Wednesday, July 23, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 03 - දිලීප පොඩිපුතු

මේ මම ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටාගන්නා තෙ වන ලිපිය...


දිලීප පොඩි පුතු - නොඇසූ කොටස්???

ක්ලැරන්ස් විජේවර්ධන සහ කරුණාරත්න අබේසේකර කියන්නේ ශ්රී ලාංකේය සංගීතය හැඩගස්වන්න දායක වුණ core personalities දෙකක්. බෙත්ලෙහෙම්පුරේ, නංගී, කියන්න සුළඟේ වැනි ගීත මෙම සුසංයෝගයෙන් බිහි වූ නිර්මාණ කීපයක්.
මෙම නිර්මාණ අතරින් "දිලීප පොඩි පුතු" කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සදාකාලික ජනප්රියතම ගීතයක්. මෙය මම මීට ඉහතදී ලියූ ලිපියක කී දෙයක්.
මෙම ගීතයේ origin story එක ගත්තොත්, මෙය කරුණාරත්න අබේසේකර විසින් ඔහුගේ පුතා පිළිබඳව ලියූ පද්ය පන්තියක්.
මෙය පුවත්පතක පළවී තිබූ, පසුව ක්ලැරන්ස් විජේවර්ධන විසින් තනු නිර්මාණය කර ගායනා කළ අතර පසු කලෙක ඔහුගේ signature song එකක් බවට පත්වූවක්. ගීතයේ ජනප්රියත්වය නිසාත් ඔහුගේම තනුව හා ගායනය නිසාත් මෙම ගීතයේ අයිතිය ක්ලැරන්ස් විජේවර්ධනයන් හට තියෙනවා.
නමුත්, මෙහි මුල් පද රචනය ගත්තොත්, verses 5ක් තියෙනවා, මොකද මේක පද්ය පන්තියක් නිසා. ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙහි ගායනා කරන්නේ මුල් verses 3 විතරයි. එනම්,
දිලීප පොඩි පුතු - සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි - මගේ කිරුල හිමි
ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි - සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් - සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
මහද විමානයේ - තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවා ගෙන - බිළිඳු වෙසින් ආ
වස්තුව ඔබ ය පුතේ
එහෙත් මුල් පද්ය පන්තියේ තවත් verses 2ක් තියෙනවා. ඵනම්,
පිපෙන්න පොපියන - සමන් පොහොට්ටුවේ
විලසට සුවඳ ගතේ
සඳුන් ගහෙන් ගත් - ප්රසන්න අරටුවේ
සියුමැලි ගතිය ඇතේ
අඩක් නොපැයුව - සඳෙහි විලාසය
සොරා රැගත් නලළයි
අතක් නොගෑවුන - නාදළු පැහැබර
දිගැති සවන් යුවලයි

නමුත් මෙම verses දෙක ගීතයේ කිසිම recorded version එකක නෑ. ඒ වගේම මට හිතෙන විදිහට මේ verses දෙක, original scrap recording එකේවත්, කිසිම recorded live performance එකකවත් නෑ. මේ verses දෙකට මොකද වුණේ? මම කලින් ලිපියක සඳහන් කළා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ die hard fans ලා මේ verses 5ම දන්නවා කියලා. නමුත්, ඒවා කොතැනකවත් ලිඛිතව සඳහන් වෙලා නෑ. එතකොට ඔවුන් (ක්ලැරන්ස් එය සොයාගත් පුවත්පත හැරුණු කොට,) ඒවා සොයාගත්තේ කොහොමද කියන ප්රශ්නය පැන නැගෙනවා. මොකද මේ ගැන දන්නේ ක්ලැරන්ස් විජේවර්ධන සහ කරුණාරත්න අබේසේකර විතරයි. (මම හරියටම දන්නේ නෑ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා වන දිලීප අබේසේකර මේ පිළිබඳව වැඩිදුර දන්නවාද කියලා...)
ඒ සමඟම, ගීතයේ එම verses දෙකේ අයිතිය පිළිබඳව මට පොඩි ප්රශ්නයක් නැගෙනවා. මේ පද්ය පන්තියේ මුල් හිමිකරු වන කරුණාරත්න අබේසේකරයන් ට ද, නැත්නම් ගීතයේ අයිතිය සතු ක්ලැරන්ස් විජේවර්ධනයන් ට ද මෙම verses දෙකේ ownership එක තියෙන්නේ? නැත්නම් මේකට අයිතිය කාටවත් නැතිද?
ඒ සමඟම තවත් මතක් කල යුතු යමක් තියෙනවා. මම ඉහතදී සඳහන් කළා මේ verses දෙක කිසිදු recording එකක නෑ කියලා. දැනට කවුරුත් මේ original පද්ය පන්තියම recording එකකටවත් performance එකකටවත් ගායනා කරලා නෑ. ඒ නිසා මම හිතන්නේ නෑ ක්ලැරන්ස්ගේ රසිකයන්ගෙන් majority එක මේ verses දෙක හා එහි යටගියාව දන්නවා ඇති කියලා. මොකද මට මේ verses දෙක මුල්ම වතාවට අහන්න ලැබෙන්නේ දැනට අවුරුදු 7කට හෝ 8කට කලින් මගේ සීයා කෙනෙක්ගේ නත්තල් සම්භාෂණයකදී. ඒ දවස්වල මටත් මේක අමුතුයි. පෙලක් අවස්ථා තිබුණා මේ ගැන දවස් ගණන් හොයපු, ඒත් හම්බවුණේ නැති. නමුත් අතරින් පතර කලාතුරකින් මේ verses දෙක වෙන වෙන අය හරහා අහන්න ලැබුනු අවස්ථා ත් තිබුණා. ඒ නිසා මම තාමත් මේක ගැන හොයනවා.
ඉතින් මම මේ ලිපිය ලියන්නේ මේ ගැන community එකත් එක්ක පොඩ්ඩක් discuss කරන්න. මේ verses දෙකට වෙන origin එකක් තියෙනවද? නැත්නම් මේ verses දෙක originally කරුණාරත්න අබේසේකරයන්ගේ පද්ය පන්තියේ තිබුණේ නැද්ද? මොකද, හුඟක් අය කියන්නේ නෑ කියලා. නැත්නම් මේක "චූඩා මාණිකේ" ගිතය වගේ පසු කාලීනව ඒ ඒ verses ජනවහරෙන් create වුණ ඒවාද?
මේ verses ඇත්තටම තියෙනවා නම් කවුරුත් මේ full version එක recording එකකට ගන්නේ නැත්තේ ඇයි? මෙම ගීතයේ ක්ලැරන්ස් විජේවර්ධන විසින් ගායනා කරපු original version එක වගේම "සිහිවටන" cassette පට සඳහා ගායනා කරපු reimagined version එකත්, පසු කාලීනව විවිධ artist ලා ඒ ගීතයේ ගායනා කරපු versions ද තියෙනවා. ඒවායින් ඇනස්ලි මාලේවනගේ, නලින් පෙරේරාගේ, රජීව් සෙබස්තියන්ගේ versions මගේ සිත්ගත් කීපයක්. නමුත් කවුරුත් දැනට full version එක ගායනා කරලා නෑ. මේ ගීතයේ මේ වගේ කොටස් තියෙනවා නම් ඒ full version එක fans ලා අහන්න, දැනගන්න වගේම රස විඳින්න ඕන කියලා මට හිතෙනවා. එනිසා මෙම යටගියාව හා පද්ය පන්තිය ඇත්තක් නම්, මෙම ගිතයත් සමඟ හෝ ක්ලැරන්ස් විජේවර්ධන හෝ කරුණාරත්න අබේසේකර සමඟ සම්බන්ධ කුමන හෝ artist කෙනෙක් මේ full version එක record කරනවා නම් fans ලා ට මේ ගීතය තවත් appreciate කරන්න හැකි වෙනවා කියලා මට හිතෙනවා.
නමුත් මේක මගේ personal opinion එකක්. මං දන්නේ නෑ community එකේ අනිත් අය මේකට එකඟ වෙයිද නැද්ද කියලා. ඒත් මේක ගැන discuss කරන එක හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒක හින්දාම මේක ලියන්න ඕන කියලා මට හිතුනා. මේකේ සමහර තැන් වැරදි වෙන්න පුලුවන් මොකද මට මේ පිළිබඳව දැනගන්න ලැබෙන්නේ පරණ fans ලා ගෙන්. එසේ වැරදි තැන් තියෙනවා නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන:- අමිරු ජයමහ
2023.06.01 දීය.




No comments:

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි