Thursday, October 6, 2022

පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී - ළමා කවිවල අඳුරු ඉතිහාසය

ආයෙම පාරක් අපි හොඳින් ම දන්නා ළමා කවි කීපයක ඉතිහාස කතාව හොයාගෙන ආවා. 

පළමුවෙන් ම, පුංචි මෆිට් ගෑණු ළමයා.

මෙන්න කවිය:

පුංචි මෆිට් මෙනවිය

උස් තණ ගොඩැල්ලක (සමහර අය කියන විදිහට කකුල් තුනේ බංකුවක) වාඩි වුණා

ඇගේ මුදවපු කිරි සහ මෝරු කමින්

මකුළුවෙක් ඇවිල්ලා

ඇගේ පසෙකින් වාඩි වෙලා

පුංචි මෆිට් මෙනෙවිය බයකරලා එළෙව්වා

මේ කවියෙන් කියවෙන්නේ දොස්තර තෝමස් මෆිට් (1553 - 1604) සහ ඔහුගේ දුව (සමහරු කියන විදිහට සුළු දියණිය) වන පේෂන්ස් මෆිට් ගැන.

දොස්තර මෆිට් ගේ කාලයේ මිනිස්සු විශ්වාස කළා, සෙම්ප්‍රතිෂ්‍යාව වගේ ‌සමහර රෝග සුව කරන්න මකුළුවන්ට පුළුවන් කියලා. සමහරු මකුළුවෙක් ඇතුල් කළ බීජ ඇටයක් තමන්ගේ ඇඳුමේ පළඳගෙන සිටීම කළ අතර, තවත් සමහරු මකුළුවන් බටර්වලින් ආවරණය කර ගිල්ලා.

දොස්තර මෆිට් තමන්ගේ දුව අසනීප වුණු විට ඒ විදිහෙ ප්‍රතිකාර කරලා, ඒ විශ්වාසය ගැන පර්යේෂණ කරන්න ඇති කියලා විශ්වාස කරනවා. 

පැන්ස හයේ සිංදුව

මේ කවිය ඇත්තට ම සංඥා භාෂාවකින් ලියපු මුහුදු කොල්ලකාරයන්ගේ පණිවුඩයක්. මෙන්න කවිය:

පැන්ස හයේ සිංදුවක් ගයන්න
රායි පිරුණු මල්ලක්,
හතරකුත් විස්සක් කළු කුරුල්ලන්
පයි එකකට දාලා පිළිස්සුවා
පයි එක විවර කළාම,
කුරුල්ලො ගායනා කරන්න පටන් ගත්තා;
ඒක රසවත් දීසියක් නෙවෙයිද
රජෙක් ට ඉදිරිපත් කරන්න?

රජු හිටියා විසිත්ත කාමරේ,
ඔහුගේ සල්ලි ගනිමින්;
රැජිණ හිටියා කුස්සියේ,
පාන් සහ පැනි කමින්;
සේවිකාව හිටියා අංගනයේ,
රෙදි වනමින්;
පුංචි කළු කුරුල්ලෙක් ඇවිත්
කෙටුවා ඇගේ නහයට.



මේ කවිය සුප්‍රකට කපිතන් කළු රැවුළා හෙවත් කැප්ටන් බ්ලැක් බියර්ඩ් නම් මුහුදු කොල්ලකාරයා, තමන්ගෙ නැවට නැවියන් බඳවා ගන්නට ප්‍රසිද්ධ කරපු පණිවුඩයක්. මුහුදු කොල්ලකාරයෙකුගේ සතියක වැටුප වුණේ, පැන්ස හයක් සහ රායිවලින් පෙරන ලද විස්කි කුලාවක්. කළු කුරුල්ලන් කිව්වේ කළු රැවුළාගේ නැවියන්ට. පයි එක ලෙසින් හැඳින්වුණේ ඔවුන්ගේ නැව.

කළු රැවුළාගේ සාමාන්‍ය ඉළක්කය බවට පත් වුණේ රාජකීය නාවුක හමුදාවේ නැව්. ඒ අනුව, කළු කුරුල්ලන් පිරුණු පයි එකක්, රජු ඉදිරියට පමුණුවන්න බොහොම අගනා "දීසියක්" හැටියට පෙනෙන්න පුළුවන්.

පරණ ඉංග්‍රීසි කියමනක් තමයි, "හැම ආකාරයකම පුදුමයන් පයි එකක් තුළින්...". ඒක කපිතන් කළු රැවුළා ගොඩක් වෙලාවට යොදාගත්ත උපක්‍රමයක්. ඔහුගේ නැවක්, විපතට පත්වුණු, එහෙමත් නැත්නම් කුණාටුවකට අසුවී අතරමං වුණු නැවක් විදිහට පෙනෙන්නට ඉඩ හරින එක. ඒ ළඟින් යන වෙළෙඳ නැවු හෝ වෙනත් මුහුදු කොල්ලකාර නැවු, ඒ නැවට පිහිට වෙන්නට හෝ ඒ නැවේ ඇති දේ කොල්ල කන්න ආ විට, ඒවාට පහර දී අල්ලා ගැනීම තමයි ඒ උපක්‍රමය.

"රජු හිටියා විසිත්ත කාමරයේ - සල්ලි ගනිමින්" යන පදයෙන් කියවෙන්නේ කපිතන් කළු රැවුළා සතුව මුදල් ඇති බව. "රැජිණ" යන්නෙන් අදහස් කළේ ඔහුගේ "ඈන් රැජිණගේ පළිගැනීම" (Queen Anne's Revenge) නම් නැව. එය වරායක නැංගුරම් ලා තිබීම සහ ආහාර පාන ආදිය පටවා ගැනීම, රැජිණ පාන් සහ පැනි කෑමෙන් හැඟවෙනවා.

අංගනය කියා හැඳින්වුණේ කැරොලයිනා සිට කැරිබියන් දක්වා මුහුද. මෙහෙකාරිය ලෙස අදහස් කෙරුණේ ඉළක්කගත නැව තිබූ තැන. රෙදි වනමින් සිටීම මඟින්, එම නැව් රුවල් ඔසවා යාත්‍රා කරමින් හෝ යාත්‍රා කිරීමට සූදානමින් ඇති බව හැඟවුණා.

තවත් සමහරෙක් කියන විදිහට, මේ කවිය අටවන හෙන්රි රජු, පූජකාශ්‍රම තහනම් කිරීම සමඟ සම්බන්ධ වෙනවා. කලින් ලිපියේ ජැක් හෝනර් ගේ කවියේ කතාවම...

ඒ අනුව, පුංචි කළු කුරුල්ලන් මගින්, අට වන හෙන්රි රජු වෙත නත්තල් පයි එකක් හැදූ පූජකාශ්‍රමවල පූජකයන් හැඳින්වුණා. පයි එක ඇතුළට මන්දිරවල ඔප්පු ඇතුළත් කිරීම, පුංචි කළු කුරුල්ලන් පයි එකෙන් මතු වීම සංකේතවත් කෙරුණා.

තවත් සමහරුන් කියන්නේ, අර එළදෙන හඳට උඩින් පැනීම කවියේ සඳහන් ඉතිහාසයට මේ කවියත් සම්බන්ධ බව. වැඩිමනත් ම දෙවෙනි කොටස. එහි, රජු අට වන හෙන්රි වූ අතර, රැජිණ යනු ඇරගොන් හි කැතරින් රැජිණයි. මෙහෙකාරිය, රජු පසුව විවාහ කර ගත් ඈන් බෝලීන් වුණු අතර, ඇගේ නහයට කෙටීමෙන්, ඇය පසුව හිස ගසා දැමුණු වග සංකේතවත් කරනවා.

තවත් සමහරුන් ගේ අදහස, කළු කුරුල්ලන් විසි හතරෙන් පැය විසි හතරත්, රජු සහ රැජිණ පිළිවෙලින් ඉර හා හඳත්, සංකේතවත් කරන බව.

වී විලී වින්කී

ළමයින් රෑ අට වෙනකොට ඇඳට යවන්න අතීතයේ දෙමාපියන් හදාගත්ත සංකල්පයක් තමයි මේ වී විලී වින්කී. ඔහු මුල් කාලයේ දී නපුරු අවතාරයක්. මේ තියෙන්නෙ ඊට සම්බන්ධ කවිය.


වී විලී වින්කී
නගරය පුරා දුවනවා
උඩ තට්ටුයි යට තට්ටුයි පුරා
ඔහුගේ රෑ අඳුම පිටින්
ජනෙල්වලට ගහමින්
අගුල් තුලින් කෑ ගහමින්
"ළමයි ඔක්කොම ඇඳට ගිහින් ද?
දැන් වෙලාව අටයි"

දෙමාපියන්, ළමයින් නිදි කරවන්නට යොදාගත්ත සංකල්පයක් වුණත්, මේ කවියේ ඉතිහාස කතාවක් තියෙන බව එක තැනක කියවන්න ලැබුණා. ඒ විල්හෙල්ම් වින්ක්ලර් නම් පුද්ගලයා ගැන.

ඔහු ගේ රාජකාරිය වෙලා තියෙන්නේ, රාත්‍රියේ නගරය පුරා සැරි සරමින්, ළමයින් ඇල්ලීම. මේ; අනාථ ළමයින් හෝ ගෙවල්වලින් පැනලා ගිහින් වීදියේ නිදාගත්ත ළමයින්. මේ ළමයින් අල්ලාගෙන ඔහු අනාථ නිවාසවලට හෝ වර්ක් හවුස් නම් ආයතනවලට සැපයීම කළා. ඒ වෙනුවට ඔහුට යම්කිසි මුදලක් ලැබුණා.



සමකාලීනව සහ පසුකාලීනව ඔහු ගැන කියමින් ළමයින් බය කර ඇඳට යවන්නට දෙමාපියන් පුරුදු වුණු බව හිතන්නට පුළුවන්. 

මේ කතාව තහවුරු වෙන ඉතිහාස සාධක සොයාගන්න ලැබුණේ නම් නැහැ.

මූලාශ්‍ර

https://middlestown.accordmat.org/wp-content/uploads/sites/4/2020/04/The-Truth-About-Little-Miss-Muffet_-Text.pdf

https://www.theguardian.com/notesandqueries/query/0,5753,-26667,00.html#:~:text='Sing%20a%20Song%20of%20Sixpence,the%20'pie'%20his%20ship.

https://interestingliterature.com/2018/10/a-short-analysis-of-the-sing-a-song-of-sixpence-nursery-rhyme-origins-history/

https://www.snopes.com/fact-check/pirates-sing-song-sixpence/

https://www.straightdope.com/21343044/what-s-the-nursery-rhyme-sing-a-song-of-sixpence-all-about

https://medium.com/linguist/sing-a-song-of-sixpence-9beff05cf2f0

https://www.worldanvil.com/w/wfrp-fragile-alliances-didz/a/wee-willy-winky-article?preview=true?

26 comments:

  1. මේ වගේ විස්තර දානවට තවුසෙටත් මකුළුවෙක් බටර්වලින් ආවරණය කල්ල ගිල්ලවන්න ඕන.

    ReplyDelete
  2. මොකක්දෝයි මේකෙ දිනේ දෙවෙනිද කියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොට අමු කැවිලද දස්ටපාල?

      Delete
  3. Replies
    1. ස්තූතියි
      .
      .
      .
      .
      බස්සත් නැති එකේ..🦉

      Delete
    2. පස්සෙ එන්ටත් එක්කලා හුම්... ගෑවේ. ඔන්ට පස්සා දොරෙන්ම ආවා.
      පොඩි කයි උනත්... පරිවර්තනයට මාගේ ප්‍රමාණය🙏. බොගේ කියෙව්ව පෝස්ට් 2,3නේ ඔක්කොම වල අඳුරු ඉතිහාස නෙව තියෙන්නෙ. සුදු එවුන් පැටිකවි කියල නැතිද... රසවත්, දේශාභිමානී වගේ.

      Delete
    3. ස්තූතියි ආපහු.

      ජන කවි ඔක්කොම වගේ තියෙන්නෙ ප්‍රභූ උදවිය විවේචනය කරන්ඩ හදපුවා ම තමා. එහෙත් එහෙමයි, ‌මෙහෙත් එහෙමයි. දේශාභිමානී වගේ එව්වා ජනතාව අතරින් ආපුව නෙමෙයි, වෙන ම ලියලා ජනතාව පිටට පටෝපුවා. ඒව ගැන ලියන්ඩ මේව ගැන තරම් කුතුහලයක් නෑනෙ.

      Delete
    4. බකමුන්ස් ට මොකද වුනේ, පාළුයි

      Delete
    5. ඇත්තට ම උන්දැ නැතුව පාලුයි.

      Delete
  4. ඩ්‍රැකී,
    ට්‍රෙෂර් අයිලන්ඩ් එකෙන් කෙරිලා තිබ්බ අනුවාදේ කියෙව්වද
    මතකෙ 'සම්පත් දූපත;යි පොත, ආයෙ කියවන්නට හිතෙයි අද
    පැන්ස හය ගැන, මුහුදු හොරු ගැන කියවමින් උන් අතරමැද හිඳ
    බිමින් තිබ්බේ නැතිය ඒ පොත, රසට දැනුණා- බැඳන් මගෙ හද

    එදා ගැදි පැදි කළේ හොඳටම කරුණු දැන හිටි බහුශ්‍රැතයොයි
    එක වැකියකින්; එක පැදියකින් කිව් කතන්දර අපරිමාණයි
    අනේ ඒකට අද උගත්තුන් ලියන්නේ චෙක් පොතේ විතරයි
    උන්ගෙ දැනුමත් තියෙන්නේ මොළ ඇතුළෙ නොව සහතික ඇතුළෙමයි

    ReplyDelete
    Replies
    1. සම්පත් දූව දැකලා මිස කියව නැත
      හියුබත් දිසානායකගෙයි මතක ඇත
      ලෝං ජෝන් සිල්වර් ජොලි පොරකි මිත
      ආපහු හොයාගන්නට නම් නොහැක පොත

      ගූගල් ට්රාන්ස්ලේටර් එදා තිබූනෙ නැත
      අද කාලේ තරම් තොරතුරු සුලභ නැත
      පොත් ගහනා උණ ඇති අය පමණි මිත
      ගැදි පැදි ලියා පල කළෙ රසිකයන් වෙත

      Delete
  5. https://www.stucknut.com/forum/index.php?topic=5331.0

    http://www.anvari.org/fun/Jokes_by_Email/Dirty_Nursery_Rhymes.html

    https://www.recoveryourlife.com/forum/showthread.php?t=93044
    Mary had a little skirt
    with splits right up the sides
    and every time that Mary walked
    the boys could see her Thighs
    Mary had another skirt
    'twas split right up the front
    ...but she didn't wear that one very often


    Mary had a little lamb
    Her father shot it dead.
    Now it goes to school with her,
    between two chunks of bread.


    Georgie Porgy pudding and pie.
    kissed the girls and made them cry.
    When the boys came out to play,
    He kissed them too...cause he was funny that way


    Jack and Jill
    Went up the hill
    to have some hanky panky.
    Silly Jill forgot her pill
    And now there's little Franky.


    Old Mother Hubbard
    Went to the cupboard
    to fetch her poor dog a bone.
    When she bent over
    Rover took over,
    And gave her a bone of his own.


    Little miss moffit
    sat on her toffit
    eating sausage and chips
    along came a spider and sat down beside her
    and she bashed the poor blighter to bits


    Jack be nimble, Jack be quick
    Jack jumped over the candle stick
    Dear oh dear he should have jumped higher
    Oh good gracious, great balls of fire


    Mary had a little lamb
    It's fleece was white and whispy.
    Then it caught Foot and Mouth Disease
    And now its black and crispy

    Mary 'ad a little pig
    She couldn't stop it gruntin'
    She took it down the garden path
    And kicked its f**king c**t in!!!!!



    Hey Diddle, Diddle,
    The cat did a piddle,
    All over the bedside clock.
    The little dog laughed to see such fun
    Then died of electric shock.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ... ඔය වගේ මොඩර්න් ඩේ මදර් ගූස් රයිම් ටිකක් තිබුණා, මෑඩ් මැගසින් එකක. ඉස්සරහදි දාන්නං ස්කෑන් කරල.

      පට්ට එකතුවක් ප්‍රා. සුපිරියි.

      Delete
    2. Baa baa black sheep

      Have you any wool?

      Yes sir, yes sir,

      Three bags full.

      One for the master

      One for the dame

      And one for the little boy

      who lives down the lane.



      Baa baa white sheep

      Have you any wool?

      Yes sir, yes sir

      Three needles full.

      One to mend a jumper

      One to mend a frock

      And one for the little girl

      With holes in her socks.



      Baa baa grey sheep

      Have you any wool?

      Yes sir, yes sir

      Three bags full.

      One for the kitten

      One for the cats

      And one for the guinea pigs

      To knit some woolly hats.

      Delete
    3. In UK schools it used as racist slang - Ba ba black bitch , have you any ඒ නිසා දැන් තහනම් හෝ පද වෙනස් කරලා ....

      Delete
    4. මම බ්ලැක් බිච් ගැන දැනං උන්නෙ නෑ. ඒත් බා බා රේන්බෝ ෂීප් ගැන අහල තිබුණා. රේසිස්ම් පිටු දකින්න පොලිටිකලි කරේකට් වෙන්න ඇමරිකාවෙත් එංගලන්තෙත් ළමා සාහිත්‍යය සෑහෙන වෙහෙසක් දරනව කියල පේනව. ගොඩක් ම ඒක මහ කෘත්‍රිමයි.

      Delete
  6. කෝ බොට දුවන්ට කොමෙන්ට් දෙන්නම් කීව... බ්‍රා මෙන්ඩ හාදය.

    ReplyDelete
    Replies
    1. අපිත් දුවන්නං - උඹත් දුවාපං...

      Delete
    2. තව පෝස්ට් එකක් ලියලා පෲෆ් බැලුවා විතරයි, මේ දැන් මෙන්ඩා කෝල් කළා. සන්තෝසයි, ආඩම්බරයි, දුකයි.

      Delete
  7. මේ කතා ටික ශෝක්. Story-telling ප්‍රබල සන්නිවේදන මෙවලමක් විදිහට සලකන නිසා මේ සමහර පසුබිම් කතා දැනගෙන ඉන්න එක වටිනවා.

    මේකටම සම්බන්ද නැතත් ප්‍රාජේගෙ කමෙන්ට් එකත් එක්ක මතක්වුනේ තුන්වෙනි පාර්ශවයක කෝනයකින් සුරංගනා කතා නැවත ලිවීම ගැන. ලඟදි මම කියවපු ලිපියක Little Red Riding Hood කතාව කියලා තිබුනෙ wolfගෙ කෝනයෙන්. ඒ වෘකයා පරාජිතයෙක්, හැමෝගෙම විහිලු තහලුවලට ලක්වෙන කෙනෙක්; නමුත් එයාටත් 'feelings' තියෙනවා-උදාහරනයක් විදිහට වෘකයා කැමතියි මිනිස්සු එක්ක සතුට සාමීචියෙ යෙදෙන්න. ඒ කතාව ඒ විදිහට වෙනස් කරපු කෙනා කියලා තිබුනා එයාට ඕනෙ වුනේ 'සමාජ විරෝදී' ක්‍රියාවල යෙදෙන අයට යම් හඬක් දීමට කියලා. නිතරම ඇහෙන තේමාවක් තමයි, නමුත් ඒක වෘකයාට ඇප්ලයි කරලා තිබුනු විදිහ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ වගේ ම මෑතක හොලිවුඩ් රැල්ලක් තිබුණා ෆෙයරි ටේල් වඩා විස්තීර්ණ විදිහට බලලා හදපු. මට මතක් වුණේ ඒවා.

      මැලේෆිසන්ට් අර ඔයා කියපු විදිහෙ ෆිල්ම් එකක්. දුෂ්ඨයාගෙ පැත්තෙන් හිතපු.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි