Thursday, August 19, 2021

අවසානයක් නොවේ 37

 36 කොටස...

හිරු ගේ රෂ්මිය එන්න එන්න ම දැඩි වෙමින් යද්දී, සම පිළිස්සෙන සියුම් සුවඳ නාවුකයා හට දැනිණ. වෙද මුදලි වළව්වේ ඉඩම කෙළවර ඔසු උයන ට පිවිසෙත් ම ඔහුට දැනුණේ සහනයකි. හිසට ඉහළින් වූ තුරු වියනින් හිරු රැස් වැළැක්වුණෙන්, පිළිස්සීම නතර වූව ද, හිරු එළියෙන් දෑස් දැවීම නැවතුණේ නැත.

කායික පීඩාවත් දැවෙන දෑසින් දර්ශන පථය ට වූ බාධාවත් හේතුවෙන් ඉදිරිය නොපැහැදිළි වූව ද, ඩ්‍රේක් දිව යන වේගය අඩු කළේ නැත.

*    *    *

ලෝකී තම සෙවනැල්ලෙන් නිපන් අනෙකා දෙස බලා, වමත දිගුකොට, වම් පසට වැටුණු මාර්ගය දැක්වී ය. වචනයකුදු නොතෙපළා ඒ දෙදෙනා දෙ පසට විහිදුනු පාෂාණමය කොරිඩෝ දෙක ඔස්සේ යන්නට වූ හ. ඉතා ම ප්‍රවේසමෙන් පියවරක් පියවරක් පාසා හොඳින් සැළකිලිමත් වෙමින් ඉදිරියට ගිය ඡායා ලෝකී, එක්වර ම සිය වම් පය ට පෑගුණු රවුම් ගළක් ඉතා සෙමෙන් පහළට එබී යනු හැඟී හිටිවන ම නතර විය. එ සැණින් ඔහු ගේ දෑස් අසළින් ම කොරිඩෝවේ හරස් අතට කෙටි ඊ තළ පොකුරක් ඇදී ගියේ ය. එතැන් සිට වම් පස බිත්තියෙන් මතු වී දකුණු පස බිත්තිය දෙස ට විදෙන්නට ආරම්භ වූ ඊ සර වැස්සක් කොරිඩෝවේ ඉදිරි කොටසේ අඩි විස්සක පමණ කොටසක් පුරා, පැතිරී ගියේ ය. 

ඊ සර විදෙන හඬ ඇසෙන තරම් ආසන්නයේ සිටිය ද, දකුණු පස මග ඔස්සේ ගිය ලෝකී නතර වූයේ නැත. මුලින් ඉතා සෙමෙන් ඇසෙමින් පැවති මිහිරි ලයාන්විත පිරිමි කටහඬ දැන් දැන් ආසන්න වෙමින් පවතී. එන්න එන්න ම තමන් පසුකර යන ගල් ගුහාවේ බිත්ති ග්‍රැනයිට් පාෂාණයෙන් කිරිගරුඬයට හැරෙන බව නෝර්ඩික් යෝටුන්වරයා නිරික්ෂණය කළේ ය. තවත් පියවර විස්සක් හෝ තිහක් යද්දී, කොරිඩෝවේ නැම්මක් හමුවිය. දැන් දැන් නාඳුනන ප්‍රාථමික බසකින් නැගෙන ඒකාකාරී පුරුෂ කටහඬ ඉතා ම ආසන්නයෙන් ඇසෙයි. ලෝකී ගේ අතෙහි වූ කුඩා පන්දමෙහි එළියෙන් කොරිඩෝවේ පාෂාණමය බිත්ති රෝස - රත්පැහැයෙන් බබළයි. 

කොරිඩෝවේ වංගුවට පිවිසි නෝර්ඩික් දෙවියා හට සිය දෑස් අදහාගත නොහැකි විය. වංගුවට අඩි දහයක් පමණ ඔබ්බෙන් වූයේ ප්‍රාථමික පෙනුමැති ගල් ලෙණකි. එහි බිත්ති හා පියසි ඉතා රළු වූව ද, එය තැනී තිබූ පාෂාණයේ යම් කිසි අපූර්වත්වයක් විය. එම පාෂාණය මහ පොළොවේ වෙන කිසිම තැනක දක්නට නොලැබෙන, විවිධ වර්ණයන්ගෙන් සැදි කිරිගරුඬයක් වූ බව ලෝකී දුටුවේ ය. ගුහාවේ පියස්සේ කෙළවරක වූ සිදුරකින් ඇතුළට වන් හිරු එළිය තීරුවක්, ගුහාවේ ඔපමට්ටම් නැති පොළොවින් විවිධ පැතිවලට පරාවර්තනය වී තිබුණි. එම එළිය තිරු වැටුණු විවිධ පාෂාණ කොටස් විවිධාකාරයේ වර්ණවත් ආලෝකයන් පරාවර්තනය කළේ ය. ලා නිල්, සුදු, ලා කහ, රෝස, ලා තැඹිලි...

ලෙණෙහි මැද කොටසේ කුඩා පොකුණක් විය. එහි පිරී තිබූ පැහැදිලි දිය ගුහා බිත්තිවලින් පරාවර්තිත ආලෝකයෙන් විවිධ පැහැ ගැන්විණ. පොකුණ ට ඔබ්බෙන් ඊට පිටුපා වීරාසනයෙන් වාඩි වූ පුරුෂයන් ති දෙනෙක් සහ ස්ත්‍රියක වූ හ. ඔවුන් ඉදිරිපිට වූ ගල් ආසනයක යෝගී ඉරියව්වකින් වාඩි වී සිටි, කසාවන් වස්ත්‍රයක් පොරවාගත්, හිස සහ මුහුණ මුඬුකළ මැදි වියේ පුරුෂයෙක්, ඉතා පෞරාණික ආසියාතික භාෂාවකින් යමක් දේශනා කරමින් සිටි හඬ ය, මෙතෙක් ලෝකී හට ඇසෙමින් තිබුණේ.

යෝගාවචරයා හා අනුගාමිකයින් දෙස ට යෝටුන්වරයා හට තැබීමට හැකි වූයේ පියවර දෙකක් පමණි. ඔහුට පිටුපසින් හඬක් නොනඟා ළං වූ සුමන හෙවත් ගලගොඩ නිළමේ, සිය වමතින් ලෝකී ගේ ගෙළ තදින් ග්‍රහණය කළේ ය. ඇසිල්ලකින් සතුරා පිටුපසට අඩි කිහිපයක් ඇද ගත් ගලගොඩ, ඔහුගේ ඉළ පෙදෙස එල්ල කළ බරැති පා පහරින් විසිවූ නෝර්ඩිකයා නතර වූයේ ගල් කොරිඩෝව දෙකට බෙදුණු ස්ථානයේ ය. බිම පතිත වූ ලෝකී නැඟිට්ටුවේ එහි සිටි උසැති දිවි සමින් සැරසීගත් යෝගී පෙනුමැති තරුණයා ය. රුද්‍ර ගේ සුරතෙහි ඇඟිලි සිය ගෙළ වටා අයෝමය ශක්තියකින් වෙළෙනු හැඟෙනවාත් සමඟ ම වැදුණු තවත් පා පහරකින් ලෝකී ගල් ගුහාවෙන් එළිමහනට ම විසි වී ගියේ ය. 

විසි වී අවුත් වැටෙණවාත් සමඟම කරණමක් ගැසූ ලෝකී තණ බිම මත දෙපයින් සිට ගත්තේ එළැඹෙන ඕනෑ ම දෙයකට සූදානමිනි. හිස ඔසවා බලන ඔහුගේ ඇස ගැටුණේ ස්ත්‍රීන් දෙ දෙනෙකු සහ පුරුෂයන් හතර දෙනෙකු ඔහු වටකර සිටගෙන සිටින බව ය.

හිස පහත් කරගෙන යන්තමින් දත් පෙන්වා සිනාසුණු යෝටුන්වරයා, වමතෙහි ඇඟිලි දෙකක් මුවතුලට රුවා, දිව නවා සිවුරුහන් ලෑමක් කළේ ය. එසැණින් කළු වළාකුලු රොක් වී හාත්පස අන්ධකාරය පැතිරුණි. අහසේ පිරුණු වළාකුළු වේගයෙන් පහතට ඇදී එනු ලෝකී වටකරගෙන සිටි රහස් දූරයේ වීරයෝ දුට හ. ඒවා තව තවත් පහතට එත් ම, දැවැන්ත අඳුරු නිල්වන් වෘකයන් බවට පත් වනු දුටු සුමන හෙවත් යම, සිය ඉණතුරේ තිබූ කුඩා පිත්තල නලාවක් ගෙන පිම්බේ ය. 

වෘකයන් දහ දෙනෙක් පමණ බිම පතිත වූයේ හාත්පස වූ දැවැන්ත ගස් සොළවාගෙන දැවැන්ත වළසෙක් එතැනට කඩා පනිනවාත් සමඟිනි. 

"ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්..."

“ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්...!” යි ලෝකී මුරගෑවේ ය. කලු නිල්වන් වෘකයෝ දිළිසෙන රත් පැහැ ඇස් සහ කෙළ වෑස්සෙන විරිත්තා ගත් දත් ඇතිව යෝටුන්වරයා ගේ එදිරිකාරයන් වෙත කඩා පැන්නෝ ය.  කඩු ඇදගත් මීමුරේ හෙවත් ඉන්ද්‍ර සහ ගලගොඩ ඉදිරියට පැන තමන් වෙත දිව ආ දැවැන්ත වෘකයන් හට හර දුන්හ. ඉස්බක් පමණ අහසට පැන්න රුද්‍ර, සිය සුරතින් ගත් දැවැන්ත ත්‍රිශූලය කරකවමින්, තමාගේ දෙපසින් පහර දීමට ආ වෘකයන් සිවු දෙනෙකු සමඟ එකවිට සටන් කළේ, නර්තන ශිල්පියෙකු ගේ බඳු බුහුටි බවක් පෑවේ ය. ශක්ති හා අග්නි ද දෑතින් ම වකුටු කඩුපත් හසුරුවමින් වෘකයන් මඟ හැර ලෝකී කොටු කරගන්නට උත්සාහ කළ හ. දැවැන්ත වළසා දෙපයින් සිටගෙන තමන් වෙත කඩා පිණූ, එතැන සිටි විශාලතම වෘකයා දෑතින් අල්ලා දෙකට ඉරා දැම්මේ ය. ඌ නැඟූ වේදනාත්මක උඩුබිරුමත් සමඟ ම අනෙක් වෘකයෝ කැළැව තුළට පළා ගිය හ. 

දැවැන්ත වළහා හතර පයින් දිව අවුත් සුමන අසළ නැවතුණි. ඔහු දෙපයින් සිටගනිත් දී අඩි හයකටත් වඩා උස් වූ මනුෂ්‍ය ශරීරයකට හැරුණේ ය. හැඩි දැඩි මස්පිඩුවලින් ගැවසි අත පය ද, දළ කළුවන් ලෝමයෙන් වැසුණු ළය හා උදරයෙන් හෙබි ඔහුගේ හිස වෙනුවට තිබුණේ වළස් හිසකි. ජයසේන සුරතින් ගත් ෆෙන්රීර් නම් දැවැන්ත වෘකයා ගේ හිස සුමනගේ දෙපා අසළට අතහැරියේ ය.


රුද්‍ර සිය සුරත හිසට උඩින් ඔසවා පිටුපසට ඇද, ත්‍රිශූලය ලෝකී වෙත දමා ගැසුවේ කිසිවෙකුටත් කිසිවක් සිතා ගැනීමට ඉඩක් නොතබා ය. “ඒකා පණපිටින් අල්ලා ගත යුතුයි. මිත්‍ර ගේ සිහිය ආපිට ගන්න ඔහු උවමනයි” සුමන සංස්කෘත බසින් කෑ ගසද්දී ද, බරැති ලෝකඩ ත්‍රිශූලය ලෝකී ගේ සිරුර පසාකරගෙන ගොසිනි. 

නැවතත් ගිණි පුපුරුවලට වෙන්වී විසිරුණු ලෝකී ගේ සිරුර වාතයට මුසු වෙද්දී, ඔහු නැඟූ වියරු සිනා හඬ හාත්පස රැව් නැඟුණේ ය. 

එකෙණෙහි ගල් ලෙණ ඉදිරිපිට විවෘත බිම මැද ගිලා බසිමින් දැවැන්ත වළක් මැවුණේ ය. එම වළ වැසී තිබුණේ දැඩි මිහිදුමකිනි. ඒ මිදුම දුමාරයක් මෙන් හාත්පස පැතිර යද්දී ලේ කැටි ගැසෙන තරම් සීතලෙන් සියල්ලෝ ම වෙවුලන්නට පටන් ගත්හ. 

වළෙන් එළියට බඩගා එන සතුන් මුලින් ම දුටුවේ අග්නි ය. මුලින් ම ආවේ අලුවන් ලෝමයෙන් වැසුනු කුරු වූ විකෘති මනුෂ්‍යයන් බඳු වූ ට්‍රොල් වරු ය. ගල්ගෙඩි පෙරළෙමින් එන්නාක් මෙන් බිම පෙරළෙමින් ආ ඔවුහු එකා එකා සුමන හෙවත් ගලගොඩ ගේ ද, ඉන්ද්‍ර ගේ ද, ජයසේන ගේ ද පහර කාගෙන වැටුණහ. එහෙත් ඔවුන්ගේ සංඛ්‍යාව සිය ගණනින් වැඩි වී එත් ම, දෙවියන්ට සහ යක්ෂයා ට ඔවුන් මැඩළීම අසීරු වී එන බවක් පෙනෙන්නට විය. 

කණ් බිහිරි කරවන හඬක් නඟමින් අහසින් බැස්සේ ඇත් කඳ ළිහිණියා ය. ඊට පිටුපසින් මොණර හිසක් හා දැවැන්ත පියාපත් සහිත තුරඟ සිරුරකින් යුත් මයුරයෙක් බිමට බැස ගත්තේ ය. මයුරයා ගේ පිට මත වූයේ රූමත් හැඩි දැඩි තරුණයෙකි. ඔහු සිය දෑතින් ම කඩුවක් සහ මුගුරක් ගෙන වේගයෙන් වනමින් ට්‍රොල් සතුන් හට අකුණු ගසන්නාක් මෙන් පහර දෙන්නට පටන් ගත්තේ ය. මයුරයා, මයුර වළල්ලක් සේ පෙනෙන ලෙස වේගයෙන් මෙහෙයවමින් සටන් කළ ඔහු ගේ වේගය කෙතරම් වීද යත් ඔහු එකවර අත් දොළසකින් පහර දෙන්නාක් මෙන් පෙනුනේ ය. 



ඇත් කඳ ළිහිණියාගේ ගොදුරු බවට පත් නොවී බේරුණු ට්‍රොල්වරුන් පහර කාගෙන වැටෙද්දී වළෙන් මතු වූයේ තද කොළ පැහැති කැත බකළයන් වූ ඕගරයන් ය. බිම වැටි තිබූ ත්‍රිශූලය මයුර හොටින් ඩැහැගෙන අතට ගත් ස්කන්ධ, එය රුද්‍ර ‌ගේ අතට විසි කළේ ය. තමන් මෙතෙක් සටන් කළ වක් අසිපත ශක්ති දෙසට විසි කළ රුද්‍ර බරැති ත්‍රිශූලය ගෙන සිය සිරුර ඉදිරිපසින් කරකැවුයේ ගිණි වළල්ලක් ආකාරයෙනි. ගුහාව තුළ සිට එළියට දිව ආ සුදු හා අළු පැහැති ඉරි වැටුණු හිම ව්‍යාඝ්‍රයෙක් ශක්ති අසළින් නැවතුණේ ය. උගේ පිටට පැන්න තරුණිය, වක් කඩුපත වනමින් ඕගරයන්ට පහර දුන්නා ය. අග්නි සිය වමතෙහි වූ රැහැණකින් සතුරන් එකා බැගින් ඇද, සුරතේ වූ වකුටු අසිපතකින් දෙපළු කළා ය. ඇඟ ලේ සීතල කරවන සුළු මාරාත්මක හූ හඬ නඟමින් දෑතින් සටන් කළ ජයසේන, විටෙක වළසෙකු ලෙසින් ද, විටෙක මනුෂ්‍ය රූපයෙන් ද සතුරන්ට පහර දුන්නේ ය.


ඕගරයන් පසුපසින් ගොඩට ආවේ සුදුවන් හිම යෝධයන් රංචුවකි. හාත්පස වාතාශ්‍රයේ වූ ජල වාෂ්ප සියල්ල සැණෙකින් සිතලෙන් මිදී ගියේ ය. නිවර්තන කළාපයේ වීරයන් වූ දේව මණ්ඩලය ට මිදුණු පිනි මත ලෙස්සා වැටෙමින්, ගැහෙන සිරුරින් යුතු ව සටන් කරන්නට සිදු වූ අතර, හිම යෝධයන්ගේ ඉමහත් ශක්තියට මුහුණ පෑම එන්න එන්න ම අසිරු බව පෙනී ගියේ ය. 

එක්වරම කරකැවෙමින් අහසට විසි වී ගිය දැවැන්ත මිටියක්... එහි වෙළුනු විදුලි ආරෝපණය, ලා නිල් වන් විදුලි ඉරි අහසේ ඒ මේ අත විහිදුවද්දී, හාත්පස පිරී තිබූ අඳුරු වළා සී සී කඩ ඉරී ගියේ ය. හිරු ගේ උනුසුම නැවතත් හාත්පස පැතිර යද්දී, ආපිට බිමට වැටෙන මිටිය අල්ලා ගැනීමට පිම්මක් පැන්න ටිරෙල් හෙවත් තෝර්, නැවත බිමට බැස්සේ හිම යෝධයෙකුගේ හිසට මිටි පහරක් දී එය සුණු කරමිනි. 

දැවැන්ත වළසෙකු බවට රූපාන්තරණය වූ ජයසේන, යටි උගුරින් කෑ ගසමින් ඉහළට පැන, ඉදිරියෙන් ම සිටි හිම යෝධයාගේ හිසෙහි වූ අං දෙක අල්ලාගෙන, තමන් බිම පතිත වන වේගය හා බර යොදාගෙන ඔහු බිම හෙළා ගත්තේ ය. එසැණින් එහි ළඟා වූ ස්කන්ධ, සිය කඩුවෙන් හෙණ ගසන්නාක් මෙන් පහර දෙකක් දී හිම යෝධයා නිසල කළේ ය. ආපිට හැරුණු ජයසේන, මහසොහොන් වෙස් ගනිමින් ඊළඟ හිම යෝධයා වෙත ද කඩා පැන්නේ ය. තමන් වෙත එන අනතුරට සූදානම් ව සිටි යෝටුනයා, හිස ඉදිරියට නමා ජයසේනගේ පිම්ම සිය අං දෙකෙන් පිළිගත්තෙන්, දෙ දෙනා එකා පිට එකා වැටුණි. 

සටන අතර ම, ඉදිරියට එන සතුරන්ට පහර දෙමින් පිටුපසට පියවර කිහිපයක් තැබූ අග්නි, මිහිදුම අතරින් සිය තියුණු ඇස් බැල්ම යොමු කර යමක් සෙව්වා ය. අවසානයේ, මිහිදුම සහ හිම ගළන ආවාටයට ඔබ්බෙන් දැවැන්ත ගසක අත්තක් මත හිඳ සටන රසවිඳින ලෝකී සහ අංග්ර්බෝදා හඳුනාගැනීමට ඈ සමත් විය.

තමා වෙත කඩා පිනූ ඕගරයා ගේ දෑත් වක් කඩුපතින් කපා දැමූ තාරා, අඩියට දෙකට ශක්ති වෙතට ළං වූවා ය. සිය හිම ව්‍යාඝ්‍රයා ඉදිරියට මෙහෙයවූ තරුණිය බිමට පැන, සිය මිතුරිය ගේ කෙටි සැළැස්ම අසා සිටියා ය. 

එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.

බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු සිරුරැති අයියනායක හෙවත් පුල්ලෙයාර්, ඕනෑම අවස්ථාවකට සූදානම් ව ඔවුන් පිටුපස සිටගෙන සිටිනු දැකිය හැකි විය. 

*    *    *

සටන තව ම අවසන් නෑ. මීළඟ කොටස ඉතාම ළඟ දී...

94 comments:

  1. https://en.m.wikipedia.org/wiki/Owl_of_Athena විතරයි නැත්තෙ.

    දැන් එයි. ඇතීනාට වඩා හොදයි චරිතා.

    ReplyDelete
    Replies
    1. ආවා තමයි. එයි සර්, ෂෙකද?
      තාම පෝස්ට් එක කියව්වෙ නෑ, තේකක් බී..ලා, හැන්දෑවට නා..ල කියවනවා.

      Delete
    2. ප්‍රා,
      ඇතීනාගෙ බස්සට වඩා හපං චරිතා ගෙ බස්සා. නාන ළිං අසබඩ ම යි වාසය...

      බස්සා,
      ෂෙක නෑ. කියහං පුලුවන්නං පාල්දිය කියල.
      පෝස්ට් එක කියවන්ඩ නාල එන එක හොඳා... සමාජ සත්කාරයක්. හැක්!

      Delete
  2. බොක්සරයානෙනි, ජයබමුණානෙනි
    කම්මැලිකම ගව්වක් පන්නා
    ලියන අප්පුලා තල්ලු කරන්නට
    කොමෙන්ටුවක් කොටමුද දෙන්නා
    අපි...ලින්ක් එකක් දාමුද දෙන්නා

    හුකා බොල, පෝස්ට් එක කියවන්නත් ඕනෙ නේද? පස්සෙ එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ලියන්න පෝස්ට් කියවන්න ඕනයි කියන මිත්‍යා විශ්වාසයේ ආරම්භය නෝර්ස් ද ග්‍රීක් ද කවුන්ට් ඩ්‍රැකී?

      Delete
    2. දැන් අපිට හිතාගන්න බැරිවුනාට යම්කිසි පදනමක් තියෙන්න ඇති ඒ කාලෙ

      Delete
    3. කමෙන්ට් සියල්ලටම උත්තර දෙනව. එ් අතරෙ සිංහල ටයිප් කිරීමේ අවුලක් අාව. වින්ෙඩා්ස් අප්ඩේට් එකක් දාගෙන ම අැවිත් උත්තර ෙදන්නං. ප්‍රා ගෙ ප්‍රශ්නය ඉතා ම වැදගත්. එ්කට නම් අනිවාර්යයෙන් ම උත්තර දෙනව.

      Delete
    4. නොදන්න මල ඉලව් දාගෙන
      අලයා වැඩේ අල කරගෙන

      Delete
    5. අනේ බාං, මටත් කියා දියංකො අර තිත්,තිත් බෝලෙ දාන හැටි.

      Delete
    6. බකස්,
      කමෙන්ට් එකක් දාන එකත් කුමක් වැනී
      ලියනා දේ අගයක් ඇති බවයි දැනී
      ලිංක් එකක් දාන එකත් කුමක් වැනී
      තව තව පැති පෙන්වා දෙන ගුරෙක් වැනී

      ප්‍රා,
      ඇත්ත. මට පේන විදිහට ඔය මිත්‍යාව එන්නෙ මෙතුසිලා ගෙන්. උන්දැ තමයි නෝවා ගෙ හීනය මුල ඉඳං අගට ම අහගෙන ඉඳල කමෙන්ට් කරන්නෙ. ඒකට නෝව ගෙ මායියා. "මං හීනයක් දැක්ක" කියනකොට ම තරහ වෙලා කමෙන්ට් වරුසාවක් වස්සලා, අම්මලැයි ගෙදර ගිහිල්ලත් ඉවරයි. ඉතිං උන්දැ මහා ජල ගැල්මට අහුවුණා. ඒකෙන් තමයි පටං ගත්තේ, කවුරු හරි ලියන කියන දේ මුල ඉඳං අගට ම අහගෙන ඉඳල කමෙන්ට් කරන්න ඔ්නෙ කියන අදහස.

      යුලීසිස් ගෙ කස්ටිය සර්සි ට අහුවුණේ සර්සි කියන දේවල් අහගෙන ඉන්න ගිහිං. ඉතිං ඉතකා ගුරු කුළය කියන්නෙ කමෙන්ට් කරන්න කලිං කියවන්න එපා කියල. මෙතුසිලා ගුරු කුළය කියන්නෙ පෝස්ට් එක කියවන්න කියල.

      පිලාත් අනුගමනය කළේ මෙතුසිලා ගුරු කුළය. ඒ්කයි ‌යුදෙව් මිනිස්සු ඔක්කොම කියන දේවල් අහගෙන ඉඳල ඉඳල මොළේ කචල් වෙලා අත හෝදගත්තෙ.

      ඔරිමජිනල්,
      නෑ නෑ මං තාම ජනෙල් 11 දැම්මෙ නෑ. එව්වට තාම වෙලාව නෑ.

      බකස්,
      ඒ තිත් තිත් බෝලෙ දාන්ඩ නං, වින්ඩෝස් අප්ඩේට් නොකර අවුරුදු දෙකක් විතර ඉන්ඩෝනෙ ලු.

      Delete
  3. අප්පට හුඩු නියමයි, ඩ්‍රැකියො.මයිල් ඉස්මයිල් වුනා. ටිරල් සපෝට් කරන්නෙ ඇයි කියල තේරුනේ නෑ. යෝටුන්වරයා කියන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ Jotun or jotunn

      https://en.m.wikipedia.org/wiki/J%C3%B6tunn

      https://en.m.wikipedia.org/wiki/J%C3%B6tunheimr

      නෝර්ස් මිතොලොජි ටෙක්ස්ට් බුක්ස්වල තියන ඒවායින් වෙනස් කරපු adaptation තමයි මාර්වල් කොමික්ස් හා චිත්‍රපටිවල තියෙන්නෙ.
      ඒවයිනුත් අඩැප්ට් කරල තමයි කවුන්ට්තුමා ලියන්නෙ මට පේන විදිහට.
      මාර්වල් පොත් හා මූවීස් අතරත් පොඩි වෙනස් කිරීම් තියෙන්නෙ ඉතිං.

      බස්වහන්සෙගෙ අයිඩෙන්ටිටි අතර තියන වෙනස්කම්වලට වඩා බොහොම අඩුයි ඔය aadaptations.

      Delete
    2. ටිරල් කොහොමවෙතත් තෝර්නම් ජීවිතේ ගෙවන්නෙ මෙහෙ එන එකයි යෝටුන්හයිම්වල අයිස් ජයන්ට්ස්ලා බයිට් කිරීමෙනුයි තමයි.
      ලෝකිත් ෆුල් හෝ හාෆ් ජයන්ට් කියලයිනෙ කතාවල තියෙන්නෙ

      Delete
    3. දැන් තේරුනා. ආදිපාද තුමත් මේ නෝර්ස් මිතොලොජි හොඳින් රසවිඳින පාටයි.

      Delete
    4. Jotun කියලා නැව් වල ගාන තින්ත වර්ගයක් නම් දැකලා තියෙනවා. කොහොමත් නොඩික් නාවිකයා පාවිච්චි කරන්න ඇත්තේ Jotun paint වෙන්නැති.
      https://www.jotun.com/ww/en/b2b

      Delete
    5. බකස්,
      නෝර්ස් මිත් හැටියට ලෝක නමයක් තියෙනව. එයිං එකක් තමා යෝටුන්හයිම්. ඒහෙ ඉන්නෙ යෝදෙයො. උන්ට කියන්නෙ යෝටුන්. ඇස්ගාඩ් කියන්නෙ තවත් ලෝකයක්. සමහරු කියන විදිහට ලෝකී, ඇස්ගාඩ්වල ලොක්කා, ඔ්ඩින් ගාව හැදුණට, යෝටුන් කෙනෙක් ලු. සමහරු කියනව හාෆ් යෝටුන් ලු. උන්දැ ගෙ වෛෆ් ඇංග්ර්බෝදා. ඒයත් යෝටුන් කෙනෙක්. ඔය යෝටුන්ලගෙ දරුවො එක එක විදිහෙ මන්ස්ටර් ලා. එයිං එකෙක් තමා ෆෙන්රිර් කියන මහා වෘකයා. රැග්නරොක් එකේ දි ඌ ඉර ඒක කටට ගිළිනව. ඉතිං මම මෙතන යෝටුන් කිව්වෙ ෆ්‍රොස්ට් ජයන්ට්ල ට යි, ලෝකී ට යි, ඇංග්ර්බෝදා ට යි.

      ප්‍රා,
      මගෙ තේරුම්ගැනීමෙ අඩුපාඩු තියෙන්ඩ පුළුවං. මට විවේක වෙලාව බොහොම අඩුයි. උනන්දුව තිබුනට. කරුණාකර මාව නිවැරදි කරන්න. ඒකෙන් මේ කතාවත් පෝෂණය වෙයි.

      අසංග,
      පැරකුම්බා දත් බෙහෙත් වගේ, අර "යෝටුන්" කියන නම පේන්ට් එකට බ්රෑන්ඩ් නමක් විදිහට දාල ඇති?

      Delete
  4. නියමයි නියම ගති දැන් නෙව කතන්දරේ
    ලෝකේ තියෙන ඔක්කොම දේ එකම වරේ
    පාදක කරන් ලියනා මේ අපේ හුරේ
    'මාවල් සමාගම' දැක්කොත් කල්ල මරේ!

    කියවන විටදී මේ අන්දරෙ- හැම ආගම්
    හැම විශ්වාස, ජන ඇදහිලි දන්නව නම්
    රුකුලක් වෙයි කියා හිතෙනව දැන් දැන් නම්
    දාමුද ඩ්රැකී අගදී 'පාදක සටහන්!'

    ReplyDelete
    Replies
    1. 'පාදක සටහන්!' මොකටද බං ප්‍රාජේ ඉන්දෙද්දී

      Delete
    2. පාදක සටහන් හොදා මිනිහගේ වැටක සටහන් නැතිව.

      Delete
    3. මට කවදාවත් හිතා ගන්න බැරිවෙයි ඒ මහත්තයා links දෙන විදිහ නං!

      Delete
    4. අපිට වගේ ලින්ක් හොයන්න දෙයක් නෑ, ලින්ක් එයාව හොයාගෙන එනවා.

      Delete
    5. නිදි,
      පාදක සටහනුත් ඔ්නෑ දාන්නට
      එයිටත් වඩා ටිප්පණියක් වෙයි පිහිට
      නැත්තං මේක ලියාපු හැටි කියන්නට
      "මේකින් ඔෆ්" එකක් දැම්මොත් හොඳද බොට

      නෝස් - ඉන්දියන් ගැටුමක් බලන්නට
      ආසා කරන අය හමුවෙයි විටින් විට
      ලියනා ගමන් කියවන දේ නිසා මට
      පෝෂණයක් ලැබේ තව තව ලියන්නට

      අජිත් අයිය,
      මටත් වඩා නිවැරදියට ප්‍රා දානව පාදක සටහන්. අර ඉන්දියාවෙ නෝඩික් කොළනි ගැන මම දැන ගත්තෙත් ඒ් වගේ පාදක සටහනකින්.

      කොමිඩ්‍රැක්,
      වැට වෙනුවට පාදක සටහනක් දාගන්න නම්, එයා ඉම්ප්‍රෙස් වෙන විදිහට අපි ලියන්න ඔ්නෙ.

      නිදි,
      සමහර විට, ඒ එයා කලිං කියවලා මතක තිබුණු ලිංක්. නැත්තං කමෙන්ට් කරන්න ඔ්නෙවට ම හොයන ලිංක්...

      බකුස්,
      දැන් දැන් නම් බොලා දෙන්න රයිගමයයි ගම්පළයයි වගේ වෙලා තියෙන්නෙ. අර උඩ සිංදුව හරියට ම හරි.

      Delete
  5. අම්මට සිරි. මගේ කොමෙන්ටුව කොටන අතරේ Pra Jay මහත්තයාටත් මාවල් ගැන මතක් වෙච්චි comment එකක් ඇවිත්. සහානුභූතියද ටෙලිපතිද මන්දා.

    ReplyDelete
    Replies
    1. මං කොහොමත් ජීවිතේ වැඩිකාලයක් මාර්වල් සිහිනලෝකයේ ගෙවපු කෙනෙක්නෙ නිදිතුමා. චිත්‍රපටි එන්න හුගක් ඉස්සර ඉදං. මගෙ මානසික ව්‍යාධියට එක හේතුවක් කොමික්ස්.
      ඒකනෙ ඔබතුමාලගෙ පෝස්ට්ව්වවලට මං සමහර කමෙන්ට් දාන්නෙ පෝස්ට් නොකියවා හිතෙන් ඉමැජින් කරල

      Delete
    2. අනේ මටත් එහෙම හැකියාවක් තියෙනවා නං!
      එහෙම නැති නිසයි මම post එක සහමුලින්ම කියවලා, linksවලටත් ගිහින් බලලා මිස comments නොදාන්නේ.

      Delete
    3. මාවල් නිසා තමයි මයෙ හිතේ ලෝක ගෝලයෙ මේ අර්ධගෝළයට ඔය නෝස් මිත් වගේ දේවල් පැතිරෙන්නෙ. නමුත් මම ලියද්දි මාවල් ට වඩා ගුරු කර ගන්න ගියෙ මුල් පුරාවෘත්ත.

      පෝස්ට් නොකියවා කමෙන්ට් කිරීමේ හැකියාවේ මාස්ටරයාණනි, මෙන්න ඔබට මගේ ආචාරය!

      Delete
    4. එහෙමට හැකියාවක් අවශ්‍යනෑ බාගෙට පිස්සු + වැඩි දෙවල් සීරියස් නොගැනීම+ බනිනකොට ලිස්සායාම තිබුනාම හොඳටම ඇති

      Delete
    5. ඉලව් මාවෙල්...
      රැග්නරොක් බැලුවද..
      මාවෙල් විකාර‍ෙ නෙවී ටීවී සීරිස් එක

      Delete
    6. Pra JayAugust 19, 2021 at 1:05 PM - කොහෙද ලිස්සුවේ බස්සගේ ළිඳ ගාවද

      Delete
    7. වවුල් බෙටි වලට වතුර වැටුනාම ලිස්සනවා ලොක්කෝ......

      Delete
    8. ඒක හොඳටම අත් විඳින්න නම් 'වවුල්පනේ ගුහාව' බලන්න යන්න. වවුලෝ 50,000කට වදිය ඉන්න ගුහාවක්. වතුර අඩු කාලෙක, මේ පැත්තෙන් ඇතුළු වෙලා අනෙක් පැත්තෙන් මතු වෙන්න බලාගෙන. එළියට එද්දී වවුල් බෙටිවලින් නෑවිලා එන්න වෙන එක ෂුවර් නිසා වෙනම ඇඳුමකුත් අරන් යන්න!

      Delete
    9. ප්‍රා,
      ඒ හැකියාවන් තුන ම සමහරුන්ට උපතින් ම පිහිටා තිබුණත්, සමහරුන් ට ආයාසයෙන් ඉගෙන ගෙන, තනියම ප්‍රැක්ටිස් කරලා, වර්ධනය කර ගත යුතු කුසලතාවක්.

      මහේෂ්,
      රැග්නරොක් බැලුවෙ නෑනෙ. ‌බලල ම තමයි කියන්න වෙන්නෙ. ඒ් අතරෙ, ගහල තියෙනවද "ඒජ් ඔෆ් මිතොලොජි" ගේම් එක?

      අජිත් අයිය,
      හෑ...! ඒ් ගමන ප්‍රා ත් ගිහිං ද හොරං හොරෙං අඹතලේ නාන ළිඳ ගාවට? ඒකට තමා එහෙනං වටිං ගොඩිං ළිඳ ගැන, වංගු ගැන එහෙම ඇහුවෙ...

      කොමිඩ්‍රැක්,
      වවුලො ඒල්ලිල ඉන්න ගමං බෙටි දානකොට... ඈක්ක.

      නිදි,
      එතකොට තමුන්නැහැ එහෙත් ගියාද?

      Delete
  6. ම් ම් ම් තව එකක්. සුමන රකින්නේ දිවා ගුහාවද?

    ReplyDelete
    Replies
    1. නිදි අහල ඇති අර පුරාවෘත්තයක් තියෙනව, දිවාගුහාවෙදි සමන් දෙවියන්ට බුදුන් දේශනයක් කළා ලු. ඒ අතරෙ සමන් දෙවියන්ට වෙන හදිසි රාජකාරියක් සිහිපත් වෙලා, ගෞරවය නිසා යන්නත් බෑ. ඒ නිසා තමන්ගෙ රූපය මවල තියලා ගියා ලු. බුදුන් ට මේ මායාව අවබෝධ වෙලා, එතුමත් තමන්ගෙ රූපය මවල තියල ගියා ලු.

      ඉතින් නිවැරදි දිවා ගුහාවට ගියොත්, අදටත්, දහම් දෙසන බුදුන්ගෙයි, වැඳගෙන ඉන්න සමන් දෙවියන්ගෙයි රූප දකින්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනව.

      මම ඔය විස්තරේ වෙනසක් කරල ලිව්ව 35 කොටසෙ.

      Delete
    2. https://www.bbc.com/future/article/20150821-the-dangerous-consequences-of-seeing-your-doppelganger

      Delete
    3. මං දන්නව ඒ දිව්‍යමය හැකියාව තියන බස්මෑන් හා ෆොක්ස්මෑන් කියල වීරයං දෙන්නෙක් (>2)

      Delete
    4. https://en.wikipedia.org/wiki/Multi-Man

      Delete
    5. සුමන බුදුන්ට කරලා තියෙන්නේ වංචාවක් බුදුන් සුමනට කරලා තියෙන්නේ වංචාවක්.
      අන්තිමට සුමන බණ අහලා නෑ. බුදුන් සුමනට බණ දෙසලා නෑ.

      Delete
    6. නොදැන හිටිය කතාවක්නේ! මරු!!

      Delete
    7. //සුමන බණ අහලා නෑ. බුදුන් සුමනට බණ දෙසලා නෑ//

      හ්ම්...ආන්න පොයින්ට් එක. අල කොමසාරිස් කතාව ලියලත් නෑ, බස්සො කවදාවත් ලිස්සලත් නෑ. ජයසේන ටිකිලා වලට කැමතිත් නෑ. අන්කල් සෑම්, බ්ලැක්-හෝක්, ඇපාචී ඇෆ්ගනිස්ථානෙ දාලා ආවෙත් නෑ. තලේබාන්ලා බොරු කියලම නෑ.

      තැන්කිව්, දැන් මගේ හිත නිවුනා.

      Delete
    8. ප්‍රා,
      මල්ටි බකුස් මෙන් ම මල්ටි ඩ්‍රැකා ද මේ සප්ත මහා සයිබර් අවකාශයේ රඟදක්වන නළුවෝ ම වෙති. බස්මෑන් සහ ෆොක්ස්මෑන් ගැන කියතොත්, ප්‍රායිය දන්නවද? සුපර් මෑන් ගෙයි නිකං මෑන්ගෙයි වෙනස මොකද්ද කියල, ඇපියරන්ස් එකේ?

      කොමිඩ්‍රැක්,
      ඇත්ත. අපේ සාම්ප්‍රදායික භක්තිවාදී කතන්දර හරියට විශ්ලේෂනය කළොත් ඒ්වයෙ නිරූපණය වෙන වීරයො සහ සුදු චරිත මහා කුහකයං බව පේනව. ඒ උනාට, එව්ව ඔක්කොම අසන්නං තුළ භක්තිය වර්ධනය කරවන්න හදපු හිතළු. ඒකයි මං ඒ කතාව එයිට වඩා තේරුමක් ඇති වෙන්ඩ වෙනස් කළේ, 35 කොටසෙ.

      නිදි,
      ඇත්තට අහල තිබ්බෙ නැද්ද? පුදුමයි. මං දැනං උන්න නිදි ජනශ්‍රැති බර ගාණක් පිරවුණු කෝෂ්ඨාගාරයක්.

      බස්,
      ඔව් මං වින්ඩෝස් 11 දැම්මෙත් නෑ. ට්‍රයි කළෙත් නෑ, තාම.

      Delete
  7. Pra Jay, ට්‍රොල්වරුයි නිට්ටෑවෝයි අතර නෑදෑකමක් හෙම තියෙනවද කියලා මට හිතුණා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. හැබැයි trolls ට අමතරව dwarvesලත් ඉන්නවා ඔක්කොම ජාතිවල මිතොලොජිවල. නෝර්ස් dwarves නම් හැබැයි තාක්ෂණයෙන් දියුණු කම්මල්කාරයො.

      Delete
    2. හ්ම්ම්.....පියාඹන ආඳෙක් වන මම, අනෙකාගේ ලිස්සීමේ අයිතියට ගරුකරමි.😊

      Delete
    3. නිදි ට කියන්න, ඔය හරිය ලියද්දි මටත් ඕකමයි හිතුණෙ. ලංකාවෙ වාමනයො අතර, නිටුටෑවො සිවුශේෂීයි. අනික් අය තමා, මට්ට කොල්ලා, ගොපල්ලා ආදී උදවිය.

      ප්‍රා, ඔව් ඩ්වාව්ස් ඉන්නව. ඒත් ඒ අය ලෝකී ට උදව් කරයි කියල හිතන්න අමාරුයි. ඒ අය තෝර් ට සහ හරි දේට පක්ෂපාතීයි. ඒ අය ගෙන් තුන් දෙනෙක් නේද තෝර් ගෙ මිටිය හදල දෙන්නෙ?

      බස්, ලිස්සීමටත් පේටන්ට් ගන්න වෙලා තියෙන්නෙ දැන්. ගුරු පරයා නැගීම මොන දේතුළත් වගේ ම ලිස්සීම තුළත් තියෙනව.

      Delete
    4. Sliding or deflecting - a fine line.

      නිට්ටෑවන් හා මට්ටකොල්ලා/ ගොපල්ලා /වාමන අතර ප්‍රධාන වෙනස්කම තමයි නිට්ටෑ ලෙජන්ඩ් එකේ අද්භූත දේවල් නැති එක , ඔය අනිත් වර්ග සාමාන්‍යයෙන් සැලකෙන්නේ අද්බූත සුපර් නැචුරල් ජීවීන් / අජීවීන් හැටියට.

      සමහර ල ඕඩින් කියන ඒවා කරනව සමහර වෙලාවට, ජයන්ට්ස්ලා එක්ක සම්බන්ධය අඩුයි. ඒත් ඇස්ගාර්ඩියන්ස්ලාට විරුද්ධවෙන අවස්ථාත් තියනවා. ඇස්ගාර්ඩියන්, වනීර්, වෙනස් ජාතිවල ජයන්ට්ස්, වෙනස් එල්ව්ස්, ඩ්වෝව්ස්, ට්‍රෝල්ස්, වොල්කයිරීස්, ස්පිරිට්ස්, නෝර්න්ස් ආදී විවිධ වර්ග අතර මිත්‍රකම්වලට වඩා තියෙන්නෙ සැක හෝ සතුරුකම්.

      Rick Riodan's Magnus Chase පොතුත් නරක නෑ

      Delete
    5. ඔය නිට්ටෑවො ආදි වාසීන්ගෙ(political correctness) අංගනාවො හොරකම් කරපු නිසා, ගුහාවකට දාලා ආදාහනය කලා කියනව නේද? මේ කතාව තහවුරු කරන මුකුත්, ආදිවාසී ජන වහරෙ නැද්ද?

      Delete
    6. ඊතල පණිවුඩ නවවාසී බස්සො ලග නැද්ද?

      Delete
    7. හහ්, අපිත් ඉඳලා හිටලා හරි ඇ(ට)කඩමික් සාකච්චාවකට මුල පිරුවොත්, කකුලෙන්මයි අදින්නෙ.😒 ( sad pouty boxer face)

      Delete
    8. So, check emails. No sliding there.

      Delete
    9. ප්‍රා,
      ඇත්ත. මං ඔයතරං ගැඹුරට ගියෙ නෑ. සැක සහිත සම්බන්ධකම් තිබුණත්, මං හිතනව ඩ්වාව්ව්, එල්ව්ස්, වැලකයර්ස්, වැනීර්ස් ආදී අය ලෝකී ට සපෝට් කරනව ට වඩා මග හැරලා තමන් බේරෙන්න නැඹුරු වෙයි කියලා.

      බකුස්,
      ඔය කතාව මාත් අහල තියෙනව. ඒක මයෙ හිතේ නොක්ස් ගෙ පොතේ ද කොහෙද තියෙන්නෙ. නිට්ටෑවො ගැන පොතක් ලියපු අයිය කෙනෙක් ඉන්නව අපි අතරෙ. එයා ගෙ ම අදහස අහල බලමු නේද?

      Delete
  8. පයිට් නං මෙන්න පයිට්! ඇඟ කිළිපොලා යන පෙම් ජවනිකා හා ඉල ඇදෙන පයිට්!

    ReplyDelete
    Replies
    1. තව ලියන්න තිබුණා කියල දැන් හිතෙනව. ඉලියඩ් එකේ පයිට් එක්ක බලද්දි මෙව්ව මොනවද? මොනව කරන්නද බුරස්? එක රෑකට පුළුවන් උපරිම ප්‍රමාණයක් ලියන්න ඕනෙ වුණා. මේක ආයෙම එඩිට් කරද්දි බොහොමයක් දේවල් වෙනස් වෙලා විස්තරාත්මක වෙලා තියේවි.

      Delete
    2. මට හිතෙන්නෙ මේ ඇති කියලයි. පොඩි කොස්සක් නැත්තෙමත් නෑ.

      මතකනෙ, අර චිත්‍රපටිවල වීරයා තනියම ගැන්සියකට නෙලන කොට, සටන් අධ්‍යක්ෂක දුෂ්ථයො වරකට එකා බැගින් එවනවා. නැත්නම් එකෙකුට වැටෙන්න නෙලන තෙක්, අනික් දුෂ්ථයො ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
      අර වලෙන් කස්ටිය ආව හැටියට ටිකා...ක් ඒ වගේ හැඟීමක් ආව.

      ඒ හැටි අවුලක් නෑ, අනිත් එව්වා ඉතාමත් හොඳයි.

      Delete
    3. ආ තව කඩයිම් ප්‍රශ්ණයකුත් තියනවා, කැමති නං? අර මිටිය තියන හාදයා- ටිරල් , එයා වැටවලුත් ගහනවද?

      Delete
    4. https://skjalden.com/the-building-of-asgards-wall/

      Delete
    5. //නැත්නම් එකෙකුට වැටෙන්න නෙලන තෙක්, අනික් දුෂ්ථයො ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.//

      බස්සා මහත්තයෝ... උඩ ටික කියවද්දී මට තවම හිනා යන මතකයක් කියන්න හිතුන. මේක තියෙන්නේ වීර පුරන් අප්පු film එකේ සටනක.
      ඉංග්‍රීසි හමුදාවේ සෙබළු පෙළට ඉඳලා වෙඩි තියනවා, උන්ට මුහුණ දීලා ඉන්න සිංහල සෙබළුනුත් පේළියට හිටගෙන ඊතල විදින ගමන් වෙඩි කාලා වැටෙනවා. ඉස්සරහ පේලියේ අය වැටුනට පස්සේ තමයි අපේ දෙවෙනි පෙළත් විනීතව ඉස්සරහට එන්නෙ.

      Delete
    6. කෝ බොල පෙම් ජවනිකාව

      Delete
    7. ඒවා පොඩි එවුන්ට පේන්නැතිවෙන්ට ලියලා තියෙන්නෙ.

      Delete
    8. බකුස්,
      ඇත්ත. පයිට් ලියනකොට හොඳ ම ක්‍රමය තමයි වෙන කෙනෙක් තමන්ට පේන දේවල් තව කෙනෙකුට කියන විදිහට ලියන එක. එක හෙණ ම ලයිව්. ඔය ක්‍රමය තියෙනව මහාභාරතයෙ. ඉලියඩ් එකත් ලියන්නෙ, ඇතීනා ද කොහෙද හෝමර් ට කතාව කියන විදිහට. විජයබා කොල්ලයෙ තියෙනව ඔය ව‌ගේ පයිට් එකක්, ඇස් පේන්නැති සීයෙකුට මුණුපුරා කියන විදිහට. ඉඳිං කො මේ කතාව එඩිට් කරද්දි දෙන්නං දොඹෙං...

      ආයි බස්ස,
      නෑ නෑ... වැටවල් ගහන අයිය තමයි ‌ෆෙන්රීර් ව දෙකට ඉරල, ෆ්‍රොස්ට් ජයන්ට ල දෙන්නෙක් ම බිම දැම්මෙ...

      ප්‍රා,
      ඔය කියන තාප්පෙ ගහපු මාම ගෙ වෛෆ් උන්න මේ කතාවෙ මුල හරියෙ...

      නිදි,
      ඔය කියන ක්‍රමය තමයි මූණට මූණ සටන්වල තිබුණෙ ම. පේ්‍ට්‍රියට් ෆිල්ම් එකේ තියෙනව ඒ්ක ලස්සනට ම.

      අජිත්,
      මම පරක්කු නිසා බුරා උත්තර දීල තියෙනව. කරුණාකර බුරා ගේ පිළිතුර භාර ගන්න.

      Delete
    9. බුරා,

      කොහොමද ඒ්ක දැක්කෙ?

      Delete
  9. මේක සුර අසුර යුද්ධය වගේ !

    මෙතන යන ෆයිට් එකේ බරපතල කම නිසා, friendly fire උනත් වෙන්න බැරි කමක් නැහැ.

    //D.G.M බස්සාAugust 19, 2021 at 12:06 PM
    ආ තව කඩයිම් ප්‍රශ්ණයකුත් තියනවා, කැමති නං? අර මිටිය තියන හාදයා- ටිරල් , එයා වැටවලුත් ගහනවද//

    වැටවල් ගහන එක ගැන අයිරිෂ් ජෝක් එකක් මතක් උනා.

    අයිරිෂ් කාරයෙකුයි, යැංකියෙකුයි, ඔසියෙකුයි ඔලිම්පික් බලන්න ගියා. හැබැයි තුන්දෙනාටම ටිකට් තිබුනේ නැහැ.

    ඇමරිකන් කාරයා, පාරේ තිබුන මෑන්හෝල් එකක කවරේ ගලවලා අතට අරගෙන ගේට්ටුව ලඟට ගිහිල්ලා, Discus throw කියලා, එයා කව පෙත්ත විසි කරන ක්‍රීඩකයෙක් විදියට ඇතුලට ගියා.

    ඔසියා එතනම වැටේ තිබුන යකඩ පයිප්පයක් ගලවා ගෙන ගේට්ටුව ලඟට ගිහිල්ලා, Pole vault කිව්වාම, රිටි පනින කෙනෙක් විදියට ඇතුලට යන්න ලැබුනා.

    අයිරිෂ් කාරයාට ගෙනියන්න මොකවත් හොයන කොට, එතනම කටුකම්බි රෝලක් තියනවා දැකලා, ඒක කරේ දාගෙන ගේට්ටුව ළඟට ගිහිල්ලා, කලින් දෙන්නා කිව්වා වාගේ එයා යන ක්‍රීඩා ඉසව්වේ නම කිව්වා.

    ""FENCING""

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් කටුකම්බි ෆෙන්සින්. අපේ ප්‍රාජේ මැතිඳුන්ට නං ඔලිම්පික් යන්න එහෙම අවුලක් නෑ. තෝර් වගේ ගාම්භීර ලෙස කෙලින්ම ගියෑකි. ඔලිම්පික් කිව්වෙ, ඔලිම්පි කන්ද මුදුනට.

      පහල එන එක ඊටත් ලේසියි. "deflecting - a fine line" එක දිගේ ලිස්සුවෑකි.

      Delete
    2. Pra Jay මහත්තයෝ සමා වෙන්නොනි දහස් වාරයක් මේක කියනවට.
      හැබෑටම ඇයි තමුන්නාන්සේ ඔලිම්පික් නොයන්නේ, අයියෝ+මය පුරුෂයා ඉවෙන්ට් එක ගියා නං.....

      Delete
    3. ඉස්කෝලෙ යන කාලෙ අපේ යාළුවෙක් හිටියා. සිරා බොඩි එකක් හදාගෙන තිවුනා. පොර හැබැයි හැමදාම නාහෙන් අඩනවා 'අයෝමය පුරුෂයා' තරගවලට ගියාට කවදාවත් ප්ලේස් එකක් ලැබෙන්නෑ කියලා. අපි එතකොට ඌට කියනවා "මචෝ, හේතුව මේකයි. උඹට අයෝමය ඇඟක් තිවුනට පුරුෂෙ නෑ" කියලා.

      Delete
    4. අප්පට සිරි, ඔලිම්පික්වල ඒකත් තියනවද?
      බස්සන ලිස්සං තරඟත් ඇති එහෙනං

      Delete
    5. තියනව, තියනවා. කනා මුට්ටිය බිඳීම, කොට්ට පොර. මගේ ෆේවරිට්, ග්‍රීස් ගහේ නැගීම.

      Delete
    6. සෑම් අයි ඈම්... අරේ, ඒක පට්ට කතාව. සමාන කතාවක් නොවුනත්, ක්‍රීඩකයො ගැන කතාවක් කිව්වැකි.

      දවසක් ඔන්න අර කණ කෑව හාදෙය, මයික් ටයිසන් ගමනක් යන්ඩ කෝච්චියෙන්, නයිට් මේල් එක එනකං ඉන්නව කොටුවෙ ස්ටේෂන් එකේ. එහෙම ඉද්දි, පොරට චූ කරන්ඩ යන්ඩ ඕනෙ වුණා. ඒ උනාට උන්දැගෙ ලොකු ලෙදර් ජැකට් එක අරං යන්ඩ බෑ. ඉතිං කල්පනා කරල කරල, ටයිසන් ට හොඳ අදහසක් ආව. එයා ජැකට් එක හොඳට නවල, ස්ටේෂන් බංකුව උඩින් තියල, නෝට් එකක් ලියල ඒක උඩින් තිබ්බා. “මයික් ටයිසන්ගෙ ජැකට් එක. ටයිසන් විනාඩි පහෙන් එනව“ එහෙම තියල උන්දැ ගියා ටොයිලට් එකට.

      ආපහු එනකොට ජැකට් එක නෑ. එතන තව නෝට් එකක් තිබුණා. “උසේන් බෝල්ට් අරං ගියා. ආපහු එන්නෑ“ කියල.

      බෝල්ට් ගැන බෝනස් කතාවක්...

      දවසක් උසේන් බෝල්ට් ගෙ ගෙදරට හොරෙක් පැනල. වැඩි දෙයක් උස්සන්න හම්බෙලා නෑ, බෝල්ට් ගෙදර ආව නිසා. එකපාරට ම කලබල වුණ හොරා ජනේලෙකින් පැනල දුවල. බෝල්ටුත් උගෙ පස්සෙන් එළවගෙන ගිහිං. ඔහොම යද්දි හංදියෙ පොලිස් කාරයො දෙන්නෙක් ඉඳල, බෝල්ට් උන්ට කිව්වලු සිද්ධිය. “ඉතිං කෝ හොරා?“ පොලිස් කරය අහල. “හොරා...? හැහ්! ඌ කොහෙද මාත් එක්ක දුවන්නෙ? මම ඌව පහුකරල දැන් විනාඩි පහක් විතර වෙනව“ කිව්වලු බෝල්ට්.

      තව කතාවක්...

      දවසක් අවුරුදු උස්සවේකට ගියපු ප්‍රසන්න, තකහණියක් ගෙදර ආවලු කප් එකකුත් අරං. වෛෆ් ඇහුවලු “කොහෙන්ද ඔය කප්පෙක?“ කියල.

      ප්‍රසන්න කිව්වලු, “මං ගම හරහ දුවල පළවෙනියා“ කියල.

      “ෂා! හරි ෂෝක් නෙ. කවුද එතකොට දෙවෙනිය, තුන්වෙනිය එහෙම?“

      “දෙවෙනිය පොලිස් කාරය.“ ප්‍රසන්න කිව්වලු... “තුන් වෙනිය කප්පෙකේ අයිතිකාරය“

      තව කතාවක් කියන්ඩද? එපා? හා එහෙනං යන්නං...

      Delete
    7. බකුස්, ප්‍රා ජේ ට ඔලිම්පික් කන්ද මුදුනට ම යන්ඩැහැකි, ඔලිම්පික් පැත්තට නිරිත දිග මෝසම් සුළං හමන කාලෙට. ආපහු පහළට එන්ඩ නං, ඊසාන දිග මෝසම් සුළඟ එනකං ඉන්ඩ වෙනව. එයිට කලිං කන්දෙං බිමට පැන්නොත් හුළං සැරට ආපහු කන්ද මුදුනෙ තමයි නතර වෙන්නෙ.

      නිදි, ප්‍රා ජේ ඒ ඉවෙන්ට් එකට ගියොත් ඉවෙන්ට් එකේ නම වෙනස් කරනව, “අයියෝ ඔය පුරුසයා“ කියල.

      බුරා, ඔය වගේ කියමනක් තිබුණ පරණ හිංදි ෆිල්ම් එහෙක. ජොනී ලීවර් ද කොහෙද කියනව, “තුම් ඒක් පුරුෂ් නහී හේ.“ කියල. ඒක අහල මළ පැන්නහම කියනව, “තුම් මහා පුරුෂ් හේ“ කියල.

      ප්‍රා, තමුන්නැහැට ලේසියෙම්ම දිනන් පුළුවං, ඔලිම්පික්වල “සැඟවුනු අමුත්තා“ තරගෙට ගියානං. හොයන්න එනකොට, පැත්තට හැරෙනව. එතකොට පේන්නෑ.

      බකුස්, අඩෙහ්, මතක් උනේ අර විනීලගෙ අවුරුදු උත්සවේ. ඒකෙ ග්‍රීස් ගහේ නැගල උඩටම යන බුවා ගෙ කළිසම ගැළවෙන සිද්දියයි, කණා මුට්ටි බිඳින්ඩ ගිහිං පොල්ලෙං දෑත බදල ග්‍රීස් ගහට ගහන එකයි...

      Delete
  10. ඔය ෆයිට් එක මැද්දට කාල තරණය කරල එන බ්ලොග් කාරයො‍ෙ හතර පස් ‍දෙනෙකුත් ඔබාන්. එතකොට කම්ප්ලීට්

    ReplyDelete
    Replies
    1. මහේෂ්, දැනට ම අඟහරුවයි, අජිත් අයියයි, නිදි යි, ප්‍රා ජේ යි ඔබල තියෙන්නෙ...

      නිදි, හා... හැබැයි ඔක්කෝටම කලිං අර පුවක් කෑල්ල අහුලං එන්ඩ වෙනව.

      Delete
  11. වම්හ, රියල්, ඇඩමා, තත්..තත්..තාරා, ඉස්කුරු-ලොක් කෝ යකුනේ තොපි?

    ReplyDelete
    Replies
    1. ආවා....... ඩෙටා ඉවරවෙලා බං

      Delete
    2. හනික වරෙව් කොල්ලනේ - මෙන්න මෙහෙ වරෙව්!
      සට්ටලනිං ගෙවන්නේ - බකුසු මොටයි කියන්නේ

      Delete
  12. මට ටිකක් ස්ටාර් වෝස් මතක් වුනා . පලවෙනි එක

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම යටයි අජිත් මෙහෙ යන රිවර්ස් යුද්දවලට!

      Delete
    2. අජිත් අයිය, ස්ටාවෝස් තමයි මාත් කැමතිම ෆැන්ටසි. කොහොමද අර ඇනෙකින් ස්කයිවෝකර් චූටි කාලෙ කරපු රේස් එක?

      නිදි, අම්මප ඈ...! ජාතිය අමතයි ද, නැද්ද? රට වහයි ද, නැද්ද? අපේ ජීවිතත් හරියට අර ප්‍රශ්න දෙකේ කතාව වගේ තමයි. ඒ කතාව මතක් කරන්න, උයාගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න.

      Delete
  13. ඔන්නොහෙ පස්සෙම ඇවිල්ල කියෝල කොමෙන්ට් එකක් දානව.

    ReplyDelete
    Replies
    1. ආපු එකේ දෂ්ට කරල පලයං.

      Delete
  14. යකඩෝ පට්ට කතන්දර සැට් එක ඩ්‍රැකියෝ. හිනාවෙලාම පණ ගියා, මේකත් වෙනම පෝස්ට් එකක් ගාණයි. ටික දොහක් බලා ඉන්න වුනාට, වටිනව. නිකම්ම ලිස්සන කමෙන්ට් නැතුව විස්තරාත්මක වගේම විනෝදාත්මක පිලිතුරු සැපයීම ගැන මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. වෙන මොනව කරන්ඩද, බක්? මේ විදිහට කමෙන්ට් කරනකොට, එව්වට ලිස්සල ගිහිං බෑ. මට මතක හැටියට මධුමාධවි රසසරණියෙ ලොක්කත් ඔය ව‌ගේ හැම කෙනාට ම ඉතාම උනන්දුවෙන් රිප්ලයි කළා. ඒකෙන් තමයි එයාගෙ බ්ලොග් එක නිතර සෙනඟ ගැවසෙන තැනක් වුණේ.

      Delete
  15. ඉතුරු කතා ටික ඊළඟ එකට තියහං. අපේ මේ ඉතිහාසගත අඳුරුම යුගේ, අපිව ජීවත් කරන්නේ බලාපොරොත්තුවයි.

    ReplyDelete
    Replies
    1. පැන්ඩෝරා ගෙ පෙට්ටිය මතක් වුණා. "සැබැවින්ම මිනිස් වර්ගයා මේ පසු කරන්නේ අඳුරුතම සහ අසීරුවෙන් ගොඩනඟාගත් දේ දූවිලි මෙන් බිඳ වැටෙණ කාලයක." කියල ගෞතම තුමා ගෙන් ඇහුවනං කියයි.

      Delete
  16. // “ඉතිං කෝ හොරා?“ පොලිස් කරය අහල. “හොරා...? හැහ්! ඌ කොහෙද මාත් එක්ක දුවන්නෙ? මම ඌව පහුකරල දැන් විනාඩි පහක් විතර වෙනව“ කිව්වලු බෝල්ට්.//

    දවසක් දෙකක් පරක්කු වෙලා උනත්, මේකට නම් උත්තරයක් නොලියා බැහැ.

    ගමේ කුකුල් කොටුව අයිති පව්ලිස් මාමා (පව් + ලස් කියන එක තමයි පව්ලිස් ලෙස සන්ධි වෙලා තියෙනේ) ගේ කුකුල්ලු එකා දෙන්නා අඩු වෙනකොට, මිනිහා රැකලා ඉඳලා කුකුල් හොරාව අල්ලා ගත්තා.

    "යමං රාලහාමි ගාවට" කියලා ඇදගෙන යනකොට,
    "අනේ පව්ලිස් මාමේ, මගේ සෙරෙප්පු දෙක කුකුල් කුඩුව ගාව දාලා ඇවිල්ලා, මං ගිහිං ඒක අරං එන්නං " කියලා, පොත දාල මිනිහා මාරු උනා.

    ආයිමත් ටික දවසකින් මේ විදියටම හොරා අල්ලා ගත්තා වාගේම, මේ බොරුවම කියලා හොරා මාරු උනා.

    තුන්වෙනි පාරටත් මේ හොරාව පව්ලිස් මාමා අතටම අල්ල ගත්තා. පළමු, දෙවෙනි වතාවල් වල වගේම, මේ පාරත් රාලහාමි ලඟට අරං යනකොට, පරණ පුරුදු විදියට සෙරෙප්පු දෙක කුකුල් කූඩුව ළඟ දාලා ආවා කියලා, ඒක ගේන්න යන්න ඇහැව්වා.

    හොඳටම මල පැනපු පව්ලිස් මාමා," තෝ දැන් දෙසැරයක්ම මාව රවට්ටලා පැනලා ගියා. දැන් මම ඒ බොරු වලට අහු වෙන්නේ නැහැ"

    "අද, තෝ මෙතැනට වෙලා හිටපිය, මං ගිහිල්ලා සෙරෙප්පු දෙක අරං එන්නං" කියලා කිව්වලු. .

    ReplyDelete
    Replies
    1. ආාාහ්...! සෑම් තුමනි පට්ට ම ස්තූතියි එකතු කිරීමට.

      ඔය වගේ හොරෙක් දවසක් අපේ විලියොං ආතගෙ ගෙට පැනල... මේං මෙතන තියෙනව වෙච්ච සිද්දිය.

      Delete
    2. මුට්ටිය දාපු කතාව නියමයි, ඊටත් එහා කමෙන්ට් ටික. මේ සෑම් මහත්තයා ගාවත් කතා භාණ්ඩාගාරයක්ම තියෙන පාටයි.

      පවු+ලස්= පවුලිස් හෙහ්,හෙහ්. මම පැටියා සංදියෙ අපේ නඩයෙන්, සීයා කෙනෙක් මෙහෙම ඇහැව්වා" කොල්ලනේ, ලව්නේරිස් අයියා ගල් කපන්නෙ කොයිබද?"

      ඒ කාලෙ, ඒ අවට සොහොන් ගල් වගේ එව්වා හදන පොඩි ගල් වැඩපලවල් තිබ්බා. මෙව්වා සුළු කර්මාන්ත, මැෂින් තිබ්බෙ නෑ. කටුවෙන්, මිටියෙන් තමා වැඩ.

      Delete
    3. ඔහ්... මම හිතුවෙ මේකට මම රිප්ලයි කලා කියලා. වෙරි සොරි බකස්...

      මට මතක් වුණේ සුරංග එකපාරක් දාපු කමෙන්ට් එකක්.

      "දිස් ඉස් කිං වළගම්බා කටුවෙම්මිටියෙං ටිංකරිං. රොක් දිගේ වෝට කමිං තඹ හැළියට ටාං ටාං..."

      Delete
  17. මෙහි ආමි. දැන් යමි.

    - ජෑමා කාලී

    ReplyDelete
    Replies
    1. නොයනු.
      ඊළඟ කොටසත් පළ කළෙමි.

      - බටර්මා තාරා!

      Delete
  18. මේක පොතක් වෙනව නම් මරුනෙ

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි