Saturday, November 1, 2025

ශනිදා දහය වෙනුවෙන් - රා සහ තවත් කතා


පහුගිය සතියේ අපේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට මහනුවර ගිහිං එන අතරේ, මගෙ විමර්ශන නිලධාරි ජනක කියපු කතා ටිකක් මේ.

ජනකගෙ ගමේ උන්නා එක්තරා මාමෙක්. එයා දවසක් නිකං කට්ටිය එක්ක කතා කර කර ඉන්න කොට කියනවා, 

"අපේ වත්තෙ කැපුව නෙව මලක්. (ඒ කියන්නෙ කිතුල් මලක්) ඒකෙ දවසක් දෙකක් තමයි හැර දිගේ නැගල මල කැපුවෙ. ඊට පස්සෙ එක සීරුවට ටැප් එක ඇරියා වගේ ගලන්න ගත්ත නෙව තෙලිදිය.

"ඉතිං මං මොකද කළේ, පුනීලෙයයි රබර් හෝස් එකයි අරං නැග්ගා හැර දිගේ. නැගල හිටං මල එබුවා පුනීලෙට. ඒකෙ අගට හෝස් එක ගහලා, පහළට බැහැලා, අර හෝස් එකේ අනික් අග කෙලිම්ම ගත්තා ලිප උඩ තියෙන තාච්චියට.

"ඇස්වහක් නෑ, ආයෙ සති ගාණක් යනකං එක දිගට පැණි උණුකරන්ට සිද්ධ උනා අපෙ ගෙදර උන්දැට."

තව දවසක් උන්දැට ම වෙච්ච වැඩක් මේ.

උන්දැගෙ ගෙදර කිරි හරක් ඇති කළා. දවස ගානෙ උදෙම් ම මුන්දැ කිරි බෝතල් ගෙනිහිං විකුණනව ගෙවල්වලට. දවසක් මේ එක කිරි බෝතලේක ඉස් ගෙඩියෙක් ඉඳලා. ඊ ළඟ දවසෙ අර ගෙදර උදවිය මෙයාගෙන් ඇහුව ඒ ගැන.

"ඈ...! ඉස්ගෙඩියෙක් හිටියා? ආ ඒක තමයි. අපේ වැස්සි පහළ ඇලෙං වතුර බීල නෙ ඔය. ඒ ඇලේ ඉස්ගෙඩියො වකාරෙ." කිව්ව මුන්දැත් ඇඟට නොදැනී.

ඔය කතා ගැන මායි මගෙ මාතලියයි කිව්ව, මගෙ හිටපු සීසී ඩයස් මහත්තෙයට. මාතලියා කියන විදිහට සීසී කියන කෙටි යෙදුමේ තේරුම, කපටි ක්ලාක් කියන එකයි. ඒ ගමන ඩයස් මහත්තෙය කියනව, උන්දැත් උපදෙස් දුන්නලු දවසක් මල් කපන මාමෙකුට, කිතුල් මලට කෙලිම්ම බට ලයින් එකක් ගහල ලිප ළඟට ඇදල ගන්ඩ කියලා. එතකොට හැම දාම ගස් නගින්න වෙන්නෙ නෑ කියලා.

"ඒක හරි කියමුකො. හැම දාම උදේට මල හෝදන්ඩ එපැයි. ඒකට ගහට නගින්ට වෙනවනෙ." කියල අර මාම කිව්ව ම, ඩයස් කිව්වලු, 

"ඒකට තව බට ලයින් එකක් ගහමු" කියල.

අපේ තාත්තා ඉන්න කාලෙ, අපේ වත්තෙ පොල් රා මදින්න අතුරක් බැන්දා. ගම්පොළ පැත්තෙන් ආව කට්ටියක් අපේ ගස් විස්සක් බද්දට අරගෙන තමයි මේ අතුර බැන්දෙ.

පස්සෙ අතුරු තහනම් නියෝගයක් ඇවිත් ඒක අයින් කරගන්ඩ සිද්ධ වුණා.

ඔය අතුර ට පොල් ගස් විස්සක් අපේ එක ඉඩමක තිබුණෙ නෑ. ඉතින් තාත්ලගෙ මහගෙදර වත්ත පුරා ම මේ අතුර දිගට බඳින්න වුණා. ඔය පොල් මල් තලන රා මාමා, අතුරට නගින්නෙ අපේ ගේ ගාව ගහකිං. ඊට පස්සෙ අතුර දිගේ ගිහිං ගිහිං අන්තිමේ විසි වෙනි ගහෙන් බහින්නෙ අපේ බාප්පගෙ ගේ ළඟින්. (ඔව් ඔව් අර ගජබිං බාප්ප තමා.)

ඔය රා මාමා හැමදා ම උදේ තමයි රා බාන්නෙ. හැමදාම හවසටත් අතුරට නැගලා හැම මලක් ම තලාගෙන තලාගෙන යනවා. ඒ ගමං ඔය හැම මලක ම එකතු වෙච්ච රා මුට්ටියකට අරගෙන, අන්තිම ගහේ එල්ලලා බහිනවා, රෑ තිස්සෙ පැහෙන්ඩ.

දවසක් රා මාමා එන්ඩ කලිං අන්තිම ගහේ නැගපු අපේ බාප්පා, අර රා මුට්ටියට ෂොට් එක දීලා, රා මාමා එනකොට කියනවලු, "ඊයෙ රෑ උගුඩුවො ඇවිත් මේ ගහේ දඟලනවා දඟලනවා ඉවරයක් නෑ. මයෙ හිතේ රා මුට්ටිය ම බීල වගේ."

 

මේ අපේ සුරංග මල්ලි සා ගැන ලියපු පෝස්ටුව.

26 comments:

  1. පශ්ණ:
    1. අද වහීවිද?
    2. ශනිදා දහය? 🤔 ඒ මොකක්ද?
    3. නයි රෑට බුදියනවද?

    ReplyDelete
    Replies
    1. 1. අද වහින්නෑ. ඕනනං පොදයක් යයි.
      2. ශනිදා කියන්නෙ හෙලවෙන මනසට.
      3. னයි ටෝච් පාවිච්චි කරන්නෙ නෑ.

      Delete
    2. බකුසො,
      මීට පස්සෙ ප්‍රශ්න පත්තරයක් යොමු කරන කොට, ඒක කාට ද කියලා නිශ්චිතව ඉළක්ක කරලා දාපම්. එහෙම නැතුව අහක යන னයි කළිසම අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියල කෑ ගහගෙන එන්ඩ එපා.

      னයෝ,
      උත්තර ටික වෙරි னයිස්.

      Delete
  2. යකෝ මුගේ ඉස්ටාෆ් එකේ ඉන්නෙත් මූ වගේම ගජබින්න කාරයොනෙ.
    ඔය විමර්සන නිලදාරියට කියහං හැම දෙයක් ගැනම ඕනවට වඩා විමර්සනේ කරන්න යන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඇවිල්ලා, කොත්මලේ ගජබින්න.

      බොට කියන්ඩ, මං දවසක් සූම් මීටිං එකක් ගත්ත, මයෙ ස්ටාෆ් එකට. ඒකෙ දි, ඔය ජනක ම කියනව එයාගෙ වෛෆ් ට, "ගේට්ටුව වහන්ට. බල්ලො ඇවිත් බුරනකොට සර් දැනගන්නව මං අද ගෙදර කියල" කියල.

      ඒ කියන්නෙ ජනකත් ගෙදර, එයාගෙ වෛෆුත් ගෙදර. (ඒ ගැන සුන්දර අදහස් එහෙම පහළ උන උදවිය මේ කොණට ->)

      Delete
    2. ජනකයි වෛෆුයි ගෙදර හිටියම සුන්දර අදහස් පහල වෙන්නෙ ඒ දෙන්නට මිසක් වෙන එවුන්ටයැ.

      Delete
    3. හූම් හූම්... ඒ අවු අස්සෙ සූම් මීටිනුත් දැම්මහම...?

      Delete
    4. තව දවසක් මායි විමර්ශන නිලධාරි ගමිතුයි, ජනකයි රාජකාරියකට ගිහිං එද්දි, ගමිත් ගත්ත කෝල් එකක් ජනකගෙ වෛෆ් ට. අරං කිව්වා,

      "ජනක හොඳට ම බීලා. කෙලිං කටින් ඉන්ඩ බෑ. අපි අරං එනව. පාර අයිනට එන්ඩ" කියල.

      ජනකගෙ වෛෆ් කිව්වා... "ආාා කමක් නෑ. ඔහොම ම එවන්ඩ. ජනක මාව දැක්ක ගමං කෙලිං වෙනව" කියල.

      Delete
    5. ‘ට‘ යන්න හැලිල නේද?

      Delete
    6. හැලිල නං, කෙලිං වේ යැ?

      Delete
  3. එකෝමත් එක කාලෙක බ්ලොග් ලියන්නෝ කියලා කට්ටියක් සෙට්වෙලා උන්නා. දැන් උන් එක්කට එකා නෑ. උන් ටික කිතුල්ගලට ආසන්න තැනක සෙට් උනා. අනේ හිස පුන්සදක්වාගේ දිලිසෙන එකෙක් සිරිල් අයියාගේ ගහේ බඩු ගෙනාවා.. උතුමානෝ කොත්මලේ විමල් අයියාගේ ගහේ බඩු ගෙනාවා. මුලින් සිරිල් අයියාගේ බඩු ගැහුව උන් පස්සේ විමලේ රස බැලුවා. එකෙක් බඩු වැඩිවි බෝට්ටු කාමරේ බුදිය.බටපතුරක් වන් එකෙක් වැඩිඋනු එකාට සීනි කවන්න ගිහින් සීනිවලින් නෑව්වේය. බඩතඩියා සුදුවෙන්නට ගගේ වතුරේ සිට සබන් කැල්ලක් ඉවරවෙන්නට ඉලුවේය. පුන්සද මාමා වතුරේ උන්නු උන්ටත් විමලේගේ බඩු පෙව්වේය. අන්තිමේදි ...උන්නාන්සේ මග දිගට කබරයා කෙලියාය.. අවසානයේදි සියල්ලෝම හතරගාතෙන් දෙපයින් හා මද හා හොද සිහිකල්පනාවෙන් සතුටින් විසිරගියෝය.. ආයේ සිරිල් වත් විමලේවත් එකට හමුවූයේ නැත.. අහෝ දුකකි...

    ReplyDelete
    Replies
    1. ආයෙම එහෙම සෙට් වීමකට අදහසක් කියලා තිබුණා, පුංචි තට්ටයා හෙවත් මහේෂ් රද්ඩායක. නොබෝ දිනකින් සෙට් වෙමු?

      Delete
    2. මුංට අපි එන දවසට තමයි රා කට්ටක්වත් ගෙනත් තියන්න බැරි.

      Delete
    3. එක්කො නැතිවෙච්ච එකත් හොඳයි. සුරා රා බිව්වනං එදා ඌ ගඟේ වතුර ටික ඉවර කරනව ශුවර් එකටම.

      Delete
    4. හමේෂ් නත්රායක කියන්නෙ අමධ්‍යප බුවෙක් හින්ද එදාට කොහොමත් බොන්න වෙන එකක් නෑ.

      Delete
    5. ප්‍රසක්ඥ,
      ඇයි බොලං, රා තිබුන් නැති එක වෙන ම දෙයක් කියමුකො. අර තෂ්ඨයා මේසෙකුයි රවියයියයි බිම එළාගෙන සිංගල් කැබ් එක රිවස කළේ වතුර බීල යැ?

      ආයෙ ප්‍රසක්ඥ,
      සුරා ජාතියක් තමයි තමයි රා කියන්නෙ.

      තුන්වෙනි ප්‍රසක්ඥ,
      ඌ අමද්‍යප උනාට ලියන්නෙ ස්ටවුට් ගැන. වැඩ කරන්නෙ ඇක්සැයිස් එකේ.

      Delete
    6. තට්ටය රවිය බිම දාල බත් මුට්ටිය ගුවන්ගත කලේ ලෝයර් මහත්තැංගෙ අරිෂ්ටෙ බීල මං හිතන්නෙ.
      ඇක්සයිස් එකට ගන්නෙ බොන්නෙ නැති උං තමයි. උං බාර් විසිට් එකක් ඇවිල්ල ආපහු යන්න කැබ් එකට නගිනකොට බාර් එකෙන් ඔතල ගෙනත් දාන රවුං මොකක් හරි එක ගෙදර පොඩි උංට දෙන්න දෙන තෑග්ගක් කියලයි කියන්නෙ. පවු පොඩි උං නෙ...

      Delete
    7. රවිමල් බිංතුවක්කුට තශ්ඨයා ගැහුවේ බත් බෝම්බයක්. පොර බිම පතබෑඋන විදිහට මං හිතුවේ හාරමාසයක් බෙඩ් පෑන් එකට කක්කා කරන්න වෙයි කියලා

      Delete
    8. னයා දෙලපාරට දාලා නාවලා දිය னයා කරන්න හැදුවා බැරිවුනා.. ඌට පොවලා බඩනොගා කෙලින් යවන්න හැදුවා ඒත් බැරිවුනා. අනේ අම්මාපල් ඕකා னයෙක් නොවේ ගැරඩියා...

      Delete
    9. මේ ටිකට උත්තර හැකි ඉක්මණිං ලැබෙනු ඇත.

      Delete
  4. Replies
    1. ආතරය නැවු ගුටි කන්න තමයි ඔය හදන්නෙ.

      Delete
  5. අරක්කු පෙරන්න රා ටිකක් ඉතුරු කරපන්, රා නැතුව ඕල්ඩ් ඇරැක් හදන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ආාාන්න, මට මතක සහ මං කැමති ඉයන්. ඔහොම ඉන්ඩකො අප්පා.

      Delete
  6. ඇවිත් ඔළුව දාල ගියා . ඇත්ත සිරා කතා ටිඅක්ක් නෙව

    ReplyDelete
    Replies
    1. රා මුට්ටියකට ඔළුව දැම්මනං, මහදැන මුත්තට එන්ඩ කියන්ඩ වෙනව.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි