Wednesday, February 16, 2022

යථාර්ථය


රස්සාව සරසවිය

අතර සිරවුණු සිතට

දහස් වරකට වඩා,

දැණුනා ජීවිතේ රළුකම


ජීවිතේ මහ දුකක්

සිතෙන හැම විටකදි ම

සිතේ රැඳි හැම දුකම

ඔහේ කීමට ඇවැසි

මිතුරෙක් උනා නුඹ


නමක් නැති මිතුරුකම

 යහපතක් නොවන බව

දැනුණ හැම මොහොතෙදි ම

මැකුවා නුඹේ නොම්මරය,

රවා දුරකථනයට


දින ගණන් ගෙවී ගොස්

සිව්වසක් ගෙවුණු තැන

දුන්නා නුඹ ලොකු නමක්

අපේ මිත්‍රත්වයට


වසර ගණනක් ගියත්

දැනුණු විටකදී දුකක්

රවටගෙන මගේ හිත,

කියනවා අඩ අඬා

දරුවා මට ඇති කියා


එදා වාගෙම අදත්, 

අසා ඔබ මගේ දුක,

හදනවා මගේ හිත

එතෙන ලෙස ගසට වැල 


-ලිව්වේ, මාතෘකාව දැම්මේ සහ පින්තූර තේරුවේ 

ඩ්‍රැකියානි විසිනි...



43 comments:

  1. Replies
    1. කවුද් දන්නෙ ලීලා තීන්නෙ ඩ්‍රැකියානි කීල තිබ්බට මුන්දම කොටලා දැම්මද කියල හිටං...

      Delete
    2. නමිය පල්ල ඒක ලිව්වෙ ඩ්‍රැකියානි ම තමා. මං කළේ ටයිප් කරපු එක විතරයි.

      බයි ද වේ, මොනවද බෝ මේ ලියන වචන කැලි? කී බෝඩ් එකේ අකුරු අඩුයි ද?

      Delete
    3. අඩුවට ගත්ත මව්පුවරුව නිසා බොත්තම් අඩුද මන්ද......

      Delete
    4. බෝ ටයිප් කරන්නෙ මදර්බෝඩ්ඩෙකෙංද?

      Delete
    5. පුවක් එසැනින්
      https://ranrandil.blogspot.com/2022/02/673-66.html?showComment=1645031404988#c3733660622352638280

      Delete
    6. දැක්ක. තාම කියෙව්වෙ නෑ. නමිය කියවල තියෙනවද, රවි ඉස්සර ලියපු ලස්සන කෙටිකතා? ඔය බ්ලොග් එකේම අවුරුදු ගාණක් ආපස්සට ගිහිං බලන්ඩ

      Delete
    7. මේ නමියො මම ඔහේට අවවාදයක් දෙන්නං. ඔය රවියගෙ පරණ කතානං කවදාවත් කියවන්න එපා. හැක්..

      Delete
    8. අෆොයි ඩ්‍රැකීයද, Praසන ද.... අර චීස්ද මේ චීස්ද

      Delete
    9. ප්‍රසෝ,
      ඇත්ත බොලං, ඇබ්බැහිවෙන ගතියයි. අර කොස් කපපු ගෑල්ලමයා සහ රෝස්ට් කළ සැවුළා එහෙම කොහොමද?

      නමියො,
      එක්කො එව්ව කියවන්ඩ යන්ඩෙපා...

      Delete
  2. අමුතුම ලස්සන කවියක්, හැබැයි තේරුනේ නෑ.🤔🤣

    ReplyDelete
    Replies
    1. ඔය මෙග හොඳම යාළුව වෙන ඩ්‍රැකියානි, උන්දැගෙ හබිය ගැන අද උදේ ලියාපු කවියක්.

      Delete
    2. තේරුන්නැත්තං කොහොමද ලස්සනයි කියන්නෙ?
      -ඩ්‍රැකියානි.

      Delete
    3. හොඳ වැඩේ බස්සාට.
      හැබැයි වඩා ලස්සන නොතේරෙන දේ තමයි.

      Delete
    4. ආ දැං තේරෙනවා(පිංතූරෙත් ලස්සනයි, ඈ). ආං එහෙම කියන්න එපෑ , උලව්වේ? "තිත් යාකල හැක්කේ පසු පසට පමණි" කියල පුරාණ ගණින්නාන්සෙලාත් කියල තියනවා.

      මම සඤ්ඤක මඥ්ඥං බකමූණා ආයිබෝං. "මැකුවා නුඹේ නොම්මරය, රවා දුරකථනයට" කොටස තමා මාව කඩේ ඇරියෙ.🤔 අම්මපා මං හිතුවෙම ඩ්‍රැකියා හොර කොටුවක් පැන්නාදෝ කියලයි.😂🤣

      @Lotus
      ඒක හොඳ ගැඹුරක් ඇති කියමනක්.හ්ම්...🤔



      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. බස්‍තුමනි... අ අ අ .නෑ ඕනෙ නෑ.....කිව්වෙ නැත්තෙ මොනවද කියල දන්නවනෙ ඔබතුමා

      Delete
    7. ආයි අහල? මම නොදන්නවැයෑ ඔබතුමා හැරෙන්නෙ පොල් පැලේට බව?🤔🤣
      මාගේ මේ වියායාමය, හුදෙක් ඔබගේ නිර්මාණශීලිත්වයේ නිම්වළලු විවර කිරීමයැ.😊

      Delete
    8. බෂ්පට හොඳ වැඩේ... ටෙක්නිකල් කතා කියල අපිව මංඤන් කරනවට.....😆😆

      Delete
    9. ලෝටස්,
      ඇත්ත. එහෙම එව්ව ගැන අපට හිතෙන හිතෙන ෆැන්ටසි රසවිඳින්න පුළුවං.

      බකස්,
      අපි කියවන්නෙ ඉතිං පූර්ව නිගමන එක්ක නෙව.

      ප්‍රා,
      ඔය ආඳබස්සා, මොන මොන උප්පරවැට්ටි දැම්මත් ඔයිං එහා ඒක වචනයක්වත් කියන්නෑ අඹතලේ ගැන.

      බස්සො,
      "මාගේ මේ ව්‍යායාමය උදක්ම ඇඟ හදාගැනීම පිණිස වන්නේයැ" කියල කිව්වෙ අපෙ මල්ලි.

      නමියො,
      තේරුන් නැතත් තේරුණා වගේ කමෙන්ට් කරමු බස්සගෙ බ්ලොග් එකේ.

      Delete
  3. හරිම ලස්සනයි. වැලන්ටයින්ස් වෙනුවෙන් ලියන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. වැලන්ටෛන් නං නෙමෙයි නෙලුම් නෑනේ. විශේෂ සැමරුමක් නැතුව හිතට ආවට ලියවුණු එකක්.

      Delete
  4. අද නම් කවියක් ලියන්නෙ නෑ. ෆොටෝ එක දැක්ක ගමන් මතක් වුණේ මේක:
    https://www.youtube.com/watch?v=rn2-RYrcOso

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ මට මතක්වුනේ මේක නොවැ? අනේ මන්දා ඇයි ඒ? වැලන්ටයින් අපට දුන්නෙ එහෙම ඒවා නිසාද?
      දුහුළු මලක්

      Delete
    2. නිදිගෙ කවිය නැතුව, මේක පරිප්පු නැති හෝටලක වගෙයි.

      බකුසු බැකිසානේ
      කරවැල් මහ කොකානේ
      Praසන් නයානේ
      රකිව් අපගේ අල විදානේ

      Delete
    3. හිතකට එන දේට සීමාවන් කොහෙද
      එව්වා හොයන්නට වේලාවක් කොහෙද
      ඩ්රැකියානිගේ මඳ සිනහව කොච්චරද
      ඩ්රැකී ඉන්නෙ චුට්ටක් මළ පැනලාද?

      බස්සා මහත්තයෝ. ඔන්න කවියකුත් ලිව්වා. අර ආදරබර සුන්දර ෆොටෝ එක දැක්කාම දෙවෙනියට හිතුණු දේත් ලිව්වා, ගුටි කන්න වුණත්!

      Delete
    4. @ බස්සා, ආයෙ මොනවද මූ කොහේ ගියත් னයා මූ පසුපස.

      Delete
    5. නිදි,
      ඒක හරිම මිහිරි ගීතයක්... ස්තූතියි. ඒක තව පොඩ්ඩෙන් මෙන්න මෙහෙම ගීතයක් බවට පත් වෙන්න ගියෙ.
      https://www.youtube.com/watch?v=qnkuBUAwfe0

      Delete
    6. බකුස්, බලන විදිහටයි පේන්නෙ, කියල මහදැනමුත්ත කියල තියෙනව.

      ඩ්රැකියානි කවි ලියා
      පෝස්ට් කරපු කලටා
      බකුසු කවි කියවන කලටා
      හුවා!

      නිදි,
      වෙඩිම අවසන් වී - රෙස්ටවුසියට ආවත්
      පොටෝ ගන්නා එක නෑ කෙලවර දකින්නේ
      මහන්සිය හින්දා නෑ මුණේ හිනාවක්
      ඒත් ඒ පින්තූරයට අපි ආසයි

      අපි දෙන්නම එනව ළඟදි මහරගම. එතකොට බලාගමු...!


      නයා නං දෂ්ට කරනව කිය කිය පස්සෙං එනව. පුෂ් පුෂ් විතරයි. වැඩ නෑ...

      Delete
  5. අර අන්තිම පින්තූරෙ ඉන්න ඩබල කවුද? ඒක මේ කවි වලට අදාල එකක් ද?

    ReplyDelete
    Replies
    1. ඩබල් පතෑං...(ටෝච් පාරවල් දෙකයි)

      Delete
  6. සරල ලාස්සන කවි ටිකක්.. ඩ්‍රැකී,ඩ්‍රැකියානි💖❤️

    ReplyDelete
  7. ඇත්තටම අන්තිම පින්තූරේ ඉන්නේ ඩ්‍රැකී සහ ඩ්‍රැකියානි ද? 🤔

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑටම? කෝ දලදෙක, එතකොට කෝ අර පිටේ බඳින බෙඩ්-ෂීට් එක.🤔
      ෂෙහ්, රියලා ආව නං, ටක්කෙටම අහගන්න තිව්නා?

      Delete
    2. 🤣🤣 නෑ ඉතින් යතාර්ථය කියලනෙ නම දාල තියෙන්නෙ. ඒකයි මං හිතුවෙ.

      Delete
    3. පූ,
      ඔව්. ඒ අපි දෙන්නා අවුරුදු දහයකට විතර කලිං.

      බකස්,
      රියලාගේ කොම්පියුටරේට හෙණ ගහලා ලු. දැන් වැඩිය පේන්ඩ නෑ. සමහරවිට සැමන් ෆිලේ සහ ගෝට් චීස් අගුණ වෙලා වෙන්ඩත් පුළුවන්.

      ආයෙම පූ,
      හිතන්ඩ පෙර හිතා බලනු!

      Delete
  8. ඩ්‍රැකී සහ ඩ්‍රැකියානිගේ නිර්මාණය ලස්සනයි. බ්ලොග් එකට අමතරව ඔබේ ලියැවිලි වෙනත් මාධ්‍යවලත් බෙදා ගන්න. මුහුණු පොතේ අඩයාලම සහ විදිල්ල හොද පිටු දෙකක්. ඒ වගේම බ්ලොග් එකේ පල නොකල කවි ලන්ඩන් කවියට යවන්න. කවි සහ කෙටිකථා රසිකගේ සිසිල සගරාවට යවන්න. එතකොට තවත් පිරිසකට ඔබලාගේ දක්ෂතා බලන්න පුළුවන්. sisila.sangarawa@gmail.com, https://londonkavi.com/contact/

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අනුරුද්ධ අගයකිරීමට. අඩයාලමේ මම කීප වරක් යම් යම් කතා පෝස්ට් කළා. රසිකගෙ සිසිල සඟරාව ඇත්තටම හොඳ පියවරක්. ඒකට ඉදිරිපත් කරන්න අදහස් කරනවා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි