Thursday, March 17, 2022

චීන උපහාස කතා


ඔන්න ඔය මාතෘකාව තිබුණ පොතක් තිබුණා ජපං පන්සලේ පුස්තකාලෙ. ඒ කියන්නෙ කඩවත, රම්මුතුගල තිබුණු ජපන් ආධාරවලින් හදාපු පන්සලේ පුස්තකාලෙ. මේ ළඟදි මොකක් හරි කාරණේකට මට මතක් උනා ඒ පොතේ තිබුණු කතා කීපයක්. ඔන්න එහෙනං ඒ ටික කියෝගන්ඩලා.

බාහිර වෛද්‍ය

දවසක් සෙන්පතියෙක් යුද්ධෙදි තුවාල වෙලා ගෙදර ගෙනාව. එයාගෙ හිස් කබල විනිවිද ගියපු ඊතලයක් නිසා තමයි තුවාල වෙලා තිබුණෙ. ඉතිං ගෙදර උදවියත් හදිසියට ළඟ පාත හිටපු "බාහිර වෛද්‍ය" කියලා බෝඩ් එකක් දාගෙන හිටපු වෙදෙක් එක්කරං ආවා. උන්දැ ඔලුවෙ හමට ඉතා ම ආසන්නයෙන් අර ඊතලේ කපල දාලා ගාස්තුව ඉල්ලුවා.

"ඒ මොකද ඒ? ඊතලේ අයිං කරන්ඩෙපැයි මෙයාට බෙහෙත් කරන්ඩ..." ගෙදර උදවිය ඇහුවා.

"ආ... ඒකට ගෙන්නන්ඩ වෙන්නෙ අභ්‍යන්තර වෛද්‍ය කෙනෙක්. මම වෙදකං කරන්නෙ බාහිරට විතරයි..." අර වෙදා කිව්වා.

පුරුෂ ධෛර්යය

දවසක් මනුසයෙක් ගෙදර උන්දැත් එක්ක රණ්ඩු වෙලා, ධීර වීර විදිහට දුවගෙන ගිහිං ඇඳ යටට රිංග ගත්තා. ගෙදර මායියත් කොස්ස අරගෙන ඇවිත් ඇඳ යටට එබිලා කියනව...

"වරෙං මිනිහො එළියට!"

"උඹ දැනගනිං මාත් පිරිමියෙක්!" අසංග කෑ ගැහුවා. "මම එන්නෙම නෑ එළියට. පුළුවන්නං එළියට ගනිං!"

අමතක

අමතක වෙන ලෙඩේ තදිම්ම තිබුණු පෝසත් මනුස්සයෙක් උන්නා. උන්දැට දවසක් ආරංචි වුණා හිතේ ලෙඩ වලට නොවරදින ප්‍රතිකර්ම කරන වෙද මහත්තයෙක් ඉන්නව කියලා ඈත ගමක. ඉතිං ඒ මනුස්සයා දවසක් පාන්දරිම්ම පිටත් වුණා අස්සයා පිටේ, අර වෙද මහත්තයා හම්බ වෙන්ඩ.

මගදි උන්නැහැට ශරීර කෘත්‍ය්‍ය හෙවත් $%$ කරන්ඩ උවමනා උනා. ඉතිං අස්සය පිටිං බැහැලා. ඊතලයක් බිම හිටවලා, අස්සයව ඒකෙ ගැට ගැහුවා. පස්සෙ එතනම බිම ඇණ තියාගෙන ඉඳගෙන $%$ කළා. හෝදගෙන නැගිටලා  කළිසම ඇඳ ගනිද්දි තමයි අර ඊතලේ දැක්කෙ.

"හප්පට සිරි! ඊ තලයක් නෙව! කෙස් ගහෙං බේරුණේ." කියල ඔලුව උස්සල බලනකොට, ඊතලේ ගැට ගහල හිටපු අස්සය දැක්කා.

"අඩෝ වාසනාව යකො! අස්සයෙක්!" කියල ප්‍රා ජේ ආපිට හැරුණු පාර $%$ ගොඩ පෑගුණා. 

"චිඃ! මේ වරත්තු බල්ලො! හැම තැනම ජරා කරනව!" කියාගෙන කකුල තණකොල ගොඩේ අතුල්ලලා පිහදාගත්තා.

කකුල හොඳට පිහදාගත්තු මනුස්සයා, අස්සයගෙ පිටේ නැගල ගමන පටං ගත්තා ආයෙමත්. අස්සය පුරුද්දට වට රවුමක් ගහලා ආයෙත් අර මනුස්සයගෙ ගෙදරට ම ගියා.

ඒ මනුස්සයත් අස්සයගෙ පිටෙන් බහින ගමං කල්පනා කළා. 'බොලේ මේ වෙදාගෙ ගේත් මගෙ ගෙදර වගේම නෙ.' කියල. අස්සයගෙ ලණුව ගන්ඩ ගෙදර සේවකයත් ඉස්සරහට ආවා.

"තෝ මොකද මෙතන කරන්නෙ? පලයං ගෙදරට!" කියලා අර මනුස්සය තමන්ගෙ සේවකයව ගෙදරට එළෙව්වා. 

ඒ සද්දෙ ඇහිලා උන්නැහැගෙ මායියා එළියට ආවා. "තමුසෙ අදත් අමතක කරගෙන ආපහු ආව නේද"" කියාගෙන.

"මොන අවනඩුවක්ද නෝනා මේ කියන්නෙ? මං ආවෙ සෑහෙන දුර බැහැර ඉඳලා, වෙද මහත්තයව හම්බෙන්ඩ. කෝ උන්නැහැ ඉන්නවද?" කියලා අර මනුස්සයා උත්තර දුන්නා.

බූරුවෙක්!

ඔය විදිහටම පෝසත් මිනිහෙක් උන්නා, හැබැයි අකුරු සාස්තරේ බෑ. නමුත් උන්දැට ලොකුවට උවමනාව තිබුණා තමන්ට අකුරු කියවන්ඩ පුළුවන් කියලා පෙන්නන්ඩ.

දවසක් උන්නැහැ ඉස්තෝප්පුවෙ කට්ටියක් එක්ක කතා කර කර ඉන්නකොට, ළග ගෙදරක සේවකයෙක් ලියුමක් අරං ආව. අර ලියුමෙ ලියල තිබුණේ, "මේ සේවකයා අතේ ඔබේ බූරුවෙක් එවන්න" කියලා. අර මනුස්සයත් "කෝ මෙහෙ දෙනව..." කියල අර ලියුම අරං එක එක පැත්තට හරව හරවා කියෙව්වා. කියවලා කියවලා අන්තිමේ කිව්වා, 

"හා උඹ පලයං. මං එන්නං" කියලා. 

එඩිතරකම

භාර්යාවන්ගෙන් වෙන ගැහැට ට එරෙහිව කටයුතු කරන්න පිරිමි ටිකක් හදාගත්තා සමිතියක්. ඔය සමිතියෙ පළවෙනි රැස්වීම කරගෙන යද්දි, විහිළුවක් කරන්ඩ හිතාගෙන යාළුවෙක් දුවගෙන ඇවිත් කිව්වා, "අන්න උඹලැ ‌මායියල සෙට් එක කොසු ඉදල් අරං එනව. දුවපියව්!" කියල.

ඔක්කොම සෙට් එක පණ කඩාගෙන දිව්වා එකෙක් ඇර. 

"යකෝ එක පිරිමියෙක් ඉඳලනෙ ගෑණිට බය නැති!" කියලා අර විහිළුව කරපු නිමල් අයිය ළඟට ඇවිත් බලනකොටලු දැක්කෙ, අර බය නැතුව ඉඳගත්තු තැනම ඉඳගෙන හිටපු බස්සා, එතනම මැරිලා බයටම...

51 comments:

  1. හෙහ්, හෙහ් පට්ට කතා සැට් එක. අර කතාවලට එක, එකාව ඈඳපු හැටිත් නියමයි බොලං.🙏👌😂🤣

    ReplyDelete
    Replies
    1. මේත ලියල ගිහිං බැලින්නං අපි එක එකා ගැන නමියා තේරවිලි කවිත් ලියලා...

      Delete
    2. ඔහෙගෙ ඈදි ගනිල්ලට මාවත් පංගනාත්තුකරගත්ත එහෙනන්.......

      Delete
    3. එහෙම නැතුව කොහොමද මල්ලි? අපි ඔක්කෝම යාලුවො මල්ලි. කන පෝරියල් එකක් බෙදා හදාගෙන කමු

      Delete
    4. මං පෝලිමේ අන්තිමට එන්නංකෝ එහෙනම්... 😄

      Delete
  2. අම්මට සිරිගජ වේගෙන එනකොට දූලගෙ තොල කට වේලෙන්නේ
    ගිංතොට නැන්දගෙ දූවරු හින්දයි ගඟබඩ පත්තුව වැනසෙන්නේ
    ආන්න ඒ වගෙ තමාය මහතුනි ඩ්රැකියාටත් වෙන්නට යන්නේ
    ඔලුවේ ඉන්නා උකුණොත් බය වෙයි, ඒකයි දැන්මම නොකියන්නේ

    ReplyDelete
    Replies
    1. සියවස් ගණනාවකට කලින්
      මැරුණේ යුද පිටියකදි බොලන්
      උල තියනා ඩ්‍රැකියුලාය මං
      බය නෑ නයි පොළඟුන්ට ඉතිං

      Delete
    2. ඒකත් අමතක වුණා බොලං
      නයි පොළොංගු සිරිලක ඇවිදින්
      සහෝදරයො හා පවුල් පිටින්
      දෂ්ට කරද්දී බයක් කොහෙන්

      Delete
    3. හෙණ පිට හෙණ එද්දී ගහලා
      කම්මලෙ බල්ලෝ වැහි වැහැලා
      ආතල් මිස ඇති බොක්කක් නෑ‍
      වැඩක් වේද ඉර පායාලා?

      Delete
  3. පෝදා විග්‍රහය.. 😄😄😄 (අජිත්තුමා තරහාවෙයිද මන්ද)
    https://kolambagamaya.blogspot.com/2022/03/blog-post_16.html

    ReplyDelete
  4. අර හින්දි ටීවී නාටක වගේ.. භාගයක් දුර යනකොට චීන චරිතෙට වෙන කෙනෙක් ආදෙස කොල්ල...

    ReplyDelete
  5. මේකත් නියමයි:

    http://transyl2014.blogspot.com/2022/03/sri-lankan-version.html

    ReplyDelete
    Replies
    1. යන්ඩෝනෙ බලන්ඩ. ස්තූතියි

      Delete
  6. මේ දවස් වල ගැස් ජෝක් පෙට්‍රල් ජෝක් ඩීසල් ජෝක් පවර් කට් ජෝක්ස් පාලිමන්ට් ජෝක්ස් බලල බලලා හෙම්බත් වෙලා ඉන්න අපිට මෙන්න ඩ්‍රැකියත් ජෝල්ක් දානවා.. යකෝ බයවෙන කතාවක් ලියාපං
    සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. මෙන්න තියෙනවා නියම ජෝක් එකක්!

      ලක්ෂ අහක ආධාර බෙදන්න යන රැළියක්!
      https://www.lankahotnews.net/2022/03/namal-denies-involvement-in-puttalam.html

      Delete
    2. තව කතාවක් හිතේ ගොඩ නැගී ගෙන එනවා සරත් අයියා. අපි බලමු ඉස්සරහට...

      Delete
  7. හොඳවෙලාවට අස්සයගෙ නම ප්‍රභාත් වුනේ, තව පොඩ්ඩෙන් ඊලඟ කතාවෙ සතාට ඒ නම දානව

    ReplyDelete
  8. https://www.youtube.com/channel/UCN0_2DWANX55_GFOMg8X0rg

    අපූරු යූටියුබ් චැනල් එකක් හම්බවුනා.
    මේ වගේ තව එව්වා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. තව තියෙනව ජගත්. හිතට වද දිදී මතක් කරන්ඩ ඕනෙ.

      ලිංක් එකට ස්තූතියි. බලලම මොකක් හරි කියන්නම්

      Delete
  9. ආතල් ඈ... 😂😂😂😂
    අර බස්ස නං පව්.
    ප්‍රා ඕම කරයිද..
    අර වවුල් තඩිය ඕම කලොත් තමයි ඉතිං 😂😂🙈

    ReplyDelete
    Replies
    1. ආ මහේෂ් මල්ලී... ඊතෙල් අැනිච්ච එක සනීපද දැං?

      Delete
  10. හොඳටම ෂුවර් ද අර ඊතලේ ඇනිච්ච සෙන්පතියා හිටියේ ලංකාවේ නෙවෙයි කියලා?

    ReplyDelete
    Replies
    1. හපොයි! මෙහෙ ඉන්නවද එහෙම උදවිය?

      Delete
  11. ඔයවගේ අමතකවෙන පොරක් මෙහෙත් ඉන්නවා. නම නන්දේ. පුටිං කියලත් කිය්නවා.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=W31eOj81EIk

      Delete
    2. ගිහින් බැලුවා
      කවියක් ලියා ආවා!

      සාරයි චමත්කාරයි සේරම කදිමයි
      එන්නෙන්නෙම වැඩේ නැඟලා යන පාටයි
      කොලිටිය හොඳයි; අදහස් එහෙමත් මාරයි
      'හොඳටම කළේ' ඔහෙලලු කියනව ඇත්තෙයි?

      Delete
    3. ඌ නං රජවැඩකාරයෙකි!

      Delete
  12. ඔය පොල තියල තියෙන චින‍ා ලංකාවෙ ඉඳල ගිය එකෙක් වෙන්න ඇති. ටිකක් හුරු පුරුදු ඩෑල් ටිකකුත් ඉන්නවනෙ මේ කතා වල.

    ReplyDelete
    Replies
    1. මොන පොළ ද? ගොඩකවෙල ඉරිදා පොළ ද?

      හුරු පුරුදු නයෙකුත් උන්නා කලිං පෝස්ට් එකේ. දැක්කද?

      Delete
    2. இලව්වයි. ල, ත මාරු වෙලානෙ.
      /පොත ලියල/

      ගොඩකවෙල ඉරිද පොළක් නෑ බොල.

      Delete
  13. //"හා උඹ පලයං. මං එන්නං" කියලා.
    හරිනෙ ඉතිං! :D

    ReplyDelete
  14. අසංගය පිහියක් අරන් එනකොඅට ඩ්රකි ට දුවන් පාර මදි වෙනවා. බස්සා තොලොංචි කරපු එකට මගේ විරෝධය. කොමෙන්ට් එකක් දාන්න වත් ඉන්නේ ඒ පක්ෂියා විතරයි. අර බලු ස$$ට් පාගන මහත්මයා ලෝයර් කෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා!
      අසංග ආවොත් පිහිය අරං
      චීන වධ තුනයි දෙන්නේ මං.

      Delete
    2. අනික් දෙන්න ගැන මොකුත් කියන්නෑ...

      Delete
  15. මරුනේ... හි හි.. චිනෙත් ඉඳල තියෙනවා අඳුනන නම් තියෙන සෙට් එකක් :D

    ReplyDelete
    Replies
    1. ඔව් මීළඟ පෝස්ට් එකේ ලිකියත් ඉන්නව. හැක්!

      Delete
  16. කවුදේ ඒ බස්සා😂...අසංක තාමඇඳ යටද?

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි