Friday, April 1, 2022

අවසානයේ අතුරු කතා... 1


ෆයර්මවුන්ට් කොළණිය ලෙසින් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කෙරුණු, ගිණිමලේ ඉපැරණි ජනාවාසය වසරේ වැඩි හරියක් ම මීදුම සහ වළාකුළු නිසා අඳුරු වී පැවතුණේ ය. නිතර වැටෙන කුඩු වැස්ස, කඳු මුඳුන් ඉහළින් ගළා යන සුළඟ විසින් ඒ මේ අත විසුරුවන්නේ හිතු මතේ ය. රවුම් ගල් ගෙඩිවලින් ආකූල වුණු, සිඳී යමින් පැවති දියපාරවල් වංගු ගැසෙමින් පුරන් වූ කුඹුරු මැදින් ගලාගෙන යද්දී හිරිමල් කෙල්ලන් හෙමින් සිනාසෙන්නා මෙන් මුණු මුණු හඬ නැඟුනි. හේන් කෙටීමෙන් ම ලඳු කැලෑ බවට පත් ව තිබූ, කඳු මුහුණත් බොහොමයක් අලුතින් වල් කෙටී, කෝපි පැල ඉන්දවීමට යටත් වී තිබුණේ ය. කඳු මුදුන දක්වා ඒකාකාරීව පැතිරුණු කෝපි වගාව ඔස්සේ නෙත් හෙළූ ටිකිරි බණ්ඩා ගේ දෑස් හැකිළුණේ කඳු මුදුනේ සිටි අසරුවාගේ අඳුරු සේයාවෙනි.

"තුඃ...!" බිමට කෙළ ගැසූ ටිකිරි බණ්ඩා ආපිට හැරුණේ ය.

පුරන් වූ හෙල්මලු කුඹුරේ නියර පිටින් ලියද්දට බට ඔහු, අඩ දණින් වැටී, වියළි පස් හා දිරා ගිය පිදුරු අතගෑවේ ශෝකයෙනි.

"අප්පච්චී..." 

ටිකිරි බණ්ඩා නැගිට්ටේ ඇසිල්ලකිනි. තම අඩ දියණියගේ කටහඬ ඇසුණු දෙසට ඔහු දිවගියේ ය. යන්තමින් නවයොවුන් වියට එළඹෙමින් සිටි දැරිය ගොවි රාළගේ ගෙපැලේ මිදුලේ පසෙක වූ ගල්තලාව මත නැග, සිය කැපකරු පියා දිව එන දෙස බලා සිටියා ය.

"හා හා... මේ ගොම්මං වෙලාවෙ එලි පහලියට එන්ට එපා, මයෙ පුතේ..."

"ඉතිං අප්පච්චි ගියෙ...?" 

"හා හා... ඒ පණ්ඩිතකං තියාගමු. යමු පුතේ ගෙට." ඔහු දැරියගේ සුරතින් අල්ලාගෙන ගෙයි එළිපත්තට ගොඩ විය.

"මොකද අප්පච්චි? හැන්දෑවෙත් තියෙන්නෙ දවාලෙ තියෙන දේවල් ම තමා. මොන එහෙකට ද බය වෙන්නෙ?"

"උඹ නං කියයි ඉතිං..." ටිකිරි බණ්ඩා එළිපත්තේ වූ උස් පිළේ වාඩි වී, කරේ වූ ලේන්සුව දිගහැර, උරහිස් මතින් පොරවා ගත්තේ ය.

"අදත් අර වතුකාර හාම්පුතා අස්සයගෙ පිටේ නැගලා උන්නා කවුඩං ගල මුදුනෙ." ටිකිරි බණ්ඩා කීවේ ලොකු මැණිකේ හෙවත් සිය වැඩිමහල් දියණිය ගෙනැවිත් දුන් අඩි වළඳ අතට ගනිමිනි. "උන්දැල කන්දෙ කැලේ කැපුවට පස්සෙ තමා අපේ කුඹුරු වේළිලා ගියෙ. බඩ්ඩිංගක් කාගන්ට නෑ මේ සුදු හැතිකරේ හින්දා..." ඔහු අඩි වළඳේ වූ තලපයෙන් කඩා ගත් ‌බිඳක්, එහි ම වූ මිරිස් හොදි ආනම සමඟ දවටා මුවෙහි ලා ගත්තේ ය. 

"කොයි කාලෙත් එකයි." කීවේ බාල දියණිය ය. "සුද්දො නැත්තං රටේ රාළලා, නිළමෙලා... ඔය කොයි ඇත්තොත් කෙරුවේ තමුං සැප සුවන්දිරං විඳින එක මිසක්, ගම්මුයි ගොවිතැනුයි බලා හදාගන්න එක නෙමෙයි..." 

"මේ බලන්ටකො අප්පච්චි" ලොකු මැණිකේ පිළ මත කකුල් නවා වාඩි වුණා ය. "මේකිගෙ පැහිච්චකම! උඹ සුද්දට කලිං උන්නු ඔය කියන රටේ රාළලා, නිළමෙලා දැකල තියෙනවද මුතූ?"

"ඒ කාලෙ විතරක්යැ? ඔය දැනුත් ඉන්නෙ අපේ නල්ලමලේ ආරච්චිලා, විදානෙලා..." ඈ පිල මත සිටි ටිකිරි බණ්ඩා අසල දණ ගසාගෙන කට ඇරියේ, සුළු පියාගෙන් තලප කටක් කවා ගැනීමට ය.

*    *    *

ගිණිමලේ නියම්ගම පිහිටියේ කහටගස්තලාවේ ය. කඳු වළල්ලෙන් වටවූ තැනිතලා ප්‍රදේශය වෙත වැටුණු අඩිපාරවල් කඳු වටා ඇදුණු දැවැන්ත සර්පයන් වැනි ය. අනාගතයේ දී ජනාකීර්ණ වීමේ ඉරණම සැඟවී තිබූ කන්දෙ වැව ජලාශය සුළඟින් රැළි නඟමින් පැවතිණ. ඒ අසළින් පටන් ගන්නා කුඩා මඩු දහයක් දොළහක් පමණ වූ නියම් ගම කඩ මණ්ඩියට ඉදිරිපිටින් සති පොලේ තාවකාලික ඇටවුම් සවිකර තිබුණි. බඩු විකුණන්නන්ගේත් ගැනුම් කරුවන්ගේත් නිරන්තර ඝෝෂාවෙන් ආකූල වූවකි, කහටගස්තලාවේ ‌සති පොළ.

ටිකිරි බණ්ඩාත්, ලොකු මැණිකේත් තමන්ගේ ගෙවත්තෙන් නෙලාගෙන ඇවිත් තිබූ එළවලු හා පළතුරු ටික විකුණා ඉවර වෙන්නට ආසන්න ය. දැන් දැන් බඩුවල මිල කියන්නේ ඉතා ම අඩුවෙනි. ගැනුම් කරුවන් විසින් මුලින් මුලින් තෝරා, දැන් ඉතිරිව ඇත්තේ ද වටිනාකම කිව නොහැකි සිඟිති, අඩුපාඩු සහිත භෝග ස්වල්පයක් පමණකි.

එක්වරම වෙළෙන්දියන්ගේ කෑ කොස්සම මොහොතකට නතර විය. එසැණින් දකින්නට ලැබුණේ යටිගිරියෙන් කෑගසමින් ඒ මේ අත දුවන මිනිසුන්, ගැහැණුන් හා ළමයින් රැසකි. අසු කුර ගැටෙන හඬ ඒ හඬ ද මැඩගෙන පැතිර යන්නට විය. අසු කුරවල ගැටී ඒ මේ අත විසි වන ගල් කැට ඊතල මෙන් වේගයෙන් විසිරෙයි.

මිනිසුන්ගේ ඝෝෂාවෙන් සහ කලබැගෑනියෙන් කුළප්පු වූ අශ්වයෝ දෙදෙනෙක් ඉදිරි ගාත් ඔසවා හේෂාරවය කළහ. උන්ගේ පිටේ නැග සිටි අඳුරු කබා කාරයෝ දෙදෙනා අසුන් මෙල්ල කර ගැනීමට අසීරු තැතක් දැරූ හ. පිමි දෙක තුනක් පැන ආ එක් අශ්වයෙක් නතර වුනේ ටිකිරි බණ්ඩාගේ එළවලු පඩංගුව අසළ ය. නැවත නැවතත් ඉදිරි ගාත් ඔසවමින් බිම ගසමින් වටේ කැරකැවුණු අශ්වයාගේ කුරවලට හසුවූ පඩංගුව ඉවතට විසි වෙද්දී, දවසේ වෙළෙඳාම මඟින් ටිකිරි බණ්ඩා රැස්කරගෙන තිබූ දුම්කොළ, ලුණු, තුනපහ, රෙදි පිළි වැනි හුවමාරු භාණ්ඩ සියල්ල සීසීකඩ ගියේ ය.

අවට විසිරුණු බඩු බාහිරාදිය රැක ගැනීමට පියා දිව යාම වළක්වා ගැනීම, දියණියන් දෙ දෙනාට කළ හැක්කක් නොවීය. සමහර හදිසි අවස්ථාවන් හි දී කෙතරම් පැසුණු මිනිසෙකු වූව ද කටයුතු කරන්නේ ප්‍රකෘති බුද්ධිය විසින් නොව දෛවය විසින් මෙහෙයවීමෙනි. භයානක අත්දැකීමේ කම්පණයෙන් තැති ගැනුණු ලොකු මැණිකේ, සිය අඩ නැගණිය තදින් බදාගෙන කඩ මැස්සේ කොණක ගුළි ගැසී සිටියා, සිය දෑස් ඉදිරිපිට අශ්වයාගේ කුර පහරට සිය පියා හසුවෙනු දුටුවා ය. නැවත නැවතත් ඉහළ පහළ ගිය අස් කුර... බැස යන හිරු කිරණ වැදී රිදී පැහැයෙන් බැබළුණු ලාඩම්... ඊළඟ වාරයේ නැවතත් ඉහළට එසවෙද්දී ලාඩමේ වැකී තිබුණු ලේ...


35 comments:

  1. පටන් ගෙන තියෙන විදිහ නං හොඳයි, ඒත් කොටයි. උන්නු හැටියට මලා මඳැයි.🙏👌🤔

    ReplyDelete
    Replies
    1. කොටයි තමා. ඔයිට වඩා ලියවුණේ නෑ. මොකෝ කියන්නෙ? මේකටත් ඇඩමයි තාරයි ඇදල ගන්ඩද?

      Delete
    2. වියත්මගෙන් අහල බලාන්ට ඕනෙ. ඕවට හා කියල කපුටාස් කෙලියොත් මට බෑ බැනුං අහන්ට.😉

      Delete
    3. කිසි දෙයක් ලියන්ඩ එකලාසියක් නෑ හිතේ... ලියවෙන්ඩ යන දේවල් ලියන්ඩ අවසර නෑ පෙන්ෂන් යනකං.

      Delete
    4. මට තේරෙනවා. දල ගලෝලා, තටු කපල නිසා මේ යන විදිහට යමු. ආර්ථිකව සහ දේශපාලනිකව විතරක් නෙමෙයි සංස්කෘතිකවත් අපි බංකොලොත්. කපුටාස් පැන්සොං එකටත් කෙලීවිද?

      https://economatta.blogspot.com/2022/04/blog-post_6.html?showComment=1649263169765#c647655053908268535

      Delete
  2. හුම්......... ආවා. පස්සෙ වෙලාවක කියවන්ට එන්නම්.. කරන්ට් දුන්නු වෙලාවක

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙක තුනක් දැම්මහම එක පාර කියවමු.

      Delete
    2. මීට වඩා හොඳයි අපට....
      https://www.youtube.com/watch?v=VQi9ip8zfcM

      Delete
    3. පොල් අනූවයි. ඊයෙ ගත්තෙ.

      Delete
  3. නල්ල මලේ ආරච්චිල විදානෙලා
    කරපු; කරන වින්නැහි ගොඩ මතක් වෙලා
    එනවා පාන්දර රුහිරුත් කකියාලා
    යසට ලියාපන් මිතුරේ ගලපාලා!

    ReplyDelete
    Replies
    1. කවදත් ඉහළ පෙළ ඉන්නේ වැජඹීලා
      පොදු ජනතාව සපත්තුවෙන් පාගාලා
      මොන මොන දේ පලවේවිද ලියවීලා
      තාමත් දන්නෙ නෑ මිතුරේ ගලපාලා!

      Delete
  4. Replies
    1. //ආදායම් මාර්ගවලට බාධා ඇතිවිය හැකියි. ආගමට දහමට හිත යොමුවේ. දෙවිපිහිට ලැබේ. කතාව නිසා මිතුරන් අමනාප විය හැකිය.//

      හුකෑස්!

      Delete
  5. තාම වේලාසන වැඩියි මේක කියවන්න.

    ReplyDelete
  6. https://nidigepanchathanthare.blogspot.com/2022/04/blog-post.html?showComment=1648899635873#c2580681266360097066

    ReplyDelete
    Replies
    1. ලාඩමේ වැකී තිබුණු ලේ කාගේද.....?

      Delete
    2. වෙන කාගෙද නමි, වෙන කාගෙද...?

      ස්තූතියි මැංචෝසන් ඔත්තුවට. දැම්ම යනව.

      Delete
    3. මේකත් මාරු
      https://i.ytimg.com/an_webp/UVpXmyPL4ns/mqdefault_6s.webp?du=3000&sqp=CPvpqpIG&rs=AOn4CLDIaudHapsTItXoMmIl9OUFG2jN1w

      Delete
    4. ඒකනං හිරිකතයි ඈ...

      Delete
    5. අයියෝ හරි එක ඇවිල්ල නැහැනෙ. නැති උන අවුසද දත්ත
      https://www.youtube.com/watch?v=UVpXmyPL4ns

      Delete
    6. හඃ හඃ හා... මුලු රටම ඔය කියන විදිහට දෙවියන් වඳිමින් සිටිති.

      Delete
  7. Replies
    1. මේහ්... ලොකු අයියෙ, අපේ ඔෆිස් එකේ මල්වැල් යවන්ඩ වැටක් ගහල දෙන්ඩ අනුග්‍රහය දක්වන්ඩ බැයිද? යකඩ ටික අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම යටතේ සභාවලින් ගලෝගෙන ආපුවයින් ගත්තැකි. කොලපාට දැලක් ගන්ඩ තියෙනව අඩි හතරක විතර උස. පාස්සගන්ඩත් සභාවක කාර්මිකයෙක් ගෙන් කරවගත්තැකි. කොන්ක්‍රීට් දාගන්ඩ සිමෙන්ති ටිකක් තමා ඕනෙ.

      Delete
    2. මුක්කු ගහන්න මොන ජාතියෙ පොහොට්ටුද තියෙන්නෙ?

      Delete
    3. ත්‍රෛලෝක විජයපත්‍ර ත් තියෙනව. ස්වීට්පීස් ත් තියෙනව.

      Delete
    4. වැට සරසන්න.....නෑ එක්කො ඕනෙ නෑ

      Delete
  8. අලුත් කතාවක් පටන් ගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම් ......
    කතාව හොඳයි. කවුරුත් අල්ලපු නැති පැත්තකින්.
    " මේ දවස් වල නුවර එළි ඉන්න හින්ද වෙන්ට ඇති හිතුනේ මෙහෙම කතාවක් අකුරු කොරාන්ට"

    ReplyDelete
    Replies
    1. ලාබයි... ශත ප්ප්පණහයි කතාවක්.! :D

      මේ කතාවත් පරණ කතාවට ම සම්බන්ධ වෙයිද දන්නෑ?

      Delete
  9. https://sardhiyel.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එක දාන්න ගිහින්, මම රොබොට්ටෙක් නෙමෙයි කියල ඔප්පු කරන්න සිද්ධ උනා.

      Delete
    2. අඃ! මම්මලේ නැගිටල තියෙන්නෙ. කෝ සර්දියෙල්?

      රොබොට් කේස් එක මොකද්ද දන්නෑ. බලල හදන්නං.

      Delete
  10. සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම ජනඅරගලය විය යුත්තේ කෙසේද.. සන්නස්ගලගෙන් දැනගන්න
    https://www.youtube.com/watch?v=KzXntuvThzU
    https://www.youtube.com/watch?v=75lljiRqiWw

    ReplyDelete
    Replies
    1. දැක්කා. මොකුත් කියන්ඩ බෑ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි