Friday, April 8, 2022

LXG

සුප්‍රකට දඩයක්කාරයෙක් සහ ගවේෂකයෙක් වුණු ඇලන් ක්වාටමේන්, ලෝකයේ පළමුවන වරට තැනුණු සබ්මැරිනයෙන් මුහුද යටින් ලීග විසිදාහක් ගියපු කැප්ටන් නීමෝ, ටොම් සෝයර්, ඩ්‍රැක්‍යුලා පොතේ මීනා හාකර්, රොඩ්නි ස්කිනර් හෙවත් නොපෙනෙන මිනිසා, කිසි දිනක වයසට නොයන ඩෝරියන් ග්‍රේ, ඩොක්ටර් හෙන්රි ජෙකිල් සහ එඩ්වඩ් හයිඩ් එකතු වී සාදාගත් සමූහයක්... අසාමාන්‍ය මහත්වරුන්ගේ ලීගය. (league of extraordinary gentlemen) 

ඇලන් ක්වාටමේන් කොයිතරම් දක්ෂ සහ පරිණත ඉළක්කකරුවෙක්ද කියන වග මේ කොටසින් පේනවා...


ඇලන් ක්වාටමේන් චරිතයට සුදුස්සා ෂෝන් කොනරි මිස වෙන කවුරුද, කියා හිතෙන තරමට මේ චරිතය ඔහු නිරූපණය කරනවා. ඒ වගේම නෝටිලස් සබ්මැරිනය නිර්මාණය කළ කැප්ටන් නීමෝ හැටියට රඟපාන්නේ අසූව දශකයේ ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වුණු නසීරුද්දීන් ශා. 


කතාවට පසුබිම් වන්නේ වික්ටෝරියානු යුගය. ඒ වන විට මීනා හාකර් වැම්පයර් වරියක්. ටොම් සෝයර් ඇමරිකානු රහස් ඔත්තු සේවාවේ නිලධාරියෙක්.

ඔවුන්ට තියෙන අභියෝගය ෆැන්ටම්. කවුද මේ ෆැන්ටම්, කොහොමද ඔහු පරදවන්නේ, ඒ අතර සිදුවන සිදුවීම්වලට මේ අසාමාන්‍ය මහත්වරු මුහුණ දෙන්නේ කොයි විදිහටද යන්න 2003 දී එළිදැක්වුණු මේ චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්න.

මෙන්න පූර්ව ප්‍රචාරක පටය...



20 comments:

  1. අහම්බෙන් ඕක tv එකේ යනවා දැක්ක... අන්තිම හරියෙදි. ආසාවෙන් බැලුව.
    ෂෝන් කොනරි අන්තිමට වෙඩි තියන්නෙ අර කොල්ල්ක්ගෙ උදව්වෙන් නෙ......

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඇත්තටම ඇයි මේකෙ සීක්වල් එකක් ආවෙ නැත්තෙ?

      Delete
  2. ආපු කාලෙම වගේ ඕක බැලුවේ ... මම මේක දැක්ක ගමන් හිතුවේ දෙවෙනි කොටසක් වත් ඇවිල්ල ද කියල .. ඇලන් ක්වාර්ටමේන් චරිතේ ආයේ චිත්‍රපටියකට ගේන්න කාලේ හරි .. ඉන්දියානා ජෝන්ස් වගේ සීරිස් එකක් හදන්න පුළුවන් ..

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ සීක්වල් ආවද කියල.
      King Solomon's Mines remake එකක් වුනත් හොදයි.
      මට දැන් මතක්වුනේ ක්වාටමේන් පොතක් තියනව බොහොම politically incorrect එකක්. ගොරිල්ලා හන්ටර්ස්. ගොරිල්ලන් මරණව උන් ගැන හොයන්න යන බාගෙට විද්‍යාත්මක එක්ස්පෙඩිශන් එකක්. දැන් values අගයන් හා මතයන් ඉස්සර කාලෙට ආරෝපණය කරන්න බෑ කියන එක හොදට නිරූපණය කරන පොතක්. බේකර්ගෙ කාලෙ අලි දඩයම දැන් අලි මරණ එකට වඩා වෙනස් වගේ.

      Delete
    2. දෙන්නටම,

      ඇත්ත. ඇලන් ක්වාටර්මේන් පොත් සැට් එක වගේ ම, පොතේ ඉන්න මනුස්සයම නිරූපණය වෙන චිත්‍රපටි ආවෙ ම නෑ කියන්න පුළුවන්.

      LXG එකේ සීත්වල් ගහන්න තිබුණා ලෙසට ම, ෂෝන් කොනරි මැරෙන්න කලින්.

      සැමුවෙල් බේකර් වගෙම අලි දඩයම් කරපු කෙනෙක් තමා හතළිස් ගණංවල කෑගල්ලෙ හිටපු පොලිස් අධිකාරි. මට නම සහ තනතුර මතක නෑ. නමුත් එයා පස්සෙ අලි දඩයමින් ඈත් වෙලා, වනගත වෙනව භාර්යාවත් එක්ක. ස්පිට්ල් දොස්තර මහත්තයගෙ යාළුවෙක් කියල මතකයි.

      Delete
    3. අලි දඩයම කියද්දී මතක් උනේ... කොටි දඩයමේ ගිය කර්නල් කෙනක්. The Ghost And The Darkness (1996) බැලුවද. val kemar ඉන්ටෙ

      Delete
  3. னයෙක් හිටියෙ නැත්තං ඕවත් ෆිල්ම්ද බොල.

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස් පාං!😉

      https://www.youtube.com/watch?v=LhnPzMP1ztw

      Delete

    2. https://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_09.html

      Delete
    3. බකුස්, මෙහෙ නයි නං වතුර බෝතල් දිහා ඇහැක් ඇරල ‌බලන්නෑ. https://www.youtube.com/watch?v=b3BhK3pAxJ8

      නමියා,
      ස්තූතියි. ගිහිං ආවා ඒ පැත්තෙ.

      Delete
    4. හපෝයි දෙයියනේ, ඇරිය නේද අහිංසක නයාටත්? 😂😨

      Delete
  4. ඒ කාලේ මහ ලොකුවට දැනුනු චිත්‍රපටයක්, අර නැවත් හෙම විසාල එකක්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... බොරු විදපු ලෙජන්ඩ් එකක්. නමුත් පරිකල්පනයට සීමා නෑ කියන එක ඔප්පු කරපු නිර්මාණයක්.

      Delete
  5. අමතක වෙලා තිබ්බ ක්ලැසික් දෙකක්. ස්තූතියි, ආයෙ එන්නම්.

    ReplyDelete
  6. විශේෂ බලයන් තිබෙන මිනිස්සුත් ඉඳහිට ලෝකෙට පහළ වෙතී
    පහට එකක අනුපාතෙට නායක ගති ඇති උදවිය ජනිත වෙතී
    මෙයාල ඔක්කොම එකම සටනකට එක් වෙන ජාතියෙ ගතියකුත් ඇතී
    චිත්තරපටයක් හැබෑ ලෝකයෙත් නිර්මාණය කෙරෙමින් පවතී

    ReplyDelete
    Replies
    1. මේ දිනවල වෙන පෙරලි දකිනකොට
      අපහට අදහස් ප්‍රකාශ කරනට
      අතපය විලංගු වැටිලා තිබුණට
      නලියයි හිත ගත එලියට බැස්මට

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි