Tuesday, September 7, 2021

සුනිල් පෙරේරා ට සමුදෙමු.

අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ සිව්දෙස සඟරාවක පළ කෙරුණා සුනිල් පෙරේරා එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්. ඒක කරල තිබුණෙ ශ්‍රී ලාල් ප්‍රියන්ත. ප්‍රශ්න සහ සාකච්ඡාව පළ කරලා තිබුණු විදිහෙන්, ඒ වගේම ඒ ලිපියට දාල තිබුණු මාතෘකාවෙන් පේනව සඟරාවෙ අරමුණ වුනේ සුනිල් පෙරේරා සහ ඔහු නියෝජනය කරපු  රසවින්දනාත්මක සමාජ ස්තරය පහත් බව ප්‍රකාශ කරන්න බව. වැඩි කතා නැතුව පහළින් දාන්නම් ඒ ලිපිය. 





ජිප්සීස්ලගෙ සිංදුවල කොහොමත් අපට අල්ලල යන පදමාලා ඉස්සර ඉඳම්ම තිබුණා. 

දැන දැන වැරදි කරනවා

නුඹ නාඩං නුඹ නාඩං

ඕවත් වැඩද මල්ලි

ළිඳ ළඟ සංගමය මුල්තැන

නෝනෙ මගෙ සුදු නෝනේ

සිංඥෝරේ

අයි ඩෝන්ට් නෝ වයි

ලංකාවේ

කියන්නෙ ගොතලා

ගෙදර යං

(ඔය සමහර සිංදුවලින් ඔහු දේශපාලන මතවාදයක් සමාජගත කළා, එහෙම නැත්තං තිබුණු මතවාදයක් ශක්තිමත් කළා.)


ඒ වගේම ලස්සන වෙස්ටන් ජනප්‍රිය සංගීතය...

වැඩිය අහල නැති බටහිර මියුසික් සහ තනු කොපි කරලා හදපු සිංදුත් තිබුණ. ඔජායේ, ලුණු දෙහි, කුරුමිට්ටෝ එහෙම ඒ වගේ සිංදු. 

ජොලියට කියපු සිංදු පෙළකුත් තිබුණා. හොදි, කොත්තමල්ලි, පිටි කොටපන්, වගේ ගීත.

සුනිල් පෙරේරා කොහොමත්, හොඳට කාලා බීලා, ආතල් එකේ හිටපු මනුස්සයෙක් විදිහට ප්‍රතිරූපයක් තිබුණු කෙනෙක්. තමන් හිතන දේ කියාපාන්න හරි, ඒ ගැන සිංදුවක් හදල කියන්න හරි බයක් නැති...

කොහොමත් අර, "පොළොවට ලුණු අවශ්‍යයි, හැබැයි ටිකයි" කිව්ව වගේ, සුනිල් පෙරේරා වගේ උදවිය එක්කෙනෙක් දෙන්නෙක් උන්නනං ඇති ලංකාවට. හොඳ මතකයක් රඳවලා, සමාජයේ නමක් තියලා, කරපු වැඩ ඉතුරු කරලා, ඔහු ගිය එක ගැන, ඔහුටත් දුකක් නැතුව ඇති.

ඉතිං... සුනිල් පෙරේරා රසවතාණනි, (ඔහුට, සංගීතඥයෙක්, ගායකයෙක් සහ කලා කාරයෙක් කියලා ආමන්ත්‍රණය කරන එකත් ටිකක් ඕක්වර්ඩ් විදිහට දැනෙන්නෙ, අර මං උඩ මතු කරපු ප්‍රබුද්ධ - පීචං සම්මතය නිසා කියල හිතෙනව) ඔබට ආයුබෝවන්!

32 comments:

  1. වෙනස්ම ආරක කෙනෙක්. එක්තරා ආකාරයකින් උඩුගං බලා පීනපු මනුස්සයෙක්. ඔහුගේ විවෘත භාවය මං අගේ කරනවා. මට මතක්වුනේ සයිමං නවගත්තේගම. දෙන්නම හොඳට කාපු,බීපු, කං සැප විඳපු අය. ඒත් තම තමන්ගෙ කලාවෙ නමක් තියපු අය. ඔවුන් නික්ම ගියත්, හෙටත් අපට යමක් ඉතුරු කරල ගිහින් තියනවා. සුභ ගමන්! ආපු දවසක හම්බවුනාම සෙට් වෙමු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ලොකු ම දේ හැටියට මම දැක්කෙ, තමන් විශ්වාස කරපු දේ වෙනුවෙන් පෙනී සිටීමට දක්වපු නිර්භීත බව.

      Delete
  2. කන බොනකොට ගැවසෙනකොට හැප්පෙනකොට සමාජයේ
    නිල අහුවෙයි, රිද්මෙ දැනෙයි ටක්කේටම ගැහෙන ළයේ
    ගොනු කරමින් ඒ සේරම, එක මිටකට රැගෙන තියේ
    සුනිලුන්ගේ ගී එකයි කාටත් අල්ලලා ගියේ!

    පුහුදුන් මිනිසෙකිය සුනිලුත් අප වාගේ
    ඒත් වැරදි පිළිගත්තා, එයයි අගේ
    කොන්ද කෙළින් තියාන ඊ ගහ වාගේ
    හිටි එකටයි, සුනිලුනි සැලියුට් මාගේ!

    ReplyDelete
    Replies
    1. කෙලින් කොන්ද, ඔව් එය ඔහු හට තිබුණා
      තමුන් විනිශ්චය වීමට බය නොවුනා
      තමුන් නොදන්නා දේ ගැන නොම තැවුණා
      ජොලිය බෙදා දී තමනුත් සතුටු වුණා

      Delete
  3. අර උඩ තියෙන ආර්ටිකල් එක කියෙවුවා මතකයි. ඒ කාලෙත් මට හිතුනෙ 'එළ කොල්ලෙක්නෙ, හොම්බට ඇන්නා වගේ ඇත්ත කියනවා' කියලා තමා.

    ඒ දවස්සොල අපි වගේ කියවන පිස්සන්ට කියවන්න තිබුන හොඳම දැනුම් සාගර තුනක් තමා මුතුහර හා සිව්දෙස සඟරා දෙකයි, සමුදුර පත්තරේයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔය කාලෙ රීඩර්ස් ඩයිජස්ට් වගයක් හම්බෙලා, මම ඒවයෙ තිබුණු විහිලු කතා කියෙව්වෙ ඩික්ෂනරිය පෙරළගෙන. ඉතිං යාළුවො කියනව, "මචං, මූ ඉස්සෙල්ලා සඟරාව කියවනව. හිනා යන්නෑ. ඊට පස්සෙ ඩික්ෂනරිය බලපුහාම තමයි හිනා යන්නෙ" කියල.

      ඔය කාලෙ ම මොහාන් සමරනායක අයි ටී එන් එකේ වැඩසටහනක් කළා. ඔය වගේ තොරතුරු ඉංග්‍රීසි සඟරාවලින් කියවලා, අපට කියා දෙන්න.

      ඇත්තම කිව්වොත්, 1994 දි මම හිටියෙ සම්භාව්‍ය පැත්තෙ. ඒ කාලෙ අපි යාන්තමින් තේරුම් ගන්න අවදිය. ඉතිං සුනිල් ගැන ඔය ආටිකල් එක කියවල මට හිතට ආවෙ, "මේ යකා මොනවක්වත් නොදැන දොඩවනව. ජොලිය නෙමෙයි සංගීතය කියන්නෙ, භාවයන් සංසිඳුවලා සන්සුන් කරන එක..." කියලා. පස්සෙ තමයි වටහාගත්තෙ, හැම දෙයක් ම කලාව තමයි. හැම දේකම අනන්‍ය රසයක් තියෙනව කියන එක.

      Delete
    2. පැහුණාට පස්සෙනේ පොල්වල කිරි තියෙන්නේ!

      Delete
    3. ඒ්ක හරි අපූරු කියමනක් නෙ...

      Delete
  4. Replies
    1. ඇයි කමෙන්ට් එක මැකුවෙ?

      Delete
  5. සුනිල් පෙරේරා ගැන වාක්‍ය තුනකින් පැහැදිලි කරන්න පුළුවන්.
    සුනිල් පෙරේරා ඉංග්‍රීසි ගීතවල තනු වලින් හදපු ගීතනම් මුල් ගීතයට වඩා රසවත්.

    එයාලාගේ ස්වතන්ත්‍ර නිර්මාණවල සමහර වෙලාවට ඒකාකරී වෙනවා.

    එයාගේ සමාජ/දේශපාලන විවේචන නම් සාමාන්‍ය සිංහල කතෝලිකයෙක්ගේ මතයමයි.
    (සිංහලයා මෝඩයි, සිංහලයා ජාතිවාදියි, සිංහලදේශපාලකයා හොරෙක් ......) ඒ සීමාවෙන් එහාට පනින්න එයාට බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. සුනිල් පෙරේරා නතවුන තැනින් එහිට ගිය කෙනා තමයි ඉරාජ්.

      Delete
    2. // සිංහලයා මෝඩයි, සිංහලයා ජාතිවාදියි, සිංහල දේශපාලකයා හොරෙක් //

      සාමාන්‍ය සිංහල කතෝලිකයෙකුගේ විතරක් නෙවෙයි උපතින්ම සිංහල බෞද්ධයකු වන මගෙත් මතය ඒකම තමා. මමනං හැබැයි ඒකට තවත් ඒවා එකතු කරනවා...

      සිංහලයා කුහකයි, සිංහලයා බයයි, සිංහලයා ගෝත්‍රිකයි, සිංහලයා කම්මැලියි, සිංහලයා ශරීර හොරෙක්...

      Delete
    3. උඹත් ක්‍රිස්තියානි කාරයෙක්.

      Delete
    4. මමත් ඉන්නේ බුරටිනෝගේ මතයෙ. හැබැයි මම විශ්වාස කරන විදිහට බුදුන් වහන්සේ තමයි ලොව බිහිවූ විශිෂ්ටම බුද්ධිමතා.

      මාත් බුද්ධාගම්කාරයෙක්, උපතින්ම.

      Delete
    5. ජගත් සහ බුරා,
      සිංහලයාද, දෙමළාද, මුසල්මානුවාද කියලා වෙනසක් මම සුනිල් පෙරේරගෙ ගීතවල දැක්කෙ නෑ. ඔහු විවේචනය කළේ ලංකාවේ සිස්ටම් එක. දේශපාලනය සහ සමාජයේ තියෙන කුහකකම් ගැන ඔහු කී දේ නිවැරදියි කියලා මට පේනවා. ඔහු නියම මුල අල්ලාගෙන නැතත්, ඔහු විවේචනය කරන මතුපිට ලක්ෂණ හරියට ම හරි.

      නිදි,
      බුදුන් ඉතා ම විශිෂ්ට දාර්ශනිකයෙක්. ජෛන මහාවීරත් ඒ වගේ ම හොඳ දාර්ශනිකයෙක්, නමුත් අන්තයකට අවිහිංසාවාදී වුණු. ජේසුස් ගැන තිබෙන කතා අනුව, එතුමාත් ඉතාම මානව හිතවාදී පැත්තකට ආගම හරවන්න උත්සාය කළ කෙනෙක්. කාරිය තියෙන්නෙ, පසුකාලින සැදෑවතුන් විසින් එකතු කරලා තියෙන ප්‍රාතිහාර්ය සහ භක්තිවාදී කොටස් අතරින් සැබෑ ඉගැන්වීම තෝරා බේරා ගැනීම යි.

      Delete
    6. ඩ්රැකී, බුදුන් විශිෂ්ටය කීමෙන් මම අනෙක් කිසිවෙකු හෙළා දීමක් කරන්නේ නෑ. මං දන්නා තරම අනුව කීමක් විතරයි. මොකද මම තවමත් ඉගෙන ගනිමින්නෙ ඉන්නේ.

      ජේසුස් වහන්සේ ගැන වුණත් ලියවී තියෙන පොත්වලින් ටිකයි මට කියවන්න ලැබිලා තියෙන්නේ. මහා ධීවරයාණෝ- ක්වො වාඩිස් පරිවර්තනය 'කොයිබටද'- ජේසුස් නම්වූ බුද්ධ ශ්‍රාවකයාණෝ වගේ පොත් ටිකක්..... බැලූ ඉංග්‍රීසි films ගොඩක් එහෙම තමයි මං දන්නා හරියත් දැනගන්න උදව් කළේ.

      Delete
    7. නෑ නෑ... නිදි වරදවා වටහාගෙන. මම කීවේ මට තේරිලා තියෙනවා කියලා මම හිතාගෙන ඉන්න දෙය. ඉගෙනීම අවසන් වෙන්නේ අපේ මරණයෙන් නොවැ. සමහරවිට මට තව ඉදිරියේදි වෙනස්ම දෙයක් තේරිලා තියෙයි. නිදි කී දේ හෙළා දැකීමක් තුන් හිතකවත් තිබුණේ නෑ.

      Delete
  6. විවෘත, ලිබරල්, වෙනස් පුද්ගල අයිතිවාසිකම්වලට ගරු කරන රටක නම් සුනිල් පෙරේරා හොඳ ෂෝමන්ශිප් සහිත සාමාන්‍ය කලාකාරයෙක් වෙයි.
    ඒත් ලංකාවෙ තත්වය වෙනස්. ලංකාවෙ ඔහුවගේ අය අඩුයි. ඒ අයට සාර්ථක වෙන්නත් අමාරුයි. එනිසා ඔහු මම අගය කරන නිර්භීත කොන්දක් තිබුන සාර්ථක විශිෂ්ඨ කලාකාරයෙක්

    ReplyDelete
    Replies
    1. එකඟයි 100% ක් විතර ම. ලංකාව වගේ සමාජයක ඔහු වගේ කෙනෙක් බිහිවීම ම ප්‍රාතිහාර්යයක් වගෙයි.

      Delete
  7. ඔහු අපූරු පුද්ගලයෙක්.. ඒකෙ විවාදයක් නෑ. නමුත් උඩ ප්‍රා කියනව වගේ ලංකාවට නොගැලපෙන නෙවී ලංකාවෙ අයට නොදිරවන ගති ඔහු තුළ තිබුණා..

    මාර්කස් මහත්තැනුත් සුනිල් ලොක්ක ගැන ආටිකල් එකක් ලියල තිබ්බ
    https://marcuspriyanthaperera.blogspot.com/2021/09/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. https://kolayak.wordpress.com/2021/09/06/%e0%b6%af%e0%b7%94%e0%b6%b4%e0%b6%ad%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd%e0%b6%ba/comment-page-1/?unapproved=216&moderation-hash=6359f32939c3b46aa1cd6e89d7413feb#comment-216

      Delete
    2. //ලංකාවෙ අයට නොදිරවන ගති ඔහු තුළ තිබුණා.//

      ලංකාවෙ තියන ලොකු අපහසුකමක් තමයි ඒක.
      ලංකාවෙ එවුන්ට දිරවන , අපිට නොදිරවන දේවල් මෙහෙ ඉන්න නිසා කරන්න වෙන එක.
      එහෙම නොකරන අය ගැන මගෙ අගය කිරීමක් (admiration) තියනවා,
      ඔවුන් මට දිරවන /නොදිරවන දේවල් කලත් / නොකලත්, තමන්ට කැමති විදිහට (නීත්‍යානුකූලව ) ඉන්න කොන්ද තියන එක ගැන

      Delete
    3. කොහෙද Pra Jay මහත්තයෝ ලංකාවේ නීතියක් තියෙන්නේ? එක-එකාට එක-එක නීති. අන්න චීවරධාරී උත්තමයෙක් නීතිය අතට අරගෙන වගේ, ප්‍රසිද්ධියේ කියනවා මැල්කම් රංජිත් මහතාගේ ගෝලයෝ ශ්රාවස්තිපුරට ආවොත් අඬු කඩනවය කියලා.
      https://www.youtube.com/watch?v=Z2_k3ull5xs

      Delete
    4. මහේෂ්,
      ඔව් ඔයාගෙ ලිංක් එක අනුව ගිහින් ඉතාම රසවත් ලිපියක් කියෙව්වා.

      සුනිල් ගැන එක එක පුද්ගලයින් එක එක පැති වලින් අගය කරනවා. නමුත් මට හිතෙන හැටියට සුනිල් ගේ කොන්ද සහ රසය ගැන ගැළපෙන ම ලිපිය ලියා තිබුණේ මාතලන්. සුනිල් ගේ හරය තමයි ජොලිය, වින්දනය සහ ඇත්ත දකින ඇස.

      ප්‍රා,
      නොදිරවන අපි මේ දූපතේ ඉපදුනේ ඇයි කියලා මට නිතර හිතෙනවා. මේ රටට හොඳක් වෙන්න නම් ඡන්දදායකයින් අලුතින් පත් කරගත යුතු වෙනවා. නැත්නම්, මේ යන සිස්ටම් එකටම යාමට ඉඩ හැර අපි අයින් විය යුතුයි.

      නිදි,
      "පෙන්ග්වින් දිවයින" කියවා තිබෙනවාද?

      Delete
    5. ප්‍රා, ගොඩක් ස්තූතියි කොළයට පාර පෙන්නුවට. ඉතාම උසස් බ්ලොග් එකක්...

      Delete
    6. ඩ්රැකී, පෙන්ග්වින් දිවයින ඔයා ළඟ තියෙන්නේ 'පියසිරි ප්රින්ටිහ් press' මුද්‍රනයද? T. අන්ද්‍රාදි මහත්තයාගේ දැවැන්ත පොත් ගොඩක්ම මුද්‍රණය කළේ මං ප්‍රින්ටින් මැනේජර් විදිහට වැඩ කරද්දී. එහෙම කිව්වේ ඒ හැම පොතකින්ම copy එකක් මා ළඟ තියෙන නිසා.

      Delete
    7. ඔන්න බලන්නකො. පරාක්‍රම සමුද්‍රෙය අයිතිකාරයට දිය කඩිත්තක් පෙන්නුවා වගේ වැඩක් නේ මම කරල තියෙන්නෙ.

      මට උවමනා වුනේ, පෙන්ග්වින් දිවයින පොතේ තියෙනවා වගේ, “නීතිය කියන්නේ ප්‍රබලයා වන පාලකයා ගේ කැමැත්ත අනුව පාලිතයා හික්මවීමට තියෙන මෙවළමක් පමණක්“ බව මතක් කරන්න.

      Delete
  8. මෙන්න තවත් අපූරු බ්ලොග් එකක්... අපූරු මල්

    ReplyDelete
    Replies
    1. ගිහින් බැලුවා. කේන්තිත් ගියා. ගමේ දෙන්නු නැද්ද? තරහෙන් කොටපු comment එක මෙන්න.

      සමා විය යුතු මෙය කියනවට
      නැත්තෙ ගම නොවැ අද බලනකොට
      ගමේ හිටි ගොං අදත් ඉන්නව
      රට පුරා විසිරිලා ඕසෙට!

      Delete
    2. හපොයි ගමේ දෙන්නු ඉන්නව. ඔය ගොන්නුයි දෙන්නුයි නිසා තමා රටට මේ වගේ කලක් උදාවෙලා තියෙන්නෙ...

      Delete
  9. Sunil perera atta kiwwa...mama kamathi ekata...

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි