Tuesday, September 6, 2022

ජැක් බි නිම්බල්, පුංචි ජැක් හෝනර් සහ මේරි මේරි...

මහා අමුතු ඉංග්‍රීසි ළමා කවි කීපයක් අපි මීට කලින් ලිපිවලින් කියවලා තියෙනවානේ. මේ ඒ ලිපිවලට ලිංක්. 

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපන්නුවේ ආච්චි, හිලරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

මේ මෑතකදී පුතා එක්ක ඒජ් ඔෆ් එම්පයර්ස් සෙල්ලම් කරද්දි, තවත් ඒ වගේ අමුතු කවියක් මතක් වුණා. ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එකේ තියෙනවා, චීට් කෝඩ් එකක්, jack be nimble කියලා. ඒක ගැහුවම, කැටපියුල්ට්වලින් විදින්නේ ගල් වෙනුවට හරක් සහ මිනිස්සු. 

ජැක් බි නිම්බල් කවිය මේ:

ඒකෙ පද ගත තේරුම:

ජැක් වේගවත් වෙන්න

ජැක් ඉක්මණ් වෙන්න

ජැක් පනින්න

ඉටිපන්දමට උඩින්

ගොඩක් අය විශ්වාස කරනව මේ කවියෙන් කියවෙන්නෙ එක්දාස් හයසිය ගණංවල මුල භාගයේ හිටපු ශෝං ඇල්බෙයා හෙවත් බ්ලැක් ජැක් නම් මුහුදු කොල්ලකාරයා ගැන බව.

බ්ලැක් ජැක් නාවික හමුදාවන්ට අසු නොවී බේරෙන්න දැක්වූයේ පුදුමාකාර දක්ෂ කමක්. ඔහුගේ වේගවත් බව සහ උපායශීලීත්වය මේ කවියෙන් කියවෙනවා කියා සැළකෙනවා.

ඉට අමතරව, ඉටිපන්දමට උඩින් පැනීම පරණ ඉංග්‍රීසි ක්‍රීඩාවක් බව දැනගන්න ලැබුණා, වෙළෙඳපොලේ සහ පොදු ස්ථානවල කරපු. නමුත් ඒ ගැන වැඩි යමක් හොයාගන්න බැරි වුණා.

පුංචි ජැක් හෝනර්...

ඒ වගේ තවත් කවියක් තමයි ලිට්ල් ජැක් හෝනර්. 

මේ තියෙන්නෙ ඒ කවිය. 


පුංචි ජැක් හෝනර්

මුල්ලෙ ඉඳගත්තා

ඔහුගෙ නත්තල් පයි එක කමින්

ඔහු මාපටැඟිල්ල ඒකට ඔබලා

ප්ලම් එකක් එළියට අරගෙන

කිව්වා

මං කොච්චර හොඳ ළමයෙක් ද කියලා...

මේ කවියෙන් කියවෙන්නේ ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා ගේ ස්ටිවර්ඩ් වුණු තෝමස් හෝනර් ගැනයි කියා සැළකෙනවා. ඔහුගේ අතේ ප්‍රධාන පූජකවරයා, අටවන හෙන්රි රජු වෙත යැව්වා නත්තල් පයි එකක්. ඒ පයි එක ඇතුළේ සඟවලා ඔහු මන්දිර දොළහක ඔප්පු රජු වෙත යැව්වා, රජතුමාගේ හිත දිනා ගන්න. ඒ කාලය වන විට රජතුමා පූජකාශ්‍රම විසුරුවා හැරීමේ තීරණයක් ගෙන ක්‍රියාත්මක කරමින් සිටියා. ඉතින් තමන් ගේ තෑග්ග මඟින් ඒ තීරණය තමන්ට අවාසි සහගත ලෙස ක්‍රියාත්මක වීම වළක්වාගැනීමට ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා කල්පනා කළා.

මේ පයි එක ගෙනියන අතර, තෝමස් හෝනර් එයින් එළියට ඇදලා ගත්තා, මෙල්ස් මන්දිරයේ ඔප්පුව. මේ ගමනට ටික කාලයකට පස්සේ ඔහු ඒ මන්දිරයේ පදිංචියට ගියා. මේ කතාව ප්‍රතික්ෂේප කරන හෝනර්ගේ පරම්පරාවේ උදවිය, ඔහු එය රජුගෙන් මිලයට ගත්තා යැයි කියනවා.

මේරි මේරි...

මේ කවියත් අර වගේ ම තේරුම ව්‍යාකූල එකක්. මේ තියෙන්නේ කවිය.


පද අනුව තේරුම මෙහෙමයි:

මේරි, මේරි, තරමක් ප්‍රතිවිරුද්ධයි

කොහොමද ඔයාගෙ ගෙවත්ත වැවෙන්නේ?

රිදී සීනුයි, බෙලි කටුයි

සහ ලස්සන කෙල්ලොයි පේළියට

මේ කවියේ කියවෙන මේරි, අටවන හෙන්රි රජුගේ දුව වුණු, පළමුවන මේරි නම් කතෝලික රැජිණයි. මීට කලින් අන්ධ මීයො තුන්දෙනා ගේ කවියෙත් මේ රැජිණ ගැන කියවුණා මතකයි. 

එතුමියගේ කෙටි රාජ්‍ය පාලන කාලය තුළ ප්‍රොතෙස්තන්ත ආගමිකයන්ට එරෙහිව දියත් වුණු කුරිරු මර්ධනය නිසා මේ රැජිණ ප්‍රසිද්ධ වුණා. "ගෙවත්ත" ලෙස කවියේ කියවෙන්නේ, සොහොන් පිටිවල වර්ධනය. රිදී සීනු සහ බෙලිකටු පැහැදිළිවම වධ දීමේ යන්ත්‍ර සහ වධ දීම සංකේතවත් කරන අතර, ලස්සන කෙල්ලන් හෙවත් මේඩ්ස් අනිවාර්යයෙන් ම යකඩ ගැහැණිය හෙවත් අයන් මේඩ්න් නම් වධක යන්ත්‍රය ගැන කරන සඳහනක්.

මූලාශ්‍ර:

https://allnurseryrhymes.com/jack-be-nimble/

https://www.pirateshowcancun.com/jolly-roger-crew/captain-black-jack

https://www.education.com/magazine/article/hidden_history_of_nursery_rhymes/#:~:text=Little%20Jack%20Horner%20%2D%20The%20story,were%20hidden%20in%20the%20pie.

27 comments:

  1. දෙයියනේ බලාගෙන ගියාම මේවා පුංචි ළමයින්ගේ අහිංසක කවි නෙමෙයිනේ! මේ හැම කවියකම ලොකු ඉතිහාස කතාවක් හංගලා තියෙන හැටි මරු. අගෙයි ලියවිල්ල.
    ඉංග්‍රීසි නර්සරි රයිම්ස් පරිවර්තනය කරන්න අමාරුයි නේද? මම ළඟදී කළ පරිවර්තන කටයුත්තකදී එහෙම එකක් නිසා අමාරුවේ වැටුනා. ගොඩාක්ම තියෙන්නේ ලොකු තේරුමක් නැති repetitive, rhyming වචන නිසායි වෙන්නැති ඒ. example- Hey diddle diddle

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න පමා වුණේ හරිහමං සහ සම්පූර්ණ උත්තරයක් දෙන්න උවමනා නිසා...

      ඇත්ත. ජනකවි ඉතාම බහුතරයක් පිටිපස්සෙ, ගැඹුරු ‌තේරුමක් තියෙනවා. ගොඩක් ම රජවරු සහ සමාජයේ ඉහළ පංතිය විවේචනය කරන්න ව්‍යංග්‍යය යොදාගත්ත සාමාන්‍ය පංතියේ විරෝධාකල්ප කලාවක් තමයි මේ.

      නර්සරි රයිම්ස් පරිවර්තනය කරන්න අමාරුයි තමයි. ඔයා දෙන උදාහරණය ගැනත් මම දීර්ඝ ලිපියක් මීට කලින් ලිව්වා. උඩ ලිපියෙ මුදුනෙ ඒකට ලිංක් එක තියෙනවා. කැමති නම්, වෙලාව තියේ නම් ගිහින් කියවලා බලන්න.

      ගොඩක් ම මම මගේ පහසුවට භාවිත කරන්න කැමතියි, ඔරිජිනල් ලියවිල්ල ඒකෙ තියෙන සමාජ ඓතිහාසික පසුබිමත් එක්ක තේරුම් ගන්න උත්සාහ කරන එක. නමුත් ඉතින් ඒකට භාෂා ගොඩක් දැනගන්න වෙනව.

      එතකොට හිතෙනවා, කේ. ජී. කරුණාතිලක, සිරිල් සී පෙරේරා, පද්ම හර්ෂ කුරණගේ, දැදිගම වී රුද්‍රිගු වගේ අය මොන තරම් මෙහෙවරක් ද අපි වෙනුවෙන් කරල තියෙන්නෙ කියලා.

      ඔයාගෙ පරිවර්තනත් මම කියවනවා බ්ලොග් එකෙන්... ඒක බොහො ම දක්ෂ වැඩක්.

      Delete
  2. ලිව්ව ලියවෙන ගොඩක් දේවල ගැබ්වෙලා ඇත හුඟක් දේවල්
    උඩින් විතරක් කියවලා මදි - යටි පෙළෙත් තියෙනවා දේවල්
    ඒත් එක්කම ලියපු කාලේ - ලිව් කෙනාගේ අවුල් වියවුල්
    සේරමත් ඇත නිමැවුමක - හොඳ, එව්ව පවතිනවා සදාකල්!

    ReplyDelete
    Replies
    1. මදැයි කොළා... දැන් ලියහල්ලාකො කවි
      නාඩගමුත් කෝළම් වාගේ ම කවි
      ජන කලාවෙ තියෙනව උපහාසෙ කැවී
      ගැඹුරින් බලා දැනගත හැකි පරණ තතු...

      Delete
  3. අටවන රජවරු ගැන සෑහෙන කතා තියෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. අපේ ආදරබර නයිහාමිට සුභ උපන් දිනයක් වේවා!

      Delete
    2. සුභ උපන් දිනයක් වේවා

      Delete
    3. ෂා... පෂා. උපන්දිනේත. හැපි බාර්ත් ඩේ කොම්ලෝ

      Delete
    4. ඔක්කොටම එසේම වේවා !

      Delete
    5. සුබ උපන්දිනයක් වේවා!!🥳🎂

      Delete
    6. නයෝ,
      අටවන මාටිං කියල බස්සෙක් උන්නා. ළඟකදි දැක්කද?

      Delete
  4. Replies
    1. තැංකිව් මෙන්ඩො, ප්‍රශ්නෙට කලින් උත්තරේ දීම බ්‍රහ්ම ගතියකි...

      Delete
  5. ඩ්‍රැකී... ඔය ළමා කතා, සුරංගනා කතා ඇතුළු සබ්බසකල ජන කතා වල සත්‍යයද නැද්ද තියෙන්න යන්න පැත්තකට දාපුහාම, ගැඹුරු ඇතුල් කතාවක් තියෙනව මනෝවිද්‍යාත්මකව හා සමාජ- බෞතිකවිධ්යාත්මකව. ඒ ගැන සිග්මන්ඩ් ප්‍රොයිඩ් හිට කීව. කලින් මේ විදිහෙ post දැක්ක හින්ද මට හිතෙන්නෙ ඔහෙ මේ කතා ගැන හොයනවා කියල. මේකත් මර සයිඩ් එකක් study කරනවා නම්...
    මට ඕක ඇල්ලුන පොට අර red riding hood කතාවත් එක්ක. ඒ කතාවල මාර symbolism එකක් තියෙනෙ. ඔය වැඩේ ෆිලුම්වලත් මාර විදිහට පාවිච්චි කරනවා නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ග්‍රිම් කතා ටික ගත්තත්, ඒ කතා හැදුණු කාලයේ තිබුණු සමාජ පසුබිම, සාරධර්ම ආදිය ගැන මාර වපසරියක් කියවෙනව. මට මතකයි රෙඩ් රයිඩින් හුඩ් කතාවක් තිබුණා, එයාගෙ තාත්තා වෙයාවුල්ෆ් කෙනෙක්. ඒකෙ ම තව මායාකාරියො අල්ලලා, තඹ හරක ඇතුළට දාලා පුච්චන හන්ටර් කෙනෙක් හිටියා. තව මං දැක්කා, ඉතා ම ලස්සන ස්නෝ වයිට් කතා කීපයක් ම හැදුණා. ජැක් ද ජයන්ට් ස්ලේයර් එකෙනුත් තවපැත්තක් ටච් කරලා, බ්‍රිතාන්‍ය ඔටුන්න ග්ලෝරිෆයි කරලා තිබුණා.

      Delete
  6. ඇසූ කවි ගැන නොදන්නා සහ සැගවුණු තොරතුරු රැසක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ මහත්තයා... පරණ එව්වටත් ලිංක් දාල තියෙන්නෙ උඩ.

      Delete
  7. https://www.smithsonianmag.com/history/myth-bloody-mary-180974221/

    ReplyDelete
    Replies
    1. මම කියෙව්වා... ඇත්ත. හැම දේක ම යටපත් වුණු පැත්තක් සහ මාධ්‍යවලින් නිර්මාණය කරන සත්‍යයක් තියෙනවා.

      Delete
  8. http://transyl2014.blogspot.com/2022/09/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි එළ ද බ්‍රා - මෙන්ඩාගේ ඇසින්.....?

      Delete
    2. ඈහ්! ඒකට කියන්ඩ කටට ආපු එක කියන්ඩ බෑ. මෙතන පොඩි එව්වො ඉන්නව.

      Delete
  9. දැන් ගුගල් වලින් සිංහල අක්ෂර හඳුනාගැනීමේ පහසුකම දිලා තියෙනවා. පෙනෙන විදියට මුද්‍රිත පොත් වලට 99% සාර්ථකයි වගේ. ජංගම දත්ත ආකෘතියෙන් තව පොතක් හදන්න.

    ReplyDelete
    Replies
    1. ජගත් කිව්වෙ, මේ කවි ගැන පොතක් ද? ලියන්ඩ ඔ්නෙ තමයි... හොඳ අදහස.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි