Tuesday, November 15, 2022

පෙරකොදෝරු කතා

මෑතක අපේ ප්‍රා ජේ සහෘදයාගේ කමෙන්ටුවකට උත්තර දෙමින් මම කීවේ, ඉස්කෝල මහත්තුරු වගේ ම නීතිඥ ප්‍රජාව ගැනත් රස කතා ඇති බව ය. වැඩ රාජකාරි බහුලකම නිසා ඒ ගැන ලියන්නට පමා විය. පහතින් තියෙන්නේ මම ඇහූ සහ කියවූ කතා ටිකකි.


ප්‍රසිද්ධ ඉංජිනේරු මහත්තයෙක් මැරී අපායේ ගියේ ය. ඔව්. ඉංජිනේරුවොත් යන්නෙ අපායෙ ම තමා. ගිය දා පටන් උන්දැට අපායේ වැඩ පිළිවෙල දියුණූ කරන්න පුළුවන් ක්‍රම පේන්න පටන් ගත්තේය. (කොහොමත් අපි අලුතින් තැනකට ගියා ම එතන සෑහෙන කාලයක් තිස්සේ හිටපු උදවියට නොපෙනෙන අඩු පාඩු පේන්න පටන් ගන්නා එක ස්වභාවයකි. ඒ අනුව අලුත් යෝජනා ඉදිරිපත් කරන විට එතන ඉන්නා ලොක්කාට මළ පනිනා එකත් ස්වභාවයක් බව අපට කියා දුන්නේ නිශාන්ත කමලදාස මහතා ය.) 

ඉතින් හර්ෂණත් යම රජු ෂේප් කරගෙන අපායට නව්‍යතා හඳුන්වා දුන්නේ ය. ලෝ දිය හැලිය සඳහා සෝල පවර් විදුලි උදුනක් සවි කළ ඔහු, කටු ඉඹුලට ලිෆ්ට් එකක් සවිකර යම රජු ගේ කාමරය ඒසී කළේ ය. පවු කාරයන් දෙකට ඉරන්නට යමපල්ලන්ට චේන් සෝ ලබා දුන් අතර, බොරු කියා අපායට ආ පවු කරයන්ට ගිල්ලවන්නට ලේසියෙන් ම රත් කරන්නට හැකි ටංග්ස්ටන් සහ තඹ මිශ්‍ර ඇලොයි ගුලි තනා දුන්නේ ය.

ඔය විදිහට නව්‍යතා කරගෙන යද්දී දිවිය ලෝකයේ සක්කර දෙවියන්ටත් ඔය ඉංජා ගේ සේවය ලබා ගන්නට හිතුණේ ය. ශ්‍රක්‍ර දෙවියා අයිඩීඩී කෝල් එකක් ගෙන යම රජු ඇමතුවේ, ඉංජා ගේ සේවය වැඩ බලන පදනමින් සතියට දින දෙකක් තුනක් සඳහා දිව්‍ය ලෝකයට ලබා ගන්නටය. යම රජ්ජුරුවෝ ඒකට අකමැති විය.

යාප්පුවෙන් හොඳ හිතින් ඉල්ලා බැරිම තැන ශක්‍ර දෙවියෝ යම රජ්ජුරුවන්ට පාට් එකක් දැම්මෝ ය. 

“හොඳ හිතින් දීපන් ඔය ඉංජව අපට, නැත්තං වැඩේ වරදියි!“ 

“ඇයි මල්ලි, මොකද කියන්නෙ?“ යම රජ්ජුරුවෝ ද බය උනේ නැත. “දෙන්නෑ! උඹට ඕන්නං නඩු කියපං!“

“නඩු? මං කොහොම ද යකෝ නඩු කියන්නෙ?“ ශක්‍ර දෙවියොත් ඇහුවා. “ඔක්කොම ලෝයර් ලා, නඩු කාරයො ඉන්නෙ උඹ ගාවනෙ...“

මේ ආශ්‍රිත ස්ටේජ් ප්ලේ එකක් තියෙනව රෝවන් ඇට්කින්සන්ගෙ. බකුසු හාමි මතක් වෙන්ඩත් එක්කල මං පහළින් දැම්මා ඒක...


(වැඩේ තියෙන්නෙ, පරණ එක හොයද්දි අලුත් එකකුත් තියෙනව. මේකෙන් පේනව එකම විහිළුව තව තවත් අලුත් කරන්න රෝවි ගෙ තියෙන අසීමිත හැකියාව...)


*    *    *

දවසක් ලෝයර්ලා කීප දෙනෙක් සම්මාදමේ ගියා, පොහොසත් මුදලාලි කෙනෙකුගේ ගෙදරට. මුදලාලි ඇහුවා ඇයි කියලා.

“දුප්පත් ලෝයර් කෙනෙක් මැරිලා. අපි මේ එයාගෙ භූමදානෙ ට සල්ලි එකතු කරනව.“ එක ලෝයර් කෙනෙක් කිව්වා.

“ආ... ඇත්තද? මං කීයක් දෙන්ඩෝනෙද?“ මුදලාලි ඇහුවා.

“තව අඩුයි දහ දාහක්...“

මුදලාලි විසි දාහක් ම දුන්නා. දීලා කියනවා.

“ආ... විසිදාහක්. ලෝයර් ලා දෙන්නෙක් ම වළලන්ඩ.“

*    *    *

ඉතාම ධනවත් මනුස්සයෙක් මළා. එයාට උරුමක්කාරයො කවුරුවත් හිටියෙ නෑ අවසාන කාලෙදි ළඟින්. හිටියෙ යාළුවො තුන් දෙනෙක් විතරයි. ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක් සහ ලෝයර් කෙනෙක්...

අවසාන කාලෙ නිතර නිතර යූ ටියුබ් එකේ බණ අහපු මේ මුදලාලි, අන්තිම කැමැත්තෙන් තමන්ගෙ ධනය කොටස් තුනකට බෙදලා යාළුවන් තුන් දෙනාගෙ නමට ලියලා තිබුණා. හැබැයි එක කොන්දේසියක් උඩ. තමන්ගෙ මරණය සිදු වෙන මොහොතේ සිටන්, ඒ ධනය යාළුවන් තුන් දෙනාට උරුම වෙනවා. නමුත් තමන්ගෙ මිනී වළට ඒ ධනය සතයක් අඩු නැතුව දමන්න ඕනෙ.

ඉතින් ධනවතා ගෙ මළ ගෙදර ඔය කියන විදිහට ම සිද්ධ වුණා. මළගෙදර ඉවර වෙලා අර යාළුවො තුන් දෙනා ගියා රෙස්ටොරන්ට් එකකට අඩියක් ගහන්න.

“මේ... උඹල දෙන්න අරූ කියපු විදිහට ම සල්ලි ඔක්කොම වළට දැම්මද?“ පොඩ්ඩක් වෙරි වීගෙන එනකොට  ලෝයර් ඇහුවා.

“මං නං ඔක්කොම දැම්මෙ නෑ.“ ඉංජා කිව්වා. “මට පොඩි පොඩි වියදං ටිකක් වුණා මුගෙ අසනීපවලට එහෙම. මං ඒවට හිලව් වෙන්න කෝටියක් තියාගෙන ඉතුරු ටික තමයි දැම්මෙ.“

“මාත් බං...“ ඩොක්ටර් කිව්වා. “මාත් කෝටි දෙකක් තියාගත්තා.“

“උඹල මහ බලු මිනිස්සු බං. යාළුවෙක්ගෙ අන්තිම ඉල්ලීම ඉටු කරන්න බැරි මහ තිරිසන්නු.“ ලෝයර් කිව්වා. “මං නං මට හම්බුණ සම්පූර්ණ මුදලට ම චෙක් එකක් ලියලා වළට දැම්මා.“

*    *    *

පහළ තියෙන්නෙ රෝවන් ඇට්කින්සන් සහ තවත් අය කරපු නොට් ද නයින් ඔ‘ ක්ලොක් නිවුස් වැඩසටහනේ කෑල්ලක්...


මේක බෝනස්...


ප්‍රා ජේ ගෙන් මැරුම් කෑවෙ නැත්තං කමෙන්ට්වලට උත්තර දෙන්න එන බව කරුණාවෙන් සළකන්න...

68 comments:

  1. අද රෑට මැරෙන්න ලෑස්ති වෙලා හිටු. (මීට ප්‍රා ජේ)

    ReplyDelete
    Replies
    1. අම්මෝ...! කසුවා දැකපු කල්...! ඉස්තූතියි පණ. ආපහු ලියමු “අහසිං එන්න“ දෙන්න දෙමාල්ලොත් එක්ක.

      Delete
    2. ඔව් බං. මාාර සතුටුයි මූ දැක්කම

      Delete
  2. Replies
    1. එල පෙරකොදෝරුවොත් ඉන්නව...

      Delete
  3. පෙරකදෝරු, පෙදරේරු කියලා කියවගෙන මේසන් බාස් කතා කියවන්න ආවෙ. මගක් යනකම්ම කොලොප්පන් වෙලා හිටියෙ මූ මොනාද මේ ලියන්නෙ කියලා.. ටැන්කිව් බීන්ගෙ ලින්ක් ටිකට..

    ReplyDelete
    Replies
    1. හනේ බං සෙන්නො... කණ්ණාඩි දාන්ඩ කාලෙ හරි වගේ.

      බීන් ගෙ තව හෙණ සෙට් එකක් තියෙනව බං. රෝවන් ඇට්කින්සන් කියල ගහල හොයල බලහං බොගේ බටේ...

      Delete
    2. https://upjoke.com/bricklayer-jokes

      Delete
    3. එහෙම තමා බන් ඩාන් වෙනවා ඩුන් වෙනවා.. දැන් කොහොමත් හතලිස් ඇඳිරිය තියන කාලෙනෙ...

      Delete
    4. මම බීන්ගෙ ස්ටේජ් ප්ලේ වගයක් බලලා තියනවා. අර එල්ටන් ජෝන්ගෙ එක, අපායෙ නම් කතා කරණ එක එහෙම..මේවා බලන්න ඕනා...

      Delete
    5. ප්‍රා,
      අපේ අර බාප්පෙක් හිටියෙ, මින්ස්ක් බයික් එකක් තිබුණෙ... ආන්න එයා මට දවසක් කියනව මෙහෙම කතාවක්.

      එයා කොන්ත්‍රාත් කරන්නෙ. ගෙවල් හදනවා, වඩු වැඩ කරනවා, ඉලෙක්ට්‍රික් වැඩ කරනවා,... යූ නේමිට්...

      දවසක් මුස්ලිම් පවුලක් ගෙ ගෙදරක වැඩක් කරද්දි, මුස්ලිම් නෝනා ඇවිත් පැහැදිළි කළා ලු, එලියෙ තියෙන ටොයිලට් එකේ දොර දිරලා, ඒක හදවගන්න ඕනෙ කියලා...

      “මේ ටොයිලට් එකේ දොර හොඳටෝ ම තමා දිරලා. යේකට ලේලි තියලා හෙණ ගහන්ඩ තමා ඕනේ...“

      සෙන්නා,
      ඩාම් ඩූම් කියලා කුරුන්ද ලියහංකො හත්තිකේ...

      ආයෙ සෙන්නා,
      අපායෙ සීන් එක ආපහු පාරක් කරලා තියෙනවා දැක්කද? උගෙ මාර සීන් තියෙන්නෙ. තව එකක් තියෙනව, මගුල් ගෙදරක බීල කරන කතාවක්. ඔය නොට් ද නයින් ඔ‘ ක්ලොක් නිවුස් නං බලන්ඩ ම එපා. බලල ඉවර කරගන්ඩ බැරි වෙයි.

      අර එල්ටන් ජෝන් ගෙ ඉන්ටවිව් එක නං පට්ට ම තමා. තව තිබුණා ජෝන් ක්ලීස් එක්ක මී මැස්සො හදන එක ගැන ඉන්ටවිව් එකක්...

      Delete
    6. //ඩාම් ඩූම් කියලා කුරුන්ද ලියහංකො හත්තිකේ...//
      මේ ලියන්න හිතන ගමන්.. :D

      තව පට්ට එකක් තියනවා ඉස්කෝලෙක ප්‍රින්සිපල් ළමයෙක්ගෙ තාත්තව ගෙන්නලා කරණ කතාවක්..මරු යකෝ..ඒවා...

      Delete
    7. මේ ළඟදි උබව මතක් කළා සෙන්නා, මායි මෙන්ඩයි... මේං මේක ගැන.
      http://liyanna-liyanna.blogspot.com/2013/05/blog-post_18.html

      ඔය බීනගෙ ක්ලිප් තියෙනව උගෙ ඉහේ කෙස් ගාණට පොඩ්ඩක් අඩුවෙන්...

      Delete
    8. අඩේ ඒක මරුනේ? ඒකාලෙ තමා කාලෙ.. දකිද්දිත් ආසයි ඒ බ්ලොග් දැන්.. උන් කෝ බං, කමෙන්ට් එකක්වත්දකින්න නෑ...

      Delete
    9. බ්ලොග් ලෝකයත් සංසාරය වගේ ම තමයි. අලුතින් ලියන්නො පහළ වෙනවා. පරණ සමහරු චුත වෙනවා. සමහරු චුත වෙලා ගිහින් ආපහු පහළ වෙනවා...

      ලියකො බ්ලොග් එක!

      Delete
    10. "ලියකො බ්ලොග් එක!"

      පොඩ්ඩක් හිටහන්කො...

      Delete
    11. ලිව්ව වගේ ම කමෙන්ට්වලට උත්තරත් දීහං...

      Delete
  4. 1. A government employee sat in his office, and out of boredom, decided to see what was inside his old filing cabinet.
    He poked through the contents and came across an old brass lamp.
    "This will look good on my mantel," he said, and took it home with him.
    While polishing the lamp, a genie appeared and, as usual, granted him three wishes.
    "I would like an ice-cold Coke right now."
    He gets his Coke and drinks it.
    Now that he can think more clearly, he states his second wish.
    "I wish to be on an island with beautiful women, who find me irresistible."
    Suddenly, he's on an island with gorgeous women eyeing him lustfully.
    He tells the genie his third and last wish.
    "I wish I'd never have to work again."
    Instantly, he was back in his government office.

    2. Three boys were talking after school while waiting for their fathers to pick them up. The first one boasts: "My dad is a Formula One driver. He finishes work at 5:00 and picks me up at 5:15."

    The second boy says: "That's nothing. My dad is a jet pilot. He finishes work at 5:00 and picks me up at 5:05!"

    The last boy looks at his companions and says: "Pfff.... amateurs! My dad works for the government. He finishes work at 5:00 and picks me up at 4:45!"

    ReplyDelete
    Replies
    1. 1. හී හී හී...

      2. ඔව්ව නං මොනවද? මං ඔපිස්සෙකෙන් ඕෆ් වෙන්නෙ හතරයි කාලට. ඒ උනාට පුතා
      ඉස්කෝලෙන් ගන්නෙ දොළහමාරට.

      ඔය වගේ සමාන කතාවක් ධීවර වෘත්තිය ගැන.

      කොල්ලො තුන් දෙනෙක් උන්ගෙ තාත්තලගෙ හපංකං ගැන කතා වෙනව.
      “අපේ තාත්තා ගිය සතියෙ මුහුදු ගිහින් ආවෙ දවස් තුනකට පස්සෙ. බෝට්ටුව පුරෝලා මාළු අරගෙන.“ එකෙක් කිව්වා.
      “ඔව්ව නං මොනවද? අපේ තාත්තා ගිය සතියෙ මුහුදු ගිහිං මේ සතියෙ ආවෙ තඩි තල්මහෙක් බෝට්ටුවෙ පිටිපස්සෙ ගැට ගහගෙන.“ දෙවෙනි එකා කිව්වා.
      අන්තිම එකා කියනව: “අනේ පලයව් යන්ඩ. අපේ තාත්තා මාස තුනකට කලිං මුහුදු ගියා. තාම ආවෙ නෑ.“

      Delete
  5. එන පොට හොඳ නැත වගේය ඩ්‍රැකියෝ - වනනව නෙව ඔහෙ හතර පැත්තටම
    ඉන්ජා හදිසියෙ හර්ෂණ වූයේ කොහොමද කියනව - හැරෙන තැපෑලෙම

    ReplyDelete
    Replies
    1. වෙන්නට ඉංජෙක් විදිහට හිටපූ
      තහනම් අඩවිය බ්ලොග් එක ලියපූ
      ආතල් කොල්ලෙක් විදිහට හිටපූ
      හර්ෂණ අදිකරි පට්ට බුවෙකි පූ

      Delete
    2. හර්ෂණ අදිකරි පට්ට බුවෙකි පූ//
      අඩෝ...මෙහමනම් මටත් කවි ලිව්වැහැකි

      Delete
    3. ඒකනෙ බං කියන්නෙ...

      Delete
    4. හර්ෂණ අධිකාරී කියල අපේ බැච් එකේ බුවෙක් හිටිය. 83 බැච් එකේ එයා නෙමේනේ

      Delete
    5. ආාා නෑ නෑ.. අඩවි රජා කියන ප්‍රොෆයිල් එකෙන්, තහනම් අඩවිය බ්ලොග් එක ලිව්වෙ මෙයා...

      Delete
  6. Lawyers occasionally stumble over the truth, but most of them pick themselves up and hurry off as if nothing had happened.

    - Winston Churchill

    ReplyDelete
    Replies
    1. what if a lawyer was unable to tell a lie?
      https://www.youtube.com/watch?v=OD4N1xy-Wns

      Delete
  7. https://hattorvittor.blogspot.com/2022/11/blog-post.html

    ReplyDelete
  8. අහෝ මට සිදුවූයේ මහා විපතකි.
    මම මිතුරෙකුගේ ෆේස්බුක් ගිනුමකින් සීකර්ස් නෝට් ගේම කෙලිමින් වසරක් පමණ ගතකලෙමි.
    ලඟදි දවසක හදිසි විදුලි බිඳ වැටීමක් නිසා ගිනුම ප්‍රතිසාධනයට තැත්කිරීමේදී එම ෆේස්බුක් ගිනුම අගුළු ලා ඇති බවක් දක්වයි.
    මිතුරාගේ රියැදුරු බලපතේ පිටපතක් යවා අගුළු හැරීමට තැත්කලත් දැන් කලින් ෆේස්බුක් වෙත පිවිසි උපකරනයකින් ලොග්වනලෙස දක්වයි.
    නමුත් එසේ කලත් එම පණිවිඩයම ඒ සෑම උපකරණයකින්ම පෙන්වයි.
    මෙයට විසඳුමක් දුන්නොත්. උඹලාට මහා පිනක් අත්වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක නං අහන්ඩ වෙන්නෙ, බකුසුරාළගෙන් හරි ටෙක් සයුරා ගෙන් හරි තමයි.

      Delete
    2. ඒ පුටරේ ෆේස්බුක් එක අයින් කරලා ආපහු ඉන්ස්ටෝල් කරන්න . ටෙම්ප් ෆයිල්, කුකීස් ඔක්කොම අයින් කරන්න ඊට කලින්. ඊට පස්සේ ලොගින් වෙන්න

      Delete
    3. අජිත් කියලා තියෙන ක්‍රමය හරි කියල හිතෙනවා.
      https://www.youtube.com/watch?v=M52Nd5lHUxY

      Delete
  9. හුම්.......................................

    ReplyDelete
    Replies
    1. ඔව්. බස්සත් එන්නෙ අවාරෙට නෙ.

      Delete
    2. මං කොයිද යකෝ... අවාරෙට එන්නෙ. වහාම මේක ඉල්ලා අස්කරගං.

      රෝවන් ඇට්කින්සනුත් කලඑලි බහින්නෙ... ස්ටෑන්ඩ්අප් කමඩියන් කෙනෙක් හැටියට නේ

      Delete
    3. ටෝ නෙමෙයි. බස්ස එන්නෙ අවාරෙට. අර දොරකඩ ගහේ මූකලං බස්ස කියල නරි ටොමියෙක් ඉන්නෙ... ආං ඌ ගැන කිව්වෙ.

      බීනා ගැන වෙනම ඩොකියුමන්ටරියක් තිබුණා... මේ තියෙන්නෙ

      Delete
    4. අවාරෙට බුදියන්න දීපල්ලා යකුනේ! අරෙහෙ ඇනෝවෙක් ඇවිත් කුණුහබ්බ ධර්ම දේශණාවක් කරනවා. මෙතන, අර අහිංසක අබ්බගාත් මාත්තුරුංඑ සායම අරිනවා :)

      කතා ටික නං මසුරං. නොදන්න වීඩියෝ කීපයක්ම හොයාගත්තා. මෙන්න මගෙන්:
      https://www.youtube.com/watch?v=nq-dchJPXGA

      Delete
    5. බස්සගෙ ඇඩ්‍රස් එකත් ඩෙරික් නිපල්ස් ‌ගෙ ඇඩ්‍රස් එකට දෙවෙනි නෑ.

      Delete
  10. මටත් තියනවා...පෙරකෝදෝරු, උසාවි කතා වගයක් ලියන්න ඔනේ....

    ReplyDelete
    Replies
    1. ලියපංකො බකට් ලිස්ට් එකට දාගෙන ඉන් නැතුව.

      Delete
  11. Replies
    1. තව දන්න ඒව තියෙනවනං පහළින් ලියන්ඩ.

      Delete
  12. පළමු එක අහල තියෙනවා. අනිත් ඒවත් මරු. Two lawyers went into a diner and ordered two drinks. Then they produced sandwiches from their briefcases and started to eat.

    The owner became quite concerned and marched over and told them, “You can’t eat your own sandwiches in here!”

    The lawyers looked at each other, shrugged their shoulders and then exchanged sandwiches.

    ReplyDelete
    Replies
    1. ලොජිකල්. ඔය වගේ ම කෙස් ගහට ලොජිකල් කම්පියුටර් ප්‍රෝග්‍රැමින් කරන උදවිය...

      Delete
  13. After years of hard work, Angie took her first vacation on a luxury cruise ship. While sitting in a deck chair, she recognized a former school classmate, a long-lost friend from her old hometown.

    She crossed the deck and shook hands with her friend and said: “Hello, Angela. I haven’t seen you in years. What are you doing these days?”

    “I’m a lawyer,” whispered Angela. “But don’t tell my mother. She still thinks I’m a prostitute.”

    ReplyDelete
  14. අන්තිම එක: A man was sent to Hell for his sins. As he was being taken to his place of eternal torment, he passed a room where a lawyer was having an intimate conversation with a beautiful woman. “What a rip-off,” the man muttered. “I have to roast for all eternity, and that lawyer spends it with that gorgeous woman.”

    Jabbing the man with his pitchfork, the escorting demon snarled, “Who are you to question that woman’s punishment?”

    ReplyDelete
  15. ඔන්නොහෙ මේකත් දානවා - What do you get when you cross a corrupt lawyer with a crooked politician? Chelsea Clinton.

    ReplyDelete
    Replies
    1. ඒක හරියට බුල්ඩෝග් එකෙකුයි ෂිට්සු එකෙකුයි ක්‍රොස් කළා වගේ...

      Delete
  16. මේක ඩ්රකි ට, මිනිහෙක් මැරිලා අපායට ගියාලු. අපායේදී මිනිහට දැන ගත්තලු එක එක රටවලට වෙන වෙනම අපායන් තියෙනව කියල. මිනිහට ඕන වුනාලු අඩුම වේදනාවක් දෙන අපාය තියෙන රට හොයන්න. ඉස්සෙල්ලම ජර්මන් අපායට ගියහම මෙහෙමලු දඬුවම් කරන්නේ.
    "ඉස්සෙල්ලම විදුලි පුටුවට දානවලු පැයක් රත් වෙවී පිච්චෙන්න. ඊට පස්සේ ඇණ මුවහත උඩට තියෙන ඇඳක බාවල තියනවලු පැයක් විතර. ඊට පස්සේ ජර්මන් යමයෙක් ඇවිත් කස පාර දෙනවලු මුළු දවසම."

    මිනිහට ඒක ඇල්ලුවේ නැතිලු. වේදනාව වැඩියි. ඊට පස්සේ අමෙරිකානු අපායට, රුසියානු අපායට , බ්‍රිතාන්‍ය අපායට , තව ගොඩකට ගියාලු. ඒවත් හරියන්නේ නැතිලු. දරුණු වැඩිලු.
    හැබැයි, ශ්‍රී ලංකා අපායට හෙන පෝලිමක් ලු. පෝලිම කොච්චර දිගද කියනවනම් අළුතින් අපායට එන එවුනුත් එකතු වෙනවලු දොර ගාව.
    මිනිහ අහල බැලුවාලු මෙතන මොන වධයක් ද දෙන්නේ කියල.
    "ඉස්සෙල්ලම විදුලි පුටුවට දානවලු පැයක් රත් වෙවී පිච්චෙන්න. . ඊට පස්සේ ඇණ මුවහත උඩට තියෙන ඇඳක බාවල තියනවලු පැයක් විතර. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ යමයෙක් ඇවිත් කස පාර දෙනවලු මුළු දවසම."

    ඉතින් මිනිහ ඇහුවලු "මේක මේ ජර්මන් අපාය වගේමනේ කියල. මොකද මේ කට්ටිය පෝලිමේ ඉන්නේ ඇතුළට යන්න " කියල.

    යම පල්ලෙක් උත්තර දුන්නලු.
    " ආ මේ ලයිට් කපන නිසා විදුලි පුටුව වැඩ කරන්නේ නැහැ. ඇණ වලට ගෙව්වට ඇමති කෙනෙක් ගේ ලේකම් කෙනෙක් ටෙන්ඩරේ අරන් තියෙන්නේ. ඇණ එන දවසක් දන්නේ නැතිලු. ඒ හින්ද ඇඳේ මෙට්ටේ විතරයි තියෙන්නේ. ශ්‍රී ලංකන් යමයා හිටපු උප දිසාපති කෙනෙක්ලු. එයා එනවලු. ටයිම් ශීට් එක අත්සන් කරන්වලු. එහෙම්ම ගෙදර යනවලු, පෞද්ගලික කොම්පැණියේ වැඩට, බ්ලොග් ලියන්න හෙම"

    ReplyDelete
    Replies
    1. ඒක මරු කතාව... නමුත් අජිත් අයිය තරහ වෙන් නැත්තං මෙහෙමත් කියන්නං. මං මේ කතාව කියවද්දි පැති කීපයකට මනස දිවවුණා.
      1. රජයේ සේවකයො ගැනත් මේ වගේ ම පෝස්ට් එකක් දාන්ඩ ඕනෙ.
      2. අපාය ගැන පෝස්ට් එකකුත් දාන්ඩ ඕනෙ.
      3. අඩේ! ජර්මන් අපාය ගැන වෙන කවුද දන්නෙ අජිත් අයියට වඩා හොඳට... (ඩෙඩ්!)

      Delete
    2. 1. නියමයි
      2. මම දාල තිබ්බ කාලෙකට කලින් - මොන අපායටද යන්නේ කියල
      3. ජර්මන් අපාය - හපොයි වෙලාවට ඔක්කොම පටන් ගනී , වෙලාවට ඔක්කොම තිතට ඉවර කරයි

      Delete
    3. ඔය පැත්තෙ නෑ නේද, “බඳිනවනං ජර්මනියෙන් බඳින්න. මැණිකක් ලැබුණා වගේ තමයි“ වගේ පෝස්ට් ෂෙයා වෙන එක...?

      Delete
    4. “මොන අපායට ද යන්නේ?“ පෝස්ට් එක නියමයි. මෙන්න දැම්මා ඒකෙ ලිංක් එක. කැමති අය ගිහින් කියවලා එන්න.

      Delete
    5. එහෙම ඒවා නැහැ මම හිතන්නේ (ජර්මනියෙන් බඳින්න පෝස්ට් . අර පෝස්ට් හොයා ගත්තේ කොහොමද? සර්ච් බට්න් එකක් තියේද

      Delete
    6. කී වර්ඩ්ස් ටයිප් කරලා ගූගල් සර්ච් කළා. "කොළඹ ගමයා" "මොන අපායට ද යන්නේ"

      ගහපු ගමං උඩට ආවා...

      Delete
    7. ඒකනෙ කියන්නෙ... මගෙ පෝස්ට් හොයා ගන්නෙත් එහෙම තමා.

      Delete
  17. ඉස්සර සිව්දෙස සඟරාවෙත් කැමිලස්ගේ විහිළු තිබුන, දෙව්ලොව, අපාය සම්බන්ධව.
    එව්වා ඇත්තටම ක්‍රිස්තියානි විහිළු, බුද්ධාගමට ගැලපෙන විදියට වෙනස් කරලා හදපුවා.
    නොගැලපෙන තැන් තියෙන නිසා එව්වා පරිවර්තන කියලා දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ආාා ඔව් ඔව්. ඔය උඩ රෝවන් ඇට්කින්සන් කියන්නෙත් ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ රෙපරමාදු අපාය ගැන. ඒකනෙ කියන්නෙ you are here for eternity කියලා.

      Delete
  18. අනුන්ගේ ලේ බොන උන් අපායේ යන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අපායෙ යන්ඩ මැරෙන්ඩෙපෑ... මළායැ?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි