Thursday, July 1, 2021

අවසානයක් නොවේ - 35

රීරි යකා ට හිසින් සංඥා කරමින් ඉන්ද්‍ර නැඟී සිටියේ ය. ඔහු අනුව ටිරෙල් ද, අග්නි ද, රුද්‍ර ද, ගුහාවෙන් පිට වූ හ.

 34 කොටස...

"අග්නි තමන්ට පැවරුණු කොටස ඉතා ම කදිමට ඉටු කළා..." ඉන්ද්‍ර කීවේ ය. 

රුද්‍ර ඉන්ද්‍රගේ දෑස් දෙස තියුණු ලෙස බලා, හිස සලා එකඟ විය. අග්නි ඉවත බලා ගත්තා ය. ඇගේ දෑසේ කලින් පැවති කෝපය තවත් නොවීය. ඒ වෙනුවට එහි පැවතියේ පාලු අඳුරු බවකි.

"දැන් අපි ඉක්මන් විය යුතුයි." රුද්‍ර කීය. "අපට හැම කෙනාගෙ ම ශක්තිය මේ වෙලාවෙ අවශ්‍යයි..." ඔහු අග්නි ගේ දෑස් දෙස කෙලින් බැලී ය. 

කිහිපවරක් තදින් ඇසිපිය ගැසූ අග්නි ඇසි බැම වකුටු කොට ඔරවා බැලුවා ය. "මට මොනවත් වෙලා නෑ." ඈ තමාගේ අතින් අල්ලාගන්නට ගිය ශක්ති ගේ ඇඟිලි ගසා දැමුවා ය. "මේක ඉවර කරමු. ලෝකී හැම දෙයක්ම ඉවර කරන්න කලින්..."

ශක්ති තෙත්වූ දෑසින් රුද්‍ර දෙස බැලුවා ය.

*        *        *

ලක්දිව යක්ෂයන් යහමඟට ගැනීම ට, යම හෙවත් සුමන සමග පැමිණි ගෞතම නම් දාර්ශනිකයා එතෙක් දිවයිනේ පැවති විනාශකාරී යුද්ධ මාලාව අහිංසාවෙන් සංසිඳුවී ය. අමරණීය රණශූරයන්ගෙන් සැදුණු දේවමණ්ඩලය තමන් මෙතෙක් නොදුටු විරූ දර්ශනයකින් සිදු කෙරුණු ප්‍රාතිහාර්යය කෙරෙහි පැහැදුණහ. තමන් දන්නා හොඳම සහ උසස්තම දෙයින් ගෞතම නම් බුද්ධිමතා පිදීමට සැරසුණු ඔවුන්, ඊට තෝරා ගත්තේ දිවයිනේ මධ්‍ය මණ්ඩලයේ සුන්දරතම ස්ථානයයි. 

ලක්දිව ඕනෑම උස් තැනක බැලූ විට දැකිය හැකි සුවිශේෂී කන්දක් පිහිටියේ ය. දිවයිනේ සිට දින දෙකක් යාත්‍රා කළ විට මුහුද ට ද එය දිස්වේ. මානවයන් දියුණු සමාජ ජීවීන් වන්නට පෙර අතහැර දමා තිබූ ලෙණක් එහි පැවති බව දැන සිටියේ දේව මණ්ඩලය පමණකි. ඔවුන්ගේ මගපෙන්වීමකින් තොරව එහි යන්නෙකු මංමුලා කර, දින ගණනාවක් තිස්සේ හිස හැරුණු අත ඇවිද්දවීමෙහි සමත් උපක්‍රම, ගුහාවේ සිට යොදුන් කිපයක වටප්‍රමාණයේ යොදවා තිබේ. එහෙයින් ම එහි හාත්පස පැවති නිර්මලත්වය මානවයන්ගේ අතින් කිසි දිනක කිළිටි නොවී ය.

හිරු අවර දෙසට හැරෙන්නට පෙර, ගෞතම තුමන් මියුරු ආහාරයෙන් පිදූ දෙවි වරු, අවසන, තමන් හට පිදිය හැකි උසස්තම දෙය ඒ ශ්‍රේෂ්ඨ අහිංසාවාදියා වෙත පිළිගැන්වූ හ.

ඉන්ද්‍ර, අග්නි, වරුණ සහ යම ගේ දෑස් දෙස මාරුවෙන් මාරුවට මොහොතක් නිහඬ ව බලා සිටි ගෞතමයෝ, සිය උපස්ථායකවරයා ඇමතූ හ.

"ආනන්ද,"

"ගුරුතුමනි,"

"ගෞතමයන්හට ගිණිය නොහැකි තරමේ කාලයක් ජීවත් වීමෙහි අවස්ථාව උදා වී තිබෙනවා."

සිය ගුරුතුමා උදෑසන යක්ෂයන්හට සිදුකළ දේශනාව නැවත නැවත මෙනෙහි කරමින්, සිතෙහි ධාරණය කරගනිමින් සිටි ගෝල නම, ‌සුළු වේලාවකට විපිලිසර විය. එම මොහොත් කිහිපය තුළ සිය තීරණය ගත් දාර්ශනිකයා හිස එසවී ය.

"යහපත් දෙවියනි... ඔබ දුන් ආහාර මා පිළිගත්තේ ඒ කෙරෙහි ඇලීමකින් හෝ කැමැත්තකින් නොවේ. හුදෙක් ඒ මාගේ දිවිය පවත්වාගැනීම උදෙසා ය. මන්ද, දින කිහිපයකට වඩා කුසගින්නේ සිටීම අත්ථකිලමථානුයෝගය නම් අන්තය වන නිසාත්, ඉන් මාගේ දිවිය කෙළවර වන බව මා දන්නා නිසා ත්... එහෙත් දැන් ඔබ මේ පිළිගන්වන දෙය පිළිගැනීම මා හට උචිත නොවේ. එයින් මාගේ දිවිය ඉතාම දීර්ඝ කාලයක් පවත්වාගැනීමේ ඇල්ම සහ තෘෂ්ණාව මා තුළ හට ගත හැකි වන හෙයින්... ඒ නිසා..." උන්වහන්සේ ගේ දෑස් දයාවෙන් සහ ආදරයෙන් පිරී ගොස් ඇති බව අග්නි දුටුවා ය. "...ඒ නිසා, මා ඉතාම කරුණාවෙන් මෙය ආපසු ඔබට ම පවරනවා. ඔබ මේ ලබාගෙන ඇති අමරණීයත්වය සියලුම ලෝකවාසීන් ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ඔබට ලැබී ඇති තෑග්ගක් ලෙස දකින්න."

භාරතයේ සිට පැමිණීමෙන් ද, උදෑසන කරන ලද මහා යුධ සංසිඳුවීමෙන් ද විඩාපත්ව සිටි දාර්ශනිකයා දිවා ආහාරයෙන් පසු මඳක් සැතපුණ හ. උන්වහන්සේ අසල වාඩි වූ උපස්ථායක, එතුමන්ට පවන් සළමින් ම නිදි කිරා වැටෙන්නට විය. තම සිත් තුළ පිරී පැවති භක්තියෙන් මෙහෙයුනු දෙවිවරු සතර දෙන, ගෞතමයන්හට නමස්කාර කරන ඉරියව්වෙන් සිටින තමන්ගේ රූප එහි මවා තබා, දිවා ගුහාවෙන් පිටවූ හ. 

https://www.flickr.com/photos/udaraseneviratne/6153560690/

සවස් කල නින්දෙන් අවදිවූ ගෞතමයෝ දෙවිවරුන් කර ඇති මායාව දැක සිනා පහල කළහ. කුමාර අවදියේ පටන් තමන් තුළ පැවති විනෝදශීලීත්වය මෙනෙහි කළ එතුමා, නමස්කාර කර සිටින දේව රූපයන් හට දහම් දෙසන ලීලාවෙන් සිය රූපය මවා තබා, ආනන්දයන් ද කැටිව ලෙණෙන් බැහරව, කඳු මුඳුන දෙසට ගමන් කළහ.

*        *        *

මිත්‍ර හෙවත් උඩුමුල්ලේ රාළගේ මනසේ පැවති මතකයන් සියල්ල උකහාගැනීමට ලෝකී හට කාලය මඳ වූව ද, දිවා ගුහාවේ පිහිටීම සම්බන්ධ තොරතුරු සියල්ල ලබාගැනීමට ඔහු සමත් විය. ගංතලාවේ දිසානායක රටේ මහතාගේ වළව්වේ මිදුලේ සිට අතුරුදන් වූ ඔහු නැවත මතු වූයේ එම ගුහාවේ පිවිසුම අසළිනි. 

සුන්දර මලින් ගැවසි නා, පුවඟු, සල්, සපු ආදී තුරුවැලින් ගැවසි හාත්පස මල් සුවඳින් පිරුණි. සාවුන්, මීවින්නන් හා මුවන් නොබියව අවට තණපත් බුදිමින් ගැවසුණ හ. බටිති, කොවුල් ආදී කුරුල්ලන්ගේ නාදයන් විටින් විට නැඟුනේ ගස්වල පාත් අතුපතරිනි.

ලෝකී ඒ වන විට සිය නියම වෙසට පෙරැළී සිටියේ ය. මොහොතක් දෙකක් ගුහාවේ මුවවිට අසළ පොරොත්තු වූ හෙතෙම, දිගු හුස්මක් ගෙන ලය පුරවා ගත්තේ, සෙමෙන් සෙමෙන් ‌ගුහාව තුළට පිය නැඟුවේ ජයග්‍රාහී මඳහසකින් අලංකාර වූ මුහුණකිනි.

ගුහාවේ අභ්‍යන්තරයට මඳ දුරක් යත්ම, නෝර්ඩික් දෙවියා ගේ සවණට වැකුණේ ශාන්ත, සන්සුන් පිරිමි කටහඬකි. මාධූර්යයෙන් සහ පෞරුෂයෙන් පිරි භාෂාවකින් කියැවුණු එහි එක් වචනයක්වත් ලෝකී හට තේරුණේ නැතත්, ගුහාව තුළ තමන් තනි නැති බව නම් පහසුවෙන් සළකාගත්තේ ය. එතැන් සිට ඔහු ඉදිරියට ගියේ තබන තබන සෑම පියවරක් පාසා ම සැළකිලිමත් වෙමිනි.

අඩි කිහිපයක් ඉදිරියට යද්දී, ලෙණ ඇතුලට පැවති මාර්ගයේ නැම්මක් ලෝකී දුටුවේ ය. ඒ දෙසට ළං වෙද්දී වංගුවත් සමඟ පාර දෙකට බෙදෙන බව දැකිය හැකි විය. 

නෝර්ඩික් දෙවියා සිය අතෙහි වූ කුඩා යෂ්ඨියෙන් ගල් ගුහාවේ බිත්තියට තට්ටු කළේ ය. එසෙැණින් එම දණ්ඩ අග ගිණි දල්ලක් හට ගත්තේ, ගුහා අභ්‍යන්තරය එළිය කරවමිනි.  එයින් ලෝකී හට පිටුපස බිත්තියේ, ඔහුගේ ඡායාව පිළිබිඹු වී ගිණි දල්ලේ සෙලවීමට අනුරූපව නළියන්නට විය. ලෝකී ඒ දෙස බලා අත්ල මුහුණට ළං කොට පිම්බේ ය. මොහොතකින් ගල් බිත්තිය මත වූ ඡායාව, බිත්තියෙන් ගැළවී මානවයෙකු මෙන් සිට ගත්තේ ය. එහි දෙපතුලේ සිට ඉහළට වර්ණ ගැන්වී ගෙන ගොස්, අවසානයේ තවත් ලෝකී කෙනෙක් මැවිණ.


තව කොටසක් එනවා...

67 comments:

  1. මට හිතේනවා මුන් සේරමගේ බෙල්ල විකලා ලේ බීලා වැම්පයර්ලා කරලා දාන්න.

    ReplyDelete
    Replies
    1. දැක්කෙ නැතිවද සංහිඳින හැටි යුද්ධ මනරම් සාමයෙන්
      පාප හිතිවිලි දුරින් දුරලා සුගතිගාමී වෙමුද දැන්
      බැයිද පලතුරු යුෂ වගේ දේ ලෙයට ආදේශක ලෙසින්
      බොන්න! බැරි නං යන්න දියවන්නාවෙ නෑයෝ ටික හොයන්

      Delete
    2. ඔරිජිනල් නං අමුතුවෙන් එය කියාපෑවේ ඇයි ඉලව්වේ
      ගන්න ආතල් අතර ඇරියස් කවර් කළ බවකුයි මු පෑවේ
      මගේ වේසෙන් ඇවිත් අනුනට පහර දෙන එක බලු කමක් වේ
      ගැසිය යුත්තන් හොයා ගහපන්, නිදී කී ලෙස එය වැඩක් වේ

      Delete
    3. ආතල් මිස ඇරියස් නැතියෝ
      තොට අමු කැවිලද ඩ්‍රැකීයෝ

      Delete
    4. ඈ බං ඩ්‍රැකියො, උඹට හොඳටම විස්වාසද, අත්ල මුහුණට ළං කොට පිඹලා උඹ තව එකෙක්ව මැව්වෙ නෑ කියලා? පොස්ට් එක ලියල වේලෙන්නත් කලින්ම ඇවිත් කෙමෙන්ට් කරලා තියෙන්නෙ🤔

      Delete
    5. ඔබ මා නොවන වග
      තහවුරු කරපු එක
      ලොකුම හයියක් විය

      Delete
    6. බකස්,

      මොහොතකට හරි බකස් නොමග යවන්ඩ පුලුවන් උනානේ... ඒ ටිකම මදැයි ඉතිං

      Delete
    7. ඔහෙ පලයං, මේකට යස අගේට කවි කියන්නත් ඇහැකි නෙව? මතකද හැලපෙගෙ හිටිය ආතල් ඇනෝ සැට් එක? අවුලක් නෑ, තවත් පාඨකයෙන් නෙව?😊

      Delete
    8. ඔය ඔරිමජිනල් මමත්, මං වගේම නිදි ගෙ ආභාෂයෙන් කවිමගට බැහැපු කෙනෙක් තමයි.

      Delete
    9. උඹද ඩ්‍රැකී
      මමද ඩ්‍රැකී
      දෙකම ඩ්‍රැකී
      කවුද ඩ්‍රැකී

      Delete
    10. තිබේ මා ළඟ
      හොඳවායින් ටෝච් එකක්
      තා ළඟ නෑ ඔරිජිනල්
      හූ හූ හූ ගල් තොප්පියා

      னයෝ මෙන්න මේකට කියා දියං කවුද ඩ්‍රැකී කියලා...

      Delete
    11. අපේ අති ගරු බැස්ටියංතුමාට ඉතිං ෆේක් , ඔරිජිනල්, රියල්, අන්රියල්, වෝටර් පෲෆ්, 24 කැරට් මොනවත් ඕනෙනෑනෙ.
      එතුමා සම්පූර්ණයෙන්ම ස්වාභාවිකවම ස්ප්ලිට්, මල්ටිපල් පර්සැනිලිටිනෙ

      Delete
    12. ඩ්‍රැකියො, බොට නිකමටවත් හිතෙන්නැද්ද ඔය අලුතෙන් ආපු ඩ්‍රැකී අපේ මුකබාන සිටුතුමාගෙ තවත් එක් අවතාරයක් කියලා?

      Delete
    13. ඔය කිව්වට මේ මුකබාණ නං නෙමෙයි ම නෙමෙයි. මං දන්නා ලෙසට ඊජිප්තු සම්බන්ධයක් තියෙන හාදයෙක්...

      Delete
    14. වෙන කව්ද? මට නම් මුල ඉදංම හිතුනෙ ඒක.

      ඩ්‍රැකීතුමාගෙ ඕල්ටර් ඊගෝ වෙන්නත් පුලුවන්නෙ. ඒත් එහෙම නොවෙනම් ඉතින් එහෙම වෙනවට වඩා එන්ටර්ටේනින්. බැස්ටියංතුමාට ඉතිං මල්ටිපල් පර්සැනිලිටි ටිකක් කන්ෆියුසිංනෙ (තමන්ගෙ හැටහුටහමාර හැර )

      Delete
    15. නෑ නෑ මගෙ ඕල්ටර් ඊගෝ නෙවෙයි. ඒ වගේම මුකබාන ආදිපාද තුමත් නෙමෙයි ම නෙමෙයි. මං ලිව්වනං අණින්නෙ මට විතරයි.

      හැබැයි ඒ කවුන්ට් මුකබාණ නං, උන්දැ තමයි ලොවෙත් පක්සියා...

      Delete
    16. එතකොට... හෝරස් ද සේලර් ද?

      Delete
    17. මයෙ හිතේ එයාට වහං වෙලා ඉන්න ඉඩ ඇරීම වඩාත් ආතල් සම්පන්නයි කියලා...

      Delete
    18. ඇයි සීවරං දෙයියනේ, ඒ ඩිංගට මයෙ චරිතෙ ඝාතනය කරල නෙව? ඒ මදිවට දීකිටරට බළල්ලුත් සාක්කි දීලා.

      Delete
    19. මට දැන් පේන විදිහට, බුරයි රිටි ජය තුමයි හරි වගේ...

      Delete
    20. ඇනෝ වලියක් ෂේප් කෙරුමට ගොසින් මට වූ කාරියා
      බුරා/රිටි න්‍යාය අනුමත කෙරුවයි ලේ උරා බොන හාදයා

      - ඔරිජිනල්, අහිංසක සඤ්ඤක බකමූණා-

      Delete
    21. සඤ්ඤක කීවට මූනං අප්පේ මහප්‍රාණ බස්සයි
      හෝරස් වෙනුවට මට නං සැක දැං මූකලාණෙ බස්සයි

      Delete
    22. තොපි හොරස් ද සේලර් කියලා අන්තිම අහිංසකයෙක්ට තොප්පිය දාලා කුරුසියට තියලා ඇනත් ගැහුවා එහෙනම්. අපිවාගේ නාවිකයින් මලිටිපල් අයිඩෙන්ටිටීස් තියාගෙන කවදාවත් හැංගිලා පහරදෙන්නේ නෑ. ෆේස් ටු ෆෙස් ගෙමට බහිනවා මිසක්. වෙලාවට නුවරඑළියට ගියේ මාලිගාවත්තේ හිටියා නම් ආනමාලු ඉමිටියාස්ගේ ගොලයෙක් ගේ අතේ ආනමාලු ඇවරියකුයි කංජිපානි ඉම්රාන්ගේ ගොලයෙක් අතේ සව් කැද කොප්පෙකුයි එවනවා.

      Delete
    23. අද ආනමාලු විතරද? කිඹුල බනිස් නෑ ද?

      දඩ්ඩ්ඩීංං... බුදු අම්මෝ !

      Delete
    24. බොගේ ඩෑල් එක බලන් යන්න එදා එව්වේ මරිසි මවුලානා. කොහොමද අහිංසක මුන. මාලිගාවත්තේ ෆාජී නානාගේ එකෙක්.

      Delete
    25. හපොයි බොට ම ගැළපෙන අහිංසක! උගෙ බෙල්ල වටේ ඇඟිලි මාලෙකුත් තිබුණ.

      Delete
    26. හොඳටම හොල්මන් පෝස්ට් ටිකක්

      Delete
    27. හොල්මන්ද කියලත් අහනවා? හොල්මන්ද පොල්කොල කිව්වැහෙ, කස්ටිය කින්ස්පිරයි තියරි ගේනවා. ඊට පස්සෙ ඩ්‍රැකියා T56 බර්ස්ට් ගහනවා කට්ට කරුවලේ. අනේ ඉතිං, අහින්සක සඤ්ඤක බස්සො, කැප්ටන් හැඩොක්ලා උඩින් විසික්කා වෙනවා.

      මොකා නමුත් ඇනෝව දස්ස හාදයා. දැන් හිනාවෙනව ඇති දෙකොනින්.

      Delete
    28. මං මේක ගැන වෙනම පෝස්ට් එකක් ලියනව වෙලාවක.

      "මේ වගට ඩ්‍රැකී වම්හ" යි මායි කමෙන්ට් දාගත්තෙ තම තමන්ට විතරයි. ඒ උනාට "ඔරිජිනල් රියල් ඩ්‍රැකී" අනික් උදවියටත් අනින්ඩ පටං ගත්ත. ඒකයි ටී 56 ගැහුවෙ. පස්සෙ නෙව දන්නෙ කවුද කියල...

      ඇනෝව දක්සයි තමා. ඒ උනාට කවි ලියන ශෛලියෙන් හිතාගන්න ඇහැකි ගොයිය ගැන.

      Delete
    29. ඔය මොන *කී ආවත් னයා ට තියෙන බය තියාගනිං. හැක්..

      Delete
    30. එක්කො එකපාර දස්ට කරල පලයං னයෝ දෙකෙන් එකක් වෙන්ඩ.

      Delete
  2. හොඳයි, ඒත් කොටයි. මම බලාගෙන උන්නෙ ඩ්‍රේක්ට මොකද වුනේ කියලා දැණගන්න.😒

    බුදු හාමදුරුවො සහ ආනන්ද හාමදුරුවො ගැන කතාව, , යක්ෂ/දේව , අමුර්තයත් එක්ක ගැලපීම නං බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒ ගැන මගෙ හිතේ තිබුණු ඇත්තම පින්තූරෙ තමයි ඔය.
      ඩ්රේක් විතරද? අර අහිංසක ටිකිරි මැණිකෙ මළාද කියලවත් හිතුන් නෑ නේද?

      Delete
    2. මැණිකෙල ගැන අහන්න බෑ අපෙ නායක හාංදුරුවනේ, රට්ටු කයිකතන්දර පට බඳිනවා😒

      Delete
    3. 'කයිකතන්දර පට' බඳිනවා? පාාාාාාාව්!

      Delete
    4. පාාාාාාාව්! indeed...

      බකස්,
      ඇත්තට ම ඒ ගැන මොකද හිතන්නෙ? මැණීකෙ මරන්නද, බේරන්නද? ඒ ගැන ඩ්‍රැකියානි එක්ක කතා කරන්න වෙයි වගේ. ඒ කෙල්ලගෙ ආදරේ ගොඩනැගුවෙත් ඩ්‍රැකියානි ගෙ අදහසුත් එක්ක තමා.

      Delete
    5. එහෙම අදහස් ගන්න කෙනෙක් ගෙදරම ඉන්න එකේ, ඔහොම යං. එතකොට තමා අපට කතාව තවත් රස වෙන්නෙ,😊

      හා, හා උඹල මෙතන කෑනුගහ ඉඳිල්ලා. දැන් රිටිජය උන්නාන්සෙ විතරයි අඩු.

      Delete

    6. බලපං බකුසානි
      ආදර ඩ්‍රැකියානි
      කවලා බුරියානි
      වැඩිවුනි මුට සීනි

      Delete
    7. ඕකට හොඳයි ආඩතෝඩා කොල කීවා
      සඤ්ඤක බකමූනෝ නැහැ දන්නේ ඔව්වා
      පංචතන්තරේ ගොඩ වෙද-කං මෙව්වා
      හපලද ගිලින්නේ ඇහුවම මට රැව්වා

      Delete
    8. බැකිසි බකුසානේ
      කරවැල් මහ කොකානේ
      දිය ගැරඬියානේ
      රකිව් ඔරිජිනලයා සොඳිනේ

      Delete
    9. ආඩතෝඩ හැම එකටම නැත යන්නේ
      කුප්පමේනියයි බස්සට හොඳ වන්නේ
      චිත්තවාහිනියෙ වෙදකම් අර ගන්නේ
      කෙළවුනු තැනදි අපෙ උපදෙස් අහපන්නේ

      Delete
    10. Jewel encrusted nails for Lord Bastian.

      Delete
    11. පාඩුවෙ අහිංසක තාලෙට ඉන්න එක
      රුස්සන්නේ නැතිද, සාමය දකින එක
      වලියට එනව නං අකුළන් හිටිය හැක?
      හතර මුල්ල පාගනවා තියෙද දැක

      Delete
    12. හතර මුල්ල ගැන මං නං දන්නෙ නැත
      කියාදෙන්ඩ පුළුවන්නං හෙණ වටිත
      වලියට එනවනං පසුබැස යන්නෙ නැත
      අපිටත් චණ්ඩි වැඩ කරන්න බැරි නොමැත

      Delete
    13. පැන හතර මුල්ලේ
      බැස පෙම් මුල්ලේ
      ගෑනු කුනු මුල්ලේ
      ගද මිතොට මුල්ලේ

      Delete
    14. මං නං ගනේමුල්ලේ
      අපෙ අත්ත යාත්‍රාමුල්ලේ
      උපං ගම කටුවාල මුල්ලේ
      ගිහිං තියෙනව හංදියෙ තුම්මුල්ලේ

      Delete
    15. මුළු මුළු ගැන්නිලා ඉඳලා පුරුදු නැත
      දැන් මුළු ගැන්නිලා හිටි අය පෙරට එත
      කොමිස් කතා දැන් කාටත් මතක නැත
      තුන්මුල්ලට නෙවෙයි වළටම රටද යත

      Delete
    16. කටපියාන ඉන්නේ බැරි කමට නෙවෙයි
      දේශපාලනේ අප හට අකැප නිසයි
      පෙන්ෂන් ගිය පසුව ලියනෙමි සිතා සිටියි
      නලියන මාලු සංසිඳුවනු අමාරු වෙයි

      Delete
  3. Replies
    1. ඉස්සරහට තව තව මකන්න වෙයි කොල්ලා... ඔහොම යං ඔහොම යං.

      Delete
    2. තාප්පෙන්ද පැනල ගියෙ?

      Delete
  4. දැන් මට පේන්නේ මේ කතාවේ චරිටැහැ දෙක දෙක තියනවා කියල. සමාන්තර විශ්වයක කතාවක් නේ ඉතින්

    ReplyDelete
    Replies
    1. දෙක දෙක නෙවෙයි ලොකු අයියෙ. කතාව එක එක කාලවල දි යනව. අනික, හැම කෙනෙක් තුළම චරිත කීපයක් තියෙනව නෙ.

      Delete
  5. කුතුහලය උපරිමෙන් ආපහු. ඔයාගේ කතාවල පරිසරය වර්ණනා කරන අන්දම සජීවියි

    ReplyDelete
    Replies
    1. හෑ!!! ඒ ගමන මෙහෙක් ආවද? හාාා... ආවනං ඈඳිගම්මු. මොනවද බොන්නෙ? ඔයා මොනව බිව්වත් මෙහෙ තියෙන්නෙ කලු කෝපි විතරයි.

      Delete
  6. ලස්සනටම ලියවිලා අයියේ.ගොඩ දවසකින් මේ පැත්තට ආවේ. මේ කතා පෙළ එකතු කරලා පොතක් කරමුකෝ.

    ReplyDelete
    Replies
    1. පොතක් කරනව. ඒකට මේ කතාව ලියල ඉවර වෙලා, නිවීහැනේ එඩිට් කරන්න ඔ්නෙ.

      Delete
  7. හම්මේ..... කියෙව්වා.. තාම හොයනවා

    ReplyDelete
    Replies
    1. මොනවද හොයන්නෙ සහෝදරී?

      මොවානා ෆිල්ම් එකෙන් පස්සෙ ඔය දැක්කමයි...

      Delete
    2. හොයන්නේ ඉතින් මේකේ අගක් මුලක්....

      Delete
    3. මුල තුන්වෙනි කොටසේ...
      අග කලින් කතාවේ...

      Delete
  8. එක දවසක් ඇවිල්ල කියවල ගියාට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා... මේ දවස් වල සූ ගාල වැඩ ..

    ReplyDelete
    Replies
    1. ආාා... අවුලක් නෑ පැත්තා. මාත් එහෙමයි මේ දවස්වල

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි