Tuesday, October 19, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - ඩික් සහ ජේන් එක්ක ෆන්... (Fun with Dick and Jane)

මම දැකපු හොඳ ම කොමඩි සහ චරිතාංග නළුවෙක් වුණු ජිම් කැරී 2005 වර්ෂයේදී රිදී තිරය දෙවනත් කළ තවත් එක ගොඩාාාක් ම උසස් නෙමෙයි චිත්‍රපටියක් තමයි මේ.


ඩික් හාපර් කියන්නෙ ග්ලෝබොඩයින් නම් කොම්පැනියක, ටිපිකල් මිඩ්ල් ලෙවල් මැනේජ්මන්ට් සේවකයෙක්, උසස් මධ්‍යම පාංතික ජීවිතයක් ගත කරන. ඔහුට අසල්වැසියත් එක්ක සහ රාජකාරි සගයනුත් එක්ක පොඩි පහේ තරගයකුත් තියෙනව, තමන් උසස් ජීවන තත්ත්වයක් ගත කරන බව පෙන්වන්න.

ඔය අතරෙ ඔහුට ලැබෙනව උසස්වීමක්. නිකම්මත් නෙමෙයි, සමාගමේ උප සභාපති තනතුරක්. ඒ දීලා ලොක්කා ඩික්ව මාධ්‍ය සාකච්ඡාවකට දානව. එතකොටයි ඩික් දන්නෙ කම්පැනිය බංකොළොත් කරල කියලා.

හැම කෙනෙක්ගෙ ම රස්සාව නැති වෙනව. 

ඩික් ගෙ උසස්වීමත් එක්ක එයාගෙ වයිෆ් ජේන් තමන්ගෙ රස්සාව අත්අරිනව. 

පස්සෙ කොහොමද මේ උදවිය ජීවත් වෙන්නෙ. ඩික් යනව කුළී වැඩ කරන්න. ජේන් යනව බෙහෙතක් අත්හදා බලන වැඩකට සහභාගි වෙලා සල්ලි ටිකක් හොයාගන්න. ගෙදර තියෙන සුඛෝපභෝගී බඩු එකින් එක විකුණනව. පුතා අඬව අඬවා ටීවී එකත් විකුණනව. පුතා බලාගත්තු මෙක්සිකන් ගෑණු කෙනාවත් අස් කරනව.

බැරිම තැන ඩික් සහ ජේන් හිතාගන්නව සාප්පු, ගෙවල්, බැංකු කොල්ලකන්න. 

මේ තියෙන්නෙ ඒ දෙන්නගෙ පළවෙනි රොබරිය. මේක පටන් ගන්නකොට ජේන් දන්නෙ නෑ ඒ පවුල තදින් ම ආර්ථි අහේණියට පත් වෙලා බව. ඉතින් එයා හබියගෙ පිස්සු වැඩක් කියල හිතාගෙන තමයි සපෝට් කරන්නෙ.


පියවරින් පියවර මේ ජෝඩුව සාර්ථක හොරු බවට පත් වෙනව. මේකෙ මම කැමතිම හොරකම තමයි ඔය පහළින් තියෙන්නෙ. "දෝමො අරිගතෝ මිස්ටර් රොබොට්ටො"...


හොරකම් කරලා අවසානයේ ඩික් සහ ජේන් කලින් තිබුණු ජීවන තත්ත්වය ආපහු ලබාගන්නව. ඔය අතරෙ ඇතිවන විශේෂ සිදුවීම් දෙකක් නිසා ඔවුන්ගෙ අරමුණ වෙනස් වෙනවා. මේ තත්ත්වය ඇති කරපු ග්ලෝබොඩයින් කම්පැනියෙ ලොක්කාගෙ මුදල් මංකොල්ලකාලා, කම්පැනියෙ වැඩ කරලා රස්සාව නැති වීම නිසා හිඟමනට සහ හොරකමට වැටුණු සියලු දෙනාට බෙදලා දෙන්න මේ ජෝඩුව උපායක් යොදනවා.

ඒක හරියනවද, ඒ උපාය ක්‍රියාත්මක කරන්න ගිහින් ඩික් සහ ජේන් ට මොකද වෙන්නෙ කියන දේ බලාගන්න පුළුවන්, ෆිල්ම් එක බැලීමෙන්...

හොඳ වෙලාවට සම්පූර්ණ ෆිල්ම් එක ම තියෙනව වයිටීඑස් එකේ. ටොරන්ට් එක මෙතනින් බාගන්න...

මෙන්න ට්‍රේලර් එක... 


අයිඑම්ඩීබී දත්ත පද්ධතියේ තිබෙන මේ ෆිල්ම් එ‍ක ගැන විස්තර මෙතනින්...

45 comments:

  1. බලන්ඩෝනි... කොමඩි වලට පට්ටාසවෙලා ඉන්නෙ දැං. 😃😃😃
    Vaccation Friends බැලුවයි 😃😃🙈

    ReplyDelete
    Replies
    1. http://slash-dev-slash-null.blogspot.com/2021/10/blog-post_19.html
      දැක්කද.. දෙක නිකං ළඟින් යනව..
      ඕකට දාන්න කමෙන්ටුවක් නෑ. වැටක් ගහල ආව 😃😃

      Delete
    2. මහේෂ් කොමඩි බලනවනං, බලන්න හොට් ෂොට්ස්, රිඩිකියුලස් 6, Deuce Bigalow: Male Gigolo, තව ඔන්නං තව දෙන්නං...

      කොකාවල පට්ට ලියන්නෙක් ඈ... මං කාලයක් මුල ඉඳං කියවාගෙන ආව...

      Delete
    3. කොකා පට්ට ලියන්නෙක්, ඒත් අපෙන් අතපහුවෙච්ච(underrated) ලියන්නෙක්. එයා බ්ලොග් බර ගාණක් ලියනවා. සමහර ඒව කඩ්ඩ කියමුකො, ඒත් අර විද්‍යා කෙටිකතා බ්ලොග් එකත් පට්ට.

      ඉස්සර කමෙන්ට් වලට උත්තර ලැබුනෙ නැති නිසා, මම කිව්වෙ "වෙලේ - කොකා" කියල නමකුත් දැම්මා. ඒත් දැන්, ඒ වෙලාවෙන නූනත්, උත්තරත් දෙන්න උත්සහා කරනවා.බුකියයි, මේ බ්ලොග් තොගයයි කොහොම බැලන්ස් කරනවද මන්දා?🤔😉😒🙏

      බොලාත් පට්ටයි කිය-කිය නොහිට ගිහින්, වැටක් ++++ "ලැයික් එකක්"👌 දාලා වරෙල්ලා.🙏😉

      Delete
    4. ඔව් බොලව්, ආං බල්ලොත් එහෙ ගියා. තව බුරා, කමියා එහෙමත් ගියා. නොගියොත් එහෙම, හපනවා තොපේ පස්සවල්, බොම්බයි-මොටයි වෙන්න.😈😡

      Delete
    5. මං ගියා යකුනේ... කමෙන්ට් එකකුත් දැම්මා.

      අර විද්‍යා කතා සෙට් එක නං පට්ට ඈ... ජාත්‍යන්තර මට්ටමේ කතා.

      Delete
    6. hot shot නම් අමුතුම තාලෙකට කරපු එකක්. නියමයි

      Delete
    7. හොට් ෂොට්ස් 2 ගහල තියෙන්නෙ රැම්බෝ දෙවෙනි ෆිල්ම් එකේ පැරඩි කෑලිත් එක්ක...

      Delete
  2. අප්පේ ජිම්. එයාගේ මූනට කියන්නෙ රබර් කියල. මොකද ඒ තරම් හැඩ වෙනස් කරන්න පුළුවන් ඒ වගේම සමහර මුහුණු ඒ ආකාරයටම අනුකරණය කරන්න පුළුවන් පට්ට පොරක්. Jerry Lewisලගෙ ආභාෂයෙන් හැදුනු විකට පසු පරම්පරාවෙ එක් පුරුකක්. ජිම්ගෙ ගොඩක් ඒවා බලල තිබුනට මේක බලල නෑ. බා ගන්න ඕන. ඩ්‍රැකියා කියපු නිසාත්...

    ReplyDelete
    Replies
    1. ඔව්. ජිම් කැරී ගෙ රබර් මූණට හොඳ ම උදාහරණය තමයි මේක...

      The Incredible Burt Wonderstone ෆිල්ම් එකේ ජිම් කැරි සහාය චරිතයක් පට්ට විදිහට රඟපානව. මෙන්න පොඩි කෑල්ලක්... ඔය ෆිල්ම් එකේ අන්තිමට මැජිෂන් ල දෙන්නෙක් එකතු වෙලා, ඔ්ඩියන්ස් එක අතුරුදහන් කරනව.

      මුල් කාලෙ කොමඩිවල ඔ්ව ඇක්ටින් කළාට, පසුකාලීනව ජිම් බොහොම දක්ෂ චරිතාංග නළුවෙක් වෙනව.

      I love you philip morris ඒ වගේ එකක්...

      Delete
    2. හ්ම්.. හරි චරිතයක්, කතාවක් හම්බුනේ නෑ තමා

      Delete
    3. ඔව්. සීමාවක් නෑ ජිම් කැරී ගෙ ටැලන්ට් එකට...

      Delete
  3. මගෙ ෆේවරිට් The Mask.

    ReplyDelete
    Replies
    1. මාස්ක් හොඳා, මේ කාලෙටත් ගැලපෙනවා.👌🦉🤭

      Delete
    2. මට නං හොඳ The Truman Show. මේ, හැබෑටම එහෙම වෙන්න පුළුවනිද? නෑ, මේ මම්ග් කිව්වෙ, එක එක සත්තු කැමති ඒවා?🤔

      Delete
    3. ප්‍රා,
      ඇත්ත. පට්ට ම කතාව... ඒකෙ දෙක හදන්න ගිහිං චොර කරගත්ත හැබැයි. මෑස්ක් එකේ අර පොලිසිය එක්ක නටන සීන් එක පස්සෙ ශාරුක් ඛාන් හිටපු, අර රෂ් අවර් ෆිල්ම්එම්කේ කොපිය, "බාද්ෂා" එකේ කන්සෙප්ට් එකක් විදිහට ලස්සනට කොපි කළා.

      Delete
    4. ටොම් උන්නැහැ ආසද කිඹුල්ලුන්ට?

      බස්,
      ටෲමන් ෂෝ මාර කන්සෙප්ට් එක. එක එක සත්තු එක එක අනන්‍යතා සහිතයි නේ?

      Delete
    5. හෑ, නුවර එලියෙ කිඹුල්ලුත් ඉන්නවද, සෑර්? හීතල ඇති නේද, ජර්සි ඇඳලා වෙන්ටෑ ඉන්නෙ?🤔

      ඉස්සර අපේ මහගෙදර කිඹුල් බිලී කට්ටක් තිබ්බා. හතර පැත්තට කොකු හතරක් තිබ්බ ඒකට කිව්වෙ, කිඹුල් අතංගුව/පෝංගුව වගේ නමක්. කිඹුල් ඇමට දැම්මෙ, බලු කුණක් කියල අහල තියනවා.😒😞😢

      Delete
    6. මෙහෙ ඉන්න හූනොත්, ජර්සි කීපයක් එක පිට එක ඇඳලා ඉන්නෙ, කිඹුල්ලු වගේ තමා පේන්නෙ, බැලූ බැල්මට.

      මං ඔය ඇහුවමයි කිඹුල්ලුංව බිලී බෑව කියල...

      Delete
    7. https://fishnetco.com/images/downloads/Alligator.pdf

      Delete
    8. මගේ යාලුවෙක් කිඹුලො බාල මළා.

      Delete
    9. ප්‍රා,
      දුටිමි, පුදුම වීමි, ආපිට ආමි

      ප්‍රසා,
      බොලාගෙ යාළුවො උල්පතක්වත් තියෙනවද, ඔච්චර යාළුවො ඉන්නෙ?

      Delete
  4. තෑන්ක්ස් ඩ්‍රැකී. කාලෙට ගැලපෙන ෆිලුම, මේ බානවා.👌🙏😊

    ReplyDelete
    Replies
    1. ආහ්... ටොම් ඩොග්ලස් මේක බලල නෑ? ජිම් ගෙ තව තව පට්ට ෆිල්ම් තියෙනව. මේ ගැන හොයද්දි දැක්කෙ අපි දැකපු නැති කෑලිත් තිබුණ කියල බෲස් ඔ්ල් මයිටි එකේ...

      Delete
  5. https://myhobotales.blogspot.com/2021/10/01.html?m=1

    ReplyDelete
    Replies
    1. මම නිතර යන එන තැනක්. වැඩේ තියෙන්නෙ කමෙන්ට් රිප්ලයි නැති එක තමා...

      Delete
  6. මේක බලමු, බ්ය්ස්කොප් එකක් බලපු කාලයක් මතක නැ. ලගදි ගෝඩ් ෆාදර් පාර්ට් 3ම TV එකේ ගියා, ටිකක් එහෙන් මෙහෙන් ටිකක් බැලුවා.

    ReplyDelete
    Replies
    1. ගෝඩ් ෆාදර් සෙට් එක මාත් එක දිගට බැලුවා. ඔලුවෙ කැක්කුමක් එක්ක බලන්න වෙන, මාර සීරියස් ෆිල්ම් ටිකක්...

      මේක බලමු...

      Delete
  7. නියම ඔත්තුවක් ජිම් කියන්නේ මමත් ආසම නළුවෙක්.
    අන්තිමට බැලුවෙ dumb and dumber 2014

    ReplyDelete
    Replies
    1. ඩම් ඇන්ඩ් ඩමර් 2 ත් ආව...

      කුෂ් දැක්කෙ ගොඩ කාලෙකින්. "අමතක නොවෙනා මතක ඉසව්වේ" මොකවත් ලියල නෑනෙ...

      Delete
  8. Fun with Dick කියපුවම මං හිතුවෙ ඇඩම්සොන්ලි එකක් කියලා

    ReplyDelete
    Replies
    1. යේක කෙත්ත ඉත අය්යා.. 😃😃

      Delete
    2. කට්ටො. ඩික් ෆන් ජේන් එක්ක නෙව... ඇඩමට ඇපත් නෑ...

      මහේෂ්,
      යේක තමා අප්පා. අප්පිලා මොක හරි රත්තරනෙං ලිව්වත් මුං ලා යේකෙත් හිලක් තමා දකිනවා.

      Delete
    3. අපේ ප්‍රාජේ උන්නැහේ නං කාලා ඇති මේක- spotted dick. එයැයි, ඔය රට-රාජ්ජ වල ගිහාම, කන්න කැමති එහාට ආවේනික කෑමයි කිව්වා.🤔

      https://sortedfood.com/recipe/spotteddick

      Delete
    4. මට මතක් උනේ, The Speckled Band.

      Delete
  9. ඒක මරු ෆිලුම් එකක් වෙන්න ඇති එහෙනං.

    ඔය වගේ ළඟින් යනව තා රා රම් පම් ෆිල්ම් එකත්.

    ReplyDelete
    Replies
    1. ඒක මරු තමයි. බලහං ප්‍රසා...

      ත ර රම් පම් මං බලල නෑ. දැම්ම බලනව. ඒකත් ෆිල්ම් දෙකක කොපියක් කියන්නෙ...

      Delete
  10. ඔබේ සටහන හින්ද ඒ චිත්‍රපටය බලන්න ආසා හිතෙනවා. ඉඩ තියෙන වෙලාවක බලන්නම්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම බලන්න. මං ඒත් හිතුවා බලල ඇති කියලා...

      Delete
  11. මගේ නන්ගාගේ පුතා තමයි මට ඔවා ඩවුන්ලෝඩ් කරලා දෙන්නේ...
    ඌ මේ දවස්වල විබාගේට පාඩම් කරන නිසා ටික දවසක් යයි මේක බලන්න

    ReplyDelete
    Replies
    1. පෙන් එකක් අරං වරෙං නුවරඑළියෙ. දෙන්නං දොඹෙං!

      Delete
  12. ඩ්‍රැකියට னයා ගහලද???

    ReplyDelete
    Replies
    1. னයා නං හිතං ඉන්නෙ ගහල කියල තමා. හුහ්...! හීනෙං තමා ඉතිං...

      Delete
  13. පෝස්ට් එක මිස් වේල්ල. මේකනම් බැලුවේ නැහැ. බලන්න මාක් එකක් දාගමු

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි