මට භාරතීය සිනමාව සමීප කළේ අපේ තාත්තා. ඔහු පුදුමාකාර සංගීත රසවිඳින්නෙක්. මගේ ගැටවර වියේ දී තාත්තත් එක්ක රසවිඳපු භාරතීය සංගීත කොටස් ටිකක් මට මතක් වුණා, මේ ළඟ දි මට අහම්බෙන් වගේ මීනා කුමාරි ගැන කියවන්න ලැබුණු ෆේස්බුක් ලිපියකින්...
මේ ඒ ගැන කෙටි ලියවිල්ලක්.
පළමුවෙන් ම, "හදවත තමන්ගේ වුණත් ප්‍රීතිය අනුන්ගේ..."
දිල් අප්නා ඕර් ප්‍රීත් පරායී රංජිත් එදිරිසිංහ ගේ වචනවලින් කියනවා නම් 1960 දී භාරත රිදී තිරය වර්ණවත් කළ කළු සුදු චිත්‍රපටයක්. එහි නිරූපණය වුනේ සුශීල් නම් වෛද්‍යවරයා (රාජ් කුමාර්) සහ කරුණා නම් හෙදිය (මීනා කුමාරි) අතර ඇතිවන ප්‍රේමය. ඊට මැද්දට එන්නේ, සුශීල් ගේ පියාගේ මරණාසන්න කැමැත්ත (මට මතක හැටියට). පියාගේ කැමැත්ත අනුව සුශීල්ට සිද්ධ වෙනවා, ඔවුන්ගේ පවුලේ මිතුරෙකුගේ දියණිය වන කුසුම් (නදීරා) විවාහ කරගන්නට. ඒ ආරංචිය කරුණා දැනගන්නේ දීපාවලී උත්සවය දවසේ රෑ.
මේ චිත්‍රපටයේ මම දකින අසාමාන්‍ය සහ දක්ෂ භාවිතයක් තමයි, ඉතා ම සතුටුදායක අවස්ථාවන් - ඉතා ම දුක්බර අවස්ථාවන් සමග සංකලනය කිරීමෙන් දුක තීව්‍ර ලෙස ඉස්මතු කර දැක්වීම. ඒක සංගීතයෙනුත් (ශංකර් සහ ජායිකිෂන්) ඉතා ම දක්ෂ විදිහට නිරූපණය කරනවා.
ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි කරුණා පත්වන දුක්බර තත්ත්වය, දීපාවලී උත්සවයේ මල් වෙඩි සහ ආලෝකවත් සැමරීම් එක්ක නිරූපණය කිරීම. මේ ඒ අවස්ථාවේ සංගීතමය නිරූපණය. පොඩ්ඩකට විඳින්න, ආරම්භයේ දී අහන්නට ලැබෙන පියානෝ වාදනය...
චිත්‍රපටියේ දිගට ම නිරූපණය වෙනවා, සුශීල් තම පියාගේ කැමැත්ත ඉටු කිරීමට හිත හදා ගත් පසුවත්, කරුණා සමග ඇති කරගත් ප්‍රේමය මරා දමන්නට බැරි කමින් දුක් විඳන ආකාරය. ඒ වගේ ම කරුණා ඔහුගේ හැඟීම් තේරුම් ගෙන ඒ නිසා ම මුහුණ පාන දුක්ඛිත තත්ත්වය. එක් තැනක දී කරුණා, කැමැත්තෙන් ම තමන් ගැන කිසි ම තොරතුරක් සොයා ගන්නට බැරි වන ආකාරයට අතුරුදහන් වෙනවා. ඒ අවස්ථාවේ දී සුශීල් ශෝකයෙන් සහ අපේක්ෂාභංගත්වයෙන් පෙළෙමින් මුහුදු වෙරළට යනවා. එතැන වීදි ගායකයෙක් වේග රිද්ම ගීයක් ගායනා කරනවා. එහි අදහස තමයි, "කොහේ ගියා ද දන්නේ නෑ - කොහේ ගියා ද දන්නේ නෑ - මගේ හදවතත් අරගෙනයි ඈ ගියේ..."
මේ මම රස විඳි වෙනත් චමත්කාරජනක සංගීත කොටසක්. මෙහිත් රඟපාන්නේ රාජ් කුමාර් සමඟ මීනා කුමාරී. චිත්‍රපටය පාකීසා. මේ අවස්ථාව මට මතක හැටියට, අලුතින් එක් වූ යුවළක් අත් දකින චමත්කාරය. එය නිරූපණය කරන්නේ සුවිශේෂී සංගීත නාද සහ එහි දෝංකාරමය නිරූපණය සමගින්... සඳ එළියෙන් ආලෝකවත් වූ තෙත්බර රාත්‍රියක හැඟීමක් ඇති කරනවා...
මෙහි සංගීතය ගුලාම් මොහොමඩ් විසින්.
මී ළඟට පපුවේ ඇනුණු පිහිපාරක් වගේ දැනෙන "ආජාරේ... පර්දේසී..." (එන්න... පිට ගං කාරයෝ...)
බිමල් රෝයිගේ මධුමති ඉතා ම සුන්දර කවියක් වාගේ නිර්මාණයක්. එය පුරා ම පැතිරී තිබෙන ඉතාම සරළ, සුන්දර, සැහැල්ලු සංගීතය සලීල් චෞද්රි විසින්.
මධුමති චිත්‍රපටය ගැන සඳහන් වුණු අතරේ, මම දැකපු එක් සුවිශේෂී දෙයක් තමයි, දිලිප් කුමාර්ගේ රංගන ශෛලිය. වැඩි ඔප දැමීම් නැතුව, ඉතා ම සාමාන්‍ය සහ තාත්වික රංගනයක් තමයි ඔහු ඉදිරිපත් කරන්නෙ. ටෝනි රණසිංහගේ රඟපෑමත් ඊට සමානයි කියා මම හිතනවා. එයට පරිබාහිරව, දිලිප් ඉතා ම විචිත්‍ර සහ දඟකාර චරිතයක් නිරූපණය කරනවා, ගංගා ජම්නා චිත්‍රපටියේ දී. මේ එයට කදිම උදාහරණයක්...
මෙහි සංගීතය නෞෂාද් අලි විසින්...
දිලිප් සහ වෛජයන්තිමාලා ඉතා අපූරු ජන කලාත්මක රංගනයක් ඉදිරිපත් කරන තවත් අවස්ථාවක් මේ. මේ ගීතයේ තනුව ශ්‍රී ලංකාවටත් ඉතා ම හුරු පුරුදු වුණේ, මෙහි අනුකරණයක් විදිහට සිංහල විකට යුග ගීතයක් බිහි වුණු නිසා.
ඉහත ගීත සියල්ල ගායනා කළේ මොහම්මද් රෆි සමඟ ලතා මංගේෂ්කර්. නමුත් මෙය ගායනා කරන්නේ ලතා ගේ නැඟනිය වුණු, ආශා භෝංස්ලේ. ගිතය ඇතුළත් වුණේ නයා දෝර් චිත්‍රපටියට. සංගීතය ඕ. පී. නයියාර් විසින්.
දිලිප් ගේ දක්ෂ නිරූපණයක් සහිත ගීතයක් කොහිනූර් චිත්‍රපටයෙන් උපුටා දක්වන්න කැමතියි, පෝස්ටුව අවසාන කිරීම විදිහට. මෙහි අන්තිම හරියේ ඔහු ඉතා ම හුරු බුහුටි ලෙස සිතාරය වාදනය කරනවා...
//රිදී තිරය වර්ණවත් කළ කළු සුදු චිත්‍රපටයක්// සිද්දධිය පැහැදිළි මදි 🤣
ReplyDeleteකළු සුදු ප්‍රොජෙක්ටර් විතරයි ඒ කාලෙ තිබිල තියෙන්නෙ. එහෙම නැතුව චිත්‍රපටියෙ වර්ණ නැතුව නෙමෙයි.
Deleteනමියා,
Deleteඒක පැහැදිලි මදි නං, හෙණ ගහනව!
ප්‍රසා,
ආන්න ඒකයි. කළු, සුදු, අළු, ලා අළු, ලාවට සුදු... කියන්නෙත් වර්ණ තමයි.
නයිත් දන්න දේවල්
Deleteආජාරේ... පර්දේසී
ReplyDeleteමධුමතී ලස්සන චිත්‍රපටයක්.
ඒ වගේම රාජ් කපූර්ගෙත් ලස්සන සිංදු තිබ්බා:
Pyar Hua Ikraar Hua
Dam Bhar Jo
මධුමතී චිත්‍රපටියේ සෑහෙන දුරට අවම සංගීත භාවිතය, සීතල තෙත් බර බව නිරූපණය කිරීම ආදියටත් අමතරව, මට හිතෙනව ලස්සන වසිලිස්සා පොතේ තියෙන රැසියානු කැළෑ බද, ගම්බද සංස්කෘතික ලක්ෂණත් තියෙනව කියල. මධුමතීගෙයි එයාගෙ තාත්තගෙයි ඇඳුම්, තාත්තගෙ තඩි පොරොව එහෙම එක්ක... අනික තමයි ජොනී වෝකර් ගෙ ගම්බද හැසිරීම.
Deleteරාජ් කපූර්ගෙ සිනමා භාවිතය වෙනම ම ලියන්න වටින විෂයයක් නේ?
තවුසෙත් මං වගේ පරණ හින්දි සින්දු පිස්සෙක්ද?
ReplyDeleteමාත් පොඩි කාලෙ ඉඳලම ආස හින්දි සින්දු වලට.
කොටිංම දැන් උනත් ඉන්දියන් හිංදි දෙමළ සින්දු යන චැනල් දෙකක් තමයි වැඩි වෙලා බලන්නෙ ටීවීයෙකේ.
ඊට අමතරව සති අන්ත දවස් දෙකේ ඉන්දියන් අයිඩල් බලන එක අනිවාර්යෙන් කරනව.
මම හිතන්නෙ අසෝක, K3G වලින් පස්සෙ හින්දි සිනමාව කියන්නෙ අජපල් වෙලා ගිය එකක්.
මායි තවුසෙයි බස්සයි එක්ක තුනයි. අපි බලමු තව කී දෙනෙක් එකතු වෙයි ද කියල, හිංදි ගීත කොටුවක් දාගන්ඩ.
Deleteමාත් වැඩිය ඉතා ම මෑත කාලීන හින්දි සංගීතය රස විඳින්නෙ නෑ. මං හිතාගෙන හිටියෙ, අර මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා වරක් දොංග්ලාර් බැරන් ට කියනවා වගේ, "ඒවයෙ බරපතළ දෝෂයක් තියෙනවා. ඒවා තව කාලයක් පරණ වෙන්න ඔ්නෙ..." වගේ එකක් කියලා.
ඒව පරණ උනත් අපිට රස විඳින්න බෑ. සමහර විට දැං ඉන්න ළමයි ඒව රස විඳීද දන්නෑ.
Deleteපරණ සිංදුවල තිබ්බ සංගීත කොලිටිය අලුත් ඒවයෙ නෑ.
ඇත්ත. සමහරවිට පරම්පරා වෙනසක් ද මං දන්නෑ, දැං හැදෙන උං අහන්නෙ ම මෙලෝ තේරුමක් නැති රැප්. අපි හුටංලගෙ නාට්‍ය තරගෙට ගිහිං එද්දි, බස් එකේ සෙට් එකට ෆෝන් එක බ්ලූ ටූත් කනෙක්ට් කරල සිංදු දැම්මා, හුටංගෙ යාලුවො ඉල්ලුවෙ ම කිසි තේරුමක් හිතාගන්න බැරි රැප්. මේක විතරයි ටිකක් හරි ගතියක් තිබ්බෙ.
Deletehttps://youtu.be/AEVcGbsPKVg?si=8SMDv9h4mJxAe2xg
මොකක්දෝයි ඒ සිංදුව
Deleteපුවක් කෑල්ලක් නෑ?
Deleteලංකාවේ "අක්ක සීන්" එක දැන් ලෙසටම යනවා කියල ආරන්චියි . හුටං ව බේරාගනින් මලේ
Deleteහිහි හිහි... මෙහෙ ට තාම නෑ. නාට්‍යයෙ හිටිය ගෑල් ලමය ඇහුවෙ මේක...
Deletehttps://www.youtube.com/watch?v=aNw7vbbimiY&pp=ygUl4La04Lec4Lap4LeK4Lap4Laa4LeKIOC3g-C2uuC3kuC2muC3nQ%3D%3D
සාරවිට එකේ ඔරිජිනල් විඩියෝ එක මේං...
https://www.youtube.com/watch?v=Tn-Cl3eXwS8
පළවෙනි සින්දුවට සුජාතා අත්තනායක කියන රැවු නැගුනා අපේ ප්‍රේම පුරානේ අහල නැද්ද?
ReplyDeleteඅහලා නෑ. ඇහිලා තියෙනවා වරක් හෝ දෙකක්. ආපහු අහල ම එන්නං.
Deleteනෛ හාමි කිව්වට අහල බැලුවා. එච්චර දැනුන් නෑ...
ගිතය ඇතුළත් වුණේ னයා දෝර් චිත්‍රපටියට. සංගීතය ඕ. පී. னයියාර් විසින්.
ReplyDeleteඉතිං බලහංකො.
னයා door කියන්නෙ, දොරකට අහුවෙච්ච னයෙක් ගැන වෙන්ඩැති?
Deleteඅරකෙ "කොල කඩ කඩ බොරුවට දෙනවා, මම ගහ හොඳ හැටි අඳුනනවා" කියන්නෙ අඳු කොල ගැනවත් ද?
Deleteනීල ජලේ යමුන සමීරේ සින්දුව හොයලා දෙන්න
ReplyDeleteමේක ද? https://www.youtube.com/watch?v=tnV-X2TcSxs
Deleteනැත්තං මේක ද? https://www.youtube.com/watch?v=kNhxG4h4vrU&pp=ygUZU2hhYW0gRGhhbGUgSmFtdW5hIEtpbmFyZQ%3D%3D
හරි ඒ දෙකම තමා එළ , ඉන්දියන් එකේ නම දන්නැතුව හිටියේ
Deleteඒ දෙක ම මාර රසවත්. මාත් ආපහු අහන්න ගත්තා.
Deleteලස්සන සින්දු ටික . මටත් තාත්තව මතක් වුනා . රෑ 10.30 ට දෙවන සේවයේ දානවා සින්දු ටිකක් . එයා හැමදාම අහනවා . එයා කීව තමිල්නාඩුවේ මිනිස්සුත් ලංකෑවේ ඒ චැනල් එක අල්ලනවලු . යාපනේ ඉන්දෙද්දී ඉන්දියන් ධීවරයෝ කියල තියෙන්නේ ස්තූතියි මතකය අලුත්වැඩියා කලාට
ReplyDeleteහරියට ම සමානයි... මං කිව්වෙ අපේ තාත්තත්, ඔය වැඩසටහන ඇහෙන්න දාල ඇඳේ ඇල වෙනවා. අපිත් ඒ සංගීතය අහමින් නින්දට යනවා. ආයෙ හවස තුනට වෙළෙඳ සේවයේ ගියා පැයක්. තව තිබුණා, එදා අප දුටු චිත්‍රපටයකින් කියල වැඩසටහනකුත්. මට ගොඩක් ම පුංචි කාලෙ හින්දි භාෂාවෙන් ගිය සේවයකුත් තාත්තා SW වලින් ද කොහෙ ද ඇල්ලුවා.
Deleteකොළ කඩ කඩ බොරුවට දෙනවා සින්දුවත් දාලා තියෙන්නේ . හපොයි මේ ඉන්දියන් කාරයෝ කිසි වගතුවක් නැහැ . අපේ ඔක්කොම කොපි කරනවා
ReplyDeleteකියල වැඩක් නෑ. "සරා ගොයිය හරි මිනිහ"ත් කොපි කළේ...
Deleteනියම සිංදු සෙට් එකක්.මෙව්ව අහන්න පුරුදු උනේ තාත්තගෙන් තමා.තව මං,ආසම සිංදු,සෙට් එකක් තමා අභිමාන් ,ආරධනා ෆිල්ම් වල සිංදු.
ReplyDeleteකිෂෝර් කුමාර් සහ අමිතාබ් භච්චන් ගෙ අවධියට එද්දි තියෙන්නෙ වෙනම ම රසයක් නේ? අපි හැමෝගෙ ම (ඒ කිව්වෙ බහුතරයක් සමවියේ බ්ලොග් කාරයන්ගෙ) තාත්තලා හිංදි රසිකයො බලං ගියා ම.
Deleteමමත් අභිමාන් , ගීත් දෙකටම හෙන ආසයි
Deleteගීත් - https://www.youtube.com/watch?v=gfcw-F3Ie5c
Deleteගීත්... නිකං ගීතයක් ම වගේ තමයි. ප්ලොට් එක නං කිසි වැඩක් නෑ (මට මතක හැටියට) ව්‍යාඝ්‍රයෙක් එක්ක ටාසන් ශෛලියේ ෆයිට් එකකුත් තිබුණා. හැබැයි, සංගීතය සහ ගීත ටික වෙන ම ලෙවල් එකක්.
Deleteඅභිමාන් ප්ලොට් එකත් මරු - සංගීතයත් නියම යි.
ඔව් අපේ දෙමාපියන්ගෙ කාලෙ ඇහුන ඒව තම අප්ප අදටත් අපිට කටපාඩමෙන් කියන්න පුලුවන්.ඒකට දැන් ඒවා මතක හිටින්නෙ එහෙමත් එකක් තමා. ගීත් කියන්නේ අර අන්ධ කතාවද..?
Deleteරාම සීතා කතන්දරේ එළිවෙනකල් කියලා ඉවර උනාට පස්සේ ඇහුවලු රාම සීතගේ කවුද කියලා!
Deleteඇත්ත. ළමා මනස ගැන කියන වාග් විද්‍යාඥයො කියනව, පොඩි ළමයි තමන්ට ඇහෙන ඔ්නෙ ම දෙයක් හරියට ස්පොන්ජ් එකක් වගේ උරා ගන්නව කියල. ඒ විදිහට වෙන්ඩැති අපි පොඩි කාලෙ ඇහුණු සංගීතයට අපි කැමති වෙන්නෙ.
Deleteගීත් නං, අර උඩ අජිත් අයිය දාල තියෙනව ලිංක් එක. අන්ධ කතාව නං, දෝස්ති නේ?
වෘතාන්ත,
Deleteහැබෑට රාම, සීතගෙ කවුද කියල අහන්න වටිනව, රාම සීතව ගින්නට දාල පරීක්ෂා කරලත්, අන්තිමේ ළමයි දෙන්නෙකුත් එක්ක අතෑරල දැම්මට පස්සෙ...
කියමනේ අර්ථය තියෙන්නේ ඊට ටිකක් මතුපිට ලෙවල් එකෙන්
Deleteමේ අර්ථය වටේ රවුං නොගහ, අපි වගේ හුදී ජනයටත් දැණගන්න කිව්ව නං ආයිබෝං? 😋
Deleteඔය සීතා අර රිලවත් එක්ක සම්බන්ධයක් තිබිල තියනවා කියන්නෙ.
වෘතාන්ත,
Deleteමට ඒක තේරුණා. ඒත් සොඳුරු සඳවතියට අපහසුතාවක් වෙයි කියන හැඟීමත් එක්ක තව ටිකක් එහාට යන අදහසක් දැම්මා.
බකුස්,
ඔය වගෙ තව කතාවක් තිබුණා, අශ්වමේධ යාගයක් ගැන, කේ. කේ. සමන් කුමාරගේ එසඳ මම බලා සිටියෙමි පොතේ.
[රංජිත් එදිරිසිංහ ගේ වචනවලින් කියනවා නම්] මට මැවිලා පේනවා වගේ ඔය වැඩ සටහන .. මම මුලින් ඒක මහා කම්මැලි වැඩසටහනක් විදියට තමා බැලුවේ .. හැබැයි ටිකක් ලව් සික් හැදිලා හින්දි සිංදු ටිකට ආස වෙන කාලේදී හෙනම ආසාවෙන් බැලුවා ..
ReplyDeleteඒ කාලේ හැබැයි අපි ආසා උන අපේ කාලේ හින්දි සින්දු වලටත් කට්ටිය බැන්න නේද ? අර සාජන් එකේ ඒවා , දේකා හේ පෙහෙළි බාර් ද කොහෙද .. ඉවරයක් නැතුව ඇහුවා .. ඕවට බනිනවා මට මතකයි .. හෙහ් හෙහ්
මම වැඩියම ආස අර කෝච්චියත් එක්ක ජීප් එකේ යන ගමන් කියන සින්දුවට .. අවිස්සාවේල්ල කිට්ටු වෙද්දී ඔය වගේ හරියක් තියෙනවා නේ කොළඹ පාරේ .. එතනින් යනකොට ඒක තමා සිංදුව ... හෙහ් හෙහ්
ඇත්ත. 80 - 90 දශකවල හිංදි සිංදුවලට වැඩියෙ ම බැන්නෙ 50 - 60 දශකවල සිංදු අහපු පිරිස නේ? එතන තියෙන්නෙත්, තමන්ගෙ කණට හුරු සංගීත ශෛලියෙ වෙනස්වීමට අනුගත නොවීම නේ ද?
Deleteසාජන් එකේ මට හොඳ ම, "මෙරා දිල්භී කිත්නා පාගල් හේන්"
පැතුම් බලල ඇති නේ, කෝච්චියත් එක්ක නෙවේ, ප්ලේන් එකත් එක්ක ජීප් එකේ යන ගමං කියන සිංදුවක් තියෙනව. පස්සෙ එල්විස් ප්‍රෙස්ලිත් ඒක කොපි කරල සිංදුවක් ගහල තිබුණා.
https://www.youtube.com/watch?v=9n_R4Vfu-bo&pp=ygUUa2F1biBoZSBqbyBzYXB1bm8gZW0%3D
++++++++++++==
ReplyDeleteමොකද්ද, අවසාන ==?
Delete@ Prra
Deleteඇත්තටම ලංකාවේ රට පුරා විසිරුණු ඇතැම් කුල ප්‍රජාවන් ඉන්නවා. ඔවුන් කුල වශයෙන් සංවිධානය වෙලා ඉන්නේ ඒ කුල අනන්‍යතාව වැදගත් නිසා. ඒ කුල වලින් ප්‍රධානතම දෙකක් තමයි වහුම්පුර සහ නවන්දන්නා කියන කුල. මේ කුලවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් වුණත්, එම පදනම්වලින් ඔවුන්ට ප්‍රමාණවත් මහජන නියෝජනයක් නැහැ.
මේ වගේ කුල නියෝජනය කරලා බලයට පත්වන ඇතැම් කපටි දේශපාලනඥයන් ජනාධිපති, අගමැති වැනි බලාධිකාරීන් වෙත ළංවෙන්නට තම කුල අනන්‍යතා ඔස්සේ තමන්ට එම ජනතාව නියෝජනය කළ හැකි බව පෙන්වනවා. සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය එවැනි කුලවල අනන්‍යතා භාවිතා කර දේශපාලන බලය තුල ඉදිරියට ආපු අය. සිල්වලා සහ ද සිල්වලා වර්ග දෙකක්ලු. කොයි එකාද උසස් කියල නම් මම දන්නෙ නෑ. මොකද දැන් අපි දන්නෙ නෑනෙ නලින් ද සිල්වද මර්වින් සිල්වද උසස් කියලා. දෙන්නම එක වගේ වැඩනෙ කළේ. වහුම්පුර කුලය නියෝජනය කරපු එම කුලයේ පවුලක උපන් දක්ෂ නිර්මාණකරුවෙක්, මාධ්‍යවේදියෙක් විදියට අපට දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි හඳුන්වා දිය හැකියි.
මීට වසර දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වුණ එස් ඒ නන්දසේන මියයන විට 78 වැනි වියෙහි පසු වූ ග්‍රන්ථ 55 ක කතුවරයෙක් ලෙස 1945 මාර්තු 27 දකුණු පළාතේ බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය සහ හොරණ විද්‍යාරතන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූවා. වහුම්පුර කුලයට ආභරණයක්න්ද වුණ ආචාර්ය නන්දසේන සූරියාරච්චි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් විදියට කැලණිය විශ්වවිද්‍යාලයටත් ආභරණයක් වුණා.
මනරම් සටහනක් ඩ්‍රැකී. මං සෑහෙන්න නොස්ටැල්ජික වුණා කියවලා. මගෙත් තාත්තා මං ඇච්චා කාලෙ (මං පොඩි කාලෙ කියන්නෙ ඒ හැටි කාලයක් නෙමේ ඉතින් - 2000 දසකෙ මුල) පරණ කළු සුදු චිත්‍රපටි බලන්න පුරුදු කළා. අර භාරත් භූෂන් + මීනා කුමාරි රඟපාපු මියුසිකල් ෆිල්ම් එක මොකක්ද - ගල් පිළිමෙක ඇස්වලින් කඳුළු එන සීන් එකක් තියෙන්නෙ - ඔන්න ඕවා එහෙම! තව තාත්තා කියනවා ඒ ගොල්ලෝ පොඩි කාලෙ රවිලාල් විමලධර්ම කරපු අනුවර්තන ගැන - ගී අමධාරා වැඩසටහනේ. ඒ මතක ගැන ලියන්න ඕන! ස්තූතියි ඩ්‍රැකී මතක් කළාට!
ReplyDeleteනියමයි. අපි සමාන රුචිකත්වයන් සහ සමාන වින්දන පරිසරවල හැදුණු උදවිය කියලා පේනවා. ඒ ගැන සතුටුයි.
DeleteOld is gold
ReplyDeleteආාා. ස්තූතියි. මාත් ගියා අන්ධකාර කතා කියවන්න.
Delete