Friday, March 22, 2019

තක්කඩියන් ගැන ජනකතා...

ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු  ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං බඩු වර්ග පටවගෙන ගමින් ගමට යන වෙළෙන්දො තමයි තවලම් වල ගියෙ. මාස කීපයක් ගතවෙන ගමනක් ඒක. කරත්තෙම හරි අම්බලම්වල හරි නිදාගනිමින්, තම තමන්ම උයාගෙන කමින් ඒ ඒ තැන්වලින් එක එක දේවල් තොග වශයෙන් මිලදි ගනිමින්, තව ප්‍රදේශවලදි ඒවා විකුණමින් යන ගමනක්...

ගම්වල ගොඩක් ගම්මු ඔය තවලම්වලට ණයයි. ඒ වගේම අර ලොකු අප්පුත් ඒ ගමට එන තවලමකට ණය වෙලා උන්නා.

දවසක් එයට ආරංචි උනා අල්ලපු ගමට අර තවලම ඇවිත් කියලා. ඉතින් හොඳටම විශ්වාසයි පහුවදා තමන්ගෙ ගමටත් එන වග.

ලොකු අප්පු කරපු දේ, පහුවදා උදේ එයාගෙ අක්ක කෙනෙකුට කිව්වා වී බිස්සට වෙලා හැංගිලා ඉන්න කියලා. ඒ කරලා අර වෙළෙන්දො එනකොට තරමක පොල්ලක් තියාගෙන පිහියකින් සුද්ද කරමින් හිටියා.

වෙළෙන්දො ටික ලොකු අප්පුගෙ ගෙදරටම ඇවිත් ලොකු අප්පුගෙ අතින් අල්ලගත්තා.

"අපිට ගනුදෙනුවක් තියෙනව නේද ඉළන්දාරියා...?" එක වෙළෙන්දෙක් කිව්වා.

"පොඩ්ඩක් අතාරින්ඩ මුදලාලි, මේ පොඩි වැඩක් කරන්න යන්නෙ" ලොකු අප්පු කියලා, අරයගෙ අත ගසල දැම්මා. ඒ කරලා, පිලේ වාඩිවෙලා විටක් කකා හිටපු ආච්චි අම්මව අල්ලගෙන, අර පොල්ලෙන් තට්ටුකරලා වී බිස්සට දැම්මා.

ඊටපස්සෙ ලොකු අප්පු අර මුදලාලිල දිහාවට හැරුණා.

"විටක් හෙම කාල ඉමු නේද?" කියලා බුලත් තට්ටුවත් දික් කළා. පොඩි වෙලාවක් ආගිය කතා කතා කරලා එහෙම,

"දැන් එළියට එන්ඩ" කියලා ලොකු අප්පු වී බිස්ස දිහාවට කෑගැහුවා. එතකොට අර උදෙම්ම වී බිස්සට රිංග ගත්ත අක්කා හිනා වෙවී එළියට ආවා.

http://www.rhythmworld.lk/sites/5767b275470afbedb00002c8/
content_entry5768fe40470afbbc39000021/5863726d470afb462806d821
/files/27.12.2016.jpg?1482912365

ඒක දැකපු මුදලාලිලට ණය අමතක උනා. ඒ ගොල්ලන්ට ඕනෙ උනා ලොකු අප්පුගෙන් අර තිරිහන් පොල්ල ඉල්ල ගන්න. ලොකු අප්පු කැමති උනේම නෑ ඒක දෙන්න. පස්සෙ පස්සෙ ඒ මුදලාලිලගෙ පෙරැත්තෙ නිසා බේරෙන්නම බැරි තැන, මුදලාලිලා ගාව තිබුණු ඔක්කොම සල්ලි ටික අරගෙන පොල්ල දෙන්න ලොකු අප්පු කැමති වුනා.

බොහොම සතුටින් තමන්ගෙ ගමට ගියපු වෙළෙන්දො අතට අහුවුණ තරම් වයසක ගෑණු පිරිමි හැම එකාටම පොල්ලෙන් තඩිබාලා වී බිහි වලට ඇදලා දැම්මා. සමහරු අර පොල්ලෙ මැජික් එකේ සැරට වී බිස්ස ඇතුළෙම මළා. ඒත් එක්කෙනෙක් වත් තරුණ උනේ නෑ.

මුදලාලිලට හරිම තරහයි ලොකු අප්පු කරපු කැත වැඩේ ගැන. ඒ ගොල්ල කරපු දේ, චණ්ඩියෙකුත් එක්කරගෙන ගිහින් ලොකු අප්පු අල්ලලා, හොඳටම ගහලා, අතපය බැඳලා, ලොකු ගෝණියකට දාලා, කට බැඳලා උස්සගෙන ගියා ගඟට දාන්න. ඒ යන අතරෙ චණ්ඩියට රා බොන්න ඕනෙ උනා. ඒ ගමන ගෝණිය පාර අයිනෙ ගහක් යට තියලා, ඒ ගොල්ල ගියා රා බොන්න.

ඔය අතරෙ රෙදි මුදලාලි කෙනෙක් රෙදි පොට්ටනි දෙකකුත් අරං ඔය පාරෙන් යන්න ආවා. එයාගෙ අඩි සද්දෙ ඇහිලා ලොකු අප්පු කෑ ගහන්න ගත්තා.

"මට යන්ඩ දීපියව්...! මාව ලෙහපියව්...!! මට බෑ රජ වෙන්න...!!!"

රෙදි මුදලාලිට පුදුම හිතුණා මේ කෑ ගැහිල්ලට. එයා හණි හණිකට ලොකු අප්පු ගාවට ඇවිත් "මොකද කෑගහන්නෙ?" කියලා ඇහුවා.

"මේ බලනවකො. රජතුමාට පිස්සු හැදිලා. එයාගෙ දුව ගොවියෙකුට බන්දලා දීලා රජකම දෙන්ඩ හදනව. මම බෑ කිව්වා. ඒක අහන්නැතුව මාව ගෝණියකට දාගෙන යනව රාජ පුරුසයො..."

ඉතිං සුළු දෙයක්නෙ. මේ මෝඩයට රජ වෙන්න බැරිනම් මම රජ වෙන්නම් කියල හිතපු රෙදි වෙළෙන්දා, ගෝණියෙ කට ලෙහලා ලොකු අප්පුව එළියට ගත්තා. ඊට පස්සෙ එයා ගෝණියට බැහැලා ලොකු අප්පුට කිව්වා කට ගැට ගහන්න කියලා. ලොකු අප්පුත් අඬ අඬා ගෝණියෙ කට ගැට ගැහුවා. ඒ කරලා රෙදි පොට්ටනිත් අරං ගඟ පහලට ගියා.

ගඟ පහලට ගියපු ලොකු අප්පු, එක රෙදි පොට්ටනියක් ගඟ අයිනෙ තිබුණු ගහක අත්තක එල්ලුවා. ඔය අතරෙ රාබීල ආපහු ඇවිත්, අර ගෝණිය ගඟට විසි කරපු මුදලාලිල ටික ගඟ දිගේ පහළට ආවා. ඒ එනකොට ලොකු අප්පුව දැක්කා. කට්ටිය එකතු වෙලා ගඟට දාපු මිනිහා, පොඩ්ඩක්වත් තෙමිලත් නැතුව, පොට්ටනියකුත් අතේ තියං ඉන්නව දැක්කම මුදලාලිලට හරි පුදුමයි.

"උඹ කොහොමද බේරුණේ?" මුදලාලිල ඇහුවා.

"මම බේරුණේ නෑ. මේ ගඟේ පතුලෙන් නාගලෝකෙට පාරක් තියෙනව. ගෝණියකට බැහැලා ගඟට වැටුණම කෙලින්ම යන්නෙ නාගලෝකෙ. තමුසෙල මාව ගඟට දාපුහාම මමත් නාගලෝකෙට ගියා. එහෙ රෙදි ඕසෙට... මම රෙදි පොට්ටනි දෙකක් ගැට ගහගත්තා. ඒත් එහෙ උදවිය මට එක පොට්ටනියයි ගේන්න දුන්නෙ. බොරු නං අර බලන්ඩකො අනික් රෙදි පොට්ටනිය ගං පතුලෙ තියෙන හැටි..." කියල ලොකු අප්පු අත දික් කරල පෙන්නුවා.

ගහේ එල්ලපු රෙදි පොට්ටනියෙ ඡායාව ගඟේ වතුරට වැටිලා. ඒක දැකපු මුදලාලිලා ටික පොරේ ලොකු අප්පුට ඒ අයවත් ගඟට දාන්න කියලා. ගෝණි දෙක තුනකුත් ගෙනත් දුන්නා.

ලොකු අප්පු බෑ කිව්වා. "තමුසෙලා මාව මරන්නනෙ හැදුවෙ. මට බෑ තමුසෙලා පෝසත් කරන්න..."

ඊට පස්සෙ මුදලාලිලා ඒ වැඩේට සල්ලි දෙන්න ඇහුවා. පැයක් විතර පෙරැත්ත කරල කරලා අන්තිමේ ලොකු අප්පු එකඟ වුනා. අර මුදලාලිලාගෙන් සල්ලි අරගෙන එකා එකාව ගෝණිවලට දාලා ගඟට තල්ලු කළා.

--------------------------------------------------------
පොඩි මෙන්ඩා සහ ලොකු මෙන්ඩා වෙනුවෙනි...

කලින් ලියපු කතා
---------------------
අමනදීපේ කතාවක්...
ලෝකෙ දිගම කතාව...
ගමයගෙ මන්තරේ...
පුදුම සතා
හොඳම කම්මැලියා
හතර බීරි කතා
ලෝකෙට ලොක්කා
මෞඉගෙ කතා පළවෙනි කොටස
මෞඉගෙ කතා දෙවෙනි කොටස
මෞඉගෙ සරුංගලේ
මෞඉගෙ කතා අවසාන කොටස

55 comments:

  1. මුදලාලිලා දෙන්නටම නිවන්පුර රුවන්දොරටු පේනන් ඇති නේද??

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාාා දු.....!

      Delete
    2. සුදු පූසටත් ඕන්නං කියන්ඩ. වෙන කෙනෙක් නම්කරන්න උනත් පුළුවන්... පහසු මිලට කර දෙනු ලැබේ.

      Delete
  2. පොඩි මෙන්ඩාට කියන්න කතා නැති උනාම ඌ මාවත් ගොනියක ගැට ගහලා ගගට දාන්න හදනවා..

    ReplyDelete
    Replies
    1. උඹව දාන්න කියහං සීනි ගෝණියක. අඩුගානෙ මාලුන්ට කන්ඩවත් දෙයක් තියෙයි එතකොට

      Delete
  3. පොඩි මෙන්ඩාව අවුස්සන්නේ සදු..එයත් දැන් කතා අහන්න පුරුදු වෙලා...පොඩ්ඩට කියනවා "පුතු තාත්තිට කියලා අද කතාවක් අහගන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං කියන්නෙ. වෙලාවක එන්නං බොලාගෙ ගෙවල් පැත්තෙ, පුංචි පවුල බලල තේ එකක් බීල යන්ඩ...

      Delete
    2. මේ වවුලො තවුසෙ එහෙම යනව නෙමෙයි ඒ පැත්තෙ.

      Delete
    3. මෙන්ඩා ගෙදර ආරක්සාවට නයෙක් හදනවය කියන්නෙ...

      Delete
    4. අනේ පල්යව් යන්න සදු ගේ උපන්දිනේ දවසේ බත් ටිකක් කලා යන්න එන්න කිව්වා තොපි ආවද

      Delete
    5. තෝ මට කිව්වෙ නෑ. කිව්වනං නෑවිත් ඉන්නවය?

      Delete
  4. ඔන්න මචෝ ආයමත් ආවා එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. ආවනං ඈඳිගනිං. සුරුට්ටුද බොන්නෙ, බුලත්මද කන්නෙ?

      Delete
  5. පරන කතා වල ලින්ක් ටික දාපු එකනම් කතාවක් ලිව්වා වගේම වටිනවා...දෙන්නම් දොබෙන් ඇට්ටි තියේද්දි බැස්ට් හැලේන්න

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ ඔය ටික කියෙව්වෙ නැද්ද? මට මතකයි අර උඩුකුරුඤ්ඤං කතාව එහෙම කියෙව්ව...

      Delete

  6. එල ද බ්‍රා මෙන්ඩාJune 9, 2015 at 12:17 PM
    මට කිරි එරැනේ නැති එක විතරයි...
    ඌ මාව දාලා ගිය දවසට මම මැරෙයි...
    මම කෙලි පොඩ්ඩියෙකුට ආසයි ඒ වුනාට දෙවනි ළමයෙකුට දෙන්න ආදරයක් මම ලග ඉතුරැවෙලා නෑ..
    ඩ්‍රැකි මාමේ උඔව දැන් පොඩි මෙන්ඩා දන්නවා...මේ කතාව කියන කොට ඌ උඩ පැන පැන බඩ අල්ලගෙන හිනාවුන හැටි දැක්කාම මම උඔට හිතෙන් ස්තුතියි කරා..

    මාමේ තව වැඩි වැඩියේන් කතා ලියපිය..ඔන්න කෙලි පොඩිත්තියෙක් මග එනවා..අවුරුදු දහයකට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ජය වේවා!

      මමත් මුලින් හිතුවේ ඔහොම තමයි.... නමුත් කාලයාගේ ඇවෑමෙන් තේරෙනවා තව දරුවෙකුටත් දෙන්න තරම් ආදරය තියෙනවා කියල සහ අපි නැති දවසක තනි නොවී ඉන්න සහෝදරයෙක්/ සහෝදරියක් හිටියොත් හොඳයි කියලා.......

      මට දැන් තුන්දෙනෙක්..... :)

      Delete
    2. මෙන්ඩොඃ,
      හොඳයි බං. හැබැයි පරතරේ ැවඩියි වගෙත් හිතෙනව. ළමයි දෙන්නටම එක කාලෙදි ළමා කාලය විඳින්න වෙන්නෑ...

      හේෂාන්ත,
      පොඩි උන්ගෙන් අහන්න ප්‍රශ්න කතා ඕන්නං මේං...
      https://drackey.blogspot.com/2015/09/blog-post.html
      https://drackey.blogspot.com/2015/09/1.html

      තව ඕන්නං තව දෙන්නං...

      බයිද වේ, හකූනා මටාටා මගෙත් කැමතිම ෆ්‍රේස් එකක්. ඒකෙ මොනවහරි ලියමු...

      Delete
  7. ලෝකෙ දිගම කතාව... දාලා තියන කෙමෙන්ට් ටික කිය්වහන්..මේ පාන්දර තනියම හිනා යන්වා

    ReplyDelete
    Replies
    1. ඒක නං මොකද්ද කියල හිතෙනව හතර බීරි කතාවෙ හතර බීරි කමෙන්ට් එක්ක බැලුවහම.

      Delete
  8. මාමේ..............ඔයාගේ කතාව හරි ලස්සනයි
    පොඩි මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. මං කිව්ව කියල තාත්තගෙන් නළලට උම්ම එකක් ඉල්ලගන්න පුතේ

      Delete
  9. මම ආවේ උඹේ කතාව කියවන්ඩ ද මෙන්ඩා ගේ කොමෙට් ටික කියවන්නද ගන්න බැරි උනා ලොකු අප්පු මලේ.. ආයේ එකක් ලියන්න කලින් ජංගි පොට්ටනියක් පෙන්නලා මෙන්ඩ ව ගෝනියක ගැට ගහලා ගඟට තල්ලු කරලා හිටහන් :))))

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ කමි, මූ මෙතන රජා වෙලා... සඳුවා මෙන්ඩව ගඟට තල්ලු කරල ගොඩක් කල්. වැඩේ තියෙන්නෙ මූ ඉපිලෙනව විතරනෙ, ගිලෙන්නෑ.

      Delete
    2. මගේ නමක් නැති කතාවේ ඉතුරු ටික තොට එපාද

      Delete
    3. ඉතිං ලියපියකො. එපාද ඕනෙද කිය කියා ඉන්නෙ . අටේ පන්තියෙ ගෑල්ලමයි ගණං උස්සනව වගේ...

      Delete
  10. නාගලෝකෙටම යන්න අැතී🤭

    ReplyDelete
    Replies
    1. තකහණියක් දෝණිගෙ බ්ලොග් එකට ගියා. මම වැඩිය කවිවලට නෑ. ඒත් හිටිගමං අපි තරුණ කාලෙ වින්ද ෆැන්ටසි බරගාණක් මතුවුණා. ඒකයි රිප්ලයි පරක්කු වුණේ. ගොඩක් ස්තූතියි...

      Delete
  11. තරහ වෙන්න එපා ඇහුවට. ඔබතුමා අපේ ආච්චිව අඳුරනවද?

    ReplyDelete
    Replies
    1. මොකෝ? ආච්චිගෙන් මේ වගේ කතා අහල තියෙනවද පොඩි කාලෙ?

      Delete
  12. ඔය පොල්ලෙන් බැරි වෙයිද ඔය තියනවයි කියන ට්‍රිලියන ගානක ණය ටික ෂේප් කරගන්න...😜

    ReplyDelete
    Replies
    1. ලොකු වීබිස්සකුත් ඕනෙ. ආ... අවුලක් නෑ, මත්තල තියෙනවනෙ...

      Delete
  13. මේ වගේ කතාවක් මම ඉස්කෝලෙ යන කාලෙ පොතක තිබිල කියෝල තියෙනව බං.
    බයිද වේ, මොනව උනත් ස්ටානෝචිත මෙව්ව එක තියෙනවනං ඕන මරාලෙකින් බේරෙන්න පුලුවන් කියන්නෙ මේකට වෙන්න ඇති හිටං.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල පොතක තමා තිබුණෙ. කුමාරොදය හරි, වෙන මොකක්හරි. මාගාව තියෙනව පොත.

      Delete
  14. උඹත් ගෝනියක බැහැල වරෙන් னாග ලෝකෙට. බොගෙ අර අටමගල් චෝට් එක තියෙනව ආපහු අරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ඔය බං ගොඩකවෙලට එන්න තියෙන ප්‍රවාහන පහසුකම් ගැන තමා කියල තියෙන්නෙ...

      Delete
  15. යකඩෝ එකම එක ගෑණු පරාණයක්වත් මේ පැත්ත පලාතකට ඇවිත් නෑ.

    ReplyDelete
    Replies
    1. බම්බුව තමයි. ෂවේරා දැක්කෙ නැද්ද? බොලා හරියට නිතර දෙවේලෙ දකින කුකුලගෙ කරමලේ වගේ තමා...

      Delete
  16. ලොකු අප්අපුවගෙන් අර පොල්ල ඉල්ල ගන්න බැරි වෙයිද බං බියුටි සැලුන් එකක් දාගන්න 🤣

    ReplyDelete
    Replies
    1. අරකම නැතත් නිකං පොල්ලකින් හරි ගහන්ඩ වටිනව

      Delete
  17. උපාය දත්තෝ අපායේ නොවැටෙති කියල කියමනක් තියෙනවා නේ .

    ReplyDelete
    Replies
    1. අපායේ තියා හිරේ යන්නේත් නැත. නඩුත් නැත. චෝදනාත් නැත...

      Delete
  18. මගේ ඩෙස්ක්ටොප් පරිගණකය කොර් 2 ඩුඕ ගිගා හර්ට 2.8ක වේගයක් ඇති , ගිගා බයිට 3ක සසම්භාවී ප්‍රවේශ මතකයක් ඇති එකකි. එයට වින්ඩෝස්10 බිටු 32 මෙහෙයුම් පද්ධතිය ස්ථාපිතය. දැන් ටික කලක පටන් එයින් "බබ්ල් විට්ච් 3 සාගා" සහ "කැන්ඩි ක්‍රෂ් සොඩා සාගා" ක්‍රීඩා ක්‍රීඩාකරනවිට විටින් විට පරිගණනය ගල්ගැසී ඉන්පසු ක්‍රීඩාවෙන් ඉවත්වේ මෙයට පිලියමක් කියාදෙන අයෙකුට බුදුබව ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ප්‍රොසෙසරයේ හීට් සින්කුව සහ ෆෑනය දූවිලි ඉවත් කර බලන්න. අධික ලෙස රත් වීම ගල්ගැසීමට හේතුවකි. මීට වඩා හොඳ උපදෙසක් සඳහා මූණුපොතෙන් ටෙක් සයුරා වන රොහාන් ධනංජය අමතන්න.

      Delete
    2. 0716625729 රොහාන්ගෙ නම්බරේ

      Delete
  19. මගේ තාත්ත මේ කතාවේ මුල කොටස කියල දීල තියනවා. එයා කොහෙන් දැන් ගත්තද මන්ද, ආවෝ ගියෝ ඉන්නවෝ කියන කතාවත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඔය තිරිහං පොල්ලෙ කතාව ගොඩක් ප්‍රසිද්ධයි තමයි. එකෙ සම්පූර්ණ කතාව තිබුණෙ කුමාරෝදය හරි, ඒ වගේ වෙන පාසල් (පාඨශාලා) කියවීම් පොතක. ලොකු ධර්මකීර්ති මහත්තයා ඒක කියවලා ඇති නේද?

      ආවෝ ගියෝ ඉන්නවෝ කතාව මොකද්ද? පොඩ්ඩක් කියන්නකො...

      Delete
    2. අයියන්ඩි කියහන්කෝ ඒ කතාව

      Delete
  20. Replies
    1. ලොක්කා කාලෙකිං දැක්කෙ

      Delete
  21. ඩ්‍රැකියො..අපරාදෙ කියන්න බෑ අද කියෙව්ව හොඳම කථාව මේක..ගජබින්නාලංකාරෙ වගේම එකක් නේද බොලං...මෙන්ඩටත් බොගක් ඇරලා දුන්නොත් නරකද...මේක පුරාවටම තියෙන්නෙ මෙන්ඩගෙ කමෙන්ට්...හැක්...

    ReplyDelete
    Replies
    1. සිරාට ඉස්පාසුවක් ලැබිල තියෙන්නෙ...

      මෙන්ඩ බ්ලොග් ලිපි ලියනව කමියගෙ බ්ලොග් එකේ. සිරා කියවල නැතුව ඇති?

      http://kalahitha.blogspot.com/2017/04/2-request-permission-to-carry-on-sir.html

      Delete
  22. අඩේ ඔය වගේ කතා තියන පොතක් හම්බුනා රන්මුතු දූව සහ තවත් ජන කතා කියල. ඒකෙත් මරු මරු ඒවා තියනවා.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි