Friday, August 6, 2021

අවසානයක් නොවේ - 36

1 කොටස

3 කොටස

35 කොටස

රුහිරෙන් පුදමි 14 කොටස

අඳුර වැටෙමින් තිබුණද, තාර පාර තවමත් මඳක් උණුසුම් විය. පාර දෙපස වැවුණු වියළි පඳුරු දුහුවිල්ලෙන් නැහැවී ගොස් තිබිණ. කන් පාරවන තහඩුමය හඬක් නංවමින් ට‍්‍රක් රථයක් ඇදී ගියේය. එය ඈත නොපෙනී යද්දී පාර අයින දිගේ අකිල ගැහෙමින්, වැනෙන සුළු පියවරින් ආයේය. පාරේ විරුද්ධ දිශාවේ ඈත සිට වේගයෙන් ඇදී ආ ඩබල් කැබ් රථයක් මහ හඬින් බ්‍රේක් ගසා නතර විය.

විකුම් කඩිමුඩියේ ඉදිරිපස දොරින් බිමට බැස අකිල වෙත දිව ගියේය.

‘‘මොකද වුණේ...? කෝ ඇඩම්...?’’

අකිල මළාණික දෑසින් ඔහු වෙත බැලීය.

‘‘එයාට යන්න සිද්ධ වුණා...’’ ඔහු කිවේ එපමණකි. හෙතෙම සිය මිතුරාගේ දෑත් මත ඇද වැටිණ.

විකුම් ඔහු දෑතින් වාරු කරගනිමින් රිය වෙත රැගෙන ගියේය. පිටුපස දොරින් බැසගත් ආකර්ෂා, අකිල පිටුපස අසුනට ගොඩ කිරීමට ඔහුට උදව් කළාය.

‘‘ආපහු යමු මචං,’’ විකුම් රියදුරාට කීයේය. ‘‘අපි පරක්කු වුණා වැඩියි...’’

‘‘ඔයගොල්ලො යන්න.’’ තරුණිය පිටුපස දොර වසා, විකුම් වෙත ඇවිද ආවාය. ‘‘මම නවතිනවා.’’

*    *    *

ආකර්ෂා සිය අත බැඳි ඔරළෝසුව දෙස බැලුවේ අවසන් වරට ය. ඩිජිටල් ඔරළෝසු මුහුණතේ, කළු පැහැ පසුබිමෙහි තද කොල පැහැ තිතක් නිවෙමින් දැල්වෙමින් පැවතිණ. හිස එසවූ ඈ දුටුවේ ඇයී විවර වී තිබූ සුදු පැහැ ලී ගේට්ටුවකි. ගේට්ටුවෙන් ඇතුල්වන්නට හැකි වූ ගෙඋයනෙහි, කාලයක් තිස්සේ වැවී තිබූ ආකූල පඳුරු සහ පැළෑටි සියල්ල සුද්ද කර, තැන් තැන් වල ගොඩ ගසා තිබුණි. පුපුරා ගිය සායම ඉවත් කරන ලදුව, තීන්ත ගාමින් පැවති බිත්ති සහිත නිවසක්, කුඩා මල් සහිත පාත්තිවලට ඔබ්බෙන් නැඟී සිටියේ දරුණු අපරාධයකට සාක්ෂි කියන මහල්ලෙකු සේ ය.

ගෙ මිදුලෙහි, කපන ලද කුඩා තණපතින් සැදි බිම, තරුණයෙක් සහ තරුණියක් වැටී සිටියහ. 

ආකර්ෂා ගෙඋයන වෙත දිව යද්දී, සම් පාවහනින් වැසුණු ඇගේ දෙපයින් කිසිදු හඬක් නැඟුනේ නැත. එහි  වූ දර්ශනය ඈ අපේක්ෂා කළ එකක් වුව ද, තරුණයාගේ ලෙයින් වැසුණු පපුව ත්, රත් පැහැ ගැන්වී ඉදිමී තිබූ දෑසත්, වේදනාවෙන් ඇඹරුණු අත පයත්, දකිද්දී සිය දෙපා අවසඟ වී යන්නා සේ ඇයට දැනුණි.

බිම වැටී සිටි තරුණිය වෙත ආකර්ෂා ළං වෙද්දී, මහා සුළි සුළඟකින් මෙන් ‌හාත්පස ගස් කොළන් කරකැවෙන්නට විය. පට පට හඬ නඟමින් වේගයෙන් පහත් වූ EC120 හෙළිකොප්ටරයක් තරුණයින්ගේ සිරුරු වැතිර තිබූ තැනට කෙළින්ම ඉහළින්, පැරණි නිවසේ වහලය මට්ටමට පමණ පහත් කොට එක තැන නතර විය. එහි දකුණු පැත්තේ දොර ඇරී, කේබල් ඉණිමඟක් දඟර ගැහෙමින් දිගහැරෙමින් පහතට වැටුණේ ය. එය දිගේ ඉතා වේගයෙන් පහතට රූටා ආවේ ශක්තිමත් පුරුෂයෙකි. තරුණයා ගේ සිරුර අසළින් ම බිමට බට ඔහු තමන්ගේ පිටේ සවිකර තිබූ බරැති බෑගය ගළවා ගනිමින්, ආකර්ෂා දෙස බැලුවේ ය.


"කෙල්ලට කොහොමද අග්නි?"

"සිහි නැති වෙලා විතරයි, මිත්‍ර" බිම දණගසාගත් ආකර්ෂා, නිර්මලී ගේ උරහිස් වටා දකුණත යවා සිය සිරුරට වාරු කරගෙන වත්තන් කරගත්තා ය.

සිය බෑගය දිගහැර, එහි වූ ඇලුමිනියම් දඬු සහ රෙක්සින් කොටස් කඩිනමින් එකළස් කර, සැහැල්ලු ගිලන් මැස්සක් සකස් කරගැනීමට පුරුෂයා ට ගත වූයේ ඉතා සුළු මොහොතකි. 

"ශා... ම්... ම්... ම්..." සිහින් කෙඳිරිය නැඟුනේ අඩ සිහියෙන් අවදි වෙමින් සිටි නිර්මලී ගේ වියළි දෙතොල් අතරිනි.

මිත්‍ර ඒ වන විට සිටියේ බිමට තබා ඇණ ගැසුවාක් මෙන් වූ ශාම් ගේ සිරුර මතට නැඹුරු වී ය. සිය වමතෙහි වූ අඳුරු කොළ පැහැති තෙත් බර පොදියක් ශාම් ගේ පපුව විනිවිද ගිය ලී උල වටා සිටින සේ තබා තදකර, දකුණතින් ලී උල තදින් ග්‍රහණය කළ ඔහු, එක් වරම එය ඉහළට ඇද්දේ ය. කළුවට හුරු රතුවන් කැටි ගැසුණු ලෙයින් නැහැවුණු ලී උල තරුණයාගේ බිඳුණු ඉළ ඇට අතරින් ඉවතට ඇදුණේ අපහසුවෙනි. 

කළුවන් කොළ පැහැ ඖෂධ පොදිය තරුණයාගේ පපුවෙහි වූ මාරක තුවාලයට ඉතා සැළකිල්ලෙන් ගැල්වූ මිත්‍ර, පහසුවෙන් ම ශාම් ගේ අප්‍රාණික සිරුර දෑතින් ඔසවා තමන් සකස් කළ ගිලන් මැස්ස මතින් වැතිරවා, රෙක්සින් පටි රැසකින් නොසෙල්වෙන සේ බැඳ දැමී ය. 

මිත්‍ර, ගිලන් මැස්ස කෙලින් සිටින සේ සිටුවා, එහි පිටුපස වූ පටි ‌කිහිපයක උපකාරයෙන්, සිය පිටෙහි එල්ලා ගත්තේ ය. හෙලිකොප්ටරයේ රොටරවලින් පහතට හමන, කරකැවෙන සුළං දහරට හසුව වැනෙමින් දඟර ගැසෙමින් පැවති කේබල් ඉණිමඟ අල්ලා ගත් ඔහු එහි පළමු පඩියට පය තබමින් නැවතත් තරුණියන් දෙ දෙනා දෙස බැලුවේ ය. 

අග්නි ඔහු වෙත අත වැනුවේ, සමුදීමට ය. 

*    *    *

කෙමෙන් කෙමෙන් සිය සිරුර පුරා ලේ දහරා ගළා යන ඉතා ම සියුම් දැනීම පවා, ඇඩම් හට සමට යටින් දැනෙමින් පැවතිණ. දෑසේ වූ අන්ධකාරය කෙමෙන් පහව යද්දී, මීට පෙර දහස් වතාවකටත් වඩා සිදු වී ඇති පරිදි ම, මරණයට ඉතා ම ආසන්නයේ සිට, තමන් පියවි ‌ලොවට අවදි වී එන බව ඔහුට දැනෙමින් පැවතිණ.

"තාරා... තාාා රා..." ඔහුගේ හිස තුළ දෝංකාර දෙමින් පැවති එකම හඬ ඒ විය.

දෑස් හැර බැලූ ඩ්‍රේක්, වෙද මුදලි වළව්වේ තමා රඳවා සිටි කුටියේ වහළය හඳුනා ගත්තේ ය. රවුම් ලී දඬු වලින් සැදුණු සැකිල්ලට පසුබිම් වූ වියන ලද අළුවන් පොල් අතු...

රත් පැහැ රම් බිඳක සුවඳ මුසු රසය සිහිපත් වී හෙතෙම, දිවගින් දෙතොල තෙමද්දී, දැනුණේ වියළී ඉරි තැළුණු තොල් වලින් නැඟෙන සියුම් වේදනාවය. හිස ඔසවා බැලූ නාවුකයා, විස්මයට පත් වූයේ ගොම මැටි පිරිබඩ ගෙ බිමෙහි දෙපා දණහිසින් නවාගෙන වාඩි වී, තමා වැතිර සිටි මැස්සට හිස තබාගෙන අඩපණව සිටි කුලීන තරුණිය දැකීමෙනි.

වෙදහලේ සිටි සාත්තු සේවකයෝ උදෑසණින් පිබිද, පිරිසිදු කිරීම්වල නිරතව සිටියෝ ය. ටිකිරි මැණිකේ ගේ දුර්වල සිරුර දෑතින් ඔසවාගෙන දිව එන යුරෝපීයයාගේ විලාසයෙන් ඔවුහු උණු අළු වැටුණු කඩියන් සේ කුළප්පු වූ හ. 

ලෙඩුන් පිරික්සන ලණු මැස්ස මත පිරිසිදු පන් පැදුරක් එළා, ඒ මත තරුණියගේ සිරුර වැතිරවද්දී, ඇඩම් ගේ දෑස් තෙත් වෙමින් පැවතිණ. යාන්තමින් දෙතොල් විවර කළ කුමාරිහාමි, දැඩි වෙහෙසක් ගෙන, වමත ඔසවා, නෝර්ඩික් නාවුකයාගේ අතැඟිලි අල්ලා ගත්තා ය. යාන්තමින් විවර වූ දෑසින් ඔහු ගේ දෑස් වෙත බැලූ ඈ සිනා සෙන්නට වෑයම් කරනු ඔහු දුටුවේ ය.

"කස්තුරි..."

"දෙළුම්..."

"...බඹර පැණි"

"...කස්තුරි"

"විගහට විගහට"

"අත ඉක්මන් කරහල්ලා..."

පසුබිමින් ‌නැඟෙමින් පැවති උපස්ථායකයන්ගේ හඬවල් ඩ්‍රේක් හට ඇසුණේ යාන්තමිනි. කළ යුතු, කළ හැකි වෙදකම් සියල්ල ඉටු කෙරෙන බව ඔහු දැන සිටියෙන්, තම ජීවිතය වෙනුවෙන් සිය ලේ දහර කැපකළ තරුණිය තනිකර එක මොහොතකට හෝ ඉවත්ව යාමට හෙතෙම නොසිතුවේ ය.

ලබා දීමට හැකි වූ ඉහල ම ප්‍රතිකර්ම සහ අත් බෙහෙත් සියල්ල නිරර්ථක කරමින්... ඒ දයාවන්ත තරුණිය දෑස් පියාගත්තේ, සිය අවසන් බැල්ම ද නෝර්ඩික් නාවුකයා ගේ දෑස් වෙත හෙළමිනි...

වෙදහලේ ඇතුළත වූ උණුසුම් වාතස්කන්ධය සිය හුස්ම හිර කරන්නාක් මෙන් ඇඩම් හට දැනෙමින් පැවතිණ. ප්‍රවේසමින් සිය අතැඟිලි අතර වූ තරුණියගේ ඇඟිලි මුදවාගත් ඔහු දෑතින් ම ඇගේ දෑත් එක්කොට ඇගේ ළය මතින් තබා සකස් කළේ ය. තවත් එක් මොහොතක් හෝ ඇගේ පියකරු මුහුණ දෙස බලා සිටිය නොහැකි වූ හෙයින්, ඔහු වෙදහලින් බැහැර විය. හිරු එළියට නිරාවරණය වත් ම, දෙ උරහිසින් පටන් ගෙන මුළු සිරුර පුරා පැතිර යන්නට ගත් දැවෙන්නාක් මෙන් දැනෙන හැඟීම, ඔහු තුළ පැවති චිත්ත පීඩාව තව තවත් උත්සන්න කරවී ය. එය හැඟීමක් පමණක් නොවන බව දැනෙන්නට එතරම් වේලාවක් ගත වූයේ නැත. අවුවට පිළිස්සීමෙන් බේරීමට ඩ්‍රේක් දුවන්නට පටන් ගත්තේ, තමන් දුවන්නේ කොහේ දැයි පවා නොසිතමිනි. තමන්ට පිටුපා ඔසු උයන දෙසට දිව යන යුරෝපීයයාගේ පිට මැද, පිළිස්සුණු තුවාල හරියට ම, දැවැන්ත අත්ලක... විහිදුනු ඇඟිලි පහක් පැහැදිලිව නිරූපණය වූ අත්ලක හැඩය ගත් බව, වෙද හලෙහි සිටියෝ දුට හ.


තවත් කොටසක් තියෙයි ද?

135 comments:

  1. වැනිල්ල බොහොම ඉහලයි. ඇඩමට අදවත් නින්ද යයිද? හැලිකොට්ටඋර කෑල්ල අනාගතේද?

    කොමෙන්ට් දැම්මාම, ආයෙ එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. ආයෙ එඤඤේ දෙපයින්ද පියඹලාද? තටුදෙකෙන් ඇවිදගෙනද?

      Delete
    2. ලිස්සීමෙන් තමා ගමන බිමන.

      Delete
    3. එහෙනං සර්ලා ලිස්සන්න ඉගෙන ගෙන තියෙන්නෙත් තමුන්නාන්සේගෙන් වෙන්ඩ.

      Delete
    4. බකුස්, ඇයි බොලං ඔය උඩිම්ම තියෙන්නෙ සම්බන්ධ වෙන ලිංක් ටික. ඔය මුල ම කෑල්ල සෙට් වෙන්නෙ පළවෙනි කතාවෙ අන්තිමට.

      නිදි, ඔය බස්සගෙ ඇඟේ වස්ලින් තලියක් ඉලුවා අපේ ප්‍රාජේ... එයිට කලිංනුත් උන්දැ පොඩ්ඩ පොඩ්ඩ ලෙස්සනව. බකමුණංගෙ තියෙනවලු ආඳා මාලු ජාන කළවමක්

      Delete
    5. කලවං වෙලා තියෙන්නේ මාරම ජාන බානක්!

      Delete
    6. ඔව්, නරි, ආඳ, ඇණ, බෝනිකි... තව මොන මොන කොටස් ඇද්ද?

      Delete
    7. ජයසේන ආවා වැස්ලින් අරගෙන. හහ්, ඒව කොහෙද, මම සුටුස් ගාලා ලිස්සුව.

      Delete
    8. බස්තුමා ඉන්නවනම් මෝල්ගසුත් ලිස්සනවයි කියන්නෙ අඹතලේ පැත්තෙ අය

      Delete
    9. දවසක් පොරක්, කෝච්චිය වැරදිලා, තඩි බණ්ඩක්ක කරලක් රේල් පාර උඩ තියල, දුවගෙන ඇවිත් ඒකට පැනපු කතාවක් මාරය ලියල තිබුණ. අනුරාධපුරේ ඉඳං වේයන්ගොඩ විතර ඇවිත්, අරූ යන්තං වංගුවක ස්ලෝ වෙද්දි පැන ගත්තලු. බණ්ඩක්ක කරල දිගට ම ගිහිං මහව හරියෙදි සිග්නලුත් නැතුව, පීලි පැන්නලු.

      Delete
    10. මයෙ හිතේ අර දොස්තර සල්වාතර්ට අහුවෙලා බස්සට ආඳෙක්ගෙ කෑල්ලක් බද්ධ කරල ඇති. සමහරවිට බණ්ඩක්ක කරලක් ද දන්නෑ?

      Delete
    11. රිටිපන්න මාමේ, අඹතලේ පැත්තෙ අවුරුදු උත්සවවල ග්‍රීස් ගහට ගන්නෙත් මෝල් ගහක් ලු...

      Delete
    12. ඒකෙ කඹ ඇදිල්ලට සාදර අනුග්‍රහය රිටිගල උන්නාන්සෙ ගෙන් ම තමයි. කවදාවත් ඒ තරගෙ දිනන්න බෑ. මොකද, රිටිගල අයිය දෙන්නෙම දිරච්ච ලණු.

      Delete
    13. අර විනී ප්‍රඩක්ෂන්ස් ලගෙ අවුරුදු උත්සවේ මතක් උනා. ඒකෙ මං ආසම කෑල්ල තමා, සොයිසා කණාමුට්ටි බිඳීම.

      Delete
    14. අඩෝ ඒකෙ අර එනවුන්ස් කරන සැම්සන් මාමගෙ ෂර්ට් එක බොඳ වෙලා පේන්නෙ මට විතරද?

      Delete
    15. ඒකෙ කිසි බොඳවීමක් නෑ. බොට හතළිස් ඇඳරිය ඇති.

      Delete
    16. https://en.m.wikipedia.org/wiki/Pole_dance

      Delete
    17. චී... මහ වල් හිතක් තියෙන්නෙ.

      Delete
    18. https://sciencing.com/ducks-mate-4569594.html

      Delete
    19. https://en.wikipedia.org/wiki/Zoophilia

      ඊයා රිටිගල... මොනවද මේ රට්ටු කියන්නෙ?

      Delete
    20. https://www.ducks.org/conservation/waterfowl-research-science/waterfowl-mating-systems

      Delete
    21. මෙතන මොනවාද මේ වෙන්නේ , මම දැනගෙන හිටියේ නැහැ ප්‍රා ජේ ....මෙහෙමයි කියල ............

      Delete
    22. හැබෑට... බල්ලොයි, දිවියොයි, තව ඒ මදිවට නිට්ටෑවොයි...

      Delete
    23. ඇඩ්මො, අර අවුරුදු උත්සවේ නං මාරයි බොලේ. දියංකො තව ඒවගේ ආතල් ලින්ක් ටිකක්.

      Delete
    24. මෙන්න තියෙනව විනි ප්‍රඩක්ෂන්ස් චැනල් එකම. උද්ඝෝෂණේ, පම්පෝරි ජනක, ඉලෙක්ට්‍රිෂන්ස්, සෙන්සර් කරාබුව, එහෙම පට්ට ඈ...

      Delete
  2. ඕං ඇඩමො, ජයසේන බොගේ පිටේ අත්සන ගහල.

    මමත් දත මැදගෙන බලාගෙන හිටිය මලගෙයක් වෙන කං, උලමගෙ පාට්එක දෙයි කියලා? දුන්නෙ නෑ, මහත්වරුනි, දුන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ජයසේනයා ගහන්නේ පහුවෙලා මැරේන්ඩ ඩ්‍රැකියාම ගහන්න ඕනේ වන්ෂොට්

      Delete
    2. ඕකට ඉතිං ගහන්ඩම ඕනෑයි... මරු නිල තියෙන්නේ අල්ලන්න.

      Delete
    3. ගහල නෑනෙ... අවුවට පිච්චිලා නෙ...

      Delete
    4. උලමා පාට් එක දෙන්නං රෑට... කෙල්ල මළේ උදේ නෙ

      Delete
    5. https://www.news24.com/News24/Duck-kills-man-20011120

      Delete
    6. ඩක්, පොඩ්-ඩක් ලෙ-ඩක් වෙලා...

      Delete
    7. හ්ම්...ජයසේන මෙදා වංගියෙ මොනවගේ ඔලුවකටද කැමති?

      හැබැයි ටාසන් බාප්පට ඔහොම ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරල නේද, අනිත් කටින් කොල කන්න වුනේ?

      Delete
    8. https://www.nationalgeographic.com/animals/article/screech-owl-ducklings-nest-florida

      https://www.youtube.com/watch?v=8LkzZSOCLDY

      Delete
    9. බකුස්, ජයා වැඩේ අතාරින්නෙ ම නෑ වගේ. සමහරවිට ඔළු මාරු කරන එක හරි විනෝද ඇති. මේපාර අලි ඔළුවක් හයි කරල රිටිගල ගණදෙයියා කියමු...

      රිටි ගණ, එක බස්සෙක් තාරාවො දරුකමට හදාගන්නව, තව බස්සෙක් තාරාවො මරණව. මයෙ හිතේ අපේ බකුසු ආදිපාද ඔය අන්ත දෙකට ම නැතුව මැදුම් පිළිවෙත අනුගමනය කරනව ඇති.

      Delete
    10. ඉතිං ඊට පස්සෙ වඳුරො, ගිරවුන්ට කිව්වා" හිටපල්ලකො වැස්ස පායන කං, තොපෙ අම්මලාට හු...හුරුල්ලො කව්වන්න" කියලා.

      ඇඩමයි, වම්හයි අර මායියයි ආවම , ජයසේනටත් හුරුල්ලො කන්න වෙයි.

      Delete
    11. බකුස්, ජයා නෙවෙයි පිටේ අස්සන ගැහුවෙ රීරි යකා. ජයා ඔව්වට සම්මාදං වෙන්ඩ බෑ කියල ලිස්සුව. බො ගෙ යාලුවනෙ ඉතිං...

      මළ ගෙයක් ය කියන්නෙ, මං අර කලිං තැනක කිව්වෙ, පපුව රිදෙනවය කියල... මයෙ හිතේ වෙන්න තිබුණු දේ දැනිල වෙන්ඩැති.

      මදැයි කියවලළ කමෙන්ට් එකක් දාල, ආතල් එකක් ගන්න ආව. මූ මෙතන මළ ගෙයක් ලියල...

      Delete
    12. හා හා... ඕකට කණගාටු වෙන්න එලා ඩ්‍රේක්. එයා ගෙනාපු ආයුෂ මේ ඩ්‍රැකා ඉවර කරල. සමහරවිට කතාවෙ ඉස්සරහට එයාව ආපහු හම්බුවෙන්නත් ඉඩ ඇති. කවුද දන්නෙ, මුන්දැ ලියන එව්වයෙ ඉස්සරහට මොනව වෙයිද කියල කාටද කියන්න පුළුවන්? මුන්දැ අර බස්සට එහා...

      Delete
    13. හුරුල්ලො කවන්න කතා කරන්න එපා බස්සො. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියෙන් පස්සෙ හතුරෙකුටවත් මුහුදු මාලු කවන්න හොඳ නෑ.

      Delete
    14. ඔයි යකාට කතාව ලියන්න ලියන්න කියල පෙරැත්ත කරපු වෙලේ මං ම කතාව ලියා ගත්තනම් ඔය මොකවත් නෑනෙ තාරා...

      Delete
    15. මට ඒක කියවුනේ ඩක් ෆිනිෂ් කියලනෙ...

      Delete
  3. උඔ ලිව්වේ නැත්නම් මම ලියන්නයි උන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනං ඊ ළඟ කොටහ ලියල එවහං මං පළ කරන්නං බොගේ නමිං

      Delete
    2. උඹ ලියල එවහං, මං මළවන්නං

      Delete
  4. උඹලා දෙන්නාම ලිව්වේ නැත්නම් මම ලියන්නයි උන්නේ

    ReplyDelete
    Replies
    1. බොලා කවුරු හරිවත් ලියල පුළුවන් නං මට අමෘතෙ හොයල දීහල්ල, කුමාරිහාමිව ගොඩ දාන්ඩ තාම පරක්කු නෑ.

      Delete
    2. අර, ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දියඇල්ලෙන් වැටුණ වගේ සීන් එකක් ද?

      Delete
    3. බොලා කවුරු හරි මේක එක පිළීවෙලකට ලියනවද? අර ලෑන්ඩ් රෝවර් එකට වෙච්ච දෙයක් නෑ. අඟහරු සුභාෂ් තාම මාත් එක්ක කාර් එකේ. ඒකෙන් බැහැල යන්න විදිහක් නෑ තාම. ලෝකි දිවා ගුහාවෙ හිර වෙලා. තැන් තැන්වලින් කෑලි කෑලි ලියලා මේක පොතක් හැටියට ගැහුවොත්, කියවන උදවිය ට දාගන්න ඉස කුඩිච්චියකුත් පොතත් එක්ක දෙන්න වෙයි.
      සමහරවිට මේක ඩ්‍රැක් මාමගෙයි මනෝ උපදේශකයෙකුගෙයි ඩීල් එකක් ද දන්නෑ?

      Delete
    4. ඇඩම පහුගිය ටිකේ හොය හොයා හිටියෙ අමුර්තෙ... අර බස්සගෙ බ්ලොග් එකේ උද්ඝෝෂණේකුත් කළා. හම්බුණේ නැද්ද?

      Delete
    5. මට හිතෙන හිතෙන හැටියට හිතෙන හිතෙන තැනවලින් ලියනව. ඔයාලත් හිතෙන හිතෙන තැන් එකතු කරගෙන කියවන්ඩ

      Delete
  5. එළිවෙන්ඩත් ලගයි මං යනවා රෑට එන්නම් කොමෙන්ට් දාන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් පලයං මිනී පෙට්ටියෙ ඇලට් එකක් දාන්ට. ඉර එලිය වැදුනොත්, බඩු පැකට් වෙනවනෙ?

      Delete
    2. උන්දැට මොකුත් කියන්නෙපා... උන්දෑ අපූරු රුසියන් කතන්දර පොත් ගොඩකට යට වෙලා ඉන්නේ!

      Delete
    3. හෑ. එහෙමත් එකක්ද? නොදැනයි එහෙම කිව්වෙ, කොමරේඩ් වැල-ද-මීර් කොමී. ඉතිං, ඉතිං කොහොමද පුටින් සහෝදරයා? තාමත් අස්පයා ගෝන් යනවද?

      Delete
    4. සහෝදරවරු, පුටින්ලා, ලී කුවාන් යූලා, හිටංලා විතරක් නෙවෙයි සර්ලත් අන්දොස් වෙලා ඉන්නේ! අස්පයා කොහොම වෙතත් gone වෙයි කියලා බයේ වගෙයි!

      Delete
    5. කොමිටල්, බොලා දෙන්න බෙදාගෙන ලියහල්ලා...

      මං නොදන්න යමක් නිදි දන්නවද?

      Delete
    6. දන්නේ මිරිස් කොච්චි එහෙම ගෑවිලා නෙව ආයිබෝං.

      Delete
    7. පිච්චුණහමත් දනව සෑහෙන්ඩ...

      (හනේ ඉතිං මොකටද මයෙ කට)

      Delete
    8. ආන්න හරි ඒක තමා😂

      Delete
  6. අපුරුයි. මුල නිකං පිචැර් එකක් වාගේ.

    ReplyDelete
    Replies
    1. මුල ඡේද කීපය කෙලින් ම කොපි පේස්ට් කරල තියෙන්නෙ පළවෙනි කතාවෙන්

      Delete
    2. අසංගත් පිචෑර් එකක් ලියල, හැබැයි හොරර් මූවි එකක්. කනගාටුව, කලකිරීම, කේන්තිය ඔක්කොම අත්විඳින්න ඇහැකි. මම දෙවැනි පාර කමෙන්ට් බලන්න ගියේ අහක බලාගෙන.

      Delete
    3. මාත් යනව කියවන්ඩ. ඇස් පියාගෙන.

      Delete
    4. අසංගගෙ බ්ලොග් එක මොකද්ද?

      Delete
    5. මේ තියෙන්නෙ. ගිහින් බලන්න නෑනො. පට්ට කතා දෙකක් ලියල තියෙන්නෙ...

      Delete
  7. සාධාරණද මේ වගෙ දේවල් කෙරුම
    අසරණියකට මරණය හිමි කරදීම
    අවසානයක් නොව- ඇරඹුමකිය තවම
    නැවතිලා වගෙයි, වැටෙනා එක මගෙ හුස්ම

    ReplyDelete
    Replies
    1. ඇගෙ මරණය එතනට සුදුසුයි සිතුණා
      එයින් මටත් කම්පණයක් ඇති කෙරුණා
      ඉස්සරහදි ඇගෙ වටිනාකම දැනෙනා
      ලෙසක් මටත් දැනටම දක්නට තිබෙණා

      Delete
    2. දැන් ඇඩම ඇවිත් පොලොවෙ පස් කයි. ඉස්සර ආසාවෙන් බලපු සීරීස් එකක් තිබුනා හයිලෑන්ඩර් කියලා. ෆිල්ම් එක නෙමෙයි, ටීවී සීරීස් එකක්. රණකාමී අමරණීයන් ගැන කතාවක්. තව ෆිල්ම් එකක් තිබුනා "මෑන් ෆ්‍රොම් නෝ වෙයාර්" වගේ නමක් තියෙන. ඒ කතාවල ආදර කතා සෝචනීයයි, එක් කෙනෙක් අනෙකා බලා ඉන්දැදිම වයසට යන නිසා. සමහරවිට කනගාටු වුනත් මෙහෙම වුන එක හොඳයි කියලත් හිතෙනවා.

      Delete
    3. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ!

      Delete
    4. https://readcomiconline.li/Comic/Highlander

      Delete
    5. https://readcomiconline.li/Comic/Highlander-The-American-Dream

      Delete
    6. බකුස්ට කියන්ඩ, ඇඩම ගෙ කතාව හැදුවෙ ඩන්කන් මැක්ලවුඩ් හිතේ තියාගෙන...

      Delete
    7. ආන්න එයා තමා, ඩන්කන් මැක්ලවුඩ් ෆ්‍රොම් ක්ලෑන් මැක්ලවුඩ්.

      Delete
    8. https://en.wikipedia.org/wiki/List_of_people_claimed_to_be_immortal_in_myth_and_legend

      Delete
    9. හ්ම්....අනික් අය ගැන නං විස්වාස නෑ, අර "ඔලුම්බා ඔලුම්බා"ගෙ කතාව නං ඇත්ත වෙන්නත් පුළුවනි, එයා නයිජීරියන් නිසා.🤔

      Delete
    10. නියමයි, උබන්බාවුගෙ කතාව අහල තිබුනෙ නෑ.😊

      Delete
    11. උබන්බාවු කියන්නෙ වික්‍රමබාහු වගේ කෙනෙක්ද?

      Delete
    12. උබන්බාවු කියල දාල තියෙන පින්තූරෙ නං අර කොහෙද මංද රටක මුදල් ඇමති කෙනෙක් වගේ

      Delete
    13. ඇඩම්, අපේ මිත්‍ර සංසදයේ ඉන්නවා වාසු- බාහු දේවත්වයෙන් අදහාගෙන හිටි කෙනෙක්. වාසු ගියාම එයාට පලු යන්න බැන-බැන බාහු තමා එකම එක්කෙනා කියමින් හිටියා. දැන් එයා ඉන්න තැන තේරුම් ගන්න බැරිව අපේ යාළුවා full අන්දොස්. බාහු ගැන යමක් දන්නවා නං මටත් කියන්න.

      Delete
    14. තව එකක්. දිගම කතන්දරේ කියවන්න ගිහින් මරු පින්තූරයක් දැක්කනේ. ඒක බාගත්තා මතු වැඩ තකා.

      Delete
    15. බාහු සහෝදරයා ගැන මාත් ඒ තරම් දෙයක් දන්නෑ නිදි. මෑත ඉතිහාසයෙ නම් එයා තමන් විශ්වාස කරපු මාක්ස්වාදය වෙනුවෙන් පෙනී හිටියා වාසු වගේ නැතුව. දැන් ඒ තරම් කරළියට එන්නෙ නෑ.

      Delete
    16. In the end there can be only one! Highlander කියපු ගමන් මට මතක් වෙන්නේ ඔන්න ඔය ටික ...
      මම ලඟදි දැක්කා ආයේ ඒක සීරීස් එකක් විදියට හදන කතාවක් ...

      Delete
    17. සිරාවටම මගෙ නිර්මාණාත්මක ජීවිතේ ස්වර්ණමය අවදිය කියල කියන්න පුළුවන් 97-98 අවුරුදුවල මගෙ හිතට ගොඩක් ම සමීප වුණූ කතාවක් තමා ඕක.

      Delete
  8. ඇම්ඩට ගහපු යකා මොකාද?

    තවත් කොටහක් තියෙනවනං උඹම තියාගෙන ඉඳහං.
    -னයා-

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද ප්‍රසන්න මහත්තයෝ.
      එතොට අපි ඒක කියවන්නේ අංජනං දේවිව ගෙන්නලාද?

      Delete
    2. னයෝ, ඇම්ඩ ගෙ කතාවක් කිව්වෙ කවුද?
      අර බලපන් බොට තියෙන කඩි කුළප්පුව... නිදි ගෙන් ආදර්ශයක් ගනිං.

      නිදි, මේ කතාවට අංජනං දේවි යි හනුමන්තයි විතරයි අඩු...

      Delete
    3. අර ඇඩමා මැරෙන්න හැදුවා නෙවද කතාව ලියන්න කියලා? ලිව්වට පස්සෙ ඌ නෑ. වම්හත් නෑ, ලලනාවත් නෑ, මට නං සැකයි.

      Delete
    4. “එයි සර්? සෙක ද?“ කියල ඇහුවලු නේ අර කළු ජූලිය වෙලාවෙ?

      Delete
    5. ඩ්‍රැකියට අදහස් දෙන්ඩ එපල්ලා... උන්දැ ඊළඟ පාර මට අංජනම් දේවි සැට් කරයිද දන්නෑ?

      Delete
    6. ඩ්‍රේක් කලබල නොවී ඉන්නව. ආස ඇති අංජනං දේවිත් එක්ක නඩලං ගහන්න

      Delete
    7. උසි උසි!!

      අර සෙක කතාව මොකද්ද ඇඩම්?

      Delete
    8. මම ඒක ලියන්නම් නිදි ගෙ පංචතන්තරේ. කතා ලියනවනම් එතන තමයි තැන...

      Delete
    9. සෙක කතාව මං කියන්නං. මෙතන මගෙ බ්ලොග් එක. ඒකෙ කාටවත් ගණං උස්සන්ඩ මං දෙන්නෑ.

      ඔන්න කළු ජූලිය වෙලාවෙ, දෙමළ උදවිය මැරුව නෙ. දෙමළ ද සිංහල ද කියල හොයාගන්න මැරයො ටික යොදා ගත්ත එක උපක්‍රමයක් තමයි, බාල්දියක් පෙන්නල “මේ මොකද්ද?“ කියල අහන එක. දෙමළ කෙනෙකුට එක පාරට ම කියවෙනව “යේක එවිල්ලා
      පාල්දිය“ කියල. ඕක දැනගත්ත දෙමළ කොල්ලෙක් සිංහල කොල්ලෙක් ගෙන් අහගෙන, “බාල්දිය“ කියන්න පුරුදු වුණා ලු. ඉතිං සැරයක් ඌත් අහුවුණාලු ජාතිවාදී මැරයො සෙට් එකකට. එතනදි, ඌ හෙණ ආත්ම විශ්වාසෙන් බාල්දිය පෙන්නන කොටම කිව්වලු “බාල්දිය“ කියල. ඊට පස්සෙ හෙණට සැටිස් නෙ... පොර ගැම්මෙං ම ඇහුවලු “එයි සර්, සෙකද?“ කියල.

      Delete
    10. හා බොහොම ස්තූතියි. මං කොපි පේස්ට් කරනව නිදි ගෙ තැන...

      Delete
    11. පමා වැඩියි තොපි පමා වැඩියි
      මට මුන ගැසුනේ තොපි පසුවී

      ආං මං ඒක කොපි පේස්ට් කළා නිදි ගෙ බ්ලොග් එකේ. දැං ඉතිං නටපියව්!

      Delete
    12. එතකොට ඇම්ඩගෙ කතාව ලිවුවෙ නිදි ද? අවුලක් නෑ දෙකේම තියෙන්නෙ එකම කොමෙන්ට් ටිකනෙ. හැක්..

      Delete
    13. ඇම්ඩගෙ කතා සෙට් එකක්ම තිබුණනෙ මෙතන. මේ කමෙන්ට් හොරකං කරන එවුන්ට දෙන්ඩ ඕනෙ චීන වධ තුන

      Delete
    14. මගේ හිතට වැදුණු එව්වා, අපේ පාඨක භවතුන්ගේ 'පාන් සංවේගය උදෙසා' ගත්තු තැන්වල විස්තරත් එක්ක දාන එක අපරාදයක් නෙවෙයිනේ රත්තරන්ලා. (සමා වෙන්නොනි. රත්තරන්ලා කිව්වට ඔහෙලා කෝච්චිවල මාල කඩන ගොඩේ නෙවෙයිනේ.)

      Delete
    15. රත්තරන් ගණං යන හැටියට ඒක අපට ගෞරවයක් කියල හිතාගමු

      Delete
  9. ඔය වෙන කොහෙන්හරි පේජ් එකක් නම් ටිකයි සම්බන්ධෙයි ලියල දාන්න බැරිද මම අහන්නේ . හොඳටම අවුල් වෙලා ඉන්නේ. මම යනවා බොන්න

    ReplyDelete
    Replies
    1. ඉඳිල්ලා, සිංදු පොතයි කොංගො එකයි අරං එනකං

      Delete
    2. னයි දාපු වයින් එකක් බොන්න. වන් ෂොට් නොකවුට්.

      Delete
    3. ඒකත් ඇත්ත තමයි අජිත් අයියෙ. මේ පාර නම් හොඳට ම ට්විස්ට් වෙලා තියෙන්නෙ කතාව. තව හේතුවක් තමයි, මේකෙ කොටස් ලියන්නෙ ලොකු කාල පරාසයක් තියල වීම. මේ විභාගෙ හෙටින් ඉවරයි. ඊට පස්සෙ අසයින්මන්ට් එකක් තියෙනව. ඒක ඊ ළඟ ඉරිදයින් ඉවරයි. ඊට පස්සෙ දවස් දෙකකට විතර පාරක්වත් ලියල ඉවර කරනව.

      Delete
    4. හැබෑට එහෙම ජාතිත් තියෙනව නේද? නයි එහෙම දාපු...

      Delete
    5. හැපූ... බොන්ඩ දේවල් නැතුවට

      Delete
    6. ඩ්‍රේක්, කොහෙ ගියත් කමක් නෑ, රෑ 9:00 ට කලින් ගෙදර එනව. නැත්තං බලු කූඩුවෙ තමා.

      Delete
    7. නයි දාපු බීම තිබ්බ කාම්බෝජේ , මං නම් කෑව ඔන්නොහෙ , එහෙනම් සෙට් වෙමු හෙටනිද්දට

      Delete
    8. ඈ? බීම කෑව? හපලද කෑවෙ? එතකොට බයිට් එක බිව්වද?

      Delete
    9. කතාවේ ඉන්න චරිත වලට පණ ඇවිල්ල කතාවට කමෙන්ට් දාන විදියට බ්ලොග් ලියන ක්‍රමේ මොකක් ද බන් ඩ්‍රැකීයෝ ... හෙහ් හෙහ් ..

      Delete
    10. දැන් ඉල්ලන්කාවේ එහෙම වෙන කාලයක් වගෙනෙ පැතුම්.... ඔය අපූරුවට එක-එක පඹයොන්ටත් පණ දීලා ගන්නේ...

      Delete
    11. මටත් ඇවිත් බිත්තියෙ කමෙන්ට් කරන්න තිබුණා, කෝ? තාම මාව ගොඩ ගත්තෙ නෑනෙ මේ යෝදෙයා...

      Delete
    12. පැතුම්, be careful what you wish for... කිව්වලු.

      නිදි, මට මතක් වුණේ අතුරු මිතුරු වගේ නමක් තියෙන වේදිකා නාට්‍යයක් තිබුණා ජනක් ප්‍රේමලාල් ගෙ, අර පඹයෙක් රජ කරවන...

      Delete
    13. හෙහ් හෙහ් කියල වැඩක් නෑ... මම මේ බලං ඉන්නේ ඇලෙන්ඩි කෙල්ලත් එයිද කියල ... හැබැයි බුවා ආපු ගමන් ආයේ ගියා නිදිමත ඇති ....

      Delete
    14. එයා එන්ඩ කැමති නෑ. මාව ගොඩගත්තොත් මං එන්නං ඔහෙ පදිංචි වෙන්න උනත්.

      Delete
    15. ඩ්රැකී ඔන්න හොඳ අයිඩියා එකක්...
      කොහොමද අවසානයක් නොවේ එකට ස්කෘෘලොක්කයියාවත් කැන්දා ගත්තොත්......

      Delete
  10. උඹ මේක ලියල ඉවර උනාම ආයේ ඔක්කොම මුල ඉඳන් කියවන්න මම හිත හදා ගත්තා ... මොකද දැන් මේ අවස්ථා සම්බන්ධ හොයන්න ගියොත් ඔලුවේ වයර් මාරු වෙන එක සුවර්...

    ReplyDelete
    Replies
    1. ඔහේගෙ බිත්තියට මොකද උනේ. අන්තිම කොමෙන්ට් වලට රිප්ලයි නැති උනාම අපි හිතුවෙ බිත්තිය පෙරලිල කියල. හැක්..

      Delete
    2. බිත්තිය තියනවා, මම ගිහින් බැලුව. හැබැයි පතුරු ගැලවිලා, වේයො හුඹස් බැඳලා.

      Delete
    3. හැබෑට ... එහෙම උත්තර නොදීපු කොමෙන්ටු තියෙනවා කියල මතක් වුනේ මේ කිව්වහමනේ ...

      Delete
    4. පැතුම්, ඇත්ත. මේ කතාව ලයිව් ලියන නිසා මේ. පොතකවත් ලියලා, එඩිට් කරල දානවනං ඔය අවුල ගොඩක් දුරට හරියයි. අනික තමයි කාල පරතරය...

      බකුස්, නයාට හුඹස් ගැන කියන්න එපා. ඌට එව්ව පේන්න බෑ.

      Delete
  11. ආං අම් බලංගොඩයා පට්ට පරිප්පු කතාවක් ලියලා. පැතුම්ගෙ සෙල්ලම් කාලෙ වගේ එකක්. වැම්පයර් ගැන්සිය සපෝට් එකක් දුන්නා නං තමා වටින්නෙ. අපි ආයෙ ලියන, අපේ ලියන අප්පුලාට අත-හිත දෙන්න ඕනෙ නෙව?

    ReplyDelete
    Replies
    1. හිත රිද්දා ගත්තෙ නැතිව
      ඔරොප්පුවත් වෙන්නෙ නැතිව
      පරිප්පුවත් කාල ආව
      සැණෙන් එවනවා මේ කව!

      Delete
    2. මේ වැඩේ ගොඩක් හොඳයි බකුස්. අපි ටික දෙනා එකට ඉන්න ඕනෙ... මං ගිහිං කියෙව්වා. කමෙන්ටුත් කළා ද කොහෙද. ඒත් අර සැට් එක තාම පේන්න නෑ...

      Delete
    3. බොක්කෙන්ම එකඟයි ඩ්රැකී. අපි ඇවිල්ලා වටු වැද්දයි දැලයි කුරුලු රෑනයි කතාව කියවපු අයනෙ.

      Delete
  12. ත්‍රීවිලර් එකක් අරගෙන ආවේ කමෙන්ට් වල අග හොයන්න... සූ ගාලා සෙනගනේ. අපි මාස්ක් දාලා ඉන්නේ. ආවට කමක් නැද්ද? මේක ඔක්කොම ලිව්වම කියෝනව, උඩක් බිමක් තේරෙන්නේ නෑ නොවැ

    ReplyDelete
    Replies
    1. තැනක මම දැක්ක බුරා කියල තිබුණා, මීටරේ පරතරය තියාගන්න කියල කමෙන්ට් දෙකක් අතරෙ. වැඩේ තියෙන්නෙ ලිකී, මේ කතාව "අවසානයක් නොවේ" නෙ. නම වෙනස් කරන්න තිබුණෙ, "උඩක් බිමක් නැත" කියල. ඒක්කො මං මේකට දානව කිසිම අදාළත්වයක් නැති නමක්, නිකං... "කාමරයක් කුළියට දීමට තිබේ" වගේ.

      Delete
  13. කතාව කියවන්න යන වෙලාව පොඩ්ඩයි...කමෙන්ට් ටික කියවන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ වුනාට ඒකත් මරු

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි