Thursday, March 3, 2022

යුද්ධ කතාවක්...

දහ අට වන සියවසේ අග. හේතුඵලවාදයේ යුගය...

මකර මුහුණු කැටයම් කළ කාලතුවක්කුවලින් පහර දෙන දර්ශන. ඉතා අපූරු කැමරා කෝණ දෙක තුනකින් යුද්ධයේ බිහිසුණු බව සහ වින්දිතයන් පීඩා විඳින හැටි නිරූපණය වෙයි.

කඩං වැටුණු ලෝහමය අශ්වයෙකුගේ හිස සහ උරහිස් ‌කොටසක ඇතුලේ කුහරය තුළ පවුලක් යම් කිසි කෑමක් උයාගන්නා හැටි කැමරාවට හසු වෙයි. ඉහළට යොමුවෙන කැමරාවට හසුවන්නේ ඒ හිස කඩා වැටුණු ප්‍රතිමාවයි. එහි කඩුව ඇදගත් වීරයෙක් අශ්වයෙක් පිට නැගී සිටියි. අශ්වයා ඉදිරි දෙපා ඔසවාගෙන වේගයෙන් පනින සෙයක් නිරූපණය කරයි.

ප්‍රතිමාවේ පාදමේ දැන්වීම් කීපයක් ම අලවා ඇත. එයින් එකක්...

ජන රජයේ ආරක්ෂාව උදෙසා

අපගේ ආහාර තොග හිගයි

ආහාර ඉතිරි කිරීම සඳහා

අඩුවෙන් කන්න

- - -

සැබෑ පුරවැසියෝ, දේශමාමක 

පිරිමි සහ ගැහැණු නගරය පරාජය වීමට ඉඩ නොහරිති,

මේ අවශ්‍යම මොහොතේදී

- - -

පුරවැසි කමිටුව

949 වන ආඥාව

ඊටත් පහළින් ඇති වේදිකා නාට්‍යයක දැන්වීමකි. රාජකීය තියටරයේ හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා අවුරුදු තිහකට පසුව රඟදක්වන, ඇදහිය නොහැකි සත්‍යයන් පිළිබඳ කතාවක්...

"බැරන් මුන්චෝසන් ගේ වික්‍රම"

කුඩා ගෑණු ළමයෙක් ඇවිත්, නාට්‍ය දැන්වීමේ ඇති හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා යන වගන්තියේ පුත්‍රයා යන වචනය කටුගා දමයි. ඉහළට ඇදෙන කැමරාවට නගරයේ ඇති "මරණයේ" ප්‍රතිමාවේ මුහුණ ලක් වෙන අතර, ඒ ප්‍රතිමාවේ සෙවනැල්ලෙන් කුඩා ගෑණු ළමයා වැසී යයි.

කඩා වැටුණු රඟ හලේ සුන් බුන් මත නගර වැසියෝ සහ හමුදා සෙබලු වාඩි වී සිටිති. මුන්චෝසන් බැරන්වරයාගේ මුහුදු වික්‍රමයක් වේදිකාවේ රඟ දැක්වෙයි. නුපුහුණු වේදිකා කම්කරුවෝ බැරන්වරයා ගේ නැව සහ මුහුදු රැළි ක්‍රියාත්මක කරද්දී ප්‍රේක්ෂකයෝ සිනා ගැන්වෙන්නේ කතාවටත් වඩා, සිදුවන අත්වැරදීම්වලිනි. කුඩා දරුවෙක් වඩාගත් මවක් ද වේදිකා සේවකයන් අතර සිටියි.

දෙවැනි ජවණිකාව දිගහැරෙන්නේ කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයාගේ මන්දිරයෙනි. එහෙත් නාට්‍යය ඉදිරියට යා නොදෙන්නේ හිටි හැටියේ ම නාට්‍ය ශාලාවට කඩාවදින මහළු මිනිසෙකි. හිටපු යුධ වීරයෙකු සේ ඇද පැළඳ සිටින ඔහු නරඹන්නන් අතරින් ඉදිරියට විත් වේදිකාවට කඩා වැදී සියල්ලන්ටම කෑගසයි. 

"මමයි බැරන් මුන්චෝසන්. නුඹලා මගේ ඇත්ත කතාව විකෘති කරලා නාට්‍යයක් හැටියට පෙන්වනවා."

කඩුව ඇදගෙන වනද්දී මුන්චෝසන් ලෙස රඟපාන ශිල්පියා පැළඳ සිටින කෘත්‍රිම නාසය කැපී වැටෙයි.

මුලින් නාට්‍ය දැන්වීමේ වචනයක් කටු ගෑ සැලී නම් කුඩා ගෑණු ළමයා හැර කිසිවෙකුත් ඔහු විශ්වාස නොකරති. එතනින් ආරම්භ වන්නේ ඒ මහළු මිනිහා, හයිරොනිමස් කාල් ‌ෆ්‍රෙඩ්රික් වොන් මුන්චෝසන් බැරන්වරයා ගැන තිබෙන කට කතා සියල්ල ගැන ඇත්ත විස්තර රංගශාලාවේදී විස්තර කිරීම. ඒත් සමඟම, ඔහු කියන කතාව අප ඉදිරියේ නිරූපණය වෙනවා.

අවශ්‍ය වෙලාවට අධික වේගයකින් දිවිය හැකි, වෙනත් වෙලාවල බරැති යකඩ බෝල දෙකක් කකුල් දෙකේ ගැට ගසාගෙන සිටින බර්තෝල්ඩ්, ඉතාම සූක්ෂ්ම ‌දෑසක් හිමි දක්ෂ වෙඩික්කාරයෙකු වූ ඇඩොල්ෆස්, ඈත දෙයක් පවා ඇසෙන, කටින් පිඹීමෙන් හමුදාවක් වුණත් ගසාගෙන යන්නට සැළසිය හැකි ගුස්ටාවුස් සහ අදහිය නොහැකි ශක්තියක් ඇති ඇල්බ්‍රෙක්ට්; මුන්චෝසන් බැරන්වරයාගේ සගයන්.

මැංචෝසන් චාරිකා පොතේ සඳහන් සමහරක් වික්‍රම ‌මේ කතාවේ ඉතාම විචිත්‍රවත්ව නිරූපණය වෙනවා. කාලතුවක්කු උණ්ඩයක නැගී සතුරු බළකොටුවට ගිය හැටි පෙන්වන මේ දර්ශනය ඊට උදාහරණයක්. ආපිට එද්දී ඔහුට මරණයේ දේවතාවාත් මුණ ගැහෙනවා.

මුන්චෝසන් බැරන්වරයා වරක්, රෝම දෙවියෙක් වන වල්කන් මුණ ගැහෙනවා. වල්කන් ඔහුට පෙන්වනවා, න්‍යෂ්ඨික බලය අවියක් ලෙස යොදාගන්නා හැටි. එතැනදී ඇතිවන දෙබස හාස්‍යය ඉක්මවා යනවා.

මුන්චෝසන් බැරන්: මොකද්ද මේ?

වල්කන්:    ආ, මේ අපේ මූලාකෘතියක්. අන්තර් මහද්වීපික, රේඩාර්වලට හසු නොවන, බහු ශීර්ෂක, න්‍යාෂ්ඨික මිසයිලය.

මුන්චෝසන් බැරන්: අහ්! මොකද්ද ඒකෙන් කරන්නෙ?

වල්කන්:    කරන්නෙ? සතුරන් මරණ එක.

මුන්චෝසන් බැරන්: සතුරන් ඔක්කොමද?

වල්කන්:    ඔව්. උං ඔක්කොම. උන්ගෙ භාර්යාවන්, උංගෙ දරුවන්, උන්ගෙ බැටළුවො, උංගෙ හරක්, උංගෙ බළල්ලුයි බල්ලොයි, ඔක්කොම විනාශ වෙනව.

සැලී:    ඒක බිහිසුණුයි නෙ.

වල්කන්:    ආා, ඉතිං... ඒකෙ තියෙන වාසිය තමයි, ඒ කිසිම එකෙක් මැරෙන හැටි අපට දකින්න වෙන්නෙ නැති එක. අපි මයිල දාස් ගාණක් ඈත තැනක සැප පහසුවට වාඩිවෙලා ඉන්න ගමං, සරළවම බොත්තමක් ඔබන එක විතරයි කරන්න තියෙන්නෙ.

බර්තෝල්ඩ්:    ඉතිං, මොකද්ද ඒකෙ තියෙන වින්දනය?

වල්කන් ගේ භාර්යාව වන වීනස් දෙවඟන හැටියට රඟපාන්නෙ සුරූපී උමා තර්මන්. මේ චිත්‍රපටියේ බොතිචෙල්ලීගේ "වීනස් උපත" චිත්‍රය ඉතාම සුන්දර ලෙස නිරූපණය කරනවා.


මීට කලින් චිත්‍රපට ගැන ලීවාට වඩා වෙනස් ලෙස සහ මඳක් ගැඹුරට යමින් මේ විස්තරය ලිව්වේ නිදියා ගේ සිහිකැඳවීමට විශේෂයක් කරන්නට උවමනා නිසයි. නමුත් මම වඩා කැමති, මම කියන දේට වඩා වැඩි යමක් චිත්‍රපටය නරඹා රසවිඳින්නට ඉතුරු කරන්නටයි. ඒ නිසා බැරන් මුන්චෝසන් උණුසුම් වායු බැලූනයකින් හඳට ගිය හැටිත්, ආපිට ඇවිදින් විශාල මාළුවෙකු විසින් ගිල දැමුණු හැටිත්, අවසානයේ තුර්කි හමුදාව පරදවා නගරය බේරාගත් හැටිත් විස්තර කරන්නට අදහස් කරන්නේ නෑ. මම චිත්‍රපටය බාගත්තේ ටොරන්ට් එකකින්. සමහර කොටස් ඔබේ බටේ තිබුණත්, මුළු ෆිල්ම් එක ම එතනින් බලන්න නෑ. මෙතන තියෙනවා YTS ටොරන්ට් එකක්. ඉතින් අර ජේසු තුමා කිව්වා වගේ, "බලන්න - ස්පර්ෂ කරන්න"

20 comments:

  1. Replies
    1. почему ты пишешь "++++++"

      Delete
    2. поддержать Путина
      podderzhat' Putina

      Delete
    3. ප්‍රා,
      ස්තූතියි.

      ජගත්,
      когда ему лень писать, но нужно поощрять его
      când te simți lene să scrii, dar trebuie să-l încurajezi
      når du føler deg lat til å skrive, men du må oppmuntre ham

      (ඒක නැගල යනව ඈ...)

      බකස්,
      мы не поддерживаем войну

      Delete
    4. හුටා! ලියවිලා තියෙන්නෙ වැකුම් බෝම්බ දාන, න්‍යෂ්ථික බලාගාර වලට බෝම්බ දම්මවන පුටියට සපෝට් කරන්න කියල නෙව?😮😟😒

      Delete
    5. ඒකනෙ කියන්නෙ. කමෙන්ට් කරන්ඩ පෙර ට්‍රාන්ස්ලේට් කර බලනු!

      Delete
  2. පළමුව ස්තුතියි මේ ගැන ලිව්වාට
    සිහි කැඳවීම ගරු-සරුවට තැකුවාට
    'බලනු' බැරිය විදුලිය නැත මුළු රටට
    වැඩක් වෙයිද, කළුවරෙ 'අත ගෑවා'ට

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වගෙම තුති, උනන්දු කෙරුවාට
      ආතලයක් තිබේ කළුවරෙ බොහෝ විට
      රන්මැලි සෑය හැදුවෙත් විදුලිය නැතුව
      විදුලිය තියෙන පැය කීපයෙ බාගන්ට

      Delete
  3. Replies
    1. වැට මාරයො වැහි වැහැලා...

      ස්තූතියි ස්තූතියි. අලුතිං තව ලියන්ඩ කාලය, බකුස්. කම්මැලි වෙන්ඩ එපා. ඔන්ලයින් ගෙන්නගත්ත දෙකේ දෙකේ පොල්ලක් ගැන හරි ලියන්ඩ.

      Delete
    2. කාලෙ නං හරි තමා. දැක්කද නමියා රජ වංචා පෝස්ට් එකක් ලියල තිබ්බා.😂🤣

      Delete
    3. ඒ ගැන මට ලියන්ඩ තිබුණු හැම දේම මම කමෙන්ට් කළා එතන.

      Delete
    4. රජ වංචා පෝස්ටුවක්... හයියෝ. වෙන මොනායි කරන්ට පුලුහං විදුළි බල නැතිව. ඒ අතුරෙ හැමෝගෙම post කියෝලා කොමෙන්ට් කොරන එකම මදිද.. 😄

      Delete
    5. "හූම් කියන එකම මදිද ?" නේ...? අනේ යකො!

      Delete
  4. අපගේ ආහාර තොග හිගයි
    ආහාර ඉතිරි කිරීම සඳහා
    අඩුවෙන් කන්න - මේක ලංකාවෙත් කියන්ට ඉඩ තියේ... ඉදිරියේදී

    ReplyDelete
    Replies
    1. ඔයිට සමාන එකක් කියලා, ලොක්කෙක් ගෙදර ගියා වගේ මතකයි.

      Delete
    2. හරි. ඒ ගැන වැඩිය කතා නොකර ඉමු.

      Delete
  5. මේ චිත්‍රපටය බලල නැහැනේ. ඔත්තුවට ස්තුතියි. රුස්සෝ ටිකක් උඩ ඇවිත් නිසා මාරු වෙලා යන්නොනේ

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි