පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරමින් බකුසුහාමි උපාසක මහතා, සිලිලාරේ පෝස්ට් එකක ලිංක් එක සටහන් කරලා තිබුණා. තාත්තලා ගැන කම්පනයක් ඇති කරවන ලිපියක් ඒ.
ඒ ලිපිය කියවනවිට අපේ තාත්තාත්, මම දැකලා තිබෙණ තවත් තාත්තලා ගණනාවකුත් ගැන දිග කල්පනා රැසක් ඔලුවට ආවත්, එතැන ලියන්නට තිබෙණ හොඳ ම කමෙන්ටුව, තවත් පෝස්ටුවක් ම වෙන එක වඩා හොඳයි කියලා හිතුවා.
මේ මම දැකපු තවත් මාර ම තාත්තෙක්.
ගුයිදෝ... 1930 ගණංවල ඉතාලියේ වෙසෙන යුදෙව්වෙක්. සැහැල්ලු ජීවිතයක් ගත කරන තරුණයෙක් වන ඔහු ගේ සිත ඇදී යනවා, ඩෝරා නම් තරුණ ගුරුවරියක් වෙත.
ඩෝරා ට විවා ගිවිසගත් තවත් අයෙක් සිටිනවා. නමුත් ඇය කැමති වන්නේත් ගුයිඩෝට. ඔහු ඇය දිනාගන්නේ සුරංගනා කතාවක බඳු වික්‍රමයක් කරමින්...
ඔවුන්ට පුතෙකු ලැබෙනවා. ඔහුගේ නම ජොෂුවා. ඔවුන්ගේ ජීවිත මැදට ෆැසිස්ට් වාදීන්ගේ බලපෑම එන්නේ ඒ අතර...
ගුයිඩෝ සහ ඔහුගේ පුතා ෆැසිස්ට් වද කඳවුරකට රැගෙන යනවා. ඩෝරා යුදෙවු ජාතිකයෙකු නොවන නමුත්, ඇයත් කැමැත්තෙන් ඔවුන් සමග යනවා. කුඩා දරුවෙකුගේ මනසට ෆැසිස්ට් වාදය - යුදෙවු - වධ දීම්, යුද්ධ ආදිය අනවශ්‍ය ලෙස ඇතුල් නොකිරීමට තැත් කරන ගුයිඩෝ, පුතාට කියන්නේ මේ සෙල්ලමක් විදිහටයි. හැංගිමුත්තං වැනි දිගුකාලීන සෙල්ලමක්. ඔවුන් හොඳින් සෙල්ලම අවසන් කළහොත් තෑග්ග විදිහට ඇත්ත යුද්ධ ටැංකියක් ලැබෙනු ඇති.
කඳවුරේ දී ඩෝරා කාන්තා කොටසට යැවෙන නිසා, ඔවුන්ට එකිනෙකා දකින්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් තමන් හොඳින් සිටින බව වත් ඇයට දැනගන්නට සැළැස්වීමට ගුයිඩෝ විවිධ උපක්‍රම භාවිත කරනවා.
අවසානයේ, යුද්ධය නිමාවෙමින් තිබිය දී, ගුයිඩෝ මරා දැමෙනවා. ඔහු මරා දමන්නට කැටුව යන විට, ඔහුගේ පුතා දකිනවා. නමුත් තම අවසාන මොහොත් කීපයත් ඔහු පුතාට සෙල්ලමේ ම කොටසක් බව ඒත්තු ගන්වන්න සමත් වෙනවා.
තාත්තලා සහ ඔවුන්ගේ කැපකිරීම් ගැන මතකයේ පිහි පාරක් විදිහට ඇනී තිබෙන මේ චිත්‍රපටිය La vita è bella හෙවත් ඉංග්‍රීසියෙන් Life is Beautiful. 1997 දී තිරගත වුණු මෙය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය වුණු ගුයිඩෝ හැටියට රඟ පෑවේ රොබෙර්තෝ බෙනිඥි. 1999 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂාවකට අයත් චිත්‍රපටිය, හොඳ ම සංගීතය සහ හොඳ ම නළුවාට හිමි සම්මාන දිනාගත්තා. 1999 ඇකඩමි සම්මාමාන උළෙලේ දී ත් ඉහත කී සම්මාන තුන ම ඔවුහු දිනාගත්තා. කෑන්ස් සම්මාන දෙකක් ද ඇතුළුව ලොවපුරා සිනමා සම්මාන මහත් රාශියක් දිනාගත් මේ චිත්‍රපටිය, මේතාක් නිමැවුණු හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 27වැනි ස්ථානයේ තිබෙනවා.
මෙන්න එය බාගත කිරීමට ටොරන්ට් සබැඳිය...
No comments:
Post a Comment
කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!