' |
* * *
කොස් කොලවල නැටි නොපෙනී යන්නට ආසන්න තරමට ඇඳිරි වැටීගෙන එයි. දහවල් කාලය නිදැල්ලේ තණ කමින් ඒ මේ අත ඇවිද ගිය ගොනුන්, ආපිට හැරී තම ගාල් වෙත යන වේලාව යි. ඉරබටු තරුව බටහිර අහසේ පායා එන ආකාරය මුතු මැණිකේ දුටුවා ය. ඈ මිදුලේ සිටුවා තිබූ ඉද්ද සහ වතුසුද්ද ගස්වලින් මල් නෙලමින්, වමතේ වූ කුඩා මල් වට්ටිය සකසමින් සිටියේ සවස බුදුන් වැඳීමට ය. ධනසේකර වළව්වේ ඉදිරිපස මිදුලේ සවිමත් ලී කනු හතරක් සිටුවා, ඒ මත තනා තිබුණු විශාල මල් පැල, තුනී ලෑලි කෑල්ලකින් කොටස් දෙකකට බෙදා තිබුණි. වඩා විශාල කොටස බුදු පිළිමයකට වෙන් වුණු අතර අනෙක් පස වූ කුඩා පිළිමය අවලෝකිතේශ්වර නාථ බෝසතුන්ගේ විය.
කඩුල්ලෙන් ඇතුල් වූ තිරික්කලය දුටු තරුණ කුමාරිහාමි මල් වට්ටිය ද ගෙන වළව්වේ ආලින්දය වෙත පිය මැන්නා ය. තිරික්කලයෙන් බට මහළු වෙද මුදලි තුමා උරහිසේ වූ උතුරු සළුවෙන් පවන් සලා ගනිමින් ආළින්දයේ වැල් ඇඳ මත වාඩි විය.
තිරික්කලය දක්කාගෙන වළව්වේ පිටුපස ට යන ටිකිරි බණ්ඩාර ආපසු හැරී බැලුවේ තම නැගණිය ගේ පියවර හඬ ඇසීමෙනි.
හණි හනික සිය සොයුරාට ළං වූ ඈ රහසින් කතා කළා ය.
"අයියන්ඩි, මොනවද මේ වෙන්නෙ...?"
"මොනවද?"
"අනේ මන්දා..." ඈ පැකිළුණා ය.
නිහඬව ම තිරික්කලය මඩුවට ගෙන ගිය තරුණයා, ගොනා ලිහා දමා විශාල හැළියට පුන්නක්කු කළවම් කළේ ය. එය ඔසවා ගවයා ගේ මුව ට ළං කරන්නට මුතු මැණිකේ ද සිය සොයුරාට සහාය වූවා ය.
ගව ගාලේ බංකුව මත වාඩි වූ ටිකිරි බණ්ඩාර පුවක් කෑල්ලක් කටට දමා ගනිමින් සිය නැගණිය වෙත හැරුණේ ය.
"ඇන්ඩර්සන් ගැන නං, මාත් ඒ තරම් දෙයක් දන්නෙ නෑ. රජවාසලේ මොන මොනව හරි රාජකාරි වැඩ ඒ මනුස්සයට පවරලා කියල තමයි දන්නෙ..."
"එතකොට අයියණ්ඩි දවල් වරුවෙ එයත් එක්ක මොනවද කරන්නෙ?"
"උන්දැ පොත්ගුලට වෙලා පරණ වෙද පොත් කියවනව." තරුණයා දිගු සුසුමක් හෙළා සිය පපුව සැහැල්ලු කරගත්තේ ය. "මම ඒකට උදව් කරනව. ඒක නං කරන්නෙ විනෝදයට යි, ඉගෙන ගන්න යි කියල තමයි පේන්නෙ..."
"රජ්ජුරුවො ඔය දෙන්නා ලවා පරණ නිධානයක්වත් හොයනව නෙවෙයි නේද?"
"නුහුගුනේද නගා?" ටිකිරි බණ්ඩාර නොරිස්සුම් සහගත බැල්මක් නැඟුනු මුහුණ පසෙකට හරවා ගත්තේ ය.
"රාසිං දෙයියො ගාව රාජකාරි හරිම අවදානං නේද අයියණ්ඩි? මේ මනුස්සයා රාජකාරියට අරගෙන ඕලන්දක්කාරයන්ගෙ ඔත්තු බලන්ඩවත් යවයි ද?"
"සුදු හම නිසා නේද?"
මුතු මැණිකේ හිස වැනුවා ය.
"එහෙම දෙයක් නං අපට දැනගන්න ලැබෙයි නෙ..."
"අනේ මන්දා... මේ වතාවෙ මොන ගිණිගෙඩියද්ද දන්නෑ?" ඇගේ හඬ බිඳුණේ ය. උගුර හිර කරමින් නැඟී එන ඉකියත්, ගැහෙන්නට ගත් උර හිස් දෙකත් සඟවාගන්නට මෙන් ඈ ගෙතුළට දිව ගියා ය.
* * *
සේරුවාවිල මහා සෑයේ නටඹුන් ගොඩැල්ල ඉදිරිපිටදී, තම දෙපා මුල වැඳ වැටුණු විදේශිකයාගේ හිස සුරතින් පිරිමැදි ලුණුගල ධර්මකීර්ති උන්නාන්සේ, ආශීර්වාද කළේ හදවතින් ම ය.
"ටිරෙල් උන්නැහේ ගියාට පස්සේ... අපට තමයි බොහොමත් ම පාඩුව..."
"එහෙමයි අපෙ උන්නාන්සේ..."
"එහෙමයි උන්නාන්සෙ. මේක රජවාසල කැඳවීමක් නෙව..." ගන්තලාවේ රටේ මහත්තයා සිය හඬ අවදි කළේ ය. "මුන්නැහැට විතරයි එන්ඩ කියලා තියෙන්නෙ. දරු පවුලකුත් වෙච්චි එකේ, මුන්නැහැ ආපහු මේ පැත්තෙ ඒවි..."
"අපි ගෙහුං එන්නං උන්නාන්සේ..." ඉන්ද්‍ර අවසර ගත්තේ ය.
"හා හා... හොඳා හොඳා... මීමුරේ නිළමෙ ඇත්තො... අපේ ටිරෙල් උන්නැහැ පරවේසමෙං ආපිට එවමුකො..."
සුදු අශ්වයෙකු පිට නැඟුණු ඉන්ද්‍ර ද, දුඹුරුවන් අසු ගත් ටිරෙල් ද ගුරු පාර දිගේ නොපෙනී යන තුරුත් දිසානායක රටේ මහතාත්, ධර්මකීර්ති උන්නාන්සේ ත් රැළි වැටුණු දෑසින් බලා සිටිය හ.
හ්ම්...හොඳයි. වනල තියෙනවා වැනිල්ලක්. මං කිව්වෙ මේ පරිසරය ගැන, මං කැමතිම කොටස ඒකයි.උඹැහෙට කියන්න ඩ්‍රැකියෝ, කොස්කොල නැට්ටක් දැක්ක කාලයක් මතක නෑ කියහංකො.
ReplyDelete...උඹැහෙට කියන්න ඩ්‍රැකියෝ, කොස්කොල නැට්ටක් දැක්ක කාලයක් මතක නෑ...
Deleteඔන්න ඒක කිව්වා. තව මොකවත් කියන්ඩ ඕන්නං කියන්ඩ ඈ...
ඇත්ත. වැනිල්ල... ඒක උනේ, මේක ලියන්ඩ ගත්තෙ ඊයෙ දවල් පොඩ්ඩා නිදි අතරෙ. ඉතිං මනසට මාර විවේකයක් තිබුණා. අග හරිය ලිව්වෙ මහ රෑ. ඉතිං ඒ හරියෙ වැනිල්ල අඩුයි.
කොස් කොල නැට්ටක් පේන්ඩ විදිහක් නෑ නෙව කොහොමත්. බකුස් යන්නෙ එන්නෙ මහ රෑ නෙ.
ඒ වැනිල්ල මට මතකයි ඩබ්ලිව් ඒ සිල්වගෙ කෙටි කතාවක තිබුණා. ගොම්මං වෙලාව ගැන...
අහා! ඩබ්ලිව් ඒ සිල්වා මැතිතුමා. මම කැමතිම ලේඛකයෙක්. "යකාගෙ ලියුම" ලිව්වෙ එයා තමා. නැට්ට පේන්න කොස්ගස් තියෙන්න එපෑයෑ බොලං?
Deleteමාත් වඳින පුදන ලේඛකයෙක් තමයි එතුමා.
Deleteදන්නවද දවසක් වෙසක් එකට වැල්ලවත්තෙ තරුණයො ටිකක් සම්මාදමේ ඇවිත්, මෙතුමගෙ ගෙදරටත් ආවලු. ඇවිත් කිව්වලු, "අපි පෝය දාට පිරිත් පැන් ගෙවල් ගානෙ බෙදන්ඩයි යන්නෙ. ඒකට සම්මාදං කරනව" කියල.
සිල්ව මහත්තය කිව්වලු. "ඔයිට ලේසියි නෙ ලබුගම ජලාශෙ ගාව පිරිත් කියෙව්වනං. අපට ටැප් එකෙම්ම පිරිත් පැන් ගන්ඩ පුළුවන්නෙ..." කියල.
ඩෙඩ්!
Katha raja kathava ( W. A. Silva charithaya) W. A. Silva, K. H. A. Dharmasekare
Deleteනවකතා වගේම රසවත්
හපොයි. ඔය පොත ගමේ පුස්තකාලෙදි කීප වරක්ම දැකලත් කියෙව්වෙ නැති මම...!
Deletehttps://didyouknowfacts.com/behind-the-myth-of-the-elephant-graveyard/
ReplyDeleteමම මේක කිව්වට කමක් නැද්ද මන්දා. ඉස්සරත් මට මේක හිතුනා කිව්වෙ නැතුවට. මේ ගැන මට වඩා දන්න කෙනෙක් සමහරවිට පැහැදිලි කරයි කියල හිතුන නිසා දැන් කියන්නෙ.
මේ කතාවට අදාල කාලයේ (කෝට්ටෙ යුගයට පසුව මහනුවර රාජධානිය ?? ) ධනසේකර වගේ අගට යෙදෙන වාසගම් තිබුනෙ නෑ කියලයි මගෙ මතය. අගට වාසගම් තිබුනෙ රදල අයට. ඒවත් තිබුනේ කැප්පෙටිපොල, ඇහැලෙපොල මීගස්තැන්න, පිලිමතලව්ව වගේ ගම්වල නාම් වලින්. නම්බුනාම විදිහට ලැබුන, ජයසුන්දර, සිරිවර්ධන, රාජපක්ශ, විජයසුන්දර, වික්‍රමසිංහ වගේ නම් හුඟක් තිබුනා (ධනසේකර නම් මං අහල කියවල නෑ) ඇත්තෙන්ම එක් පුද්ගලයෙකුට ඒවා තුන හතරක්ම තිබුනා ( තාමත් සමහර පවුල්වල initials 5, 6 ක් තියෙන්නෙ ඒ නිසා ). වලව්වේ/ගමේ නමින් අග නම තිබුන පිලිමතලව්වේ හැම රදල නිලධාරියෙකුටම ඉස්සරහට විජයසුන්දර වගේ නම් කිහිපයක් ලැබී තිබුනා. ඒත් ඒවා වාසගමක් විදිහට අගට යොදා ගත්තෙ නෑ. අග නමක් ලෙස හැඳින්වීමට යෙදුනේ ගමේ / වලව්වේ නම හෝ ධුරයේ නම, එහෙම නැත්නම් මුල් නම (කුඩා බැණ්ඩාර වගේ). කෝට්ටෙ කාලයේ නම් වික්‍රමසිංහ / සමරකෝන් මුදලි, වීරසුන්දර රාලහාමි වගේ නම් යෙදුනා. වීරසුන්දර බණ්ඩාර හිටියා, ඒත් ඒක නම්බුනාමයක් සහිත මුල් නමක් මම හිතන්නෙ. ඔහුගේ පුතා කොනප්පු බණ්ඩාර හැඳින්වීමට වීරසුන්දර යෙදුනේ නෑ.
පිලිමතලව්වෙ, ඒදඬුවාව, එකනැලිගොඩ වගේ වලව්වේ / ගමේ නම උරුමයෙන් පවුලට ලැබුනට ධනසේකර වගේ නම් පවුලටම තිබුනේ නෑ උඩරට රාජධානියේ මන් හිතන විදිහට. වලව්වක් හැඳින්වීමට එවැනි නම් යෙදුනෙත් නෑ.
( සමහරවිට පහතරට නම් සමරකෝන් වලව්ව වගේ යෙදුනා පෘතුගීසි කාලයේ සිට.)
ඩ්‍රැකී දන්නවනෙ මං බ්ලොග්, එෆ්බී වගේ මාධ්‍යවල ලියන්න කම්මැලි සහ අකාර්යක්ෂමයි කියල. ඒක නිසා උඩ කමෙන්ට් එකේ දෝෂ ගැන සමාව දෙන්න.
Deleteසිම්ප්ලි කියනව නම්. මං හිතන්නෙ නෑ උඩරට රාජධානියේ ඔය කාලයේ ධනසේකර වලව්ව/කුමාරිහාමි වගේ නම් අන් අය විසින් වලව්වක් / කාන්තාවක් ඳින්වීමට තිබුනයි කියල. මොනරවිල/ඒදන්ඩුවාවෙ/ඇහැලෙපොල/කටුගහ වගේ ඒවා තමයි තිබුනෙ. විජයසුන්දර වගේ නම් ලැබුනේ මුලට
ප්‍රා හරි... ගොඩක් ස්තූතියි මේ විදිහට මාව පෝෂණය කරනවට. ඒක ලොකු හයියක්.
Deleteමට තේරුමක් තිබුණෙ, රදළයන්ට දීල තියෙන නින්දගමේ නමින් රදළයන් හැඳින්වෙන බව. මීමුරේ නිළමේ, උඩුමුල්ලෙ නිළමෙ කියන නං මම හදාගත්තෙ ඒ විදිහට. නමුත් ඒ උදවියට වාසගමක් ම කියලා කියන්න පුළුවන් දිග නමක් තිබුණ බව තමා මගෙ නිරීක්ෂණය. ("මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල" වගේ.) ඒත් ඒ පරම්පරාවෙ එක නමක් පියාගෙන් පුතා උරුම වෙනව කියල පේනව. මඩුවන්වෙල දිසාව ගෙන"විජයසුන්දර" කියන නම, ඒ විදිහට දිගට එනව. කොහොමත් නමට අගින් තිබුණෙ ම නින්දගමේ නම තමයි.
අර කතාව ඇත්ත. වළව්වලට දැම්මෙ එක්කො නින්දගමේ නම. එහෙම නැත්තං වෘත්තිමය නමක්. ඒ අනුව මේ වළව්වට වෙද මුදලි වළව්ව කියල කියන්න පුළුවන් වෙයි.
මට මේ කතාව අඟහරුව හෙවත් "සුභාෂ් බණ්ඩාර ධනසේකර" එක්ක පටළවන්න ඕනෙ වුණ නිසා තමයි මේ අලකලංචිය. මේක නිවැරදි කරන්න ඕනෙ.
තව, මට කියවන්න ලැබුණා (මිණිවන් පී තිලකරත්න මහත්තයගෙන්) ළමයෙකුට නමක් දානකොට ඒ නම දැනගන්නෙ නම දාන කෙනා විතරයි කියලා. බොහෝ විට අම්මගෙ සහෝදරයා තමයි නම දාන්නෙ. නම දාන උත්සවේදි ඒ නම ළමයගෙ කණට කොඳුරලා කියනවා විතරයි. ඉතිං ඒ ළමය වත් දන්නෙ නෑ හරි නම. මොකද, නියම නම දැනගත්තොත් හූනියං කරයි කියල...
Deleteඉතිං ළමය හැඳින්වෙන්නෙ ගෙදරට කියන හුරතල් නමෙන්. "උක්කු බණ්ඩ, ටිකිරි බණ්ඩා, මුතු මැණිකෙ" වගේ නං එන්නෙ එහෙමලු යි කියල කියනව...
යකඩෝ. වලව් නම් දැමිල්ලත් පණයන වැඩක් නෙව උලව්වේ? ආං ඒකට අපි? මම දොරකඩ ගහේ මූකලං බස්සා, අපේ බප්පුච්චා අල්ල්පු ගහේ මූකලං බස්සා .මයෙ හිතේ මූකලං තමා අපේ වාසගම. වංසෙ බකමූණු.
Deleteපෙනුම අහිංසක, බැල්ම උපාසක, වැඩ අන්තිම නරක
Deleteඕං බලන්ඩ, දැන් නෙ දන්නෙ ඩීජීඇම් කියන එකේ තේරුම. ඔය වගේ හොල්මං බස්සා, ගල් බස්සා, වගේ වාසගමුත් ඇති නේද?
Deleteප්‍රා... බස්ස ගැන නෙ කිව්වෙ? අහිංසක මං ගැන නෙවෙයිනෙ?
DeleteDon Gangster Murderous Bastian.
DeleteFor nails : - Don Grand Magnificent Bastian
DeleteDisguised as - Don Godly Modest Bastian
DeleteFor us - Don Guarded Mysterious Bastian
Deleteඈ...? දොරකඩ ගහේ මූකලං නෙවෙයිද එතකොට?
DeleteDragon-headed Mischievous Bastian?
Deleteදාර ගොම්මන් මහසෝන් බස්තියන්
Deleteඔය රට්ටු එක එක නම් පටබැන්දට, මම මම දොරකඩ ගහේ මූකලං බස්සා. ඒක තමා උප්පැන්නෙ රෙජිස්ටර් නම.
Deleteඉස්සර මම දන්න, ඔය වගේ ගාම්භීර නමක් තියෙන කෙනෙක් හිටියා. එයාව පොලෝසියෙන් නැවැත්තුවාම කියනවා " I'm SP Jayasundera" කියලා. රාලහාමි සැලියුට් ගහලා "සමාවෙන්න සෑර්. දන්නෙ නැතුවයි නැවැත්තුවෙ" කියනවා. උන්දෑගෙ ඇති පොලිස් තානාන්තරයක් නෑ, නමේ අකුරු S.P
ඔය වගේම අපේ යාලුවෙක් ගෙ මල්ලි කෙනෙක් ඉන්නව ASP කෙනෙක්. උගෙ නම අමල් සමන්ත පෙරේරා.
Deleteධනසේකර කියන නම් නැති වෙන්න විධිහක් නැහැ. කන්ද උඩරට රාජධානියටත් පාණ්ඩ්ය කුමාරිකාවෝ ගෙනාවා මම හිතන්නේ. ධනසේකරන් ල ඒ එක්කම එන්න ඇති. පණ්ඩිය වංශික උන්
Deleteගොඩක් ස්තූතියි මගෙ කුතුහලය ඇවිස්සුවට පාණ්ඩ්‍ය මුල් ගැන...
Deleteබොහෝමයත් නම් සහ වාසගම්, අපේ ආරිය සිිංහල ජාන වගේම, දකුණු සහ උතුරු ඉන්දීය මුල් සහිත බව ඇත්ත. ඉහළ ප්‍රා ජේ කියන්නේ, නම් තැබුණු පිළිවෙල ගැනයි. ඒ අනුව, වළව් සහ වළව් හිමියන්ගේ නම් එන්නේ නින්දගමේ නම අනුව. ධනසේකර වැනි නම් ඇතුළත් වෙන්නේ වචන පහ හයකින් සමන්විත වාසගම ඇතුළේ. ඒ අනුව මම වැරදියි...
මම මේ කතාව කියවන්න ගත්තෙ ගිය සතියෙ.අනිත් ලිපි ත් ගොඩක් කියෙවුවා.ඔයාට ලස්සනට ලියන්න පුළුවන්.සුබ පැතුම්
ReplyDeleteගොඩක් ස්තූතියි. දිගටම එන්න...
Deleteඅනිවාර්යයෙන් ම එනවා
Deleteමහ නුගේ යට බ්ලොග් එකකුත් තියෙනවද?
Deleteලන්ඩන් විහාරවාසී ලුණුගල ධර්මකීර්ති උන්නාන්සේ!
ReplyDeleteඩ්‍රැකී සර් ඔහේ තමා දවසකටවත් මිනිහා
ජයවේවා!
Myself Hattor
යන යන තැන ත්‍රි වීල්වවල පිටිපස්සෙ ගහල තිබුණට, "මීටරයෙන් ඉන්න" කියලා, හැට්ටර් ට විතරයි ඒක මිටර් වුණේ.
Deleteමං මේ උන්නාන්සෙ මේ පැත්තෙ වඩිනකං බලං උන්නෙ...
හැට්ටර් මල්ලි දීයා කන්න ඕනේ නේද මේඩ්‍රැකී උන්නැහව මේ වගේ වැඩ කරනවට. රාවනා කාලේ මගේ බොටුව හිර කරපු අයෙක් වෙන්ට ඇති
Deleteහපොයි රාවණ දිවි ශාපය මට වැදිලා වගෙයි... හොර බළල්ලු කීප දෙනෙක් මර හඬ නඟමින් ගේ වටේ කැරකෙනවා දැන් දවස් ගාණක් තිස්සේ මහ රෑ...
Deleteහේ හේ
Deleteටිරේල් කියන්නෙත් ඩ්‍රෙක් ට ද?
ReplyDeleteහනේ බුදු නුගේ... පළවෙනි කොටසෙ ඉඳන් කියවගෙන එන්න. කොටස් විසි හතක් උනාට, කොටසක් ඒ ෆෝ කොළයක් තරං වත් දිග නෑ.
Deleteඇඩම් "ඩ්‍රේක්" ඇන්ඩර්සන් කියන්නෙ ප්‍රංශ නේවි අද්මිරාල් කෙනෙක්. හැබැයි උන්දැ නෝර්ඩික් ජාතිකයෙක්. ටිරෙල් ඔ්ඩින්සන් කියන්නෙ එයාගෙ කැබින් බෝයි. ඒ දෙන්න ගැන කියවෙන්නෙ තුන්වෙනි කොටසෙ ඉඳන්...
කැමති නම් මගේ පළවෙනි කතාව කියවන්න. ඒකෙත් මේ ඩ්‍රේක් ගොයිය ඉන්නව.
හිටිය නිසා දෙදිනක් ගෙදරින් බැහැර
ReplyDeleteඑන්නට පමා විණි පැත්තේ මේ ගෙදර
තර්ටි වන් කමෙන්ට්ස්සුත් කියවල ඉවර
වෙලයි බලං ඉන්නේ 'තුන්කල් සයුර'
තුන්කල් සයුර වන්නට මේ කතන්දරේ
Deleteමං කල් පනා කෙරුවේ ලෙසට අන්දරේ
මෙහි මුල් ප්‍රාග් ඉතිහාසෙත් ලියා වැරේ
හැටවල් හැත්තෑ දශකෙත් ඈඳන්ඩ හුුරේ
//මහ නුගේ යට බ්ලොග් එකකුත් තියෙනවද?//තාම නෑ.O/Lඉවර කලාම මම ලේඛකයෙක් වෙයි.
ReplyDeleteඒක ඔයාගෙ ඇඟේම තියෙන බව "මහ නුගේ යට" කියන නමෙන් ම තේරෙනව. ඔය නම හරියන්නෙම බ්ලොග් ඒකකට, වෙබ් පිටුවකට, රූපවාහිනී හරි රේඩුයෝ හරි වැඩසටහනකට, තීරු ලිපියකට... වගේ තමයි. නියම ම නමක් ඈ... ඒ්ක හලාගන්ඩ ඒපා.
Deleteඅර වනපු වනිල්ල හින්දද මන්ද මේ කොටස අනිත් කොටස් වලට වඩා ලස්සනයි කියල හිතුනා.
ReplyDeleteඒ් කියමන හිංද මාත් ආපහු කියවලා බැලුුවා. සමහර විට කුමාරිහාමි එහෙම සිංහල කතා ව්‍යවහාරයෙන් කතා කරපු නිසාද දන්නෑ...? කොහොමත් මට නං අර පොත්ගුල් විහාරෙ මගෙ හිතේ තිබුණු පිංතූරෙම්ම විස්තර කරන්න ලැබුණෙ නෑ කියල හිතෙනව. එහෙම දිගට විස්තර කළා නං කතාව දිග්ගැස්සෙයි කියල හිතුණ නිසා කෙටියෙන් වනල දැම්මා. අර අන්තිම හරියෙ සේරුවිල විහාරෙ නං තව විස්තර කරන්ඩ තිබුණා.
Deleteධර්මකීර්ති උන්නාන්සෙ මන්ද පමා? කරපු නොපණත් කමට කේන්ති ගියාවද්ද?
ReplyDeleteහේ හේ අර උඩ කොටස හොඳයි ලියල ටියනව්. මැවිලා පෙනෙනවා.ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යට කියල. හැබයි ඉතින් ලුණුගල ඔය පැත්තට අයිති වෙන්නේ නැහැ නේද. හැබැයි ලුණුගල ශ්‍රී ලෝනගිරි රජමහ විහාරය කියන්නේ හෙන පරණ එකක්. හොයල බලන්න
Deleteමම අපේ මව්තුමිව ඉන්දියාවේ වන්දනාවේ එක්කන් ගිහින් වුනු වැඩක්. එයා ඔය බුද්ධගයාවේ ඇවිදල වඳින්න භාවනා කරන්න ඉඳ ගත්තම වරුවක් විතර යන නිසා මම ඇවිදින්න ගත්ත. ගේට්ටුව ළඟ පොත් සාප්පුවක් තිබිල ඇතුලට ගිහින් පොතක් ගත්ත. මොකක් හරි එකකට නම ලියන්න වුනා බිලේ හරි කොහේ හරි. කඩේ මෑන් නම දැකල පොතක් ගෙනත් දුන්න . hethubindu of Dharmakirti. පස්සේ බලනකොට ධර්මකිරිති කියන්නේ ප්‍රසිද්ධ මහායාන හිමිනමක් නාගර්ජුන එක්ක හිටපු. තර්ක ශාස්ත්‍රය. මම පොත නිකන් කියෙව්වා ටිකක්. එතකොට තමයි දැක්කේ ක්වන්ටම් භෞතිකයේ ප්‍රාථමික අංශුවක ස්ටේටස් තුන සමාන අදහසක් ඒකෙ තියනව කියල. බටහිර ක්වන්ටම් විද්‍යාඥයෙක් - මට මතක නැහැ නීල්ස් බෝ හරි ශ්රුදින්ගර් හරි- වෙන්න ඕනේ ඕක ගැන කියවල තියනව කියල, මම කොහේදී හරි කියෙව්වා. පොත බලනකොට තමා තේරුනේ කතාව ඇත්ත කියල. මෙතනට අදාලද මන්ද.
Deletehttps://www.exoticindiaart.com/book/details/hetubindu-of-dharmakirti-point-on-probans-IHL042/
ලෝණගිරිය ගැන සෙවිල්ල පටන් ගත්තා. මට පේන හැටියට ඒ ඉසව්වත් පරණ මා එළිය වනාන්තර අඩවිය ආශ්‍රිත තැනක්... අපි බලමු ඉදිරියට මොන මොනව ලියවෙයිද කියලා...
Deleteඇත්තට නාගාර්ජුන. අභයගිරි, නාලන්දා ආදී මධ්‍යස්ථාන කොයි තරම් නම් දැනුම සහ අධ්‍යාපනය අතින් දියුණු වුණු තැන්ද? අපට කොයිතරම් දේ අහිමි වෙලා තියෙනවද, ආක්‍රමණිකයන් නිසා?
Deleteඇත්තට ධර්මකීර්ති වගේ කීර්තිමත් නමක් අතට අහුවුණොත් අතාරින්න එපා. ඔබේ අරමුණුවලින් එකක් විය යුත්තේ පරණ ධර්මකීර්ති ට නොදෙවෙනි කිසියම් දෙයක් මඟින් ඒ නම නැවතත් කීර්තියට පත් කිරීම. ලෝකයට යම් කිසි ශ්‍රේෂ්ඨ දෙයක් උරුම කර දීම තුළින්...
නාලන්දා වල ලොකුම පුස්තකාලය තිබුන කියනවනේ. ආක්‍රමණ තමයි ඔක්කොම විනාශ කලේ .
Deleteදෙවෙනි කතාව ගැන කියන්නේ ඔය සහෝදරයාට සුව කල නොහැකි පිස්සුවක් වැළඳී ගෙන එන වගයි