Wednesday, September 28, 2022

මට වෙන කිසිවක් එපා


ඒ වසන්ත උත්සවයයි. දැකුම්කලු ඇඳුමෙන් සැරසුණු ජනයා නගරයෙන් පිටත පටු මාවත් ඔස්සේ ඇදී එන්නට වූහ. සිය ගුහා තුළින් පිට ව දීප්තිමත් ඉර අව්ව බලා ඇදෙන පැහැපත් හාවුන් රංචුවක් මෙන් මහා ජනකාය අතුරු සිදුරු නැති වෙළඳ පොළ දෙසට යුහුසුලු ව ගමන් ගත්හ. දෙපසින් ගමන් කළ අම්මාටත්, තාත්තාටත් මැදි ව කුඩා පිරිමි ළමයෙක් හැල්මේ දිව්වේය. උදෑසන සිරියෙන් පිබුදු වූ ඔහුගේ සිත, සුපිපි කුසුමින් හා මිහිරි ගීත රාවයෙන් සපිරි කෙත් යාය දෙසට ඇදී ගියේය.

"එන්න, දරුවා එන්න," මඟ දෙපස වෙළඳ සැල්වල සෙල්ලම් බඩු බලමින් ලැග්ගෙන්නට වූ ළමයාට දෙමවුපියෝ අඬගැසූහ.

ඔහු දෙමවුපියන් ළඟට දිව්වේය. දෙමවුපියන්ගේ අඬගැසීමට ඔහුගේ දෙපා අවනත වූව ද, දෙනෙත් සෙල්ලම් බඩුවල ම ඇලී තිබිණි. තමා එන තුරු නැවතී සිටි දෙමවුපියන්ගේ බැල්ම තේරුම් ගත හැකි වූව ද, ඔහුට සිය  හදවතෙහි ආසාව මැඩ ගත නොහැකි විය.

"මට ඕනෑ අර සෙල්ලම් බඩුව," ඔහු කෙඳිරි ගෑවේය.

පියා ළමයා දෙස රවා බැලුවේය. එදා දවසේ වූ උද්‍යෝගයෙන් පිබිදුණු අම්මා ද ඔහුගේ ඉල්ලීම ගණනකට නොගත්තාය.  ඈ ළමයාට ඇඟිල්ල අල්ලා ගැනීමට දෙමින් "බලන්ඩකො පුතා, අර මොනව ද තියෙන්නෙ කියල තව ඉස්සරහ," යි කීවාය.

"අ-ම්-මේ" ඉකි ගැසූ ඔහුගේ දෙනෙත් ඉදිරිපස වූ විසිතුරු දර්ශනයෙන් පිරී ගියේය. මෙතෙක් තමන් ගමන් කරමින් සිටි ගුරු පාරෙන් උතුරට හැරුණු ඔවුහු කෙත් යායක් මැදින් වැටී තිබුණු අඩි පාරකට පිවිසුණෝය.

ඒ රන්වන් මලින් පිරුණු අබ කෙත් යායකි. එහි සුළඟින් නැඟෙන රැලි පෙළ, ඈත පෙනෙන ආලෝක ධාරා සාගරය කරා නොයෙක් අතු ගංගා සහිතව ගලා බස්නා රත්තරන් ගංගාවක තරංග මාලාව වැන්න. එය අවසන් වන තැන එක් පසෙක මැටියෙන් තැනූ ගෙවල් සමූහය ඊට පහළින් දක්නට ලැබුණු කසාවතින් සැරසුණු ජනකාය නිසා වඩාත් ඉස්මතු වී පෙනිණි. මිනිසුන්ගේ කට හඬින් සහ නළා හඬින් මුළු පෙදෙස ම ඒක කෝලාහල විය.

ප්‍රීතියෙන් කුල්මත් වූ ළමයා දෙමවුපියන්ගේ මුහුණු බැලුවේ ඔවුනුුු තමන් මෙන් ම ප්‍රීති වෙත් දැයි විමසන්නට මෙනි. ඔහු අඩි පාරෙන් ඉවත පැන වසු පැටවෙකු මෙන් කෙත් යායේ ඒ මේ අත දුවන්නට විය. අබ කෙත් යාය පිගෙන එන සිසිල් මඳ සුළඟ ඔහුගේ දෙපා වැළඳ ගත්තේය.

දම්පාට පියාපත් විදහාගෙන පියාසර කරන කූරන් රංචුවක් එහි වූහ. ළමයා කූරෙකු අල්ලා ගැනීමට තැත් කළේය. ඌ පියාපත් හකුළාගෙන පැළෑටියක වසන තුරු ම පසු පස දිව්වේය. ළමයා කූරා අල්ලා ගැනීමට අත දිගු කරත් ම ඌ පියාපත් විදහාගෙන ඉගිළී ගියේය. ළමයාගේ කන ළඟ කරකැවුණු මීමැස්සෙක් ඔහුගේ තොලෙහි වැසීමට සූදානම් විය.

"එන්න ළමයා, පාරට එන්න," මව අඬගැසුවාය.

දෙමවුපියන් කරා දිව ගිය ළමයා ඔවුන්ගේ ඇඟෙහි ගැටෙමින් ප්‍රීතියෙන් ගමන් කළේය. එහෙත් අව්ව තැපීමට ගුල්වලින් පිටතට ඇදෙන කෘමීන් සහ පණුවන් කෙරෙහි සිත් ඇදී ගියෙන් ඔහු නැවතත් පහු වුණේය.

"එන්න පුතා, එන්න," ළිඳක් අසල සෙවණෙහි හිඳගත් දෙමවුපියෝ ළමයාට අඬගැසුවෝය. ඔහු ඔවුන් වෙතට දිව ගියේය.

මල් පිපුණු නොයෙක් ගස්වැල්වලට ඉහළින් අතු පතර විහිදා නැඟී සිටි විශාල නුග ගහක් එහි විය. මල් සුවඳ මඳනල සමග මුසු විය.

රුක් ගොමුවට පිවිසුණු ළමයාගේ හිස මත මල් පෙති පතිත විය. දෙමවුපියන් අමතක කළ ඔහු වැටෙන මල්පෙති ඇල්ලීමට පටන් ගත්තේය. මොහොතකින් පරවියෙකුගේ හඬ ඇසූ ඔහු, "පරෙයියෙක්, පරෙයියෙක්" කියමින් දෙමවුපියන් ළඟට දිව ගියේය. ඔහු අත වූ මල් පෙති බිම වැටුණේය. දෙමවුපියන්ගේ මුහුණුවල වූයේ කුතුහලයෙන් පිරි බැල්මකි. කොවුලෙකු නැඟූ ආදර රාවයෙන් ඔවුන්ගේ හදවත සැහැල්ලු විය.

"එන්න පුතා." නුග ගස වටා යමින් සිටි ළමයා කැඳවා ගත් ඔවුහු අබ කෙත් යායේ සිට වෙළඳ පොළ දක්වා වැටී තිබුණු පාර දිගේ ගමන් කළහ.

වෙළඳ පොළ දෙසට වැටී තිබුණු හැම පාරකම මහ සෙනග පිරී සිටියහ. එහි පිවිසෙන දොරටුව අසල වූ කලබලයෙන් ඔහු අන්දුංකුන්දුං විය.

වෙළෙන්දෙක් දොරටුව අසල රස කැවිලි විකුණමින් සිටියේය. රිදී සහ රන් පැහැති කඩදාසිවලින් සරසන ලද මේසය වටා සෙනග රොක් වී සිටියහ. ළමයා දෙනෙත් මහත් කොට සීනි බෝල දෙස බැලුවේය. ඔහුගේ කටට කෙළ ඉණුවේය. "මට ඕනෑ සීනිබෝල." ඔහු ‌කොඳුළේය. එහෙත් සිය ඉල්ලීම දෙමවුපියන්ගේ සැලකිල්ලට භාජන නොවනු ඇතැයි සිතූ ඔහු නොනැවතී ඉදිරියට ගමන් කළේය.

මිනිහෙක් සුළඟ‌ේ ලෙළදෙන කහ, රතු, නිල් සහ දම් පාට බැලුන් රැසක් ගැට ගසා ගත් රිටක් ඉහළට ඔසවාගෙන සිටියේය. ඒ බැලුන් සියල්ල ම අත්කර ගන්නට ඇත්නම් යයි හැඟෙත් ම ලොකු ළමයින්ට බැලුන් ඕනෑ නැහැ යි දෙමවුපියන් කියනු ඇතැයි ඔහුට සිතිණි.

නයි නටවන්නෙක් ඔහුගේ නළාව පිඹිමින් සිටියේය. පෙට්ටිය තුළ දරණ ලා ගෙන සිටි னයා නළා හඩ ඇසෙත් ම දර්ශනීය ලෙස හිස එසවූයේය. ළමයා නයි නටවන්නා දෙසට ගියේය. එහෙත් එබඳු තැන්වලට නොයන ලෙස දෙමවුපියන් කලින් කර තිබුණු අවවාදය සිහි වූ ඔහු ආපසු පියා ළඟට දිව්වේය.

වේගයෙන් කරකැවෙන 'මෙරිගෝ රවුමක්' එහි විය. එහි නැඟී සිටි සියලුදෙනා ම ප්‍රීතියෙන් කෑ ගැසූහ. ළමයා එදෙස බලා සිටියේ එහි යෑමට ආසාවෙනි. ඔහුගේ මුවගට මඳ සිනාවක් නැඟුණි. ඔහුගේ ඇස් ද මෙරිගෝ රවුම අනුව කරකැවුණේය; විස්මයෙන් කට බාගෙට ඇරුණේය. තමා ද ඒ සමග ම රවුම් ගසන ලෙසක් ඔහුට දැනුණි. මෙරිගෝ රවුමේ වේගය කෙමෙන් බාල විය. එය නතර වන තෙක් ළමයා ඇඟිල්ලක් කටේ දමාගෙන බලා සිටියේය. දෙමවුපියන් නිතර ම කරන වැළැක්වීම මැඩගෙන ඔහුගේ ආසාව ඉස්මතු විය. අන්තිමේදී ඔහු ඉල්ලීමක් කිරීමට තරම් එඩිතර විය.

"අනේ තාත්තේ,... අම්මේ,... මමත් යන්ඩ ඕනෑ මෙරිගෝ රවුමේ." ඔහු කීවේය. එහෙත් එයට පිළිතුරක් නොලැබුණි. ඔහු දෙමවුපියන්ගේ මුහුණු බැලීමට ආපසු හැරුණේය.

ඔවුහු එහි නොවූහ. ඔහු අනෙක් පස හැරී බැලුවේය. ඔවුහු එහි ද නොවූහ. අනතුරු ව ඔහු පිටු පස බැලුවේය. දෙමවුපියන්ගේ සලකුණකුදු එහි නොවූයේය.

ළමයාගේ උගුර කට වේළුණේය. යටිගිරියෙන් මහ හඬක් නැඟුණි. සිරුරේ වූ හදිසි ගැස්මක් සමග ම ඔහු මහ හඬින් කෑ ගසමින් දුවන්නට පටන් ගත්තේය.

"අනේ... අම්මේ... තාත්තේ."

ඔහුගේ දෙනෙතින් කඳුළු ගලා බැස්සේය; බියෙන් මුහුණ විරූපී විය. වරක් ඔහු එක් අතකට දිව්වේය. යළිත් වරක් අනෙක් අතට දිව්වේය. අනතුරු ව යා යුතු අතක් නොදැන ඔළුව හැරුණු හැරුණු අතට දිව්වේය.

"අම්මේ... තාත්තේ..."

ඔහු වැලපුණේය. ඔහුගේ උගුර බැරෑඬි විය. හිසෙහි වූ කසාවන් තලප්පාව ගැලවුණේය; ඇඳුම් ඩහදියෙන් තෙත් විය; සිරුරෙහි වූ දූවිලි ඩහදිය සමග මුසු වී මඩ තැවරුණාක් මෙන් වූයේය.

මඳ වේලාවක් ඔබ මොබ දිවීමෙන් තෙහෙට්ටුවට පත් ඔහු නැවතුණේය. ඔහුගේ කෑගැසීම ඉකි බිඳීමට හැරුණි. මඳක් ඈතින් තණ බිමෙහි කතාබස් කරමින් සිටි ගැහැනුන් හා පිරිමින් කණ්ඩායමක් ඔහු දුටුවේ කඳුළු බිඳු අතරිනි. ඔවුන් අතර, අම්මාත්, තාත්තාත් සිටිත් දැයි සොයා බැලීමට ඔහු වෙහෙසුණේය. එහෙත් ඔවුන්ගේ සේයාවකුදු එහි නොවූයේය. ඒ සෙනග විනෝදයෙන් කතාබස් කරමින් හා සිනා සෙමින් සිටියහ.

අනතුරු ව ඔහු දිව ගියේ අතුරු සිදුරු නැති ව සෙනග රැස් ව සිටි දේවාලය දෙසටය. හැම තැන ම සෙනගය. ළමයා ඉකි බිඳිමින් අම්මේ... තාත්තේ යි කොඳුරමින්, සෙනග අතරින් රිංගාගෙන ගියේය. දේවාලයේ දොරකඩ සෙනග උරෙනුර ගැටී තෙරපෙන්නට වූහ. අසරණ ළමයා ඔවුන්ගේ කකුල් අතරින් රිංගා යාමට තැත් කළේය. මිනිසුන්ගේ පා ගැටීමෙන් ඔහු ඒ මේ අත විසි වී ගියේය. ඔහු තමාට හැකි තරම් උස් හඬින් "අම්මේ... තාත්තේ."යි කෑ නොගැසුවේ නම් මිනිසුන්ගේ පයට පෑගෙනු නිසැකය. ඔහුගේ කෑගැසීම් ඇසුණු එක් මිනිහෙක් ඉතා අමාරුවෙන් පහත් වී ළමයා ඔසවා ගත්තේය.

"මේ ළමයා කොහොම ද මෙතනට ආවෙ? ඔයා කාගේ ද?" ඔහු ඇසුවේ මහත් ආයාසයෙන් සෙනග පොදියෙන් මෑත් වෙමිනි. ළමයා පෙරටත් වඩා තදින් හැඬුවේය.

"මට අම්මා ඕනෑ, මට තාත්තා ඕනෑ."

මිනිහා මෙරිගෝරවුම ළඟට ළමයා කැඳවාගෙන ගියේය. "පුතා කැමති ද අස්සයෙක් පිට යන්න?" ඔහු ඉතා මුදු මොළොක් ලෙස ඇසුවේය.

ළමයා ඉකිබිඳ අඬන්නට විය.

"මගෙ අම්මා ඕනෑ මට, මගෙ තාත්තා ඕනෑ මට."

මිනිහා නයි නටවන්නා ළඟට ළමයා කැඳවාගෙන ගියේය.

"අහන්නකො ඒ නළාවෙ අඬ," ඔහු කීවේය.

ළමයා කන් දෙකේ ඇඟිලි ගසා ගත්තේය. "මට ඕනෑ අම්මා, මට ඕනෑ තාත්තා," දෙගුණ වූ වේගයෙන් කෑ ගැසුවේය.

මිනිහා බැලුන් වෙළෙන්දා ළඟට ළමයා කැඳවාගෙන ගියේ බැලුන්වල විසිතුරු පැහැයෙන් ඔහු සැනසිය හැකි යයි සිතමිනි.

"ඔයා ආස ද මේ පාටපාට බැලුන්වලට?" ඔහු ඇසුවේය.

ළමයා අහක බලාගෙන ඉකිබින්දේය.

"මට ඕනෑ මගෙ අම්මා, මට ඕනෑ මගෙ තාත්තා."

ළමයා සැනසීමට තැත් කළ කරුණාවන්ත මිනිහා මල් වෙළෙන්දා ළඟට ගියේය.

"බලන්නකො මේ මල්වල සුවඳ. ඔයා කැමති ද මේ මල් මාලයක් කරේ දාගන්ඩ?" ඔහු ඇසුවේය.

නාසය හකුළුවාගෙන ඉවත බැලූ ළමයා ඉකිබිඳ හඬන්නට විය.

රසකැවිලි ගෙන දී හෝ ළමයා නැළවීමට සිතූ මිනිහා ඔහු රස කැවිලි වෙළෙන්දා ළඟට කැඳවාගෙන ගියේය.

"ඔයා කැමති මොනවාට ද?" ඔහු ඇසුවේය.

"මට... අම්මා... ඕනෑ..."

"මට... තාත්තා... ඕනෑ..."



- මුල්ක් රාජ් ආනන්ද් ගේ

The Lost Child කෙටි කතාව ඇසුරින් මව්බස කියවීම් පොතකට ඇතුලත් කර තිබූ කතාවකි. 

මුල්ක් රාජ් ආනන්ද්

  

39 comments:

  1. මටත් මොකවත් එපා. ආයෙ ඇවිල්ල කියෝල කොමෙන්ට් එකක් දාන්නං.

    ReplyDelete
    Replies
    1. ආයෙ ආවම බූමිතෙල් ටිකක් දෙන්නං.

      Delete
  2. මාරු කතාව. ✍️👌🌹🙏........

    ReplyDelete
    Replies
    1. මාරු, මරු ලෙස සලකම්න... 😂😂😂

      Delete
    2. හොඳා මාරු කරලා සලකම්නම්.

      Delete
  3. னයා නළා හඩ ඇසෙත් ම දර්ශනීය ලෙස හිස එසවූයේය// හෙහ්..හෙ.
    ඒ දර්ශනය අපටත් බලන්ට තිව්න නම්....😆

    ReplyDelete
    Replies
    1. වවුලත් එක්ක වරෙං වෙලාවක ගොඩකවෙල. හැක්..

      Delete
    2. වවුල්තුමා දැන් ගොඩ දාසක ඉඳල නෑ නෙ.....

      Delete
    3. නමියා, මේ වගේ එකක් මට හිතට ආවෙ එක පාරටම...
      https://m.media-amazon.com/images/I/617mEpMEOXL._AC_UX342_.jpg

      ප්‍රසෝ, ගොඩකවෙල ආවොත් ආපහු ටෝච් එක දෙනවද?

      නමියො,
      වැඩ වැඩියි කොල්ලා. ඉස්පාසු ලැබුණු වෙලාවල තමා පේන්ඩ එන්නෙ.

      Delete
  4. //ළමයා නයි නටවන්නා ලෙසට ගියේය// හැක්.. ඕක තමයි කියන්නෙ னයාට ගහල කීබෝඩ් එක වරද්දගන්න එපා කියන්නෙ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. කී බෝඩ් එක කිව්වම මතක් වුණේ. අර ගොඩකවෙල අප්පුහාමි එක්ක කතා කරන්නත් කී බෝඩ් එකක් අරගෙන යන්ඩ ඔ්නෙ කියලා. මොකද, උන්දැ වැඩි කතා බහක් නෑනෙ.

      Delete
  5. මේකෙ තව කෑල්ලක් තියෙනවද බං.

    ReplyDelete
    Replies
    1. ක්ලැසික් කෙටිකතාවක ලක්ෂණයක් නේ, කියන්ට ඇති දේ කීවාට පස්සෙ කතාව නතර කරන එක. මේකත් ‌එහෙමයි.

      මාත් මුලින් ම කියවපු වාරයේ කල්පනා කළා, ඒ ළමය දෙමවුපියන්ට ආපහු මුණ ගැහුණද කියන එක. ඉංග්‍රීසි ඔරිජිනල් එකත් කියවලා බැලුවම තමයි තේරුණේ, ඔතනින් කතාව ඉවරයි කියන එක.

      මං හිතන්නෙ, පෙළපොතට මේ කතාව ඇතුලත් කිරීමේ එක අරමුණක්, ඉන් පස්සෙ මොකද වුණේ කියන ප්‍රශ්නය කියවන ළමයින්ගෙ හිතේ ඇති කරවන එක කියලා.

      Delete
    2. 'සෙල්ලම් බඩු, කෑම මොන දේ ලබාගත්තත් ඒවායේ වටිනාකමක් නැහැ දෙමව්පියො (රැකවරණය) ළඟ නැත්තනම්' කියන අදහස ළමා මනසට දැනෙන විදිහට කතාවක් සකස් කර බවක් තමයි මට හිතුණේ.
      වැඩිහිටියන්ට නම් ඒක මෙහෙම ගන්න පුළුවන්. මොන සුඛෝපභෝගී දේ තිබුනත්, මුදල් තිබුනත් පවුල කියන දේ නැතිනම් එය අවැඩකදායි ජීවිතයක්.

      Delete
    3. ඇත්ත. පවුල ඇතුලෙ දරුවෙකුට තියෙන ආරක්ෂිත හැඟීම උදව් වෙනව, එයාට තමන්ගෙ පරිසරය රසවිඳින්න ඉගෙන ගන්න. හොඳ රසවතෙක් බිහිවෙන්නෙ ඒ විදිහට. එතකොට ඔය අනාථ නිවාසවල හැදෙන ළමයි...?

      Delete
    4. මං කියන්න ආපු ටික නමී කියලනෙ ඉතින්😒

      අනාථ නිවාස වල ඉන්න ලමයි ගොඩක් අසරණයයි ඉතින්... වචනෙන් කියන්න බැරි තරමට... ඒකේ තියෙන මානසික ව්‍යාකූලතාව තමයි ගොඩක්ම දරුනු. අනේ මන්දා ඉතින්... හරි සංකීර්නයි නේද ඩ්‍රැකී🤔

      Delete
  6. පරණ වෙනකොටලු චීසුත් රස වෙන්නේ
    මදුපැන් වුනත් ඒ වගෙ යැයි කියවෙන්නේ
    මී පැණි කිසි විටෙක එක්ස්පයර් නොම වෙන්නේ
    කතා මෙවැනි, කියවන තරමට රසනේ!

    ReplyDelete
    Replies
    1. පරණ පොත් ද, යහළුවන් ද එක වාගේ
      පරණ වයින් විශිෂ්ඨ වෙයි රසය නැගේ
      පරණ කියමනක් මාගේ හිතට නැගේ
      උරණ වෙයිද නිදි අයියා කවට මගේ

      Delete
  7. Harima lassana kathawak!Mama meeta issara kiyawala naha.

    ReplyDelete
    Replies
    1. කියවා නෑ කිව්වම පුදුමයකුත් දැනුණා. හැත්තෑ ගණන්වල අග, අසූ ගණන්වල මුල මවුබස පෙළ පොතකින් ගත්තේ.

      ස්තූතියි ඇවිත් කියවා අදහස් දැක්වීම ගැන.

      Delete
  8. මම ඉන්දියානු පරිවර්තන කියවන්න ආසා නෑ. මම පරිවර්තන කෘතියකින් බලාපොරොත්ත වෙන්නේ අපූර්වත්වයක්. ඉන්දියන් කෘතිවල ඒක නෑ.

    ReplyDelete
    Replies
    1. අර, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, දොංග්ලාර් බැරන්වරයාට කිව්වා වාගේ, "ඔබට ඊට ආසා නොවීමට සාධාරණ අයිතියක් ඇත."

      ඊට හාත්පසින් ම අනික් පැත්ත වශයෙන්, මට ආර් කේ නාරායන්, ප්‍රේම්චාන්ද්, ඛූෂ්වාන්ත් සිං සහ මුල්ක් රාජ් ආන්නද් ගේ කෘතිවලට ආශක්ත බවක් දැනෙනවා. ඒවා ලංකාවේ පරිසරයට සමීප සහ විචිත්‍ර නිසා.

      Delete
  9. කතාව ලස්සනයි. මතුපිටින් කියෙව්ව ගමන් 'අය්යෝ.. පොඩි බබාට අම්මයි තාත්තයි හම්බවුනාද' කියන කුතුහලය ඇති වුනත් මට හිතුනෙ කතාවෙ පෙන්වන්නෙ ඕනෙම දේකට අපේ කැමැත්ත තීරනය වෙන්නෙ ඒ මොහොතේ තත්ව (circumstances) අනුව කියලා. කෙනෙක් නිරෝගීව ඉන්නකොට ඉතාම ආශාවෙන් කරපු දෙයක් ලෙඩ වෙලා දුර්වලව ඉන්නකොට කරන්න බැරි වෙන්න පුලුවන්. එතකොට ප්‍රමුඛ අවශ්‍යතාවය හෝ ආශාව වෙන්නෙ නැතිවුනු නිරෝගි කම ලබාගන්න එක. පොඩි පොඩි පාඩම් කීපයක්ම මේ කතාවෙ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි... මමත් මේ කතාව ළමා කාලේ කියෙව්වා ට පස්සේ, කීප වතාවක් ම කියෙව්වා. දැන් තේරෙන්නෙ, මැස්ලෝ ගෙ අවශ්‍යතා ප්‍රමුඛතා තියරිය ගැනත් පොඩ්ඩක් හැඟවෙනවා කියලා. “පවුල ඇතුලෙ තිබෙන මූලික ආරක්ෂාව සහිතව ඉන්න දරුවා විනෝදාස්වාදය සම්බන්ධ අවශ්‍යතා සපුරා ගන්න හදනවා. නමුත් අර රැකවරණය නැති වුණු ගමන් එයාගෙ අවශ්‍යතා පරාසය පටු වෙනවා.“

      Delete
  10. පාසැල් කාලය මෙන්ම පෙළපොත් වල ස්වභාවය මතක් උනා. අප පාසැල් යන කාලයේ සිංහල හා ඉංග්‍රීසි පොත් පුළුවන් විදිහට අගට යනකං කියෙව්වා කතන්දර කියවන්න තියන ආසාවට. වැඩිමල් සොයුරියගේ පොතුත් අරන් අමාරුවෙන් හරි කියෙව්වා. ඒත් කතන්දර වලට තියන ආසාවට. දැන් තියන පෙළපොත් වල විවිධ විෂයන්ට අදාළ මාතෘකා ගොඩයි. හැබැයි ළමයින්ට කියව‍න්න හිතෙන්නෙත් නෑ. ගුරුවරයට උගන්වන්න හිතෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට... ැදන් කාලෙ ළමයින්ගෙ පෙළපොත්වල තියෙන කතා, මොකක් හරි අරමුණකට දාපුවා වගේ පේනවා. වාර්ගික සමගිය, බෞද්ධ හැදියාව වගේ දේවල්. අපේ පුතාගෙ බුද්ධාගම පොතේ තියෙන කතා කියා දෙද්දි, මට ම බයයි, මූ මේවා විශ්වාස කරයිද ගෙඩි පිටිං කියලා. උදාහරණයක් විදිහට, සිද්ධාර්ථ කුමාරයා ඉපදුනු ගමං ඇවිද්දයි කතා කළයි කිව්වම, මූ අහන්නෑනෙ, ඉපදිච්ච ගමං බබෙකුට ඇවිදින්ඩ පුළුවන්ද, කතා කරන්ඩ පුළුවන්ද කියලා...

      හයේ පන්තියෙ මවුබස පොතේ තිබුනා මට මතකයි ගඟ අද්දර කැලේ පොතේ කෑල්ලක්. අර බහිරවයෙක් ගඟ මැද්දෙ ගලක් උඩ නිදාගෙන ඉන්න සීන් එක... ඒකෙන් කුතුහලේට පත් වුණු මම ඒ පොත හොයාගෙන කියෙව්වා මුලු කතාවම.

      Delete
    2. අපි පොඩිකාලේ ඉස්කෝලේ සිංහල පාඩම් පොතේ අභ්‍යාස වල තියෙනවා, පාඩම ඇසුරින් චිත්‍ර අඳින්න, කවි පන්තියක් රචනා කරන්න, නාට්‍යයක් රඟදක්වන්න. කතාවක් පවත්වන්න වගේ දේවල්. මම හිතන්නේ ලංකාවේ කිසිම ඉස්කෝලෙක ඔව්වා කරලා නෑ.
      ඒ වගේම වාර්ගික සමගිය තරම් ගොංපාට් එකක් නම් තවත් නෑ. සෙව්වන්දි මෑණියන්ගේ පොල් ගෙඩිය ඊටවඩා හොඳයි.
      සිංහල දරුවෙක් බුද්ධිමත් තර්කානුකූල වර්ගවාදියෙක් වීම. මෝඩ, බොළඳ සංහිඳියා කාරයෙක් වීමට වඩා යහපත්.

      Delete
    3. අපේ ඉස්කෝලෙ නං පාඩම් පොතේ තිබුණු පැවරුම් ඔක්කොම කළා. වෙන එකක් තියා අර ඉඳි කලේ නඩුව නාට්‍යානුසාරයෙන් කරන එකත් කළා.

      ඉහළිනුත් කිව්වා වගේ, බුද්ධිමත් තර්කානුකූල වර්ගවාදියෙක් වීමට ඔබට අයිතියක් ඇත. මෝඩ බොළඳ සංහිඳියා කාරයෙක් වීමටත් තව කෙනෙකුට අයිතියක් ඇත.

      Delete
    4. තාර්කික වර්ගවාදියක්, මෝඩ සංහිඳියාකාරයයි මොකක්ද ඒ සීන් එක🤔🤔🤔🤔

      Delete
  11. ඔය ඊට පස්සෙ මොකද උනේ කියන ප්‍රශ්නෙ මට නම් ගොඩක්ම ආවෙ අඹ යාලුවො පොතේ. පස්සෙ ඉතින් ගොඩක් පොත් එහෙමයි. අපිව කොහෙහරි එක්කගෙන ගිහින් අනාථම කරලා දාලා එනවා😀

    ReplyDelete
  12. නවීන්, අඹ යහළුවෝ පොතේ දෙවෙනි කොටසක් ලිව්වා, ඉලංගරත්න මහත්තයාම. මේ මොහොතේ නම මතක් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිදි මාමෙ ඒකත් කියෙව්වා. ඒක හොයගන්න කල් එහෙම මාරම ප්‍රශ්නයක් තිබුනා ඉතින් මොකද උනේ කියලා.

      ඒකේ නම ශිෂ්‍යත්වය( අඹ යාලුවෝ 2)

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි